යෙදුමෙන් කියවන්න

පඨම විනයධර සුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

7. 2. 3. 1.

7. 2. 3. 1.

[පඨම විනයධර සුත‍්තං]

[ප්‍රථම විනයධර සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

22. සත‍්තහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු විනයධරො හොති. කතමෙහි සත‍්තහි:

22. මහණෙනි ධර්‍ම සතෙකින් යුක්ත වූ මහණ විනයධර වෙයි. කවර සතෙකින යත්:

ආපත‍්තිං ජානාති. අනාපත‍්තිං ජානාති. ලහුකං ආපත‍්තිං ජානාති. ගරුකං ආපත‍්තිං ජානාති. සීලවා හොති පාතිමොක‍්ඛසංවරසංවුතො විහරති, ආචාරගොචරසම‍්පන‍්නො අණුමත‍්තෙසු වජ‍්ජෙසු භයදස‍්සාවී, සමාදාය සික‍්ඛති සික‍්ඛාපදෙසු චතුන‍්නං ඣානානං ආභිචෙතසිකානං දිට‍්ඨධම‍්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච‍්ඡලාභී අකසිරලාභී. ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති.

ආපත්තිය දන්නේ ය. අනාපත්තිය දන්නේ ය. ලහුකාපත්තිය දන්නේ ය. ගරුකාපත්තිය දන්නේ ය. පාමොක් සංවර සීලයෙන් සංවෘත වූයේ සිල්වත් වෙයි, ආචාරගෝචරසම්පන්න වූයේ අණුමාත්‍ර වරදෙහි දු භය දක්නා සුලුයේ වාසය කරයි, සමාදන් කොට ගෙණ සිකපෙදෙහි හික්මෙයි. ආභිචේතසික වූ දිට්ඨධම්මසුඛවිහාර වූ සතර ධ්‍යානයන් නිදුකින් ලබන්නේ කැමති සේ ලබන්නේ පහසුවෙන් ලබන්නේ වෙයි. ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එළැඹ වෙසෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ, සත‍්තහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු විනයධරො හොතීති.

මහණෙනි, මෙ කරුණු සතින් සමන්‍වාගත මහණ විනයධර වේ යයි.

7. 2. 3. 2.

7. 2. 3. 2.

[දුතිය විනයධර සුත‍්තං]

[දෙවෙනි විනයධර සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

23. සත‍්තහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු විනයධරො හොති. කතමෙහි සත‍්තහි:

23. මහණෙනි, කරුණු සතෙකින් සමන්‍වාගත මහණ විනයධර වෙයි. කවර සතෙකින යත්:

ආපත‍්තිං ජානාති. අනාපත‍්තිං ජානාති. ලහුකං ආපත‍්තිං ජානාති. ගරුකං ආපත‍්තිං ජානාති. උභයානි ඛො පනස‍්ස පාතිමොක‍්ඛානි විත්‍ථාරෙන ස‍්වාගතානි හොන‍්ති සුවිභත‍්තානි සුප‍්පවත‍්තීනි සුවිනිච‍්ඡිතානි සුත‍්තසො අනුබ්‍යඤ‍්ජනසො. චතුන‍්නං ඣානානං ආභිචෙතසිකානං දිට‍්ඨධම‍්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච‍්ඡලාභී අකසිරලාභී. ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙවධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති.

ඇවැත් දන්නේ ය. අනාපත්ති දන්නේ ය. ලුහු ඇවැත දන්නේ ය. ගුරුඇවැත දන්නේ ය. උභය ප්‍රාතිමොක්‍ෂයෝ ඔහු විස්තර විසින් සුවිභක්ත වූවාහු මොනොවට පවත්නාහු සූත්‍ර විසිනුදු අනුව්‍යඤ්ජන (ඛන්‍ධක පරිවාර) විසිනුදු සුවිනිච්ඡිත වූවාහු ස්වාගත (ප්‍රගුණ) වෙත්. ආභිචේතසික වූ දිට්ඨධම්මසුඛවිහාර වූ සතර ධ්‍යානයන් නිදුකින් ලබන සුලුයේ කැමැතිසේ ලබනුයේ පහසුයෙන් ලබන සුලුයේ වෙයි. ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට පැමිණ වාසය කරන්නේ ය.

ඉමෙහි ඛො භික‍්ඛවෙ, සත‍්තහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු විනයධරො හොතීති.

මහණෙනි, මෙ කරුණු සතින් සමන්‍වාගත වූ මහණ විනයධර වේ ය යි.

7. 2. 3. 3.

7. 2. 3. 3.

[තතිය විනයධර සුත‍්තං]

[තෙවෙනි විනයධර සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

24. සත‍්තහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු විනයධරො හොති. කතමෙහි සත‍්තහි:

24. මහණෙනි, කරුණු සතෙකින් සමන්‍වාගත මහණ විනයධර වෙයි. කවර සතෙකින යත්:

ආපත‍්තිං ජානාති. අනාපත‍්තිං ජානාති. ලහුකං ආපත‍්තිං ජානාති. ගරුකං ආපත‍්තිං ජානාති. විනයෙ ඛො පන ඨිතො හොති අසංහීරො. චතුන‍්නං ඣානානං ආභිචෙතසිකානං දිට‍්ඨධම‍්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච‍්ඡලාභී අකසිරලාභී. ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති.

ආපත්තිය දන්නේ ය. අනාපත්තිය දන්නේ ය. ලහුකාපත්තිය දන්නේ ය. ගරුකාපත්තිය දන්නේ ය. විනයෙහි සිටියේ අසංහීර (ලබ්ධියෙහි ස්ථිර-නිසැක) වෙයි. ආභිචේතසික වූ දිට්ඨධම්මසුඛවිහාර වූ සතරධ්‍යානයන් නිදුකින් ලබන්නේ, කැමැතිසේ ලබන්නේ, සුවසේ ලබන්නේ වෙයි. ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට එළැඹ වාසය කරයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ, සත‍්තහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු විනයධරො හොතීති.

මහණෙනි, මෙ කරුණු සතින් යුත් මහණ තෙම විනයධර වේ ය යි.

7. 2. 3. 4.

7. 2. 3. 4.

[චතුත්‍ථ විනයධර සුත‍්තං]

[සිව්වන විනයධර සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

25. සත‍්තහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු විනයධරො හොති. කතමෙහි සත‍්තහි:

25. මහණෙනි, කරුණු සතෙකින් සමන්‍වාගත වූ මහණ විනයධර වේ. කවර සතෙකින යත්:

ආපත‍්තිං ජානාති. අනාපත‍්තිං ජානාති. ලහුකං ආපත‍්තිං ජානාති. ගරුකං ආපත‍්තිං ජානාති. අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරති. සෙය්‍යථීදං: එකම‍්පි ජාතිං ද‍්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද‍්දෙසං අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරති. දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන -පෙ- යථාකම‍්මූපගෙ සත‍්තෙ පජානාති. ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති.

ආපත්තිය දන්නේ ය. අනාපත්තිය දන්නේ ය. ලහුකාපත්තිය දන්නේ ය. ගරුකාපත්තිය දන්නේ ය. අනේකවිධ වූ පෙරවිසූ කඳපිළිවෙළ සමරනේ ය. එ කෙසේ ය යත්: එක් දැයකුදු, දෙ දැයකුදු ... මෙසේ ආකාරසහිත වූ උද්දේස සහිත වූ අනේකවිධ වූ පූර්‍වනිවාසය අනුස්මරණ කෙරෙයි. විශුද්ධ වූ මිනිසැස ඉක්මගිය දිව්‍යචක්‍ෂුසින් යථාකර්මෝපගසත්ත්‍වයන් දක්නේ ය. ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එළැඹ වෙසෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ, සත‍්තහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු විනයධරො හොතීති.

මහණෙනි, මේ සත් කරුණින් සමන්‍වාගත මහණ විනයධර වේ ය යි.

7. 2. 3. 5.

7. 2. 3. 5.

[පඨම විනයධරසොභන සුත‍්තං]

[ප්‍රථම විනයධර සෝභන සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

26. සත‍්තහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු විනයධරො සොභති. කතමෙහි සත‍්තහි:

26. මහණෙනි, කරුණු සතෙකින සමන්‍වාගත මහණ විනයධර වූයේ හොබනේ ය. කවර සතෙකින යත්:

ආපත‍්තිං ජානාති, අනාපත‍්තිං ජානාති, ලහුකං ආපත‍්තිං ජානාති, ගරුකං ආපත‍්තිං ජානාති, සීලවා හොති -පෙ- සමාදාය සික‍්ඛති සික‍්ඛාපදෙසු, චතුන‍්නං ඣානානං -පෙ- අකසිරලාභී, ආසවානං ඛයා -පෙ- සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති.

ආපත්තිය දන්නේ ය. අනාපත්තිය දන්නේ ය. ලහුකාපත්තිය දන්නේ ය. ගරුකාපත්තිය දන්නේ ය ... සිල්වත් වෙයි … ශික්‍ෂාපදයන්හි සමාදන් කොට ගෙණ හික්මෙයි. සතර ධ්‍යානයන් ... සුවසේ ලබනුයේ වෙයි. ආස්‍රවක්‍ෂයයෙන් ... සාක්‍ෂාත් කොට ගෙන එළැඹ වාසය කරයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ, සත‍්තහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු විනයධරො සොභතීති.

මහණෙනි, මේ ධර්‍ම සතින් සමන්‍වාගත මහණ විනයධර වූයේ හොබනේ ය.

7. 2. 3. 6.

7. 2. 3. 6.

[දුතිය විනයධරසොභන සුත‍්තං]

[දෙවෙනි විනයධර සෝභන සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

27. සත‍්තහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු විනයධරො සොභති. කතමෙහි සත‍්තහි:

27. මහණෙනි, ධර්‍ම සතෙකින් සමන්‍වාගත වූ මහණ විනයධර වූයේ හොබනේ ය. කවර සතෙකින යත්:

ආපත‍්තිං ජානාති, අනාපත‍්තිං ජානාති, ලහුකං ආපත‍්තිං ජානාති, ගරුකං ආපත‍්තිං ජානාති. උභයානි ඛො පනස‍්ස පාතිමොක‍්ඛානි විත්‍ථාරෙන ස‍්වාගතානි හොන‍්ති සුවිභත‍්තානි සුප‍්පවත‍්තීනි සුවිනිච‍්ඡිතානි සුත‍්තසො අනුබ්‍යඤ‍්ජනසො. චතුන‍්නං ඣානානං -පෙ- අකසිරලාභී, ආසවානං ඛයා -පෙ- සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති.

ආපත්තිය දන්නේ ය. අනාපත්තිය දන්නේ ය. ලහුකාපත්තිය දන්නේ ය. ගරුකාපත්තිය දන්නේ ය. උභය ප්‍රාතිමොක්‍ෂයෝ ඔහු විසින් විතර විසින් සුවිභක්ත වූවාහු මොනොවට පවත්නාහු සූත්‍ර වශයෙනුදු අනුව්‍යඤ්ජන වශයෙනුදු සුවිනිච්ඡිත වූවාහු ස්වාගත වෙත්. සතර ධ්‍යානයන් ... අකසිරලාභී වෙයි. ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් ... සාක්‍ෂාත් කොට එයට පැමිණ වාසය කරයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ, සත‍්තහි ධම‍්මෙහි සමන‍්නාගතො විනයධරො සොභතීති.

මහණෙනි, මේ ධර්‍ම සතින් සමන්‍වාගත මහණ විනයධර වූයේ හොබනේ ය යි.

7. 2. 3. 7.

7. 2. 3. 7.

[තතියවිනයධරසොභන සුත‍්තං]

[තෙවැනි විනයධර සෝභන සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

28. සත‍්තහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො විනයධරො සොභති. කතමෙහි සත‍්තහි:

28. මහණෙනි, කරුණු සතෙකින් සමන්‍වාගත විනයධර හොබනේ ය. කවර සතෙකින යත්:

ආපත‍්තිං ජානාති. අනාපත‍්තිං ජානාති. ලහුකං ආපත‍්තිං ජානාති. ගරුකං ආපත‍්තිං ජානාති. විනයෙ ඛො පන ඨිතො හොති අසංහීරො. චතුන‍්නං ඣානානං -පෙ- අකසිරලාභී. ආසවානං ඛයා -පෙ- සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති.

ආපත්තිය දන්නේ ය. අනාපත්තිය දන්නේ ය. ලහුකාපත්තිය දන්නේ ය. ගරුකාපත්තිය දන්නේ ය. විනයෙහි සිටියේ අසංහීර වෙයි. සතර ධ්‍යානයන් ... අකසිරයෙන් ලබන සුලුයේ වෙයි. ආස්‍රවක්‍ෂයෙන් ... සාක්‍ෂාත් කොට එළැඹ වෙසෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ, සත‍්තහි ධම‍්මෙහි සමන‍්නාගතො විනයධරො සොභතීති.

මහණෙනි, මෙ කරුණු සතින් සමන්‍වාගත විනයධර හොබනේ ය යි.

7. 2. 3. 8.

7. 2. 3. 8.

[චතුත්‍ථවිනයධරසොභන සුත‍්තං]

[සිවුවන විනයධර සෝභන සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

29. සත‍්තහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො විනයධරො සොභති. කතමෙහි සත‍්තහි:

29. මහණෙනි, ධර්‍ම සතෙකින් සමන්‍වාගත විනයධර හොබනේ ය. කවර සතෙකින යත්:

ආපත‍්තිං ජානාති. අනාපත‍්තිං ජානාති. ලහුකං ආපත‍්තිං ජානාති. ගරුකං ආපත‍්තිං ජානාති. අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරති. සෙය්‍යථීදං: එකම‍්පි ජාතිං ද‍්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද‍්දෙසං අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරති. දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන -පෙ- යථාකම‍්මූපගෙ සත‍්තෙ පජානාති. ආසවානං ඛයා -පෙ- සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති.

ආපත්තිය දන්නේ ය. අනාපත්තිය දන්නේ ය. ලහුකාපත්තිය දන්නේ ය. ගරුකාපත්තිය දන්නේ ය. අනේකවිධ පූර්‍වනිවාස සිහි කෙරෙයි: එ කෙසේය යත්: එක් දැයකුදු, දෙ දැයකුදු ... මෙසේ සාකාර කොට උද්දේස සහිත කොට අනේකවිධ පූර්‍වනිවාසය සිහි කෙරෙයි. විශුද්ධ වූ මිනිසැස ඉක්ම ගියා වූ දිවැස්නැණින් ... යථාකර්මෝපග සත්ත්‍වයන් දන්නේ ය. ආස්‍රක්‍ෂයයෙන් ... සාක්‍ෂාත් කොට එයට පැමිණ වෙසෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ, සත‍්තහි ධම‍්මෙහි සමන‍්නාගතො විනයධරො සොභතීති.

මහණෙනි, මෙ කරුණු සතින් සමන්‍වාගත විනයධර හොබනේ ය යි.