ධම්මඤ්ඤූ සුත‍්තං
7. 2. 2. 4.
7. 2. 2. 4.
[ධම‍්මඤ‍්ඤූ සුත‍්තං]
[ධම්මඤ්ඤූ සූත්‍රය]
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
15. සත‍්තහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු ආහුනෙය්‍යො හොති -පෙ- අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්ස. කතමෙහි සත‍්තහි:
15. මහණෙනි, කරුණු සතෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි ... ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. කවර සතෙකින යත්:
ඉධ භික‍්ඛවෙ භික‍්ඛු ධම‍්මඤ‍්ඤූ ච හොති අත්‍ථඤ‍්ඤූ ච අත‍්තඤ‍්ඤූ ච මත‍්තඤ‍්ඤූ ච කාලඤ‍්ඤූ ච පරිසඤ‍්ඤූ ච පුග‍්ගලපරොවරඤ‍්ඤූ ච.
මහණෙනි, මෙ සස්නෙහි මහණ ධර්‍මඥ ද වෙයි. අර්‍ත්‍ථඥ ද වෙයි. ආත්මඥ ද වෙයි. මාත්‍රඥ ද වෙයි. කාලඥ ද වෙයි. පර්‍ෂද්ඥ ද වෙයි. පුද්ගලපරාවරඥ ද වෙයි.
(1) කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු ධම‍්මඤ‍්ඤූ හොති. ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු ධම‍්මං ජානාති සුත‍්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථං උදානං ඉතිවුත‍්තකං ජාතකං අබ‍්භුතධම‍්මං වෙදල‍්ලං. නො චෙ භික‍්ඛවෙ, භික‍්ඛු ධම‍්මං ජානෙය්‍ය සුත‍්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථං උදානං ඉතිවුත‍්තකං ජාතකං අබ‍්භුතධම‍්මං වෙදල‍්ලං නයිධ ධම‍්මඤ‍්ඤූති වුච‍්චෙය්‍ය. යස‍්මා ච ඛො භික‍්ඛවෙ, භික‍්ඛූ ධම‍්මං ජානාති සුත‍්තං ගෙය්‍යං -පෙ- අබ‍්භුතධම‍්මං වෙදල‍්ලං, තස‍්මා භික‍්ඛු ධම‍්මඤ‍්ඤූති වුච‍්චති. ඉති ධම‍්මඤ‍්ඤූ.
(1) මහණෙනි, මහණ කෙසේ ධර්‍මඥ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ සූත්‍ර ය, ගෙය ය, වෛය්‍යාකරණ ය, ගාථා ය, උදාන ය, ඉතිවුත්තක ය, ජාතක ය, අද්භූතධර්‍ම ය, වේදල්ල ය යන ධර්‍මය දන්නේ ය. මහණෙනි, ඉදින් මහණ සූත්‍ර ය, ගෙය ය, වෛය්‍යාකරණ ය, ගාථා ය, උදාන ය, ඉතිවුත්තක ය, ජාතක ය, අද්භූතධර්‍ම ය, වේදල්ල ය යන ධර්‍මය නොදන්නේ නම්, මෙ සස්නෙහි ධර්‍මඥයෙකැයි කියනු නො ලබන්නේ ය. මහණෙනි, යම් හෙයකින් මහණ මෙ සූත්‍රය, ගෙය ය, ... අද්භූතධර්‍ම ය, වේදල්ල ය යන ධර්‍මය දන්නේ ද, මහණෙනි, එහෙයින් මහණ ධර්‍මඥ යයි කියනු ලැබේ. මෙසෙයින් ධර්‍මඥ වෙයි.
(2) අත්‍ථඤ‍්ඤූ ච කථං හොති. ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු තස‍්ස තස‍්සෙව භාසිතස‍්ස අත්‍ථං ජානාති “අයං ඉමස‍්ස භාසිතස‍්ස අත්‍ථො, අයං ඉමස‍්ස භාසිතස‍්ස අත්‍ථො”ති. නො චෙ භික‍්ඛවෙ, භික‍්ඛු තස‍්ස තස‍්සෙව භාසිතස‍්ස අත්‍ථං ජානෙය්‍ය “අයං ඉමස‍්ස භාසිතස‍්ස අත්‍ථො, අයංඉමස‍්ස භාසිතස‍්ස අත්‍ථොති” නයිධ අත්‍ථඤ‍්ඤූති වුච‍්චෙය්‍ය. යස‍්මා ච ඛො භික‍්ඛවෙ, භික‍්ඛූ තස‍්ස තස‍්සෙව භාසිතස‍්ස අත්‍ථං ජානාති “අයං ඉමස‍්ස භාසිතස‍්ස අත්‍ථො, අයං ඉමස‍්ස භාසිතස‍්ස අත්‍ථො”ති. තස‍්මා අත්‍ථඤ‍්ඤූති වුච‍්චති. ඉති ධම‍්මඤ‍්ඤූ අත්‍ථඤ‍්ඤූ.
(2) අර්‍ත්‍ථඥ කෙසේ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ මෙ මෙ භාෂිතයාගේ අර්‍ත්‍ථ ය, මෙ භාෂිතයාගේ අර්‍ත්‍ථය’යි භාෂිතයාගේ අර්‍ත්‍ථය දන්නේ ය. මහණෙනි, ඉදින් මහණ, මෙ මෙ භාෂිතයාගේ අර්‍ත්‍ථ ය, මෙ මෙ භාෂිතයාගේ අර්‍ත්‍ථය’යි එ එ භාෂිතයාගේ අර්‍ත්‍ථය නොදන්නේ නම්, මෙ සස්නෙහි අර්‍ත්‍ථඥයෙකැ’යි නො කියනු ලබන්නේ ය. මහණෙනි, යම් හෙයකින් මහණ එ එ භාෂිතයාගේ ම අර්‍ත්‍ථය මෙ මෙ භාෂිතයාගේ අර්‍ත්‍ථය යි දන්නේ නම් එහෙයින් ම අර්‍ත්‍ථඥ යයි කියනු ලබනේ ය. මෙසෙයින් ධර්‍මඥ ද අර්‍ත්‍ථඥ ද වෙයි.
(3) අත‍්තඤ‍්ඤූ ච කථං හොති. ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු අත‍්තානං ජානාති එත‍්තකොම‍්හි සද‍්ධාය සීලෙන සුතෙන චාගෙන පඤ‍්ඤාය පටිභානෙනාති. නො චෙ භික‍්ඛවෙ, භික‍්ඛු අත‍්තානං ජානෙය්‍ය එත‍්තකොම‍්හි සද‍්ධාය සීලෙන සුතෙන චාගෙන පඤ‍්ඤාය පටිභානෙනාති, නයිධ අත‍්තඤ‍්ඤූති වුච‍්චෙය්‍ය. යස‍්මා ච ඛො භික‍්ඛවෙ, භික‍්ඛු අත‍්තානං ජානාති එත‍්තකොම‍්හි සද‍්ධාය සීලෙන සුතෙන චාගෙන පඤ‍්ඤාය පටිභානෙනාති. තස‍්මා අත‍්තඤ‍්ඤූති වුච‍්චති. ඉති ධම‍්මඤ‍්ඤූ අත්‍ථඤ‍්ඤූ අත‍්තඤ‍්ඤූ.
(3) ආත්මඥ කෙසේ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ “ශ්‍රද්ධායෙන් ශීලයෙන්, ශ්‍රැතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥායෙන්, ප්‍රතිභාණයෙන් මෙ පමණයෙමි”යි තමා දන්නේ ය. මහණෙනි, ඉදින් මහණ “ශ්‍රද්ධායෙන් ශීලයෙන්, ශ්‍රැතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥායෙන්, ප්‍රතිභාණයෙන් මෙතෙක් වෙමි”යි තමා නොදන්නේ නම් මෙ සස්නෙහි ආත්මඥයයි යයි නො කියනු ලබන්නේ ය. මහණෙනි, යම් හෙයකින් මහණ “ශ්‍රද්ධායෙන් ශීලයෙන්, ශ්‍රැතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥායෙන්, ප්‍රතිභාණයෙන් මෙතෙක් වෙමි”යි තමා හඳුනන්නේ ද, එහෙයින් ම ‘ආත්මඥය’ යි කියනු ලබන්නේ ය. මෙසේ ධර්‍මඥ, අර්‍ත්‍ථඥ, ආත්මඥ වෙයි.
(4) මත‍්තඤ‍්ඤූ ච කතං හොති. ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු මත‍්තං ජානාති චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරානං පටිග‍්ගහණාය. නො චෙ භික‍්ඛවෙ, භික‍්ඛු මත‍්තං ජානෙය්‍ය චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරානං පටිග‍්ගහණාය, නයිධ මත‍්තඤ‍්ඤූති වුච‍්චෙය්‍ය. යස‍්මා ච ඛො භික‍්ඛවෙ, භික‍්ඛු මත‍්තං ජානාති චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරානං පටිග‍්ගහණාය, තස‍්මා මත‍්තඤ‍්ඤූති වුච‍්චති. ඉති ධම‍්මඤ‍්ඤූ අත්‍ථඤ‍්ඤූ, අත‍්තඤ‍්ඤූ මත‍්තඤ‍්ඤූ.
(4) මාත්‍රඥ කෙසේ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ සිවුරු, පිඬුවා, සෙනසුන්, ගිලන්පස, බෙහෙසද්පිරිකර පිළිගැණුමට මාත්‍රය දන්නේ ය. මහණෙනි, ඉදින් මහණ චීවර, පිණ්ඩපාත, ශයනාසන, ග්ලානප්‍රත්‍යභෛෂජ්‍යපරිෂ්කාරයන් පිළිගැණුමට පමණ නො දන්නේ ද, මෙ සස්නෙහි ‘මාත්‍රඥ’ය යි කියනු නො ලබන්නේ ය. මහණෙනි, යම් හෙයකින් මහණ චීවර, පිණ්ඩපාත, ශයනාසන, ග්ලානප්‍රත්‍යභෛෂජ්‍යපරිෂ්කාරයන් ප්‍රතිග්‍රහණයට මාත්‍රය දන්නේ ද, එහෙයින් ‘මාත්‍රඥ’යයි කියනු ලබන්නේ ය. මෙසේ ධර්‍මඥ අර්‍ත්‍ථඥ ආත්මඥ මාත්‍රඥ වෙයි.
(5) කාලඤ‍්ඤූ ච කථං හොති. ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු කාලං ජානාති: අයං කාලො උද‍්දෙසස‍්ස, අයං කාලො පරිපුච‍්ඡාය, අයං කාලො යොගස‍්ස, අයං කාලො පටිසල‍්ලානායාති. නො චෙ භික‍්ඛවෙ, භික‍්ඛූ කාලං ජානෙය්‍ය, අයං කාලො උද‍්දෙසස‍්ස, අයං කාලො පරිපුච‍්ඡාය, අයං කාලො යොගස‍්ස, අයං කාලො පටිසල‍්ලානායාති නයිධ කාලඤ‍්ඤූති වුච‍්චෙය්‍ය. යස‍්මා ච ඛො භික‍්ඛවෙ, භික‍්ඛු කාලං ජානාති: අයං කාලො උද‍්දෙසස‍්ස, අයං කාලො පරිපුච‍්ඡාය, අයං කාලො යොගස‍්ස, අයං කාලො පටිසල‍්ලානායා’ති තස‍්මා කාලඤ‍්ඤූති වුච‍්චති. ඉති ධම‍්මඤ‍්ඤූ අත්‍ථඤ‍්ඤූ අත‍්තඤ‍්ඤූ මත‍්තඤ‍්ඤූ කාලඤ‍්ඤූ.
(5) කාලඥ කෙසේ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ “මෙ උද්දේශයට කලි, මෙ පරිපාච්ඡාවට කලි, මෙ යෝගයට කලි, මෙ පිළිසලනට කලැ”යි කල් දන්නේ ය. මහණෙනි, ඉදින් මහණ, “මේ උදෙසුමට කලි, මෙ පිළිවිසුමට කලි, මෙ යොගයට කලි, මෙ පිලිසලනට කලැ”යි කල් නො දන්නේ නම්, මෙ සස්නෙහි කාලඥ යයි කියනු නො ලබන්නේ ය. මහණෙනි, යම් හෙයකින් මහණ ‘මෙ උද්දේශයට කලි, මෙ පුළුවුස්නට කලි, මෙ යොගයට කලි, මෙ පිලිසලනට කලැ’යි දන්නේ ද, එහෙයින් කාලඥයයි කියනු ලැබේ. මෙසේ ධර්‍මඥ අර්‍ත්‍ථඥ ආත්මඥ මාත්‍රඥ කාලඥ වෙයි.
(6) පරිසඤ‍්ඤූ ච කථං හොති. ඉධ භික‍්ඛවෙ භික‍්ඛු පරිසං ජානාති: අයං ඛත‍්තිය පරිසා, අයං බ්‍රාහ‍්මණ පරිසා, අයං ගහපතිපරිසා, අයං සමණපරිසා, තත්‍ථ එවං උපසඞ‍්කමිතබ‍්බං, එවං ඨාතබ‍්බං, එවං කත‍්තබ‍්බං, එවං නිසීදිතබ‍්බං, එවං භාසිතබ‍්බං, එවං තුණ‍්හීභවිතබ‍්බන‍්ති. නො චෙ භික‍්ඛවෙ, භික‍්ඛු පරිසං ජානෙය්‍ය: අයං ඛත‍්තියපරිසා, අයං බ්‍රාහ‍්මණපරිසා, අයං ගහපති පරිසා, අයං සමණපරිසා, තත්‍ථ එවං උපසඞ‍්කමිතබ‍්බං, එවං ඨාතබ‍්බං, එවං කත‍්තබ‍්බං, එවං නිසීදිතබ‍්බං, එවං භාසිතබ‍්බං, එවං තුණ‍්හීභවිතබ‍්බන‍්ති. නයිධ පරිසඤ‍්ඤූති වුච‍්චෙය්‍ය. යස‍්මා ච ඛො භික‍්ඛවෙ, භික‍්ඛු පරිසං ජානාති: අයං ඛත‍්තිය පරිසා, අයං බ්‍රාහ‍්මණපරිසා අයං ගහපතිපරිසා, අයං සමණපරිසා, තත්‍ථ එවං උපසඞ‍්කමිතබ‍්බං, එවං ඨාතබ‍්බං, එවං කත‍්තබ‍්බං, එවං නිසීදිතබ‍්බං, එවං භාසිතබ‍්බං, එවං තුණ‍්හීභවිතබ‍්බන‍්ති. තස‍්මා පරිසඤ‍්ඤූති වුච‍්චති. ඉති ධම‍්මඤ‍්ඤූ අත්‍ථඤ‍්ඤූ අත‍්තඤ‍්ඤූ මත‍්තඤ‍්ඤූ කාලඤ‍්ඤූ පරිසඤ‍්ඤූ.
(6) පර්‍ෂද්ඥ කෙසේ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ, ‘මෙ ක්‍ෂත්‍රියපර්‍ෂද් ය, මෙ බ්‍රාහ්මණපර්‍ෂද් ය, මෙ ගෘහපතිපර්‍ෂද් ය, මෙ ශ්‍රමණපර්‍ෂද් ය, එහි මෙසෙයින් එළැඹි යුතු, මෙ සෙයින් සිටිය මනා ය, මෙ සෙයින් කළමනා ය, මෙ සෙයින් හින්දෑ මනා ය, මෙ සෙයින් බිණුවමනා ය, මෙ සෙයින් තුෂ්ණීම්භූත වුවමනා යයි පිරිස් දන්නේ ය. මහණෙනි, ඉදින් මහණ මෙ කැත් පිරිස, මෙ බමුණු පිරිස, මෙ ගැහැවි පිරිස, මෙ මහණ පිරිසැ. එහි මෙසෙයින් එළැඹිය මනා ය, මෙසෙයින් සිටිය මනා ය, මෙ සෙයින් කළමනා ය, මෙ සෙයින් හින්දෑ මනා ය, මෙ සෙයින් බිණුවමනා ය, මෙ සෙයින් නිහඬ වුවමනායයි පිරිස් නො දන්නේ නම්, මේ සස්නෙහි (මහණ) පර්‍ෂද්ඥ යි නො කියනු ලබන්නේ ය. මහණෙනි, යම් හෙයකින් මහණ ‘මෙ කැත් පිරිස් ය, මේ බමුණු පිරිස් ය, මේ ගැහැවි පිරිස් ය, මේ මහණ පිරිස් ය. එහි මේ සෙයින් එළැඹිය මනා ය, මෙසෙයින් සිටිය මනා ය, මෙසෙයින් කළමනා ය, මෙසෙයින් හින්දෑ මනා ය, මෙසෙයින් බිණුවමනාය, මෙසෙයින් නිහඬ වුවමනා යයි පිරිස් දන්නේ ද, එහෙයින් පර්‍ෂද්ඥ යි කියනු ලබන්නේ ය. මෙසේ ධර්‍මඥ අර්‍ත්‍ථඥ ආත්මඥ මාත්‍රඥ කාලඥ පර්‍ෂද්ඥ වෙයි.
(7) පුග‍්ගලපරොවරඤ‍්ඤූ ච කථං හොති. ඉධ භික‍්ඛවෙ, භික‍්ඛුනො ද‍්වයෙන පුග‍්ගලා විදිතා හොන‍්ති. ද‍්වෙ පුග‍්ගලා: එකො අරියානං දස‍්සනකාමො, එකො අරියානං න දස‍්සනකාමො. ය‍්වායං පුග‍්ගලො අරියානං න දස‍්සනකාමො එවං සො තෙනඞ‍්ගෙන ගාරය‍්හො. ය‍්වායං පුග‍්ගලො අරියානං දස‍්සනකාමො එවං සො තෙනඞ‍්ගෙන පාසංසො.
(7) පුද්ගලපරාවරඥ කෙසේ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහු විසින් දෙ පරිදියෙකින් පුඟුල්හු විදිත වෙත්. පුඟුල්හි දෙ දෙනෙකි. එකෙක් ආර්‍ය්‍යයන් දක්නට කැමැතියේ ය. එකෙක් ආර්‍ය්‍යයන් දක්නට නො කැමතියේ ය. යම් මේ පුඟුලෙක් ආර්‍ය්‍යයන් දක්නට නො කැමැත්තේ නම්, මෙසේ හේ ඒ කරුණින් ගැරැහිය යුතුවේ. යම් මේ පුඟුලෙක් ආර්‍ය්‍යයන් දක්නට කැමැත්තේ නම්, මෙසෙයින් හෙ එකරුණින් පැසැසියයුතු වන්නේ ය.
ද‍්වෙ පුග‍්ගලා අරියානං දස‍්සනකාමා: එකො සද‍්ධම‍්මං සොතුකාමො, එකො සද‍්ධම‍්මං න සොතුකාමො. ය‍්වායං පුග‍්ගලො සද‍්ධම‍්මං න සොතුකාමො, එවං සො තෙනඞ‍්ගෙන ගාරය‍්හො. ය‍්වායං පුග‍්ගලො සද‍්ධම‍්මං සොතුකාමො, එවං සො තෙනඞ‍්ගෙන පාසංසො.
පුද්ගලයෝ දෙදෙනෙක් ආර්‍ය්‍යයන් දක්නා කැමැත්තාහ: එකෙක් සදහම් අසනට කැමතියේ වෙයි. එකෙක් සදහම් අසනු නො කැමතියේ වෙයි. යම් මේ පුඟුලෙක් සද්ධර්‍මය නො අසනු කැමතියේ නම් මෙසේ හේ එ කරුණින් ගැරැහියයුතු වන්නේ ය. යම් මේ පුඟුලෙක් සද්ධර්‍මය අසනු කැමැතියේ නම්, මෙසේ හේ එ කරුණින් පැසැසිය යුතු වන්නේ ය.
ද‍්වෙ පුග‍්ගලා සද‍්ධම‍්මං සොතුකාමා: එකො ඔහිතසොතො ධම‍්මං සුණාති, එකො අනොහිතසොතො ධම‍්මං සුණාති. ය‍්වායං පුග‍්ගලො අනොහිතසොතො ධම‍්මං සුණාති, එවං සො තෙනඞ‍්ගෙන ගාරය‍්හො, ය‍්වායං පුග‍්ගලො ඔහිතසොතො ධම‍්මං සුණාති, එවං සො තෙනඞ‍්ගෙන පාසංසො.
සදහම් අසනු කැමැති මේ පුඟුල්හු දෙදෙනෙක්: එකෙක් යොමුකළ කන් ඇතියේ ධර්‍මය අසයි. එකෙක් යොමු නො කළ කන් ඇතියේ දහම් අසයි. යම් මේ පුඟුලෙක් යොමු නො කළ ශ්‍රෝත්‍ර ඇතියේ ධර්‍මය අසා නම්, මෙසේ හෙ එ කරුණින් ගැරැහිය යුතු වෙයි. යම් මේ පුඟුලෙක් යොමු කළ කන් ඇතියේ ධර්‍මය අසා නම් මෙසේ හෙ එ කරුණින් පැසැසිය යුතු වෙයි.
ද‍්වෙ පුග‍්ගලා ඔහිතසොතා ධම‍්මං සුණන‍්ති: එකො සුත්‍වා ධම‍්මං ධාරෙති, එකො සුත්‍වා ධම‍්මං න ධාරෙති. ය‍්වායං පුග‍්ගලො සුත්‍වා ධම‍්මං න ධාරෙති, එවං සො තෙනඞ‍්ගෙන ගාරය‍්හො, ය‍්වායං පුග‍්ගලො සුත්‍වා ධම‍්මං ධාරෙති, එවං සො තෙනඞ‍්ගෙන පාසංසො.
මේ පුඟුල්හු දෙදෙනෙක් අවහිත ශ්‍රෝත්‍ර ඇතියාහු ධර්‍මය අසත්. එකෙක් අසා ධර්‍මය ධරයි. එකෙක් අසා ධර්‍මය නො ධරයි. යම් මේ පුඟුලෙක් අසා ධර්‍මය නො ධරා නම්, මෙසෙයින් හෙ එ කරුණින් ගැරැහිය යුතු වෙයි. යම් මේ පුඟුලෙක් ධර්‍මය අසා ධරා නම්, මෙසෙයින් හෙ එ කරුණින් පැසැසිය යුත්තේ ය.
ද‍්වෙ පුග‍්ගලා සුත්‍වා ධම‍්මං ධාරෙන‍්ති: එකො ධතානං ධම‍්මානං අත්‍ථං උපපරික‍්ඛති, එකො ධතානං ධම‍්මානං අත්‍ථං න උපපරික‍්ඛති. ය‍්වායං පුග‍්ගලො ධතානං ධම‍්මානං අත්‍ථං න උපපරික‍්ඛති, එවං සො. තෙනඞ‍්ගෙන ගාරය‍්හො. ය‍්වායං පුග‍්ගලො ධතානං ධම‍්මානං අත්‍ථං උපපරික‍්ඛති, එවං සො තෙනඞ‍්ගෙන පාසංසො.
මේ පුද්ගලයෝ දෙදෙනෙක් අසා ධර්‍මය ධරත්. එකෙක් ධරණලද ධර්‍මයාගේ අර්‍ත්‍ථය පිරික්සයි. එකෙක් ධරණලද ධර්‍මයාගේ අර්‍ත්‍ථය නො පිරික්සයි. යම් මේ පුද්ගලයෙක් ධරණලද ධර්‍මයාගේ අර්‍ත්‍ථය නො පිරික්සා නම්, මෙසේ හෙ එ කරුණින් ගැරැහිය යුතු වෙයි. යම් මේ පුඟුලෙක් ධරණලද ධර්‍මයන්ගේ අර්‍ත්‍ථය පිරික්සා නම්, මෙසේ හෙ එ කරුණින් පැසැසිය යුත්තේ ය.
ද‍්වෙ පුග‍්ගලා ධතානං ධම‍්මානං අත්‍ථං උපපරික‍්ඛන‍්ති: එකො අත්‍ථමඤ‍්ඤාය ධම‍්මමඤ‍්ඤාය ධම‍්මානුධම‍්මපටිපන‍්නො, එකො න අත්‍ථමඤ‍්ඤාය ධම‍්මමඤ‍්ඤාය ධම‍්මානුධම‍්මපටිපන‍්නො. ය‍්වායං පුග‍්ගලො න අත්‍ථමඤ‍්ඤාය ධම‍්මමඤ‍්ඤාය ධම‍්මානුධම‍්මපටිපන‍්නො, එවං සො තෙනඞ‍්ගෙන ගාරය‍්හො. ය‍්වායං පුග‍්ගලො අත්‍ථමඤ‍්ඤාය ධම‍්මඤ‍්ඤාය ධම‍්මානුධම‍්මපටිපන‍්නො, එවං සො තෙනඞ‍්ගෙන පාසංසො.
මේ පුද්ගලයෝ දෙදෙනෙක් ධරණලද ධර්‍මයන්ගේ අර්‍ත්‍ථය පිරික්සත්: එකෙක් අර්‍ත්‍ථය දැන ධර්‍මය දැන ධර්‍මානුධර්‍මයට පිළිපන්නේ වෙයි. එකෙක් අර්‍ත්‍ථය දැන ධර්‍මය දැන ධර්‍මානුධර්‍මයට නො පිළිපන්නේ වෙයි. යම් මේ පුඟුලෙක් අර්‍ත්‍ථය දැන ධර්‍මය දැන ධර්‍මානුධර්‍මප්‍රතිපන්න නොවේ නම්, මෙසේ හෙ එකරුණින් ගැරැහිය යුතු වෙයි. යම් මේ පුඟුලෙක් අර්‍ත්‍ථය දැන ධර්‍මය දැන ධර්‍මානුධර්‍මප්‍රතිපන්න වේ නම්, මෙසෙයින් හෙ එකරුණෙන් පැසැසිය යුතු වෙයි.
ද‍්වෙ පුග‍්ගලා අත්‍ථමඤ‍්ඤාය ධම‍්මමඤ‍්ඤාය ධම‍්මානුධම‍්මපටිපන‍්නා. එකො අත‍්තහිතාය පටිපන‍්නො නො පරහිතාය. එකො අත‍්තහිතාය ච පටිපන‍්නො පරහිතාය ච. ය‍්වායං පුග‍්ගලො අත‍්තහිතාය පටිපන‍්නො නො පරහිතාය, එවං සො තෙනඞ‍්ගෙන ගාරය‍්හො, ය‍්වායං පුග‍්ගලො අත‍්තහිතාය ච පටිපන‍්නො පරහිතාය ච, එවං සො තෙනඞ‍්ගෙන පාසංසො.
මහණෙනි, මෙ පුද්ගලයෝ දෙදෙනෙක් අර්‍ත්‍ථය දැන ධර්‍මය දැන ධර්‍මානුධර්‍මප්‍රතිපන්න වෙති: එකෙක් ආත්මහිත සඳහා පිළිපන්නේ ය. පරහිත සඳහා නො පිළිපන්නේ ය. එකෙක් ආත්මහිත සඳහා ද පරහිත සඳහා ද පිළිපන්නේ ය. යම් මේ පුද්ගලයෙක් ආත්මහිත සඳහා පිළිපන්නේ පරහිත සඳහා නො පිළිපන්නේ වේ නම්, මෙසෙයින් හෙ එකරුණෙන් ගැරැහිය යුතු වෙයි. යම් මේ පුඟුලෙක් ආත්මහිත සඳහාත් පරහිත සඳහාත් පිළිපන්නේ වේ නම් මෙසේ හෙ එකරුණෙන් පැසැසිය යුතු වෙයි.
එවං ඛො භික‍්ඛවෙ, භික‍්ඛුනො ද‍්වයෙන පුග‍්ගලා විදිතා හොන‍්ති. එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු පුග‍්ගලපරොවරඤ‍්ඤූ හොති.
මහණෙනි, මෙසේ භික්‍ෂූහු විසින් දෙකරුණින් පුද්ගලයෝ දන්නා ලද වෙත්. මහණෙනි, මෙසේ පුද්ගල පරාවරඥ වෙයි.
ඉමෙහි ඛො භික‍්ඛවෙ සත‍්තහි සද‍්ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු ආහුනෙය්‍යො හොති -පෙ- අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්සාති.
මහණෙනි, මෙ සප්තධර්‍මයෙන් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි ... ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වේ.