කොධන සුත්තං
7. 2. 1. 11.
7. 2. 1. 11.
[කොධන සුත්තං]
[කොධන සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
11. සත්තිමෙ භික්ඛවෙ, ධම්මා සපත්තකන්තා සපත්තකරණා කොධනං ආගච්ඡන්ති ඉත්ථිං වා පුරිසං වා. කතමෙ සත්ත:
11. මහණෙනි, වෛරීන්ට කාන්ත වූ වෛරීන්ට අර්ත්ථකරණ මෙ සත් දහම් කෙනෙක් කිපෙනසුලු මාගම කරා හෝ පුරුෂයා කරා හෝ පෙරළා එති. කවර සතෙක යත්:
(1) ඉධ භික්ඛවෙ, සපත්තො සපත්තස්ස එවං ඉච්ඡති: අහො වතායං දුබ්බණ්ණො අස්සාති. තං කිස්ස හෙතු: න භික්ඛවෙ, සපත්තො සපත්තස්ස වණ්ණවතාය නන්දති. කොධනොයං භික්ඛවෙ පුරිසපුග්ගලො කොධාභිභූතො කොධපරෙතො. කිඤ්චාපි සො හොති සුනහාතො සුවිලිත්තො කප්පිතකෙසමස්සු ඔදාතවත්ථවසනො, අථ ඛො සො දුබ්බණ්ණොව හොති කොධාභිභූතො. අයං භික්ඛවෙ, පඨමො ධම්මො සපත්තකන්තො සපත්තකරණො කොධනං ආගච්ඡති ඉත්ථිං වා පුරිසං වා.
(1) මහණෙනි, මෙ ලොව්හි සතුරා (තමාගේ) සතුරාහට මෙසේ කැමැති වෙයි: ‘මේ තෙම දුර්වර්ණ වන්නේ නම් මැනැවැ’යි. එ කවර හෙයින යත්: මහණෙනි, සතුරා සතුරාගේ වර්ණවද්භාවයෙන් සතුටු නො වෙයි. මහණෙනි, මේ පුරුෂ කිපෙනසුලු ක්‍රෝධයෙන් මඩනාලද ක්රෝධානුගත වූයේ වෙයි. හේ මැනැවින් ස්නාන කෙළේ මැනැවින් ගැල්වූ අලෙව් ඇතියේ අන්දම් තැබූ කෙහෙමස් ඇතියේ හඳනා ලද හෙළපිළී ඇතියේ වී නමුදු, වැලි හේ ක්‍රෝධයෙන් අභිභූත වූයේ දුර්වර්ණ මැ වෙයි. මහණෙනි, සපත්තකාන්ත වූ සපත්තකරණ වූ මෙ පළමු කරුණ කිපෙනසුලු ස්ත්‍රිය හෝ පුරුෂයා හෝ කරා පැමිණෙයි.
(2) පුන චපරං භික්ඛවෙ, සපත්තො සපත්තස්ස එවං ඉච්ඡති: අහො වතායං දුක්ඛං සයෙය්යාති. තං කිස්ස හෙතු? න භික්ඛවෙ, සපත්තො සපත්තස්ස සුඛසෙය්යාය නන්දති. කොධනොයං භික්ඛවෙ, පුරිසපුග්ගලො කොධාභිභූතො කොධපරෙතො. කිඤ්චාපි සො පල්ලඞ්කෙ සෙති ගොණකත්ථතෙ පටිකත්ථතෙ පටලිකත්ථතෙ කාදලිමිගපවරපච්චත්ථරණෙ සඋත්තරච්ඡදෙ උභතො ලොහිතකූපධානෙ, අථ ඛො සො දුක්ඛංයෙව සෙති කොධාභිභූතො. අයං භික්ඛවෙ දුතියො ධම්මො සපත්තකන්තො සපත්තකරණො කොධනං ආගච්ඡති ඉත්ථිං වා පුරිසං වා.
(2) තවද මහණෙනි, සතුරෙක් (සිය) සතුරුහට මෙසේ කැමැති වෙයි. ‘මෙ තෙම දුකසේ හෝනේ වේ නම් මැනැවැ’ යි. එ කවර හෙයින යත්: මහණෙනි, සතුරු සතුරාගේ සුඛශය්යායෙන් සතුටු නො වෙයි. මේ පුරුෂ තෙම කිපෙනසුලු වූයේ ක්‍රෝධයෙන් අභිභූත වූයේ ක්‍රෝධවශයට පැමිණියේ වෙයි. හෙ වැලිත් කොඳුපලස් අතුළ මොළොක් සුදුඑළුලොම් ඇතිරි අතුළ ඝනපුප්ලොම් ඇතිරි අතුළ උතුම් කෙසෙල්මුවසමින් ඇතිරි අතුළ උඩුවියන් සහිත දෙපස්හි තැබූ රත්කන්වයින් ඇති පලනෙක්හි හෝනේ නමුදු හෙ ක්‍රෝධයෙන් මැඩුනේ දුකසේ ම හෝනේ වෙයි. මහණෙනි, සපත්තකාන්ත වූ සපත්තකරණ වූ මෙ දෙවන කරුණ කිපෙනසුලු ස්ත්‍රිය හෝ පුරුෂයා හෝ කරා පැමිණෙයි.
(3) පුන චපරං භික්ඛවෙ, සපත්තො සපත්තස්ස එවං ඉච්ඡති: අහො වතායං න පචුරත්ථො අස්සාති. තං කිස්ස හෙතු? න භික්ඛවෙ, සපත්තො සපත්තස්ස පචුරත්ථතාය නන්දති. කොධනොයං භික්ඛවෙ, පුරිසපුග්ගලො කොධාභිභූතො කොධපරෙතො. අනත්ථම්පි ගහෙත්වා අත්ථො මෙ ගහිතොති මඤ්ඤති. අත්ථම්පි ගහෙත්වා අනත්ථො මෙ ගහිතොති මඤ්ඤති. තස්සිමෙ ධම්මා අඤ්ඤමඤ්ඤං විපච්චනීකා ගහිතා දීඝරත්තං අහිතාය දුක්ඛාය සංවත්තන්ති කොධාභිභූතස්ස. අයං ඛො භික්ඛවෙ, තතියො ධම්මො සපත්තකන්තො සපත්තකරණො කොධනං ආගච්ඡති ඉත්ථිං වා පුරිසං වා.
(3) තවද මහණෙනි, සතුරා සතුරකුහට මෙසේ කැමැති වෙයි. ‘මේ තෙම බොහෝ ධන ඇතියේ නො වේ නම් මැනැවැ’ යි. එ කවර හෙයින යත්: මහණෙනි, සතුරා සතුරකුගේ ප්රචුරාර්ත්ථභාවයෙන් සතුටු නො වෙයි. මහණෙනි, මේ පුරුෂපුද්ගල ක්‍රෝධයෙන් අභිභූත වූයේ ක්‍රෝධවශයට පැමිණියේ අනර්‍ත්‍ථය ද ගෙණ ‘මා විසින් අර්ත්ථය ගන්නා ලදැ’යි හඟනේ ය. අර්ත්ථය ද ගෙණ ‘මා විසින් අනර්‍ත්‍ථය ගන්නා ලදැ’යි හඟනේ ය. ක්‍රෝධාභිභූත වූ ඔහු විසින් පරස්පර ප්‍රත්‍යනීක වූ ගන්නාලද මෙ ධර්මයෝ දීර්ඝරාත්රයෙහි අහිත පිණිස දුක් පිණිස වැටෙන්නාහ. මහණෙනි, සතුරාට කාන්ත වූ සතුරුකරණ වූ මෙ තෙවන කරුණ කිපෙනසුලු ස්ත්‍රියට වේවයි පුරුෂයාට වේවයි පැමිණෙයි.
(4) පුන චපරං භික්ඛවෙ, සපත්තො සපත්තස්ස එවං ඉච්ඡති: අහො වතායං න භොගවා අස්සාති. තං කිස්ස හෙතු? න භික්ඛවෙ, සපත්තො සපත්තස්ස භොගවතාය නන්දති. කොධනස්ස භික්ඛවෙ, පුරිසපුග්ගලස්ස කොධාභිභූතස්ස කොධපරෙතස්ස යෙපිස්ස තෙ හොන්ති භොගා උට්ඨානවිරියාධිගතා බාහාබලපරිචිතා සෙදාවක්ඛිත්තා ධම්මිකා ධම්මලද්ධා, තෙපිරාජානො රාජකොසං පවෙසෙන්ති කොධාභිභූතස්ස. අයං භික්ඛවෙ, චතුත්ථො ධම්මො සපත්තකන්තො සපත්තකරණො කොධනං ආගච්ඡති ඉත්ථිං වා පුරිසං වා.
(4) තවද මහණෙනි, සතුරෙක් සතුරකුහට මෙසේ කැමැති වෙයි. ‘මේ තෙම භෝග ඇතියේ නො වේ නම් මැනැවැ’යි. එ කවර හෙයින යත්: මහණෙනි, සතුරුතෙම සතුරාගේ භෝගවත්භාවයෙන් නො සතුටු වෙයි. මහණෙනි, කිපෙනසුලු ක්‍රෝධයෙන් මැඩුනු ක්‍රෝධවශයට ගිය පුරුෂපුද්ගලයාගේ යම් එ භෝගයෝ වෙත් නම් උත්‍ථානවීර්‍ය්‍යයෙන් අධිගත වූවාහු බාහුබලයෙන් රැස් කරණ ලද්දාහු ඩහවගුරුවා උපයාලූවාහු දැහැමි වූවාහු දැහැමින් ලද්දාහු වෙත් නම්, ක්‍රෝධාභිභූත වූ ඔහුගේ එයද රජහු රාජභාණ්ඩාගාරයට පමුණුවත්. මහණෙනි, සපත්තකාන්ත වූ සපත්තකරණ වූ මෙ සතරවන කරුණ ක්‍රෝධකරණසුලු ස්ත්‍රියට හෝ පුරුෂයාට හෝ පැමිණේ.
(5) පුන චපරං භික්ඛවෙ, සපත්තො සපත්තස්ස එවං ඉච්ඡති: අහො වතායං න යසවා අස්සාති. තං කිස්ස හෙතු? න භික්ඛවෙ, සපත්තො සපත්තස්ස යසවතාය නන්දති. කොධනොයං භික්ඛවෙ, පුරිසපුග්ගලො කොධාභිභූතො කොධපරෙතො. යොපිස්ස සො හොති යසො අප්පමාදාධිගතො තම්හාපි ධංසති කොධාභිභූතො. අයං භික්ඛවෙ, පඤ්චමො ධම්මො සපත්තකන්තො සපත්තකරණො කොධනං ආගච්ඡති ඉත්ථිං වා පුරිසං වා.
(5) තවද මහණෙනි, සතුරෙක් සතුරකුහට මෙසේ කැමැති වෙයි. ‘මේ තෙම යශස් ඇතියේ නො වන්නේ නම් මැනැවැ’යි. එ කවර හෙයින යත්: මහණෙනි, සතුරෙක් සතුරකුගේ යශෝවද්භාවයෙන් නො සතුටු වෙයි. මහණෙනි, මේ පුරුෂපුද්ගල කිපෙනසුලු වූයේ ක්‍රෝධයෙන් අභිභූත වූයේ ක්‍රෝධවශයට පැමිණියේ වෙයි. අප්‍රමාදයෙන් ඔහු විසින් ලැබගත් යම් යශසෙක් වේ නම් ක්‍රෝධාභිභූත වූ හෙ එයිනුදු පිරිහෙයි. මහණෙනි, සපත්තකාන්ත වූ සපත්තකරණ වූ මෙ පස්වන කරුණ ක්‍රෝධයෙන් යුත් ස්ත්‍රියට වේවයි පුරුෂයාට වේවයි පැමිණේ.
(6) පුන චපරං භික්ඛවෙ, සපත්තො සපත්තස්ස එවං ඉච්ඡති: අහො වතායං න මිත්තවා අස්සාති. තං කිස්ස හෙතු? න භික්ඛවෙ, සපත්තො සපත්තස්ස මිත්තවතාය නන්දති. කොධනොයං භික්ඛවෙ, පුරිසපුග්ගලො කොධාභිභූතො කොධපරෙතො. යෙපිස්ස තෙ හොන්ති මිත්තාමච්චා ඤාතිසාලොහිතා, තෙපි ආරකා තං පරිවජ්ජෙන්තී කොධාභිභූතං. අයං භික්ඛවෙ, ඡට්ඨො ධම්මො සපත්තකන්තො සපත්තකරණො කොධනං ආගච්ඡති ඉත්ථිං වා පුරිසං වා.
(6) තවද මහණෙනි, සතුරෙක් සතුරකුට මෙසේ කැමැති වෙයි. ‘මේ තෙම මිතුරන් ඇතියේ නො වන්නේ නම් මැනැවැ’යි. එ කවර හෙයින යත්: මහණෙනි, සතුරෙක් සතුරකුගේ මිත්රවද්භාවයෙන් සතුටු නො වේ. මහණෙනි, මේ පුරුෂපුද්ගල කිපෙනසුල්ලේ ක්‍රෝධයෙන් මැඩුනේ ක්‍රෝධවශයට ගියේ වෙයි. ඔහුට යම් ඒ මිත්‍රාමාත්‍ය කෙනෙක් සාලේ නෑ කෙනෙක් වෙත් නම් ඔහු ද, ක්‍රෝධයෙන් මැඩුනු ඔහු දුරින් ම හැරලත්. මහණෙනි, සපත්තකාන්ත වූ සපත්තකරණ වූ මෙ සවන කරුණ ක්‍රෝධකරණසුලු ස්ත්‍රියට වේවයි පුරුෂයකුට වේවයි පැමිණේ.
(7) පුන චපරං භික්ඛවෙ, සපත්තො සපත්තස්ස එවං ඉච්ඡති: අහො වතායං කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්යාති. තං කිස්ස හෙතු? න භික්ඛවෙ, සපත්තො සපත්තස්ස සුගතිගමනෙන නන්දති. කොධනොයං භික්ඛවෙ, පුරිසපුග්ගලො කොධාභිභූතො කොධපරෙතො කායෙන දුච්චරිතං චරති, වාචාය දුච්චරිතං චරති, මනසා දුච්චරිතං චරති. සො කායෙන දුච්චරිතං චරිත්වා -පෙ- කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. කොධාභි භූතො. අයං භික්ඛවෙ, සත්තමො ධම්මො සපත්තකන්තො සපත්තකරණො කොධනං ආගච්ඡති ඉත්ථිං වා පුරිසං වා.
(7) තවද මහණෙනි, සතුරෙක් සතුරකුට මෙසේ කැමැති වෙයි. ‘මෙතෙම කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්ගති වූ විනිපාත වූ නිරයට පැමිණේවා’යි. එ කවර හෙයින යත්: මහණෙනි, සතුරෙක් සතුරකුගේ සුගති ගමනින් සතුටු නො වෙයි. මහණෙනි, මෙ පුරුෂපුද්ගල කිපෙනසුල්ලේ ක්‍රෝධයෙන් මැඩුනේ ක්‍රෝධවශයට පැමිණියේ කයින් දුසිරිත් කෙරෙයි, වචනයෙන් දුසිරිත් කෙරෙයි, මනසින් දුසිරිත් කෙරෙයි. හෙ ක්‍රෝධාභිභූත ව කයින් දුශ්චරිත කොට වචනයෙන් දුශ්චරිත කොට මනසින් දුශ්චරිත කොට කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්ගති වූ විනිපාත වූ නිරයට පැමිණේ. මහණෙනි, සපත්තකාන්ත වූ සපත්තකරණ වූ මෙ සත්වන කරුණ ක්‍රෝධකරණසුලු ස්ත්‍රියට හෝ පුරුෂයාට පැමිණෙයි.
ඉමෙ ඛො භික්ඛවෙ, සත්ත ධම්මා සපත්තකන්තා සපත්තකරණා කොධනං ආගච්ඡන්ති ඉත්ථිං වා පුරිසං වාති.
මහණෙනි, සපත්තකාන්ත වූ සපත්තකරණ වූ මෙ සප්ත ධර්මයෝ කිපෙනසුලු ස්ත්‍රිය හෝ පුරුෂයා හෝ කරා පැමිණෙත් යයි.
60. කොධනො දුබ්බණ්ණො හොති අථො දුක්ඛම්පි සෙති සො අථො අත්ථං ගහෙත්වාන අනත්ථං අධිපජ්ජති.
60. කිපෙනසුලු වූයේ දුර්වර්ණ වෙයි. වැලි හේ දුකසේත් හෝනේ ය. වැලිදු අර්ත්ථය ගෙණ (මා විසින් ලබනලදුයේ) අනර්‍ත්‍ථ යයි වරදවා සිතයි.
61. තතො කායෙන වාචාය වධං කත්වාන කොධනො, කොධාභිභූතො පුරිසො ධනජානිං නිගච්ඡති.
61. එක්බිති කිපෙනසුලු ක්‍රෝධයෙන් අභිභූත වූ පුරුෂ කයින් වචසින් වධ කොට ධනහානියට යෙයි.
62. කොධසම්මදසම්මත්තො ආයසකය්යං නිගච්ඡති ඤාතිමිත්තා සුහජ්ජා ච පරිවජ්ජෙන්ති කොධනං.
62. ක්‍රෝධ මදයෙන් දැඩි ව මත් වූයේ අයශස්කභාවයට (නින්දාවට) යෙයි. ඥාති මිත්රසුහෘද්හු ද කිපෙනසුලු ඔහු හැරැදමත්.
63. අනත්ථජනනො කොධො කොධො චිත්තප්පකොපනො, භයමන්තරතො ජාතං තං ජනො නාවබුජ්ඣති.
63. ක්‍රෝධය අනර්‍ත්‍ථය දනවන්නේ ය. ක්‍රෝධය චිත්තප්රකෝප කරන්නේ ය. බිය අභ්‍යන්තරයෙහි උපන්නේ වෙයි. ජනතෙමේ එය නො දන්නේ ය.
64. කුද්ධො අත්ථං න ජානාති කුද්ධො ධම්මං න පස්සති, අන්ධන්තමං තදා හොති යං කොධො සහතෙ නරං.
64. කිපියේ අර්ත්ථය (වෘද්ධිය)නො දන්නේ ය. කිපියේ ධර්මය (ශමථ විදර්ශනා) නො දක්නේ ය. ක්‍රෝධය යම් මිනිසකු මැඩගන්නේ නම් එකල්හි එබඳු ගනඅඳුරුබව කරණ මෝහතමස වෙයි.
65. යං කුද්ධො උපරොධෙති සුකරං විය දුක්කරං, පච්ඡා සො විගතෙ කොධෙ අග්ගිදඩ්ඪොව තප්පති.
65. ක්‍රෝධයට පැමිණියේ සූකරයක් සෙයින් යම් දුෂ්කරයක් කෙරේ නම්, පසුව එ ක්‍රෝධය පහව යත් ම හෙතෙම ගින්නෙන් දැවුනකු සෙයින් තැවෙයි.
66. දුම්මඞ්කුයං සදස්සෙති ධූමග්ගි විය පාවකො යතො පතායතී කොධො යෙන කුජ්ඣන්ති මානවා.
66. යම් විටෙක ක්‍රෝධය උපදනේ ද යම් ක්‍රෝධයකින් මානවයෝ කිපෙත් නම් එය, ගින්න දුම් හා ගිනි දළු දක්වන්නාසේ, දුර්මුඛ භාවය (නියාළුබව) දක්වන්නේ ය.
67. නාස්ස හිරි න ඔත්තප්පං න වාචො හොති ගාරවො, කොධෙන අභිභූතස්ස න දීපං හොති කිඤ්චනං.
67. ඔහට ලජ්ජා නො ද වෙයි. අපත්‍රපා (බිය) ද නො වෙයි. ගෞරවාන්විත වචන ද නැත. ක්‍රෝධයෙන් මැඩුනහුට කිසිදු පිහිටෙක් නො වේ.
68. තපනීයානි කම්මානි යානි ධම්මෙහි ආරකා, තානි ආරොචයිස්සාමි තං සුණාථ යථා තථං:
68. දැහැමින් දුරු වූ තැවීමට කරුණු වූ යම් කර්ම කෙනෙක් ඇත් නම් (කිපියේ එය කරයි) ඔවුන් ආරෝචනය කරමි. තත් වූ පරිදි එය අසවු:
69. කුද්ධොහි පිතරං හන්ති කුද්ධො හන්ති සමාතරං, කුද්ධො හි බ්රාහ්මණං හන්ති හන්ති කුද්ධො පුථුජ්ජනං.
69. කිපියේ පියා නසයි. කිපියේ මව නසයි. කිපියේ රහතුන් නසයි. කිපියේ පුහුදුන්හු නසයි.
70. යාය මාතු භතො පොසො ඉමං ලොකං අවෙක්ඛති, තම්පි පාණදදිං සන්තිං හන්ති කුද්ධො පුථුජ්ජනො.
70. යම් මවක විසින් පුස්නාලද පුරුෂ තෙමේ මෙලොව දක්නේ ද, එ කිපී පුහුදුන් තෙමේ (තමාගේ) ප්රාණදායිකා වූ ම ඇය ද නසයි.
71. අත්තූපමාය තෙ සත්තා අත්තා හි පරමං පියො, හන්ති කුද්ධො පුථුත්තානං නානාරූපෙසු මුච්ඡිතො.
71. එ සත්හු ආත්මෝපමායෙන් යුතු වෙති. තෙමේ ම තමාට අතිශයින් ප්‍රිය වෙයි. නානා රූපයන්හි (අරමුණෙහි) මුසපත් වූ කිපි තැනැත්තේ නන් කරුණින් තමාද නසයි.
72. අසිනා හන්තී අත්තානං විසං ඛාදන්ති මුච්ඡිතා, රජ්ජුයා බජ්ඣ මීයන්ති පබ්බතාමපි කන්දරෙ.
72. මුළාවට පත් වූවෝ අසිපතිනුදු තමා නසත්. විස ද කති. ගෙල රැහැනින් බැඳ මියෙත්. ගල්කඳුරෙහි ද පැන මියෙත්.
73. භූතභච්චානි කම්මානි අත්තමාරණියානි ච, කරොන්තා නාවබුජ්ඣන්ති කොධජාතො පරාභවො.
73. අභිවෘද්ධිහුගේ නැස්මට කරුණු වු ද ආත්මවධය පිණිස පවත්නා වූ ද කර්මයන් කරන්නාහු “හටගත් ක්‍රෝධ ඇතියේ පිරිහේ” යයි නො දනිත්.
74. ඉතා, යං කොධරූපෙන මච්චුපාසො ගුහාසයො තං දමෙන සමුච්ඡින්දෙ පඤ්ඤා විරියෙන දිට්ඨියා.
74. මෙසේ මේ මාරපාශය ක්රෝධරූපයෙන් හෘදයගුහායෙහි හෝනේ වෙයි. එය ආත්මදමනයෙන් හා ප්‍රඥායෙන් හා (විදර්ශනාසහගත) වීර්‍ය්‍යයෙන් හා මාර්ගසම්යග්දෘෂ්ටියෙන් මැනැවින් සිඳිනේ ය.
75. එකමෙතං අකුසලං සමුච්ඡින්දෙථ පණ්ඩිතො, තථෙව ධම්මෙ සික්ඛෙථ මා නො දුම්මඞ්කුයං අහු.
75. නැණැතියේ තෙල එක ම (ක්‍රෝධ) අකුශලය සිඳලන්නේ ය. එසේ ම ධර්මයෙහි හික්මෙන්නේ ය. “අපට දුමකුබව නහමක් වේවා” යි.
76. වීතකොධා අනායාසා වීතමොහා අනුස්සුකා, දන්තා කොධං පහත්වාන පරිනිබ්බන්ති අනාසවාති.
76. පැහූ ක්‍රෝධ ඇතියාහු දැඩි ආයාස නැතියාහු බැහැරලූ මෝහය ඇතියාහු දුසිරිතෙහි අනුතසූක වූවාහු දැමුනාහු ක්‍රෝධය දුරලා අනාස්‍රව වූවාහු පිරිනිවෙති යි.
අබ්‍යාකත වග්ගො නිට්ඨිතො.
අව්‍යාකත වර්ගය පළමු වැනි යි.
තස්සුද්දානං:
එහි උද්දානය :
අබ්යාකතො පුරිසගති තිස්සසීහාරක්ඛෙය්ය කිම්බිලො සත්තපචලායන මාපුඤ්ඤ - භරියාකොධනෙකාදසා’ති.
අව්‍යාකත සූත්‍රය, පුරිසගති සූත්‍රය, තිස්සබ්‍රහ්ම සූත්‍රය, සීහසේනාපති සූත්‍රය, අරක්ඛෙය්‍ය සූත්‍රය, කිම්බිල සූත්‍රය, සත්තධම්ම සූත්‍රය, පචලායන සූත්‍රය, මාපුඤ්ඤභායී සූත්‍රය, සත්තභරියා සූත්‍රය, කොධන සූත්‍රය දැයි එකොළොසෙක.