සුනෙත්තසුත්තං
7. 2. 2. 9.
7. 2. 2. 9.
[සුනෙත්තසුත්තං]
[සුනෙත්ත සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
20. භූතපුබ්බං භික්ඛවෙ, සුනෙත්තො නාම සත්ථා අහොසි තිත්ථ කරො කාමෙසු වීතරාගො. සුනෙත්තස්ස ඛො පන භික්ඛවෙ, සත්ථුනො අනෙකානි සාවකසතානි අහෙසුං. සුනෙත්තො නාම සත්ථා සාවකානං බ්රහ්මලොකසහව්යතාය ධම්මං දෙසෙසි. යෙ ඛො භික්ඛවෙ සුනෙත්තස්ස සත්ථුනො බ්රහ්මලොකසහව්යතාය ධම්මං දෙසෙන්තස්ස චිත්තානි නප්පසාදෙසුං, තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං අග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජිංසු. යෙ ඛො පන භික්ඛවෙ සුනෙත්තස්ස සත්ථුනො බ්රහ්මලොකසහව්යතාය ධම්මං දෙසෙන්තස්ස චිත්තානි පසාදෙසුං, තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිංසු.
20. මහණෙනි, පෙර වූවක් කියමි. සුනෙත්‍ර නම් තීර්‍ත්‍ථකර වු කාමයන්හි වීතරාග වූ ශාස්තෘවරයෙක් විය. මහණෙනි, සුනෙත්‍ර ශාස්තෘහුගේ නේසියක් සව්වෝ වූහ. සුනෙත්‍ර නම් ස්ථිර සව්වනට බ්‍රහ්මලෝක සහභාවය සඳහා දම් දෙසී ය. මහණෙනි, බ්‍රහ්මලෝක සහභාවය සඳහා ධර්ම දේසනා කරණ සුනෙත්‍ර ශාස්තෘහට යම් කෙනෙක් සිත් නොපැහැදුනු නම්, උහු කාබුන් මරණින් මතු අපාය වු දුර්ගති වූ විනිපාත වු නිරයට වන්හ. මහණෙනි, යම් කෙනෙක් බ්‍රහ්මලෝක සහවාසය සඳහා දම් දෙසන සුනෙත් ස්ථිර හට සිත් පැහැදුනු නම්, උහු කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්ගලෝකයට වන්හ.
භූතපුබ්බං භික්ඛවෙ, මූගපක්ඛො නාම සත්ථා අහොසි (තිත්ථකරො කාමෙසු වීතරාගො) -පෙ- අරනෙමී නාම සත්ථා අහොසි -පෙ- කුද්දාලො නාම සත්ථා අහොසි -පෙ- හත්ථිපාලො නාම සත්ථා අහොසි -පෙ- ජොතිපාලො නාම සත්ථා අහොසි -පෙ- අරකො නාම සත්ථා අහොසි තිත්ථකරො කාමෙසු වීතරාගො. අරකස්ස ඛො පන භික්ඛවෙ, සත්ථුනො අනෙකානි සාවකසතානි අහෙසුං. අරකො නාම සත්ථා සාවකානං බ්රහ්මලොකසහව්යතාය ධම්මං දෙසෙසි. යෙ ඛො භික්ඛවෙ අරකස්ස සත්ථුනො බ්රහ්මලොකසහව්යතාය ධම්මං දෙසෙන්තස්ස චිත්තානි නප්පසාදෙසුං, තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජිංසු. යෙ ඛො පන භික්ඛවෙ අරකස්ස සත්ථුනො බ්රහ්මලොකසහව්යතාය ධම්මං දෙසෙන්තස්ස චිත්තානි පසාදෙසුං, තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිංසු.
මහණෙනි, පෙර වූවක් කියමි: මුගපක්ෂ නම් තීර්‍ත්‍ථකර වූ කාමයන්හි වීතරාග වූ ... ශාස්තෘවරයෙක් විය. ... අරණෙමි නම් ... ශාස්තෘවරයෙක් විය. ... උද්දාල නම් ... සථරෙක් විය ... හත්ථිපාල නම් ... සථරෙක් විය … ජෝතිපාල නම් ... සථරෙක් විය ... අරක නම් තීර්‍ත්‍ථකර වූ කාමයන්හි වීතරාග වූ ශාස්තෘවරයෙක් විය. මහණෙනි, අරක නම් වූ ශාස්තෘහට අනේකශත ශ්‍රාවකයෝ වූහ. අරක නම් ශාස්තෘ ශ්‍රාවකයනට බ්‍රහ්මලෝක සහවාසය සඳහා දම් දෙසී ය. මහණෙනි, බ්‍රහ්මලෝක සහවාසය සඳහා ධර්මදේශනා කරණ අරක සථරහු කෙරෙහි යම් කෙනෙක් සිත් නො පැහැදුහු නම්, ඔහු කායභේදයෙන් මරණින් මතු අපාය වූ දුර්ගති වූ විනිපාත වූ නිරයට උපත් විසින් පැමිණියහ. මහණෙනි, බ්‍රහ්මලෝක සහවාසය සඳහා දම් දෙසන අරක සථරහු කෙරෙහි යම් කෙනෙක් සිත් පැහැදුහු නම්, ඔහු කාබුන් මරණින් මතු සුගති ස්වර්ගලෝකයට පැමිණියහ.
තං කිං මඤ්ඤථ භික්ඛවෙ, යො ඉමෙ සත්ත සත්ථාරෙ තිත්ථකරෙ කාමෙසු වීතරාගෙ අනෙකසතපරිවාරෙ සසාවකසඞ්ඝෙ පදුට්ඨචිත්තො අක්කොසෙය්ය පරිභාසෙය්ය, බහුං සො අපුඤ්ඤං පසවෙය්යාති.
මහණෙනි, එ කිමකැයි හඟිවු ද? යමෙක් අනේකශත පරිවාර ඇති ශ්‍රාවකසඞ්ඝයා සහිත, තීර්‍ත්‍ථකර වූ කාමයන්හි වීතරාග වූ මෙ සත් ශාස්තෘවරයනට ප්රදුෂ්ටචිත්ත ඇතියේ ආක්‍රෝශ කෙරේ නම්, පරිභාෂා කෙරේ නම්, හෙ බොහෝ අපුණ්‍ය රැස් කෙරේ දැයි?
එවං භන්තෙ.
‘වහන්ස, එසේ ය’යි.
යො ඛො භික්ඛවෙ, ඉමෙ සත්තසත්ථාරෙ තිත්ථකරෙ කාමෙසු වීතරාගෙ අනෙක සතපරිවාරෙ සසාවකසඞ්ඝෙ පදුට්ඨචිත්තො අක්කොසෙය්ය පරිභාසෙය්ය, බහුං සො අපුඤ්ඤං පසවෙය්ය, යො එකං දිට්ඨිසම්පන්නං පුග්ගලං පදුට්ඨචිත්තො අක්කොසති පරිභාසති, අයං තතො බහුතරං අපුඤ්ඤං පසවති. තං කිස්සහෙතු: නාහං භික්ඛවෙ, ඉතොබහිද්ධා එවරූපිං ඛන්තිං වදාමි, යථා අම්හං සබ්රහ්මචාරිසු.
මහණෙනි, යමෙක් ප්‍රදුෂ්ට වු සිත් ඇතියේ, අකෙනශත පරිවාර ඇති තීර්‍ත්‍ථකර වු කාමයන්හි වීතරාග වූ ශ්‍රාවකසඞ්ඝයා සහිත මෙ සත් ශාස්තෘවරුනට ආක්‍රෝශ කෙරේ ද, පරිභාෂා කෙරේ ද, හෙ බොහෝ අකුසල් රැස් කෙරේ. යමෙක් (එක් මාර්ගසම්යක්) දෘෂ්ටිසම්පන්න පුද්ගලයෙකු ප්‍රදුෂ්ට චිත්ත ඇතියේ ආක්‍රෝශ කෙරේ නම්, පරිභව කෙරේ නම්, මෙ තෙම එයට බහුතර පව් රැස් කරන්නේ ය. එ කවර හෙයින් යත්: මෙ බුදුසස්නෙන් බැහැර අපගේ සබ්‍රම්සරුන් කෙරෙහි මෙන් මෙබඳු ක්ෂාන්තියක් ඇතැයි මම නො කියමි.
තස්මාතිහ භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං: නත්වෙව අම්හං සබ්රහ්මචාරිසු චිත්තානි පදුට්ඨානි භවිස්සන්තීති. එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
මහණෙනි, එබැවින් මෙහි ලා මෙසේ හික්මිය යුතු: අපගේ සබ්‍රම්සරුන් කෙරෙහි සිත් නහමක් ප්‍රදුෂ්ට වෙත්වා යි. මහණෙනි, තොප විසින් මෙ සෙයින් ම හික්මිය යුතුයි.