1. මෙත්තාවග්ගො අට්ඨකථා
1. මෙත්තා වර්ගය
1. මෙත්තානිසංස සුත්තවණ්ණනා
1. මෙත්තානිසංස සූත්‍ර වර්ණනාව
අට්ඨකනිපාතස්ස පඨමෙ ආසෙවිතායාති ආදරෙන සෙවිතාය. භාවිතායාති වඩ්ඪිතාය. බහුලීකතායාති පුනප්පුනං කතාය. යානිකතායාති යුත්තයානසදිසකතාය. වත්ථුකතායාති පතිට්ඨානට්ඨෙන වත්ථු විය කතාය. අනුට්ඨිතායාති පච්චුපට්ඨිතාය. පරිචිතායාති සමන්තතො චිතාය උපචිතාය. සුසමාරද්ධායාති සුට්ඨු සමාරද්ධාය සුකතාය. ආනිසංසාති ගුණා. සුඛං සුපතීතිආදීසු යං වත්තබ්බං, තං එකාදසකනිපාතෙ වක්ඛාම.
අට්ඨක නිපාතයෙහි පළමුවැන්නෙහි ආසෙචිතාය යනු අදරින් ඇසුරු කරන ලද්දාවූයි, භාවිතාය යනු වඩන ලද්දාවූයි, බහුලීකතාය යනු යළියළිත් කරන ලද්දාවූයි, යානිකතාය යනු සුදුසු ස්ථානයකට සමානව කරන ලද්දාවූයි, වත්ථුකතාය යනු දැඩිව පිහිටීම් අරුතින් ඉඩමක් වෙන් කරන ලද්දාවූයි, අනුට්ඨිතාය යනු එළඹ සිටියාවූයි, පරිචිතාය යනු හාත්පසින් රැස්කරන ලද්දාවූ, එකතුකරන ලද්දා වූයි, සුසමාරද්ධාය යනු මනාව අරඹන ලද්දාවූ, මානව කරන ලද්දාවූයි, ආනිසංසා යනු ගුණයෝයි, සුඛං සුපති යනාදියෙහි යමක් කිවයුතුද එය එකොළොස්වන නිපාතයෙහි කියමු.
අප්පමාණන්ති ඵරණවසෙන අප්පමාණං. තනූ සංයොජනා හොන්ති, පස්සතො උපධික්ඛයන්ති මෙත්තාපදට්ඨානාය විපස්සනාය අනුක්කමෙන උපධික්ඛයසඞ්ඛාතං අරහත්තං පත්තස්ස දස සංයොජනා පහීයන්තීති අත්ථො. අථ වා තනූ සංයොජනා හොන්තීති පටිඝඤ්චෙව පටිඝසම්පයුත්තසංයොජනා ච තනුකා හොන්ති. පස්සතො උපධික්ඛයන්ති තෙසංයෙව කිලෙසූපධීනං ඛයසඞ්ඛාතං මෙත්තං අධිගමවසෙන පස්සන්තස්ස. කුසලී තෙන හොතීති තෙන මෙත්තායනෙන කුසලො හොති. සත්තසණ්ඩන්ති සත්තසඞ්ඛාතෙන සණ්ඩෙන සමන්නාගතං, සත්තභරිතන්ති අත්ථො. විජෙත්වාති අදණ්ඩෙන අසත්ථෙන ධම්මෙනෙව විජිනිත්වා. රාජිසයොති ඉසිසදිසා ධම්මිකරාජානො. යජමානාති දානානි දදමානා. අනුපරියගාති විචරිංසු.
අප්පමාණං යනු පැතිරීම් වශයෙන් අපමණ වූයේයි, තනු සංයොජනා හොන්ති පස්සතො උපධික්ඛයං යනු මෛත්‍රිය අනන්තර හේතුව වූ විදර්ශනාවෙන් අනුක්රමයෙන් උපධික්ෂය සංඛ්‍යාත වූ රහත්බවට පත්වූවහුගේ දසසංයෝජනයෝ ප්‍රහීන වෙත්යැයි අරුත්ය. නැතහොත් තනු සංයොජනා හොන්ති යනු ප්‍රතිඝය ද ප්‍රතිඝසම්ප්‍රයුක්ත වූ සංයෝජනය ද තුනී බවට යයි, පස්සතො උපධික්ඛයං යනු ඒ කෙලෙස් උපධීන්ගේම විනාශය සංඛ්‍යාත මෛත්‍රිය අධිගම වශයෙන් බලන්නාගේයි, කුසලී තෙන හොති යනු ඒ මෛත්‍රී කිරීමෙන් දක්ෂ වෙයි, සත්තසණ්ඩං යනු සත්ත්ව සංඛ්‍යාත වූ ලැහැබෙන් යුක්ත වූ, සත්ත්වයාගෙන් බර වූ යන අරුත්ය, ජිනිත්වා යනු දඬු නැතිව අවිනැතිව දැහැමින්ම දිනායි, රාජිසයො යනු සෘෂිවරුන් සමාන දැහැමි රජවරුයි, යජමානා යනු දන් දෙන්නාවූයි, අනුපරියගා යනු සැරිසැරූහ.
අස්සමෙධන්තිආදීසු පොරාණකරාජකාලෙ කිර සස්සමෙධං, පුරිසමෙධං, සම්මාපාසං, වාචාපෙය්යන්ති චත්තාරි සඞ්ගහවත්ථූනි අහෙසුං, යෙහි රාජානො ලොකං සඞ්ගණ්හිංසු. තත්ථ නිප්ඵන්නසස්සතො දසමභාගග්ගහණං සස්සමෙධං නාම, සස්සසම්පාදනෙ මෙධාවිතාති අත්ථො. මහායොධානං ඡමාසිකං භත්තවෙතනානුප්පදානං පුරිසමෙධං නාම, පුරිසසඞ්ගණ්හනෙ මෙධාවිතාති අත්ථො. දලිද්දමනුස්සානං හත්ථතො ලෙඛං ගහෙත්වා තීණි වස්සානි විනා වඩ්ඪියා සහස්සද්විසහස්සමත්තධනානුප්පදානං සම්මාපාසං නාම. තඤ්හි සම්මා මනුස්සෙ පාසෙති හදයෙ බන්ධිත්වා විය ඨපෙති, තස්මා සම්මාපාසන්ති වුච්චති. “තාත, මාතුලා”තිආදිනා නයෙන පන සණ්හවාචාභණනං වාචාපෙය්යං නාම, පියවාචාති අත්ථො. එවං චතූහි සඞ්ගහවත්ථූහි සඞ්ගහිතං රට්ඨං ඉද්ධඤ්චෙව හොති, ඵීතඤ්ච, බහුඅන්නපානං, ඛෙමං, නිරබ්බුදං. මනුස්සා මුදා මොදමානා උරෙ පුත්තෙ නච්චෙන්තා අපාරුතඝරා විහරන්ති. ඉදං ඝරද්වාරෙසු අග්ගළානං අභාවතො නිරග්ගළන්ති වුච්චති. අයං පොරාණිකා පවෙණි.
අස්සමෙධං යනාදියෙහි පැරණි රජුන්ගේ කාලයෙහි සස්සමෙධ, පුරිසමෙධ, සම්මාපාස, වාචපෙය්‍ය යන සතර සංග්‍රහ වස්තු විය. ඒවායින් රජවරු ලොවට සංග්‍රහ කළාහුය. එහි නිපන් ශශ්යයෙන් දහයෙන් කොටසක් ගැනීම සස්සමෙධ නමි. ශශ්‍ය සම්පාදනයෙහි නුවණැති බවයි අරුත්ය, මහායොධයන්ට සමසක බත්වැටුප් දීම පුරිසමෙධය නමි, පුරුෂයන්ට සංග්‍රහ කිරීමෙහි නුවණැති බව යන අරුත්ය. දිළිඳු මිනිසුන්ගේ අතින් රේඛාවක් ගෙන වසර තුනක් පොලී රහිතව දහසක් දෙදහසක් පමණ වූ ධනය දීම සම්මාපාසය නමි. එය වනාහි මනාව මිනිසුන් බඳියි හදවතෙහි බැඳ මෙන් තබයි. එහෙයින් සම්මපාසයයි කියනු ලැබේ. දරුව මයිළනුවනි ආදී ක්‍රමයෙන් සිනිඳු වදන් කීම වාචපෙය්‍ය නමි. ප්රියවචනයයි අරුත්ය. මෙසේ සතර සංග්‍රහ වස්තුවෙන් සංග්‍රහ කරන ද රට සමෘද්ධ වූයේත් සපිරුණේත් විය. බොහෝ කෑමබීම ඇත්තේය, ක්ෂෙමය, නිරවුල්ය, මිනිස්සු සතුටින් තුටු පහටු වූවාහු උරයෙහි පුතුන් නටවමින් නොවැසූගෙවල් ඇත්තෝව හැසිරෙති. ගෙවල්වල අගුල් නැති බැවින් මෙය නිරග්ගළ යයි කියනු ලැබේ. මෙය පෞරාණික වූ ප්‍රවේණියයි.
අපරභාගෙ පන ඔක්කාකරාජකාලෙ බ්රාහ්මණා ඉමානි චත්තාරි සඞ්ගහවත්ථූනි ඉමඤ්ච රට්ඨසම්පත්තිං පරිවත්තෙත්වා උද්ධංමූලකං කත්වා අස්සමෙධං පුරිසමෙධන්තිආදිකෙ පඤ්ච යඤ්ඤෙ නාම අකංසු. තෙසු අස්සමෙත්ථ මෙධන්ති වධෙන්තීති අස්සමෙධො. ද්වීහි පරියඤ්ඤෙහි යජිතබ්බස්ස එකවීසතියූපස්ස එකස්මිං පච්ඡිමදිවසෙයෙව සත්තනවුතිපඤ්චපසුසතඝාතභිංසනස්ස ඨපෙත්වා භූමිඤ්ච පුරිසෙ ච අවසෙසසබ්බවිභවදක්ඛිණස්ස යඤ්ඤස්සෙතං අධිවචනං. පුරිසමෙත්ථ මෙධන්තීති පුරිසමෙධො. චතූහි පරියඤ්ඤෙහි යජිතබ්බස්ස සද්ධිං භූමියා අස්සමෙධෙ වුත්තවිභවදක්ඛිණස්ස යඤ්ඤස්සෙතං අධිවචනං. සම්මමෙත්ථ පාසන්තීති සම්මාපාසො. දිවසෙ දිවසෙ යුගච්ඡිග්ගළෙ පවෙසනදණ්ඩකසඞ්ඛාතං සම්මං ඛිපිත්වා තස්ස පතිතොකාසෙ වෙදිං කත්වා සංහාරිමෙහි යූපාදීහි සරස්සතීනදියා නිමුග්ගොකාසතො පභුති පටිලොමං ගච්ඡන්තෙන යජිතබ්බස්ස සත්රයාගස්සෙතං අධිවචනං. වාජමෙත්ථ පිවන්තීති වාජපෙය්යො. එකෙන පරියඤ්ඤෙන සත්තරසහි පසූහි යජිතබ්බස්ස බෙලුවයූපස්ස සත්තරසකදක්ඛිණස්ස යඤ්ඤස්සෙතං අධිවචනං. නත්ථි එත්ථ අග්ගළාති නිරග්ගළො. නවහි පරියඤ්ඤෙහි යජිතබ්බස්ස සද්ධිං භූමියා ච පුරිසෙහි ච අස්සමෙධෙ වුත්තවිභවදක්ඛිණස්ස සබ්බමෙධපරියායනාමස්ස අස්සමෙධවිකප්පස්සෙතං අධිවචනං.
මෑත කාලයෙහි ඔක්කාක රජුගේ කාලයෙහි බමුණෝ මේ සතර සංග්‍රහ වස්තු හා රටෙහි සම්පත් පෙරළා ඉගුලූ මුල් ඇති කොට අශ්වමෙධ පුරුෂමෙධ ආදී වූ යාග පසක් කළාහුය. ඔවුනතුරෙහි මෙහි අශ්වයා නසත් වධයට පමුණුවත්නුයි අස්සමෙධ නමි. අතිවිශේෂ යාග දෙකකින් යාග කළයුතු, විසිඑකක් යාගකණු ඇති, එකෙක අන්තිම දිනයෙහි පන්සිය අනුහතක් සත්ත්ව ඝාතනයෙන් බියකරු වූ, බිමත් මිනිසුනුත් හැර සෙසු සියලු සම්පත් පිඳීම් ඇති යාගයට මේ නමෙකි. මෙහි පුරුෂයකු නසතියි පුරිසමෙධ නමි. අතිවිශේෂ යාග සතරකින් යැදිය යුතු, බිම සහිතව අශ්ව මෙධයෙන් කියන ලද සම්පත් පිදීම ඇති යාගයට මේ නමෙකි. සම්මය බඳිත්නුයි සම්මාපාස නමි. දිනපතා විය සිදුරෙහි පිවිසුවන දඬුව නම්වූ සම්මය විසිකොට එය වැටුණු තැන්හි වේදිකාව තනා තැන තැන ගෙනයා හැකි යාග කණු ආදියෙන් සරස්වතී නදියෙහි ගිලුණු වේලෙහි සිට පිළිලොම්ව යන්නහු විසින් යැදිය යුතු සත්රයාගයට මේ නමෙකි. මෙහි වචනයම බොත්නුයි වාචපෙය්යං නමි. එක් විශේෂ යාගයකින් සතුන් සතළොසකින් යැදියයුතු බේලුව දැවයෙන් කළ යාග කණුව ඇති දක්ෂිණා සතළොසකින් යුත් යාගයට මේ නමෙකි. මෙහි අගුලක් නැතැයි නිරග්ගළො නමි. විශේෂයාග නවයකින් යැදියයුතු, බිම ද පුරුෂයන් ද සමඟ අශ්වමෙධයෙහි කියන ලද සම්පත් පිදීම් ඇති සබ්බමෙධ නම් පර්‍ය්‍යාය නම ඇති අශ්වමෙධ විකල්පයකට මේ නමකි.
කලම්පි තෙ නානුභවන්ති සොළසින්ති තෙ සබ්බෙපි මහායාගා එකස්ස මෙත්තාචිත්තස්ස විපාකමහන්තතාය සොළසිං කලං න අග්ඝන්ති, සොළසමං භාගං න පාපුණන්තීති අත්ථො. න ජිනාතීති න අත්තනා පරස්ස ජානිං කරොති. න ජාපයෙති න පරෙන පරස්ස ජානිං කාරෙති. මෙත්තංසොති මෙත්තායමානචිත්තකොට්ඨාසො හුත්වා. සබ්බභූතානන්ති සබ්බසත්තෙසු. වෙරං තස්ස න කෙනචීති තස්ස කෙනචි සද්ධිං අකුසලවෙරං වා පුග්ගලවෙරං වා නත්ථි.
කලම්පි තෙ නානුභවන්ති සොළසිං යනු ඒ සියලුම මහායාගයෝ එක මෛත්‍රි සිතකට විපාක මහත්වයෙන් සොළසෙන් එක්කළාවකුදු නොඅගිත්, සොළොසින් එක් කොටසකට නොපැමිණෙත්යයි අරුත්ය. න ජානාති යනු තමා විසින් අනුන්ට දැනීමක් නොකරයි, න ජාපයෙ යනු අනුන් විසින් අනුන්ට දැනීමක් නොකරයි. මෙත්තංසො යනු මෙත් කරනු ලබන සිතේ කොටසක් වීයි, සබ්බභූතානං යනු සියලු සත්ත්වයන් කෙරෙහියි, වෙරං තස්ස න කෙනවී යනු ඔහුට කිසිවකු සමඟ අකුසල වෛරයක් හෝ පුද්ගල වෛරයක් නැත.
2. ආදිබ්‍රහ්මචරියපඤ්ඤා සුත්තවණ්ණනා
2. ආදිබ්‍රහ්මචරියපඤ්ඤා සූත්‍ර වර්ණනාව
දුතියෙ ආදිබ්රහ්මචරියිකායාති මග්ගබ්රහ්මචරියස්ස ආදිභූතාය. පඤ්ඤායාති විපස්සනාය. ගරුට්ඨානියන්ති ගාරවුප්පත්තිපච්චයභූතං ගරුභාවනීයං. තිබ්බන්ති බහලං. පරිපුච්ඡතීති අත්ථපාළිඅනුසන්ධිපුබ්බාපරං පුච්ඡති. පරිපඤ්හතීති පඤ්හං කරොති, ඉදඤ්චිදඤ්ච පටිපුච්ඡිස්සාමීති විතක්කෙති. ද්වයෙනාති දුවිධෙන. අනානාකථිකොති අනානත්තකථිකො හොති. අතිරච්ඡානකථිකොති නානාවිධං තිරච්ඡානකථං න කථෙති. අරියං වා තුණ්හීභාවන්ති අරියතුණ්හීභාවො නාම චතුත්ථජ්ඣානං, සෙසකම්මට්ඨානමනසිකාරොපි වට්ටති. ජානං ජානාතීති ජානිතබ්බකං ජානාති. පස්සං පස්සතීති පස්සිතබ්බකං පස්සති. පියත්තායාති පියභාවත්ථාය. ගරුත්තායාති ගරුභාවත්ථාය. භාවනායාති භාවනත්ථාය ගුණසම්භාවනාය වා. සාමඤ්ඤායාති සමණධම්මත්ථාය. එකීභාවායාති නිරන්තරභාවත්ථාය.
දෙවැන්නෙහි ආදිබ්රහ්මචරියකා යනු මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාවට මුල්වූයි, පඤ්ඤාය යනු විදර්ශනාවටයි, ගරුට්ඨානියං යනු ගෞරවය ඉපදීමට හේතුවූයි, ගරුභාවයට සුදුසුයි, තිබ්බං යනු බහුලවූයි, පරිපුච්ඡති යනු අරුත් පෙළ ගැලපීම් පෙර අපර යන කරුණු විමසයි, පරිපඤ්හති යනු ප්‍රශ්න කරයි, මෙය ද මෙය ද අසන්නෙමැයි සිතයි, ද්වයෙන යනු දෙවැදෑරුම් වූවෙනි, අනානාකථිකො යනු නානත්වයන් (විවිධත්වයන්) කථාකරන්නෙක් නොවේ, අතිරච්ඡානකථිකො යනු නන්වැදෑරුම් තිරිසන් කථා නොකියයි, අරියං වා තුණ්හී භාවං යනු ආර්ය තුෂ්ණීම්භාවය නම් චතුර්ථ ධ්‍යානයයි, සෙසු කමටහන් මෙනෙහි කිරීම ද වටියි, ජානං ජානාති යනු දතයුතුදෙය දනියි, පස්සං පස්සති යනු දැකිය යුතු දේ දකියි, පියත්තාය යනු ප්‍රියභාවය සඳහායි, ගරුත්තාය යනු ගරුභාවය සඳහායි, භාවනාය යනු බවුන් වැඩීම සඳහායි, ගුණ සම්භාවනය හෝ සඳහායි, සාමඤ්ඤාය යනු මහණදම් සඳහායි, එකීභාවාය යනු නිතරබව සඳහායි.
3. පඨමපිය සුත්තවණ්ණනා
3. පළමුවැනි පිය සූත්‍ර වර්ණනාව
තතියෙ අප්පියපසංසීති අප්පියජනස්ස පසංසකො වණ්ණභාණී. පියගරහීති පියජනස්ස නින්දකො ගරහකො.
තෙවැන්නෙහි අප්පියපසංසි යනු අප්‍රිය ජනයාට පසසන්නායි, ගුණ කියන්නායි, පියගරහී යනු ප්රියජනයාට නින්දා කරන්නායි, ගරහන්නායි.
4. දුතියපිය සුත්තවණ්ණනා
4. දෙවැනි පිය සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ අනවඤ්ඤත්තිකාමොති “අහො වත මං අඤ්ඤෙන අවජානෙය්යු”න්ති අනවජානනකාමො. අකාලඤ්ඤූති කථාකාලං න ජානාති, අකාලෙ කථෙති. අසුචීති අසුචීහි කායකම්මාදීහි සමන්නාගතො.
සිවුවැන්නෙහි අනවඤ්ඤත්තිකාමො යනු අහෝ මට අනුන් අවමන් නොකරත් නම් මැනවැයි අවමන් නොවනු කැමැත්තේයි, අකාලඤ්ඤූ යනු කථාවට කාලය නොදනියි, නොසුදුසු කල්හි කථා කරයි, අසූචි යනු අපිරිසුදු කායකර්‍මාදියෙන් යුක්තවුයේයි.
5. පඨමලොකධම්ම සුත්තවණ්ණනා
5. පළමුවැනි ලෝකධම්ම සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ ලොකස්ස ධම්මාති ලොකධම්මා. එතෙහි මුත්තා නාම නත්ථි, බුද්ධානම්පි හොන්ති. තෙනෙවාහ – ලොකං අනුපරිවත්තන්තීති අනුබන්‍ධන‍්ති නප්පජහන්ති, ලොකතො න නිවත්තන්තීති අත්ථො. ලොකො ච අට්ඨ ලොකධම්මෙ අනුපරිවත්තතීති අයඤ්ච ලොකො එතෙ අනුබන්ධති න පජහති, තෙහි ධම්මෙහි න නිවත්තතීති අත්ථො.
පස්වැන්නෙහි ලොවට දහම්නුයි ලොකධම්මා නමි, මෙයින් මිදුනාහු නම් නැත. බුදුවරුනට ද වෙත්. එහෙයින් කිය. ලොකං අනුපරිවත්තන්ති යනු ඵහු බඳිත්, අත් නොහරිත්, ලොවින් නොනවතිතැයි අරුත්ය, ලොකො ච අට්ඨලොකධම්මෙ අනුපරිවත්තති යනු මේ ලෝකය ද මේවා ඵහුබඳියි. නොහරියි, මේ ධර්මයන්ට අනුව පවතියි යනු අරුත්ය.
ලාභො අලාභොති ලාභෙ ආගතෙ අලාභො ආගතොයෙවාති වෙදිතබ්බො. අයසාදීසුපි එසෙව නයො. අවෙක්ඛති විපරිණාමධම්මෙති “විපරිණාමධම්මා ඉමෙ”ති එවං අවෙක්ඛති. විධූපිතාති විධමිතා විද්ධංසිතා. පදඤ්ච ඤත්වාති නිබ්බානපදං ජානිත්වා. සම්මප්පජානාති භවස්ස පාරගූති භවස්ස පාරං ගතො නිප්ඵත්තිං මත්ථකං පත්තො, නිබ්බානපදං ඤත්වාව තං පාරං ගතභාවං සම්මප්පජානාතීති. ඉමස්මිං සුත්තෙ වට්ටවිවට්ටං කථිතං.
ලාභො අලාභො යනු ලැබීම පැමිණිවිට නොලැබීම ආයේමයැයි දතයුතුය, අයසාදීන්හි ද මේ ක්‍රමයමයි. අචෙක්ඛති විපරිණාමධම්මෙ යනු විපර්‍ය්‍යාසයට (වෙනසට) පත්වන ධර්මයන් මේවායි මෙසේ දකියි, විධූපිතා යනු විනාශකර දමන ලදි. දුරුකරන ලදි. පදඤ්ච ඤත්වා යනු නිවන් පදය දැනයි, සම්මප්පජානාති භවස්ස පාරගුං යනු භවයෙහි පරතෙරට ගියේ නිෂ්පත්තියට මස්තකප්රාප්ත වූයේ නිවන් පදය දැනම එය පරතෙරට ගිය බව මනාව දනියි. මේ සූත්‍රයෙහි සසර හා නිවන කියන ලදි.
6. දුතියලොකධම්ම සුත්තවණ්ණනා
6. දෙවැනි ලෝකධම්ම සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ කො විසෙසොති කිං විසෙසකාරණං. කො අධිප්පයාසොති කො අධිකප්පයොගො. පරියාදායාති ගහෙත්වා පරිනිට්ඨපෙත්වා. ඉධාපි වට්ටවිවට්ටමෙව කථිතං.
සවැන්නෙහි කො විසෙසො යනු කවර වෙසෙසි කරුණක්ද? කො අධිප්පායො සො යනු කවර අධික ප්‍රයෝගයක්ද? පරියාදාය යනු ගෙන නිමවායි, මෙහිද සසර හා නිවනම කියන ලදි.
7. දෙවදත්තවිපත්ති සුත්තවණ්ණනා
7. දෙවදත්තවිපත්ති සූත්‍ර වර්ණනාව
සත්තමෙ අචිරපක්කන්තෙති සඞ්ඝං භින්දිත්වා න චිරපක්කන්තෙ. ආරබ්භාති ආගම්ම පටිච්ච සන්ධාය. අත්තවිපත්තින්ති අත්තනො විපත්තිං විපන්නාකාරං. සෙසපදෙසුපි එසෙව නයො. අභිභුය්යාති අභිභවිත්වා මද්දිත්වා.
සත්වැන්නෙහි අචිරපක්කන්තෙ යනු සංඝයා බිඳ නොබෝකල්හියි, ආරබ්හ යනු අවුත්, නිසා, සඳහායි, අත්තවිපත්තිං යනු තමන් විපතට පත්වූ ආකාරයයි, සෙසු පදයන්හි ද මේ ක්‍රමයමයි, අභිභුය්ය යනු මැඬපවත්වා, යටපත්කොටයි.
8. උත්තර සුත්තවණ්ණනා
8. උත්තර සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ වටජාලිකායන්ති එවංනාමකෙ විහාරෙ. සො කිර වටවනෙ නිවිට්ඨත්තා වටජාලිකාති සඞ්ඛං ගතො. පාතුරහොසීති ඉමමත්ථං දෙවරඤ්ඤො ආරොචෙස්සාමීති ගන්ත්වා පාකටො අහොසි. ආදිබ්රහ්මචරියකොති සික්ඛත්තයසඞ්ගහස්ස සකලසාසනබ්රහ්මචරියස්ස ආදිභූතො.
අටවැන්නෙහි ධවජාලිකායං යනු මෙබඳු නම් ඇති වෙහෙරෙහියි, එය ධව වනයෙහි ඇතුල් වී ඇති බැවින් ධවජාලිකායි නිමාවට ගියේය, පාතුරහොසි යනු මෙකරුණ දෙව්රජුට සැළකරන්නෙමැයි ගොස් ප්‍රකට වූයේය, ආදිබ්රහ්මචරියකො යනු ශික්ෂාත්රයට ඇතුළත් වූ සියලු ශාසන බ්‍රහ්මචර්‍ය්‍යාවට මුල් වූයේයි.
9. නන්ද සුත්තවණ්ණනා
9. නන්ද සූත්‍ර වර්ණනාව
නවමෙ කුලපුත්තොති ජාතිකුලපුත්තො. බලවාති ථාමසම්පන්නො. පාසාදිකොති රූපසම්පත්තියා පසාදජනකො. තිබ්බරාගොති බහලරාගො. කිමඤ්ඤත්රාතිආදීසු අයමත්ථො – කිං අඤ්ඤෙන කාරණෙන කථිතෙන, අයං නන්දො ඉන්ද්රියෙසු ගුත්තද්වාරො භොජනෙ මත්තඤ්ඤූ ජාගරියමනුයුත්තො සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො, යෙහි නන්දො සක්කොති පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං චරිතුං. සචෙ ඉමෙහි කාරණෙහි සමන්නාගතො නාභවිස්ස, න සක්කුණෙය්යාති. ඉතිහ තත්ථාති එවං තත්ථ. ඉමස්මිං සුත්තෙ වට්ටමෙව කථිතං.
නවවැන්නෙහි කුලපුත්තො යනු ජාතියෙන් කුල පුත්‍රයෙකි, බලවා යනු සවිමත් වූයේයි. පාසාදිකො යනු රූප සම්පත්තියෙන් ප්‍රසාදය ඇතිකරන්නේයි. තිබ්බරාගො යනු බලවත් රාගය ඇත්තේයි, කිමඤ්ඤත්‍ර යනාදියෙහි මේ අර්ත්ථයයි: කියනලද වෙනත් කරුණකින් කවර වැඩක්ද? මේ නන්ද තෙමේ ඉඳුරන්හි වැසූ දොරටු ඇත්තේයි, අනුභවයෙහි පමණ දන්නේයි. නිදිවැරීමෙහි යෙදුනේයි, සිහිනුවණින් යුත්වූයේයි, යම්බඳු වූ මෙකරුණින් නන්දතෙමේ පිරිපුන් පිරිසුදු බඹසරෙහි හැසිරීමට හැක්කේ වෙයි. ඉදින් මෙකරුණින් යුක්ත වූයේ නොවන්නේ නම් නොහැකි වන්නේය යනුයි. ඉතිහ තත්ථ යනු මෙසේ එහියි, මේ සුත්‍රයෙහි සසරම කියන ලදි.
10. කාරණ්ඩව සුත්තවණ්ණනා
10. කාරණ්ඩව සූත්‍ර වර්ණනාව
දසමෙ අඤ්ඤෙනාඤ්ඤං පටිචරතීති අඤ්ඤෙන කාරණෙන වචනෙන වා අඤ්ඤං කාරණං වචනං වා පටිච්ඡාදෙති. බහිද්ධා කථං අපනාමෙතීති බාහිරතො අඤ්ඤං ආගන්තුකකථං ඔතාරෙති. අපනෙය්යෙසොති අපනෙය්යො නීහරිතබ්බො එස. සමණදූසීති සමණදූසකො. සමණපලාපොති වීහීසු වීහිපලාපො විය නිස්සාරතාය සමණෙසු සමණපලාපො. සමණකාරණ්ඩවොති සමණකචවරො. බහිද්ධා නාසෙන්තීති බහි නීහරන්ති. යවකරණෙති යවඛෙත්තෙ. ඵුණමානස්සාති උච්චෙ ඨානෙ ඨත්වා මහාවාතෙ ඔපුනියමානස්ස. අපසම්මජ්ජන්තීති සාරධඤ්ඤානං එකතො දුබ්බලධඤ්ඤානං එකතො කරණත්ථං පුනප්පුනං අපසම්මජ්ජන්ති, අපසම්මජ්ජනිසඞ්ඛාතෙන වාතග්ගාහිනා සුප්පෙන වා වත්ථෙන වා නීහරන්ති. දද්දරන්ති දද්දරසද්දං.
දසවැන්නෙහි අඤ්ඤෙනඤ්ඤං පටිචරති යනු වෙනත් කරුණකින් හෝ වචනයකින් වෙනත් කරුණක් හෝ වචනයක් වසා දමයි, බහිද්ධා කථං අපනාමෙති යනු බැහැරින් වෙනත් ආගන්තුක කථාවක් බහාලයි, අපනෙය්යො යනු මෙතෙම ඉවත් කළ යුතුයි, සමණදූසී යනු ශ්‍රමණ දූෂකයෙකි, සමණපලාපො යනු වීවල බොල්මෙන් නිසරුබවින් මහණුන් අතුරෙහි මහණකමින් බොල්වූවෙකි, සමණකාරණ්ඩවො යනු මහණ කසලයෙකි, බහිද්ධා නාසෙන්ති යනු පිටතට පළවා හරිත්, යවකරණෙ යනු යව කෙතෙහියි, පූයමානස්ස යනු උස් තැනක සිට මහ සුළගෙහි පොලනු ලබන්නාගේයි, අපසම්මජ්ජන්ති යනු සරු ධාන්‍ය එක්පසකට ද නිසරු ධාන්‍ය තවත් පසෙකට ද කරනු සඳහා යළියළිත් සුළං කරත්. අපසම්මජ්ජනි නම්වූ ව්‍රතය ගන්නාවූ කුල්ලෙන් හෝ වස්ත්‍රයෙන් හෝ ගසත්. දද්දරං යනු බරබර හඬයි,
සංවාසායන්ති සංවාසෙන අයං. විජානාථාති ජානෙය්යාථ. සන්තවාචොති සණ්හවාචො. ජනවතීති ජනමජ්ඣෙ. රහො කරොති කරණන්ති කරණං වුච්චති පාපකම්මං, තං රහො පටිච්ඡන්නො හුත්වා කරොති. සංසප්පී ච මුසාවාදීති සංසප්පිත්වා මුසාවාදී, මුසා භණන්තො සංසප්පති ඵන්දතීති අත්ථො. ඉමස්මිං සුත්තෙ වට්ටමෙව කථෙත්වා ගාථාසු වට්ටවිවට්ටං කථිතන්ති.
සංවාසායං යනු එක්ව විසීමෙන් මෙතෙමේයි, විජානාථ යනු දන්නහුය, සන්තවාචො යනු සිනිඳු වචන ඇත්තේයි, ජනවතී යනු ජනයා මැදයි, රහො කරොති කටනං යනු කටනයි කියනුයේ පාපකර්මයටය, එය රහසිගතව පිළිසන්ව කරයි, සංසප්පී ච මුසාවාදී යනු බඩගා බොරු කියන්නේ, බොරු කියමින් බඩගායි, ගැහෙයි යන අරුත්ය. මේ සූත්‍රයෙහි සසරම කියා ගාථාවන්හි සසර හා නිවන කියන ලදි.
මෙත්තාවග්ගො පඨමො.
පළමුවැනි වූ මෙත්තා වර්ගයයි.