හිරොත්තප්ප සුත්තං
7. 2. 2. 1.
7. 2. 2. 1.
[හිරොත්තප්ප සුත්තං]
[හිරොත්තප්ප සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
12. හිරොත්තප්පෙ භික්ඛවෙ, අසති හිරොත්තප්පවිපන්නස්ස හතූපනිසො හොති ඉන්ද්රියසංවරො. ඉන්ද්රියසංවරෙ අසති ඉන්ද්රියසංවරවිපන්නස්ස හතූපනිසං හොති සීලං. සීලෙ අසති සීලවිපන්නස්ස හතූපනිසො හොති සම්මාසමාධි. සම්මාසමාධිම්හි අසති සම්මාසමාධිවිපන්නස්ස හතූපනිසං හොති යථාභූතං ඤාණදස්සනං. යථාභූතඤාණදස්සනෙ අසති යථාභූතඤාණදස්සනවිපන්නස්ස හතූපනිසො හොති නිබ්බිදාවිරාගො. නිබ්බිදාවිරාගෙ අසති නිබ්බිදාවිරාගවිපන්නස්ස හතූපනිසං හොති විමුත්තිඤාණදස්සනං.
12. මහණෙනි, හිරිඔතප් නැතිවත් ම නට හිරිඔතප් ඇතියහුගේ ඉන්ද්රියසංවරය නට උපනිශ්‍රය ඇතියේ වෙයි. ඉන්ද්රිය සංවරය නැතිවත් ම නට ඉන්ද්රියසංවර ඇතියහුගේ ශීලය හතොපනිඃශ්‍රය වෙයි. ශීලය නැති වත් ම විපතට පත් සිල් ඇතියහුගේ සම්මා සමාධිය හතොපනිඃශ්‍රය වෙයි. සම්මාසමාධිය නැතිවත් ම විපතට පත් සම්‍යක් සමාධි ඇතියහුගේ යථාභූතඥානදර්‍ශනය හතොපනිඃශ්‍රය වෙයි. යථාභූතඥානදර්‍ශනය නැති වත්ම විපතට පත් යථාභූතඥානදර්‍ශනය ඇතියහුගේ නිබ්බිදාවිරාගය හතොපනිඃශ්‍රය වෙයි. නිබ්බිදාවිරාගය නැතිවත් ම නට නිබ්බිදාවිරාග ඇතියහුගේ විමුක්තිඥාන දර්ශනය (අර්‍හත්ත්‍වය) හතොපනිඃශ්‍රය (ප්‍රත්‍ය රහිත) වෙයි.
සෙය්යථාපි භික්ඛවෙ, රුක්ඛො සාඛාපලාසවිපන්නො, තස්ස පපටිකාපි න පාරිපූරිං ගච්ඡති, තචොපි ඵෙග්ගුපි සාරොපි න පාරිපූරිං ගච්ඡති, එවමෙව ඛො භික්ඛවෙ, හිරොත්තප්පෙ අසති, හිරොත්තප්පවිපන්නස්ස හතූපනිසො හොති -පෙ- විමුත්තිඤාණදස්සනං.
මහණෙනි, යම් පරිදි වෘක්ෂයෙක් නට ශාඛා පලාස ඇතියේ නම් එහි පිට පොතුදු පිරිපුන් බවට නො යෙයි, සිවි දු බොරු දු හර දු පිරිපුන් බවට නො යෙයි, මහණෙනි, එ පරිදි ම හිරිඔතප් නැතිවත් ම විපන් හිරිඔතප් ඇතියහුගේ ඉන්ද්රියසංවරය හතොපනිඃශ්‍රය වෙයි ... විමුක්තිඥානදර්‍ශනය හතොපනිඃශ්‍රය වෙයි.
හිරොත්තප්පෙ භික්ඛවෙ සති හිරොත්තප්පසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති ඉන්ද්රියසංවරො, ඉන්ද්රියසංවරෙ සති ඉන්ද්රියසංවරසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති සීලං, සීලෙ සති සීලසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති සම්මාසමාධි, සම්මාසමාධිම්හි සති සම්මාසමාධිසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති යථාභූතඤාණදස්සනං, යථාභූතඤාණදස්සනෙ සති යථාභූතඤාණදස්සනසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති නිබ්බිදාවිරාගො, නිබ්බිදාවිරාගෙ සති නිබ්බිදාවිරාගසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති විමුත්තිඤාණදස්සනං.
මහණෙනි, හිරිඔතප් ඇතිවත් ම හිරිඔතප්සපන්හුගේ ඉන්ද්රියසංවරය උපනිඃශ්‍රය සම්පන්න වෙයි. ඉන්ද්රියසංවරය ඇතිවත් ම ඉන්ද්රියසංවරසපන්හුගේ ශීලය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ශීලය ඇති වත් ම සිල්සපන්හුගේ සම්‍යක්සමාධිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. සම්‍යක් සමාධිය ඇතිවත් ම සම්‍යක්සමාධිසම්පන්නයාගේ යථාභූතඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. යථාභූතඥානදර්‍ශනය ඇතිවත් ම යථාභූතඥානදර්‍ශනසම්පන්නයාගේ නිබ්බිදාවිරාගය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. නිබ්බිදාවිරාගය ඇතිවත් ම නිබ්බිදාවිරාගසම්පන්නයාගේ විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි.
සෙය්යථාපි භික්ඛවෙ, රුක්ඛො සාඛාපලාසසම්පන්නො, තස්ස පපටිකාපි පාරිපූරිං ගච්ඡති, තචොපි ඵෙග්ගුපි සාරොපි පාරිපූරිං ගච්ඡති, එවමෙව ඛො භික්ඛවෙ, හිරොත්තප්පෙ සති හිරොත්තප්පසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති ඉන්ද්රියසංවරො -පෙ- උපනිසසම්පන්නං හොති විමුත්තිඤාණදස්සනන්ති.
මහණෙනි, යම් පරිදි ශාඛා - පලාසසම්පන්නවෘක්ෂයෙක් වේ නම් එහි පිට පොතු දු පිරිපුන් බවට යෙයි, සිවි දු බොරු දු හර දු පිරිපුන් බවට යෙයි, මහණෙනි, එපරිදි ම හිරි - ඔතප් ඇතිවත් ම හිරි - ඔතප්සපන්හුගේ ඉන්ද්රියසංවරය උපනිඃශ්‍රය සම්පන්න වෙයි ... විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රය සම්පන්න වේ යයි.