භාවනානුයුත්ත සුත‍්තං
7. 2. 2. 7.
7. 2. 2. 7.
[භාවනානුයුත‍්ත සුත‍්තං]
[භාවනානුයුත්ත සූත්‍රය]
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
18. භාවනං අනනුයුත‍්තස‍්ස භික‍්ඛවෙ භික‍්ඛුනො විහරතො කිඤ‍්චාපි එවං ඉච‍්ඡා උප‍්පජ‍්ජෙය්‍ය: අහො වත මෙ අනුපාදාය ආසවෙහි චිත‍්තං විමුච‍්චෙය්‍යා’ති. අථ ඛ‍්වස‍්ස නෙව අනුපාදාය ආසවෙහි චිත‍්තං විමුච‍්චති. තං කිස‍්ස හෙතු: අභාවිතත‍්තාතිස‍්ස වචනීයං. කිස‍්ස අභාවිතත‍්තා: චතුන‍්නං සතිපට‍්ඨානානං, චතුන‍්නං සම‍්මප‍්පධානානං, චතුන‍්නං ඉද‍්ධිපාදානං, පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං, පඤ‍්චන‍්නං බලානං, සත‍්තන‍්නං බොජ‍්ඣඞ‍්ගානං, අරියස‍්ස අට‍්ඨඞ‍්ගිකස‍්ස මග‍්ගස‍්ස.
18. මහණෙනි, භාවනායෙහි යුක්තප්‍රයුක්ත නො වී වාසය කරණ මහණහට, “අහෝ මාගේ සිත (ඒකාන්තයෙන් කිසි සංස්කාරයක්) උපාදාන විසින් නො ගෙන ආස්‍රවයන්ගෙන් මිදේව”යි යන මෙබඳු ඉච්ඡායෙක් උපදනේ නමුදු, වැලිත් ඔහුගේ චිත්තය උපාදාන විසින් නො ගෙණ ආස්‍රවයන්ගෙන් නො මැ මිදෙන්නේ ය. එ කවර හෙයින යත්: ‘අභාවිත වන හෙයිනැ’යි කියයුතු වන්නේ ය. කවරක්හුගේ අභාවිතභාවයෙන යත්: සතරසතිපට්ඨාන, සතරසම්‍යක්ප්‍රධන්වීර්‍ය්‍යය, සතරඉද්ධිපාදය, පඤ්චේන්‍ද්‍රියය, පඤ්චබල, සප්තබෝධ්‍යඞ්ගය, ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය යන ධර්‍ම අභාවිත වන හෙයිනි.
සෙය්‍යථාපි භික‍්ඛවෙ, කුක‍්කුටියා අණ‍්ඩානි අට‍්ඨ වා දස වා ද‍්වාදස වා, තානස‍්සු කුක‍්කුටියා න සම‍්මා අධිසයිතානි න සම‍්මා පරිසෙදිතානි න සම‍්මා පරිභාවිතානි. කිඤ‍්චාපි තස‍්සා කුක‍්කුටියා එවං ඉච‍්ඡා උප‍්පජ‍්ජෙය්‍ය: “අහො වත මෙ කුක‍්කුටපොතකා පාදනඛසිඛාය වා මුඛතුණ‍්ඩකෙන වා අණ‍්ඩකොසං පදාලෙත්‍වා සොත්‍ථිනා අභිනිබ‍්භිජ‍්ජෙය්‍යුන‍්ති.”
මහණෙනි, යම් පරිදි කිකිළියකහට බිජුවට අටෙක් හෝ දසයෙක් හෝ දොළොසක් වේ නම්, එ හැම කිකිළිය විසින් මොනොවට අධිශයිත නො වෙත්. මොනොවට හුණුසුම් ගන්වන ලද නො වෙත්. මොනොවට පරිභාවිත නො වෙත්. එ කිකිළියට “අහෝ, මාගේ කැකුළුපැටව් පානියසිළීන් හෝ මුවතුඩින් හෝ අණ්ඩකෝෂය පළා සුවසේ නික්මෙත්වා” යන මෙබඳු ඉච්ඡාවත් උපදනේ ය. වැලිත් එ කුකුළුපැටව් පානියසිළීන් හෝ මුවතුඩින් හෝ අණ්ඩකෝෂය පළා සුවසේ නික්මෙන්නට අභව්‍ය ම වෙත්. එ කවර හෙයින යත්: මහණෙනි, යම් හෙයෙකින් කිකිළිය විසින් බිජුවටහු මොනොවට අධිශයිත නොවෙත් ද, හුණුසුම් ගන්වන ලද නො වෙත් ද, මොනොවට පරිභාවිත නො වෙත් ද, එසෙයිනි.
අථ ඛො අභබ‍්බාව තෙ කුක‍්කුටපොතකා පාදනඛසිඛාය වා මුඛතුණ‍්ඩකෙන වා අණ‍්ඩකොසං පදාලෙත්‍වා සොත්‍ථිනා අභිනිබ‍්භිජ‍්ජිතුං. තං කිස‍්ස හෙතු: තථා හි භික‍්ඛවෙ කුක‍්කුටියා අණ‍්ඩානි න සම‍්මා අධිසයිතානි න සම‍්මා පරිසෙදිතානි, න සම‍්මා පරිභාවිතානි, එවමෙව ඛො භික‍්ඛවෙ භාවනං අනනුයුත‍්තස‍්ස භික‍්ඛුනො විහරතො කිඤ‍්චාපි එවං ඉච‍්ඡා උප‍්පජ‍්ජෙය්‍ය: අහො වත මෙ අනුපාදාය ආසවෙහි චිත‍්තං විමුච‍්චෙය්‍යාති. අථ ඛ‍්වස‍්ස නෙව අනුපාදාය ආසවෙහි චිත‍්තං විමුච‍්චති. තං කිස‍්ස හෙතු: අභාවිතත‍්තාතිස‍්ස වචනීයං. කිස‍්ස අභාවිතත‍්තා: චතුන‍්නං සතිපට‍්ඨානානං -පෙ- අරියස‍්ස අට‍්ඨඞ‍්ගිකස‍්ස මග‍්ගස‍්ස.
මහණෙනි, එපරිද්දෙන් ම භාවනායෙහි යුක්තප්‍රයුක්ත නො වී වෙසෙන මහණහට “අහෝ, ඒකාන්තයෙන් මාගේ චිත්තය උපාදානයන් විසින් නො ගෙණ ආස්‍රවයන්ගෙන් මිදේ වා” යන මෙබඳු ඉච්ඡාවක් උපදනේ නමුදු වැලිත් අනුපාදාන විසින් ඔහුගේ චිත්තය ආස්‍රවයන්ගෙන් නොමිදේ මැයි. එ කවර හෙයින යත්: අභාවිතභාවයෙනැයි කිවයුතු වන්නේ ය. කවරක් නොවැඩූ බැවින යත්: සතරසතිපට්ඨාන ... ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය අභාවිත හෙයිනි.
භාවනං අනුයුත‍්තස‍්ස භික‍්ඛවෙ, භික‍්ඛුනො විහරතො කිඤ‍්චාපි න එවං ඉච‍්ඡා උප‍්පජ‍්ජෙය්‍ය: අහො වත මෙ අනුපාදාය ආසවෙහි චිත‍්තං විමුච‍්චෙය්‍යාති, අථ ඛ‍්වස‍්ස අනුපාදාය ආසවෙහි චිත‍්තං විමුච‍්චති. තං කිස‍්ස හෙතු: භාවිතත‍්තාතිස‍්ස වචනීයං. කිස‍්ස භාවිතත‍්තා: චතුන‍්නං සතිපට‍්ඨානානං -පෙ- අරියස‍්ස අට‍්ඨඞ‍්ගිකස‍්ස මග‍්ගස‍්ස.
මහණෙනි, භාවනායෙහි යුක්තප්‍රයුක්තව වාසය කරණ මහණහට “අහෝ ඒකාන්තයෙන් අනුපාදාන විසින් මාගේ චිත්තය ආස්‍රවයන්ගෙන් මිදේවා” යන මෙබඳු ඉච්ඡාවක් නූපදනේ නමුදු වැලිත් ඔහුගේ චිත්තය උපාදාන විසින් නො ගෙණ ආස්‍රවයන්ගෙන් මිදෙන්නේ ය. එ කවර හෙයින යත්: භාවිතභාවයෙනැයි කිවයුතු වන්නේ ය. කවරක්හුගේ භාවිත භාවයෙන යත්: සතරසතිපට්ඨානයන්ගේ හා ... ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගයාගේ (භාවිතභාවයෙනි).
සෙය්‍යථාපි භික‍්ඛවෙ, කුක‍්කුටියා අණ‍්ඩානි අට‍්ඨ වා දස වා ද‍්වාදස වා, තානස‍්සු කුක‍්කුටියා සම‍්මා අධිසයිතානි සම‍්මා පරිසෙදිතානි සම‍්මා පරිභාවිතානි. කිඤ‍්චාපි තස‍්සා කුක‍්කුටියා න එවං ඉච‍්ඡා උප‍්පජ‍්ජෙය්‍ය: අහො වත මෙ කුක‍්කුටපොතකා පාදනඛසිඛාය වා මුඛතුණ‍්ඩකෙන වා අණ‍්ඩකොසං පදාලෙත්‍වා සොත්‍ථිනා අභිනිබ‍්භිජ‍්ජෙය්‍යුන‍්ති. අථ ඛො භබ‍්බාව තෙ කුක‍්කුටපොතකා පාදනඛසිඛාය වා මුඛතුණ‍්ඩකෙන වා අණ‍්ඩකොසං පදාලෙත්‍වා සොත්‍ථිනා අභිනිබ‍්භිජ‍්ජිතුං. තං කිස‍්ස හෙතු: තථාහි භික‍්ඛවෙ කුක‍්කුටියා අණ‍්ඩානි සම‍්මා අධිසයිතානි සම‍්මා පරිසෙදිතානි, සම‍්මා පරිභාවිතානි.
මහණෙනි, යම් පරිදි කිකිළියට බිජුවට අටෙක් හෝ දසයෙක් හෝ දොළොසෙක් වේ නම්, එ හැම කිකිළිය විසින් මනාකොට අධිශයිත වෙත්. මැනැවින් පරිසෙදිත වෙත්. මනාලෙස පරිභාවිත වෙත්. එ කිකිළියට “අහෝ, ඒකාන්තයෙන් මාගේ කුකුළුපැටහු පානියසිළීන් වේවයි, මුවතුඩින් වේවයි අණ්ඩකෝෂය පළා සුවසේ නික්මෙත්වා”යි මෙබඳු ඉච්ඡාවත් නූපදනේ නමුදු වැලිත් එ කුකුළුපැටහු පානියසිළීන් වේවයි, මුවතුඩින් වේවයි, අණ්ඩකෝෂය බිඳ සුවසේ නික්මෙන්නට භව්‍ය ම වෙත්. එ කවර හෙයින යත්: මහණෙනි, යම් සෙයෙකින් කිකිළිය විසින් බිජුවටහු මනාලෙස අධිශයිත වෙත් නම්, මැනැවින් පරිසෙදිත වෙත් නම්, මැනැවින් පරිභාවිත වෙත් නම්, එහෙයිනි.
එවමෙව ඛො භික‍්ඛවෙ, භාවනං අනුයුත‍්තස‍්ස භික‍්ඛුනො විහරතො කිඤ‍්චාපි න එවං ඉච‍්ඡා උප‍්පජ‍්ජෙය්‍ය: අහො වත මෙ අනුපාදාය ආසවෙහි චිත‍්තං විමුච‍්චෙය්‍යාති. අථ ඛ‍්වස‍්ස අනුපාදාය ආසවෙහි චිත‍්තං විමුච‍්චති. තං කිස‍්ස හෙතු: භාවිතත‍්තාතිස‍්ස වචනීයං. කිස‍්ස භාවිතත‍්තා: චතුන‍්නං සතිපට‍්ඨානානං -පෙ- අරියස‍්ස අට‍්ඨඞ‍්ගිකස‍්ස මග‍්ගස‍්ස.
මහණෙනි, එ පරිද්දෙන් ම භාවනායෙහි අනුයුක්ත ව වසන මහණහට “අහෝ මාගේ චිත්තය උපාදාන විසින් නො ගෙණ ආස්‍රවයන්ගෙන් මිදේ වා” යන මෙබඳු ඉච්ඡාවක් නූපදනේ නමුදු වැලිත් ඔහුගේ චිත්තය උපාදාන විසින් නො ගෙණ ආස්‍රවයන්ගෙන් මිදෙන්නේ ය. එ කවර හෙයින් යත්: භාවිතභාවයෙනැයි කිවයුතු වෙයි. කවරක්හුගේ භාවිතභාවයෙන යත්: සතර සතිපට්ඨානයන්ගේ ද ... ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගයාගේ ද භාවනායෙනි.
සෙය්‍යථාපි භික‍්ඛවෙ, පලගණ‍්ඩස‍්ස වා පලගණ‍්ඩන‍්තෙවාසිකස‍්ස වා දිස‍්සන‍්තෙව වාසිජටෙ අඞ‍්ගුලිපදානි දිස‍්සති අඞ‍්ගුට‍්ඨපදං. නො ච ඛ‍්වාස‍්ස එවං ඤාණං හොති: එත‍්තකං වා මෙ අජ‍්ජ වාසිජටස‍්ස ඛීණං, එත‍්තකං භිය්‍යො, එත‍්තකං පරෙති. අථ ඛ‍්වාස‍්ස ඛීණෙ ඛීණන‍්ත්‍වෙව ඤාණං හොති. එවමෙව ඛො භික‍්ඛවෙ, භාවනං අනුයුත‍්තස‍්ස භික‍්ඛුනො විහරතො කිඤ‍්චාපි න එවං ඤාණං හොති: එත‍්තකං වා මෙ අජ‍්ජ ආසවානං ඛීණං, එත‍්තකං වා භිය්‍යො, එත‍්තකං වා පරෙති. අථ ඛ‍්වාස‍්ස ඛීණෙ ඛීණන‍්ත්‍වෙව ඤාණං හොති.
මහණෙනි, දැවවඩුවකුගේ හෝ දැවවඩුඅතවැසියකුගේ හෝ වෑ මිටෙහි යම් පරිදි අඞ්ගුලිපදයෝ පැණෙත් ම නම්, අඞ්ගුෂ්ටපදය පැණේ ම නම්, ඔහට “අද මාගේ වෑමිටෙහි මෙතෙක් අංශුයෙක් ක්‍ෂීණ විය, ඊයේ දවස්හි මෙතෙක් අංශුයෙක් ක්‍ෂීණ විය, පෙරෙයිදා මෙතෙක් අංශුයෙක් ක්‍ෂීණ විය” යන මෙබඳු ඥානයෙක් නො වේ ම ය. වැලිත් ඔහට ක්‍ෂීණ වූ අංශුයෙහි ක්‍ෂීණ ම විය’ යන ඥානය වෙයි. මහණෙනි, එපරිද්දෙන් ම භාවනායෙහි යුක්තප්‍රයුක්ත ව වසන මහණහට “අද මාගේ ආස්‍රවයන්ගෙන් මෙතෙක් අංශයෙක් ක්‍ෂීණ විය. ඊයේ මෙතෙක් අංශයෙක් ක්‍ෂීණ විය. පෙරෙයිදා මෙතෙක් අංශයෙක් ක්‍ෂීණ විය” යන මෙබඳු ඥානයෙක් නැති නමුදු, වැලිත් ඔහට ක්‍ෂීණ වූ ආස්‍රව ක්‍ෂීණ ම ය” යන ඥානය වේ.
සෙය්‍යථාපි භික‍්ඛවෙ, සාමුද‍්දිකාය නාවාය වෙත‍්තබන්‍ධනබද‍්ධාය ඡම‍්මාසානි උදකෙ පරියාදාය හෙමන‍්තිකෙන ථලෙ උක‍්ඛිත‍්තාය වාතාතපපරෙතානි බන්‍ධනානි තානි පාවුස‍්සකෙන මෙඝෙන අහිප‍්පවට‍්ටානි අප‍්පකසිරෙනෙව පටිප‍්පස‍්සම‍්භන‍්ති පූතිකානි භවන‍්ති, එවමෙව ඛො භික‍්ඛවෙ, භාවනං අනුයුත‍්තස‍්ස භික‍්ඛුනො විහරතො අප‍්පකසිරෙනෙව සංයොජනානි පටිප‍්පස‍්සම‍්භන‍්ති පූතිකානි භවන‍්තීති.
මහණෙනි, වෙත්‍රබන්‍ධනයෙන් බඳනා ලදුව සමසක් දියෙහි පැවැති හිමත් කල්හි ඉවුරුතෙලෙහි ඔසොවාන ලද සාමුද්‍රික නැවෙක බන්‍ධනයෝ වාතයෙන් හා හිරුඑලියෙන් මඩනා ලද්දාහු යම් පරිදි ප්‍රාවෘට්මේඝයෙන් මොනොවට තෙමන ලද්දාහු පහසුවෙන් ම පිරිහීමට යෙත් නම්, සුණු වී යෙත් නම්, මහණෙනි, එපරිද්දෙන් ම භාවනායෙහි යුක්තප්‍රයුක්ත ව වසන මහණහට නිදුකින් ම සංයෝජනයෝ පිරිහෙත් පූතික වෙත් යයි.