සත්තසුරියුග්ගමන සුත්තං
7. 2. 2. 2.
7. 2. 2. 2.
[සත්තසුරියුග්ගමන සුත්තං]
[සත්තසුරියුග්ගමන සූත්‍රය]
13. එකං සමයං භගවා වෙසාලියං විහරති අම්බපාලිවනෙ. තත්ර ඛො භගවා භික්ඛු ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
13. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසල්නුවර අම්බපාලි වනයෙහි වැඩ වෙසෙනසේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන් ඇමැතූ සේක. ‘වහන්සැ’යි එ මහණහු භාග්‍යවතුන් වහන්සේ ට පිළිවදන් ඇස් වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළහ:
අනිච්චා භික්ඛවෙ, සඞ්ඛාරා, අද්ධුවා භික්ඛවෙ, සඞ්ඛාරා, අනස්සාසිකා භික්ඛවෙ, සඞ්ඛාරා. යාවඤ්චිදං භික්ඛවෙ, අලමෙව සබ්බසඞ්ඛාරෙසු නිබ්බින්දිතුං, අලං විරජ්ජිතුං, අලං විමුච්චිතුං.
මහණෙනි, සංස්කාරයෝ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ අධ්‍රැවයහ (අස්ථිරහ). මහණෙනි, සංස්කාරයෝ අනාශ්වාසිකයහ (අශාස්වතයහ). මහණෙනි, සර්‍වසංස්කාරයන්හි නිර්වේදය දැනැවීමට මෙ කරුණ පමණ වේ මැයි. විරාග දැනැවීමට පමණ වේ මැ යි. මිදුමට පමණ වේ මැ යි.
සිනෙරු භික්ඛවෙ, පබ්බතරාජා චතුරාසීති යොජනසහස්සානි ආයාමෙන, චතුරාසීතියොජනසහස්සානි විත්ථාරෙන, චතුරාසීතියොජනසහස්සානි මහාසමුද්දෙ අජ්ඣොගාළ්හො, චතුරාසීතියොජනසහස්සානි මහාසමුද්දා අච්චුග්ගතො.
මහණෙනි, සුනෙරපව්රද අයමින් සුවාසූදහසෙක් යොදුන. විතරින් සුවාසූදහසෙක් යොදුන. සුවාසූදහසෙක් යොදුන් මහසයුරෙහි ගැලී සිටියේ ය. සුවාසූදහසෙක් යොදුන් මහමුහුදින් මතුයෙහි නැඟී සිටියේ ය.
හොති ඛො සො භික්ඛවෙ, සමයො යං බහූනි වස්සානි බහූනි වස්සසතානි බහූනි වස්සසහස්සානි බහූනි වස්සසතසහස්සානි දෙවො න වස්සති. දෙවෙ ඛො පන භික්ඛවෙ, අවස්සන්තෙ යෙ කෙචිමෙ බීජගාමභූතගාමා ඔසධිතිණවනස්පතයො තෙ උස්සුස්සන්ති විසුස්සන්ති විසුස්සන්ති න භවන්ති.
මහණෙනි, යම් හෙයකින් බොහෝ වර්ෂයක් බොහෝ වර්ෂදහසක් බොහෝ වර්ෂ සුවහසක් වර්ෂා නො කෙරේ නම් එබඳු සමයෙක් ඇත. මහණෙනි, මේඝය නො වටුත් ම යම්කිසි බීජාගාම භූතාගාම ඖෂධී තෘණ වනස්පතීහු වෙත් නම් උහු වියලෙත්. වෙසෙසින් වියලෙත්. යලි නො වැඩෙත්.
එවං අනිච්චා භික්ඛවෙ, සඞ්ඛාරා, එවං අද්ධුවා භික්ඛවෙ, සඞ්ඛාරා, එවං අනස්සාසිකා භික්ඛවෙ, සඞ්ඛාරා. යාවඤ්චිදං භික්ඛවෙ, අලමෙව සබ්බ සඞ්ඛාරෙසු නිබ්බින්දිතුං, අලං විරජ්ජිතුං, අලං විමුච්චිතුං.
මහණෙනි, මෙසේ සංස්කාරයෝ අනිත්‍යයහ. මහණෙනි, මෙසේ සංස්කාරයෝ අස්ථිරයහ. මහණෙනි, මෙසේ සංස්කාරයෝ ආශ්වාස රහිතයහ. මහණෙනි, සර්‍වසංස්කාරයන්හි නිර්වේදයට (කළකිරීමට) මෙ පමණැ මැ යි විරාගයට (නො ඇලීමට) මෙ පමණ මැ යි. මිදෙන්නට මෙ පමණ මැ යි.
හොති ඛො සො භික්ඛවෙ, සමයො යං කදාචි කරහචි දීඝස්ස අද්ධුනො අච්චයෙන දුතියො සුරියො පාතුභවති. දුතියස්ස භික්ඛවෙ, සුරියස්ස පාතුභාවා යා තා කුන්නදියො කුස්සුබ්භා තා උස්සුස්සන්ති, විසුස්සන්ති, න භවන්ති.
මහණෙනි, යම් හෙයකින් දිගුකල් ඇවෑමෙන් කිසියම් ම කලෙක දෙවන සූර්‍ය්‍යයෙක් පාළ වන්නේ ය. මහණෙනි, දෙවන හිරුහුගේ පාළ වීමෙන් යම් ඒ කුඩා නදීහු ද කුඩා දියවිල්හු ද වෙත් නම්, උහු වියැලෙත්, වෙසෙසින් වියැලෙත්, නො වැඩෙත්.
එවං අනිච්චා භික්ඛවෙ සඞ්ඛාරා, එවං අද්ධුවා භික්ඛවෙ සඞ්ඛාරා, එවං අනස්සාසිකා භික්ඛවෙ සඞ්ඛාරා. යාවඤ්චිදං භික්ඛවෙ අලමෙව සබ්බ සඞ්ඛාරෙසු නිබ්බින්දිතුං අලං විරජ්ජිතුං. අලං විමුච්චිතුං.
මහණෙනි,මෙසෙයින් සංස්කාරයෝ අනිසයහ. මෙසෙයින් සංස්කාරයෝ නො තිරයහ. මෙසෙයින් සංස්කාරයෝ අනාශ්වාසිකයහ. මහණෙනි, සර්‍වසංස්කාරයන්හි නිර්වේදයට මෙය ම ප්‍රමාණ වෙයි. විරාගයට මෙ මැ පමණ වෙයි. විමෝක්ෂයට මෙ මැ ප්‍රමාණ වෙයි.
හොති ඛො සො භික්ඛවෙ සමයො යං කදාචි කරහචි දීඝස්ස අද්ධුනො අච්චයෙන තතියො සුරියො පාතුභවති. තතියස්ස භික්ඛවෙ සුරියස්ස පාතුභාවා යා කාචි මහානදියො සෙය්යථීදං: ගඞ්ගා යමුනා අචිරවතී සරභූ මහී, තා උස්සුස්සන්ති විසුස්සන්ති න භවන්ති.
මහණෙනි, දීර්ඝරාත්රයක්හුගේ ඇවෑමෙන් කිසියම් ම කලෙක්හි යම් හෙයකින් තෙවන සූර්‍ය්‍යයෙක් පහළ වේ නම් එබඳු සමයෙක් වෙයි. මහණෙනි, තෙවන හිරුහුගේ පාළ වීමෙන් ගඞ්ගා ය, යමුනා ය, අචිරවතී ය, සරභු ය, මහී ය, යන යම් එ මහානදීහු වෙත් නම්, උහු වියැලෙත්, වෙසෙසින් වියැලෙත්, නො වැඩෙත්.
එවං අනිච්චා භික්ඛවෙ, සඞ්ඛාරා, එවං අද්ධුවා භික්ඛවෙ සඞ්ඛාරා, එවං අනස්සාසිකා භික්ඛවෙ, සඞ්ඛාරා. යාවඤ්චිදං භික්ඛවෙ, අලමෙව සබ්බසඞ්ඛාරෙසු නිබ්බින්දිතුං, අලං විරජ්ජිතුං, අලං විමුච්චිතුං.
මහණෙනි, සංස්කාරයෝ වෙසෙසින් අනිසයහ. මෙසේ සංස්කාරයෝ නො තිරයහ. මෙසෙයින් සංස්කාරයෝ අස්වැසුම් රහිතයහ. මහණෙනි, සර්‍වසංස්කාරයන්හි නිර්වේදයට මෙ මැ පමණ වෙයි. විරාගයට මෙ පමණ වෙයි. විමෝක්ෂයට මෙ මැ පමණ වෙයි.
හොති ඛො සො භික්ඛවෙ, සමයො යං කදාචි කරහචි දීඝස්ස අද්ධුනො අච්චයෙන චතුත්ථො සුරියො පාතුභවති. චතුත්ථස්ස භික්ඛවෙ, සුරියස්ස පාතුභාවා යෙ තෙ මහාසරා යතො ඉමා මහානදියො සම්භවන්තී, සෙය්යථීදං: අනොතත්තං, සීහපපාතං, රථකාරං, කණ්ණමුණ්ඩං, කුණාලං, ඡද්දන්තං මන්දාකිනී. තා උස්සුස්සන්ති විසුස්සන්ති. න භවන්ති.
මහණෙනි, දීර්ඝරාත්රයක්හුගේ ඇවෑමෙන් කිසිකලෙක්හි යම් හෙයකින් සතරවන සූර්‍ය්‍යයෙක් පාළ වේ නම්, එබඳු සමයෙක් වෙයි. මහණෙනි, සතරවන හිරුහුගේ ප්රාදූර්භාවයෙන් යම් තැනෙකින් මෙ මහානදීහු උපදනාහු නම් එ මහවිල්හු ද, එනම්: අනවතප්ත ය, සිංහප්‍රපාත ය, රථකාර ය, කර්ණමුණ්ඩ ය, ෂඩ්දන්ත ය, මන්දාකිනී ය යන ඒ මහවිල්හු වියැලෙත් වෙසෙසින් වියැලෙත් නො වැඩෙත්.
එවං අනිච්චා භික්ඛවෙ සඞ්ඛාරා -පෙ- අලං විමුච්චිතුං.
මහණෙනි, මෙසෙයින් සංස්කාරයෝ අනිත්‍යයහ ... මිදෙන්නට මෙ පමණ මැ යි.
හොති ඛො සො භික්ඛවෙ, සමයො යං කදාචි කරහචි දීඝස්ස අද්ධුනො අච්චයෙන පඤ්චමො සුරියො පාතුභවති. පඤ්චමස්ස භික්ඛවෙ, සුරියස්ස පාතුභාවා යොජනසතිකානිපි මහාසමුද්දෙ උදකානි ඔගච්ඡන්ති, ද්වියොජනසතිකානිපි මහාසමුද්දෙ උදකානි ඔගච්ඡන්ති, තියොජනසතිකානිපි මහාසමුද්දෙ උදකානි ඔගච්ඡන්ති, -පෙ- සත්තයොජන සතිකානිපි මහාසමුද්දෙ උදකානි ඔගච්ඡන්ති, සත්තතාලම්පි මහාසමුද්දෙ උදකං සණ්ඨාති, ඡතාලම්පි පඤ්චතාලම්පි චතුතාලම්පි තිතාලම්පි ද්විතාලම්පි තාලමත්තම්පි මහාසමුද්දෙ උදකං සණ්ඨාති, සත්තපොරිසම්පි මහාසමුද්දෙ උදකං සණ්ඨාති, ඡපොරිසම්පි -පෙ- පඤ්චපොරිසම්පි -පෙ- චතුපොරිසම්පි -පෙ- තිපොරිසම්පි -පෙ- ද්විපොරිසම්පි -පෙ- පොරිසම්පි -පෙ- අඩ්ඪපොරිසමත්තම්පි -පෙ- කටිමත්තම්පි -පෙ- ජණ්ණුකාමත්තම්පි -පෙ- ගොප්ඵකමත්තම්පි මහාසමුද්දෙ උදකං සණ්ඨාති.
මහණෙනි, දීර්ඝරාත්රයක්හුගේ ඇවෑමෙන් කිසියම් කලෙක්හි යම් හෙයකින් පස්වන සූර්‍ය්‍යයෙක් ප්රාදුර්භූත වේ නම්, එබඳු සමයෙක් ඇත. මහණෙනි, පස්වන හිරුහුගේ පාළවීමෙන් මහා සමුද්‍රයෙහි සියක් යොදුනෙහි වූ දිය දූ පහළ බස්නේ ය. මහා සමුද්‍රයෙහි දෙසියක් යොදුනෙහි දිය දූ පහළ බස්නේ ය. මහසයුරෙහි තුන්සියයක් යොදුනෙහි වූ දිය දූ පහළ බස්නේ ය ... මහසයුරෙහි සත්සියයක් යොදුනෙහි දිය දූ පහළ බස්නේ ය. මහසයුරෙහි සත්තලක් පොහෝනා පමණ වූ ද දිය සිටුනේ ය. සතලක් පොහෝනා වූ ද ... පස්තලක් පොහෝනා වූ ද ... සිවුතලක් පොහෝනා වූ ද ... තුන්තලක් පොහෝනා වූ ද ... දෙතලක් පොහෝනා වූ ද ... තලක් පොහෝනා මතු වූ දිය මහමුහුදෙහි සිටුනේ ය. මහාසමුද්‍රයෙහි සප්ත පුරුෂ ප්‍රමාණ වූ ද දිය (ශේෂව) සිටුනේ ය, ෂඩ්පුරුෂ ප්‍රමාණ වූ ද ... පඤ්චපුරුෂ ප්‍රමාණ වූ ද ... චතුෂ්පුරුෂ ප්‍රමාණ වූ ද ... ත්රිපුරුෂ ප්‍රමාණ වූ ද ... ද්විපුරුෂ ප්‍රමාණ වූ ද ... පුරුෂ ප්‍රමාණ වූ ද ... අර්ධපුරුෂ ප්‍රමාණ වූ ද ... කටිමාත්ර වූ ද ... දණිස් මතු වූ ද .... ගොප් ඇට වූ ද, දිය මහාසමුද්‍රයෙහි ශේෂව සිටුනේ ය.
සෙය්යථාපි භික්ඛවෙ, සරදසමයෙ ථුල්ලඵුසිතකෙ දෙවෙ වස්සන්තෙ තත්ථ තත්ථ ගොපදෙසු උදකානි ඨිතානි හොන්ති, එවමෙව ඛො භික්ඛවෙ, තත්ථ තත්ථ ගොපදමත්තානි මහාසමුද්දෙ උදකානි ඨිතානි හොන්තී. පඤ්චමස්ස භික්ඛවෙ, සුරියස්ස පාතුභාවා අඞ්ගුලපබ්බතෙමනමත්තම්පි මහා සමුද්දෙ උදකං න හොති.
මහණෙනි, යම් පරිදි සරාකල්හි මහදිය පොද ඇති වැසිවස්නා කල්හි එ එ තන්හි ගෝපදයන්හි දිය සිටියේ වේ නම්, මහණෙනි, එ පරිදි ම එ එ තන්හි ගොපද මාත්‍රවූ දිය මහ සයුරෙහි ශේෂ ව සිටියේ වේ. මහණෙනි, පස්වන හිරුහුගේ පාළ වීමෙන් ඇඟිලිපුරුක් තෙමන මතු වූ ද දිය මහ සයුරෙහි නො වන්නේ ය.
එවං අනිච්චා භික්ඛවෙ සංඛාරා, එවං අද්ධුවා භික්ඛවෙ සඞ්ඛාරා, එවං අනස්සාසිකා භික්ඛවෙ සඞ්ඛාරා, යාවඤ්චිදං භික්ඛවෙ, අලමෙව සබ්බසඞ්ඛාරෙසු නිබ්බින්දිතුං, අලං විරජ්ජිතුං, අලං විමුච්චිතුං.
මහණෙනි, සංස්කාරයෝ මෙසෙයින් අනිස වෙත්. මහණෙනි, සංස්කාරයෝ මෙසෙයින් අධ්‍රැව වෙත්. මහණෙනි, සංස්කාරයෝ මෙසෙයින් අනාශ්වාසික (අශාශ්වත හෙයින් ආශ්වාද රහිත) වෙත්. මහණෙනි, සර්‍වසංස්කාරයන්හි නිර්වේදයට මෙ ම පමණ වෙයි. විරාගයට මෙ ම පමණ වේ. මිදෙන්නට මෙ ම පමණ වෙයි.
හොති ඛො සො භික්ඛවෙ, සමයො යං කදාචි කරහචි දීඝස්ස අද්ධුනො අච්චයෙන ඡට්ඨො සුරියො පාතුභවති. ඡට්ඨස්ස භික්ඛවෙ සුරියස්ස පාතුභාවා අයඤ්ච මහාපඨවී සිනෙරු ච පබ්බතරාජා ධූපායන්ති සන්ධූපායන්ති සම්පධූපායන්ති. සෙය්යථාපි භික්ඛවෙ, කුම්භකාරපාකො ආලිම්පිතො පඨමං පඨමං ධූපෙති සන්ධූපෙති සම්පධූපෙති. එවමෙව ඛො භික්ඛවෙ, ඡට්ඨස්ස සුරියස්ස පාතුභාවා අයඤ්ච මහාපඨවි සිනෙරු ච පබ්බතරාජා ධූපායන්ති සන්ධූපායන්ති සම්පධූපායන්ති.
මහණෙනි, දිගුකල් ඇවෑමෙන් කිසියම් කලෙක්හි යම් හෙයෙකින් සවන සූර්‍ය්‍යයෙක් පාළ වේ නම්, එබඳු කලෙක් වෙයි. මහණෙනි, සවන හිරුහුගේ පාළ වීමෙන් මෙ මහපොළෝ හා සුනෙර පවුර ද දුමන්නේ ය. වෙසෙසින් දුමන්නේ ය. අත්යුත්කර්ෂයෙන් දුමන්නේ ය. මහණෙනි, යම් පරිදි කුඹල්කරු උදුනෙක් ගිනි දල්වනලදුයේ පළමු පළමු යම්සේ දුමා ද, වෙසෙසින් දුමා ද, අත්යුත්කර්ෂයෙන් දුමා ද, මහණෙනි, එසෙයින් ම මේ මහපොළෝ හා සුනෙරුපර්වතරාජයා සවන හිරුහුගේ ප්රාදුර්භාවයෙන් දුමන්නේ ය. වෙසෙසින් දුමන්නේ ය. අත්යුත්කර්ෂයෙන් දුමන්නේ ය.
එවං අනිච්චා භික්ඛවෙ සඞ්ඛාරා, එවං අද්ධුවා භික්ඛවෙ සඞ්ඛාරා, එවං අනස්සාසිකා භික්ඛවෙ සඞ්ඛාරා, යාවඤ්චිදං භික්ඛවෙ, අලමෙව සබ්බසඞ්ඛාරෙසු නිබ්බින්දිතුං, අලං විරජ්ජිතුං, අලං විමුච්චිතුං.
මහණෙනි, සංස්කාරයෝ මෙසෙයින් අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසෙයින් අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසෙයින් අනාශ්වාසිකයහ. මහණෙනි, සර්‍වසංස්කාරයන්හි නිර්වේදයට මෙ ම පමණ වෙයි. විරාගයට මෙ ම පමණ වෙයි. මිදෙන්නට මෙ ම පමණ වෙයි.
හොති ඛො සො භික්ඛවෙ, සමයො යං කදාචි කරහචි දීඝස්ස අද්ධුනො අච්චයෙන සත්තමො සුරියො පාතුභවති. සත්තමස්ස භික්ඛවෙ, සුරියස්ස පාතුභාවා අයඤ්ච මහාපඨවි සිනෙරු ච පබ්බතරාජා ආදිප්පන්ති, පජ්ජලන්ති, එකජාලා භවන්ති. ඉමිස්සා ච භික්ඛවෙ, මහාපඨවියා සිනෙරුස්ස ච පබ්බතරාජස්ස ඣායමානානං ඩය්හමානානං අග්ගී වාතෙන ඛිත්තා යාව බ්රහ්මලොකාපි ගච්ඡන්ති.
මහණෙනි, යම් හෙයෙකින් දීර්ඝරාත්රයක්හුගේ ඇවෑමෙන් කිසි කලෙක්හි සත්වන සූර්‍ය්‍යයෙක් පාළ වේ නම්, එබඳු සමයෙක් ඇත. මහණෙනි, සත්වන හිරුහුගේ පාළ වීමෙන් මේ මහපොළොව ද සුනෙරපවුර ද ගිලිගෙන ඇවිලෙයි, දිලිහෙයි, එක ම ගිනිදැල් වෙයි. මහණෙනි, මෙ මහපොළොවත් සුනෙරපවුරදත් දැවෙත් දැවෙත් ම වාතයෙන් ක්ෂිප්ත වූ ගිනිහු බඹලෝ හිම් කොට යෙත්.
සිනෙරුස්ස ච භික්ඛවෙ, පබ්බතරාජස්ස ඣායමානස්ස ඩය්හමානස්ස විනස්සමානස්ස මහතා තෙජොඛන්ධෙන අභිභූතස්ස යොජනසතිකානිපි කූටානි පලුජ්ජන්ති, ද්වියොජනසතිකානිපි කූටානි පලුජ්ජන්ති, තියොජනසතිකානිපි කූටානි පලුජ්ජන්ති, චතුයොජනසතිකානිපි කූටානි පලුජ්ජන්ති, පඤ්චයොජනසතිකානිපි කූටානි පලුජ්ජන්ති.
මහණෙනි, ඇවිලගත් දැවෙන වැනැසෙන මහගිනිකඳින් මැඩුනු සිනේරුපර්වතරාජයාගේ සියක් යොදුන් උසැති කූටයෝ ද බිඳ වැටෙත්. දෙසියක් යොදුන් උසැති කූටයෝ ද බිඳ වැටෙත්. තුන්සියක් යොදුන් උසැති කූටයෝ ද බිඳ වැටෙත්. සාරසියක් යොදුන් උසැති කුළුහු දු සිඳී වැටෙත්. පන්සියක් යොදුන් උසැති කුළුහු ද සිඳී වැටෙත්.
ඉමිස්සා ච භික්ඛවෙ, මහාපඨවියා සිනෙරුස්ස ච පබ්බතරාජස්ස ඣායමානානං ඩය්හමානානං නෙව ඡාරිකා පඤ්ඤායති න මසි සෙය්යථාපි භික්ඛවෙ, සප්පිස්ස වා තෙලස්ස වා ඣායමානස්ස ඩය්හමානස්ස නෙව ඡාරිකා පඤ්ඤායති න මසි, එවමෙව ඛො භික්ඛවෙ, ඉමිස්සා ච මහා පඨවියා සිනෙරුස්ස ච පබ්බතරාජස්ස ඣායමානානං ඩය්හමානානං නෙව ඡාරිකා පඤ්ඤායති න මසි.
මහණෙනි, ඇවිලගත්, දැවෙන මෙ මහපොළොවෙහි ද සිනේරුපර්වතරාජයාගේ ද හළු හා දැලි නො සැණේ ම ය. මහණෙනි, ඇවිලගෙණ දැවෙන සර්පිෂුහුගේ (ගිතෙල්හි) හෝ තෛලයක්හුගේ හළු හෝ දැලි නො මැ පැණෙන්නේ යම්සේ ද, මහණෙනි, එසෙයින් ම ඇවිලැගෙණ දැවෙන මෙ මහපොළොවෙහි හා සිනේරුපර්වතරාජයාගේ ද හළු හා දැලි නො පැණෙයි.
එවං අනිච්චා භික්ඛවෙ සඞ්ඛාරා, එවං අද්ධුවා භික්ඛවෙ සඞ්ඛාරා, එවං අනස්සාසිකා භික්ඛවෙ, සඞ්ඛාරා. යාවඤ්චිදං භික්ඛවෙ අලමෙව සබ්බසඞ්ඛාරෙසු නිබ්බින්දිතුං, අලං විරජ්ජිතුං, අලං විමුච්චිතුං.
මහණෙනි, සංස්කාරයෝ මෙසේ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අස්ථිරයහ. මහණෙනි සංස්කාරයෝ මෙසේ අනාශ්වාසිකයහ. මහණෙනි, සර්‍වසංස්කාරයන්හි නිර්වේදයට නිසි මැ යි, විරාගයට නිසි මැ යි, මිදෙන්නට නිසි මැයි.
තත්ර භික්ඛවෙ, කො මන්තා, කො සද්ධාතා අයඤ්ච මහාපඨවි සිනෙරු ච පබ්බතරාජා ඩය්හිස්සන්ති, විනස්සිස්සන්ති, න භවිස්සන්තීති අඤ්ඤත්ර දිට්ඨපදෙහි.
මහණෙනි, “මෙ මහපොළොව හා මෙ සිනේරුපර්වරාජයා ගින්නෙන් දැවෙන්නාහ, වැනසෙන්නාහ, නො පවත්නාහ”යි දෘෂ්ටපදයන් හෙවත් සෝතාපන්නයන් හැර වෙන කවරෙක් මන්ත්රණයට සමත් වේ ද? කවරෙක් හදහන්නේ ද?
භූතපුබ්බං භික්ඛවෙ, සුනෙත්තො නාම සත්ථා අහොසි තිත්ථකරො කාමෙසු වීතරාගො. සුනෙත්තස්ස ඛො පන භික්ඛවෙ, සත්ථුනො අනෙකානි සාවකසතානි අහෙසුං. සුනෙත්තො භික්ඛවෙ සත්ථා සාවකානං බ්රහ්මලොකසහව්යතාය ධම්මං දෙසෙති. යෙ ඛො පන භික්ඛවෙ, සුනෙත්තස්ස සත්ථුනො බ්රහ්මලොකසහව්යතාය ධම්මං දෙසෙන්තස්ස සබ්බෙන සබ්බං සාසනං ආජානිංසු, තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං බ්රහ්මලොකං උපපජ්ජිංසු. යෙ න සබ්බෙන සබ්බං සාසනං ආජානිංසු. තෙ කායස්ස භෙදා පරම්මරණා අප්පෙකච්චෙ පරනිම්මිතවසවත්තීනං දෙවානං සහව්යතං උපපජ්ජිංසු. අප්පෙකච්චෙ නිම්මානරතීනං දෙවානං සහව්යතං උපපජ්ජිංසු. අප්පෙකච්චෙ තුසිතානං දෙවානං සහව්යතං උපපජ්ජිංසු. අප්පෙකච්චෙ යාමානං දෙවානං සහව්යතං උපපජ්ජිංසු. අප්පෙකච්චෙ තාවතිංසානං දෙවානං සහව්යතං උපපජ්ජිංසු. අප්පෙකච්චෙ චාතුම්මහාරාජිකානං දෙවානං සහව්යතං උපපජ්ජිංසු. අප්පෙකච්චෙ ඛත්තියමහාසාලානං සහව්යතං උපපජ්ජිංසු. අප්පෙකච්චෙ බ්රාහ්මණමහාසාලානං සහව්යතං උපපජ්ජිංසු. අප්පෙකච්චෙ ගහපතිමහාසාලානං සහව්යතං උපපජ්ජිංසු.
මහණෙනි, භූතපූර්වයෙකී. තීර්ත්ථංකර වූ කාමයන්හි (විෂ්කම්භන වශයෙන්) පහ කළ රාගය ඇති සුනෙත්ත නම් ශාස්තෘවරයෙක් වී ය. මහණෙනි, සුනෙත්ත ශාස්තෘහට අනේකශත ශ්‍රාවකයෝ වූහ. මහණෙනි, සුනෙත්ත ශාස්තෘ තෙම බ්රහ්මලෝකසහභාවය සඳහා සව්වවනට දහම් දෙසයි. මහණෙනි, බ්රහ්මලෝකසහභාවය සඳහා දහම් දෙසන සුනෙත්ත ශාස්තෘහුගේ අනුශාසනය යම් කෙනෙක් සර්වප්රකාරයෙන් දැනගත්තාහු ද, ඔහු කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත බ්‍රහ්මලෝකයට (උපත් විසින්) පැමිණියහ. යමෙක් සර්වප්රකාරයෙන් අනුශාසනය (පිළිපැදීම්) විසින් නො දත්හු ද, ඔහු ඇතැමෙක් කාබුන් මරණින් මතු පරනිර්මිතවශවර්තී දෙවියන්ගේ සහභාවයට පැමිණියහ. ඇතැම්හු නිර්මාණරතී දෙවියන්ගේ සහභාවයට පැමිණියහ. ඇතැම් කෙනෙක් තුසිතදෙවියන්ගේ සහවාසයට පැමිණියහ. ඇතැම්හු යාමදෙවියන්ගේ සහවාසයට (ප්රතිසන්ධිවශයෙන්) එළැඹියහ. ඇතැම්හු තාවතිංසදේවයන්ගේ සහවාසයට එළැඹියහ. ඇතැම්හු චාතුම්මහාරාජික දේවයන්ගේ සහභාවයට එළැඹියහ. ඇතැම්හු ක්ෂත්රියමහාසාරයන්ගේ සහවාසයට එළැඹියහ. ඇතැම්හු බ්‍රාහ්මණමහාසාරයන්ගේ සහවාසයට එළැඹියහ. ඇතැම්හු ගෘහපතිමහාසාරයන්ගේ සහවාසයට එළැඹියහ.
අථ ඛො භික්ඛවෙ සුනෙත්තස්ස සත්ථුනො එතදහොසි. න ඛො පනෙතං පතිරූපං යොහං සාවකානං සමසමගතියො අස්සං අභිසම්පරායං යන්නූනාහං උත්තරිං මෙත්තං භාවෙය්යන්ති. අථ ඛො භික්ඛවෙ, සුනෙත්තො සත්ථා සත්තවස්සානි මෙත්තං චිත්තං භාවෙසි. සත්තවස්සානි මෙත්තං චිත්තං භාවෙත්වා සත්තසංවට්ටවිවට්ටකප්පෙ නයිමං ලොකං පුනරාගමාසි. සංවට්ටමානෙ සුදං භික්ඛවෙ, ලොකෙ ආභස්සරූපගො හොති, විවට්ටමානෙ ලොකෙ සුඤ්ඤං බ්‍රහ්මවිමානං උපපජ්ජති.
මහණෙනි, එක්බිති සුනෙත්ත ශාස්තෘහට මෙබඳු සිතෙක් විය. “යම් හෙයකින් මම පරලොව්හි ශ්‍රාවකයනට සමසම ගති ඇතියෙම් වෙම් නම්, තෙල මට අනුරූ නො වේ මැ යි. මම් මතුයෙහි දු මෛත්රිධ්යානය වඩන්නෙම් නම් මැනැවැ”යි. මහණෙනි, එක්බිති සුනෙත්ත ශාස්තෘ සත්වසක් මෙත්සිත් වැඩී ය. සත්වසක් මෙත් සිත් වඩා සප්ත සංවර්ත - විවර්ත කල්පයක් පිළිසිඳ විසින් මේ මිනිස් ලොවට නො පැමිණියේ ය. මහණෙනි, ලොව නස්නා කල්හි හේ ආභාස්වරෝපග වෙයි. ලොව විවර්ත වන කල්හි ශූන්යබ්රහ්මවිමානයට (උත්පත්ති විසින්) එළැඹෙයි.
තත්ර සුදං භික්ඛවෙ, බ්රහ්මා හොති මහාබ්රහ්මා අභිභූ අනභිභූතො අඤ්ඤදත්ථු දසො වසවත්තී. ඡත්තිංසක්ඛත්තුං ඛො පන භික්ඛවෙ, සක්කො අහොසි දෙවානමින්දො. අනෙකසතක්ඛත්තුං රාජා අහොසි චක්කවත්ති ධම්මිකො ධම්මරාජා චාතුරන්තො විජිතාවී ජනපදත්ථාවරියප්පත්තො සත්තරතනසමන්නාගතො. පරොසහස්සං ඛො පනස්ස පුත්තා අහෙසුං සුරා වීරඞ්ගරූපා පරසෙනප්පමද්දනා. සො ඉමං පඨවිං සාගරපරියන්තං අදණ්ඩෙන අසත්ථෙන ධම්මෙන අභිවිජිය අජ්ඣාවසි.
මහණෙනි, බඹ තෙමේ එහි හැම බඹුන් මැඩ වෙසෙන සුලුයේ (කිසිවෙක් විසිනුදු) නො මඩනාලදුයේ ඒකාන්තයෙන් සියල්ල දක්නේ වශවර්ති වූයේ මහාබ්‍රහ්ම වෙයි. මහණෙනි, සතිස්වරක් ශක්‍ර දේවේන්ද්‍ර විය. අනෙක් ශත වාරයක් සක්විති රජ වූයේ ධාර්මික ධර්මරාජ වූයේ සිවුසයුරු හිම් කොට ඇති පොළෝ ඇතියේ සතුරන් දිනන සුලුයේ ජනපදයන්හි ස්ථාවරභාවයට පැමිණියේ සත්රුවනින් සපන් විය. ඔහට සූර වූ විරාඞ්ග වූ සතුරුසෙන් මඩනා දහසින් වැඩි පුත්‍රයෝ වූහ. හෙ සයුරු පිරියත් මෙ පොළොව අදණ්ඩයෙන් අශස්ත්‍රයෙන් දැහැමින් දිනා ඉසුරුමත් ව විසී ය.
සො හි නාම භික්ඛවෙ, සුනෙත්තො සත්ථා එවං දීඝායුකො සමානො එවං චිරට්ඨිතිකො අපරිමුත්තො අහොසි ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි. අපරිමුත්තො දුක්ඛස්මාති වදාමි.
මහණෙනි, එ සුනෙත්ත ශාස්තෘ තෙම මෙසේ දීර්ඝායුෂ්ක වූයේ ද මෙසේ චිරස්ථික වූ යේ ම ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් නො මිදුනේ ම විය. වෘත්‍තදුඃඛයෙන් අපරිමුක්ත යයි කියමි.
තං කිස්ස හෙතු. චතුන්නං ධම්මානං අනනුබොධා අප්පටිවෙධා. කතමෙසං චතුන්නං: අරියස්ස සීලස්ස අනනුබොධා අප්පටිවෙධා, අරියස්ස සමාධිස්ස, අරියාය පඤ්ඤාය, අරියාය විමුත්තියා අනනුබොධා අප්පටිවෙධා.
එ කවර හෙයින යත්: දහම් සතරක්හුගේ අනනුබෝධයෙන, අප්‍රතිවේධයෙන. කවර සතරක්හුගේ ය යත්: ආර්ය්යශීලයාගේ අනනුබෝධයෙන් අප්‍රතිවේධයෙන. ආර්ය්යසමාධිහුගේ ... ආර්ය්යප්රඥාවගේ ... ආර්ය්යවිමක්තිහුගේ අනනුබෝධයෙන් හා අප්‍රතිවේධයෙන.
තයිදං භික්ඛවෙ අරියං සීලං අනුබුද්ධං පටිවිද්ධං, අරියො සමාධි අනුබුද්ධො පටිවිද්ධො, අරියා පඤ්ඤා අනුබුද්ධා පටිවිද්ධා, අරියා විමුත්තී අනුබුද්ධා පටිවිද්ධා, උච්ඡින්නා භවතණ්හා, ඛීණා භවනෙත්ති, නත්ථිදානි පුනබ්භවොති. ඉදමවොච භගවා, ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:
මහණෙනි, එ ම ආර්‍ය්‍යශීලය (මා විසින්) අනුබද්ධ ය, ප්‍රතිවිද්ධ ය. ආර්ය්යසමාධිය අනුබුද්ධ ය, ප්‍රතිවිද්ධ ය. ආර්‍ය්‍යප්‍රඥාව අනුබුද්ධ ය, ප්‍රතිවිද්ධ ය. ආර්ය්යවිමුක්තිය අනුබුද්ධ ය, ප්‍රතිවිද්ධ ය. භවතෘෂ්ණාව උසුන් කරණ ලදු. භවරජ්ජුව ක්ෂීණ විය. දැන් පුනර්භවයෙක් නැතැයි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක: මෙය වදාරා සුගතශාස්තෘන් වහන්සේ යලි අනෙකක් ද වදාළ සේක:
77. සීලං සමාධි පඤ්ඤා ච විමුත්ති ච අනුත්තරා, අනුබුද්ධා ඉමෙ ධම්මා ගොතමෙන යසස්සිනා.
77. යශස්වී ගෞතමයන් වහන්සේ විසින් අනුත්තරශීලය, අනුත්තරසමාධිය, අනුත්තරප්රඥාව, අනුත්තරවිමුක්තිය යන මේ ධර්මයෝ අවබෝධ කරණලදහ.
78. ඉති බුද්ධො අභිඤ්ඤාය ධම්මමක්ඛාසි භික්ඛූනං, දුක්ඛස්සන්තකරො සත්ථා චක්ඛුමා පරිනිබ්බුතො.
78. මෙසේ බුදුහු විශිෂ්ට ඥානයෙන් දැන භික්ෂූන්ට දහම් වදාළහ. වෘත්තදුඃඛය අන්ත කරණ පසැස් ඇති ශාස්තෘන් වහන්සේ (ක්ලේශපරිනිර්‍වාණයෙන්) පිරිනිවියහ යි.