අරකසුත්තං
7. 2. 2. 10.
7. 2. 2. 10.
[අරකසුත්තං]
[අරක සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
21. භූතපුබ්බං භික්ඛවෙ, අරකො නාම සත්ථා අහොසි, තිත්ථකරො කාමෙසු වීතරාගො: අරකස්ස ඛො පන භික්ඛවෙ, සත්ථුනො අනෙකානි සාවකසතානි අහෙසුං. අරකො සත්ථා සාවකානං එවං ධම්මං දෙසෙති: අප්පකං බ්රාහ්මණා, ජීවිතං මනුස්සානං පරිත්තං ලහුකං බහුදුක්ඛං බහුපායාසං මන්තාය බොද්ධබ්බං කත්තබ්බං කුසලං, චරිතබ්බං බ්රහ්මචරියං. නත්ථි ජාතස්ස අමරණං.
21. මහණෙනි, පෙර වූවක් කියමි. තීර්‍ත්‍ථකර වූ කාමයන්හි වීතරාගී වූ අරක නම් ශාස්තෘවරයෙක් විය. මහණෙනි, අරක ශාස්තෘහට අනේකශත ශ්‍රාවකයෝ වූහ. අරක ශාස්තෘ සව්වනට මෙසෙයින් දම් දෙසයි: බ්‍රාහ්මණයෙනි, මනුෂ්‍යයන්ගේ ජීවිතය ස්වල්ප ය, පරිත්ත ය, ඉතා ලඝු ය. බොහෝ දුක් ඇතියේ ය, බොහෝ උපායාස ඇතියේ ය. ප්‍රඥායෙන් එ දත යුතු ය. කුශලය කටයුතු ය. බ්‍රහ්මචර්‍ය්‍යය සැරිය යුතු ය. උපන්නහුනට අමරණයෙක් නැත.
සෙය්යථාපි බ්රාහ්මණා, තිණග්ගෙ උස්සාවබින්දු සුරියෙ උග්ගච්ඡන්තෙ ඛිප්පමෙව පටිවිගච්ඡති න චිරට්ඨිතිකං හොති, එවමෙව ඛො බ්රාහ්මණා, උස්සාවබින්දුපමං ජීවිතං මනුස්සානං පරිත්තං ලහුකං බහුදුක්ඛං බහූපායාසං, මන්තාය බොද්ධබ්බං. කත්තබ්බං කුසලං, චරිතබ්බං බ්රහ්මචරියං. නත්ථි ජාතස්ස අමරණං.
බ්‍රාහ්මණයෙනි, තණග පිනිබිඳ යම් සේ හිරුඋදාවත්ම වහා නො පැණීයේ ද, චිරස්ථායී නො වේ ද, බ්‍රාහ්මණයෙනි, එපරිද්දෙන් ම තණග පිනිබිඳ උපමා කොට ඇති මිනිසුන්ගේ ජීවිතය පරිත්ත වෙයි. ලඝු වෙයි. බොහෝ දුක් ඇති වෙයි. බොහෝ දැඩි ආයාස ඇතියේ වෙයි. ප්‍රඥායෙන් දතයුතු ය. කුසල් කටයුතු ය. බඹසර සැරිය යුතු ය. උපන්නාහට අමරණයෙක් නැත.
සෙය්යථාපි බ්රාහ්මණා, ථුල්ලඵුසිතකෙ දෙවෙ වස්සන්තෙ උදකබුබ්බූළං ඛිප්පමෙව පටිවිගච්ඡති න චිරට්ඨිතිකං හොති, එවමෙව ඛො බ්රාහ්මණා, උදකබුබ්බූළූපමං ජීවිතං මනුස්සානං පරිත්තං ලහුකං බහුදුක්ඛං බහූපායාසං, මන්තාය බොද්ධබ්බං. කත්තබ්බං කුසලං චරිතබ්බං බ්රහ්මචරියං. නත්ථි ජාතස්ස අමරණං.
බ්‍රාහ්මණයෙනි, දළපොද ඇති වැසි වස්නා කල්හි දියබුබුළු වහා නො පැණි යේ ද, චිරස්ථිතික නො වේ ද, බ්‍රාහ්මණයෙනි, එපරිද්දෙන් ම දියබුබුළක් බඳු මනුෂ්‍යයන්ගේ ජීවිතය පරිත්ත වෙයි. ලඝු වෙයි. බොහෝ දුක් ඇති වෙයි. බොහෝ ආයාස ඇති වෙයි. ප්‍රඥායෙන් දතයුතු ය. කුසල් කටයුතු ය. බඹසර සැරිය යුතු ය. උපන්නාහට නො මැරීමෙක් නැත.
සෙය්යථාපි බ්රාහ්මණා, උදකෙ දණ්ඩරාජී ඛිප්පං යෙව පටිවිගච්ඡති, න චිරට්ඨිතිකා හොති, එවමෙව ඛො බ්රාහ්මණා, උදකෙ දණ්ඩ රාජූපමං ජීවිතං මනුස්සානං පරිත්තං -පෙ- නත්ථි ජාතස්ස අමරණං.
බ්‍රාහ්මණයෙනි, දියෙහි දඬින් ඇඳි ඉර යම්සේ වහා නො පැණී යේ ද, චිරස්ථික නො වේ ද, බ්‍රාහ්මණයෙනි, එසෙයින් ම දියෙහි දණ්ඩරාජිය බඳු මනුෂ්‍යයන්ගේ ජීවිතය ... උපන්නාහට නො මැරීමෙක් නැත.
සෙය්යථාපි බ්රාහ්මණා, නදී පබ්බතෙය්යා දූරඞ්ගමා සීඝසොතා හාරහාරීනී නත්ථි සො ඛණො වා ලයො වා මුහුත්තො වා යං සාථරති, අථ ඛො සා ගච්ඡතෙව වත්තතෙව සන්දතෙව, එවමෙව ඛො බ්රාහ්මණා, නදීපබ්බතෙය්යුපමං ජීවිතං මනුස්සානං -පෙ- නත්ථි ජාතස්ස අමරණං.
බ්‍රාහ්මණයෙනි, පර්වතයෙහි හටගත් දුරඞ්ගම වූ ශීඝ්‍ර ස්‍රෝතස් ඇති හසු වු හැම දැ ගසාගෙණ යන නදිය යම්සේ ද, යම් හෙයකින් ඕ නවතී නම් එබඳු ක්ෂණයෙක් හෝ ලයෙක් හෝ මුහුර්තයෙක් හෝ නැත. වැලිත් ඕ ගමන් කරන්නී ම වෙයි, පවත්නී ම වෙයි, ගලාබස්නී ම වෙයි. බ්‍රාහ්මණයෙනි, එපරිද්දෙන් ම පාර්වතීය නදියක් බඳු මනුෂ්‍යයන්ගේ ජීවිතය ජාතයාහට නො මරීමෙක් නැත.
සෙය්යථාපි බ්රාහ්මණා, බලවා පුරිසො ජිව්හග්ගෙ ඛෙළපිණ්ඩං සඤ්ඤුහිත්වා අප්පකසිරෙනෙව වමෙය්ය, එවමෙව ඛො බ්රාහ්මණා ඛෙලපිණ්ඩූපමං ජීවිතං මනුස්සානං පරිත්තං -පෙ- නත්ථි ජාතස්ස අමරණං
බ්‍රාහ්මණයෙනි, යම් සේ බලවත් පුරුෂයෙක් දිවග කෙළපිඩක් රැස් කොට නිදුකින් ම වමාරා නම්, බ්‍රාහ්මණයෙනි, එලෙසින් ම කෙළපිඩක් බඳු මිනිසුන්ගේ ජීවිතය පරිත්ත වෙයි ... ජාතයකුහට අමරණයෙක් නැත.
සෙය්යථාපි බ්රාහ්මණා, දිවසසංතත්තෙ අයොකටාහෙ මංසපෙසී පක්ඛිත්තා ඛිප්පංයෙව පටිවිගච්ඡති, න චිරට්ඨිතිකා හොති, එවමෙව ඛො බ්රාහ්මණා, මංසපෙසූපමං ජීවිතං මනුස්සානං -පෙ- නත්ථි ජාතස්ස අමරණං.
බ්‍රාහ්මණයෙනි, යම්සේ දවසක් තැවුනු යකබලෙක්හි මස් පිඩක් බහන ලදුයේ වහා නො පැණීයේ නම්, චිරස්ථිතික නො වේ නම්, බ්‍රාහ්මණයෙනි, එසෙයින් ම මනුෂ්‍යයන්ගේ ජීවිතය මාංසපේශියක් උපමා කොට ඇත ... ජාතයකුහට අමරණයෙක් නැත.
සෙය්යථාපි බ්රාහ්මණා, ගාවී වජ්ඣා ආඝාතනං නීයමානා යඤ්ඤදෙව පාදං උද්ධරති සන්තිකෙව හොති වධස්ස සන්තිකෙව මරණස්ස, එවමෙව ඛො බ්‍රාහ්මණ, ගාවී වජ්ඣූපමං ජීවිතං මනුස්සානං පරිත්තං ලහුකං බහුදුක්ඛං බහූපායාසං මන්තාය බොද්ධබ්බං. කත්තබ්බං කුසලං, චරිතබ්බං බ්රහ්මචරියං, නත්ථි ජාතස්ස අමරණන්ති.
බ්‍රාහ්මණයෙනි, යම් සේ වධයට නියත වූ දෙනක් වධස්ථලය කරා ගෙණ යනු ලබන්නී යම් ම පාදයක් ඔසවා නම්, වධයටම සමීප වෙයි. මරණයට ළංවූවා ම වෙයි. බ්‍රාහ්මණයෙනි, එසෙයින් ම වධයට නියත දෙනක උපමා කොට ඇති මනුෂ්‍යයන්ගේ ජීවිතය පරිත්ත වෙයි. ඉතා ලුහු වෙයි. බොහෝ දුක් ඇති වෙයි. බොහෝ උපායාස ඇති වෙයි. ප්‍රඥායෙන් දතයුතු වෙයි. කුශලය කටයුතු ය, බඹසර සැරිය යුතු. ජාතයාහට අමරණයෙක් නැත.
තෙන ඛො පන භික්ඛවෙ සමයෙන මනුස්සානං සට්ඨිවස්සසහස්සානි ආයුප්පමාණං අහොසි. පඤ්චවස්සසතිකා කුමාරිකා අලම්පතෙය්යා අහොසි. තෙන ඛො පන භික්ඛවෙ, සමයෙන මනුස්සානං ඡළෙව ආබාධා අහෙසුං: සීතං, උණ්හං, ජිගච්ඡා, පිපාසා, උච්චාරො, පස්සාවො. සො හි නාම භික්ඛවෙ, අරකො සත්ථා එවං දීඝායුකෙසු මනුස්සෙසු එවං චිරට්ඨිතිකෙසු එවං අප්පාබාධෙසු සාවකානං එවං ධම්මං දෙසෙස්සති:
මහණෙනි, එ සමයෙහි මිනිසුනට හවුරුදු සැටදහසක් ආයු ප්‍රමාණ විය. පන්සිය හවුරුදු වියපත් කුමරිය පතිකුල යෑමට නිසි වූ ය. මහණෙනි, එසමයෙහි මිනිසුනට ආබාධයෝ සයක් පමණක් ම ඇති වූහ: ශීතය, උෂ්ණ ය, සා ය, පවස ය, මලාපහරණ ය, ප්රස්රාවාපහරණ යයි. මහණෙනි, එබඳු වූ ම අරක ශාස්තෘ මෙසේ දීර්ඝායුෂ්ක වු මෙසේ චිරස්ථිතික වූ මෙසේ අල්පාබාධා වූ මනුෂ්‍යයන් අතුරෙහි සව්වනට මෙසේ දම් දෙසී ය.
”අප්පකං බ්රාහ්මණා, ජීවිතං මනුස්සානං පරිත්තං ලහුකං බහුදුක්ඛං බහූපායාසං මන්තාය බොද්ධබ්බං. කත්තබ්බං කුසලං, චරිතබ්බං බ්රහ්මචරියං. නත්ථි ජාතස්ස අමරණ”න්ති.
“බ්‍රාහ්මණයෙනි, මනුෂ්‍යයන්ගේ ජීවිතය ඉතා අල්ප වෙයි. ස්වල්ප වෙයි. ඉතා ලුහු වෙයි. බොහෝ දුක් ඇතියේ වෙයි. බොහෝ උපායාසය ඇතියේය. ප්‍රඥායෙන් දතයුතු ය. කුසල් කටයුතු ය, බඹසර සැරිය යුතු ය, ජාතයාහට අමරණයෙක් නැතැයි.”
එතරහි ඛො තං භික්ඛවෙ, සම්මා වදමානො වදෙය්ය අප්පකං ජීවිතං මනුස්සානං පරිත්තං ලහුකං බහුදුක්ඛං බහූපායාසං මන්තාය බොද්ධබ්බං. කත්තබ්බං කුසලං, චරිතබ්බං බ්රහ්මචරියං. නත්ථි ජාතස්ස අමරණන්ති. එතරහි ඛො භික්ඛවෙ, යො චිරං ජීවති, සො වස්සසතං අප්පං වා භිය්යො වා.
මහණෙනි, මේ කල්හි මනා කොට කියනුයේ “මනුෂ්‍යයන්ගේ ජීවිතය අල්ප වෙයි. ස්වල්ප වෙයි. ඉතා ලුහු වෙයි. බොහෝ දුක් ඇති වෙයි. බොහෝ උපායාස ඇති වෙයි. ප්‍රඥායෙන් දතයුතු ය. කුසල් කටයුතු ය, බඹසර සැරියයුතු ය. ජාතයාහට අමරණයෙක් නැත.” මහණෙනි, මෙකල්හි යමෙක් බොහෝ කලක් ජීවත් වේ නම්, හෙ වර්ෂ ශතයක් හෝ ඉන් අල්පයක් වැඩිය හෝ ජීවත් වෙයි.
වස්සසතං ඛො පන භික්ඛවෙ, ජීවන්තො තීණියෙව උතුසතානි ජීවති: උතුසතං හෙමන්තානං, උතුසතං ගිම්හානං, උතුසතං වස්සානං. තීණි ඛො පන භික්ඛවෙ, උතුසතානි ජීවන්තො ද්වාදසයෙව මාසසතානි ජීවති: චත්තාරි මාසසතානි හෙමන්තානං, චත්තාරි මාසසතානි ගිම්හානං, චත්තාරි මාසසතානි වස්සානං. ද්වාදසං ඛො, පන භික්ඛවෙ, මාසසතානි ජීවන්තො චතුවීසතිං එව අද්ධමාස සතානි ජීවති: අට්ඨද්ධ මාසසතානි හෙමන්තානං අට්ඨද්ධමාසසතානි ගිම්හානං, අට්ඨද්ධමාසසතානි වස්සානං.
මහණෙනි, සියක් වස් දිවි වටනුයේ හේමන්ත ඍතු සියක් හා ග්‍රීෂ්ම ඍතු සියක් හා වර්ෂා ඍතු සියක් හා ඍතු තුන් සියයක් ම දිවි වටනේ ය. මහණෙනි, ඍතු තුන්සියක් දිවි වටනුයේ හේමන්ත මාස සාරසියයක් හා ග්‍රීෂ්ම මාස සාරසියයක් හා වර්ෂා මාස සාරසියක් හා දොළොස් සියමසක් ම දිවි වටනේ ය. මහණෙනි, දොළොස් සියමස් දිවි වටනුයේ අටසියක් හිමත් අඩමස් හා, අටසියක් ගිමන් අඩමස් හා අටසියක් වැසි අඩමස් හා සූවිසි සියක් අඩමස් වසනේ ය.
චතුවීසතිං ඛො පන භික්ඛවෙ, අට්ඨද්ධමාසසතානි ජීවන්තො ඡත්තිංසංයෙව රත්ති සහස්සානි ජීවති: ද්වාදස රත්තිසහස්සානි හෙමන්තානං, ද්වාදසරත්තිසහස්සානි ගිම්හානං, ද්වාදසරත්තිසහස්සානි වස්සානං. ඡත්තිංසං ඛො පන භික්ඛවෙ, රත්ති සහස්සානි ජීවන්තො ද්වෙසත්තතිං එව භත්තසහස්සානි භුඤ්ජති: චතුවීසති භත්තසහස්සානි හෙමන්තානං, චතුවීසති භත්තසහස්සානි ගිම්හානං, චතුවීසති භත්තසහස්සානි වස්සානං සද්ධිං මාතුථඤ්ඤාය, සද්ධිං භත්තන්තරාය. තත්රිමෙ භත්තන්තරායා: කුපිතොපි භත්තං න භුඤ්ජති, දුක්ඛිතොපි භත්තං න භුඤ්ජති, ව්යාධිතොපි භත්තං න භුඤ්ජති, උපොසථිකොපි භත්තං න භුඤ්ජති, අලාභකෙනපි භත්තං න භුඤ්ජති.
මහණෙනි, සූවිසි අඩමස් සියක් දිවි වටනුයේ හිමත් රෑ දොළොස් දහසක් හා, ගිමන් රෑ දොළොස් දහසක් හා, වැසිකල් රෑ දොළොස් දහසක් හා, සතිස් රෑ දහසක් ජීවත් වන්නේ ය. මහණෙනි, සතිස් රෑ දහසක් දිවි වටනුයේ හිමත් බත් සූවිසිදහසක් හා, ගිමන් බත් සූවිසිදහසක් හා, වැසිකල් බත් සූවිසිදහසක් හා, මවුකිරි හා භක්තාන්තරාය ද ගෙණ දෙසැත්තෑ බත් දහසක් දිවි වටනේ ය. එහි භක්තාන්තරායයෝ නම් මොහු යැ: කිපියේ ද බත් නො බුදුනේ ය. දුකට පත් වූයේ ද බත් නො බුදුනේ ය. රෝගී වූයේ ද බත් නො බුදුනේ ය. පෙහෙවස් ඇතියේ ද බත් නො බුදුනේ ය. අලාභයෙකිනුදු බත් නො බුදුනේ ය.
ඉති ඛො භික්ඛවෙ, මයා වස්සසතායුකස්ස මනුස්සස්ස ආයුපි සඞ්ඛාතං, ආයුප්පමාණම්පි සඞ්ඛාතං, උතුපි සඞ්ඛාතා, සංවච්ඡරාපි සඞ්ඛාතා, මාසාපි සඞ්ඛාතා, අද්ධමාසාපි සඞ්ඛාතා, රත්තිපි සඞ්ඛාතා, දිවාපි සඞ්ඛාතා, භත්තාපි සඞ්ඛාතා, භත්තන්තරායාපි සඞ්ඛාතා.
මහණෙනි, මෙ සෙයින් සියවස් ආයු ඇති මනුෂ්‍යයාගේ ආයුෂ ද මා විසින් පවසන ලදී. ආයු ප්‍රමාණය ද කියන ලදී. ඍතුහුද පවසන ලදහ. හවුරුදුත් පවසන ලදි. මාසයෝ ද පවසන ලදහ. අර්ධමාසයෝ ද පවසන ලදහ. රාත්‍රීහු ද පවසන ලදහ. දහවල්හු ද පවසන ලදහ. බත්හු ද කියන ලදහ. භක්තාන්තරයයෝද කියන ලදහ.
යං භික්ඛවෙ සත්ථාරා කරණීයං සාවකානං හිතෙසිනා අනුකම්පකෙන අනුකම්පං උපාදාය, කතං වො තං මයා. එතානි භික්ඛවෙ, රුක්ඛමූලානි, එතානි සුඤ්ඤාගාරානි. ඣායථ භික්ඛවෙ, මාපමාදත්ථ, මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ. අයං වො අම්හාකං අනුසාසනීති.
මහණෙනි, සව්වනට හිතෛෂී වූ අනුකම්පා කරණ ශාස්තෘහු විසින් අනුකම්පා පිණිස යමක් කළයුතු නම්, එය මා විසින් තොපට කරණ ලදි. මහණෙනි, තෙල රුක්මුල්හු ඇත. තෙල ශුන්‍යාගාරයෝ ඇත. මහණෙනි, (ආලම්බනලක්ෂණොපනිධ්යාන විසින් ශමථවිදර්‍ශනා) ධ්‍යාන කරවු. නහමක් පමාවවු. පසුකල්හි නහමක් විපිළිසර වවු. මෙ තොපට අපගේ අනුශාසනා යි.
මහාවග්ගො දුතියො.
මහාවර්ගය දෙවැනි යි.
තස්සුද්දානං:
එහි උද්දානය:
හිරීසුරිය නාගරං උපමා ධම්මඤ්ඤූපාරිච්ඡත්තකං සක්කච්චං භාවනං අග්ගි සුනෙත්තඅරකෙන තෙ දසාති.
හිරි (ඔත්තප්ප) සූත්‍ර ය, (සත්ත) සූරිය සූත්‍ර ය, නගරෝමප සූත්‍ර ය, ධම්මඤ්ඤු සූත්‍ර ය, පරිච්ඡත්තක සූත්‍ර ය, සක්කච්ච (සක්කාරගරුකාර) සූත්‍ර ය, භාවනා සූත්‍ර ය, අග්ගික්ඛන්ධොපම සූත්‍ර ය, සුනෙත්ත සූත්‍ර ය, අරක සූත්‍ර ය දැයි සූත්‍ර දශයෙකි.