යෙදුමෙන් කියවන්න

පාරිච‍්ඡත‍්තක සුත‍්තං

7. 2. 2. 5.

7. 2. 2. 5.

[පාරිච‍්ඡත‍්තක සුත‍්තං]

[පාරිච්ඡත්තක සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

16. යස‍්මිං භික‍්ඛවෙ සමයෙ දෙවානං තාවතිංසානං පාරිච‍්ඡත‍්තකො කොවිළාරො පණ‍්ඩුපලාසො හොති. අත‍්තමනා භික‍්ඛවෙ දෙවා තාවතිංසා තස‍්මිං සමයෙ හොන‍්ති: ‘පණ‍්ඩුපලාසොදානි පාරිච‍්ඡත‍්තකො කොවිළාරො, න චිරස‍්සෙව දානි සන‍්නපලාසො භවිස‍්සතී’ති.

16. මහණෙනි, යම් කලෙක්හි තාවතිංස දෙවියන්ගේ කෝවිදාර නම් පරසතුරුක පඬුවන් පත් ඇති වේ ද, මහණෙනි, තාවතිංස දෙවියෝ එකල්හි “දැන් කෝවිදාර පරසතුරුක පඬුවන් පත්‍ර ඇතියේ ය. තව නොබෝ කලෙකින් ම ගිලිහුනු පත් ඇතිවන්නේ ය”යි සතුටු සිත් ඇති වන්නාහ.

යස‍්මිං භික‍්ඛවෙ, සමයෙ දෙවානං තාවතිංසානං පාරිච‍්ඡත‍්තකො කොවිළාරො සන‍්නපලාසො හොති, අත‍්තමනා භික‍්ඛවෙ දෙවා තාවතිංසා තස‍්මිං සමයෙ හොන‍්ති: සන‍්නපලාසොදානි පාරිච‍්ඡත‍්තකො කොවිළාරො න චිරස‍්සෙවදානි ජාලකජාතො භවිස‍්සතී’ති.

මහණෙනි, යම් කලෙක්හි තාවතිංස දෙවියන්ගේ කෝවිදාර නම් පරසතුරුක පතිතපත්‍ර ඇතියේ වේ ද, මහණෙනි, එසමයෙහි තාවතිංස දෙවියෝ “දැන් කෝවිදාර පාරිච්ඡත්‍රකවෘක්‍ෂය ගිලිහුනු පත් ඇතියේ ය. නොබෝ කලෙකින් ම හටගත් කොළමල් දැල් ඇති වන්නේය”යි සතුටු සිතැති වෙත්.

යස‍්මිං භික‍්ඛවෙ සමයෙ දෙවානං තාවතිංසානං පාරිච‍්ඡත‍්තකො කොවිළාරො ජාලකජාතො හොති, අත‍්තමනා භික‍්ඛවෙ, දෙවා තාවතිංසා තස‍්මිං සමයෙ හොන‍්ති ජාලකජාතොදානි පාරිච‍්ඡත‍්තකො කොවිළාරො, න චිරස‍්සෙවදානි ඛාරකජාතො භවිස‍්සතීති.

මහණෙනි, යම් කලෙක්හි තාවතිංස දෙවියන්ගේ කෝවිදාර නම් පාරිච්ඡත්‍රවෘක්‍ෂය හටගත් පලුමල්කැන් ඇති වේ නම්, මහණෙනි, එසමයෙහි තාවතිංස දෙවියෝ “දැන් කෝවිදාර පරසතුරුක හටගත් පලුමල්කැන් ඇතියේ නොබෝ කලෙකින් ම වෙන් වෙන් ව බෙදුනු පලුමල්කැන් ඇති වන්නේ ය”යි තුටු සිත් ඇති වෙත්.

යස‍්මිං භික‍්ඛවෙ, සමයෙ දෙවානං තාවතිංසානං පාරිච‍්ඡත‍්තකො කොවිළාරො ඛාරකජාතො හොති, අත‍්තමනා භික‍්ඛවෙ, දෙවා තාවතිංසා තස‍්මිං සමයෙ හොන‍්ති ඛාරකජාතොදානි පාරිච‍්ඡත‍්තකො කොවිළාරො, න චිරස‍්සෙවදානි කුඩුමලකජාතො භවිස‍්සතීති.

මහණෙනි, යම් සමයෙක්හි තාවතිංස දෙවියන්ගේ කොවිළාර නම් පරසතුරුක වෙන් වෙන් ව බෙදුනු පලු මල් කැන් ඇති වේ ද, මහණෙනි, එසමයෙහි තාවතිංස දෙවියෝ සතුටුසිත් ඇති වෙත්: “දැන් කොවිළාර නම් පරසතුරුක ක්‍ෂාරකජාත (බෙදීගිය පලුමල් කැන් ඇති) විය, නොබෝ කලෙකින් ම හටගත් කුඩ්මල ඇති වේ යයි.

යස‍්මිං භික‍්ඛවෙ සමයෙ දෙවානං තාවතිංසානං පාරිච‍්ඡත‍්තකො කොවිළාරො කුඩුමලකජාතො හොති, අත‍්තමනා භික‍්ඛවෙ, දෙවා තාවතිංසා තස‍්මිං සමයෙ හොන‍්ති කුඩුමලකජාතොදානි පාරිච‍්ඡත‍්තකො කොවිළාරො, න චිරස‍්සෙවදානි කොකාසකජාතො භවිස‍්සතී’ති.

මහණෙනි, යම් සමයෙක්හි තාවතිංස දෙවියන්ගේ කෝවිදාර නම් පාරිච්ඡත්‍රක වෘක්‍ෂය හටගත් කුඩ්මල ඇතියේ වේ ද, මහණෙනි, එසමයෙහි තාවතිංස දෙවියෝ “කෝවිදාර පරසතුරුක දැන් හටගත් කුඩ්මල ඇතියේ නොබෝ දවසෙකින් ම මිණිබුන් මලින් යුතුවේ ය”යි සතුටු වන්නාහ.

යස‍්මිං භික‍්ඛවෙ, සමයෙ දෙවානං තාවතිංසානං පාරිච‍්ඡත‍්තකො කොවිළාරො කොකාසකජාතො හොති, අත‍්තමනා භික‍්ඛවෙ, දෙවා තාවතිංසා හොන‍්ති කොකාසකජාතොදානි පාරිච‍්ඡත‍්තකො කොවිළාරො, න චිරස‍්සෙවදානි සබ‍්බපාලිඵුල‍්ලො භවිස‍්සතීති.

මහණෙනි, යම් කලෙක තවුතිසාවැසි දෙවියන්ගේ කෝවිදාර පරසතුරුක මිණිමුතුවන මල් ඇතිවන්නේ ද, මහණෙනි, තවුතිසාවැසි දෙවියෝ එකල්හි “දැන් කෝවිදාර පරසතුරුක මිණිමුතුවන මල් ඇතියේ ය, නොබෝ දවසෙකින් ම හැම සේ මොනොවට පිපියේ වන්නේ ය”යි තුටු වෙත්.

යස‍්මිං භික‍්ඛවෙ, සමයෙ දෙවානං තාවතිංසානං පාරිච‍්ඡත‍්තකො කොවිළාරො සබ‍්බපාලිඵුල‍්ලො හොති, අත‍්තමනා භික‍්ඛවෙ, දෙවා තාවතිංසා පාරිච‍්ඡත‍්තකස‍්ස කොවිළාරස‍්ස මූලෙ දිබ‍්බෙ චත‍්තාරො මාසෙ පඤ‍්චහි කාමගුණෙහි සමප‍්පිතා සමඞ‍්ගිභූතා පරිවාරෙන‍්ති. සබ‍්බපාලිඵුල‍්ලස‍්ස භික‍්ඛවෙ, පාරිච‍්ඡත‍්තකස‍්ස කොවිළාරස‍්ස සමන‍්තා පඤ‍්ඤාස යොජනානි ආභාය ඵුටං හොති, අනුවාතං යොජනසතං ගන්‍ධො ගච‍්ඡති. අයමනුභාවො පාරිච‍්ඡත‍්තකස‍්ස කොවිළාරස‍්ස.

මහණෙනි, යම් කලෙක තාවතිංස දෙවියන්ගේ කෝවිදාර පරසතුරුක සර්‍වප්‍රකාරයෙන් පාලිඵුල්ල වේ ද, මහණෙනි, (එසමයෙහි) තාවතිංස දෙවියෝ කෝවිදාර පරසතුරුක්හුගේ මුල දිව්‍යවර්‍ෂගණනායෙන් සාරමසක් (මනුෂ්‍ය වර්‍ෂ ගණනායෙන් දොළොස් දහසක් අවුරුදු) පස්කම් ගුණෙන් සමන්‍වාගත වූවාහු සමර්පිත වූවාහු අභිරමණය කෙරෙත්. ක්‍රීඩා කරත්. මහණෙනි, සර්‍වප්‍රකාරයෙන් පාලිඵුල්ල වූ කෝවිදාර පරසතුරුක්හු වටා පණස් යොදුනක් ආලෝකයෙන් පැතිරගියේ වෙයි. ගන්‍ධය යොදුන් සියක් අනුවාතයෙහි හමයි. කෝවිදාර පරිච්ඡත්‍රකයාගේ මෙ අනුභාව වෙයි.

(1) එවමෙව ඛො භික‍්ඛවෙ, යස‍්මිං සමයෙ අරියසාවකො අගාරස‍්මා අනගාරියං පබ‍්බජ‍්ජාය චෙතෙති, පණ‍්ඩුපලාසො භික‍්ඛවෙ, අරියසාවකො තස‍්මිං සමයෙ හොති දෙවානංව තාවතිංසානං පාරිච‍්ඡත‍්තකො කොවිළාරො.

(1) මහණෙනි, එපරිද්දෙන් ම යම් කලෙක්හි අරීසවු ගෙන් නික් ම පැවිද්ද සඳහා සිතා ද, මහණෙනි, එසමයෙහි අරීසවු තව්තිසා වැසි දෙවියන්ගේ කෝවිදාර පාරිච්ඡත්‍රකය සෙයින් පණ්ඩුපලාස වෙයි.

(2) යස‍්මිං භික‍්ඛවෙ, සමයෙ අරියසාවකො කෙසමස‍්සුං ඔහාරෙත්‍වා කාසායානි වත්‍ථානි අච‍්ඡාදෙත්‍වා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතො හොති, සන‍්නපලාසො භික‍්ඛවෙ තස‍්මිං සමයෙ අරියසාවකො හොති දෙවානංව තාවතිංසානං පාරිච‍්ඡත‍්තකො කොවිළාරො.

(2) මහණෙනි, යම් සමයෙක්හි අරීසවු කෙහෙරවුළු බහා කසාවත් හැඳ ගෙන නික්ම පැවිද්දට පැමිණියේ වේ ද, මහණෙනි, එසමයෙහි අරීසවු තව්තිසා වැසි දෙවියන්ගේ කෝවිදාර පාරිච්ඡත්‍රකය සෙයින් ගුළුපත් (වැටුන කොළ) ඇතියේ වෙයි.

(3) යස‍්මිං භික‍්ඛවෙ, සමයෙ අරියසාවකො විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති, ජාලකජාතො භික‍්ඛවෙ, අරියසාවකො තස‍්මිං සමයෙ හොති දෙවානංව තාවතිංසානං පාරිච‍්ඡත‍්තකො කොවිළාරො.

(3) මහණෙනි, යම් සමයෙක්හි ආර්‍ය්‍යශ්‍රාවක කාමයන්ගේ වෙන් ව ම ... ප්‍රථමධ්‍යානයට එළැඹ වෙසේ ද, මහණෙනි, එසමයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තාවතිංස දේවයන්ගේ කෝවිදාර පාරිච්ඡත්‍රක රුක සෙයින් ජාලක ජාත වෙයි.

(4) යස‍්මිං භික‍්ඛවෙ සමයෙ අරියසාවකො විතක‍්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති, ඛාරකජාතො භික‍්ඛවෙ, අරියසාවකො තස‍්මිං සමයෙ හොති දෙවානංව තාවතිංසානං පාරිච‍්ඡත‍්තකො කොවිළාරො.

(4) මහණෙනි, යම් කලෙක්හි ආර්‍ය්‍යශ්‍රාවක විතර්‍ක විචාරයන්ගේ ව්‍යුපශමයෙන් ... ද්විතීයධ්‍යානයට එළඹ වෙසේ නම්, මහණෙනි, එසමයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තාවතිංස දේවයන්ගේ කෝවිදාර පරසතුරුක සෙයින් ඛාරකජාත වෙයි.

(5) යස‍්මිං භික‍්ඛවෙ, සමයෙ අරියසාවකො පීතියා ච විරාගා -පෙ- තතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. කුඩුමලකජාතො භික‍්ඛවෙ, අරියසාවකො තස‍්මිං සමයෙ හොති දෙවානංව තාවතිංසානං පාරිච‍්ඡත‍්තකො කොවිළාරො.

(5) මහණෙනි, යම් සමයෙක්හි ආර්‍ය්‍යශ්‍රාවක ප්‍රීතියගේ විරාගයෙන් ... තෘතීයධ්‍යානයට එළැඹ වෙසේ ද, මහණෙනි, එසමයෙහි අරීසවු තාවතිංස දෙවියන්ගේ කෝවිදාර පාරිච්ඡත්‍රකය සෙයින් කුඩ්මල හටගත්තේ වෙයි.

(6) යස‍්මිං භික‍්ඛවෙ, සමයෙ අරියසාවකො සුඛස‍්ස ච පහානා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති, කොකාසකජාතො භික‍්ඛවෙ අරියසාවකො තස‍්මිං සමයෙ හොති දෙවානංව තාවතිංසානං පාරිච‍්ඡත‍්තකො කොවිළාරො.

(6) මහණෙනි, යම් සමයෙක්හි අරීසවු සුඛප්‍රහාණයෙනුදු ... චතුර්‍ත්‍ථධ්‍යානයට එළැඹ වෙසේ ද, මහණෙනි, එසමයෙහි අරීසවු තාවතිංස දෙවියන්ගේ කෝවිදාර නම් පාරිච්ඡත්‍රකවෘක්‍ෂය සෙයින් කොකාසකජාත වෙයි.

(7) යස‍්මිං භික‍්ඛවෙ, සමයෙ අරියසාවකො ආසවානං ඛයා ආනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති, සබ‍්බපාලිඵුල‍්ලො භික‍්ඛවෙ, අරියසාවකො තස‍්මිං සමයෙ හොති දෙවානංව තාවතිංසානං පාරිච‍්ඡත‍්තකො කොවිළාරො.

(7) මහණෙනි, යම් සමයෙක්හි අරීසවු ආස්‍රවයන්ගේ ක්‍ෂයෙන් අනාස්‍රව චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය තමා විසින් විශිෂ්ටඥානයෙන් ඉහාත්මයෙහි ම දැන සාක්‍ෂාත් කොට එයට එළැඹ වෙසේ ද, මහණෙනි, එසමයෙහි අරීසවු තාවතිංස දෙවියන්ගේ කෝවිදාර නම් පාරිච්ඡත්‍රකය සෙයින් හැමසේ පාලිඵුල්ල (පිපුනේ) වේ.

තස‍්මිං භික‍්ඛවෙ, සමයෙ භුම‍්මා දෙවා සද‍්දමනුස‍්සාවෙන‍්ති “එසො ඉත්‍ථන‍්නාමො ආයස‍්මා ඉත්‍ථන‍්නාමස‍්ස ආයස‍්මතො සද‍්ධිවිහාරිකො අමුකම‍්හා ගාමා වා නිගමාවා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතො, ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරතී”ති භුම‍්මානං දෙවානං සද‍්දං සුත්‍වා චාතුම‍්මහාරාජිකා දෙවා සද‍්දමනුස‍්සාවෙන‍්ති.

මහණෙනි, එසමයෙහි බූමාටු දෙවියෝ “තෙල මෙබඳු නම් ඇති ආයුෂ්මත්හුගේ සද්ධිවිහාරික වූ මෙබඳු නම් ඇති ආයුෂ්මත් අසෝ ගමින් හෝ නියම්ගමින් හෝ නික්මියේ පැවිද්දට පැමිණියේ අනාස්‍රව චේතෝවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තමා විසින් විශිෂ්ට ඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එළැඹ වෙසේ ය”යි ශබ්දය අනුශ්‍රාවණය කරත්. බූමාටු දේවයන්ගේ ශබ්දය අසා චාතුම්මහාරාජික දේවයෝ ශබ්දානුශ්‍රාවණය කරත්.

එසො ඉත්‍ථන‍්නාමො ආයස‍්මා ඉත්‍ථන‍්නාමස‍්ස ආයස‍්මතො සද‍්ධිවිහාරිකො අමුකම‍්හා ගාමා වා නිගමා වා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරතීති චාතුම‍්මහාරාජිකානං දෙවානං සද‍්දං සුත්‍වා තාවතිංසා දෙවා -පෙ- යාමා දෙවා -පෙ- තුසිතා දෙවා -පෙ- නිම‍්මානරතී දෙවා -පෙ- පරනිම‍්මිතවසවත‍්තී දෙවා -පෙ- බ්‍රහ‍්මකායිකා දෙවා සද‍්දමනුස‍්සාවෙන‍්ති: එසො ඉත්‍ථන‍්නාමො ආයස‍්මා ඉත්‍ථන‍්නාමස‍්ස ආයස‍්මතො සද‍්ධිවිහාරිකො අමුකම‍්හා ගාමා වා නිගමා වා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතො ආසවානං ඛයා -පෙ- සච‍්ඡිත්‍වා උපසම‍්පජ‍්ජ විහරතීති.

තෙල මෙබඳු නම් ඇති ආයුෂ්මත්හුගේ මෙබඳු නම් ඇති සද්ධිවිහාරික වූ ආයුෂ්මත් අසෝ ගමින් වේවයි, නියම්ගමින් වේවයි ගෙන් නික්ම පැවිද්දට පැමිණියේ ආස්‍රවක්‍ෂයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තමා විසින් ... සාක්‍ෂාත් කොට එයට එළැඹ වාස කෙරේ ය’යි. චාතුර්ම්මහාරාජික දෙවියන්ගේ ශබ්දය අසා තාවතිංස දේවයෝ ... යාම දේවයෝ ... තුසිත දේවයෝ ... නිම්මාණරති දේවයෝ ... පරනිම්මිතවසවත්ති දේවයෝ ... බ්‍රහ්මකායික දේවයෝ ශබ්දය අස්වත්. “තෙල මෙබඳු නම් ඇති ආයුෂ්මත්හුගේ මෙබඳු නම් ඇති සද්ධිවිහාරික වූ ආයුෂ්මත් අසෝ ගමින් හෝ නියම්ගමින් හෝ ගෙන් නික්ම පැවිද්දට පැමිණියේ ආස්‍රවක්‍ෂයෙන් ... සාක්‍ෂාත් කොට එළඹ වෙසේ වෙයි.

ඉතිහ තෙන ඛණෙන තෙන මුහුත‍්තෙන යාව බ්‍රහ‍්මලොකා සද‍්දො අබ‍්භුග‍්ගච‍්ඡති. අයමනුභාවො ඛීණාසවස‍්ස භික‍්ඛුනොති.

මෙසේ එකෙණෙහි, එ මොහෙතෙහි බඹලොව හිම් කොට ශබ්දය උස් ව නැගෙයි. මෙ ක්‍ෂීණාස්‍රව මහණහුගේ අනුභාවය යි.