යෙදුමෙන් කියවන්න

නන්‍ද සුත‍්තං

8. 1. 1. 9.

8. 1. 1. 9.

නන්‍ද සුත‍්තං

නන්‍ද සූත්‍රය

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

කුලපුත‍්තො’ ති භික‍්ඛවෙ, නන්‍දං සම‍්මාවදමානො වදෙය්‍ය; බලවාති භික‍්ඛවෙ, නන්‍දං සම‍්මා වදමානො වදෙය්‍ය; පාසාදිකොති භික‍්ඛවෙ, නන්‍දං සම‍්මා වදමානො වදෙය්‍ය; තිබ‍්බරාගොති භික‍්ඛවෙ, නන්‍දං සම‍්මාවදමානො වදෙය්‍ය.

මහණෙනි, මොනොවට කියනුයෙක් නන්‍දයන් ගෙන ජාතිකුලපුත්‍රය හ යි කියන්නේ ය. මහණෙනි, මොනොවට කියන්නෙක් නන්‍දයන් බලවත්හ යි බණන්නේ ය. මහණෙනි, මනාකොට බණන්නෙක් නන්‍දයන් ප්‍රසාදජනකයහ යි බණන්නේ ය. මහණෙනි, මනාකොට බණන්නෙක් නන්‍දයන් ත්‍රිව්‍රරාග ඇතිය හ යි බණන්නේ ය.

කිමඤ‍්ඤත්‍ර භික‍්ඛවෙ, නන්‍දො ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරො භොජනෙසු මත‍්තඤ‍්ඤූ ජාගරියං අනුයුත‍්තො සතිසම‍්පජඤ‍්ඤෙන සමන‍්නාගතො. යෙහි නන්‍දො සක‍්කොති පරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං චරිතුං:

මහණෙනි, අන් කරුණින් කිම? නන්‍ද පරිපූර්‍ණ වූ පරිශුද්ධ වූ බ්‍රහ්මචර්‍ය්‍යය පුරන්නට යමෙකින් හැකි වේද එබඳු වූ ඉන්‍ද්‍රිය විෂයයෙහි ගෝපනය කළ දොර ඇතියේ ය. භෝජනයෙහි මාත්‍රඥ ය. නිදි වැරීමෙහි යෙදුනේ ය. ස්මෘති සම්ප්‍රජන්‍යයෙන් සමන්‍වාගත යි.

තත්‍රීදං භික‍්ඛවෙ, නන්‍දස‍්ස ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරතාය හොති: සචෙ භික‍්ඛවෙ, නන්‍දස‍්ස පුරත්‍ථිමා දිසා ආලොකෙතබ‍්බා හොති, සබ‍්බං චෙතසා සමන‍්නාහරිත්‍වා නන්‍දො පුරත්‍ථිමං දිසං ආලොකෙති, ‘එවං මෙ පුරත්‍ථිමං දිසං ආලොකයතො න අභිජ‍්ඣා දොමනස‍්සා පාපකා අකුසලා ධම‍්මා අන්‍වාස‍්සවිස‍්සන‍්තී’ති, ඉතිහ තත්‍ථ සම‍්පජානො හොති. සචෙ භික‍්ඛවෙ, නන්‍දස‍්ස පච‍්ඡිමා දිසා ආලොකෙතබ‍්බා හොති -පෙ- උත‍්තරා දිසා ආලොකෙතබ‍්බා හොති -පෙ- දක‍්ඛිණා දිසා ආලොකෙතබ‍්බා හොති -පෙ- උද‍්ධං උල‍්ලොකෙතබ‍්බා හොති -පෙ- අධො ඔලොකෙතබ‍්බා හොති -පෙ- අනුදිසා අනුවිලොකෙතබ‍්බා හොති, සබ‍්බං චෙතසා සමන‍්නාහරිත්‍වා නන්‍දො අනුදිසං අනුවිලොකෙති. ‘එවම‍්මෙ අනුදිසං අනුවිලොකයතො නාභිජ‍්ඣාදොමනස‍්සා පාපකා අකුසලා ධම‍්මා අන්‍වාස‍්සවිස‍්සන‍්තීති. ඉතිහ තත්‍ථ සම‍්පජානො, ඉදං ඛො භික‍්ඛවෙ, නන්‍දස‍්ස ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරතාය හොති.

මහණෙනි, එහි ලා නන්‍දයන්ගේ ඉන්‍ද්‍රියන්හි ගුප්තද්වාරතා මේ වෙයි: මහණෙනි, ඉදින් නන්‍දයන් විසින් පෙරදිග බැලියයුතු වේ නම් නන්‍දයෝ හැම සිතින් සමනා පෙරදිග බලති. ‘මෙසේ පෙරදිග බලන මට අභිධ්‍යා දෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත අකුශලධර්‍මයෝ ලුහු නො බඳනාහු ය’ කියායි. එහි නුවණින් යුතු වූයේ වෙයි. මහණෙනි, ඉදින් නන්‍දයන් විසින් පශ්චිම දිශාව බැලිය යුතු වේ නම් ... උත්තර දිශාව බැලිය යුතු වේ නම් ... දක්‍ෂිණ දිශාව බැලිය යුතු වේ නම් ... උඩ බැලිය යුතු වේ නම් ... යට බැලිය යුතු වේ නම් ... අනුදිශා දිශාව බැලිය යුතු වේ නම්, නන්‍දයෝ හැම සිතින් සමනා අනුදිශා බලති. ‘මෙසේ අනුදික් බලන මට අභිධ්‍යා දෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ රැස් නොවන්නාහුය’ කියා යි. මෙසේ එහි නුවණින් යුක්ත වූයේ වෙයි. මහණෙනි, මේ වනාහි නන්‍දයන්ගේ ඉන්‍ද්‍රියන්හි ගුප්තද්වාරතා වෙයි.

තත්‍රිදං භික‍්ඛවෙ, නන්‍දස‍්ස භොජනෙ මත‍්තඤ‍්ඤුතාය හොති: ඉධ භික‍්ඛවෙ නන්‍දො පටිසඞ‍්ඛායොනිසො ආහාරං ආහාරෙති: නෙව දවාය න මදාය න මණ‍්ඩනාය න විභූසනාය, යාවදෙව ඉමස‍්ස කායස‍්ස ඨිතියා යාපනාය විහිංසූපරතියා බ්‍රහ‍්මචරියානුග‍්ගහාය, ඉති පුරාණඤ‍්ච වෙදනං පටිහඞ‍්ඛාමි, නවඤ‍්ච වෙදනං න උප‍්පාදෙස‍්සාමි, යාත්‍රා ච මෙ භවිස‍්සති, අනවජ‍්ජතා ච ඵාසුවිහාරො චාති. ඉදං ඛො භික‍්ඛවෙ, නන්‍දස‍්ස භොජනෙ මත‍්තඤ‍්ඤුතාය හොති.

මහණෙනි, එහිලා නන්‍දයන්ගේ භෝජනයෙහි මාත්‍රඥතා මේ වෙයි: මහණෙනි, නන්‍දයෝ නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට ආහාර වළඳති. දිව පිණිස නො වෙයි, මද පිණිස නොවෙයි, මණ්ඩන පිණිස නොවෙයි, භූෂණ පිණිස නොවෙයි, මේ ආහාරය මේ ශරීරයාගේ ස්ථිතිය පිණිස ම, යැපීම පිණිස ම, විහිංසා නස්නා පිණිස ම, බ්‍රහ්මචර්‍ය්‍යයට අනුග්‍රහ පිණිස ම වෙයි. මෙසේ නො වැළඳීමෙන් වූ පුරාණ වේදනා ද නසන්නෙමි, අභිනව වේදනා ද නූපදවන්නෙමි, මාගේ ජීවිත යාත්‍රා ද වෙයි, අනවද්‍යතාව හා ඵාසුවිහරණය ද වේ ය කියායි. මහණෙනි, මේ නන්‍ද තෙරහුගේ භෝජනයෙහි මාත්‍රඥතාව වෙයි.

තත්‍රිදං භික‍්ඛවෙ, නන්‍දස‍්ස ජාගරියානුයොගස‍්මිං හොති. ඉධ භික‍්ඛවෙ, නන්‍දො දිවසං චඞ‍්කමෙන නිසජ‍්ජාය ආවරණීයෙහි ධම‍්මෙහි චිත‍්තං පරිසොධෙති. රත‍්තියා පඨමං යාමං චඞ‍්කමෙන නිසජ‍්ජාය ආවරණීයෙහි ධම‍්මෙහි චිත‍්තං පරිසොධෙති. රත‍්තියා මජ‍්ඣිමං යාමං දක‍්ඛිණෙන පස‍්සෙන සීහසෙය්‍යං කප‍්පෙති. පාදෙ පාදං අච‍්චාධාය සතො සම‍්පජානො උට‍්ඨානසඤ‍්ඤං මනසිකරිත්‍වා. රත‍්තියා පච‍්ඡිමං යාමං පච‍්චුට‍්ඨාය චඞ‍්කමෙන නිසජ‍්ජාය ආවරණීයෙහි ධම‍්මෙහි චිත‍්තං පරිසොධෙති. ඉදං ඛො භික‍්ඛවෙ, නන්‍දස‍්ස ජාගරියානුයොගස‍්මිං හොති.

මහණෙනි, එහිලා මේ නන්‍දයන්ගේ නිදිවැරීමෙහි යෙදීම වෙයි: මහණෙනි, නන්‍දයෝ දාවල සක්මනිනුදු හිඳීමෙනුදු ආවරණය කරන ධර්‍මයෙන් සිත පිරිසිදු කෙරෙති. රෑ පළමුයම සක්මනිනුදු හිඳීමෙනුදු ආවරණය කරන ධර්‍මයෙන් සිත පිරිසිදු කෙරෙති. රෑ මැදුයම්යම පා මත පා හයා තබා සිහි නුවණින් යුතු වැ උත්‍ථානසංඥාව මෙනෙහිකොට දකුණැලයෙන් සිංහසය්‍යා කෙරෙති. රෑ පැසුළුයම නැඟී සිට සක්මනිනුදු හිඳීමෙනුදු ආවරණය කරන ධර්‍මයෙන් සිත පිරිසිදු කෙරෙත්. මහණෙනි, මේ නන්‍දයන්ගේ නිදිවැරීමෙහි යෙදීම වෙයි.

තත්‍රිදං භික‍්ඛවෙ, නන්‍දස‍්ස සතිසම‍්පජඤ‍්ඤස‍්මිං හොති: ඉධ භික‍්ඛවෙ, නන්‍දස‍්ස විදිතා වෙදනා උප‍්පජ‍්ජන‍්ති, විදිතා උපට‍්ඨහන‍්ති, විදිතා අබ‍්භත්‍ථං ගච‍්ඡන‍්ති, විදිතා සඤ‍්ඤා උප‍්පජ‍්ජන‍්ති -පෙ- විදිතා විතක‍්කා උප‍්පජ‍්ජන‍්ති, විදිතා උපට‍්ඨාහන‍්ති, විදිතා අබ‍්භත්‍ථං ගච‍්ඡන‍්ති. ඉදං ඛො භික‍්ඛවෙ, නන්‍දස‍්ස සතිසම‍්පජඤ‍්ඤස‍්මිං හොති.

මහණෙනි, එහි මේ නන්‍දයන්ගේ ස්මෘතිසම්ප්‍රජන්‍යය වේ: මහණෙනි, නන්‍දයන් දන්නා ලද වූ ම වේදනාවෝ උපදිත්. දන්නා ලද වූ ම වේදනාවෝ වටහත්. දන්නා ලද වූ ම වේදනාවෝ අස්තයට යෙත්. දන්නා ලද වූ ම සංඥාවෝ උපදිත් ... දන්නා ලද වූ ම විතර්‍කයෝ උපදිත්. දන්නා ලද වූ ම විතර්‍කයෝ වටහත්. දන්නා ලද වූ ම විතර්‍කයෝ අස්තයට යෙත්. මහණෙනි, මේ නන්‍දයන්ගේ ස්මෘතිසම්ප්‍රජන්‍යය වෙයි.

කිමඤ‍්ඤත්‍ර භික‍්ඛවෙ, නන්‍දො ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරො භොජනෙ මත‍්තඤ‍්ඤූ ජාගරියං අනුයුත‍්තො සතිසම‍්පජඤ‍්ඤෙන සමන‍්නාගතො යෙහි නන්‍දො සක‍්කොති පරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං චරිතුන‍්ති.

මහණෙනි, අන් කරුණෙකින් කිම? යමෙකින් නන්‍දයෝ පරිපූර්‍ණ පරිසුද්ධ බ්‍රහ්මචර්‍ය්‍ය පුරන්නට හැකිවෙත් ද, එබඳු වූ ඉන්‍ද්‍රියෙහි ගුප්තද්වාරතා ඇතියහ, භෝජනයෙහි පමණ දන්නාහ, නිදි වැරීමෙහි යෙදුනාහ. ස්මෘතිසම්ප්‍රජන්‍යයෙන් සමන්‍වාගතයහ යි.