යෙදුමෙන් කියවන්න

කාරණ‍්ඩව සුත‍්තං

8. 1. 1. 10.

8. 1. 1. 10.

කාරණ‍්ඩව සුත‍්තං

කාරණ්ඩව සූත්‍රය

එකං සමයං භගවා චම‍්පායං විහරති ගග‍්ගරාය පොක‍්ඛරණියා තීරෙ. තෙන ඛො පන සමයෙන භික‍්ඛු භික‍්ඛුං ආපත‍්තියා චොදෙන‍්ති. සො භික‍්ඛු භික‍්ඛූහි ආපත‍්තියා චොදියමානො අඤ‍්ඤෙනඤ‍්ඤං පටිචරති, බහිද‍්ධා කථං අපනාමෙති, කොපඤ‍්ච දොසඤ‍්ච අප‍්පච‍්චයඤ‍්ච පාතුකරොති. අථ ඛො භගවා භික‍්ඛු ආමන‍්තෙසි. නිද‍්ධමථෙතං භික‍්ඛවෙ පුග‍්ගලං, නිද‍්ධමථෙතං භික‍්ඛවෙ, පුග‍්ගලං, අපනෙය්‍යෙසො භික‍්ඛවෙ පුග‍්ගලො. කිං වො පරපුත‍්තො විහෙඨීයති.

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ චම්පා නුවර සමීපයෙහි ගග්ගරා පොකුණු තෙර වැඩ වසන සේක. එ සමයෙහි මහණහු මහණක් හට ඇවතින් චෝදනා කෙරෙත්. ඒ මහණ මහණුන් විසින් ඇවතින් චෝදනා කරනු ලබනුයේ අන් වචනයෙකින් අන්වචනය වසයි. බැහැරින් අන් අමුතු කථාවත් බහයි, කෝපය හා ද්වේෂය හා නො සතුට හා පහළ කෙරෙයි. එසඳ භාග්‍යවතුන් වහන්සේ මහණුන් ඇමතූ සේක: මහණෙනි, ඒ පුඟුලා නෙරව. මහණෙනි, ඒ පුඟුලා නෙරව. මහණෙනි, ඒ පුඟුලා නෙරියයුත්තෙක. තොප විසින් පරපුත්‍රයෙක් කුමට පෙළනු ලැබේ ද?

ඉධ භික‍්ඛවෙ, එකච‍්චස‍්ස පුග‍්ගලස‍්ස තාදිසං යෙව හොති. අභික‍්කන‍්තං පටික‍්කන‍්තං ආලොකිතං විලොකිතං සම‍්මිඤ‍්ජිතං පසාරිතං සංඝාටිපත‍්ත චීවරධාරණං. සෙය්‍යථාපි අඤ‍්ඤෙසං භද‍්දකානං භික‍්ඛූනං යාවස‍්ස භික‍්ඛු ආපත‍්තිං න පස‍්සන‍්ති, යතො ච ඛ‍්වාස‍්ස භික‍්ඛු ආපත‍්තිං පස‍්සන‍්ති තමෙනං එවං ජානන‍්ති. සමණදූසී චායං සමණපලාපො සමණකාරණ‍්ඩවොති. තමෙනං ඉති විදිත්‍වා බහිද‍්ධා නාසෙන‍්ති. තං කිස‍්ස හෙතු: මා අඤ‍්ඤෙ භද‍්දකෙ භික‍්ඛු දූසෙසීති.

මහණෙනි, මහණහු යම්තාක් ඔහුගේ ඇවැත් නො දක්නාහු ද, ඒ තාක් අන්‍ය භද්‍ර වූ මහණුන්ගේ ඉදිරි බලා යාම හා පෙරළා ඊම හා ඉදිරි බැලීම හා ඔබ මොබ බැලීම හා අත්පා හැකිළීම් විහිදීම් හා සඟළපාසිවුරු දැරීම් යම්සේ වේද, එසෙයින් ඇතැම් පුද්ගලයක්හුගේ එබඳු ම ඉරියවු වෙයි. යම් කලෙක මහණහු ඔහුගේ ඇවැත් දක්නාහු ද එකල ඔහු මෙසේ දනිති: මේ ශ්‍රමණදූෂ්‍යයෙක, ශ්‍රමණප්‍රලාපයෙක, මහණ කසළෙකැයි. මෙසේ ඔහු හඳුනා බැහැර නෙරත්. ඒ කවර හෙයින: අන්‍යභද්‍ර භික්‍ෂූන් නහමක් දූෂණය කෙරේවා කියා යි.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, සම‍්පන‍්නෙ යවකරණෙ යවදුසී ජායෙථ, යවපලාපො යවකාරණ‍්ඩවො. තස‍්ස තාදිසංයෙව මූලං හොති. සෙය්‍යථාපි අඤ‍්ඤෙසං භද‍්දකානං යවානං, තාදිසංයෙව නාලං හොති සෙය්‍යථාපි අඤ‍්ඤෙසං භද‍්දකානං යවානං, තාදිසංයෙව පත‍්තං හොති සෙය්‍යථාපි අඤ‍්ඤෙසං භද‍්දකානං යවානං, යාවස‍්ස සීසං න නිබ‍්බත‍්තති, යතො ච ඛ‍්වාස‍්ස සීසං නිබ‍්බත‍්තති. තමෙනං එවං ජානන‍්ති: යවදූසී චායං යවපලාපො යවකාරණ‍්ඩවොති. තමෙනං ඉති විදිත්‍වා සමූලං උප‍්පාටෙත්‍වා බහිද‍්ධා යවකරණස‍්ස ඡඩ‍්ඩෙන‍්ති. තං කිස‍්ස හෙතු: මා අඤ‍්ඤෙ භද්‍රකෙ යවෙ දූසෙසීති.

මහණෙනි, යම් සේ සමෘද්ධ වූ යවක්‍ෂේත්‍රයෙක යවදූෂණ යවප්‍රලාප යවකසළ උපදනේ වේ ද, අන්‍යභද්‍ර යවයන්ගේ මුල් යම් සේ වේ නම් ඒ යව කසළහුගේ එබඳු වූ ම මුල් වෙයි. අන්‍ය භද්‍ර යවයන්ගේ නළ යම්සේ වේ නම් එබඳු වූ ම නළ වෙයි. අන්‍ය භද්‍ර යවයන්ගේ පත් යම්සේ වේ නම් එබඳු වූ ම පත්වැටි වෙයි. යම් තාක් ඒ යවකසළයාගේ ශස්‍යශීර්‍ෂය උපදනේ ද ඒ තාක් මය. යම් කලෙක ඒ යවකසළයාගේ ශස්‍යශීර්‍ෂය උපදනේ ද, එකල ඒ යවය මෙසේ හඳුනත්: මේ යවදූෂණ ය, යවප්‍රලාප ය, යවකසළ ය කියා යි. ඒ යවකසළය මෙසේ හඳුනා සහ මුලින් උපුටා යවක්‍ෂෙත්‍රයන් බැහැර ලත්. ඒ කවර හෙයින: අන්‍ය භද්‍රයවයන් නහමක් දූෂණය කෙරේවා කියා යි.

එවමෙව ඛො භික‍්ඛවෙ ඉධෙකච‍්චස‍්ස පුග‍්ගලස‍්ස තාදිසංයෙව හොති අභික‍්කන‍්තං පටික‍්කන‍්තං ආලොකිතං විලොකිතං සම‍්මිඤ‍්ජිතං පසාරිතං සඞ‍්ඝාටිපත‍්තචීවරධාරණං. සෙය්‍යථාපි අඤ‍්ඤෙසං භද‍්දකානං භික‍්ඛූනං යාවස‍්ස භික‍්ඛූ ආපත‍්තිං න පස‍්සන‍්ති. යතො ච ඛ‍්වාස‍්ස භික‍්ඛූ ආපත‍්තිං පස‍්සන‍්ති. තමෙනං එවං ජානන‍්ති: සමණදූසී චායං සමණපලාපො සමණකාරණ‍්ඩවොති. තමෙනං ඉති විදිත්‍වා බහිද‍්ධා නාසෙන‍්ති. තං කිස‍්ස හෙතු: මා අඤ‍්ඤෙ භද්‍රකෙ භික‍්ඛූ දූසෙසීති.

මහණෙනි, එ පරිදි ම මේ සස්නෙහි කිසි පුඟුක්හට අන්‍ය භද්‍ර භික්‍ෂූන් හට යම්සේ වේ නම් එබඳු වූ ම ඉදිරිගමන් හා පෙරළා ගමන් හා ඉදිරිබැලීම් හා ඔබමොබ බැලීම් හා අත් පා හැකිළීම් විහිදීම් හා සඟළපාසිවුරු ධැරීම් හා වෙයි. මහණහු යම්තාක් ඔහුගේ ඇවැත් නො දක්නාහු ද, ඒ තාක් ම ය. යම් දවසෙක මහණහු ඔහුගේ ඇවැත් දක්නාහු ද, එ දවස් ඔහු මෙසේ හඳුනත්: මේ ශ්‍රමණ දූෂකයෙක, මේ ශ්‍රමණප්‍රලාපයෙක, මේ මහණකසළෙක කියා යි. මෙසේ ඔහු හඳුනා බැහැර නෙරත්. ඒ කවර හෙයින: අන්‍ය භික්‍ෂූන් නමහක් දූෂණය කෙරේවා කියා යි.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, මහතො ධඤ‍්ඤරාසිස‍්ස පූයමානස‍්ස තත්‍ථ යානි ධඤ‍්ඤානි දළ‍්හානි සාරවන‍්නානි තානි එකමන‍්තං පුඤ‍්ජං හොති, යානි පන තානි ධඤ‍්ඤානි දුබ‍්බලානි පලාපානි තානි වාතො එකමන‍්තං අපකස‍්සති. තමෙනං සාමිකා [අප]සම‍්මජ‍්ජනිං ගහෙත්‍වා භිය්‍යො සොමත‍්තාය අපසම‍්මජ‍්ජන‍්ති. තං කිස‍්ස හෙතු: මා අඤ‍්ඤෙ භද්‍රකෙ ධඤ‍්ඤෙ දූසෙසීති.

මහණෙනි, යම්පරිදි පොළනු ලබන මහත් ධාන්‍ය රාශියක්හුගේ සාරවත් දෘඨධාන්‍යයෝ ඇද්ද, ඒ ධාන්‍ය එක්පසෙක ගොඩ වෙයි. බොල් වූ දුබල වූ යම් ඒ ධාන්‍යයෝ ඇද්ද, වාතය ඒ ධාන්‍ය එක්පසෙක ඇද දමයි. කෙත් හිමියෝ සුළංකුල්ල ගෙන ඒ බොල් ධාන්‍ය බෙහෙවින් ම බැහැර කරත්. ඒ කවර හෙයින: අන්‍ය භද්‍රධාන්‍ය නහමක් දූෂණය කෙරේ වා කියා යි.

එවමෙව ඛො භික‍්ඛවෙ, ඉධෙකච‍්චස‍්ස පුග‍්ගලස‍්ස තාදිසංයෙව හොති අභික‍්කන‍්තං පටික‍්කන‍්තං ආලොකිතං විලොකිතං සම‍්මිඤ‍්ජිතං පසාරිතං සඞ‍්ඝාටිපත‍්තචීවරධාරණං. සෙය්‍යථාපි නාම අඤ‍්ඤෙසං භද‍්දකානං භික‍්ඛූනං යතො ච ඛ‍්වාස‍්ස භික‍්ඛු ආපත‍්තිං පස‍්සන‍්ති, තමෙනං එවං ජානන‍්ති; සමණදූසී චායං සමණපලාපො සමණකාරණ‍්ඩවොති. තමෙනං ඉති විදිත්‍වා බහිද‍්ධා නාසෙන‍්ති. තං කිස‍්ස හෙතු: මා අඤ‍්ඤෙ භද‍්දකෙ භික‍්ඛු දූසෙසීති.

මහණෙනි, එ පරිදි ම මෙසස්නෙහි ඇතැම් පුඟුලක්හට අන්‍යභද්‍ර භික්‍ෂූන් හට යම් බඳු වේ ද, එබඳු වූ ඉදිරි යාම් හා පෙරළා ඊම් හා ඉදිරි බැලීම් හා ඔබමොබ බැලීම් හා අත් පා හැකිළීම් විහිදීම් හා සඟළපාසිවුරු ධැරීම් හා වෙයි. යම් කලෙක මහණහු ඔහුගේ ඇවැත් දක්නාහු ද, එ තෙක් මය. එකල ඔහු මෙසේ හඳුනා ගනී: මේ ශ්‍රමණදූෂකයෙක, ශ්‍රමණප්‍රලාපයෙක්, මහණ කසළෙක කියා යි. මෙසේඔහු හඳුනා බැහැර නෙරත් ඒ කවර හෙයින: අන්‍ය භද්‍ර භික්‍ෂූන් නහමක් දූෂණය කෙරේවා කියා යි.

සෙය්‍යථාපි භික‍්ඛවෙ පුරිසො උදපානපණාලියා අත්‍ථිකො තිණ‍්හං කුඨාරිං ආදාය වනං පවිසෙය්‍ය, සො තං තදෙව රුක‍්ඛං කුඨාරිපාසෙන ආකොටෙති. තත්‍ථ යානි තානි රුක‍්ඛානි දළ‍්හානි සාරවන‍්තානි කුඨාරිපාසෙන ආකොටිතානි කක‍්ඛලං පටිනදන‍්ති, යානි තානි රුක‍්ඛානි අන‍්තොපූතීනි අවස‍්සුතානි කසම‍්බුජාතානි තානි කුඨාරිපාසෙන ආකොටිතානි දද‍්දරං පටිනදන‍්ති. තමෙනං මූලෙ ඡින්‍දති, මූලෙ ඡෙත්‍වා අග‍්ගෙ ඡින්‍දති, අග‍්ගෙ ඡෙත්‍වා අන‍්තො සුවිසොධිතං විසොධෙති, අන‍්තො සුවිසොධිතං විසොධෙත්‍වා උදපානපණාලියං යොජෙති.

මහණෙනි, යම් සේ පුරුෂයෙක් ළිං පිහිල්ලෙකින් අර්ත්‍ථි වූයේ තියුණු පොරොවක් ගෙන වනයට වදනේ වේ ද, හේ ඒ ඒ රුකක් ම පොරෝ හිසින් කොටන්නේ වේ ද, එහි සාරවත් වූ දෘඪ වූ යම් වෘක්‍ෂයෝ කෙටේරි පස්වටුයෙන් කෙටුණාහු කැකුළු කොට නද දෙත් ද, ඇතුළත කුණු වූ තෙත් වූ හටගත් කසළ ඇති යම් වෘක්‍ෂයෝ ඇද්ද, ඒ වෘක්‍ෂයෝ කෙටේරි පස්වටුයෙන් කෙටුණාහු දැදුරු හඬ නඟත් ද, ඒ ගස මුලෙහි ලා සිඳුනේ ය. මුල සිඳ අගෙහි ලා සිඳුනේ ය. අග සිඳ ඇතුළත මොනොවට ශුද්ධ කොට ළිං පිහිල්ලෙහි යොදනේ ය.

එවමෙව ඛො භික‍්ඛවෙ ඉධෙකච‍්චස‍්ස පුග‍්ගලස‍්ස තාදිසං යෙව හොති අභික‍්කන‍්තං පටික‍්කන‍්තං ආලොකිතං විලොකිතං සම‍්මිඤ‍්ජිතං පසාරිතං සඞ‍්ඝාටිපත‍්තචීවරධාරණං, සෙය්‍යථාපි නාම අඤ‍්ඤෙසං භද‍්දකානං භික‍්ඛූනං යාවස‍්ස භික‍්ඛු ආපත‍්තිං න පස‍්සන‍්ති. යතො ච ඛ‍්වාස‍්ස භික‍්ඛු ආපත‍්තිං පස‍්සන‍්ති, තමෙනං එවං ජානන‍්ති: සමණදූසී චායං සමණපලාපො සමණකාරණ‍්ඩවොති. තමෙනං ඉති විදිත්‍වා බහිද‍්ධා නාසෙන‍්ති. තං කිස‍්ස හෙතු: මා අඤ‍්ඤෙ භද‍්දකෙ භික‍්ඛු දූසෙසීති.

මහණෙනි, එ පරිදි ම මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් හට අන්‍ය භද්‍ර භික්‍ෂූන් හට යම් සේ වේ ද එබඳු වූ ම ඉදිරි යාම හා පෙරළා ඊම හා ඉදිරි බැලීම් හා ඔබමොබ බැලීම් හා අත් පා හැකිළීම් හා විහිදීම් හා සඟළපාසිවුරු ධැරීම් හා වෙයි. මහණහු යම්තාක් ඔහුගේ ඇවැත් නො දක්නාහු ගේ ද, එතෙක් ම ය. යම් කලෙක මහණහු ඔහුගේ ඇවැත් දක්නාහු ද, එකල මෙසේ ඔහු හඳුනා ගනිත්: මේ ශ්‍රමණ දූෂකයෙක, මේ ශ්‍රමණ ප්‍රලාපයෙක. මේ මහණ කසලෙක කියා යි. මෙසේ ඔහු හඳුනා නෙරපියති. ඒ කවර හෙයින: අන්‍ය භද්‍ර භික්‍ෂූන් නහමක් දූෂණය කෙරේවා කියා යි.

1. සංවාසා’ යං විජානාථ, පාපිච‍්ඡො කොධනො ඉති, මක‍්ඛී ථම‍්භී පලාසී ච, ඉස‍්සුකී මච‍්ඡරී සඨො.

1. මේ තෙම ලමු ඉච්ඡා ඇතියේ ය, කිපෙන සුලු ය, ගුණමකු ය, දැඩි සිතැතියේ ය, යුගග්‍රාහකලක්‍ෂණ පලාස ඇතියේ ය, ඊර්‍ෂ්‍යා කරන සුලු ය, මසුරු ය, කෛරාටික ය, යනු සංවාසයෙන් දැන ගනුව.

2. සන‍්තවාචො ජනවති, සමණො විය භාසති, රහො කරොති කටනං පාපදිට‍්ඨි අනාදරො.

2. පාපදෘෂ්ටි ඇතියේ ශික්‍ෂායෙහි අදර නැතියේ ජනයා මධ්‍යයෙහි මොළොක්බස් ඇතියේ මහණකු සෙයින් බෙණේ. රහසෙහි පව් කරයි.

3. සංසප‍්පී ච මුසාවාදී, තං විදිත්‍වා යථාතථං, සබ‍්බෙ සමග‍්ගා හුත්‍වාන, අභිනිබ‍්බජ‍්ජයාථ, නං.

3. සැලෙනුයේ ද මුසවා බණනුයේ ද වෙයි. තතු සේ ඔහු හැඳින හැම සමඟ ව ඔහු නෙරව.

4. කාරණ‍්ඩවං නිද‍්ධමථ, කසම‍්බුඤ‍්චාපකස‍්සථ. තතො පලාපෙ වාහෙථ, අස‍්සමණෙ සමණමානිනෙ.

4. ශ්‍රමණ කාරණ්ඩවයා නෙරව, මහණ කසළහු දුරලව, අශ්‍රමණ වූ ශ්‍රමණමානී වූ ශ්‍රමණ ප්‍රලාපයන් බැහැර ලවු.

5. නිද‍්ධමිත්‍වාන පාපිච‍්ඡෙ, පාපකාචාරගොචරෙ, සුද‍්ධාසුද‍්ධෙහි සංවාසං, කප‍්පයව‍්හො පතිස‍්සතා තතො සමග‍්ගා නිපකා, දුක‍්ඛස‍්සන‍්තං කරිස‍්සථාති.

5. පාප ආචාර ගෝචර ඇති පාපේච්ඡයන් නෙරපියා එළඹ සිටි සිහි ඇත්තාහු ශුද්ධ වූවාහු පිරිසිදු සඟුන් හා සමඟ වාස කරව. ඉක්බිති සමඟ වූවාහු තීරණප්‍රඥා ඇතියාහු දුක් කෙළවර කරන්නාහු ය.

මෙත‍්තාවග‍්ගො පඨමො.

පළමුවැනි මෙත්තාවර්‍ග යි.

තත්‍රුද‍්දානං:

එහි උද්දානය:

මෙත‍්තා පඤ‍්ඤා ච ද‍්වෙ පියා, ද‍්වෙ ලොකා ද‍්වෙ විපත‍්තියො, දෙවදත‍්තො ච උත‍්තරො, නන්‍දො කාරණ‍්ඩවෙන චාති.

මෙත්තා සූත්‍රය, පඤ්ඤා සූත්‍රය, පිය සූත්‍ර දෙක ය, ලෝකවිපත්ති (ධම්ම) සූත්‍ර දෙකය, දේවදත්ත සූත්‍රය, උත්තර සූත්‍රය, නන්‍ද සූත්‍රය, කාරණ්ඩව සූත්‍රය හා දශ සූත්‍ර යි.