යෙදුමෙන් කියවන්න

සක‍්කාරගරුකාර සුත‍්තං

7. 2. 2. 6.

7. 2. 2. 6.

[සක‍්කාරගරුකාර සුත‍්තං]

[සක්කාරගරුකාර සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

17. අථ ඛො ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස රහොගතස‍්ස පතිසල‍්ලීනස‍්ස එවං චෙතසො පරිවිතක‍්කො උදපාදි: කින‍්නු ඛො භික‍්ඛු සක‍්කත්‍වා ගරුකත්‍වා උපනිස‍්සාය විහරන‍්තො අකුසලං පජහෙය්‍ය කුසලං භාවෙය්‍යා’ති.

17. එකල්හි රහසිගත වු පිළිසලනෙහි ඇලුනු ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන්හට මෙබඳු චිත්තපරිවිතර්‍කයෙක් උපන: “සත්කාර කොට, ගුරුකාර කොට කවරකු ඇසුරු කොට වෙසෙන මහණ අකුසල් දුරු කරන්නේ වේ ද, කුසල් වඩන්නේ වේ දැ” යි.

අථ ඛො ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස එතදහොසි: “සත්‍ථාරං ඛො භික‍්ඛු සක‍්කත්‍වා ගරුකත්‍වා උපනිස‍්සාය විහරන‍්තො අකුසලං පජහෙය්‍ය, කුසලං භාවෙය්‍ය. ධම‍්මං ඛො භික‍්ඛු -පෙ- සික‍්ඛං ඛො භික‍්ඛු -පෙ- සමාධිං ඛො භික‍්ඛු -පෙ- අප‍්පමාදං ඛො භික‍්ඛු -පෙ- පටිසන්‍ථාරං ඛො භික‍්ඛු සක‍්කත්‍වා ගරුකත්‍වා උපනිස‍්සාය විහරන‍්තො අකුසලං පජහෙය්‍ය, කුසලං භාවෙය්‍යාති.

එක්බිති ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවන්හට තෙල සිත් වී: “මහණෙක් ශාස්තෘන් වහන්සේට සත්කාර කොට ගුරුකාර කොට ඇසුරු කොට වාස කරන්නෙ අකුසල දුරු කරන්නේ ය. කුසල් වඩන්නේ ය. මහණෙක් ධර්‍මය ... මහණෙක් සඞ්ඝයා ... මහණෙක් ශික්‍ෂාව ... මහණෙක් සමාධිය ... මහණෙක් අප්‍රමාදය ... මහණෙක් පටිසන්‍ථාර සත්කාර කොට ගුරුකාර කොට ඇසුරු කොට වාසය කරන්නේ අකුසල් දුරු කරන්නේ ය, කුසල් වඩන්නේ ය”යි.

අථ ඛො ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස එතදහොසි: “ඉමෙ ඛො මෙ ධම‍්මා පරිසුද‍්ධා පරියොදාතා, යන‍්නූනාහං ඉමෙ ධම‍්මෙ ගන‍්ත්‍වා භගවතො ආරොචෙය්‍යං, එවම‍්මෙ ඉමෙ ධම‍්මා පරිසුද‍්ධා චෙව භවිස‍්සන‍්ති පරිසුද‍්ධසඞ‍්ඛතතරා ච.” සෙය්‍යථාපි නාම පුරිසො සුවණ‍්ණනික‍්ඛං අධිගච‍්ඡෙය්‍ය පරිසුද‍්ධං පරියොදාතං, තස‍්ස එවමස‍්ස: අයං ඛො මෙ සුවණ‍්ණනික‍්ඛො පරිසුද‍්ධො පරියොදාතො, යන‍්නූනාහං ඉමං සුවණ‍්ණනික‍්ඛං ගන‍්ත්‍වා කම‍්මාරානං දස‍්සෙය්‍යං, එවමෙව අයං සුවණ‍්ණනික‍්ඛො කම‍්මාරගතො පරිසුද‍්ධො චෙව භවිස‍්සති පරිසුද‍්ධසඞ‍්ඛත‍්තරො චාති, එවම‍්මෙ ඉමෙ ධම‍්මා පරිසුද‍්ධා පරියොදාතා, යන‍්නූනාහං ඉමෙ ධම‍්මෙ ගන‍්ත්‍වා භගවතො ආරොචෙය්‍යං, එවම‍්මෙ ඉමෙ ධම‍්මා පරිසුද‍්ධා චෙව භවිස‍්සන‍්ති පරිසුද‍්ධසඞ‍්ඛතතරා චාති.

එක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරුන්හට මෙබඳු සිතෙක් විය: මේ දහම්හු පරිශුද්ධයහ. පර්‍ය්‍යවදාතයහ. ඉදින් මම් ගොස් මෙ දහම් භාග්‍යවතුන් වහන්සේට සැළකරන්නෙම් නම්, එසේ වත් මාගේ මේ ධර්‍මයෝ පරිශුද්ධ ද වන්නාහ. පරිශුද්ධ සංස්කෘතතර (ඉතා පිරිසිදුව සකස් කරණ ලද) ද වන්නාහ. යම් පරිදි පුරුෂයෙක් පිරිසුදු වූ පර්‍ය්‍යවදාත වූ රන් ආභරණයක් ලබා නම්, ඔහට මෙබඳු සිතෙක් වෙයි: මාගේ මෙ ස්වර්‍ණ නිෂ්කය ගෙන පරිශුද්ධ ය, පර්‍ය්‍යවදාත ය. ඉදින් මම මේ නිෂ්කය ගෙන ගොස් කඹුරනට දක්වන්නෙම් නම් මැනැව. එසේ වත් ම මාගේ මෙ සුවර්‍ණ නිෂ්කය කඹුරන් අතට ගියේ ඉතා පිරිසුදු හා පරිශුද්ධ සංස්කෘතතර ද වන්නේ ය. එ පරිදි ම මාගේ මේ දහම්හු පරිශුද්ධ වූවාහු පර්‍ය්‍යවදාත වූවාහු වෙති. ඉදින් මම මේ දහම් ඉගෙන ගෙන ගොස් භාග්‍යවතුන් වහන්සේට දක්වම් නම්, එසේවත් ම මාගේ මේ දහම්හු ඉතා නිර්‍මල ද අතිශයින් පරිශුද්ධ සංස්කෘතතර (ඉතා පිරිසිදුව සකස් කරණ ලද) ද වන්නේ යයි.

අථ ඛො ආයස‍්මා සාරිපුත‍්තො සායන‍්හසමයං පතිසල‍්ලානා වුට‍්ඨිතො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා සාරිපුත‍්තො භගවන‍්තං එතදවොච:

ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝ සවස්වරුයෙහි පිළිසලනෙන් නැඟී සිටියාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්හි හුන්හ. එකත්පස්හි හුන් ආයුෂ්මත් සාරිපුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකළහ:

ඉධ මය‍්හං භන‍්තෙ, රහොගතස‍්ස පතිසල‍්ලීනස‍්ස එවං චෙතසො පරිවිතක‍්කො උදපාදි: “කින‍්නු ඛො භික‍්ඛු සක‍්කත්‍වා ගරුකත්‍වා උපනිස‍්සාය විහරන‍්තො, අකුසලං පජහෙය්‍ය, කුසලං භාවෙය්‍යා”ති. තස‍්ස මය‍්හං භන‍්තෙ එතදහොසි:

“වහන්ස, මෙහි රහසිගත වූ පිළිසලනට ගිය මට මෙබඳු සිතෙක් පහළ වි. “මහණ කවරකු සත්කාර කොට ගුරුකාර කොට ඇසුරු කොට වසන්නේ අකුශලය ප්‍රහාණ කරන්නේ ද? කුසලය වඩන්නේ දැ?යි”, වහන්ස, එ මට මෙබඳු සිතෙක් පාළ විය:

“සත්‍ථාරං ඛො භික‍්ඛු සක‍්කත්‍වා ගරුකත්‍වා උපනිස‍්සාය විහරන‍්තො අකුසලං පජහෙය්‍ය කුසලං භාවෙය්‍ය, ධම‍්මං ඛො භික‍්ඛු -පෙ- සඞ‍්ඝං ඛො භික‍්ඛු -පෙ- සික‍්ඛං ඛො භික‍්ඛු -පෙ- සමාධිං ඛො භික‍්ඛු -පෙ- අප‍්පමාදං ඛො භික‍්ඛු -පෙ- පටිසන්‍ථාරං ඛො භික‍්ඛු සක‍්කත්‍වා ගරුකත්‍වා උපනිස‍්සාය විහරන‍්තො අකුසලං පජහෙය්‍ය කුසලං භාවෙය්‍යාති.

“මහණෙක්, ශාස්තෘන් වහන්සේට සත්කාර කොට ගුරුකාර කොට ඇසුරු කොට වසන්නේ අකුශලය ප්‍රහීණ කරන්නේ ය. කුශලය වඩන්නේ ය. මහණෙක් ධර්‍මය ... මහණෙක් සඟුන් ... මහණෙක් ශික්‍ෂාව ... මහණෙක් සමාධිය ... මහණෙක් අප්‍රමාදය ... මහණෙක් පටිසන්‍ථාරයට සත්කාර කොට ගුරුකාර කොට ඇසුරු කොට වාස කරන්නේ අකුශලය දුරලන්නේ ය, කුසල් වඩන්නේ ය”යි.

තස‍්ස මය‍්හං භන‍්තෙ, එතදහොසි. “ඉමෙ ඛො මෙ ධම‍්මා පරිසුද‍්ධා පරියොදාතා, යන‍්නූනාහං ඉමෙ ධම‍්මෙ ගන‍්ත්‍වා භගවතො ආරොචෙය්‍යං, එවම‍්මෙ ඉමෙ ධම‍්මා පරිසුද‍්ධා චෙව භවිස‍්සන‍්ති පරිසුද‍්ධසඞ‍්ඛතතරා ච.”

වහන්ස, එ මට මෙසිත වීය: මාගේ මෙ දහම්හු පරිශුද්ධයහ. පර්‍ය්‍යවදාතයහ. ඉදින් මම් මේ දහම් ගෙණ ගොස් භාග්‍යවතුන් වහන්සේට සැළ කෙරෙම් නම්, එසේ ඇතිවත් ම මාගේ මෙ ධර්‍මයෝ ඉතා පිරිසිදු හා පරිශුද්ධ සංස්කෘතතර වන්නාහ”යි.

සෙය්‍යථාපි නාම පුරිසො සුවණ‍්ණනික‍්ඛං අධිගච‍්ඡෙය්‍ය, පරිසුද‍්ධං පරියොදාතං, තස‍්ස එවමස‍්ස: අයං ඛො මෙ සුවණ‍්ණනික‍්ඛො, පරිසුද‍්ධො පරියොදාතො, යන‍්නූනාහං ඉමං සුවණ‍්ණනික‍්ඛං ගන‍්ත්‍වා කම‍්මාරානං දස‍්සෙය්‍යං එවම‍්මෙ අයං සුවණ‍්ණනික‍්ඛො කම‍්මාරගතො පරිසුද‍්ධො චෙව භවිස‍්සති පරිසුද‍්ධසඞ‍්ඛතතරො චාති, එවම‍්මෙ ඉමෙ ධම‍්මා පරිසුද‍්ධා පරියොදාතා, යන‍්නූනාහං ඉමෙ ධම‍්මෙ ගන‍්ත්‍වා භගවතො ආරොචෙය්‍යං, එවම‍්මෙ ඉමෙ ධම‍්මා පරිසුද‍්ධා චෙව භවිස‍්සන‍්ති පරිසුද‍්ධසඞ‍්ඛතතරා චාති.

යම් පරිදි පුරුෂයෙක් පිරිසිදු පර්‍ය්‍යවදාත රන්නිකක් ලබා නම්, ඔහට මෙබඳු සිතෙක් වන්නේ ය. මාගේ මේ ස්වර්‍ණනිෂ්කය පරිශුද්ධ ය, පර්‍ය්‍යවදාත ය. ඉදින් මම මේ සුවර්‍ණනිෂ්කය කඹුරනට දක්වම් නම්, මැනැව. එසේ වත් එ මගේ මේ සුවර්‍ණනිෂ්කය කඹුරන් අත පත් වූයේ ඉතා පිරිසිදු හා පරිශුද්ධසංස්කෘතතර හා වන්නේ ය”යි. එසේ ම මාගේ මේ ධර්‍මයෝ පරිශුද්ධ පර්‍ය්‍යවදාත වෙති. ඉදින් මම මෙදහම් ගෙණ ගොස් භාග්‍යවතුන් වහන්සේට සැළකරම් නම්, එසේ වත් ම මෙදහම්හු ඉතා පිරිසිදු හා පරිශුද්ධසංස්කෘතතර වන්නාහ යි.

සාධු සාරිපුත‍්ත, සත්‍ථාරං ඛො සාරිපුත‍්ත, භික‍්ඛු සක‍්කත්‍වා ගරුකත්‍වා උපනිස‍්සාය විහරන‍්තො අකුසලං පජහෙය්‍ය කුසලං භාවෙය්‍ය, ධම‍්මං ඛො සාරිපුත‍්ත, භික‍්ඛු -පෙ- සඞ‍්ඝං ඛො සාරිපුත‍්ත, භික‍්ඛු -පෙ- සික‍්ඛං ඛො සාරිපුත‍්ත, භික‍්ඛු -පෙ- සමාධිං ඛො සාරිපුත‍්ත භික‍්ඛු -පෙ- අප‍්පමාදං ඛො සාරිපුත‍්ත, භික‍්ඛු -පෙ- පටිසන්‍ථාරං ඛො සාරිපුත‍්ත, භික‍්ඛු සක‍්කත්‍වා ගරුකත්‍වා උපනිස‍්සාය විහරන‍්තො අකුසලං පජහෙය්‍ය කුසලං භාවෙය්‍යාති.

සැරියුත, මැනැව, සැරියුත, මහණෙක් ශාස්තෘන්හට සත්කාර කොට ගුරු කොට ශාස්තෘන් ඇසුරු කරමින් වාස කරන්නේ අකුසල් දුරු කරන්නේ ය. කුසල් වඩන්නේ ය. සැරියුත, මහණෙක් ධර්‍මය ... සැරියුත, මහණෙක් සඟුන් … සැරියුත, මහණෙක් ශික්‍ෂාව ... සැරියුත, මහණෙක් සමාධිය ... සැරියුත, මහණෙක් අප්‍රමාදය ... සැරියුත් මහණෙක් පටිසන්‍ථාරයට සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට වසනුයේ අකුසල් දුරු කරන්නේ ය, කුලස් වඩන්නේ යයි.

එවං වුත‍්තෙ ආයස‍්මා සාරිපුත‍්තො භගවන‍්තං එතදවොච: ඉමස‍්ස ඛො අහං භන‍්තෙ භගවතා සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස එවං විත්‍ථාරෙන අත්‍ථං ආජානාමි:

මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ශාරීපුත්‍රතෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකළහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් වදාරන ලද මෙ භාෂිතයාගේ අර්‍ත්‍ථය මෙසෙයින් විස්තර විසින් දනිමි.

සො වත භන‍්තෙ, භික‍්ඛු සත්‍ථරි අගාරවො ධම‍්මෙ සගාරවො භවිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති. යො සො භන‍්තෙ, භික‍්ඛු සත්‍ථරි අගාරවො ධම‍්මෙපි සො අගාරවො.

වහන්ස, ඒකාන්තයෙන් එ මහණ ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැතියේ ධර්‍මය කෙරෙහි ගෞරව සහිත වන්නේ ය යන තෙල කරුණ විද්‍යාමාන නො වේ. වහන්ස, යම් එ මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි අගෞරව ඇතියේ වේ නම් එ මහණ ඒකාන්තයෙන් ධර්‍මයෙහි දු අගෞරව ඇතියේ වෙයි.

සො වත භන‍්තෙ, භික‍්ඛු සත්‍ථරි අගාරවො ධම‍්මෙ අගාරවො සඞ‍්ඝෙ සගාරවො භවිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජතී. යො සො භන‍්තෙ භික‍්ඛු සත්‍ථරි අගාරවො ධම‍්මෙ අගාරවො සඞ‍්ඝෙපි සො අගාරවො:

වහන්ස, එ මහණ ඒකාන්තයෙන් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැතියේ ධර්‍මයෙහි ගෞරව නැතියේ සංඝයා කෙරෙහි ගෞරව සහිත වන්නේ ය යන තෙල කරුණ විද්‍යාමාන නොවේ. වහන්ස, යම් එ මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැතියේ, ධර්‍මයෙහි ගෞරව නැතියේ නම් හෙ සඞ්ඝයා කෙරෙහි ද අගෞරව ඇතියේ ය.

සො වත භන‍්තෙ, භික‍්ඛූ සත්‍ථරි අගාරවො ධම‍්මෙ අගාරවො සඞ‍්ඝො අගාරවො සික‍්ඛාය සගාරවො භවිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති.

වහන්ස, එ මහණ ඒකාන්තයෙන් ශාස්තෘන් වහන්සේ කෙරෙහි අගෞරව ඇතියේ, ධර්‍මයෙහි අගෞරව ඇතියේ, සඞ්ඝයා කෙරෙහි අගෞරව ඇතියේ, ශික්‍ෂායෙහි සගෞරව වන්නේ ය යන තෙල කරුණ විද්‍යාමාන නො වේ.

යො සො භන‍්තෙ, භික‍්ඛු සත්‍ථරි අගාරවො ධම‍්මෙ අගාරවො සඞ‍්ඝෙ, අගාරවො සික‍්ඛායපි සො අගාරවො.

වහන්ස, යම් ඒ මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැතියේ, ධර්‍මයෙහි අගෞරව ඇතියේ, සඞ්ඝයා කෙරෙහි ගෞරව නැතියේ නම්, හේ ශික්‍ෂායෙහි දු ගෞරව නැතියේ ය.

සො වත භන‍්තෙ, භික‍්ඛු සත්‍ථරි අගාරවො ධම‍්මෙ අගාරවො සඞ‍්ඝෙ අගාරවො සික‍්ඛාය අගාරවො සමාධිස‍්මිං සගාරවො භවිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති.

වහන්ස, ඒකාන්තයෙන් එ මහණ ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැතියේ ධර්‍මයෙහි ගෞරව නැතියේ සඟුන් කෙරෙහි ගෞරව නැතියේ ශික්‍ෂායෙහි ගෞරව නැතියේ සමාධියෙහි සගෞරව වන්නේ ය යන තෙල කරුණ නො වේ.

යො සො භන‍්තෙ, භික‍්ඛූ සත්‍ථරි අගාරවො ධම‍්මෙ අගාරවො සඞ‍්ඝෙ අගාරවො සික‍්ඛාය අගාරවො සමාධිස‍්මිම‍්පි සො අගාරවො.

වහන්ස, යම් එ මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි අගෞරව ඇතියේ ධර්‍මයෙහි අගෞරව ඇතියේ සඟුන් කෙරෙහි අගෞරව ඇතියේ ශික්‍ෂායෙහි ගෞරව නැතියේ නම්, හෙ සමාධියෙහි දු අගෞරව ඇතියේ වෙයි.

සො වත භන‍්තෙ, භික‍්ඛු සත්‍ථරි අගාරවො ධම‍්මෙ අගාරවො සඞ‍්ඝෙ අගාරවො සික‍්ඛාය අගාරවො සමාධිස‍්මිං අගාරවො අප‍්පමාදෙ සගාරවො භවිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති.

වහන්ස, ඒකාන්තයෙන් එ මහණ ශාස්තෘන් වහන්සේ කෙරෙහි අගෞරව ඇතියේ ධර්‍මයෙහි අගෞරව ඇතියේ සඞ්ඝයා කෙරෙහි අගෞරව ඇතියේ, ශික්‍ෂායෙහි අගෞරව ඇතියේ, සමාධියෙහි අගෞරව ඇතියේ, අප්‍රමාදයෙහි ගෞරව සහිත වන්නේ ය යන තෙල කරුණ විද්‍යාමාන නො වේ.

යො සො භන‍්තෙ, භික‍්ඛු සත්‍ථරි අගාරවො ධම‍්මෙ අගාරවො සඞ‍්ඝෙ අගාරවො සික‍්ඛාය අගාරවො සමාධිස‍්මිං අගාරවො අප‍්පමාදෙපි සො අගාරවො.

වහන්ස, යම් එ මහණෙක් ශාස්තෘන් කෙරෙහි ගෞරව නැතියේ ධර්‍මයෙහි ගෞරව නැතියේ සඞ්ඝයා කෙරෙහි ගෞරව නැතියේ ශික්‍ෂායෙහි ගෞරව නැතියේ සමාධියෙහි ගෞරව නැතියේ වේ නම්, අප්‍රමාදයෙහි දු හෙ ගෞරව නැතියේ වෙයි.

සො වත භන‍්තෙ භික‍්ඛු සත්‍ථරි අගාරවො ධම‍්මෙ අගාරවො සඞ‍්ඝෙ අගාරවො සික‍්ඛාය අගාරවො සමාධිස‍්මිං අගාරවො අප‍්පමාදෙ අගාරවො පටිසන්‍ථාරෙ සගාරවො භවිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති.

වහන්ස, ඒකාන්තයෙන් එ මහණ ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැතියේ ධර්‍මයෙහි ගෞරව නැතියේ සඞ්ඝයා කෙරෙහි ගෞරව නැතියේ ශික්‍ෂායෙහි ගෞරව නැතියේ සමාධියෙහි ගෞරව නැතියේ අප්‍රමාදයෙහි ගෞරව නැතියේ පිළිසඳරෙහි ගෞරව සහිත වන්නේ ය යන තෙල කරුණ විද්‍යාමාන නො වේ.

යො සො වත භන‍්තෙ, භික‍්ඛු සත්‍ථරි අගාරවො ධම‍්මෙ අගාරවො සඞ‍්ඝෙ අගාරවො සික‍්ඛාය අගාරවො සමාධිස‍්මිං අගාරවො අප‍්පමාදෙ අගාරවො පටිසන්‍ථාරෙපි සො අගාරවො.

වහන්ස, යම් එ මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැතියේ ධර්‍මයෙහි ගෞරව නැතියේ සඞ්ඝයා කෙරෙහි ගෞරව නැතියේ ශික්‍ෂායෙහි ගෞරව නැතියේ සමාධියෙහි ගෞරව නැතියේ අප්‍රමාදයෙහි ගෞරව නැතියේ වේ නම්, පටිසන්‍ථාරයෙහි දු හෙ අගෞරව ඇතියේ වෙයි.

සො වත භන‍්තෙ, භික‍්ඛු සත්‍ථරි සගාරවො ධම‍්මෙ අගාරවො භවිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති. යො සො භන‍්තෙ, භික‍්ඛු සත්‍ථරි සගාරවො ධම‍්මෙපි සො සගාරවො.

වහන්ස, එ මහණ ඒකාන්තයෙන් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව සහිත වූයේ ධර්‍මයෙහි අගෞරව ඇතියේ වන්නේ ය යන තෙල කරුණ විද්‍යාමාන නොවේ. වහන්ස, යම් එ මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි සගෞරව වේ නම්, හෙ ධර්‍මයෙහි දු සගෞරව වෙයි.

සො වත භන‍්තෙ, භික‍්ඛු සත්‍ථරි සගාරවො ධම‍්මෙ සගාරවො සඞ‍්ඝෙ අගාරවො භවිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති. යො සො භන‍්තෙ, භික‍්ඛු සත්‍ථරි සගාරවො ධම‍්මෙ සගාරවො, සඞ‍්ඝෙපි සො සගාරවො.

වහන්ස, එ මහණ එකැතියෙන් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව සහිත වූයේ ධර්‍මයෙහි සගෞරව වූයේ සඞ්ඝයා කෙරෙහි ගෞරව නැතියේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. වහන්ස, යම් එ මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව සහිත වූයේ ධර්‍මයෙහි ගෞරව සහිත වූයේ නම්, හේ සඟුන් කෙරෙහි දු සගෞරව වෙයි.

සො වත භන‍්තෙ භික‍්ඛු සත්‍ථරි සගාරවො ධම‍්මෙ සගාරවො සඞ‍්ඝෙ සගාරවො සික‍්ඛාය අගාරවො භවිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති. යො සො භන‍්තෙ, භික‍්ඛු සත්‍ථරි සගාරවො ධම‍්මෙ සගාරවො සඞ‍්ඝෙ සගාරවො සික‍්ඛායපි සො සගාරවො.

වහන්ස, එකැතියෙන් එ මහණ ශාස්තෘන් වහන්සේ කෙරෙහි සගෞරව වූයේ ධර්‍මයෙහි සගෞරව වූයේ සඟුන් කෙරෙහි සගෞරව වූයේ ශික්‍ෂායෙහි අගෞරව ඇතියේ ය යන තෙල කරුණ විද්‍යාමාන නො වේ. වහන්ස, යම් එ මහණෙක් ශාස්තෘන් කෙරෙහි ගෞරව සහිත වූයේ ධර්‍මයෙහි ගෞරව සහිත වූයේ සඟුන් කෙරෙහි ගෞරව සහිත වූයේ නම්, හෙ ශික්‍ෂායෙහි දු සගෞරව වෙයි.

සො වත භන‍්තෙ, භික‍්ඛු සත්‍ථරි සගාරවො ධම‍්මෙ සගාරවො සඞ‍්ඝෙ සගාරවො සික‍්ඛාය සගාරවො සමාධිස‍්මිං අගාරවො භවිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති. යො සො භන‍්තෙ, භික‍්ඛු සත්‍ථරි සගාරවො ධම‍්මෙ සගාරවො සඞ‍්ඝෙ සගාරවො සික‍්ඛාය සගාරවො සමාධිස‍්මිංපි සො සගාරවො.

වහන්ස, එ මහණ ඒකාන්තයෙන් ශාස්තෘන් වහන්සේ කෙරෙහි සගෞරව වූයේ ධර්‍මයෙහි සගෞරව වූයේ සඟුන් කෙරෙහි සගෞරව වූයේ ශික්‍ෂායෙහි සගෞරව වූයේ සමාධියෙහි අගෞරව ඇතියේ වන්නේ ය යන තෙල කරුණ විද්‍යාමාන නො වේ. වහන්ස, යම් එ මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ධර්‍මයෙහි සගෞරව වූයේ සඟුන් කෙරෙහි සගෞරව වූයේ ශික්‍ෂායෙහි සගෞරව වූයේ නම්, හෙ සමාධියෙහි දු සගෞරව වේ.

සො වත භන‍්තෙ, භික‍්ඛු සත්‍ථරි සගාරවො. ධම‍්මෙ සගාරවො සඞ‍්ඝෙ සගාරවො සික‍්ඛාය සගාරවො සමාධිස‍්මිං සගාරවො අප‍්පමාදෙ අගාරවො භවිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති.

වහන්ස, එ මහණ එකැතියෙන් ශාස්තෘන් වහන්සේ කෙරෙහි සගෞරව වූයේ ධර්‍මයෙහි සගෞරව වූයේ සඞ්ඝයා කෙරෙහි සගෞරව වූයේ ශික්‍ෂායෙහි සගෞරව වූයේ සමාධියෙහි සගෞරව වූයේ අප්‍රමාදයෙහි අගෞරව ඇතියේ ය යන තෙල කරුණ විද්‍යාමාන නො වේ.

යො සො භන‍්තෙ භික‍්ඛු සත්‍ථරි සගාරවො ධම‍්මෙ සගාරවො සඞ‍්ඝෙ සගාරවො සික‍්ඛාය සගාරවො, සමාධිස‍්මිං සගාරවො අප‍්පමාදෙපි සො සගාරවො.

වහන්ස, යම් ඒ මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි සගෞරව වූයේ ධර්‍මයෙහි සගෞරව වූයේ සඟුන් කෙරෙහි සගෞරව වූයේ ශික්‍ෂායෙහි සගෞරව වූයේ සමාධියෙහි සගෞරව වූයේ අප්‍රමාදයෙහි දු සගෞරව වෙයි.

සො වත භන‍්තෙ, භික‍්ඛු සත්‍ථරි සගාරවො ධම‍්මෙ සගාරවො සඞ‍්ඝෙ සගාරවො සික‍්ඛාය සගාරවො සමාධිස‍්මිං සගාරවො අප‍්පමාදෙ සගාරවො පටිසන්‍ථාරෙ අගාරවො භවිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති.

වහන්ස, එ මහණ ඒකාන්තයෙන් ශාස්තෘන් වහන්සේ කෙරෙහි සගෞරව වූයේ ධර්‍මයෙහි සගෞරව වූයේ සඞ්ඝයා කෙරෙහි සගෞරව වූයේ ශික්‍ෂායෙහි සගෞරව වූයේ සමාධියෙහි සගෞරව වූයේ අප්‍රමාදයෙහි සගෞරව වූයේ පටිසන්‍ථාරයෙහි අගෞරව ඇති වන්නේ ය යන තෙල කරුණ විද්‍යාමාන නො වේ.

යො සො භන‍්තෙ, භික‍්ඛු සත්‍ථරි සගාරවො ධම‍්මෙ සගාරවො සඞ‍්ඝෙ සගාරවො සික‍්ඛාය සගාරවො සමාධිස‍්මිං සගාරවො අප‍්පමාදෙ සගාරවො පටිසන්‍ථාරෙපි සො සගාරවොති.

වහන්ස, යම් එ මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි සගෞරව වූයේ ධර්‍මයෙහි සගෞරව වූයේ සඞ්ඝයා කෙරෙහි සගෞරව වූයේ ශික්‍ෂායෙහි සගෞරව වූයේ සමාධියෙහි සගෞරව වූයේ අප්‍රමාදයෙහි සගෞරව වූයේ නම්, හෙ පටිසන්‍ථාරයෙහි දු සගෞරව වෙයි.

ඉමස‍්ස ඛො අහං භන‍්තෙ, භගවතා සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස එවං විත්‍ථාරෙන අත්‍ථං ආජානාමි. සාධු සාධු සාරිපුත‍්ත, සාධු ඛො ත්‍වං සාරිපුත‍්ත, ඉමස‍්ස මයා සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස එවං විත්‍ථාරෙන අත්‍ථං ආජානාසි.

වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාළ මෙ භාෂිතයාගේ අර්‍ත්‍ථය මම විස්තර විසින් මෙසෙයින් දනිමි යි. ශාරීපුත්‍රයෙනි, මැනැවි, මැනැවි, ශාරීපුත්‍රය, මා විසින් සැකෙවින් දෙසන ලද මෙ භාෂිතයාගේ අර්‍ත්‍ථය තො මෙලෙසින් විස්තර විසින් දනිහි නම් මනා ය.

සො වත සාරිපුත‍්ත, භික‍්ඛු සත්‍ථරි අගාරවො ධම‍්මෙ සගාරවො භවිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති. යො සො සාරිපුත‍්ත, භික‍්ඛු සත්‍ථරි අගාරවො ධම‍්මෙපි සො අගාරවො.

සැරියුත, එ මහණ එකැතියෙන් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැතියේ ධර්‍මයෙහි සගෞරව වේ ය යන තෙල කරුණ අවිද්‍යාමාන ය. සැරියුත, යම් එ මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැතියේ ද, ධර්‍මයෙහි දු හෙ ගෞරව නැතියේ ය.

සො වත සාරිපුත‍්ත භික‍්ඛු සත්‍ථරි අගාරවො ධම‍්මෙ අගාරවො -පෙ- සඞ‍්ඝෙ සගාරවො -පෙ- සික‍්ඛාය අගාරවො -පෙ- සමාධිස‍්මිං අගාරවො -පෙ- අප‍්පමාදෙ අගාරවො පටිසන්‍ථාරෙ සගාරවො භවිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති. යො සො සාරිපුත‍්ත, භික‍්ඛු සත්‍ථරි අගාරවො ධම‍්මෙ අගාරවො, සඞ‍්ඝෙ අගාරවො සික‍්ඛාය අගාරවො, සමාධිස‍්මිං අගාරවො අප‍්පමාදෙ අගාරවො පටිසන්‍ථාරෙපි සො අගාරවො.

ශාරීපුත්‍රයෙනි, එ මහණ ඒකාන්තයෙන් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැතියේ ධර්‍මයෙහි ගෞරව නැතියේ ... සඟුන් කෙරෙහි ගෞරව නැතියේ … ශික්‍ෂායෙහි ගෞරව නැතියේ … සමාධියෙහි ගෞරව නැතියේ .. අප්‍රමාදයෙහි ගෞරව නැතියේ පටිසන්‍ථාරයෙහි ගෞරව සහිත වන්නේ ය යන තෙල කරුණ විද්‍යාමාන නො වේ. ශාරිපුත්‍රය, යම් එ මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැතියේ, ධර්‍මයෙහි ගෞරව නැතියේ, සඞ්ඝයා කෙරෙහි ගෞරව නැතියේ, ශික්‍ෂායෙහි ගෞරව නැතියේ, සමාධියෙහි ගෞරව නැතියේ, අප්‍රමාදයෙහි කෙරෙහි ගෞරව නැතියේ වේ ද, හෙ පිළිසඳරෙහි දු ගෞරව නැතියේ ය.

සො වත සාරිපුත‍්ත, භික‍්ඛු සත්‍ථරි සගාරවො ධම‍්මෙ අගාරවො භවිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති. යො සො සාරිපුත‍්ත, භික‍්ඛු සත්‍ථරි සගාරවො ධම‍්මෙපි සො සගාරවො.

ශාරීපුත්‍රයෙනි, ඒකාන්තයෙන් එ මහණ ශාස්තෘන් වහන්සේ කෙරෙහි සගෞරව වූයේ ධර්‍මයෙහි අගෞරව ඇතියේ ය යන තෙල කරුණ විද්‍යාමාන නො වේ. ශාරීපුත්‍රය, යම් එ මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි සගෞරව වේ ද, සැරියුත, එ මහණ එකැතියෙන් ධර්‍මයෙහි දු සගෞරව වෙයි.

සො වත සාරිපුත‍්ත භික‍්ඛු සත්‍ථරි සගාරවො ධම‍්මෙ සගාරවො -පෙ- සඞ‍්ඝෙ සගාරවො -පෙ- සික‍්ඛාය සගාරවො -පෙ- සමාධිස‍්මිං සගාරවො -පෙ- අප‍්පමාදෙ සගාරවො පටිසන්‍ථාරෙ අගාරවො භවිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති. යො සො සාරිපුත‍්ත, භික‍්ඛු සත්‍ථරි සගාරවො -පෙ- පටිසන්‍ථාරෙපි සො සගාරවො.

ශාරීපුත්‍රයෙනි, එ මහණ ඒකාන්තයෙන් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව සහිත වේ ද ... ධර්‍මයෙහි සගෞරව වේ ද ... සඞ්ඝයා කෙරෙහි සගෞරව වේ ද ... ශික්‍ෂායෙහි සගෞරව වේ ද … සමාධියෙහි සගෞරව වේ ද … අප්‍රමාදයෙහි සගෞරව වේ ද ... පටිසන්‍ථාරයෙහි අගෞරව ඇතියේ ය යන තෙල කරුණ විද්‍යාමාන නො වේ. සැරියුත, යම් ඒ මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි සගෞරව වේ ද ... පිළිසඳරෙහි දු හෙ සගෞරව වෙයි.

ඉමස‍්ස ඛො සාරිපුත‍්ත, සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස එවං විත්‍ථාරෙන අත්‍ථො දට‍්ඨබ‍්බොති.

සැරියුත, මා විසින් සැකෙවින් දෙසන ලද මෙ භාෂිතයාගේ අර්‍ත්‍ථය මෙසෙයින් විතර විසින් දැක්ක යුත්තේ ය යි.