අග්ගික්ඛන්ධොපම සුත්තං
7. 2. 2. 8.
7. 2. 2. 8.
[අග්ගික්ඛන්ධොපම සුත්තං]
[අග්ගික්ඛන්ධොපම සූත්‍රය]
19. එකං සමයං භගවා කොසලෙසු චාරිකං චරති මහතා භික්ඛු සඞ්ඝෙන සද්ධිං. අද්දසා ඛො භගවා අද්ධානමග්ගපටිපන්නො අඤ්ඤතරස්මිං පදෙසෙ මහන්තං අග්ගික්ඛන්ධං ආදිත්තං සම්පජ්ජලිතං සජොතිභූතං. දිස්වාන මග්ගා ඔක්කම්ම අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ පඤ්ඤත්තාසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා භික්ඛු ආමන්තෙසි: පස්සථ නො තුම්හෙ භික්ඛවෙ අමුං මහන්තං අග්ගික්ඛන්ධං ආදිත්තං සම්පජ්ජලිතං සජොතිභූතන්ති. එවං භන්තෙ.
19. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහබික්සඟුන් කැටිව ලා ගෙණ කොසොල්දනව්යෙහි සැරිසරණ සේක. අද්ධාන මාර්ගයට පිළිපන් භාග්‍යවතුන් වහන්සේ අන්‍යතර ප්‍රදේශයෙක්හි ඇවිළගත් මොනොවට දිලියෙන් ගිනිසිළු සහිත වූ මහාග්නිස්කන්ධයක් දුටු සේක. දැක වදාරා මාර්ගයෙන් ඉවත් ව අන්‍යතර වෘක්‍ෂමූලයෙක්හි පනවන ලද අස්නෙක වැඩහුන් සේක. වැඩ හිඳ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා වදාළ සේක: “මහණෙනි, තෙපි ඇවිළගත් මැනැවින් දිලියෙන් ගිනිසිළු ඇති අසෝ මහගිනිකඳ දකිවු දැ?”යි වහන්ස, එසේයයි.
තං කිං මඤ්ඤථ භික්ඛවෙ, කතමං නු ඛො වරං යං අමුං මහන්තං අග්ගික්ඛන්ධං ආදිත්තං සම්පජ්ජලිතං සජොතිභූතං ආලිඞ්ගිත්වා උපනිසීදෙය්ය වා උපනිපජ්ජෙය්‍යවා යං වා ඛත්තියකඤ්ඤං වා බ්රාහ්මණකඤ්ඤං වා, ගහපති කඤ්ඤං වා මුදුතලුණහත්ථපාදිං ආලිඞ්ගිත්වා උපනිසීදෙය්ය වා උපනිපජ්ජෙය්ය වාති. එතදෙව භන්තෙ, චරං යං ඛත්තියකඤ්ඤං වා බ්රාහ්මණකඤ්ඤං වා ගහපතිකඤ්ඤං වා මුදුතලුණහත්ථපාදිං ආලිඞ්ගිත්වා උපනිසීදෙය්ය වා උපනිපජ්ජෙය්ය වා. දුක්ඛං හෙතං භන්තෙ, යං අමුං මහන්තං අග්ගික්ඛන්ධං ආදිත්තං සම්පජ්ජලිතං සජොතිභූතං ආලිඞ්ගිත්වා උපනිසීදෙය්ය වා උපනිපජ්ජෙය්ය වාති.
මහණෙනි, එ කිමැයි හඟිවු ද? තෙල අදීප්ත වූ සම්ප්‍රජ්වලිත වූ සජ්‍යොතීර්භූත වූ මහා වහ්නිස්කන්ධය වැළඳ ගෙණ හිඳිනේ හෝ හෝනේ හෝ යන යමකුත් වේ නම්, මොළොක් තුරුණු අත්පා ඇති ක්‍ෂත්‍රියකන්‍යාවක හෝ බ්‍රාහ්මණකන්‍යාවක හෝ ගෘහපතිකන්‍යාවක හෝ සිප වැළඳ ගෙණ හිඳුනේ හෝ හෝනේ හෝ යන යමෙක් වේ නම්, (එයින්) කවරක් උතුම් දැ?යි. වහන්ස, මොළොක් තුරුණු අත් පා ඇති ක්‍ෂත්‍රියකන්‍යාවක හෝ බ්‍රාහ්මණකන්‍යාවක හෝ ගෘහපතිකන්‍යාවක හෝ සිප වැළඳ ගෙණ හිඳිනේ හෝ හෝනේ ය යන යමෙක් වේ නම්, මෙය ම උතුම් වේ. වහන්ස, තෙල ඇවිළගත් දිලියෙන, ගිනිසිළු ඇති යම් මහගිනිකඳක් සිපවැළඳ ගෙණ හිඳිනේ ය හෝ හෝනේ ය යන තෙල දුකෙක් මැයි.
ආරොචයාමි වො භික්ඛවෙ, පටිවෙදයාමි වො භික්ඛවෙ, යථා එතදෙව තස්ස වරං දුස්සීලස්ස පාපධම්මස්ස අසුචිසංකස්සරසමාචාරස්ස පටිච්ඡන්නකම්මන්තස්ස අස්සමණස්ස සමණපටිඤ්ඤස්ස අබ්රහ්මචාරිස්ස බ්රාහ්මචාරීපටිඤ්ඤස්ස අන්තොපූතිස්ස අවස්සුතස්ස කසම්බුජාතස්ස යං අමුං මහන්තං අග්ගික්ඛන්ධං ආදිත්තං සම්පජ්ජලිතං සජොතිභූතං ආලිඞ්ගිත්වා උපනිසීදෙය්ය වා උපනිපජ්ජෙය්ය වා. තං කිස්ස හෙතු: තතො නිදානං හි සො භික්ඛවෙ මරණං වා නිගච්ඡෙය්ය, මරණමත්තං වා දුක්ඛං. නත්වෙව තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්ය. යඤ්ච ඛො සො භික්ඛවෙ, දුස්සීලො පාපධම්මො අසුචිසඞ්කස්සරසමාචාරො -පෙ- කසම්බුජාතො ඛත්තිය කඤ්ඤං වා බ්රාහ්මණකඤ්ඤං වා ගහපතිකඤ්ඤං වා මුදුතලුණහත්ථපාදිං ආලිඞ්ගිත්වා උපනිසීදති වා උපනිපජ්ජති වා තං හි තස්ස භික්ඛවෙ, හොති දීඝරත්තං අහිතාය දුක්ඛාය. කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති.
මහණෙනි, තොපට අරෝචනය කරමි, මහණෙනි, තොපට කරුණු හඟවා කියමි: යම් සෙයෙකින් ලමුදම් ඇති, අපවිත්‍ර කායකර්‍මාදියෙන් අපරිශුද්ධව සැකයෙන් සිහිකටයුතු සමාචාර ඇති, පිළිසන් කටයුතු කර්ම ඇති, ශ්‍රමණ නො වූ ‘මහණෙක්මි’ යන් ප්‍රතිඥා ඇති අබ්රහ්මචාරී වු බ්‍රහ්මචාරීයෙක්මියි කරණ ප්‍රතිඥා ඇති, පූතිකර්‍මයෙන් (ශීලවිපත්තියෙන්) අන්තඃපූති වූ (සදොරින් වෑහෙන රාගාදි) කෙලෙසින් තෙත් වු හටගත් රාගාදිකෙලෙස් කසළැති, එ දුඃශීලයාහට, තෙල ඇවිළගත්, දිලියෙන, ගිනිසිළු ඇති මහගිනිකඳ සිපවැළඳ ගෙණ හිඳිනේ ය හෝ හෝනේ ය හෝ යන යමක් වේ නම්, තෙල කරුණ ම උතුම් වන්නේ ය. එ කවර හෙයින යත්: මහණෙනි, එකරුණෙන් එ දුසිල් මහණ මරණයට හෝ යන්නේ ය. මරණමාත්‍ර වූ දුකට හෝ යන්නේ ය. එ හේතුයෙන් කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්ගති නම් වූ විනිපාත නම් වූ නිරයට නො පැමිණේමැයි. මහණෙනි, ලමුදම් ඇති අපරිශුද්ධ කායකර්‍මාදියෙන් අපවිත්‍ර ව සංකායෙන් සිහි කටයුතු හැසිරීම් ඇති ... හටගත් කෙලෙස්කසට ඇති එ දුසිල් තෙම මොළොක් තරුණ අත්පා ඇති ක්‍ෂත්‍රියකන්‍යාවක හෝ බ්‍රාහ්මණකන්‍යාවක හෝ ගෘහපතිකන්‍යාවක හෝ සිප වැළඳ ගෙන හිඳිනේ ය හෝ හෝනේ ය හෝ යන යමෙක් වේ නම්, මහණෙනි, එය ඔහට දීර්ඝරාත්රයෙහි අහිත පිණිස, දුක් පිණිස වෙයි. කාබුන් මරණින් මතු අපාය වූ දුර්ගති වූ විනිපාත වු නිරයට පැමිණෙන්නේ ය.
තං කිං මඤ්ඤථ භික්ඛවෙ, කතමං නු ඛො වරං යං බලවා පුරිසො දළ්හාය වාලරජ්ජුයා උභො ජඞ්ඝා වෙඨෙත්වා ඝංසෙය්ය, සා ඡවිං ඡින්දෙය්ය, ඡවිං ඡෙත්වා චම්මං ඡින්දෙය්ය, චම්මං ඡෙත්වා මංසං ඡින්දෙය්ය, මංසං ඡෙත්වා නහාරුං ඡින්දෙය්ය, නහාරුං ඡෙත්වා අට්ඨිං ඡින්දෙය්ය, අට්ඨිං ඡෙත්වා අට්ඨිමිඤ්ජං ආහච්ච තිට්ඨෙය්ය, යං වා ඛත්තියමහාසාලානං වා බ්‍රාහ්මණ මහා සාලානං වා ගහපති මහාසාලානං වා අභිවාදනං සාදියෙය්යාති. එතදෙව භන්තෙ, වරං යං ඛත්තියමහාසාලානං වා බ්රාහ්මණමහාසාලානං වා ගහපතිමහාසාලානං වා අභිවාදනං සාදියෙය්ය. දුක්ඛං හෙතං භන්තෙ, යං බලවා පුරිසො දළ්හාය වාලරජ්ජුයා, උහො ජඞ්ඝා වෙඨෙත්වා -පෙ- අට්ඨිමිඤ්ජං ආහච්ච තිට්ඨෙය්යාති.
මහණෙනි, එ කිමැයි හඟිවු ද? බලවත් පුරුෂයෙක් දැඩිවරපටෙකින් දෙ දඟඇට වෙළා ඝටනේ ය. එ වරපට සිවිය සිඳුනේ ය. සිවිය සිඳ සම් සිඳුනේ ය. සම් සිඳ මස් සිඳුනේ ය. මස් සිඳ නහර සිඳුනේ ය. නහර සිඳ ඇට සිඳුනේ ය. ඇට සිඳ ඇටමිදුලෙහි වැද සිටුනේ ය යන යමකුත් වේ නම් හෝ, ක්ෂත්රියමහාසාරයන්ගේ වේ වයි, බ්‍රාහ්මණමහාසාරයන්ගේ වේ වයි, ගෘහපතිමහසාරයන්ගේ වේවයි අභිවාදනය ඉවසන්නේ ය යන යමකුත් වේ නම්, (එදෙකින්) කවරෙක්) උතුම් වේ දැ? යි. වහන්ස, ක්ෂත්රියමහාසාරයන්ගේ වේවයි, බ්‍රාහ්මණමහාසාරයන්ගේ වේවයි, ගෘහපතිමහසාරයන්ගේ වේවයි අභිවාදනයක් ඉවසා නම්, මෙය ම උතුම් වෙයි. වහන්ස, බලවත් පුරුෂයෙක් දළ වරපටෙකින් දෙ දඟ වෙළා ... ඇටමිදුළු තෙක් වැද සිටුනේ ය යන යමකුත් වේ නම්, තෙල දුකෙක්මය යි.
ආරොචයාමි වො භික්ඛවෙ, පටිවෙදයාමි වො භික්ඛවෙ, යථා එතදෙව තස්ස වරං, දුස්සීලස්ස -පෙ- කසම්බුජාතස්ස යං බලවා පුරිසො දළ්හාය වාලරජ්ජුයා උභො ජඞ්ඝා වෙඨෙත්වා -පෙ- අට්ඨිමිඤ්ජං ආහච්ච තිට්ඨෙය්ය. තං කිස්ස හෙතු: තතො නිදානං හි සො භික්ඛවෙ, මරණං වා නිගච්ඡෙය්ය මරණමත්තං වා දුක්ඛං. නත්වෙව තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්ය. යඤ්ච ඛො සො භික්ඛවෙ, දුස්සීලො -පෙ- කසම්බුජාතො ඛත්තියමහාසාලානං වා බ්රාහ්මණමහාසාලානං වා ගහපතිමහාසාලානං වා අභිවාදනං සාදියති. තං හි තස්ස භික්ඛවෙ, හොති දීඝරත්තං අහිතාය දුක්ඛාය. කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති.
මහණෙනි, තොපට ආරෝචනය කරමි. මහණෙනි, තොපට ප්‍රතිවේදනය කරමි. යම් පරිද්දෙකින් බලවත් පුරුෂයෙක් දළ වරපටෙකින් දෙදඟ වෙළා ... ඇට මිදුලු තෙක් වැද සිටුනේ ය. යන යමෙක් වේ නම්, දුශ්ශීල වූ ... කෙලෙස්කසළ ඇති ඔහට මෙය ම උතුම් ම වේ. එ කවර හෙයින යත්: මහණෙනි, එ හේතුකොට ගෙන එතෙම මරණයට හෝ යන්නේ ය. මරණමාත්‍ර දුඃඛයට හෝ පැමිණෙන්නේ ය. එ හේතු කොට ගෙණ කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්ගති නම් වූ විනිපාත නම් වූ නිරයට නො ම පැමිණෙන්නේ ය. මහණෙනි, දුශ්ශීල වූ ... හටගත් කෙලෙස්කසළ ඇති එ මහණ ක්ෂත්රියමහාසාරයන්ගේ වේවයි, බ්‍රාහ්මණමහාසාරයන්ගේ වේවයි, ගෘහපතිමහාසාරයන්ගේ වේවයි, අභිවාදනය ඉවසන්නේය යන යමක් වේ නම්, එය ම ඔහට දීර්ඝරාත්රයෙහි අහිත පිණිස දුක් පිණිස වෙයි. කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්ගති නම් වූ විනිපාත නම් වූ නිරයට පැමිණෙන්නේ ය.
තං කිං මඤ්ඤථ භික්ඛවෙ, කතමන්නු ඛො වරං යං බලවා පුරිසො තිණ්හාය සත්තියා තෙලධොතාය පච්චොරස්මිං පහරෙය්ය, යං වා ඛත්තිය මහාසාලානං වා බ්රාහ්මණමහාසාලානං වා ගහපතිමහාසාලානං වා අඤ්ජලිකම්මං සාදියෙය්යාති. එතදෙව භන්තෙ වරං යං ඛත්තියමහාසාලානං වා බ්රාහ්මණමහාසාලානං වා ගහපතිමහාසාලානං වා අඤ්ජලිකම්මං සාදියෙය්ය. දුක්ඛං හෙතං භන්තෙ, යං බලවා පුරිසො තිණ්හාය සත්තියා තෙලධොතාය පච්චොරස්මිං පහරෙය්යාති.
මහණෙනි, එ කිමෙකැයි හඟිවු ද? බලවත් පුරුෂයෙක් තෙලින් මුවහත් කළ තියුණු සැතෙකින් ලමැඩියෙහි පහරන්නේ ය යන යමෙක් වේ නම්, ක්ෂත්රියමහාසාරයන්ගේ හෝ, බ්‍රාහ්මණමහාසාරයන්ගේ හෝ, ගෘහපතිමහසාරයන්ගේ හෝ අඤ්ජලිකර්මය ඉවසන්නේ ය යන යමක් හෝ වේ නම්, (එ දෙකින්) කවරෙක් උතුම් වේ දැ?යි. වහන්ස, ක්ෂත්රියමහාසාරයන්ගේ හෝ බ්‍රාහ්මණමහාසාරයන්ගේ හෝ ගෘහපතිමහාසාරයන්ගේ හෝ අඤ්ජලිකර්මය ඉවසන්නේ ය යන යමක් වේ නම්, තෙල කරුණ ම උතුම් වේ. වහන්ස, බලවත් පුරුෂයෙක් තෙලින් දෝනා ලද තියුණු සැතෙකින් ලමැඬියෙහි පහරන්නේ ය යන යමෙක් වේ නම් තෙල දුක් ම වේ යයි.
ආරොචයාමි වො භික්ඛවෙ, පටිවෙදයාමි වො භික්ඛවෙ, යථා එතදෙව තස්ස වරං දුස්සීලස්ස -පෙ- කසම්බුජාතස්ස යං බලවා පුරිසො තිණ්හාය සත්තියා තෙලධොතාය පච්චොරස්මිං පහරෙය්ය. තං කිස්ස හෙතු, තතො නිදානං හි සො භික්ඛවෙ, මරණං වා නිගච්ඡෙය්ය, මරණ මත්තං වා දුක්ඛං. නත්වෙව තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්ය. යං ච ඛො සො භික්ඛවෙ, දුස්සීලො -පෙ- කසම්බුජාතො ඛත්තියමහාසාලානං වා බ්රාහ්මණමහාසාලානං වා ගහපති මහාසාලානං වා අඤ්ජලිකම්මං සාදියති, තං හි තස්ස භික්ඛවෙ, හොති දීඝරත්තං අහිතාය දුක්ඛාය, කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති.
මහණෙනි, තොපට ආරෝචනය කරමි. මහණෙනි, තොපට ප්‍රතිවේදනය කරමි. මහණෙනි, යම් පරිද්දෙකින් බලවත් පුරුෂයෙක් තෙලෙන් මුවහත් කළ තියුණු සැතෙකින් ලමැඬියෙහි පහරන්නේ ය යන යමක් වේ නම්, දුශ්ශීල වූ ... හටගත් කෙලෙස්කසළ ඇති ඔහට තෙල කරුණ ම උතුම් වන්නේ ය. එ කවර හෙයින යත්: මහණෙනි, එ පුඟුල් ඒ හේතුයෙන් මරණයට හෝ යෙයි. මරණමාත්‍ර දුකට හෝ යන්නේ ය. ඒ හේතුයෙන් කාබුන් මරණින් මතු අපාය වූ, දුර්ගති වූ විනිපාත වූ නිරයට නො එළැඹෙන්නේ ය. මහණෙනි, ඒ දුසිල් පුඟුල් ... හටගත් කෙලෙස්කසළ ඇතියේ ක්ෂත්රියමහාසාරයන්ගේ හෝ බ්‍රාහ්මණමහාසාරයන්ගේ හෝ ගෘහපතිමහාසාරයන්ගේ හෝ අඤ්ජලිකර්ම ඉවසන්නේ ය යන යමක් වේ නම්, මහණෙනි, එයම ඔහට දීර්ඝරාත්රයෙහි අහිත පිණිස, දුක් පිණිස වෙයි. කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්ගති නම් වූ විනිපාත නම් වූ නිරයට එළැඹෙන්නේ ය.
තං කිං මඤ්ඤථ භික්ඛවෙ, කතමන්නුඛො වරං යං බලවා පුරිසො තත්තෙන අයොපට්ටෙන ආදිත්තෙන සම්පජ්ජලිතෙන සජොතිභූතෙන කායං සම්පලිවෙඨෙය්ය, යං වා ඛත්තියමහාසාලානං වා බ්රාහ්මණමහාසාලානං වා ගහපතිමහාසාලානං වා සද්ධාදෙය්යං චීවරං පරිභුඤ්ජෙය්යාති. එතදෙව භන්තෙ, වරං යං ඛත්තියමහාසාලානං වා බ්රාහ්මණමහාසාලානං වා ගහපතිමහාසාලානං වා සද්ධාදෙය්යං චීවරං පරිභුඤ්ජෙය්ය, දුක්ඛං හෙතං භන්තෙ, යං බලවා පුරිසො තත්තෙන අයොපට්ටෙන ආදිත්තෙන සම්පජ්ජලිතෙ න සජොතිභූතෙන කායං සම්පලිවෙඨෙය්යාති.
මහණෙනි, එ කිමැයි හඟිවු ද? බලවත් පුරුෂයෙක් ගිනි ඇවිළගත් මනා කොට දිලියෙන් ගිනිසිළු සහිත රත් යපටෙකින් කය මනාසේ වෙළන්නේ ය යන යමක් වේ නම්, ක්‍ෂත්‍රියමහාසරයන්ගේ හෝ බ්‍රාහ්මණමහාසරයන්ගේ හෝ ගෘහපතිමහාසරයන්ගේ හෝ සැදැහැයෙන් දෙන චීවරපරිභෝග කරන්නේ ය යන යමකුත් වේ නම්, (එ දෙකින්) කවරෙක් උතුම් වේදැ?යි. වහන්ස, ක්‍ෂත්‍රියමහාසරයන්ගේ වේවයි, බ්‍රාහ්මණමහාසරයන්ගේ වේවයි, ගෘහපතිමහාසරයන්ගේ වේවයි, සැදැහැයෙන් දෙන චීවරපරිභෝග කරන්නේ ය යන යමක් වේ නම්, තෙල කරුණ ම උතුම් වෙයි. වහන්ස, බලවත් පුරුෂයෙක් ... එත්වූ යපටින් කය මොනොවට වෙළන්නේ ය යන තෙල යමක් වේ නම් නම්, එය දුක් ම වේ යයි.
ආරොචයාමි වො භික්ඛවෙ, පටිවෙදයාමි වො භික්ඛවෙ, යථා එතදෙව තස්සවරං දුස්සීලස්ස -පෙ- කසම්බුජාතස්ස යං බලවා පුරිසො තත්තෙන අයොපට්ටෙන ආදිත්තෙන සම්පජ්ජලිතෙන සජොතිභූතෙන කායං සම්පලිවෙඨෙය්ය. තං කිස්ස හෙතු: තතො නිදානං හි සො භික්ඛවෙ, මරණං වා නිගච්ඡෙය්ය මරණමත්තං වා දුක්ඛං. නත්වෙව තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්ය. යං ච ඛො සො භික්ඛවෙ, දුස්සීලො -පෙ- කසම්බුජාතො යං ඛත්තියමහාසාලානං වා බ්රාහ්මණමහාසාලානං වා ගහපතිමහාසාලානං වා සද්ධාදෙය්යං චීවරං පරිභුඤ්ජති. තං හි තස්ස භික්ඛවෙ, දීඝරත්තං අහිතාය හොති දුක්ඛාය. කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති.
මහණෙනි, තොපට ආරෝචනය කරමි. මහණෙනි, තොපට කරුණු ගන්වා දන්වමි. යම් පරිද්දෙකින් බලවත් පුරුෂයෙක් ඇවිලගත්, දිලියෙන ගිනිසිළු ඇති රත්යපටින් කය වෙළන්නේ ය යන යමක් වේ නම්, තෙල කරුණ ම එ ... හටගත් කෙලෙස්කසළ ඇති දුසිල්හට උතුම්. එ කවරහෙයින යත්: මහණෙනි, ඒ හේතුයෙන් හේ මරණයට හෝ පැමිණෙන්නේ ය. මරණමාත්‍ර දුකට හෝ පැමිණෙන්නේ ය. එ හේතුයෙන් කාබුන් මරණින් මතු අපාය නම් වූ, දුර්ගති නම් වූ විනිපාත නම් වූ නිරයට නො පැමිණේ මැ යි. මහණෙනි, හටගත් කෙලෙස්කසළ ඇති එ දුසිල්තෙම … ක්‍ෂත්‍රියමහාසරයන්ගේ හෝ බ්‍රාහ්මණමහාසරයන්ගේ හෝ ගෘහපතිමහාසරයන්ගේ හෝ ශ්රද්ධාදේය චීවරපරිභෝග කරන්නේ ය යන යමක් වේ නම්, එය ම ඔහට දීර්ඝරාත්රයෙහි අහිත පිණිස දුක් පිණිස වෙයි. කාබුන් මරණින් මතු අපාය වූ දුර්ගති වූ විනිපාත වු නිරයට පැමිණෙයි.
තං කිං මඤ්ඤථ භික්ඛවෙ, කතමන්නු ඛො වරං: යං බලවා පුරිසො තත්තෙන අයොසඞ්කුනා ආදිත්තෙන සම්පජ්ජලිතෙන සජොතිභූතෙන මුඛං විවරිත්වා තත්තං ලොහගුලං ආදිත්තං සම්පජ්ජලිතං සජොතිභූතං මුඛෙ පක්ඛිපෙය්ය, තං තස්ස ඔට්ඨම්පි දහෙය්ය, මුඛම්පි දහෙය්ය, ජිව්හම්පි දහෙය්ය, කණ්ඨම්පි දහෙය්ය, උරම්පි දහෙය්ය, අන්තම්පි අන්තගුණම්පි ආදාය අධොභාගා නික්ඛමෙය්ය, යං වා ඛත්තියමහාසාලානං වා බ්‍රාහ්මණ මහාසාලානං වා ගහපතිමහාසාලානං වා සද්ධාදෙය්යං පිණ්ඩපාතං පරිභුඤ්ජෙය්යාති. එතදෙව භන්තෙ, වරං යං ඛත්තියමහා සාලානං වා බ්‍රාහ්මණ මහාසාලානං වා ගහපති මහාසාලානං වා සද්ධාදෙය්යං පිණ්ඩපාතං පරිභුඤ්ජෙය්ය. දුක්ඛං හෙතං භන්තෙ, යං බලවා පුරිසො තත්තෙන අයොසඞ්කුනා ආදිත්තෙන සම්පජ්ජලිතෙන සජොතිභූතෙන මුඛං විවරිත්වා තත්තං ලොහගුලං ආදිත්තං සම්පජ්ජලිතං සජොතිභූතං මුඛෙ පක්ඛිපෙය්ය, තං තස්ස ඔට්ඨම්පි දහෙය්ය, මුඛම්පි දහෙය්ය, ජිව්හම්පි දහෙය්ය -පෙ- අධොභාගා නික්ඛමෙය්යාති.
මහණෙනි, එ කිමැයි හඟිවු ද? බලවත් පුරුෂයෙක් ඇවිළගත් මොනොවට දිලියෙන, ගිනිසිළු ඇති එත් යහඬුයෙන් මුව විවර කොට ඇවිළගත්, මනාලෙස දිලියෙන ගිනිසිළු ඇති ලොහොගුළක් මුවෙහි බහාලන්නේ ය. එය ඔහුගේ දිව ද දවන්නේ ය, මුව ද දවන්නේ ය, බොටුව ද දවන්නේ ය, ලය ද දවන්නේ ය, අතුනු ද අතුනුබහන් ද ගෙණ අධෝභාගයෙන් නික්මෙන්නේ ය යන යමක් වේ නම්, ක්‍ෂත්‍රියමහාසරයන්ගේ හෝ බ්‍රාහ්මණමහාසරයන්ගේ හෝ ගෘහපතිමහාසරයන්ගේ හෝ ශ්‍රද්ධාදෙය පිණ්ඩපාත වළඳන්නේ ය යන යමක් වේ නම්, එ දෙකින් කවරෙක් උතුම් වේ දැයි? වහන්ස, ක්‍ෂත්‍රියමහාසරයන්ගේ වේවයි, බ්‍රාහ්මණමහාසරයන්ගේ වේවයි, ගෘහපතිමහාසරයන්ගේ වේවයි ශ්‍රද්ධාදෙය පිණ්ඩපාත වළඳන්නේ ය යන යමක් වේ නම්, එය ම උතුම්. වහන්ස, බලවත් පුරුෂයෙක් ඇවිළගත් මොනොවට දිලියෙන, ගිනිසිළු ඇති යහඬුයෙන් මුව හයවා ආදීප්ත වූ සම්ප්‍රජ්වලිත වූ සජ්‍යොතිර්භූත වූ රත්ලොහොගුළක් මුවෙහි බහන්නේ නම් එය ඔහුගේ තොල් ද දවන්නේ ය., මුව ද දවන්නේ ය ... දිව ද දවන්නේ ය ... අතුනු ද අතුනුබහන් ද අධෝභාගයෙන් නික්මෙන්නේ ය යන යමෙක් වේ නම්, එය ඔහට දුක් ම වන්නේ ය යි.
ආරොචයාමි වො භික්ඛවෙ, පටිවෙදයාමි වො භික්ඛවෙ, යථා එතදෙව තස්ස වරං දුස්සීලස්ස -පෙ- කසම්බුජාතස්ස යං බලවා පුරිසො තත්තෙන අයොසඞ්කුනා ආදිත්තෙන සම්පජ්ජලිතෙන සජොතිභූතෙන මුඛං විවරිත්වා තත්තං ලොහගුලං ආදිත්තං සම්පජ්ජලිතං සජොතිභූතං මුඛෙ පක්ඛිපෙය්ය, තං තස්ස ඔට්ඨම්පි දහෙය්ය -පෙ- අන්තගුණං ආදාය අධොභාගා නික්ඛමෙය්ය. තං කිස්ස හෙතු: තතො නිදානං හි සො භික්ඛවෙ මරණං වා නිගච්ඡෙය්ය මරණ මත්තං වා දුක්ඛං. නත්වෙව තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්ය. යඤ්ච ඛො සො භික්ඛවෙ, දුස්සීලො -පෙ- කසම්බුජාතො ඛත්තියමහාසාලානං වා බ්රාහ්මණමහාසාලානං වා ගහපතිමහාසාලානං වා සද්ධාදෙය්යං පිණ්ඩපාතං පරිභුඤ්ජති, තං හි තස්ස භික්ඛවෙ, හොති දීඝරත්තං අහිතාය දුක්ඛාය. කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති.
මහණෙනි, තොපට ආරෝචනය කරමි. මහණෙනි, තොපට කරුණු ගන්වා දන්වමි. ... හටගත් කෙලෙස්කසළ ඇති එ දුසිල්හට බලවත් පුරුෂයෙක් ඇවිළගත් ගිනි ගෙන දිලියෙන් ගිනිසිළු සහිත රත්යහඬුයෙකින් මුව හයවා ආදීප්ත වූ සම්ප්‍රජ්වලිත වූ සජ්‍යොතිර්භූත වූ රත්ලොහොගුළක් මුවෙහි බහාලන්නේ ය. එය ඔහුගේ තොල් ද දවන්නේ ය, මුව දවන්නේ ය ... අතුනු ද අතුනුබහන් ද ගෙණ අධෝභාගයෙන් නික්මෙන්නේ ය යන යමක් වේ නම්, එයම උතුම්. එ කවර හෙයින යත්: මහණෙනි, එහෙයින් හෙ මරණයට හෝ මරණමාත්‍ර දුකට හෝ යන්නේ ය. එ ප්‍රත්‍යයෙන් හෙ කාබුන් මරණින් මතු අපාය වු දුර්ගති වූ විනිපාත වූ නිරයට නො ම පැමිණෙන්නේ ය. මහණෙනි, ... හටගත් කෙලෙස්කසළ ඇති එ දුසිල් තෙම ක්ෂත්රියමහාසාරයන්ගේ හෝ බ්‍රාහ්මණමහාසාරයන්ගේ හෝ ගෘහපතිමහාසාරයන්ගේ හෝ ශ්‍රද්ධාදෙය පිණ්ඩපාතය වළඳන්නේ ය යන යමක් වේ නම්, මහණෙනි, එය ම දීර්ඝරාත්රයෙහි අහිත පිණිස, දුක් පිණිස, වන්නේ ය. කාබුන් මරණින් මතු අපාය වූ දුර්ගති වූ විනිපාත වු නිරයට පැමිණෙන්නේ ය.
තං කිං මඤ්ඤථ භික්ඛවෙ, කතමන්නුඛො වරං යං බලවා පුරිසො සීසෙ වා ගහෙත්වා ඛන්ධෙ වා ගහෙත්වා තත්තං අයො මඤ්චං වා අයො පීඨං වා ආදිත්තං සම්පජ්ජලිතං සජොතිභූතං අහිනිසීදාපෙය්ය වා අහිනිපජ්ජාපෙය්ය වා, යං ඛත්තියමහාසාලානං වා බ්රාහ්මණමහාසාලානං වා ගහපතිමහාසාලානං වා සද්ධාදෙය්යං මඤ්චපීඨං පරිභුඤ්ජෙය්යාති. එතදෙව භන්තෙ, වරං යං ඛත්තියමහාසාලානං වා බ්රාහ්මණමහාසාලානං වා ගහපතිමහාසාලානං වා සද්ධාදෙය්යං මඤ්චපීඨං පරිභුඤ්ජෙය්ය. දුක්ඛං හෙතං භන්තෙ, යං බලවා පුරිසො සීසෙ වා ගහෙත්වා ඛන්ධෙ වා ගහෙත්වා -පෙ- අභිනිපජ්ජෙය්ය වා.
මහණෙනි, එ කිමැයි හඟිවු ද? බලවත් පුරුෂයෙක් හිස්හි හෝ ගෙණ, කදෙහි හෝ ගෙණ තප්ත වු දීප්ත වු සම්ප්‍රජ්වලිත වු සජ්‍යොතීර්භූත වූ යහැඳෙක වේ වයි, යපුටුයෙක් වේවයි, හඳුවනේ හෝ හොවන්නේ හෝ යි යන යමෙක් වේ නම්, ක්ෂත්රියමහාසාරයන්ගේ වේවයි, බ්‍රාහ්මණමහාසාරයන්ගේ වේවයි, ගෘහපතිමහාසාරයන්ගේ වේවයි, ශ්‍රද්ධාදෙය හැඳ පුටු පරිභෝග කරන්නේ ය යන යමෙක් හෝ වේ නම්, එ දෙකින් කවරක් උතුම් වේ දැයි? වහන්ස, කැත්මහසල්කුලන්ගේ වේවයි, බමුණුමහසල්කුලන්ගේ වේවයි, ගැහැවිමහසල්කුලන්ගේ වේවයි, සැදැහැයෙන් දෙන හැඳ පුටු වළඳ කරන්නේ ය යන තෙල කරුණ ම උතුම් ම වේ. වහන්ස, බලවත් පුරුෂයෙක් හිස්හි හෝ ගෙන කදෙහි හෝ ගෙණ ... හොවාලන්නේ හෝ යන යමෙක් වේ නම් තෙල දුකෙක් මැයි.
ආරොචයාමි වො භික්ඛවෙ -පෙ- කසම්බු ජාතස්ස යං බලවා පුරිසො සීසෙ වා ගහෙත්වා -පෙ- අභිනිපජ්ජාපෙය්ය වා -පෙ- තං කිස්ස හෙතු: තතො නිදානං හි සො භික්ඛවෙ, මරණං වා නිගච්ඡෙය්ය මරණමත්තං වා දුක්ඛං. නත්වෙව තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්ය. යඤ්ච ඛො සො භික්ඛවෙ දුස්සීලො -පෙ- කසම්බුජාතො ඛත්තියමහාසාලානං වා බ්රාහ්මණමහාසාලානං වා ගහපතිමහාසාලානංවා සද්ධාදෙය්යං මඤ්චපීඨං පරිභුඤ්ජති, තං හි තස්ස භික්ඛවෙ, හොති දීඝරත්තං අහිතාය දුක්ඛාය. කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති.
මහණෙනි, තොපට හඟවන්නෙමි. මහණෙනි, තොපට කරුණු ගන්වා දන්වන්නෙමි. බලවත් පුරුෂයෙක් හටගත් කෙලෙස් ඇති ... ඒ දුසිල්හුගේ හිස්හි හෝ ගෙණ ... හොවාලන්නේ ය ... එ කවර හෙයින යත්: මහණෙනි, එ ප්‍රත්‍යයෙන් හෙතෙම මරණයට හෝ මරණමාත්‍ර දුඃඛයට හෝ පැමිණෙන්නේ ය. ඒ හේතුයෙන් කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්ගති නම් වූ විනිපාත නම් වු නිරයට නො ම පැමිණෙන්නේ ය. මහණෙනි, ඒ දුසිල් තෙමේ ... හටගත් කෙලෙස්කසළ ඇතියේ කැත්මහසලුන්ගේ හෝ බමුණුමහසලුන්ගේ හෝ ගැහැවිමහසලුන්ගේ හෝ සැදැහැයෙන් දෙන හැඳපුටු පරිභෝග කරන්නේ ය යන යමක් වේ නම්, මහණෙනි, එය ම ඔහට දිගුකලෙක්හි අහිත පිණිස, දුක් පිණිස වෙයි. කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්ගති නම් වූ විනිපාත නම් වූ නිරයට (උපත් විසින්) එළැඹෙන්නේ ය.
තං කිං මඤ්ඤථ භික්ඛවෙ, කතමං නු ඛො වරං යං බලවා පුරිසො උද්ධපාදං අධොසිරං ගහෙත්වා තත්තාය ලොහකුම්භියා පක්ඛිපෙය්ය ආදිත්තාය සම්පජ්ජලිතාය සජොතිභූතාය, සො තත්ථ ඵෙණුද්දෙහකං පච්චමානො සකිම්පි උද්ධං ගච්ඡෙය්ය සකිම්පි අධො ගච්ඡෙය්ය සකිම්පි තිරියං ගච්ඡෙය්ය. යං වා ඛත්තියමහා සාලානං වං බ්රාහ්මණමහාසාලානං වා, ගහපතිමහාසාලානං වා සද්ධාදෙය්යං විහාරං පරිභුඤ්ජෙය්යාති. එතදෙව භන්තෙ, වරං යං ඛත්තියමහාසාලානං වා බ්රාහ්මණමහාසාලානං වා ගහපතිමහාසාලානං වා සද්ධාදෙය්යං විහාරං පරිභුඤ්ජෙය්ය. දුක්ඛං හෙතං භන්තෙ, යං බලවා පුරිසො උද්ධපාදං අධොසිරං ගහෙත්වා තත්තාය ලොහකුම්භියා පක්ඛිපෙය්ය ආදිත්තාය සම්පජ්ජලිතාය සජොතිභූතාය, සො තත්ථ ඵෙණුද්දෙහකං පච්චමානො සකිම්පි උද්ධං ගච්ඡෙය්ය, සකිම්පි අධො ගච්ඡෙය්ය, සකිම්පි තිරියං ගච්ඡෙය්යාති.
මහණෙනි, එ කිමෙකැ යි හඟිවු ද? බලවත් පුරුෂයෙක් පා උඩුහුරු කොට හිස යටිකොට ගෙණ ආදීප්ත වු සම්ප්රජජ්වලිත වූ සජ්‍යොතීර්භූත වූ තප්ත වූ ලෝහකුම්භියෙක්හි හෙළන්නේ ය. හෙ එහි පෙණ උතුරුවමින් පැසෙමින් වරෙක් උඩට යෙයි, වරෙක යට බස්නේ ය, වරෙක සරස්හි යන්නේ යන යමෙක් වේ නම්, ක්ෂත්රියමහාසාරයන්ගේ වේවයි, බ්‍රාහ්මණමහාසාරයන්ගේ වේවයි, ගෘහපතිමහාසාරයන්ගේ වේවයි, සැදෑහෙන් දුන් වෙහෙර වළඳ කරන්නේ ය යන යමෙකුත් වේ නම්, එ දෙකින් කවරෙක් උතුම් වේදැ යි? වහන්ස, කැත්මහසලුන්ගේ වේවයි, බමුණුමහසලුන්ගේ වේවයි, ගැහැවිමහසලුන්ගේ වේවයි සැදෑයෙන් දුන් වෙහෙර වළඳ කෙරෙයි යන තෙල කරුණ ම උතුම් වන්නේ ය. වහන්ස, බලවත් පුරුෂයෙක් පා උඩුකුරු කොට හිස යට කොට ගෙණ ඇවිලගත්, ගින්නෙන් දිලියෙන, ගිනිසිළු සහිත රත් ලොහොකුඹයෙක්හි බහන්නේ නම් හෙ එහි පෙණ උතුරුවමින් පැසෙමින් වරෙක උඩට යෙයි, වරෙක යට යෙයි, වරෙක සරසට යෙයි යන යමෙක් වේ නම්, තෙල දුක් ම වේ යයි.
ආරොචයාමි වො භික්ඛවෙ, පටිවෙදයාමි වො භික්ඛවෙ, යථා එතදෙව තස්ස වරං දුස්සීලස්ස -පෙ- කසම්බුජාතස්ස යං බලවා පුරිසො උද්ධපාදං අධොසිරං ගහෙත්වා -පෙ- සකිම්පි තිරියං ගච්ඡෙය්ය -පෙ- තං කිස්ස හෙතු: තතො නිදානං හි සො භික්ඛවෙ, මරණං වා නිගච්ඡෙය්ය, මරණමත්තං වා දුක්ඛං. න ත්වෙව තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. යඤ්ච ඛො සො භික්ඛවෙ, දුස්සීලො -පෙ- කසම්බුජාතො ඛත්තියමහාසාලානං වා බ්රාහ්මණමහාසාලානං වා ගහපති මහාසාලානං වා සද්ධාදෙය්යං විහාරං පරිභුඤ්ජති, තං හි තස්ස භික්ඛවෙ, හොති දීඝරත්තං අහිතාය දුක්ඛාය. කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති.
මහණෙනි, තොපට හඟවා කියමි. මහණෙනි, තොපට කරුණු ගන්වා දන්වමි. යම් පරිද්දෙන් ... බලවත් පුරුෂයෙක් හටගත් කෙලෙස්කසළ ඇති එ දුසිල්හුගේ පා උඩුකුරු කොට හිස යටිකුරු කොට ගෙණ ... වරක් සරසට ද යන්නේ ය ... එ කවර හෙයින යත්: මහණෙනි, ඒ හේතුයෙන් හෙ මරණයට හෝ මරණමාත්රවු දුකට හෝ යන්නේ ය. එ හේතුයෙන් කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්ගති නම් වූ විනිපාත නම් වූ නිරයට නො පැමිණෙන්නේ ම ය. මහණෙනි, … හටගත් කසළ ඇති එ දුසිල් තෙම කැත්මහසලුන්ගේ වේවයි, බමුණුමහසලුන්ගේ වේවයි, ගැහැවිමහසලුන්ගේ වේවයි සැදෑහෙන් දුන් වෙහෙර වළඳනේ ය යන යමෙක් වේ නම්, මහණෙනි, ඔහට එ දිගුකලෙක්හි අහිත පිණිස දුක් පිණිස වෙයි. කාබුන් මරණින් මතු අපාය වූ දුර්ගති වූ විනිපාත වූ නිරයට එළැඹෙන්නේ ය.
තස්මාතිහ භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං: යෙසඤ්ච මයං පරිභුඤ්ජාම චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරං තෙසං තෙ කාරා මහප්ඵලා භවිස්සන්ති, මහානිසංසා. අම්හාකං චෙවායං පබ්බජ්ජා අවඤ්ඣා භවිස්සති සඵලා සඋද්රයාති එවංහි වො භික්ඛවෙ, සික්ඛිතබ්බං. අත්තත්ථං වා භික්ඛවෙ, සම්පස්සමානෙන අලමෙව අප්පමාදෙන සම්පාදෙතුං, පරත්ථං වා භික්ඛවෙ සම්පස්සමානෙන අලමෙව අප්පමාදෙන සම්පාදෙතුං. උභයත්ථං වා භික්ඛවෙ සම්පස්සමානෙන අලමෙව අප්පමාදෙන සම්පාදෙතුන්ති.
මහණෙනි, එහෙයින් ම මෙ කරුණෙහි ලා මෙසේ හික්මිය යුතු. “යමකුන්ගේ චීවර, පිණ්ඩපාත, ශයනාසන, ග්ලානප්‍රත්‍ය, භෛෂජ්යපරිෂ්කාරය අපි වළඳ කරමෝ නම් නම්, ඔවුන්ගේ ඒ පුණ්‍යක්‍රියාවෝ මහත්ඵල ඇත්තාහු මහඅනුසස් ඇත්තාහු වන්නාහ. අපගේ මේ පැවිද්දත් නොවඳ වූයේ සඵල වූයේ වැඩීම් ඇතියේ වන්නේ ය”යි. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතු යි. මහණෙනි, ආත්මාර්‍ත්‍ථය හෝ දක්නහු විසින් අප්‍රමාදයෙන් කුසල්දම් සපයනට නිසි වෙයි. මහණෙනි, පරාර්‍ත්‍ථය හෝ දක්නහු විසින් අප්‍රමාදයෙන් කුසල් දම් සපයනට නිසි ම වෙයි. මහණෙනි, උභයාර්‍ත්‍ථය ම හෝ දක්නහු විසින් අප්‍රමාදයෙන් කුසල් දම් සපයනට නිසි ම වෙයි.
ඉදමවොච භගවා. ඉමස්මිඤ්ච පන වෙය්යාකරණස්මිං භඤ්ඤමානෙ සට්ඨිමත්තානං භික්ඛූනං උණ්හං ලොහිතං මුඛතො උග්ගඤ්ඡි. සට්ඨි මත්තා භික්ඛූ සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තීංසු දුක්කරං භගවා, සුදුක්කරං භගවාති. සට්ඨිමත්තානං භික්ඛූනං අනුපාදාය ආසවෙහි චිත්තානි විමුච්චිංසූති.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙ ව්‍යාකරණය දෙසනු ලබත් ම සැටක් පමණ මහණුන්ගේ මුවින්, උණුලේ නැඟින. සැටක් පමණ භික්ෂූහු “භාග්‍යවතුන් වහන්ස, දුෂ්කර ය, භාග්‍යවතුන් වහන්ස, ඉතා දුෂ්කර ය”යි ශික්ෂාපද ප්‍රත්‍යාඛ්‍යාන කොට හිනභාව සඞ්ඛ්‍යාත ගිහිබවට පෙරළුනහ. සැටක් පමණ මහණුන්ගේ චිත්තයෝ ආස්‍රවයන්ගෙන් උපාදාන රහිත ව මිදුනහ යි.