යෙදුමෙන් කියවන්න

නගරූපම සුත‍්තං

7. 2. 2. 3.

7. 2. 2. 3.

[නගරූපම සුත‍්තං]

[නගරූපම සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

14. යතො ඛො භික‍්ඛවෙ, රඤ‍්ඤො පච‍්චන‍්තිමං නගරං සත‍්තහි නගරපරික‍්ඛාරෙහි සුපරික‍්ඛතං හොති, චතුන‍්නඤ‍්ච ආහාරානං නිකාමලාභී හොති අකිච‍්ඡලාභී අකසිරලාභී. ඉදං වුච‍්චති භික‍්ඛවෙ රඤ‍්ඤො පච‍්චන‍්තිමං නගරං අකරණීයං බාහිරෙහි පච‍්චත්‍ථිකෙහි පච‍්චාමිත‍්තෙහි.

14. මහණෙනි, යම් කලෙක රජුගේ පසල් නුවර සප්ත නගරාඞ්කාරයෙන් මොනොවට පිරිකෙවු කරණලද්දේ වේ ද, සතර අහර ද කැමැති සේ ලබනුයේත් නිදුකින් ලබනුයේත් විපුල කොට ලබනුයේත් වේ ද, මහණෙනි, රජහුගේ මෙ ප්‍රත්‍යයන්ත නගරය බැහැරි පසමිතුරු වූ සතුරන් විසින් සාධාගත (දිනාගත) නො හැකැයි කියනු ලැබේ.

කතමෙහි සත‍්තහි නගරපරික‍්ඛාරෙහි සුපරික‍්ඛතං හොති:

කවර සප්ත නගරාලඞ්කාරයෙකින් මනාකොට පරික්‍ෂිප්ත වේය යත්:

(1) ඉධ භික‍්ඛවෙ, රඤ‍්ඤො පච‍්චන‍්තිමෙ නගරෙ එසිකා හොති ගම‍්භීරනෙමා සුනිඛාතා අචලා අසම‍්පවෙධී. ඉමිනා පඨමෙන නගරපරික‍්ඛාරෙන සුපරික‍්ඛතං හොති රඤ‍්ඤො පච‍්චන‍්තිමං නගරං අබ‍්භන‍්තරානං ගුත‍්තියා බාහිරානං පටිඝාතාය.

(1) මහණෙනි, මෙහි රජුගේ පසල්රට නුවරෙහි ගැඹුරු වළ ඇති මොනොවට කැණ සිටුවනලද, නො සැලෙන නො වෙවුලන ඒෂිකාස්තම්භය වෙයි. මෙ පළමු නගර පරික්‍ෂාරයෙන් රජහුගේ ප්‍රත්‍යන්ත නගරය අභ්‍යන්තරවාසීන්ගේ ගෝපනය සඳහා බාහිර ශත්‍රෑන්ගේ නිවාරණය සඳහා මොනොවට පරික්‍ෂිප්ත වෙයි.

(2) පුන චපරං භික‍්ඛවෙ, රඤ‍්ඤො පච‍්චන‍්තිමෙ නගරෙ පරිඛා ඛතා හොති ගම‍්භීරා චෙව විත්‍ථතා ච. ඉමිනා දුතියෙන නගර පරික‍්ඛාරෙන සුපරික‍්ඛතං හොති රඤ‍්ඤො පච‍්චන‍්තිමං නගරං අබ‍්භන‍්තරානං ගුත‍්තියා බාහිරානං පටිඝාතාය.

(2) තවද මහණෙනි, රජුගේ පසල්නුවරෙහි ගම්භීර වූත් විස්තෘත වූත් පරිඛායෙක් කණනලද වෙයි. මෙ දෙවන නගරපරික්‍ෂකාරයෙන් රජුගේ ප්‍රත්‍යන්ත නගරය ආභ්‍යන්තරයන්ගේ ගුප්තිය සඳහා බාහිර ශත්‍රෑන්ගේ නිවාරණය සඳහා මොනොවට පරික්‍ෂිප්ත වෙයි.

(3) පුන චපරං භික‍්ඛවෙ, රඤ‍්ඤො පච‍්චන‍්තිමෙ නගරෙ අනුපරියාය පථො හොති උච‍්චො චෙව විත්‍ථතො ච. ඉමිනා තතියෙන නගර පරික‍්ඛාරෙන සුපරික‍්ඛතං හොති රඤ‍්ඤො පච‍්චන‍්තිමං නගරං අබ‍්භන‍්තරානං ගුත‍්තියා බාහිරානං පටිඝාතාය.

(3) තවද මහණෙනි, රජුගේ ප්‍රත්‍යන්ත නගරයෙහි උස් වූ ද පුළුල් වූ ද අනුපරියායපථය (පවුරු ඇතුළත වටා ඇවිදුනා මාවත) වෙයි. රජුගේ ප්‍රත්‍යන්ත නගරය අභ්‍යන්තරවාසීන්ගේ ගුප්තිය සඳහා බාහිරයන් වළහනු සඳහා මේ තෙවන නගරපරික්‍ෂ්කාරයෙන් පරික්‍ෂිප්ත වෙයි.

(4) පුන චපරං භික‍්ඛවෙ, රඤ‍්ඤො පච‍්චන‍්තිමෙ නගරෙ බහුං ආවුධං සන‍්නිචිතං හොති සලාකං චෙව ජෙවනියඤ‍්ච. ඉමිනා චතුත්‍ථෙන නගරපරික‍්ඛාරෙන සුපරික‍්ඛතං හොති රඤ‍්ඤො පච‍්චන‍්තිමං නගරං අබ‍්භන‍්තරානං ගුත‍්තියා බාහිරානං පටිඝාතාය.

(4) තවද මහණෙනි, රජුගේ ප්‍රත්‍යන්ත නගරයෙහි (සත්ති තෝමරාදී) සලාක නම් වූ ද, (ඒකතොධාරාදී) ජෙවනීය නම් වූ ද බොහෝ අවි රැස් කරණලද වෙයි. රජුගේ ප්‍රත්‍යන්ත නගරය මේ සතරවන නගරපරික්‍ෂ්කාරයෙන් ආභ්‍යන්තරයන්ගේ ගෝපනය සඳහා බාහිරයන්ගේ වාරණය සඳහා සුපරිෂ්කෘත වෙයි.

(5) පුන චපරං භික‍්ඛවෙ, රඤ‍්ඤො පච‍්චන‍්තිමෙ නගරෙ බහු බලකායො පටිවසති - සෙය්‍යථීදං: හත්‍ථාරොහා අස‍්සාරොහා රථිකා ධනුග‍්ගහා චෙලකා චලකා පිණ‍්ඩදායිකා උග‍්ගා රාජපුත‍්තා පක‍්ඛන්‍දිනො මහානාගා සූරා පප‍්ඵාලිකා. චම‍්මයොධිනො දාසකපුත‍්තා. ඉමිනා පඤ‍්චමෙන නගරපරික‍්ඛාරෙන සුපරික‍්ඛතං හොති රඤ‍්ඤො පච‍්චන‍්තිමං නගරං අබ‍්භන‍්තරානං ගුත‍්තියා බාහිරානං පටිඝාතාය.

(5) තවද මහණෙනි, රජුගේ ප්‍රත්‍යන්ත නගරයෙහි හස්ත්‍යාරෝහ ය, අශ්වාරෝහ ය, රථාරෝහ ය, ධ්වජගෙණයනුවෝ ය, (සේනාව්‍යුහකාරී) චලක ය, (සාහසිකමහායෝධ වූ) පිණ්ඩදායක ය, (සඞ්ග්‍රාමාවචර) උග්‍රරාජපුත්‍රය, (සතුරන් මත කඩාපනනා) ප්‍රස්කන්‍දීහු ය, (මහඇත් සමාන) මහානාග ය, අසහාය සූර ය, (සම්සැට්ට ඇඟුලූ) චර්‍මයෝධි ය, (ගෙහිදාසයන් සමාන) දාසක පුත්‍රය දැ යි බොහෝ බලකාය වෙසෙයි. රජුගේ ප්‍රත්‍යන්ත නගරය මෙ පස්වන නගරපරික්‍ෂ්කාරයෙන් ආභ්‍යන්තරවාසීන්ගේ ගෝපනය සඳහා බාහිරයන්ගේ නිවාරණය සඳහා සුපරිෂ්කෘත වෙයි.

(6) පුන චපරං භික‍්ඛවෙ, රඤ‍්ඤො පච‍්චන‍්තිමෙ නගරෙ දොවාරිකො හොති පණ‍්ඩිතො ව්‍යත‍්තො මෙධාවී අඤ‍්ඤාතානං නිවාරෙතා ඤාතානං පවෙසෙතා. ඉමිනා ඡට‍්ඨෙන නගරපරික‍්ඛාරෙන සුපරික‍්ඛතං හොති රඤ‍්ඤො පච‍්චන‍්තිමං නගරං අබ‍්භන‍්තරානං ගුත‍්තියා බාහිරානං පටිඝාතාය.

(6) තවද මහණෙනි, රජුගේ ප්‍රත්‍යන්ත නගරයෙහි පණ්ඩිත වූ ව්‍යක්ත වූ මේධාවී වූ නො හඳුනන්නවුන් වළහන, හඳුනන්නවුන් ප්‍රවිෂ්ට කරවන ද්වාරපාලකයෙක් වෙයි. රජුගේ ප්‍රත්‍යන්ත නගරය ආභ්‍යන්තරයන්ගේ ගුප්තිය සඳහා බාහිරයන්ගේ නිවාරණය සඳහා මෙ සවන නගරපරික්‍ෂ්කාරයෙන් සුපරික්‍ෂිප්ත වෙයි.

(7) පුන චපරං භික‍්ඛවෙ, රඤ‍්ඤො පච‍්චන‍්තිමෙ නගරෙ පාකාරො හොති උච‍්චො චෙව විත්‍ථතො ච වාසනලෙපනසම‍්පන‍්නො ච. ඉමිනා සත‍්තමෙන නගරපරික‍්ඛාරෙන සුපරික‍්ඛතං හොති රඤ‍්ඤො පච‍්චන‍්තිමං නගරං අබ‍්භන‍්තරානං ගුත‍්තියා බාහිරානං පටිඝාතාය.

(7) තවද මහණෙනි, රජුගේ ප්‍රත්‍යන්ත නගරයෙහි වාසනයෙන් (සිදුරු වැසීමෙන්) ලේපනයෙන් (සුණුපිරියමින්) සම්පන්න වූ උස් වූ ද පුළුල් වූ ද මහපවුරෙක් වෙයි. රජුගේ ප්‍රත්‍යන්ත නගරය මෙ සත්වන නගරපරිෂ්කාරයෙන් ආභ්‍යන්තරයන් රක්නා සඳහා බැහැරියන් වළහනු සඳහා සුපරික්‍ෂිප්ත වෙයි.

ඉමෙහි සත‍්තහි නගර-පරික‍්ඛාරෙහි සුපරික‍්ඛතං හොති.

මේ සත් අහර පරිස්කාරයෙන් මනා කොට පරික්‍ෂිප්ත වෙයි.

කතමෙසං චතුන‍්නං ආහාරානං නිකාමලාභී හොති අකිච‍්ඡලාභී අකසිරලාභී:

කවර අහර සතරක් කැමැති සේ ලබන්නේ නිදුකින් ලබන්නේ විපුල සේ ලබන්නේ වේ ය යත් .

(1) ඉධ භික‍්ඛවෙ රඤ‍්ඤො පච‍්චන‍්තිමෙ නගරෙ බහුං තිණකට‍්ඨොදකං සන‍්නිචිතං හොති අබ‍්භන‍්තරානං රතියා අපරිතස‍්සාය ඵාසුවිහාරාය, බාහිරානං පටිඝාතාය.

(1) මහණෙනි, මෙලොව්හි රජුගේ ප්‍රත්‍යන්ත නගරයෙහි ආභ්‍යන්තර ජනයාගේ රතිය සඳහාත් ත්‍රාසයට නො වදනු සඳහාත් පහසු විහරණ සඳහාත් බැහැරියන් නවතනු සඳහාත් බොහෝ තෘණකාෂ්ට හා ජලය රැස් කොට තබනලද වෙයි.

(2) පුන චපරං භික‍්ඛවෙ, රඤ‍්ඤො පච‍්චන‍්තිමෙ නගරෙ බහුං සාලියවකං සන‍්නිචිතං හොති අබ‍්භන‍්තරානං රතියා අපරිතස‍්සාය ඵාසුවිහාරාය බාහිරානං පටිඝාතාය.

(2) තවද මහණෙනි, රජුගේ පසල්නුවරෙහි අභ්‍යන්තරිකයන්ගේ රතිය පිණිස, පරිත්‍රාස නො වනු පිණිස, පහසු විහරණය පිණිස, බැහැරියන් නවතනු පිණිස බොහෝ හාල් හා යව රැස් කොට තබනලද වෙයි.

(3) පුන චපරං භික‍්ඛවෙ, රඤ‍්ඤො පච‍්චන‍්තිමෙ නගරෙ බහුං තිලමාසමුග‍්ගාපරන‍්නං සන‍්නිචsතං හොති අබ‍්භන‍්තරානං රතියා අපරිතස‍්සාය ඵාසුවිහාරාය, බාහිරානං පටිඝාතා ය.

(3) තවද මහණෙනි, රජුගේ ප්‍රත්‍යන්ත නගරයෙහි අබතුරු දනන්ගේ රතිය පිණිස අපරිත්‍රාසය පිණිස පහසු විහරණය පිණිස බැහැරියන් වළහන පිණිස බොහෝ තල මෑ මුං හා සෙසු අපරාන්ත රැස් කොට තබනලද වෙයි.

(4) පුන චපරං භික‍්ඛවෙ, රඤ‍්ඤො පච‍්චන‍්තිමෙ නගරෙ බහුං භෙසජ‍්ජං සන‍්නිචිතං හොති සෙය්‍යථීදං: සප‍්පි නවනීතං තෙලං මධු ඵාණිතං ලොණං අබ‍්භන‍්තරානං රතියා අපරිතස‍්සාය ඵාසුවිහාරාය, බාහිරානං පටිඝාතාය.

(4) තවද මහණෙනි, රජුගේ ප්‍රත්‍යන්ත නගරයෙහි අබතුරු දනන්ගේ අභිරතිය පිණිස අපරිත්‍රාසය පිණිස පහසු විහරණය පිණිස බැහැරියන් වළහනු පිණිස ගී, වෙඬරු, තෙල්, මිහි, සකුරු, ලුණු යන බොහෝ බෙහෙත් රැස්කොට තබනලද වෙයි.

ඉමෙසං ඛො භික‍්ඛවෙ, චතුන‍්නං ආහාරානං නිකාමලාභී හොති අකිච‍්ඡලාභී අකසිරලාභී.

මහණෙනි, මෙ සතර අහර කැමැති සේ ලබන්නේ ද නිදුකින් ද විපුල සේ ලබන්නේ ද වෙයි.

යතො ඛො භික‍්ඛවෙ, රඤ‍්ඤො පච‍්චන‍්තිමං නගරං ඉමෙහි සත‍්තහි නගරපරික‍්ඛාරෙහි සුපරික‍්ඛතං හොති, ඉමෙසං චතුන‍්නං ආහාරානං නිකාමලාභී හොති අකිච‍්ඡලාභී අකසිරලාභී, ඉදං වුච‍්චති භික‍්ඛවෙ, රඤ‍්ඤො පච‍්චන‍්තිමං නගරං අකරණීයං බාහිරෙහි පච‍්චත්‍ථිකෙහි පච‍්චාමිත‍්තෙහි.

මහණෙනි, යම් කලෙක රජුගේ ප්‍රත්‍යන්ත නගරය මෙ සප්ත නගරපරිෂ්කාරයන් පරික්‍ෂිප්ත වේ ද, මේ සතර අහර ද කැමති සේ ලබන්නේ නිදුකින් ලබන්නේ විපුල සේ ලබන්නේ වේ ද, මහණෙනි, රජුගේ මෙ ප්‍රත්‍යන්ත නගරය බැහැරි පසමිතුරන් සතුරන් විසින් සාධාගත නො හැකැයි කියනු ලැබේ

එවමෙව ඛො භික‍්ඛවෙ, යතො අරියසාවකො සත‍්තහි සද‍්ධම‍්මෙහි සමන‍්නාගතො හොති, චතුන‍්නඤ‍්ච ඣානානං ආභිචෙතසිකානං දිට‍්ඨධම‍්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච‍්ඡලාභී අකසිරලාභී. අයං වුච‍්චති භික‍්ඛවෙ, අරියසාවකො අකරණීයො මාරස‍්ස අකරණීයො පාපිමතො.

මහණෙනි, එ පරිද්දෙන් ම යම් කලෙක අරීසවු කරුණු සතෙකින් සමන්‍වාගත වූයේ ආභිචේතසික වූ දිට්ඨධම්මසුඛවිහාර වූ සතර ධ්‍යානයන් ද කැමැති සේ ලබන්නේ නිදුකින් ලබන්නේ, විපුල සේ ලබන්නේත් වේ ද, මහණෙනි, මෙ අරීසවු පාපී වූ මාරයා විසින් සාධාගත නො හැක්කේ යයි කියනු ලැබේ.

කතමෙහි සත‍්තහි සද‍්ධම‍්මෙහි සමන‍්නාගතො:

කවර සත් කරුණෙකින් සමන්‍වාගත වේ ය යත්:

(1) සෙය්‍යථාපි භික‍්ඛවෙ, රඤ‍්ඤො පච‍්චන‍්තිමෙ නගරෙ එසිකා හොති ගම‍්භීරනෙමා සුනිඛාතා අචලා අසම‍්පවෙධී අබ‍්භන‍්තරානං ගුත‍්තියා බාහිරානං පටිඝාතාය, එවමෙව ඛො භික‍්ඛවෙ, අරියසාවකො සද‍්ධො හොති, සද‍්දහති තථාගතස‍්ස බොධිං - ඉතිපි සො භගවා අරහං සම‍්මා සම‍්බුද‍්ධො විජ‍්ජාචරණසම‍්පන‍්නො සුගතො ලොකවිදූ අනුත‍්තරො පුරිසදම‍්මසාරථි සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවාති. සද‍්ධෙසිකො භික‍්ඛවෙ, අරියසාවකො අකුසලං පජහති, කුසලං භාවෙති, සාවජ‍්ජං පජහති, අනවජ‍්ජං භාවෙති, සුද‍්ධං අත‍්තානං පරිහරති. ඉමිනා පඨමෙන සද‍්ධම‍්මෙන සමන‍්නාගතො හොති.

(1) මහණෙනි, යම් පරිද්දෙකින් රජුගේ ප්‍රත්‍යන්ත නගරයෙහි ගැඹුරුවළ ඇති, මොනොවට සිටුවනලද නො සැලෙන නො වෙවුලන ඒෂිකාස්තම්භය, අභ්‍යන්තරයන්ගේ ගෝපනය සඳහා බැහැරියන් වළහනු සඳහා වේ ද, එපරිද්දෙන් ම මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවක ශ්‍රද්ධා ඇතියේ වෙයි, තථාගතයන් වහන්සේගේ බෝධිය - මෙ කරුණෙනුදු එ භගවත්හු අර්‍හත්හ, සම්‍යක්සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගතයහ, ලෝකවිදූහ, අනුත්තර පුරුෂදම්‍යසාරථිහ, දෙවිමිනිස්නට ශාස්තෘහ, බුද්ධයහ, භගවත්හ’යි හදහයි. මහණෙනි, ශ්‍රද්ධාවත් ආර්‍ය්‍යශ්‍රාවක ම අකුසල් දුරලයි. කුසල් වඩයි. සාවද්‍යය දුරලයි. අනවද්‍ය වඩයි. ශුද්ධාත්මය පරිහරණය කරන්නේ ය. මෙ පළමු සද්ධර්‍මයෙන් සමන්‍වාගත වෙයි.

(2) සෙය්‍යථාපි භික‍්ඛවෙ, රඤ‍්ඤො පච‍්චන‍්තිමෙ නගරෙ පරිඛා හොති ගම‍්භීරා චෙව විත්‍ථතා ච අබ‍්භන‍්තරානං ගුත‍්තියා බාහිරානං පටිඝාතාය, එවමෙව ඛො භික‍්ඛවෙ, අරියසාවකො හිරිමා හොති, හිරීයති කායදුච‍්චරිතෙන වචීදුච‍්චරිතෙන මනොදුච‍්චරිතෙන හිරීයති පාපකානං අකුසලානං ධම‍්මානං සමාපත‍්තියා. හිරිපරිඛො භික‍්ඛවෙ, අරියසාවකො අකුසලං පජහති, කුසලං භාවෙති, සාවජ‍්ජං පජහති, අනවජ‍්ජං භාවෙති, සුද‍්ධං අත‍්තානං පරිහරති. ඉමිනා දුතියෙන සද‍්ධම‍්මෙන සමන‍්නාගතො හොති.

(2) මහණෙනි, යම් පරිද්දෙකින් රජුගේ ප්‍රත්‍යන්ත නගරයෙහි ගැඹුරු වූ ද පුළුල් වූ ද දිය අගල ආභ්‍යන්තරයන්ගේ ගුප්තිය සඳහාත් බාහිරයන් වළහනු සඳහාත් වේ ද, මහණෙනි, එපරිද්දෙන් ම අරීසවු හිරි ඇතියේ වෙයි, කායදුශ්චරිතයෙන්, වාග්දුශ්චරිතයෙන්, මනෝදුශ්චරිතයෙන් ලජ්ජිත වෙයි. ලමු අකුසල් දහම්හි යෙදීමෙන් ලජ්ජිත වෙයි. මහණෙනි, දිය අගල බඳු හිරියෙන් යුත් අරීසවු අකුසල් දුරලයි, කුසල් වඩයි. සාවද්‍ය දුරලයි, අනවද්‍ය වඩයි. ශුද්ධ ආත්මය පරිහරණය කෙරෙයි. මෙ දෙවන සද්ධර්‍මයෙන් සමන්‍වාගත වෙයි.

(3) සෙය්‍යථාපි භික‍්ඛවෙ, රඤ‍්ඤො පච‍්චන‍්තිමෙ නගරෙ අනුපරියායපථො හොති උච‍්චො චෙව විත්‍ථතො ච, අබ‍්භන‍්තරානං ගුත‍්තියා බාහිරානං පටිඝාතාය, එවමෙව ඛො භික‍්ඛවෙ, අරියසාවකො ඔත‍්තප‍්පී හොති. ඔත‍්තප‍්පති කායදුච‍්චරිතෙන වචීදුච‍්චරිතෙන මනොදුච‍්චරිතෙන, ඔත‍්තප‍්පති පාපකානං අකුසලානං ධම‍්මානං සමාපත‍්තියා ඔත‍්තප‍්පපරීයාය පථො භික‍්ඛවෙ, අරියසාවකො අකුසලං පජහති, කුසලං භාවෙති, සාවජ‍්ජං පජහති, අනවජ‍්ජං භාවෙති, සුද‍්ධං අත‍්තානං පරිහරති. ඉමිනා තතියෙන සද‍්ධම‍්මෙන සමන‍්නාගතො හොති.

(3) මහණෙනි, යම් පරිද්දෙකින් රජුගේ ප්‍රත්‍යන්ත නගරයෙහි උස් වූත් පුළුල් වූත් අනුපරියායපථය අබතුරුදනන් රැක්ම සඳහාත් බැහැරියන් වළහනු සඳහාත් වේ ද, මහණෙනි, එ පරිද්දෙන් ම අරීසවු ඔතප් ඇතියේ වෙයි. කායදුශ්චරිතයෙන්, වාග්දුශ්චරිතයෙන්, මනෝදුශ්චරිතයෙන් බිය දනවයි. ලාමක අකුශලධර්‍ම සමාපත්තියෙන් බිය දනවයි. මහණෙනි, ඔත්තප්පපරියායපථය ඇති ආර්‍ය්‍යශ්‍රාවක අකුශලය දුරලයි. කුශලය වඩයි. සාවද්‍ය දුරලයි. අනවද්‍යය වඩයි. ශුද්ධ වු ආත්මය පරිහරණ කරයි. මේ තෙවන සද්ධර්‍මයෙන් සමන්‍වාගත වෙයි.

(4) සෙය්‍යථාපි භික‍්ඛවෙ, රඤ‍්ඤො පච‍්චන‍්තිමෙ නගරෙ බහුං ආවුධං සන‍්නිචිතං හොති, සලාකං චෙව ජෙවනියඤ‍්ච අබ‍්භන‍්තරානං ගුත‍්තියා බාහිරානං පටිඝාතාය, එවමෙව ඛො භික‍්ඛවෙ, අරියසාවකො බහුස‍්සුතො හොති සුතධරො සුතසන‍්නිචයො, යෙ තෙ ධම‍්මා ආදිකල්‍යාණා මජ‍්ඣෙ කල්‍යාණා පරියොසානකල්‍යාණා සාත්‍ථා සව්‍යඤ‍්ජනා කෙවලපරිපුණ‍්ණා පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං අභිවදන‍්ති, තථාරූපාස‍්ස ධම‍්මා බහුස‍්සුතා හොන‍්ති ධතා වචසා පරිචිතා මනසානුපෙක‍්ඛිතා දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධා. සුතාවුධො භික‍්ඛවෙ, අරියසාවකො අකුසලං පජහති, කුසලං භාවෙති, සාවජ‍්ජං පජහති, අනවජ‍්ජං භාවෙති, සුද‍්ධං අත‍්තානං පරිහරති. ඉමිනා චතුත්‍ථෙන සද‍්ධම‍්මෙන සමන‍්නාගතෙ හොති.

(4) මහණෙනි, යම් පරිද්දෙකින් රජුගේ ප්‍රත්‍යන්ත නගරයෙහි අභ්‍යන්තරජනයා රැක්ම සඳහාත් බැහැරියන් වළහනු සඳහාත් ශලාකා හා ජෙවනීය යයි බොහෝ ආයුධ රැස් කරණලද වේ ද, මහණෙනි, එ පරිද්දෙන් ම ආර්‍ය්‍යශ්‍රාවක බහුශ්‍රුත වූයේ ශ්‍රැතධර වූයේ ශ්‍රැතසන්නිචය ඇතියේ වෙයි. යම් එ ධර්‍ම කෙනෙක් ආදිකල්‍යාණ මධ්‍යකල්‍යාණ පර්‍ය්‍යවසානකල්‍යාණ ඇති සාර්‍ත්‍ථ වූවාහු සව්‍යඤ්ජන වූවාහු කේවලපරිපූර්‍ණ වූවාහු පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍ය පවසත් නම්, එබඳු ධර්‍මයෝ ඔහු විසින් බහුශ්‍රුත වෙත්. ධරණලද වෙත්. වචනයෙන් පුරුදු කරණලද වෙත්. මනසින් අනුප්‍රේක්‍ෂිත වෙත්. ප්‍රඥාදෘෂ්ටියෙන් සුප්‍රතිවිද්ධ වෙත්. මහණෙනි, ශ්‍රැතය අවි කොට ඇති ආර්‍ය්‍යශ්‍රාවක අකුශලය දුරලයි. කුශලය වඩයි. සාවද්‍යය දුරලයි. අනවද්‍යය වඩයි. පිරිසිදු ආත්මයක් පරිහරණ කරයි. මේ සතරවන සද්ධර්‍මයෙන් සමන්‍වාගත වෙයි.

(5) සෙය්‍යථාපි භික‍්ඛවෙ, රඤ‍්ඤො පච‍්චන‍්තිමෙ නගරෙ බහු බලකායො පටිවසති, සෙය්‍යථීදං: හත්‍ථාරොහා අස‍්සාරොහා රථිකා ධනුග‍්ගහා චෙලකා චලකා පිණ‍්ඩදායිකා උග‍්ගා රාජපුත‍්තා පක‍්ඛන්‍දිනො මහානාගා සූරා චම‍්මයොධිනො දාසකපුත‍්තා අබ‍්භන‍්තරානං ගුත‍්තියා බාහිරානං පටිඝාතාය, එවමෙව ඛො භික‍්ඛවෙ, අරියසාවකො ආරද‍්ධවිරියො විහරති අකුසලානං ධම‍්මානං පහානාය කුසලානං ධම‍්මානං උපසම‍්පදාය ථාමවා දළ‍්හපරක‍්කමො අනික‍්ඛිත‍්තධුරො කුසලෙසු ධම‍්මෙසු. විරියබලකායො භික‍්ඛවෙ, අරියසාවකො අකුසලං පජහති, කුසලං භාවෙති, සාවජ‍්ජං පජහති, අනවජ‍්ජං භාවෙති, සුද‍්ධං අත‍්තානං පරිහරති. ඉමිනා පඤ‍්චමෙන සද‍්ධම‍්මෙන සමන‍්නාගතො හොති.

(5) මහණෙනි, යම් පරිදි රජුගේ ප්‍රත්‍යන්ත නගරයෙහි හස්ත්‍යරෝහ ය, අශ්වාරෝහ ය, රථික ය, ධනුර්ධර ය, චෙලක ය, චලකය ,පිණ්ඩදායක ය. උග්‍රරාජපුත්‍රය, ප්‍රස්කන්‍දීහු ය, මහානාග ය, සූර අසහාය ය, චර්‍මයෝධි ය, දාසකපුත්‍ර ය යන බලකාය ආභ්‍යන්තරයන්ගේ ගුප්තිය සඳහාත් බාහිරයන් නවතනු සඳහාත් වේ ද, මහණෙනි, එපරිද්දෙන් ම අරීසවු අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය සඳහා කුශලධර්‍මයන්ගේ උපසම්පත් සඳහා කුශලධර්‍මයන්හි ස්ථාම ඇතියේ දළපැරකුම් ඇතියේ නො හළ වැරධුර ඇතියේ රුකුළුවැර ඇතියේ වෙසෙයි. මහණෙනි, වීර්‍ය්‍ය සඞ්ඛ්‍යාත බලකාය ඇති ආර්‍ය්‍යශ්‍රාවක අකුසල් දුරලයි. කුසල් වඩයි. සාවද්‍ය දුරලයි. අනවද්‍ය වඩයි. ශුද්ධ ආත්මය පරිහරණ කරයි. මෙ පස්වන සද්ධර්‍මයෙන් සමන්‍වාගත වෙයි.

(6) සෙය්‍යථාපි භික‍්ඛවෙ, රඤ‍්ඤො පච‍්චන‍්තිමෙ නගරෙ දොවාරිකො හොති පණ‍්ඩිතො වියත‍්තො මෙධාවී අඤ‍්ඤාතානං නිවාරෙතා ඤාතානං පවෙසෙතා අබ‍්භන‍්තරානං ගුත‍්තියා බාහිරානං පටිඝාතාය, එවමෙව ඛො භික‍්ඛවෙ, අරියසාවකො සතිමා හොති පරමෙන සතිනෙපක‍්කෙන සමන‍්නාගතො චිරකතම‍්පි චිරභාසිතම‍්පි සරිතා අනුස‍්සරිතා. සති දොවාරිකො භික‍්ඛවෙ, අරියසාවකො අකුසලං පජහති, කුසලං භාවෙති, සාවජ‍්ජං පජහති, අනවජ‍්ජං භාවෙති, සුද‍්ධං අත‍්තානං පරිහරති. ඉමිනා ඡට‍්ඨෙන සද‍්ධම‍්මෙන සමන‍්නාගතො හොති.

(6) මහණෙනි, යම් පරිදි රජුගේ පසල් නුවරෙහි පණ්ඩිත, ව්‍යක්ත, මේධාවී වූ අඥාතයන් වළහන, ඥාතයන් පිවිස්වන ද්වාරපාලයා අභ්‍යන්තර ජනයාගේ රැක්ම සඳහා බාහිර සතුරන් වළහනු සඳහා වේ ද, මහණෙනි, එපරිදි අරීසවු උත්තම ස්මෘතියෙන් හා නිපකභාවයෙන් සමන්‍වාගත වූ, බොහෝ පෙර කළ දෑ හා බොහෝ පෙර බිඳුණු දෑ සිහි කරන්නේ පුනපුනා සිහි කරන්නේ ස්මෘති ඇතියේ වෙයි. මහණෙනි, සිහිය දොරටුපල් කොට ඇති අරීසවු අකුසල් දුරලන්නේ ය, කුසල් වඩන්නේ ය, සාවද්‍ය දුරලන්නේ ය, අනවද්‍ය වඩන්නේ ය. පිරිසිදු ආත්මය පරිහරණය කරන්නේ ය. මෙ සවන සද්ධර්‍මයෙන් සමන්‍වාගත වෙයි.

(7) සෙය්‍යථාපි භික‍්ඛවෙ, රඤ‍්ඤො පච‍්චන‍්තිමෙ නගරෙ පාකාරො හොති උච‍්චො චෙව විත්‍ථතො ච වාසනලෙපනසම‍්පන‍්නො ච අබ‍්භන‍්තරානං ගුත‍්තියා බාහිරානං පටිඝාතාය, එවමෙව ඛො භික‍්ඛවෙ, අරියසාවකො පඤ‍්ඤවා හොති උදයත්‍ථගාමිනියා පඤ‍්ඤාය සමන‍්නාගතො අරියාය නිබ‍්බෙධිකාය සම‍්මාදුක‍්ඛක‍්ඛයගාමිනියා. පඤ‍්ඤාවාසනලෙපනසම‍්පන‍්නො භික‍්ඛවෙ, අරියසාවකො අකුසලං පජහති, කුසලං භාවෙති, සාවජ‍්ජං පජහති, අනවජ‍්ජං භාවෙති, සුද‍්ධං අත‍්තානං පරිහරති. ඉමිනා සත‍්තමෙන සද‍්ධම‍්මෙන සමන‍්නාගතො හොති.

(7) මහණෙනි, යම් පරිදි රජුගේ පසල් දනවු නුවර වාසනලේපනයෙන් සම්පූර්‍ණ වූ උස් වූත් පුළුල් වූත් පවුර අභ්‍යන්තරිකයන්ගේ ගෝපනය සඳහාත් බාහිරයන්ගේ නිවාරණය සඳහාත් වන්නේ ද, මහණෙනි, ඒ පරිදි ම ආර්‍ය්‍යශ්‍රාවක උදව්‍යගාමිණී වූ ආර්‍ය්‍ය වූ නිර්වේදය ඇසුරු කල මනාසේ දුඃඛක්‍ෂයට යන විදර්‍ශනා ප්‍රඥායෙන් සමන්‍වාගත වූයේ ප්‍රඥාවත් වෙයි. මහණෙනි, ප්‍රඥාවාසනලේපනයෙන් සපන් අරිසවු අකුසලය දුරලයි, කුසලය වඩයි, සාවද්‍ය දුරලයි, අනවද්‍ය වඩයි. පිරිසිදු ආත්මය පරිහරණය කරන්නේ ය. මෙ සත්වන සද්ධර්‍මයෙන් සමන්‍වාගත වෙයි.

ඉමෙහි සත‍්තහි ධම‍්මෙහි සමන‍්නාගතො හොති.

මෙ සප්ත සද්ධර්‍මයෙන් සමන්‍වාගත වෙයි.

කතමෙසං චතුන‍්නං ඣානානං ආභිචෙතසිකානං දිට‍්ඨධම‍්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච‍්ඡලාභී අකසිරලාභී:

ආභිචේතසික වූ දිට්ඨධම්මසුඛවිහාර වූ කවර ධ්‍යාන සතරක් කැමැති සේ ලබන්නේත් නිදුකින් ලබන්නේත් විපුලභාවයෙන් ලබන්නේත් වේ ය යත්:

(1) සෙය්‍යථාපි භික‍්ඛවෙ, රඤ‍්ඤො පච‍්චන‍්තිමෙ නගරෙ බහුං තිණකට‍්ඨොදකං සන‍්නිචිතං හොති අබ‍්භන‍්තරානං රතියා අපරිතස‍්සාය ඵාසුවිහාරාය බාහිරානං පටිඝාතාය, එවමෙව ඛො භික‍්ඛවෙ, අරියසාවකො, විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති, අත‍්තනො රතියා අපරිතස‍්සාය ඵාසුවිහාරාය, ඔක‍්කමනාය නිබ‍්බානස‍්ස.

(1) මහණෙනි, යම් පරිදි රජුගේ ප්‍රත්‍යන්ත නගරයෙහි ආභ්‍යන්තරයන්ගේ රතිය සඳහා අපරිත්‍රාසය සඳහා පහසු විහරණ සඳහා බාහිරයන් වළහනු සඳහා බොහෝ තෘණ, කාෂ්ට, උදක, රැස් කොට තබනලද වේ ද, මහණෙනි, එසෙයින් ආර්‍ය්‍යශ්‍රාවක කාමයෙන් වෙන් ව ම අකුශල ධර්‍මයෙන් වියුක්ත ව ම තමාගේ අභිරතිය සඳහා අපරිත්‍රාසය සඳහා පහසු විහරණ සඳහා නිර්‍වාණයට වැදගනු සඳහා සවිතර්‍ක වූ සවිචාර වූ විවේකජ වූ ප්‍රීති හා සුඛ ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි.

(2) සෙය්‍යථාපි භික‍්ඛවෙ, රඤ‍්ඤො පච‍්චන‍්තිමෙ නගරෙ බහුං සාලියවකං සන‍්නිචිතං හොති අබ‍්භන‍්තරානං රතියා අපරිතස‍්සාය ඵාසුවිහාරාය, බාහිරානං පටිඝාතාය, එවමෙව ඛො භික‍්ඛවෙ, අරියසාවකො විතක‍්කවිචාරානං වූපසමා අජ‍්ඣත‍්තං සම‍්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක‍්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියංඣානං උපසම‍්පජ‍්ජ විහරති අත‍්තනො රතියා අපරිතස‍්සාය ඵාසුවිහාරාය, ඔක‍්කමනාය නිබ‍්බානස‍්ස.

(2) මහණෙනි, යම් පරිදි රජුගේ ප්‍රත්‍යන්ත නගරයෙහි ආභ්‍යන්තරිකයන්ගේ අභිරතිය පිණිස අපරිත්‍රාසය පිණිස, පහසු විහරණය පිණිස, බැහැරි සතුරන් වළහනු පිණිස, බොහෝ ශාලි යව රැස් කොට තබන ලද වේ ද, මහණෙනි, එපරිද්දෙන් ම ආර්‍ය්‍යශ්‍රාවක විතර්‍කවිචාරයන්ගේ ව්‍යුපශමයෙන් අධ්‍යාත්මයෙහි මනා පැහැදීම් ඇති චිත්තයාගේ ඒකාග්‍රතාවයෙන් යුත් අවිතර්‍ක අවිචාර වූ සමාධියෙන් උපන් ප්‍රීති හා සුඛ ඇති ද්විතීය ධ්‍යානයට තමාගේ රතිය පිණිස ද පරිත්‍රාස නො වන පිණිස ද පහසු විහරණ පිණිස ද නිවනට වැදගණු පිණිස ද එළැඹ වෙසෙයි.

(3) සෙය්‍යථාපි භික‍්ඛවෙ රඤ‍්ඤො පච‍්චන‍්තිමෙ නගරෙ බහුං තිලමුග‍්ගමාසාපරන‍්නං සන‍්නිචිතං හොති අබ‍්භන‍්තරානං රතියා අපරිතස‍්සාය ඵාසුවිහාරාය බාහිරානං පටිඝාතාය, එවමෙව ඛො භික‍්ඛවෙ, අරියසාවකො පීතියාච විරාගා උපෙක‍්ඛකො ච විහරති, සතො ච සම‍්පජානො සුඛඤ‍්ච කායෙන පටිසංවෙදෙති, යං තං අරියා ආචික‍්ඛන‍්ති උපෙක‍්ඛකො සතිමා සුඛවිහාරීති තතියංඣානං උපසම‍්පජ‍්ජ විහරති අත‍්තනො රතියා අපරිතස‍්සාය ඵාසුවිහාරාය, ඔක‍්කමනාය නිබ‍්බානස‍්ස.

(3) මහණෙනි, යම් පරිදි රජුගේ ප්‍රත්‍යන්ත නගරයෙහි ආභ්‍යන්තරයන්ගේ රතිය සඳහා අපරිත්‍රාසය සඳහා පහසු විහරණ සඳහා බැහැරි සතුරන් වළහනු සඳහා බොහෝ තල, මෑ, මුං, අපරාන්ත රැස් කොට තබන ලද වේ ද, මහණෙනි, එ පරිදි ම අරීසව් ප්‍රීතියගේත් විරාගයෙන්, සිහි ද ඇතියේ සම්‍යක්ප්‍රඥා ඇතියේ උපේක්‍ෂක ව වෙසෙයි. සුඛය ද නාමකයින් විදුනේ ය. ආර්‍ය්‍යායෝ යම් පුඟුලෙක් උපේක්‍ෂා ඇතියේ ස්මෘතිමත් වූයේ සුඛවිහාරී යයි කියත් නම් තමාගේ රතිය සඳහා අපරිත්‍රාසය සඳහා පහසුවිහරණ සඳහා නිවනට වැදගනු සඳහා එබඳු තෘතීය ධ්‍යානයට පැමිණ වෙසෙයි.

(4) සෙය්‍යථාපි භික‍්ඛවෙ, රඤ‍්ඤො පච‍්චන‍්තිමෙ නගරෙ බහුං භෙසජ‍්ජං සන‍්නිචිතං හොති සෙය්‍යථීදං: සප‍්පි නවනීතං තෙලං මධු ඵාණිතං ලොණං අබ‍්භන‍්තරානං රතියා අපරිතස‍්සාය ඵාසුවිහාරාය බාහිරානං පටිඝාතාය, එවමෙව ඛො භික‍්ඛවෙ, අරියසාවකො සුඛස‍්ස ච පහානා දුක‍්ඛස‍්ස ච පහානා පුබ‍්බෙව සොමනස‍්සදොමනස‍්සානං අත්‍ථගමා අදුක‍්ඛං අසුඛං උපෙක‍්ඛාසතිපාරිසුද‍්ධිං චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති අත‍්තනො රතියා අපරිතස‍්සාය ඵාසුවිහාරාය, ඔක‍්කමනාය නිබ‍්බානස‍්ස.

(4) මහණෙනි, යම් පරිදි රජුගේ ප්‍රත්‍යන්ත නගරයෙහි ආභ්‍යන්තරිකයන්ගේ අභිරතිය සඳහා, අපරිත්‍රාසය සඳහා, පහසුවිහරණය සඳහා, බාහිරයන්ගේ නිවාරණය සඳහා සප්පි ය, නවනීත ය, මධු ය, ඵාණිත ය, ලවණ ය යන බොහෝ භෛෂජ්‍ය රැස් කරණලද වේ ද, මහණෙනි, එ පරිදි ම ආර්‍ය්‍යශ්‍රාවක තෙම තමාගේ අභිරතිය සඳහා අපරිත්‍රාසය සඳහා පහසුවිහරණ සඳහා නිවනට වැදගනු සඳහා සුඛයාගේත් ප්‍රහාණයෙන් දුඃඛයාගේත් ප්‍රහාණයෙන් පළමු ම සොම්නස් දොම්නසුන්ගේ අස්තගමයෙන් අදුක්ඛ වූ අසුඛ වූ උපේක්‍ෂා ස්මෘති දෙකින් පිරිසිදු වූ චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසෙයි.

ඉමෙසං චතුන‍්නං ඣානානං ආභිචෙතසිකානං දිට‍්ඨධම‍්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච‍්ඡලාභී අකසිරලාභී.

මෙ ආභිචේතසික වූ දිට්ඨධම්මසුඛවිහාර වූ ධ්‍යාන සතර කැතිසේ ලබන්නේත්, නිදුකින් ලබන්නනේත්, විපුලසේ ලබන්නේත් වෙයි.

යතො ච ඛො භික‍්ඛවෙ, අරියසාවකො ඉමෙහි සත‍්තහි සද‍්ධම‍්මෙහි සමන‍්නාගතො හොති, ඉමෙසං චතුන‍්නං ඣානානං ආභිචෙතසිකානං දිට‍්ඨධම‍්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච‍්ඡලාභී අකසිරලාභී

මහණෙනි, යම් කලෙක අරීසවු මෙ සප්ත සද්ධර්‍මයෙන් සමන්‍වාගත වේ ද, මෙ ආභිචේතසික වූ ද දිට්ඨධම්මසුඛවිහාර වූ සතර ධ්‍යානයන් කැමැති සේ ලබන්නේ ද, නිදුකින් ලබන්නේ ද, විපුලසේ ලබන්නේත් වේ ද.

අයං වුච‍්චති භික‍්ඛවෙ, අරියසාවකො අකරණීයො මාරස‍්ස අකරණීයො පාපිමතොති.

මහණෙනි, මෙ අරීසවු මාරයා විසින් අකරණීය වේ. පාපීමත් හු විසින් අකරණීය වේ ය යි කියනු ලැබේ.