1. අබ්‍යාකත වග්ගො අට්ඨකථා
1. අව්‍යාකත වර්ගය
1. අබ්යාකතවත්ථු සුත්තවණ්ණනා
1. අව්යාකතවත්ථු සූත්‍ර වර්ණනාව
ඡට්ඨවග්ගස්ස පඨමෙ අබ්යාකතවත්ථූසූති එකංසාදිවසෙන අකථිතවත්ථූසු. තථාගතොති සත්තො. දිට්ඨිගතමෙතන්ති මිච්ඡාදිට්ඨිමත්තකමෙතං, න තාය දිට්ඨියා ගහිතසත්තො නාම අත්ථි. පටිපදන්ති අරියමග්ගං. න ඡම්භතීති දිට්ඨිවසෙන න කම්පති. සෙසපදෙසුපි එසෙව නයො. තණ්හාගතන්ති දිට්ඨිතණ්හා. සඤ්ඤාගතාදීසුපි එසෙව නයො. දිට්ඨිසඤ්ඤා එව හෙත්ථ සඤ්ඤාගතං, දිට්ඨිනිස්සිතමානොයෙව දිට්ඨිමඤ්ඤිතමෙව වා මඤ්ඤිතං, දිට්ඨිපපඤ්චොව පපඤ්චිතං, දිට්ඨුපාදානමෙව උපාදානං, දිට්ඨියා විරූපං පටිසරණභාවොයෙව විප්පටිසාරො නාමාති වෙදිතබ්බො. එත්ථ ච දිට්ඨිග්ගහණෙන ද්වාසට්ඨි දිට්ඨියො, දිට්ඨිනිරොධගාමිනිපටිපදාගහණෙන සොතාපත්තිමග්ගො ගහිතොති.
සයවැනි වර්ගයේ පළමු සූත්‍රයෙහි අව්යාකතවත්ථුසු යනු ඒකාන්ත ආදි වශයෙන් නොකියන ලද වස්තූන්හියි, තථාගතො යනු සත්ත්වයායි, දිට්ඨිගතමෙතං යනු මෙය මිථ්‍යා දෘෂ්ටියක් පමණක්ම යනුයි, එම දෘෂ්ටියෙන් ගන්නා ලද සත්ත්වයෙක් නම් නැත. පටිපදං යනු ආර්ය මාර්ගයයි, න ජම්හති යනු දෘෂ්ටි වශයෙන් නොකැළඹෙයි, සෙසු පදයන්හි ද මේ ක්‍රමයමැයි, තණ්හාගතං යනු දෘෂ්ටි තෘෂ්ණාවයි, සඤ්ඤාගතාදීන්හි ද මේ ක්‍රමයමැයි, මෙහි දෘෂ්ටි සංඥාවම සඤ්ඤාගතං නමි, දෘෂ්ටියෙන් යුක්ත වූ මානයම දිට්ඨිමඤ්ඤිතං යනු හෝ මඤ්ඤිතං යනුවේ. දෘෂ්ටි ප්රපංචයම පපඤ්චිතං නමි, දෘෂ්ටි උපාදානයම උපාදාන නමි, දෘෂ්ටියෙන් විරූප වූ පිළිසරණම විප්පටිසාර නමැයි දතයුතුය, මෙහි ද දෘෂ්ටිය ගැනීමෙන් දෙසැටක් දෘෂ්ටීහු ද දෘෂ්ටිනිරොධගාමිනී පටිපදාව ගැනීමෙන් සෝවාන් මාර්ගය ද ගන්නා ලදහ.
2. පුරිසගති සුත්තවණ්ණනා
2. පුරිසගති සූත්‍ර වර්ණනාව
දුතියෙ පුරිසගතියොති පුරිසස්ස ඤාණගතියො. අනුපාදාපරිනිබ්බානන්ති අපච්චයනිබ්බානං. නො චස්සාති අතීතෙ අත්තභාවනිබ්බත්තකං කම්මං නො චෙ අභවිස්ස. නො ච මෙ සියාති එතරහි මෙ අයං අත්තභාවො න සියා. න භවිස්සතීති එතරහි මෙ අනාගතත්තභාවනිබ්බත්තකං කම්මං න භවිස්සති. න ච මෙ භවිස්සතීති අනාගතෙ මෙ අත්තභාවො න භවිස්සති. යදත්ථි යං භූතන්ති යං අත්ථි යං භූතං පච්චුප්පන්නක්ඛන්ධපඤ්චකං. තං පජහාමීති උපෙක්ඛං පටිලභතීති තං තත්ථ ඡන්දරාගප්පහානෙන පජහාමීති විපස්සනුපෙක්ඛං පටිලභති. භවෙ න රජ්ජතීති අතීතෙ ඛන්ධපඤ්චකෙ තණ්හාදිට්ඨීහි න රජ්ජති. සම්භවෙ න රජ්ජතීති අනාගතෙපි තථෙව න රජ්ජති. අත්ථුත්තරි පදං සන්තන්ති උත්තරි සන්තං නිබ්බානපදං නාම අත්ථි. සම්මප්පඤ්ඤාය පස්සතීති තං සහවිපස්සනාය මග්ගපඤ්ඤාය සම්මා පස්සති. න සබ්බෙන සබ්බන්ති එකච්චානං කිලෙසානං අප්පහීනත්තා සච්චපටිච්ඡාදකස්ස තමස්ස සබ්බසො අවිද්ධංසිතත්තා න සබ්බාකාරෙන සබ්බං. හඤ්ඤමානෙති සණ්ඩාසෙන ගහෙත්වා මුට්ඨිකාය කොට්ටියමානෙ. අන්තරාපරිනිබ්බායීති උපපත්තිසමනන්තරතො පට්ඨාය ආයුනො වෙමජ්ඣං අනතික්කමිත්වා එත්ථන්තරෙ කිලෙසපරිනිබ්බානෙන පරිනිබ්බුතො හොති. අනුපහච්ච තලන්ති ආකාසතලං අනුපහච්ච අනතික්කමිත්වා, භූමිං අප්පත්වා ආකාසෙයෙව නිබ්බායෙය්යාති ඉමාහි තීහි උපමාහි තයො අන්තරාපරිනිබ්බායී දස්සිතා.
දෙවැන්නෙහි පුරිසගතියො යනු පුරුෂයාගේ ඥානගතීහුයි, අනුපාදාපරිනිබ්බානං යනු ප්‍රත්‍යය රහිත නිවනයි, නො චස්ස යනු පෙර ආත්මභාවයෙහි උපන් කර්මයක් ඉදින් නොවන්නේද යනුයි, නො වෙ මෙ සියා යනු දැන් මගේ මේ ආත්ම භාවය නොවන්නේය, න භවිස්සති යනු දැන් මගේ අනාගත ආත්මභාවය උපදවන්නා වූ කර්මයක් නොවන්නේද? න ව මෙ භවිස්සති යනු අනාගතයෙහි මගේ ආත්මභාවයක් නොවන්නේය, යදත්ථි යං භූතං යනු වර්තමාන ස්කන්ධ පඤ්චකය නම්වූ යමක් ඇත්ද යමක් වූයේ ද, තං පජහාමි උපෙඛං පටිලභති යනු එහි එය ඡන්දරාගය දුරුකිරීමෙන් අතහරිමැයි විදර්ශනා උපෙක්ෂාව ලබයි, භවෙ න රජ්ජති යනු අතීත ස්කන්ධ පඤ්චකයෙහි තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් නොඇලෙයි, සම්හවෙ න රජ්ජති යනු අනාගතයෙහි ද එසේම නොඇලෙයි, අත්ථුත්තරිං පදං සන්තං යනු ශ්‍රේෂ්ඨ වූ ශාන්ත වූ නිර්වාණ පදයක් නම් ඇත. සම්මප්පඤ්ඤාය පස්සති යනු එය විදර්ශනා සහිත මාර්ග ප්‍රඥාවෙන් මනාව බලයි, න සබ්බෙන සබ්බං යනු ඇතැම් කෙලෙසුන් දුරු නොවූ බැවින් සත්‍යය වසන්නා වූ අඳුර සර්වප්රකාරයෙන් නොවැනසූ බැවින් සියල්ලෙන් සියල්ල නොවේ. භඤ්ඤෙමානෙ යනු අඬුවෙන් ගෙන මිටියෙන් තලන විටයි, අන්තරාපරිනිබ්බායි යනු උපතට අනතුරුව පටන් ආයුෂයෙහි මධ්‍යය නොයික්මවා මේ අතර කාලයෙහි කෙලෙස් පිරිනිවුමෙන් පිරිනිවන්නේ වෙයි, අනුපහච්ච තලං යනු අහස්තලයෙහි නොගැටී නොඉක්මවා බිමට නොපැමිණ අහසෙහිම පිරිනිවන්නේයි මේ තුන් උපමාවන්ගෙන් අන්තරා පරිනිබ්බායී තිදෙනා දක්වන ලදහ.
උපහච්චපරිනිබ්බායීති ආයුවෙමජ්ඣං අතික්කමිත්වා පච්ඡිමකොටිං අප්පත්වා පරිනිබ්බුතො හොති. උපහච්ච තලන්ති ජලමානා ගන්ත්වා ආකාසතලං අතික්කමිත්වා පථවීතලං වා උපහනිත්වා පථවියං පතිතමත්තාව නිබ්බායෙය්ය. අසඞ්ඛාරෙන අප්පයොගෙන කිලෙසෙ ඛෙපෙත්වා පරිනිබ්බායීති අසඞ්ඛාරපරිනිබ්බායී. සසඞ්ඛාරෙන සප්පයොගෙන කිලෙසෙ ඛෙපෙත්වා පරිනිබ්බායීති සසඞ්ඛාරපරිනිබ්බායී. ගච්ඡන්ති නිරාරක්ඛං අරඤ්ඤං. දායන්ති සාරක්ඛං අභයත්ථාය දින්නං අරඤ්ඤං. සෙසමෙත්ථ උත්තානත්ථමෙව. ඉමස්මිං සුත්තෙ අරියපුග්ගලාව කථිතාති.
උපහච්ච පරිනිබ්බායි යනු ආයුෂයෙහි මධ්‍යය ඉක්මවා පැසුළු කෙළවරට හෝ අවුත් පිරිනිවියේ වෙයි, උපහච්ච තලං යනු දිලිසෙමින් ගොස් අහස්තලය ඉක්මවා පොළෝතලය හෝ ගැටී පොළොවෙහි වැටුනු විටම පිරිනිවෙන්නේය, නොමෙහෙයවීමෙන් අප්රයෝගයෙන් කෙලෙසුන් ගෙවා පිරිනිවෙන්නේයි අසඞ්ඛාරපරිනිබ්බායි නමි, මෙහෙවීමෙන් ප්‍රයෝගයෙන් කෙලෙසුන් දුරුකොට පිරිනිවෙන්නේනුයි සසඞ්ඛාරපරිනිබ්බායී නමි, කච්ඡං යනු ආරක්ෂා රහිත අරණ්යයයි, දායං යනු ආරක්ෂා සහිතවූ අභය (බිය රහිත බව) සඳහා දෙන ලද අරණ්යයයි: සෙස සියලු තන්හි පැහැදිලි අරුත් ඇත්තේමය. මේ සූත්‍රයෙහි ආර්‍ය්‍ය පුද්ගලයෝම කියන ලදහ.
3. තිස්සබ්‍රහ්ම සුත්තවණ්ණනා
3. තිස්සබ්‍රහ්ම සූත්‍ර වර්ණනාව
තතියෙ භික්ඛුනියොති මහාපජාපතියා පරිවාරා පඤ්චසතා භික්ඛුනියො. විමුත්තාති පඤ්චහි විමුත්තීහි විමුත්තා. අනුපාදිසෙසාති උපාදානසෙසං අට්ඨපෙත්වා පඤ්චහි විමුත්තීහි අනවසෙසාහිපි විමුත්තා. සඋපාදිසෙසෙ වා සඋපාදිසෙසොති සඋපාදානසෙසෙ පුග්ගලෙ “සඋපාදානසෙසො අය”න්ති. ඉතරස්මිම්පි එසෙව නයො. තිස්සොති ථෙරස්ස සද්ධිවිහාරිකබ්රහ්මා. අනුලොමිකානීති පටිපත්තියා අනුලොමානි විවිත්තානි අන්තිමපරියන්තිමානි. ඉන්ද්රියානීති සද්ධාදීනි විපස්සනින්ද්රියානි. සමන්නානයමානොති සමන්නාහාරෙ ඨපයමානො. න හි පන තෙති ඉදං කස්මා ආරභි? සත්තමස්ස පුග්ගලස්ස දස්සනත්ථං. සත්තමො හි සද්ධානුසාරිපුග්ගලො න දස්සිතො. අථ භගවා බලවවිපස්සකවසෙන තං දස්සෙන්තො එවමාහ. තත්ථ සබ්බනිමිත්තානන්ති සබ්බෙසං නිච්චනිමිත්තාදීනං. අනිමිත්තන්ති බලවවිපස්සනාසමාධිං.
තෙවැන්නෙහි භික්ඛුනියො යනු මහාපජාපතියගේ පිරිවර වූ පන්සියයක් භික්ෂුණීහුයි, විමුත්තා යනු පස්වැදෑරුම් මිඳීම්වලින් මිදුනාවූයි, අනුපාදිසෙසා යනු උපාදාන ඉතිරිය නොගෙන පස්වැදෑරුම් මිදීම්වලින් ඉතිරි නැතිවම මිඳුනාවූයි, සඋපාදිසෙසෙ වා සඋපාදිසෙසො යනු උපාදාන ඉතිරිය සහිත පුද්ගලයා කෙරෙහි මෙතෙම උපාදාන ඉතිරිය සහිතවූයේයි යනුයි. සෙස්සෙහි ද මේ ක්‍රමයමයි: තිස්සො යනු තෙරුන්ගේ සද්ධිවිහාරික වූ බ්‍රහ්මයෙකි, අනුලොමිකානි යනු ප්‍රතිපත්තියට අනුලොම් වූ හුදෙකලා වූ අන්තිම කෙළවරට පත්වූයි, ඉන්ද්රීයානි යනු ශ්රද්ධාදීවූ විදර්ශනා ඉන්ද්රියෝයි, සමන්නානයමානො යනු එක්තැන් කිරීමෙහි තබමින්, නහි පන තෙ යනු මෙය කුමක් සඳහා ඇරඹියේද? සවැනි පුද්ගලයා දක්වනු සඳහායි, සත්වැනිවූ සද්ධානුසාරි පුද්ගලයා නොදක්වන ලදි, ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බලවත් විදර්ශනා ඇත්තෙකු වශයෙන් ඔහු දක්වමින් මෙසේ වදාළ සේක. එහි සබ්බනිමිත්තානං යනු සියලු නිත්‍ය නිමිතිවලයි, අනිමිත්තං යනු බලවත් විදර්ශනා සමාධියයි.
4. සීහසෙනාපති සුත්තවණ්ණනා
4. සීහසෙනාපති සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ මච්ඡරීති පඤ්චමච්ඡෙරයුත්තො. කදරියොති ථද්ධමච්ඡරියො, පරෙසං දිය්යමානම්පි වාරෙති. අනුප්පදානරතොති පුනප්පුනං දානං දදමානොව රමති. අනුකම්පන්තාති “කො අජ්ජ අම්හෙහි අනුග්ගහෙතබ්බො, කස්ස දෙය්යධම්මං වා පටිග්ගණ්හෙය්යාම, ධම්මං වා දෙසෙය්යාමා”ති එවං චිත්තෙන අනුකම්පමානා.
සිවුවැන්නෙහි මච්ඡරි යනු පස් මසුරුබවින් යුක්තවූයේයි, කදරියො යනු දැඩි මසුරා අනුන්ට දෙන දෙය ද වළක්වයි, අනුප්පදානරතො යනු නැවත නැවත දන් දෙමින්ම සතුටුවෙයි, අනුකම්පන්තා යනු කවරෙක් අද අප විසින් අනුග්‍රහ කළයුතුවෙයිද? කවරකුට දානවස්තුව පිළිගන්වන්නෙමුද? ධර්මය හෝ දෙසන්නෙමුදැයි මෙසේ සිතින් අනුකම්පා කරන්නාහුයි.
5. අරක්ඛෙය්‍ය සුත්තවණ්ණනා
5. අරක්ඛෙය්‍ය සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ නිමිත්තන්ති ධම්මනිමිත්තම්පි පුග්ගලනිමිත්තම්පි. අයඤ්හි අත්තනා දෙසිතධම්මෙ එකපදම්පි දුරක්ඛාතං අනිය්යානිකං අපස්සන්තො ධම්මනිමිත්තං න සමනුපස්සති, “දුරක්ඛාතො තයා ධම්මො න ස්වාක්ඛාතො”ති උට්ඨහිත්වා පටිප්ඵරන්තං එකං පුග්ගලම්පි අපස්සන්තො පුග්ගලනිමිත්තං න සමනුපස්සති නාම. සෙසද්වයෙපි එසෙව නයො. ඡට්ඨසත්තමානි උත්තානානෙව.
පස්වැන්නෙහි නිමිත්තං යනු ධර්ම නිමිත්ත ද පුද්ගල නිමිත්ත ද වේ. මෙතෙම වනාහි තමන්ට දෙසූ දහමෙහි නරකට කියනලද නිවනට නොමෙහෙයවන එක් පදයකුදු නොදන්නේ ධර්ම නිමිත්ත මනාව නොදකියි. ඔබ විසින් ධර්මය නරකට ප්‍රකාශ කරන ලදි, මනාව නොකියන ලදැයි නැගිට විරුද්ධ වන්නා වූ එක් පුද්ගලයකුදු නොදන්නේ පුද්ගල නිමිත්ත මනාව නොදකියි නමි. සෙසු දෙකෙහි ද මේ ක්‍රමයමයි.
8. පචලායන සුත්තවණ්ණනා
8. පචලායන සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ පචලායමානොති තං ගාමං උපනිස්සාය එකස්මිං වනසණ්ඩෙ සමණධම්මං කරොන්තො සත්තාහං චඞ්කමනවීරියෙන නිම්මථිතත්තා කිලන්තගත්තො චඞ්කමනකොටියං පචලායමානො නිසින්නො හොති. පචලායසි නොති නිද්දායසි නු. අනුමජ්ජිත්වාති පරිමජ්ජිත්වා. ආලොකසඤ්ඤන්ති මිද්ධවිනොදනආලොකසඤ්ඤං. දිවාසඤ්ඤන්ති දිවාතිසඤ්ඤං. යථා දිවා තථා රත්තින්ති යථා දිවා ආලොකසඤ්ඤා අධිට්ඨිතා, තථා නං රත්තිම්පි අධිට්ඨහෙය්යාසි. යථා රත්තිං තථා දිවාති යථා ච තෙ රත්තිං ආලොකසඤ්ඤා අධිට්ඨිතා, තථා නං දිවාපි අධිට්ඨහෙය්යාසි. සප්පභාසන්ති දිබ්බචක්ඛුඤාණත්ථාය සහොභාසං. පච්ඡාපුරෙසඤ්ඤීති පුරතො ච පච්ඡතො ච අභිහරණසඤ්ඤාය සඤ්ඤාවා. අන්තොගතෙහි ඉන්ද්රියෙහීති බහි අවික්ඛිත්තෙහි අන්තො අනුපවිට්ඨෙහෙව පඤ්චහි ඉන්ද්රියෙහි. මිද්ධසුඛන්ති නිද්දාසුඛං. එත්තකෙන ඨානෙන භගවා ථෙරස්ස මිද්ධවිනොදනකම්මට්ඨානං කථෙසි. සොණ්ඩන්ති මානසොණ්ඩං. කිච්චකරණීයානීති එත්ථ අවස්සං කත්තබ්බානි කිච්චානි, ඉතරානි කරණීයානි. මඞ්කුභාවොති නිත්තෙජතා දොමනස්සතා. එත්තකෙන ඨානෙන සත්ථාරා ථෙරස්ස භික්ඛාචාරවත්තං කථිතං.
අටවැන්නෙහි පචලායමානො යනු ඒ ගම ඇසුරු කොට එක් වන ලැහැබක මහණදම් කරමින් සත්දිනක් සක්මන් වෑයමින් පෙළුණු බැවින් වෙහෙසුණු සිරුරු ඇත්තේ සක්මන් කෙළවර නිදාවැටෙමින් හුන්නේ වෙයි, පචලායසි නො යනු නිදාවැටෙහි නොවේද? අපනිජිත්වා යනු පිරිමැඬයි, ආලොකසඤ්ඤං යනු ථීනමිද්ධය දුරුකරන ආලොක සංඥාවයි, දිවාසඤ්ඤං යනු යම්සේ දහවල ආලෝක සංඥාව අදිටන් කරන ලද්දේ ද එසේ එය රැයෙහි ද අදිටන් කරන්නෙහියි, යථා රත්තිං තථා දිවා යනු යම්සේ ඔබ විසින් රැයෙහි ආලෝක සංඥාව අදිටන් කරන ලද්දේ ද එසේ එය දහවලෙහි ද අදිටන් කරන්නෙහිය. සප්පභාසං යනු දිවැස් නුවණ සඳහා ආලෝකය සහිතවූයි. පච්ඡා පුරෙසඤ්ඤී යනු ඉදිරියෙන් ද පසුව ද ඉදිරියට ගෙනෙන සංඥාවෙන් සංඥාසහගතවූයේයි, අන්තොගතෙහි ඉන්ද්රියෙහි යනු පිටතට නොවිසුරුවන ලද ඇතුළතට පිවිසුවන ලද්දාවූම ඉඳුරන් පසිනි, මිද්ධසුඛං යනු නිදිසුවයයි, මෙපමණකින් භාග්‍යවතුන් වහන්සේ තෙරුන්ට නින්ද දුරුකරන කමටහනක් පැවසූ සේක. සොණ්ඩං යනු මානයෙන් සොඬ විමයි (ඇබ්බැහි වීමයි), කිච්චකරණීයානි යනු මෙහි අවශ්‍යයෙන්ම කළයුතු දේ කිච්ච නමි, ඉතිරිවා කරණීයානි නමි, මඞ්කුභාවො යනු තෙදනැති බවයි, දොම්නස් බවයි, මෙපමණකින් ශාස්තෘන් වහන්සේ විසින් තෙරුන්ට පිඬු හැසිරීමේ වත දෙසන ලදි.
ඉදානි භස්සෙ පරියන්තකාරිතාය සමාදපෙතුං තස්මාතිහාතිආදිමාහ. තත්ථ විග්ගාහිකකථන්ති “න ත්වං ඉමං ධම්මවිනයං ආජානාසී”තිආදිනයප්පවත්තා විග්ගාහිකකථා. නාහං මොග්ගල්ලානාතිආදි පාපමිත්තසංසග්ගවිවජ්ජනත්ථං වුත්තං. කිත්තාවතා නු ඛොති කිත්තකෙන නු ඛො. තණ්හාසඞ්ඛයවිමුත්තො හොතීති තණ්හාසඞ්ඛයෙ නිබ්බානෙ තං ආරම්මණං කත්වා විමුත්තචිත්තතාය තණ්හාසඞ්ඛයවිමුත්තො නාම සංඛිත්තෙන කිත්තාවතා හොති. යාය පටිපත්තියා තණ්හාසඞ්ඛයවිමුත්තො හොති, තමෙව ඛීණාසවස්ස භික්ඛුනො පුබ්බභාගපටිපදං සංඛිත්තෙන දෙසෙථාති පුච්ඡති. අච්චන්තනිට්ඨොති ඛයවයසඞ්ඛාතං අන්තං අතීතාති අච්චන්තා, අච්චන්තා නිට්ඨා අස්සාති අච්චන්තනිට්ඨො, එකන්තනිට්ඨො සතතනිට්ඨොති අත්ථො. අච්චන්තයොගක්ඛෙමීති අච්චන්තං යොගක්ඛෙමී, නිච්චයොගක්ඛෙමීති අත්ථො. අච්චන්තබ්රහ්මචාරීති අච්චන්තං බ්‍රහ්මචාරී, නිච්චබ්රහ්මචාරීති අත්ථො. අච්චන්තං පරියොසානමස්සාති පුරිමනයෙනෙව අච්චන්තපරියොසානො. සෙට්ඨො දෙවමනුස්සානන්ති දෙවානඤ්ච මනුස්සානඤ්ච සෙට්ඨො උත්තමො. එවරූපො භික්ඛු කිත්තාවතා හොති, සඞ්ඛෙපෙනෙව තස්ස පටිපත්තිං කථෙථාති යාචති.
දැන් ප්‍රලාප කථාවෙහි සීමා කිරීමෙහි සමාදන් කරවනු සඳහා තස්මාතිහ යනාදිය පැවසූ සේක, එහි විග්ගාහිකකථං යනු ඔබ මේ ධර්මවිනය නොදන්නෙහිද යන ක්‍රමයෙන් පැවැති විග්ගාහික (දබර ඇතිකරවන සුලු) කථාවයි, නාහං මොග්ගල්ලාන යනාදිය පවිටු මිතුරන් ඇසුරු දුරුකිරීම සඳහා කියන ලදි. කිත්තාවතා නු ඛො යනු කොපමණකින්ද? තණ්හාසඞ්ඛය විමුත්තො හොති යනු තෘෂ්ණාක්ෂය වූ නිවනෙහි මෙය අරමුණ කොට මිඳුණු සිත ඇති බැවින් තණ්හාසඞ්ඛය විමුත්තො නම්වූයේ සැකෙවින් කවරාකාරයෙන් වේද? යම් පිළිවෙතකින් තණ්හාව නැතිකිරීමෙන් මිඳුනේ වේද ක්ෂීණාශ්රව් භික්ෂුවගේ පූර්වභාග ප්‍රතිපදාව වන එය මට සැකෙවින් දෙසනු මැනවැයි අසයි, අච්චන්තනිට්ඨො යනු ගෙවීම් විනාශවීම් සංඛ්‍යාත කෙළවර ඉක්මවීයයි අච්චන්තා නමි, අච්චන්ත වූ නිෂ්ඨාව මොහුටනුයි අච්චන්තනිට්ඨයො නමි, ඒකාන්තයෙන්ම නිෂ්ඨාවට පැමිණියේ නිරන්තරයෙන්ම නිෂ්ඨාව ඇත්තේයි අරුත්ය. අච්චන්තයොගක්ඛෙමී යනු අත්‍යන්තයෙන් යොගක්ෂෙම වූයේ නිත්‍යයෙන් යොගක්ෂෙම වූයේයි අර්‍ත්‍ථයි, අච්චන්තබ්රහ්මචාරී යනු අත්‍යන්තයෙන් බ්රහ්මමචාරී වූයේයි අර්‍ත්‍ථයි, පළමු ක්‍රමයෙන්ම අත්‍යන්තයෙන් අවසානය මොහුටනුයි අච්චන්තපරියොසානො නමි, සෙට්ඨො දෙවමනුස්සානං යනු දෙවියන්ට ද මිනිසුන්ට ද ශ්‍රේෂ්ඨවූයේ උත්තම වූයේයි, මෙබඳු භික්ෂුව කවරාකරායෙන් වේද සැකෙවින්ම ඔහුගේ පිළිවෙත කියනු මැනවැයි අයදියි,
සබ්බෙ ධම්මා නාලං අභිනිවෙසායාති එත්ථ සබ්බෙ ධම්මා නාම පඤ්චක්ඛන්ධා ද්වාදසායතනානි අට්ඨාරස ධාතුයො, තෙ සබ්බෙපි තණ්හාදිට්ඨිවසෙන අභිනිවෙසාය නාලං න පරියත්තා න සමත්තා න යුත්තා. කස්මා? ගහිතාකාරෙන අතිට්ඨනතො. තෙ හි නිච්චා සුඛා අත්තාති ගහිතාපි අනිච්චා දුක්ඛා අනත්තාව සම්පජ්ජන්ති. තස්මා නාලං අභිනිවෙසාය. අභිජානාතීති අනිච්චං දුක්ඛං අනත්තාති ඤාතපරිඤ්ඤාය අභිජානාති. පරිජානාතීති තථෙව තීරණපරිඤ්ඤාය පරිජානාති. යංකිඤ්චි වෙදනන්ති අන්තමසො පඤ්චවිඤ්ඤාණසම්පයුත්තං යංකිඤ්චි අප්පමත්තකම්පි වෙදනං අනුභවති. ඉමිනා භගවා ථෙරස්ස වෙදනාවසෙන ච විනිවට්ටෙත්වා අරූපපරිග්ගහං දස්සෙසි.
සබ්බෙ ධම්මා නාලං අභිනිවෙසාය යනු මෙහි සියලු ධර්මයෝ නමි පඤ්චස්කන්ධ, දොළොස් ආයතන අටළොස් ධාතු යන මේවායි, ඒ සියල්ලෝම තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් අභිනිවෙශය (අල්වාගැනීම එදෙසට නැඹුරුවීම) සඳහා හැකි නොවේ, සමත් නොවේ, නොසුදුසුය, කුමක් නිසාදයත්? ගත් අයුරින් නොසිටින බැවිනි, ඔවුහු නිත්‍ය සුඛ ආත්මයයි ගන්නා ලද්දාහුද අනිත්‍ය දුක්ඛ අනාත්මයෝ බවටම පැමිණත්, එබැවින් අභිනිවේශයට නොහැකි වේ. අභිජානාති යනු අනිත්‍ය දුක්ඛ අනාත්ම යයි අවබෝධ කළ මනා දැනුමින් මනාව දනියි, පරිජානාති යනු අනිත්‍ය දුක්ඛ අනාත්ම යයි අවබෝධ කළ මනා දැනුමින් මනාව දනියි, පරිජානාති යනු එසේම තීරණ ප්‍රඥාවෙන් මනාව දනියි, යං කිඤ්චි වෙදනං යනු යටත් පිරිසෙයින් පඤ්ච විඤ්ඤාණයෙන් යුක්ත වූ යම්කිසි සුලුවූද වේදනාවක් විඳියි, මෙයින් භාග්‍යවතුන් වහන්සේ තෙරුන්ට වේදනා වශයෙන් ද පෙරළා අරූප පරිග්‍රහය දැක්වූ සේක.
අනිච්චානුපස්සීති අනිච්චතො අනුපස්සන්තො. විරාගානුපස්සීති එත්ථ ද්වෙ විරාගා ඛයවිරාගො ච අච්චන්තවිරාගො ච. තත්ථ සඞ්ඛාරානං ඛයං ඛයතො පස්සනා විපස්සනාපි, අච්චන්තවිරාගං නිබ්බානං විරාගතො දස්සනමග්ගඤාණම්පි විරාගානුපස්සනා. තදුභයසමඞ්ගිපුග්ගලො විරාගානුපස්සී නාම. තං සන්ධාය වුත්තං – “විරාගානුපස්සී”ති, විරාගතො අනුපස්සන්තොති අත්ථො. නිරොධානුපස්සිම්හිපි එසෙව නයො. නිරොධොපි හි ඛයනිරොධො අච්චන්තනිරොධොති දුවිධොයෙව. පටිනිස්සග්ගානුපස්සීති එත්ථ පටිනිස්සග්ගො වුච්චති වොස්සග්ගො. සො ච පරිච්චාගවොස්සග්ගො පක්ඛන්දනවොස්සග්ගොති දුවිධො හොති. තත්ථ පරිච්චාගවොස්සග්ගොති විපස්සනා. සා හි තදඞ්ගවසෙන කිලෙසෙ ච ඛන්ධෙ ච වොස්සජති. පක්ඛන්දනවොස්සග්ගොති මග්ගො. සො හි නිබ්බානං ආරම්මණතො පක්ඛන්දති. ද්වීහිපි වා කාරණෙහි සො වොස්සග්ගොයෙව, සමුච්ඡෙදවසෙන ඛන්ධානං කිලෙසානඤ්ච වොස්සජනතො නිබ්බානෙ ච පක්ඛන්දනතො. තස්මා කිලෙසෙ ච ඛන්ධෙ ච පරිච්චජතීති පරිච්චාගවොස්සග්ගො. නිරොධාය නිබ්බානධාතුයා චිත්තං පක්ඛන්දතීති පක්ඛන්දනවොස්සග්ගොති උභයම්පෙතං මග්ගෙ සමෙති. තදුභයසමඞ්ගී පුග්ගලො ඉමාය පටිනිස්සග්ගානුපස්සනාය සමන්නාගතත්තා පටිනිස්සග්ගානුපස්සී නාම හොති. තං සන්ධායෙතං වුත්තං. න කිඤ්චි ලොකෙ උපාදියතීති කිඤ්චි එකම්පි සඞ්ඛාරගතං තණ්හාවසෙන න උපාදියති න ගණ්හාති න පරාමසති. අනුපාදියං න පරිතස්සතීති අග්ගණ්හන්තො තණ්හාපරිතස්සනාය න පරිතස්සති. පච්චත්තංයෙව පරිනිබ්බායතීති සයමෙව කිලෙසපරිනිබ්බානෙන පරිනිබ්බායති. ඛීණා ජාතීතිආදිනා පනස්ස පච්චවෙක්ඛණා දස්සිතා. ඉති භගවා සංඛිත්තෙන ඛීණාසවස්ස පුබ්බභාගප්පටිපදං පුච්ඡිතො සංඛිත්තෙනෙව කථෙසි. ඉදං පන සුත්තං ථෙරස්ස ඔවාදොපි අහොසි විපස්සනාපි. සො ඉමස්මිංයෙව සුත්තෙ විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං පත්තොති.
අනිච්චානුපස්සී යනු අනිත්‍ය වශයෙන් විමසා බලන්නේයි, විරාගානුපස්සී යනු මෙහි විරාග දෙකෙකි, ඛයවිරාගය ද අත්‍යන්ත විරාගය ද වේ. එහි සංස්කාරයන්ගේ විනාශය විනාශවීම් වශයෙන් දකින්නා වූ විදර්ශනාව ද අත්‍යන්ත විරාගය වූ නිවන විරාග වශයෙන් දක්නා වූ මාර්ගඥානය ද විරාගානුපස්සනාවයි, ඒ දෙකින්ම යුත් පුද්ගල තෙමේ විරාගානුපස්සී නම් වෙයි. ඒ සඳහා විරාගානුපස්සී යයි කියන ලදි. විරාග වශයෙන් අනුව දකින්නේයි අරුත්ය. නිරොධානුපස්සී යන්නෙහි මේ ක්‍රමයමයි. නිරොධය ඛයනිරොධය අත්‍යන්ත නිරොධයයි දෙවැදෑරුම්ය. පටිනිස්සග්ගානුපස්සී යනු මෙහි අතහැරීම පටිනිස්සග්ග යයි කියනු ලැබේ. එය ද පරිච්චාගවොස්සග්ග, පක්ඛන්දන වොස්සග්ග යයි දෙවැදෑරුම් වෙයි, එහි පරිච්චාගවොස්සග්ග යනු විදර්ශනාවයි, එය තදඞ්ග වශයෙන් කෙලෙසුන් ද ස්කන්ධයන් ද අත්හරියි, පක්ඛන්දන වොස්සග්ග යනු මාර්ගයයි, එය නිවන අරමුණු වශයෙන් ඉදිරියට පනියි, ඒ වොස්සග්ගයම සම්පූර්ණයෙන් සිඳ දැමීම් වශයෙන් ස්කන්ධයන් හා කෙලෙසුන් අත්හරිනා බැවින් ද නිවනෙහි ද පැකිලෙන බැවින් ද යන දෙකරුණින්ම වේ. එහෙයින් කෙලෙසුන් ද ස්කන්ධයන් ද අත්හරියිනුයි පරිච්චාගවොස්සග්ගය ද නිරොධ සංඛ්‍යාත වූ නිර්වාණ ධාතුවෙන් සිත ඉදිරියට පනීනුයි පක්ඛන්දන වොස්සග්ගය ද යන මේ දෙකම මාර්ගයෙහි ගැලපෙයි, ඒ දෙකින්ම යුත් පුද්ගල තෙමේ මේ පටිනිස්සග්ගානුපස්සනාවෙන් යුක්ත වූ බැවින් පටිනිස්සග්ගානුපස්සී නම් වෙයි. ඒ සඳහා කියන ලදි. න කිඤ්චි ලොකෙ උපාදියති යනු සංස්කාරගත වූ කිසිඑකකුදු තෘෂ්ණා වශයෙන් අල්ලා නොගනියි, නොගනියි, පරාමර්ශනය නොකරයි, අනුපාදියං න පරිතස්සති යනු (අල්වා) නොගන්නේ තෘෂ්ණා දැවිල්ලෙන් නොතැවෙයි, පච්චත්තංයෙව පරිනිබ්බායති යනු තෙමේම කෙලෙස් පිරිනිවුමෙන් පිරිනිවෙයි, ඛීණාජාති යනාදියෙන් මොහුගේ ප්රත්යවේක්ෂණය දක්වන ලද්දේය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් ක්ෂීණාශ්රවයාගේ පූර්වභාග ප්‍රතිපදාව විමසන ලද සේක් සැකෙවින්ම දෙසූ සේක. මේ සූත්‍රය තෙරුන්ට අවවාදයක් ද වූයේය. විදර්ශනාව ද වූයේය. හෙතෙම මේ සූත්‍රයෙහිම ගැටී රහත් බවට පත්වූයේය.
9. මාපුඤ්ඤභායි සුත්තවණ්ණනා
9. මාපුඤ්ඤභායි සූත්‍ර වර්ණනාව
නවමෙ මා, භික්ඛවෙ, පුඤ්ඤානං භායිත්ථාති පුඤ්ඤානි කරොන්තා තෙසං මා භායිත්ථ. මෙත්තචිත්තං භාවෙසින්ති තිකචතුක්කජ්ඣානිකාය මෙත්තාය සම්පයුත්තං පණීතං කත්වා චිත්තං භාවෙසින්ති දස්සෙති. සංවට්ටමානෙ සුදාහන්ති සංවට්ටමානෙ සුදං අහං. සංවට්ටමානෙති ඣායමානෙ විපජ්ජමානෙ. ධම්මිකොති දසකුසලධම්මසමන්නාගතො. ධම්මරාජාති තස්සෙව වෙවචනං. ධම්මෙන වා ලද්ධරජ්ජත්තා ධම්මරාජා. චාතුරන්තොති පුරත්ථිමසමුද්දාදීනං චතුන්නං සමුද්දානං වසෙන චාතුරන්තාය පථවියා ඉස්සරො. විජිතාවීති විජිතසඞ්ගාමො. ජනපදො තස්මිං ථාවරියං ථිරභාවං පත්තොති ජනපදත්ථාවරියප්පත්තො. පරොසහස්සන්ති අතිරෙකසහස්සං. සූරාති අභීරුනො. වීරඞ්ගරූපාති වීරානං අඞ්ගං වීරඞ්ගං, වීරියස්සෙතං නාමං. වීරඞ්ගරූපමෙතෙසන්ති වීරඞ්ගරූපා. වීරියජාතිකා වීරියසභාවා වීරියමයා විය අකිලාසුනො දිවසම්පි යුජ්ඣන්තා න කිලමන්තීති වුත්තං හොති. සාගරපරියන්තන්ති චක්කවාළපබ්බතං සීමං කත්වා ඨිතසමුද්දපරියන්තං. අදණ්ඩෙනාති ධනදණ්ඩෙනපි ඡෙජ්ජභෙජ්ජානුසාසනෙන සත්ථදණ්ඩෙනපි විනායෙව. අසත්ථෙනාති එකතොධාරාදිනා පරවිහෙඨනසත්ථෙනපි විනායෙව. ධම්මෙන අභිවිජියාති එහි ඛො, මහාරාජාති එවං පටිරාජූහි සම්පටිච්ඡිතාගමනො “පාණො න හන්තබ්බො”තිආදිනා ධම්මෙනෙව වුත්තප්පකාරං පථවිං අභිවිජිනිත්වා.
නවවැන්නෙහි මා භික්ඛවෙ පුඤ්ඤදානං භායිත්ථ යනු පින් කරන්නෝ ඒවාට බිය නොවන්නහුයි, මෙත්තං චිත්තං භාවෙසිං යනු තික චතුෂ්ක ධ්‍යානික වූ මෛත්‍රියෙන් යුක්ත වූ සිත ප්‍රණීත කොට වැඩීමියි දක්වයි, සංවට්ටමානස්සුදාහං යනු ධ්‍යානය පිරිහෙන විට මම යනුයි, සංවට්ටමානෙ යනු ධ්‍යානය පිරිහෙමින් පවත්නා කල්හියි, ධම්මිකො යනු දශකුශලධර්මයන්ගෙන් යුක්තවූයේයි, ධම්මරාජා යනු ඊටම පර්‍ය්‍යාය වචනයි, දැහැමින් හෝ ලබන ලද රාජ්‍යත්වය ඇති බැවින් ධම්මරාජා යි, චාතුරන්තො යනු පෙරදිග සමුදුර ආදී සමුදුරු වශයෙන් සිවුකෙළවර ඇති පොළොවට අධිපතිවූයේයි, විජිතාවි යනු දිනනලද යුද ඇත්තේයි, ඔහු කෙරෙහි ජනපදය තහවුරුබවට, ස්ථිර බවට පත්වූයේයි ජනපදත්ථාවරියප්පත්තො නමි, පරොසහස්සං යනු වැඩිමනක් දහසක් ඇත්තේයි, සුරා යන බියනැත්තාහුයි, විරඞ්ගරූපා යනු වීරයන්ගේ අංගය වීරඞ්ග නමි. වීර්යයට මේ නමෙකි. වීර්යය නමැති රූපය මොවුනටනුයි විරඞ්ගරූපා නමි. වීර්යය උපතකොට ඇත්තෝයි, වීර්ය ස්වභාවය ඇත්තෝයි, වීර්යයෙන් කරන ලද්දවුන් මෙන් දවසම වුවද යුද වදිමින් නොවෙහෙසෙන්නෝයි, ක්ලාන්ත නොවෙතියි කියන ලද්දේ වෙයි, සාගරපරියන්තං යනු සක්වළ පව්ව හිම්කොට සිටි මුහුදු කෙළවරයි, අදණ්ඩෙන යනු ධනයෙන් දඬුවම් දීමෙන් (මුදල් අයකිරීමෙන්) ද සිඳීම් බිඳීම් අවවාද දීම් ආදී අවි දඬුවමෙන්ද තොරවමයි, අසත්ථෙන යනු එක්පසෙක මුවහත ඇති ආදී වශයෙන් වූ අනුන් වෙහෙසන අවියෙනුදු තොරවමයි, ධම්මෙන යනු මහරජ, එනු මැනවැයි මෙසේ විරුද්ධ රජවරුන් විසින් පිළිගන්නා ලද ගමන් ඇත්තේ පණ නොනැසිය යුතුයයි ආදි වශයෙන් දැහැමින්ම කියනලද අයුරු ඇති පොළොව දිනායි,
සුඛෙසිනොති සුඛපරියෙසකෙ සත්තෙ ආමන්තෙති. සුඤ්ඤබ්රහ්මූපගොති සුඤ්ඤබ්රහ්මවිමානූපගො. පථවිං ඉමන්ති ඉමං සාගරපරියන්තං මහාපථවිං. අසාහසෙනාති න සාහසිකකම්මෙන. සමෙන මනුසාසිතන්ති සමෙන කම්මෙන අනුසාසිං. තෙහි එතං සුදෙසිතන්ති තෙහි සඞ්ගාහකෙහි මහාකාරුණිකෙහි බුද්ධෙහි එතං එත්තකං ඨානං සුදෙසිතං සුකථිතං. පථබ්යොති පුථවිසාමිකො.
සුඛෙසීනො යනු සුවය සොයන සතුන් අමතයි, සුඤ්ඤං බ්රහ්මුපගතො යනු ශුන්‍ය බ්‍රහ්ම විමානයකට යන්නේයි, පඨවිං ඉමං යනු සයුර කෙළවර කොට ඇති මහපොළොවයි, අසාහසෙන යනු සැහැසිකමින් නොවේ, සමෙනමනුසාසියං යනු සමවූ කර්මයෙන් අනුශාසනා කෙළෙමි, තෙහෙතං සුදෙසිතං යනු ඒ සංග්‍රහ කරනසුලු වූ මහාකාරුණික බුදුවරුන් විසින් මෙපමණ තැනක් මනාව දෙසන ලදි, මනාව පවසන ලදි. පථඛ්යො යනු පොළොවෙහි හිමියායි.
10. සත්තභරියා සුත්තවණ්ණනා
10. සත්තභරියා සූත්‍ර වර්ණනාව
දසමෙ කෙවට්ටා මඤ්ඤෙ මච්ඡවිලොපෙති කෙවට්ටානං මච්ඡපච්ඡිං ඔතාරෙත්වා ඨිතට්ඨානෙ ජාලෙ වා උදකතො උක්ඛිත්තමත්තෙ මච්ඡග්ගාහකානං මහාසද්දො හොති, තං සන්ධායෙතං වුත්තං. සුජාතාති විසාඛාය කනිට්ඨා. සා නෙව සස්සුං ආදියතීති සස්සුයා කත්තබ්බවත්තං නාම අත්ථි, තං න කරොති, සස්සූතිපි නං න ගණෙති. න සසුරං ආදියතීති වචනං න ගණ්හාති. එවං අනාදරතායපි අග්ගහණෙනපි න ආදියති නාම. සෙසෙසුපි එසෙව නයො. එවං අනාථපිණ්ඩිකො සුණිසාය ආචාරං ගහෙත්වා සත්ථු පුරතො නිසීදි. සාපි සුජාතා “කිං නු ඛො අයං සෙට්ඨි දසබලස්ස සන්තිකෙ මය්හං ගුණං කථෙස්සති උදාහු අගුණ”න්ති ගන්ත්වා අවිදූරෙ සද්දං සුණන්තී අට්ඨාසි. අථ නං සත්ථා එහි සුජාතෙති ආමන්තෙසි.
දසවැන්නෙහි කෙවට්ටා මඤ්ඤෙ මච්ඡවිලොපෙ යනු කෙවුළන්ගේ මාලු පැස ගොඩබා සිටි තැන හෝ දැල දියෙන් ගොඩගත් කෙනෙහි මාලු ගන්නවුන්ගේ වශයෙන් මහා ශබ්දයක් වෙයි, ඒ සඳහා මෙය කියනලදි, සුජාතා යනු විශාඛාවගේ කනිටු සොහොයුරියයි, සා නෙව සස්සුං ආදියති යනු නැන්දනිය (ස්වාමියාගේ මව) ට කළ යුතු වතක් නම් ඇත්ද එය නොකරයි, නැන්දණියයි ඇය ගණන් නොගනියි. මයිළනුවන්ට නොසලකයි ආදී ඇයගේ වචන නොගනියි, මෙසේ අනාදරවත් බව නිසා ද නොගැනීමෙන් ද න ආදියති නම්වේ. සෙසු තැන්හි ද මේ ක්‍රමයමැයි, මෙසේ අනේපිඬු සිටුතෙමේ ලේලියගේ බර (වගකීම) ගෙන ශාස්තෲන් වහන්සේගේ ඉදිරියෙහි හුන්නේය, ඒ සුජාතා තොමෝත් කිමෙක්ද මේ සිටුවරයා දශබලයන් වහන්සේ හමුවෙහි මගේ ගුණ කියයිද නැතහොත් අගුණ කියයිදැයි (සිතා) ගොස් නුදුරෙහි ශබ්දය අසමින් සිටියාය. ඉක්බිති ශාස්තෲන් වහන්සේ සුජාතාවනි, එවයි ඇමතු සේක.
අහිතානුකම්පිනීති න හිතානුකම්පිනී. අඤ්ඤෙසූති පරපුරිසෙසු. අතිමඤ්ඤතෙති ඔමානාති මානවසෙන අතිමඤ්ඤති. ධනෙන කීතස්සාති ධනෙන කීතා අස්ස. වධාය උස්සුකා වධිතුං උස්සුක්කමාපන්නා. යං ඉත්ථියා වින්දති සාමිකො ධනන්ති ඉත්ථියා සාමිකො යං ධනං ලභති. අප්පම්පි තස්ස අපහාතුමිච්ඡතීති ථොකතොපි අස්ස හරිතුං ඉච්ඡති, උද්ධනෙ ආරොපිතඋක්ඛලියං පක්ඛිපිතබ්බතණ්ඩුලතොපි ථොකං හරිතුමෙව වායමති. අලසාති නිසින්නට්ඨානෙ නිසින්නාව ඨිතට්ඨානෙ ඨිතාව හොති. ඵරුසාති ඛරා. දුරුත්තවාදිනීති දුබ්භාසිතභාසිනී, කක්ඛළං වාළකථමෙව කථෙති. උට්ඨායකානං අභිභුය්ය වත්තතීති එත්ථ උට්ඨායකානන්ති බහුවචනවසෙන විරියුට්ඨානසම්පන්නො සාමිකො වුත්තො, තස්ස තං උට්ඨානසම්පත්තිං අභිභවිත්වා හෙට්ඨා කත්වා වත්තති. පමොදතීති ආමොදිතපමොදිතා හොති. කොලෙය්යකාති කුලසම්පන්නා. පතිබ්බතාති පතිදෙවතා. වධදණ්ඩතජ්ජිතාති දණ්ඩකං ගහෙත්වා වධෙන තජ්ජිතා, “ඝාතෙස්සාමි න”න්ති වුත්තා. දාසීසමන්ති සාමිකස්ස වත්තපූරිකා දාසීති මං භගවා ධාරෙතූති වත්වා සරණෙසු පතිට්ඨාසි.
අහිතානුකම්පිනී යනු හිතානුකම්පා නොමැත්තීයි. අඤ්ඤෙසු යනු වෙනත් මිනිසුන් කෙරෙහියි, අතිමඤ්ඤතෙ යනු අවමාන අතිමාන වශයෙන් පහත් කොට සලකයි, ධනෙන කීතස්ස යනු ධනයෙන් මිළදී ගන්නා ලද්දී වන්නේය, වධාය උස්සුකා යනු නැසීමට උත්සුක බවට පැමිණියායි, යං ඉත්ථියා වින්දති සාමිකො ධනං යනු ස්ත්‍රියගේ යම් ධනයක් සැමියා ලබයිද, අප්පමපිස්ස අපහාතුමිච්ඡති යනු ඔහුගේ ටිකකින් වුව ද පැහැරගැනීමට කැමති වෙයි, උදුනෙහි තැබූ සැළියෙහි බැහිය යුතු සහලින් ටිකක් ගැනීමටම වෑයම් කරයි, අලසා යනු හුන්තැන හුන්නීම සිටිතැන සිටියාම වෙයි, ඵරුසා යනු රළුවූවායි, දුරුත්තවාදිනි යනු නරක කථා ඇත්තී කර්කශ රළු කථාම කියයි, උට්ඨායකානං අභිභුය්ය වත්තති යන මෙහි උට්ඨායකානංයි බහුවචන වශයෙන් වීර්යයෙන් හා උත්ථානයෙන් යුත් හිමියා කියන ලදි, ඔහුගේ ඒ උට්ඨාන සම්පත්තිය යටපත් කොට පහත්කොට පවතියි, පමොදති යනු තුටුපහටු වූවා වෙයි, කොලෙය්යකා යනු කුලීන වූවායි පතිබ්බතා යනු හිමියා දෙවිකොට සලකන්නීයි, වධදණ්ඩතජ්ජිතා යනු දඬුවක් ගෙන වධයෙන් තර්ජනය කරන ලද්දී මොහු මරන්නෙමැයි කියන ලද්දීයි, දාසිසමං යනු හිමියාගේ වත්සපුරන දැස්සකැයි භාග්‍යවතුන් වහන්සේ මා සලකන සේක්වායි පවසා සරණයෙහි පිහිටියාය.
11. කොධන සුත්තවණ්ණනා
11. කෝධන සූත්‍ර වර්ණනාව
එකාදසමෙ සපත්තකන්තාති සපත්තානං වෙරීනං කන්තා පියා තෙහි ඉච්ඡිතපත්ථිතා. සපත්තකරණාති සපත්තානං වෙරීනං අත්ථකරණා. කොධපරෙතොති කොධානුගතො. පචුරත්ථතායාති බහුඅත්ථතාය බහුහිතතාය. අනත්ථම්පීති අවුද්ධිම්පි. අත්ථො මෙ ගහිතොති වුඩ්ඪි මෙ ගහිතා.
එකොළොස් වැන්නෙහි සපත්තකන්තා යනු සතුරු වූ වෛරීන්ට ප්රියමනාපවූවා ඔවුන් විසින් කැමති වනු ලැබූ පතනු ලැබුයි, සපත්තකරණා සතුරු වූ වෛරීන්ට හිතවැඩ කරන්නාවූයි. කොධපරෙතො යනු ක්‍රෝධයට අනුගත වූයේයි, පචුරත්ථා තාය යනු බොහෝ වැඩ සඳහාය, බොහෝ හිත සඳහාය, අනත්ථම්පි යනු අවැඩක් වුවද, අත්ථො මෙ ගහිතො යනු මවිසින් වැඩක් ගන්නා ලදි,
අථො අත්ථං ගහෙත්වානාති අථො වුද්ධිං ගහෙත්වා. අනත්ථං අධිපජ්ජතීති අනත්ථො මෙ ගහිතොති සල්ලක්ඛෙති. වධං කත්වානාති පාණාතිපාතකම්මං කත්වා. කොධසම්මදසම්මත්තොති කොධමදෙන මත්තො, ආදින්නගහිතපරාමට්ඨොති අත්ථො. ආයසක්යන්ති අයසභාවං, අයසො නියසො හොතීති අත්ථො. අන්තරතො ජාතන්ති අබ්භන්තරෙ උප්පන්නං. අත්ථං න ජානාතීති වුද්ධිඅත්ථං න ජානාති. ධම්මං න පස්සතීති සමථවිපස්සනාධම්මං න පස්සති. අන්ධතමන්ති අන්ධභාවකරං තමං බහලතමං. සහතෙති අභිභවති.
අථො අත්ථං ගහෙත්වාන යනු ඉක්බිති වැඩක් ගෙනයි, අනත්ථිං අධිපජ්ජති යනු මවිසින් අනර්‍ත්‍ථයක් ගන්නා ලදැයි සලකයි, වධං කත්වාන යනු පණ නැසීමේ කර්මයක් කොටයි, කොධසම්මදසම්මත්තො යනු ක්‍රෝධ මතින් මත්වූයේ, දැඩිසේ ගැනීමෙන් අල්ලා ගන්නා ලද්දේයි අරුත්ය. ආයසක්‍යං යනු අපකීර්තිමත් බවයි, කීර්තිය නැත්තේ නින්දාවට පත්වූයේයි අරුත්ය, අන්තරතො ජාතං යනු අභ්‍යන්තරයෙහි උපන්නාවූයි, අත්ථං න ජානාති යනු වැඩ අර්ත්ථය නොදනියි, ධම්මං න පස්සති යනු සමථ විදර්ශනා ධර්මය නොදකියි, අන්ධන්තමං යනු අන්ධභාවය ඇති කරන ඝන අඳුරයි, සහතෙ යනු මැඩපවත්වයි,
දුම්මඞ්කුයන්ති දුම්මඞ්කුභාවං නිත්තෙජතං දුබ්බණ්ණමුඛතං. යතො පතායතීති යදා නිබ්බත්තති. න වාචො හොති ගාරවොති වචනස්සපි ගරුභාවො න හොති. න දීපං හොති කිඤ්චනන්ති කාචි පතිට්ඨා නාම න හොති. තපනීයානීති තාපජනකානි. ධම්මෙහීති සමථවිපස්සනාධම්මෙහි. ආරකාති දූරෙ. බ්‍රාහ්මණන්ති ඛීණාසවබ්රාහ්මණං. යාය මාතු භතොති යාය මාතරා භතො පොසිතො. පාණදදිං සන්තින්ති ජීවිතදායිකං සමානං. හන්ති කුද්ධො පුථුත්තානන්ති කුද්ධො පුග්ගලො පුථු නානාකාරණෙහි අත්තානං හන්ති. නානාරූපෙසු මුච්ඡිතොති නානාරම්මණෙසු අධිමුච්ඡිතො හුත්වා. රජ්ජුයා බජ්ඣ මීයන්තීති රජ්ජුයා බන්ධිත්වා මරන්ති. පබ්බතාමපි කන්දරෙති පබ්බතකන්දරෙපි පතිත්වා මරන්ති.
දුම්මඞ්කුයං යනු දොම්නස් සහගත බවයි, තෙද නැති බවයි, දුර්වර්ණ වූ මුහුණ ඇති බවයි, යතො පතායති යනු යම් විටෙක උපදියි, න වාවො හොති ගාරවො යනු වචනයට ද ගරුබවක් නොවෙයි, න දීපං හොති කිඤ්චනං යනු කිසියම් වූ ද පිහිටක් නම් නැත. තපනීයානි යනු තැවීම ඇතිකරවන්නාවූයි, ධම්මෙහි යනු සමථ විදර්ශනා ධර්මයන්ගෙනි, ආරකා යනු දුරෙහියි, බ්රාහ්මණං යනු කෙලෙස් දුරුකළ බමුණකුයි, යාය මාතුභතො යනු යම් මවක විසින් වඩන ලද්දේ පෝෂණය කරන ලද්දේයි, පාණදදිං සන්තිං යනු ජීවිත දෙන්නියකට සමාන වූයි, හන්ති කුද්ධො පුථුත්තානං යනු කිපුණු පුද්ගලතෙමේ බොහෝ නොයෙක් කරුණින් තමා නසයි, නානාරූපෙසු මුච්ඡිතො යනු නොයෙක් අරමුණුවල මුළාවූයේ වීයි, රජ්ජුයා බජ්ඣමිය්යන්ති යනු රැහැනින් බැඳ මරත්, පබ්බතාමපි කන්දරෙ යනු පර්වත කඳුරෙහි ද වැටි මරත්,
භූනහච්චානීති හතවුද්ධීනි. ඉතායන්ති ඉති අයං. තං දමෙන සමුච්ඡින්දෙති තං කොධං දමෙන ඡින්දෙය්ය. කතරෙන දමෙනාති? පඤ්ඤාවීරියෙන දිට්ඨියාති විපස්සනාපඤ්ඤාය චෙව විපස්සනාසම්පයුත්තෙන කායිකචෙතසිකවීරියෙන ච මග්ගසම්මාදිට්ඨියා ච. තථෙව ධම්මෙ සික්ඛෙථාති යථා අකුසලං සමුච්ඡින්දෙය්ය, සමථවිපස්සනාධම්මෙපි තථෙව සික්ඛෙය්ය. මා නො දුම්මඞ්කුයං අහූති මා අම්හාකං දුම්මඞ්කුභාවො අහොසීති ඉමමත්ථං පත්ථයමානා. අනායාසාති අනුපායාසා. අනුස්සුකාති කත්ථචි උස්සුක්කං අනාපන්නා. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
භූතභච්චානි යනු නැසූ වැඩීම් ඇත්තාවූයි, ඉතායං යනු ඉති අයං යන දෙපදයේ එකතුවයි, තං දමෙන සමුච්ඡින්දෙ යනු ඒ ක්‍රොධය දමනයෙන් සිඳින්නේය, කවර දමනයෙන්ද යත්, පඤ්ඤා විරියෙන දිට්ඨියා යනු විදර්ශනා ප්‍රඥාවෙන් මෙන්ම විදර්ශනාවෙන් යුක්ත වූ කායික චෛතසික වීර්‍ය්‍යයෙන් ද මාර්ග සම්‍යග්දෘෂ්ටියෙන් ද යනුයි, තථෙව ධම්මෙ සික්ඛෙත යනු යම්සේ අකුසල් සිඳලන්නේද සමථ විදර්ශනා ධර්මයෙහි ද එසේ හික්මෙන්නේය, මා නො දුම්මඞ්කුයං අහු යනු අපට දොම්නස් බවක් නොවේවායි මෙකරුණ පතන්නාහුයි, අනායාසා යනු නොවෙහෙසීමෙනි, අනුස්සුකා යනු කිසිතැනක උනන්දුවට නොපැමිණියාහුයි, සෙස්ස සියලු තැන පැහැදිලි අරුත් ඇත්තේමය.
අබ්යාකතවග්ගො ඡට්ඨො.
සවැනි වූ අව්‍යාකත වර්ගයයි.