සත්ථුසාසන සුත්තං
7. 2. 3. 9.
7. 2. 3. 9.
[සත්ථුසාසන සුත්තං]
[සත්ථුසාසන සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
30. අථ ඛො ආයස්මා උපාලි, යෙන භගවා තෙනුපසඞ්කමි. තෙනුපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා උපාලි භගවන්තං එතදවොච:
30. එක්බිති ආයුෂ්මත් උපාලි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පස්හි හුන්හ. එකත්පස්හි හුන් ආයුෂ්මත් උපාලි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළහ:
සාධු මෙ භන්තෙ, භගවා සඞ්ඛිත්තෙන ධම්මං දෙසෙතු යං අහං භගවතො ධම්මං සුත්වා එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරෙය්යන්ති.
වහන්ස, යම් හෙයෙකින් මම භාග්‍යවතුන් වහන්සේගේ දහම් අසා ඒකාකියෙම් ව්යපකර්ෂ ඇත්තේ අප්රමත්තයෙම්, කෙලෙස් තවන වැර ඇතියෙම්, ප්රහිතාත්මයෙම් වෙසෙම් නම්, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට එපරිද්දෙන් සැකෙවින් දහම් දෙසනසේක් නම් මැනැවැ.
යෙ ඛො ත්වං උපාලි ධම්මෙ ජානෙය්යාසි “ඉමෙ ධම්මා න එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තන්තී”ති, එකංසෙනුපාලි ධාරෙය්යාසි: නෙසො ධම්මො, නෙසෙ විනයො, නෙතං සත්ථුසාසනන්ති. යෙ ච ඛො ත්වං උපාලි, ධම්මෙ ජානෙය්යාසි: “ඉමෙ ධම්මා එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තන්තී”ති, එකංසෙනුපාලි, ධාරෙය්යාසි: එසො ධම්මො, එසො විනයො, එතං සත්ථුසාසනන්ති.
උපාලියෙනි, “මේ ධර්මයෝ ඒකාන්ත නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, ක්ලේශව්‍යපශමය පිණිස විශිෂ්ටඥානය පිණිස, චතුර්මාර්ගඥානසම්බෝධිය පිණිස නිර්වාණය පිණිස නො පවත්නාහ”යි තෝ යම් ධර්ම කෙනෙකුන් දනිහි නම්, උපාලියෙනි තෙල ධර්ම නො වෙයි, තෙල විනය නොවේ. තෙල ශාස්තෘශාසනය නොවේ යයි ඒකාන්තයෙන් දනුවයි. උපාලියෙනි, මෙ දහම්හු ඒකාන්ත නිර්වේදය සඳහා විරාගය සඳහා නිරෝධය සඳහා ක්ලේශව්‍යපශමය සඳහා අභිඥානය සඳහා සම්බෝධිය සඳහා නිර්වාණය සඳහා පවත්නාහයි තෝ යම් ධර්ම කෙනෙකුන් දනිහි නම්, උපාලියෙනි, තෙල ධර්මය වේ, තෙල විනය වේ, තෙල ශාස්තෘශාසනය වේ යයි ඒකාන්තයෙන් ධරවයි.