නන්‍දමාතු සුත‍්තං
7. 1. 5. 10.
7. 1. 5. 10.
[නන්‍දමාතු සුත‍්තං]
[නන්‍දමාතා සූත්‍රය]
53. එවම‍්මෙ සුතං: එකං සමයං ආයස‍්මා ච සාරිපුත‍්තො ආයස‍්මා ච මහාමොග‍්ගල‍්ලානො දක‍්ඛිණාගිරිස‍්මිං චාරිකං චරන‍්ති මහතා භික‍්ඛු සඞ‍්ඝෙන සද‍්ධිං. තෙන ඛො පන සමයෙන වෙළුකණ‍්ටකී නන්‍දමාතා උපාසිකා රත‍්තියා පච‍්චූසසමයං පච‍්චුට‍්ඨාය පාරායණං සරෙන භාසති.
53. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ ද ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ද මහ බික්සඟුන් හා සමග දක්‍ෂිණගිරියෙහි සැරිසරන්නාහ. එසමයෙහි වේළුකණ්ටකී නන්‍දමාතා උපාසිකාවෝ රාත්‍රියෙහි පැසිම්යම්හි නැඟී ‘පාරායණධර්‍ම’ය (නිර්‍වාණගාමිමාර්‍ග ධර්‍මය) මධුර ස්වරයෙන් කියන්නාහ.
තෙන ඛො පන සමයෙන වෙස‍්සවණො මහාරාජා උත‍්තරාය දිසාය දක‍්ඛිණං දිසං ගච‍්ඡති කෙනචිදෙව කරණීයෙන. අස‍්සොසි ඛො වෙස‍්සවණො මහාරාජා නන්‍දමාතාය උපාසිකාය පාරායණං සරෙන භාසන‍්තියා. සුත්‍වා කථාපරියොසානං ආගමයමානො අට‍්ඨාසි. අථ ඛො නන්‍දමාතා උපාසිකා පාරායණං සරෙන භාසිත්‍වා තුණ‍්හී අහොසි.
එසමයෙහි වෙස්සවණ මහරජ කිසියම් කිසෙකින් උතුරුදිගින් දකුණුදිගට යෙයි. වෙස්සවණ මහරජ නන්‍දමාතා උවැසිය විසින් මධුරස්වරයෙන් පාරායණධර්‍මය කියනු ඇසී ය. අසා ධර්‍මකථාපර්‍ය්‍යවසානය බලමින් සිටියේ ය. එක්බිති නන්‍දමාතා උපාසිකාව පාරායණධර්‍මය ස්වරයෙන් කියා තුෂ්ණීම්භූත වූ ය.
අථ ඛො වෙස‍්සවණො මහාරාජා නන්‍දමාතාය උපාසිකාය කථාපරියොසානං විදිත්‍වා අබ‍්භනුමොදි: සාධු භගිනි, සාධු භගිනීති.
එකල්හි වෙසවුණු මහරජ නන්‍දමාතා උපාසිකාවගේ කථාපර්‍ය්‍යවසානය දැන ‘මැනැවි බුහුන, මැනැවි බුහුනැ’යි සතුටින් අනුමෝදන් විය.
කො පනෙස භද්‍රමුඛාති.
භද්‍රමුඛයෙනි, තෙලෙ කවරෙක් දැයි?
අහං තෙ භගිනී භාතා වෙස‍්සවණො මහාරාජාති.
“බුහුන, මම තොප බෑ වෙස්සවණ මහරජ වෙමි’යි.
සාධු භද්‍රමුඛ, තෙන හි යො මෙ අයං ධම‍්මපරියායො භණිතො, ඉදන‍්තෙ හොතු ආතිථෙය්‍යන‍්ති.
“භද්‍රමුඛයෙනි, එකරුණින් ම මා විසින් යම්බඳු මෙ ධර්‍මපර්‍ය්‍යායෙක් කියනලද නම්, මෙය තොපට අතිථී (අත්තුග) පඬුරක් වේවායි.
සාධු භගිනී, එතං චෙව මෙ හොතු ආතිථෙය්‍යං: ස‍්වෙ ච සාරිපුත‍්ත මොග‍්ගල‍්ලානපමුඛො භික‍්ඛුසඞ‍්ඝො අකතපාතරාසො වෙළුකණ‍්ටකං ආගමිස‍්සති. තඤ‍්ච භික‍්ඛුසඞ‍්ඝං පරිවිසිත්‍වා මම දක‍්ඛිණං ආදිසෙය්‍යාසි. එවඤ‍්ච මෙ භවිස‍්සති ආතිථෙය්‍යන‍්ති.
“බුහුනනියෙනි, මැනැවැ, තෙල පින ද මට අතිථිපඬුර වේවා: සෙට දවස ප්‍රාතරාස නො කළ සැරියුත්මුගලන් පාමොක් බික්සඟහු වේළුකණ්ටකයට වඩනාහ. එ බික්සඟුන් ද වළඳවා මට දක්‍ෂිණා (පින්) දෙව. මෙ සේ ද මට අතිථිපඬුර වන්නේය යි.
අථ ඛො නන්‍දමාතා උපාසිකා තස‍්සා රත‍්තියා අච‍්චයෙන සකෙ නිවෙසනෙ පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙසි. අථ ඛො සාරිපුත‍්තමොග‍්ගල‍්ලානපමුඛො භික‍්ඛුසඞ‍්ඝො අකතපාතරාසො යෙන වෙළුකණ‍්ටකො තදවසරි.
එකල්හි නන්‍දමාතා උපාසිකාවෝ රැය ඇවෑමෙන් සිය නිවෙස්නෙහි ප්‍රණීත ඛාදනීය හා භෝජනීය පිළියෙළ කරවූ ය. එක්බිති උදෑසන බත නො වැළඳූ සැරියුත්මුගලන්පාමොක් බික්සඟහු වේළුකණ්ටක නගරයට වැඩියහ.
අථ ඛො නන්‍දමාතා උපාසිකා අඤ‍්ඤතරං පුරිසං ආමන‍්තෙසි: එහි ත්‍වං අම‍්භො පුරිස, ආරාමං ගන‍්ත්‍වා භික‍්ඛුසඞ‍්ඝස‍්ස කාලං ආරොචෙහි: ‘කාලො භන‍්තෙ, අය්‍යාය නන්‍දමාතුයා නිවෙසනෙ නිට‍්ඨිතං භත‍්ත’න‍්ති. එවං අය්‍යෙ’ති ඛො සො පුරිසො නන්‍දමාතාය උපාසිකාය පටිස‍්සුත්‍වා ආරාමං ගන‍්ත්‍වා භික‍්ඛුසඞ‍්ඝස‍්ස කාලං ආරොචෙසි: ‘කාලො භන‍්තෙ, අය්‍යාය නන්‍දමාතුයා නිවෙසනෙ නිට‍්ඨිතං භත‍්තන‍්ති’.
එකල්හි නන්‍දමාතා උවැසි එක්තරා පුරුෂයෙකු ඇමතූ ය: එම්බා පුරුෂය එව, තෝ අරමට ගොස් “වහන්ස, ආර්‍ය්‍යා නන්‍දමාතාවගේ නිවෙස්නෙහි බත් නිමවන ලදැ”යි බික්සඟනට දන්වාල යි. එ පුරිස් “එසේය, ආර්‍ය්‍යාවෙනි” යි නන්‍දමාතා උවැසියට පිළිවදන් අස්වා ආරාමයට ගොස් “වහන්ස, ආර්‍ය්‍යා නන්‍දමාතාවගේ නිවෙස්නෙහි බත් නිමවනලදැ”යි භික්‍ෂුසඞ්ඝයාට කල් දැන්වී ය.
අථ ඛො සාරිපුත‍්තමොග‍්ගල‍්ලානපමුඛො භික‍්ඛුසඞ‍්ඝො පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරං ආදාය යෙන නන්‍දමාතුයා උපාසිකාය නිවෙසනං තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තාසනෙ නිසීදි.
එකල්හි ශාරීපුත්‍රමෞද්ගල්‍යායන ප්‍රමුඛ බික්සඟහු පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ නන්‍දමාතා උපාසිකාවගේ නිවෙස්නට වැඩියහ. වැඩ පනවනලද අස්නෙහි හුන්හ.
අථ ඛො නන්‍දමාතා උපාසිකා සාරිපුත‍්තමොග‍්ගල‍්ලානපමුඛං භික‍්ඛුසඞ‍්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්‍ථා සන‍්තප‍්පෙසි සම‍්පවාරෙසි. අථ ඛො නන්‍දමාතා උපාසිකා ආයස‍්මන‍්තං සාරිපුත‍්තං භුත‍්තාවිං ඔනීතපත‍්තපාණිං එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො නන්‍දමාතරං උපාසිකං ආයස‍්මා සාරිපුත‍්තො එතදවොච:
එකල්හි නන්‍දමාතා උවැසි සැරියුත්මුගලන් පාමොක් බික්සඟුන් ප්‍රණීත ඛාද්‍යයෙන් භෝජ්‍යයෙන් සියතින් සැතැප්වූ ය, පැවරූ ය. එක්බිති නන්‍දමාතා උපාසිකා දන් වැළඳූ පාත්‍රයෙන් ඉවතට ගත් අත් ඇති ආයුෂ්මත් සැරියුත් තෙරුන් වෙත එකත්පස්හි හුනු. එකත්පස්හි හුන් නන්‍දමාතා උවැසියට ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල වදාළහ.
කො පන තෙ නන්‍දමාතෙ, භික‍්ඛුසඞ‍්ඝස‍්ස අබ‍්භාගමනං ආරොචෙසීති.
නන්‍දමාතාවෙනි, තිට බික්සඟුන්ගේ ආගමනය කවරෙක් දැන් වී දැ යි.
ඉධාහං භන‍්තෙ, රත‍්තියා පච‍්චූසසමයං පච‍්චුට‍්ඨාය පාරායණං සරෙන භාසිත්‍වා තුණ‍්හී අහොසිං. අථ ඛො භන‍්තෙ, වෙස‍්සවණො මහාරාජා මම කථාපරියොසානං විදිත්‍වා අබ‍්භනුමොදි ‘සාධු භගිනී, සාධු භගිනී’ති.
වහන්ස, මෙහි මම රෑ පැසිම්යම් යහනින් නැඟී පාරායණසූත්‍රධර්‍මය මධුරස්වරයෙන් කියා තූෂ්ණීම්භූත විමි. වහන්ස, එකල්හි වෙසවුණු මහරජ මාගේ ධර්‍මකථා පර්‍ය්‍යවසානය දැන, බුහුන, මැනැවි, බුහුන මැනැවි’යි සතුටින් අනුමෝදන් විය.
කො පනෙසො භද්‍රමුඛාති. අහං තෙ භගිනි, භාතා වෙස‍්සවණො මහාරාජා.
‘භද්‍රමුඛයෙනි, තෙලෙ කවරෙක් දැ’යි. ‘බුහුනනියෙනි, මම තීගේ භ්‍රාතෘ වූ වෛශ්‍රණ මහරජ වෙමි.’
සාධු භද්‍රමුඛ, තෙන හි යො මෙ අයං ධම‍්මපරියායො භණිතො, ඉදං තෙ හොතු ආතිථෙය්‍යන‍්ති. සාධු භගිනි, එතඤ‍්චෙව මෙ හොතු ආතිථෙය්‍යං: ස‍්වෙ ච සාරිපුත‍්තමොග‍්ගල‍්ලානපමුඛො භික‍්ඛුසඞ‍්ඝො අකතපාතරාසො වෙළුකණ‍්ටකං ආගමිස‍්සති. තඤ‍්ච භික‍්ඛුසඞ‍්ඝං පරිවිසිත්‍වා මම දක‍්ඛිණං ආදිසෙය්‍යාසි. එතඤ‍්ච මෙ භවිස‍්සති ආතිථෙය්‍යන‍්ති. යදිදං භන‍්තෙ, දානෙ පුඤ‍්ඤං හි තං වෙස‍්සවණස‍්ස මහාරාජස‍්ස සුඛාය හොතූති.
භද්‍රමුඛයෙනි, මැනැව, එකරුණින් ම මා විසින් යම් මෙ ධර්‍මපර්‍ය්‍යායෙක් කියනලද නම්, මෙය තොපට අතිථිපඬුර වේවයි. බුහුනනියෙනි මැනැව, තෙල ද මට අතිථිපඬුර වේවා: සෙට දවස සැරියුත් මුගලන් පාමොක් බික්සඟහු නො කළ උදෑසන බොජුන් ඇතියාහු වේළුකණ්ටකයට වඩනාහ. එ බික්සඟුනුදු වළඳවා මට දක්‍ෂිණා (පින්) දෙව, තෙල ද මට අතිථිපඬුර වන්නේ ය යි. වහන්ස, “මෙ දන්හි යම් පුණ්‍යයෙක් වේ නම් එ ම වෙසවුණු මහරජුට සුව පිණිස වේවා”යි.
(1) අච‍්ඡරියං නන්‍දමාතෙ, අබ‍්භුතං නන්‍දමාතෙ, යත්‍ර හි නාම වෙස‍්සවණෙන මහාරාජෙන එවං මහිද‍්ධිකෙන එවං මහෙසක‍්ඛෙන දෙවපුත‍්තෙන සම‍්මුඛා සල‍්ලපිස‍්සතීති.
(1) නන්‍දමාතාවෙනි, ආශ්චර්‍ය්‍ය යි. නන්‍දමාතාවෙනි, අද්භූත යි. යම් හෙයෙකින් මෙ බඳු මහත් ඍද්ධි ඇති, මෙ බඳු මහේශාක්‍ය වූ දෙව්පුත්වන වෙසවුණු මහරජ සමහත් හමුයෙහි සංලාප කෙරෙති යන මෙය අද්භූත යි.
(2) න ඛො මෙ භන‍්තෙ, එසොව අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො. අත්‍ථි මෙ අඤ‍්ඤොපි අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො:
(2) වහන්ස, තෙල කරුණ ම මාගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෙක් නො වේ. මාගේ අනෙකුදු ආශ්චර්‍ය්‍ය ධර්‍මයෙක් ඇත:
ඉධ මෙ භන‍්තෙ නන්‍දො නාම එකො පුත‍්තකො පියො මනාපො. තං රාජානො කිස‍්මිඤ‍්චිදෙව පකරණෙ ඔක‍්කස‍්ස පග‍්ගය‍්හ ජීවිතා වොරොපෙසුං. තස‍්මිං ඛො පනාහං භන‍්තෙ, දාරකෙ ගහිතෙ වා ගය‍්හමානෙ වා බද‍්ධෙ වා වජ‍්ඣමානෙ වා හතෙ වා හඤ‍්ඤමානෙ වා නාභිජානාමි චිත‍්තස‍්ස අඤ‍්ඤථත‍්තන‍්ති.
වහන්ස, මෙහි මට ප්‍රිය වූ මනවඩන්නා වූ නන්‍ද නම් වූ එක ම පුතෙක් විය. රජහු කිසියම් කරුණක් නිමිති කොට ඔහු බලහත්කාරයෙන් හැද මැඩ දිවියෙන් තොර කළහ. වහන්ස, එ දරු අල්ලාගත් කල්හි හෝ අල්ලා ගණුලබන කල්හි හෝ දඟගෙහි බඳනාලද කල්හි හෝ වධයට පත් කරණු ලබන කල්හි හෝ නසනලද කල්හි හෝ නසනුලබන කල්හි මාගේ චිත්තයාගේ අන්‍යථාත්‍වයෙක් (වෙනසක් වූ බවක්) නො ම දනිමි යි.
අච‍්ඡරියං නන්‍දමාතෙ, අබ‍්භුතං නන්‍දමාතෙ, යත්‍ර හි නාම චිත‍්තුප‍්පාදම‍්පි පරිසොධෙස‍්සතීති.
නන්‍දමාතාවෙනි, ආශ්චර්‍ය්‍ය යි. නන්‍දමාතාවෙනි, අද්භූත යි. නන්‍දමාතාවෙනි, යම් කරුණෙක්හි වනාහි චිත්තෝත්පාද ය ද පිරිසුදු කරන්නේ ය යන මෙය අද්භූත යි.
(3) න ඛො මෙ භන‍්තෙ, එසොව අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො. අත්‍ථි මෙ අඤ‍්ඤොපි අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො:
(3) වහන්ස, තෙල මතු ම මාගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය නො වේ. මගේ අනෙකුදු ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෙක් ඇත.
ඉධ මෙ භන‍්තෙ, සාමිකො කාලකතො අස‍්ස අඤ‍්ඤතරං යක‍්ඛයොනිං උපපන‍්නො. සො මෙ තෙනෙව පුරිමෙන අත‍්තභාවෙන උද‍්දස‍්සෙති. න ඛො පනාහං භන‍්තෙ, අභිජානාමි තතො නිදානං චිත‍්තස‍්ස අඤ‍්ඤථත‍්තන‍්ති.
වහන්ස, මෙහි මාගේ හිමි කලුරිය කෙළේ අන්‍යතර යක්‍ෂයෝනියෙක්හි උපන. හේ එ පළමු අත් බැවින් (ස්වරූපයෙන්) ම මට තමා දක්වන්නේ ය. වහන්ස, එ හේතුයෙන් මම චිත්තයාගේ අන්‍යථාත්‍වයක් නො ම දන්මි යි.
අච‍්ඡරියං නන්‍දමාතෙ, අබ‍්භුතං නන්‍දමාතෙ, යත්‍ර හි නාම චිත‍්තුප‍්පාදම‍්පි පරිසොධෙස‍්සතීති.
නන්‍දමාතාවෙනි, ආශ්චර්‍ය්‍ය යි. නන්‍දමාතාවෙනි, අද්භූත යි. නන්‍දමාතාවෙනි, යම් කරුණෙක්හි වනාහි චිත්තෝත්පාද ය ද පිරිසුදු කරන්නේ ය යන මෙය අද්භූත යි.
(4) න ඛො මෙ භන‍්තෙ, එසොව අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො. අත්‍ථි මෙ අඤ‍්ඤොපි අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො:
(4) වහන්ස, මාගේ මෙ මතු ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය නො වේ. මාගේ අනෙකුදු ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෙක් ඇත:
යතොහං භන‍්තෙ, සාමිකස‍්ස දහරස‍්සෙව දහරා ආනීතා, නාභිජානාමි සාමිකං මනසාපි අතිචරිතා, කුතො පන කායෙනාති.
වහන්ස, ලදරු වූ ම හිමිහු විසින් යම් කලෙක ලදරු වූ ම මා ආවාහ වශයෙන් ගෙණ එනලද්දී සිතිනුදු සැමියා ඉක්ම අනෙකකු පැතුවා නො දන්මි, කයින් වනාහි කවර නම් කථායෙක් දැයි.
අච‍්ඡරියං නන්‍දමාතෙ, අබ‍්භුතං නන්‍දමාතෙ, යත්‍ර හි නාම චිත‍්තුප‍්පාදමත‍්තම‍්පි පරිසොධෙස‍්සතීති.
නන්‍දමාතාවෙනි, ආශ්චර්‍ය්‍ය ය නන්‍දමාතාවෙනි, අද්භූත ය නන්‍දමාතාවෙනි, යම්කරුණෙක්හි චිත්තෝත්පාදමාත්‍රය පවා පිරිසිදු කරන්නේ ය යන මෙය අද්භූත යි.
(5) න ඛො මෙ භන‍්තෙ, එසොව අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො. අත්‍ථි මෙ අඤ‍්ඤොපි අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො:
(5) වහන්ස, මාගේ තෙල මතු ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය නො ම වෙයි. මාගේ අනෙකුදු ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෙක් ඇත:
යදාහං භන‍්තෙ, උපාසිකා පටිදෙසිතා, නාභිජානාමි කිඤ‍්චි සික‍්ඛාපදං සඤ‍්චිච‍්ච වීතික‍්කමිතාති.
වහන්ස, මම යම්කලෙක පිළින කළ උපාසිකා වූම් නම් කිසිදු සිකපදයක් දැන දැන මැඩුවා නො ම දන්මි යි.
අච‍්ඡරියං නන්‍දමාතෙ, අබ‍්භුතං නන්‍දමාතෙති.
නන්‍දමාතාවෙනි, ආශ්චර්‍ය්‍ය යි නන්‍දමාතාවෙනි, අද්භූත යි.
(6) න ඛො මෙ භන‍්තෙ, එසොව අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො. අත්‍ථි මෙ අඤ‍්ඤොපි අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො:
(6) වහන්ස, මෙ මතු මාගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය නො වේ මැ යි. අනෙකුදු ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෙක් ඇත:
ඉධාහං භන‍්තෙ, යාවදෙව ආකඞ‍්ඛාමි විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරාමි. විතක‍්කවිචාරානං වූපසමා අජ‍්ඣත‍්තං සම‍්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක‍්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරාමි. පීතියා ච විරාගා උපෙක‍්ඛකා ච විහරාමි, සතා ච සම‍්පජානා සුඛඤ‍්ච කායෙන පටිසංවෙදෙමි. යං තං අරියා ආචික‍්ඛන‍්තී උපෙක‍්ඛකො සතිමා සුඛවිහාරීති තතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරාමි. සුඛස‍්ස ච පහානා දුක‍්ඛස‍්ස ච පහානා පුබ‍්බෙව සොමනස‍්ස දොමනස‍්සානං අත්‍ථගමා අදුක‍්ඛං අසුඛං උපෙක‍්ඛාසතිපාරිසුද‍්ධිං චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරාමි.
වහන්ස, මම මේ බුදුසස්නෙහි කාමයන්ගෙන් වෙන් ව ම අකුශලධර්‍මයන්ගෙන් වෙන් ව ම යම්තාක් කැමැති යෙම් නම් (ඒතාක්) සවිතර්‍ක වූ සවිචාර වූ විවේකයෙන් උපන් ප්‍රීති හා සුඛ ඇති ප්‍රථමධ්‍යානයට එළඹ වෙසෙමි. විතර්‍ක විචාරයන්ගේ ව්‍යපශමයෙන් අධ්‍යාත්මයෙහි මනා පැහැදීම ඇති, චිත්තයාගේ එකඟබව ඇති විතර්‍ක රහිත විචාර රහිත ප්‍රථමධ්‍යානයෙන් උපන් ප්‍රීති හා සුඛ ඇති ද්විතීය ධ්‍යානයට එළඹ වෙසෙමි. ප්‍රීතියගේ ද විරාගයෙන් උපේක්‍ෂා ඇති ව ස්මෘති ඇති ව සම්‍යක් ප්‍රඥා ඇති ව වෙසෙමි. සුඛය ද නාමකායෙන් විඳිමි. යමකු ගෙණ ආර්‍ය්‍යයෝ උපේක්‍ෂා ඇතියේ ස්මෘතිමත් වූයේ සුඛවිහාර ඇතියේ යයි කියත් නම් එ තෘතීය ධ්‍යානයට එළඹ වසමි. සුඛයාගේත් ප්‍රහාණයෙන් දුඃඛයාගේත් ප්‍රහාණයෙන් පූර්‍වයෙහි ම සොම්නස් දොම්නසුන්ගේ අස්තගමයෙන් දුක් නො වූ සැප නො වූ උපේක්‍ෂායෙන් උපන් ස්මෘති පාරිශුද්ධි ඇති චතුර්‍ත්‍ථ ධ්‍යානයට එළඹ වෙසෙමි.
අච‍්ඡරියං නන්‍දමාතෙ අබ‍්භුතං නන්‍දමාතෙති.
නන්‍දමාතාවෙනි, ආශ්චර්‍ය්‍ය යි, නන්‍දමාතාවෙනි, අද්භූත යි.
(7) න ඛො මෙ භන‍්තෙ එසොව අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො. අත්‍ථි මෙ අඤ‍්ඤොපි අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො:
(7) වහන්ස, මාගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය තෙල මතු නො වේ. මාගේ අනෙකුදු ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෙක් ඇත:
යානිමානි භන‍්තෙ, භගවතා දෙසිතානි පඤ‍්චොරම‍්භාගියානි සඤ‍්ඤොජනානි, නාහං තෙසං කිඤ‍්චි අත‍්තනි අප‍්පහීනං සමනුපස‍්සාමි.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසනලද යම්බඳු මේ පඤ්චෝරම්භාගිය සංයෝජන කෙනෙක් වෙත් නම්, මම ඔවුන්ගෙන් තමා තුළ අප්‍රහීණ වූ කිසිදු සංයොජනයක් නො දක්මි යී.
අච‍්ඡරියං නන්‍දමාතෙ, අබ‍්භුතං නන්‍දමාතෙති.
නන්‍දමාතාවෙනි, ආශ්චර්‍ය්‍ය යි, නන්‍දමාතාවෙනි, අද්භූත යි.
අථ ඛො ආයස‍්මා සාරිපුත‍්තො නන්‍දමාතරං උපාසිකං ධම‍්මියා කථාය සන්‍දස‍්සෙත්‍වා සමාදපෙත්‍වා සමුත‍්තෙජෙත්‍වා සම‍්පහංසෙත්‍වා උට‍්ඨායාසනා පක‍්කාමීති.
එක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ නන්‍දමාතා උපාසිකාව ධාර්මික කථායෙන් කරුණු දක්වා සමාදන් කරවා තෙද ගන්වා මොනොවට පහන් කරවා තෙද ගන්වා මොනොවට පහන් කරවා හුනස්නෙන් නැඟී වැඩියහ යි.
නන්‍දමාතුසුත‍්තං දසමං.
නන්‍දමාතා සූත්‍රය දසවැනි යි.
මහායඤ‍්ඤවග‍්ගො පඤ‍්චමො.
මහායඤ්ඤවර්‍ගය පස්වැනි යි.
තස‍්සුද‍්දානං:
එහි උද්දානය:
ඨිති පරික‍්ඛාරමග‍්ගි යඤ‍්ඤං සඤ‍්ඤා පරා දුවෙ මෙථුනා සංයොගො දානං නන්‍දමාතෙන තෙ දසා’ති.
විඤ්ඤාණට්ඨිති සූත්‍රය, සමාධිපරික්ඛාර සූත්‍රය, අග්ගි සූත්‍රය, මහායඤ්ඤ සූත්‍රය, සඤ්ඤා සූත්‍ර දෙක ය, මෙථූන සූත්‍රය, සංයොග සූත්‍රය, දානමහත්ඵල සූත්‍රය, නන්‍දමාතු සූත්‍රය දැයි සූත්‍ර දශයෙකි.
පඨමො පණ‍්ණාසකො නිට‍්ඨිතො.
ප්‍රථම පණ්ණාසකය නිමි.