යෙදුමෙන් කියවන්න

3. විනය වග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

3. විනය වර්ගය

1. පඨම විනයධර සුත‍්තවණ‍්ණනා

1. ප්‍රථම විනයධර සූත්‍ර වර්ණනාව

අට‍්ඨමස‍්ස පඨමෙ ආපත‍්තිං ජානාතීති ආපත‍්තිංයෙව ආපත‍්තීති ජානාති. සෙසපදෙසුපි එසෙව නයො.

අටවැනි වර්ගයෙහි ප්‍රථම සූත්‍රයෙහි ආපත්තිං ජානාතී යනු ඇවතම ඇවැතැයි දනියි, සෙසු පදයන්හි ද මේ ක්‍රමයමයි.

2. දුතිය විනයධර සුත‍්තවණ‍්ණනා

2. දෙවෙනි විනයධර සූත්‍ර වර්ණනාව

දුතියෙ ස‍්වාගතානීති සුආගතානි සුප‍්පගුණානි. සුවිභත‍්තානීති කොට‍්ඨාසතො සුට‍්ඨු විභත‍්තානි. සුප‍්පවත‍්තීනීති ආවජ‍්ජිතාවජ‍්ජිතට‍්ඨානෙ සුට‍්ඨු පවත‍්තානි දළ‍්හප‍්පගුණානි. සුවිනිච‍්ඡිතානීති සුට‍්ඨු විනිච‍්ඡිතානි. සුත‍්තසොති විභඞ‍්ගතො. අනුබ්‍යඤ‍්ජනසොති ඛන්‍ධකපරිවාරතො.

දෙවැන්නෙහි සවාගතානි යනු මනාව පැමිණියාවූයි, යහපත් සේ පුහුණු කරන ලද්දාවූයි, සුවිභත්තානි යනු කොටස් වශයෙන් මනාව බෙදන ලද්දාවූයි. සුප්පචත්තිනී යනු සිහිකළ සිහිකළ තන්හි මනාව පැවැත්තාවූයි, දැඩි සේ පුහුණු කරන ලද්දාවූයි, සුචිනිච්ඡිතානි යනු මනාව විසඳන ලද්දා වූයි, සුත්තසො යනු සූත්‍ර විභාග වශයෙනි, අනුව්‍යඤ්ජනසො යනු ඛන්ධක පරිවාර වශයෙනි.

3. තතිය විනයධර සුත‍්තවණ‍්ණනා

3. තෙවෙනි විනයධර සූත්‍ර වර්ණනාව

තතියෙ විනයෙ ඛො පන ඨිතො හොතීති විනයලක‍්ඛණෙ පතිට‍්ඨිතො හොති. අසංහීරොති න සක‍්කා හොති ගහිතග‍්ගහණං විස‍්සජ‍්ජාපෙතුං.

තෙවැන්නෙහි විනයෙ ඛො පන ඨිතො හොති යනු විනය ලක්‍ෂණයෙහි පිහිටියේ වෙයි, අසංහීරො යනු ගන්නා ලද ගැනීම අත්හරවාලීමට නොහැක්කේ වෙයි.

9. සත්‍ථුසාසන සුත‍්තවණ‍්ණනා

9. සත්ථුසාසන සූත්‍ර වර්ණනාව

නවමෙ එකොති අදුතියො. වූපකට‍්ඨොති කායෙන ගණතො, චිත‍්තෙන කිලෙසෙහි වූපකට‍්ඨො විවෙකට‍්ඨො දූරීභූතො. අප‍්පමත‍්තොති සතිඅවිප‍්පවාසෙ ඨිතො. පහිතත‍්තොති පෙසිතත‍්තො. නිබ‍්බිදායාති වට‍්ටෙ උක‍්කණ‍්ඨනත්‍ථාය. විරාගායාති රාගාදීනං විරජ‍්ජනත්‍ථාය. නිරොධායාති අප‍්පවත‍්තිකරණත්‍ථාය. වූපසමායාති කිලෙසවූපසමාය අප‍්පවත‍්තියා. අභිඤ‍්ඤායාති තිලක‍්ඛණං ආරොපෙත්‍වා අභිජානනත්‍ථාය. සම‍්බොධායාති මග‍්ගසඞ‍්ඛාතස‍්ස සම‍්බොධස‍්ස අත්‍ථාය. නිබ‍්බානායාති නිබ‍්බානස‍්ස සච‍්ඡිකරණත්‍ථාය.

නවවැන්නෙහි එකො යනු නොදෙවැනි වූයේයි. වූපකට්ඨො යනු කයින් ද සමූහයාගෙන් සිතින් කෙලෙසුන්ගෙන් ද හුදෙකළාවූයේ වෙන්වූයේ දුරුවූයේයි, අප්පමත්තො යනු සිහියෙන් තොර නොවීමෙහි සිටියේයි, පහිතත්තො යනු අධිෂ්ඨාන පරවශවූයේයි, නිබ්බිදාය යනු භවයෙහි උකටලීවීම සඳහායි, විරාගාය යනු රාගාදියේ නොඇලීම සඳහායි, නිරොධාය යනු නොපැවැත්ම කරනු සඳහායි. වූපසමාය යනු කෙලෙස් සංසිඳීම සඳහායි, නොපැවැත්ම සඳහායි, අභිඤ්ඤාය යනු තිලකුණට නඟා මනාව දැනීම සඳහායි, සම්බොධාය යනු මාර්‍ගය නමැති සම්බෝධිය සඳහායි, නිබ්බානාය යනු නිවන පසක් කරනු සඳහායි.

10. අධිකරණසමථ සුත‍්තවණ‍්ණනා

10. අධිකරණසමථ සූත්‍ර වර්ණනාව

දසමෙ අධිකරණානි සමෙන‍්ති වූපසමෙන‍්තීති අධිකරණසමථා. උප‍්පන‍්නුප‍්පන‍්නානන‍්ති උප‍්පන‍්නානං උප‍්පන‍්නානං. අධිකරණානන‍්ති විවාදාධිකරණං අනුවාදාධිකරණං ආපත‍්තාධිකරණං කිච‍්චාධිකරණන‍්ති ඉමෙසං චතුන‍්නං. සමථාය වූපසමායාති සමථත්‍ථඤ‍්චෙව වූපසමනත්‍ථඤ‍්ච. සම‍්මුඛාවිනයො දාතබ‍්බො…පෙ… තිණවත්‍ථාරකොති ඉමෙ සත‍්ත සමථා දාතබ‍්බා. තෙසං විනිච‍්ඡයො විනයසංවණ‍්ණනතො (චූළව· අට‍්ඨ· 186-187 ආදයො) ගහෙතබ‍්බො. අපිච දීඝනිකායෙ සඞ‍්ගීතිසුත‍්තවණ‍්ණනායම‍්පි (දී· නි· අට‍්ඨ· 3.331 අධිකරණසමථසත‍්තකවණ‍්ණනා) විත්‍ථාරිතොයෙව, තථා මජ‍්ඣිමනිකායෙ සාමගාමසුත‍්තවණ‍්ණනායාති (ම· නි· අට‍්ඨ· 3.46).

දසවැන්නෙහි අධිකරණයන් සමනය කරත් සංසිඳවත්නුයි අධිකරණසමථා නමි. උප්පන්නුප්පන්නානං යනු උපන්නා වූ උපන්නාවූයි, අධිකරණානං යනු විවාදාධිකරණ අනුවාදාධිකරණ කිච්චාධිකරණ ආපත්තාධිකරණ යන මේ සතරේයි, සමථාය වූපසමාය යන සමනය කරනු සඳහා ද සංසිඳවනු සඳහා ද වේ. සම්මුඛාවිනයො දාතබ්බො -පෙ- තිණවත්‍ථාරකො යනු මේ සප්ත සමථයෝ දියයුත්තාහ. ඒවා විසඳන ක්‍රමය විනය වර්‍ණනාවෙන් ගතයුතුය. තව ද දීඝනිකායෙහි සංගීති සූත්‍ර වර්‍ණනාවෙහි ද විස්තර කරන ලද්දේමය. එසේ මජ්ඣිම නිකායෙහි සාමගාම සූත්‍රවර්‍ණනායෙහි ද වේ.

විනයවග‍්ගො අට‍්ඨමො.

අටවැනි වූ විනයධර වර්‍ගයයි.

ඉතො පරානි සත‍්ත සුත‍්තානි උත‍්තානත්‍ථානෙව. න හෙත්‍ථ කිඤ‍්චි හෙට‍්ඨා අවුත‍්තනයං නාම අත්‍ථීති.

මෙයින් අන්‍ය වූ සූත්‍ර සත පැහැදිලි අරුත් ඇත්තේමය. මෙහි කිසිවක් යට නොකියන ලද ක්‍රමයක් නම් නොමැත.

මනොරථපූරණියා අඞ‍්ගුත‍්තරනිකාය-අට‍්ඨකථාය සත‍්තකනිපාතස‍්ස සංවණ‍්ණනා නිට‍්ඨිතා.

මනොරථපූරණී නම්වූ අංගුත්තරනිකායට්ඨකථාවෙහි සත්තක නිපාත වර්‍ණනාව නිමියේයි.