අබ්යාකතවත්ථු සුත්තං
7. 2. 1. 1.
7. 2. 1. 1.
[අබ්යාකතවත්ථු සුත්තං]
[අව්යාකතවත්ථු සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
1. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච:
1. එකල්හි අන්‍යතර මහණෙක් භාග්‍යවතුන් කරා පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්හි හින. එකත්පස්හි හුන් එ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ කී ය:
කො නු ඛො භන්තෙ, හෙතු කො පච්චයො යෙන සුතවතො අරියසාවකස්ස විචිකිච්ඡා නූප්පජ්ජති අව්යාකතවත්ථුසු.
වහන්ස, යම් කරුණෙකින් (ඒකාංශව්යාකරණාදී විසින්) අව්‍යාකෘත වස්තූන් කෙරෙහි ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකහට විචිකිත්සා නූපදනේ නම්, එයට හේතු කවරේද, ප්‍රත්‍යය කවරේ දැයි.
දිට්ඨිනිරොධා ඛො භික්ඛු, සුතවතො අරියසාවකස්ස විචිකිච්ඡා නූප්පජ්ජති අව්යාකතවත්ථුසු.
මහණ, දෘෂ්ටිනිරෝධහේතුයෙන් ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක හට අව්‍යාකෘත වස්තූන් කෙරෙහි විචිකිත්සා නූපදනේ ය.
“හොති තථාගතො පරම්මරණා”ති, ඛො භික්ඛු, දිට්ඨිගත මෙතං. “න හොති තථාගතො පරම්මරණා”ති ඛො භික්ඛු දිට්ඨිගතමෙතං. “හොති ච න හොති ච තථාගතො පරම්මරණා”ති ඛො භික්ඛු, දිට්ඨිගතමෙතං “නෙව හොති න න හොති තථාගතො පරම්මරණා”ති ඛො භික්ඛු දිට්ඨිගතමෙතං.
මහණ, මරණින් මතු තථාගත (සත්ත්ව) වන්නේ ය යන තෙල කරුණ මිථ්‍යාදෘෂ්ටිමාත්‍රයක. මහණ, මරණින් මතු තථාගත (සත්ත්ව උපත් විසින්) නොවන්නේ යන තෙල කරුණ මිථ්‍යාදෘෂ්ටිමාත්‍රයක. මහණ, මරණින් මතු තථාගත වෙයි, නොවෙයි යන තෙල කරුණ දෘෂ්ටිගතයෙකි. මහණ, මරණින් මතු තථාගත නො මැ වෙයි, නො වන්නේ නො වෙයි යන තෙල කරුණ මිථ්යාදෘෂ්ටිමාත්රයකි.
අස්සුතවා භික්ඛු, පුථුජ්ජනො දිට්ඨිං නප්පජානාති, දිට්ඨිසමුදයං නප්පජානාති, දිට්ඨිනිරොධං නප්පජානාති, දිට්ඨිනිරොධගාමිනිං පටිපදං නප්පජානාති. තස්ස සා දිට්ඨි පවඩ්ඪති. සො න පරිමුච්චති ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, න පරිමුච්චති දුක්ඛස්මාති වදාමි.
මහණ, අශ්‍රැතවත් පෘථග්ජන දෘෂ්ටිය නො ම දන්නේ ය. දෘෂ්ටිසමුදය නො ම දන්නේ ය. දෘෂ්ටිනිරෝධය නො ම දන්නේ ය. දෘෂ්ටිනිරෝධගාමනී ප්‍රතිපද් නො ම දන්නේ ය. ඔහුගේ එ දෘෂ්ටිය ප්රකර්ෂයෙන් වැඩෙයි. හෙ ජාතියෙනුදු ජරාමරණිනුදු ශෝකයෙනුදු පරිදේවයෙනුදු දුකිනුදු උපායාසයෙනුදු නො මිදෙයි. වෘත්‍තදුඃඛයෙන් නො මිදේ යයි කියමි.
සුතවා ච ඛො භික්ඛු, අරියසාවකො දිට්ඨිං පජානාති, දිට්ඨිසමුදයං පජානාති, දිට්ඨිනිරොධං පජානාති, දිට්ඨිනිරොධගාමිනිං පටිපදං පජානාති. තස්ස සා දිට්ඨි නිරුජ්ඣති. සො පරිමුච්චති ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායායෙහි, පරිමුච්චති දුක්ඛස්මාති වදාමි.
මහණ, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක දෘෂ්ටිය දන්නේ ය, දෘෂ්ටිසමුදය දන්නේ ය, දෘෂ්ටිනිරෝධය දන්නේ ය, දෘෂ්ටිනිරෝධගාමිනීප්රතිපද් දන්නේ ය. ඔහුගේ එ දෘෂ්ටිය නිරුද්ධ වෙයි. හෙ ජාතියෙනුදු ජරාමරණිනුදු ශෝකයෙනුදු පරිදේවයෙනුදු දුකිනුදු උපායාසයෙනුදු මිදෙයි. වෘත්‍තදුඃඛයෙන් මිදේ යයි කියමි.
එවං ජානං ඛො භික්ඛු, සුතවා අරියසාවකො එවං පස්සං “හොති තථාගතො පරම්මරණාති”පි න ව්යාකරොති. “න හොති තථාගතො පරම්මරණාති”පි න ව්යාකරොති. “හොති ච න හොති ච තථාගතො පරම්මරණාති”පි න ව්යාකරොති. “නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති’පි න ව්යාකරොති. එවං ජානං ඛො භික්ඛු, සුතවා අරියසාවකො එවං පස්සං එවං අව්යාකරණධම්මො හොති අව්යාකතවත්ථුසු.
මහණ, මෙසෙයින් දන්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ දක්නේ “තථාගත මරණින් මතු උපත් විසින් වන්නේ” ය යි ද නො පවසන්නේ ය. “තථාගත මරණින් මතු නො වන්නේ” ය යි ද නො පවසන්නේ ය. “තථාගත මරණින් මතු වන්නේ ය, නො ද වන්නේ ය” යි ද ප්‍රකාශ නො කෙරෙයි. “තථාගත මරණින් මතු නො මැ වන්නේ ය, නො වන්නේ නො වේ” ය යි ද ප්‍රකාශ නො කෙරෙයි. මහණ, මෙ සෙයින් අරිසවු දන්නේ මෙසේ දක්නේ අව්‍යාකෘත වස්තූන් කෙරෙහි අව්‍යාකරණ ස්වභාව ඇතියේ වෙයි.
එවං ජානං ඛො භික්ඛු, සුතවා අරියසාවකො එවං පස්සං නච්ඡම්භති, න කම්පති, න චලති, න වෙධති, න සන්තාසං ආපජ්ජති අව්යාකතවත්ථුසු.
මහණ, මෙසෙයින් දන්නේ ශ්‍රැතවත් අරීසවු මෙසේ දක්නේ අව්‍යාකෘත වස්තූන්හි නො තැතිගන්නේ ය, කම්පිත නොවන්නේ ය, නො සැලෙන්නේ ය, නො වෙවුලන්නේ ය, සන්ත්‍රාසයට නො පැමිණෙන්නේ ය.
”හොති තථාගතො පරම්මරණා”ති ඛො භික්ඛු, තණ්හාගතමෙතං, සඤ්ඤාගතමෙතං, මඤ්ඤිතමෙතං, පපඤ්චිතමෙතං, උපාදානගතමෙතං, විප්පටිසාරො එසො.
මහණ, තථාගත මරණින් මතු වන්නේ ය යන තෙල දෘෂ්ටි තෘෂ්ණායෙක, තෙල දෘෂ්ටි සංඥායෙක, තෙල දෘෂ්ටි මඤ්ඤිතයෙක, තෙල දෘෂ්ටි ප්රපඤ්චිතයෙක, තෙල දෘෂ්ටි උපාදානගතයෙක, තෙල විප්‍රතිසාරයෙකි.
“න හොති තථාගතො පරම්මරණා”ති ඛො භික්ඛු -පෙ- විප්පටිසාරො එසො. “හොති ච න හොති ච තථාගතො පරම්මරණා”ති ඛො භික්ඛු -පෙ- විප්පටිසාරො එසො. “නෙව හොති න න හොති තථාගතො පරම්මරණා”ති ඛො භික්ඛු -පෙ- විප්පටිසාරො එසො.
මහණ, මරණින් මතු තථාගත නො වෙයි යන ... තෙල විප්‍රතිසාරයෙකි. මහණ, තථාගත මරණින් මතු වෙයි නො ද වෙයි යන ... තෙල විප්‍රතිසාරයෙකි. මහණ, තථාගත මරණින් මතු නො ම වන්නේ ය නො වන්නේ නො වේ ය යන ... තෙල විප්‍රතිසාරයෙකි.
අස්සුතවා භික්ඛු, පුථුජ්ජනො විප්පටිසාරං නප්පජානාති. විප්පටිසාරසමුදයං නප්පජානාති, විප්පටිසාරනිරොධං නප්පජානාති, විප්පටිසාරනිරොධ ගාමිනිං පටිපදං නප්පජානාති. තස්ස සො විප්පටිසාරො පවඩ්ඪති. සො න පරිමුච්චති ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි. න පරිමුච්චති දුක්ඛස්මාති වදාමි.
මහණ, අශ්‍රැතවත් පෘථග්ජන විප්‍රතිසාරය නො දන්නේ ය. විප්‍රතිසාරසමුදය නො දන්නේ ය. විප්‍රතිසාරනිරෝධය නො දන්නේ ය, විප්‍රතිසාරනිරෝධගාමිනීප්‍රතිපද් නො දන්නේ ය. ඔහුගේ එ විප්‍රතිසාරය වැඩෙයි. හෙ ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුකෙන් දොම්නසින් දැඩි ආයාසයෙන් නො මිදේ, සසරදුකින් නොමිදේ යයි කියමි.
සුතවා ච ඛො භික්ඛු, අරියසාවකො විප්පටිසාරං පජානාති, විප්පටිසාරසමුදයං පජානාති, විප්පටිසාරනිරොධං පජානාති, විප්පටිසාරනිරොධගාමිනිං පටිපදං පජානාති. තස්ස සො විප්පටිසාරො නිරුජ්ඣති. සො පරිමුච්චති ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි. පරිමුච්චති දුක්ඛස්මාති වදාමි.
මහණ, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක විප්‍රතිසාරය දන්නේ ය. විප්‍රතිසාරසමුදය දන්නේ ය. විප්‍රතිසාරනිරෝධය දන්නේ ය, විප්‍රතිසාරනිරෝධගාමිනීප්‍රතිපද් දන්නේ ය. ඔහුගේ එ විප්‍රතිසාරය නිරුද්ධ වෙයි. හෙ ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුකෙන් දොම්නසින් දැඩි ආයාසයෙන් මිදෙයි, සසරදුකින් මිදේ යයි කියමි.
එවං ජානං ඛො භික්ඛු, සුතවා අරියසාවකො එවං පස්සං “හොති තථාගතො පරම්මරණා”තිපි න ව්යාකරොති, “න හොති තථාගතො පරම්මරණා”තිපි න ව්යාකරොති, “හොති ච න හොති ච තථාගතො පරම්මරණා”තිපි න ව්යාකරොති, “නෙව හොති න න හොති තථාගතො පරම්මරණා”තිපි න ව්යාකරොති.
මහණ, මෙසේ දන්නා මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක ‘තථාගත මරණින් මතු වන්නේ ය’යිද ප්‍රකාශ නො කරයි. ‘තථාගත මරණින් මතු නො වන්නේ ය’යිද ප්‍රකාශ නො කරයි. ‘තථාගත මරණින් මතු වන්නේ යයි ද නො වන්නේ ය’යිද ප්‍රකාශ නො කරයි. ‘තථාගත මරණින් මතු නො මැ වන්නේ ය, නො ද නො වන්නේ ය’යි ද ප්‍රකාශ නො කරයි.
එවං ජානං ඛො භික්ඛු, සුතවා අරියසාවකො එවං පස්සං එවං අව්යාකරණධම්මො හොති අව්යාකතවත්ථුසු.
මහණ, ශ්‍රැතවත් අරීසවු මෙසේ දන්නේ මෙසේ දක්නේ අව්‍යාකෘත වස්තූන්හි මෙසේ අව්‍යාකරණ ස්වභාව ඇති වෙයි.
එවං ජානං ඛො භික්ඛු, සුතවා අරියසාවකො එවං පස්සං නච්ඡම්භති, න කම්පතින න චලති, න වෙධති, න සන්තාසං ආපජ්ජති අව්යාකතවත්ථුසු.
මහණ, මෙසේ දන්නේ මෙසේ දක්නේ ශ්‍රැතවත් අරීසවු අව්‍යාකෘත වස්තූන්හි නො තැති ගන්නේ ය, කම්පිත නො වන්නේ ය, නො සැලෙන්නේ ය. නො වෙවුලන්නේ ය, සන්ත්‍රාසයට නො පැමිණෙන්නේ ය.
අයං ඛො භික්ඛු, හෙතු, අයං පච්චයො යෙන සුතවතො අරියසාවකස්ස විචිකිච්ඡා නුප්පජ්ජති අව්යාකතවත්ථුසූති.
මහණ, යම් හෙයකින් ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක හට අව්යාකෘතවස්තූන්හි විචිකිත්සා නූපදනේ නම්, මේ එයට හේතු වෙයි, මෙ ප්‍රත්‍යය වෙයි.