5. මහායඤ්ඤා වග්ගො අට්ඨකථා
5. මහායඤ්ඤ වර්ගය
1-2. විඤ්ඤාණට්ඨිති සුත්තාදිවණ්ණනා
1-2. විඤ්ඤාණට්ඨිති ආදි සූත්‍ර වර්ණනා
පඤ්චමස්ස පඨමෙ විඤ්ඤාණට්ඨිතියොති පටිසන්ධිවිඤ්ඤාණස්ස ඨානානි. සෙය්යථාපීති නිදස්සනත්ථෙ නිපාතො, යථා මනුස්සාති අත්ථො. අපරිමාණෙසු හි චක්කවාළෙසු අපරිමාණානං මනුස්සානං වණ්ණසණ්ඨානාදිවසෙන ද්වෙපි එකසදිසා නත්ථි. යෙපි හි කත්ථචි යමකභාතරො වණ්ණෙන වා සණ්ඨානෙන වා සදිසා හොන්ති, තෙසම්පි ආලොකිතවිලොකිතකථිතහසිතගමනට්ඨානාදීහි විසෙසො හොතියෙව. තස්මා නානත්තකායාති වුත්තා. පටිසන්ධිසඤ්ඤා පන නෙසං තිහෙතුකාපි ද්විහෙතුකාපි අහෙතුකාපි හොති. තස්මා නානත්තසඤ්ඤිනොති වුත්තා. එකච්චෙ ච දෙවාති ඡ කාමාවචරදෙවා. තෙසු හි කෙසඤ්චි කායො නීලො හොති, කෙසඤ්චි පීතකාදිවණ්ණො. සඤ්ඤා පන තෙසං ද්විහෙතුකාපි තිහෙතුකාපි හොති, අහෙතුකා නත්ථි. එකච්චෙ ච විනිපාතිකාති චතුඅපායවිනිමුත්තා උත්තරමාතා යක්ඛිනී, පියඞ්කරමාතා, ඵුස්සමිත්තා, ධම්මගුත්තාති එවමාදිකා අඤ්ඤෙ ච වෙමානිකා පෙතා. එතෙසඤ්හි පීතඔදාතකාළමඞ්ගුරච්ඡවිසාමවණ්ණාදිවසෙන චෙව කිස ථූලරස්සදීඝවසෙන ච කායො නානා හොති, මනුස්සානං විය ද්විහෙතුකතිහෙතුකඅහෙතුකවසෙන සඤ්ඤාපි. තෙ පන දෙවා විය න මහෙසක්ඛා, කපණමනුස්සා විය අප්පෙසක්ඛා දුල්ලභඝාසච්ඡාදනා දුක්ඛපීළිතා විහරන්ති. එකච්චෙ කාළපක්ඛෙ දුක්ඛිතා ජුණ්හපක්ඛෙ සුඛිතා හොන්ති. තස්මා සුඛසමුස්සයතො විනිපතිතත්තා විනිපාතිකාති වුත්තා. යෙ පනෙත්ථ තිහෙතුකා, තෙසං ධම්මාභිසමයොපි හොති පියඞ්කරමාතාදීනං විය.
පස්වැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි විඤ්ඤාණට්ඨිතියො යනු ප්රතිසන්ධි විඥානයාගේ ස්ථානයෝයි, සෙය්යථාපි යනු නිදර්ශනාර්ත්ථයෙහි නිපාතයෙකි, මිනිස්සු යන අරුතයි, අපමණවූ සක්වළෙහි අපමණ වූ මිනිසුන්ගේ පැහැය සටහන් ආදිවශයෙන් දෙදෙනෙක් ද එක්සමානවූවෝ නැත්තෝමය, කිසිතැනක නිවුන් සොහොයුරෝ පැහැයෙන් හෝ සටහනින් හෝ සමානවෙත්. ඔවුන්ගේ ද ඉදිරිබැලීම් හාත්පස බැලීම් කීම් සිනහසීම් යාම් සිටීම් ආදියෙන් වෙසෙසක් වේමය, එබැවින් නානත්තකායා යි කියන ලදි, මොවුන්ගේ ප්රතිසන්ධි සංඥාව වනාහි ත්‍රිහේතුක වූයේත් ද්විහේතුක වූයේත් අහෙතුක වූයේත් වෙයි. එහෙයින් නානත්තසඤ්ඤිනො යි කියන ලදි. එකච්චෙ ච දෙවා යනු සවැදෑරුම් කාමාවචරයන්හි දෙවියෝයි, ඔවුනතුරෙනුදු කිසිවකුගේ ශරීරය නිල්පැහැ වෙයි, කිසිවකුගේ කහ ආදී පැහැයයි. මොවුන්ගේ සංඥාව ද්විහෙතුකවූයේත් ත්රිහෙතුකවූයේත් වෙයි, අහේතුක වූයේ නොවෙයි, එකච්චෙ ච විනීපාතිකා යනු සතර අපායෙන් මිදුනා වූ උත්තරමාතා යකින්නිය පියංකරමාතාව ඵුස්සමිත්තා ධම්මගුත්තා යන මේ ආදීහු ද වෙනත් වෛමානික ප්‍රේතයෝ ද වෙති. මොවුන්ගේ සුදු කලු කසට තද දුඹුරු ආදි පැහැය වශයෙන් ද සිහින් මහත කෙටි දිගු වශයෙන් ද සිරුර වෙනස් වෙයි. මිනිසුන්ගේ මෙන් ද්විහේතුක ත්‍රිහේතුක අහේතුක වශයෙන් සංඥා ද වෙනස් වෙති. ඔවුහු දෙවියන් මෙන් මහෙශාක්යයෝ නොවෙති. දිළිදු මිනිසුන්ට මෙන් අල්පෙශාක්යයෝයි. ආහාර හා වස්ත්‍ර දුර්ලභ බැවින් දුකින් පෙළෙමින් වෙසත්. ඇතැම්හු අවපක්ෂයෙහි දුකින් පෙළුනෝය, පුරපක්ෂයෙහි සුවපත්වූවෝ වෙති. එහෙයින් සැප වැඩිබවින් පිරිහුණු නිසා විනිපාතිකයෝයි කියනලදි. මෙහි යමෙක් ත්‍රිහේතුක වූවෝ ද ඔවුනට ධර්මය වැටහීමද වෙයි. පියංකර මාතා ආදීන්ට මෙනි.
බ්රහ්මකායිකාති බ්රහ්මපාරිසජ්ජබ්රහ්මපුරොහිතමහාබ්රහ්මානො. පඨමාභිනිබ්බත්තාති තෙ සබ්බෙපි පඨමජ්ඣානෙන අභිනිබ්බත්තා. බ්රහ්මපාරිසජ්ජා පන පරිත්තෙන අභිනිබ්බත්තා, තෙසං කප්පස්ස තතියො භාගො ආයුප්පමාණං. බ්රහ්මපුරොහිතා මජ්ඣිමෙන, තෙසං උපඩ්ඪකප්පො ආයුප්පමාණං, කායො ච තෙසං විප්ඵාරිකතරො හොති. මහාබ්රහ්මානො පණීතෙන, තෙසං කප්පො ආයුප්පමාණං, කායො ච පන තෙසං අතිවිප්ඵාරිකොව හොති. ඉති තෙ කායස්ස නානත්තා පඨමජ්ඣානවසෙන සඤ්ඤාය එකත්තා නානත්තකායා එකත්තසඤ්ඤිනොති වෙදිතබ්බා.
බ්රහ්මකායිකා යනු බ්‍රහ්මපාරිසජ්ජ බ්‍රහ්මපුරෝහිත මහාබ්රහ්මයෝයි, පඨමාභිනිබ්බත්තා ඒ සියල්ලෝම ප්‍රථම ධ්‍යානයෙන් උපන්නෝය. බ්‍රහ්මපාරිසජ්ජ බ්‍රහ්මයෝ වනාහි පරිත්ත ධ්යානයෙනි. ඔවුනට කල්පයෙන් තුනෙන් කොටසක් ආයුෂ ප්‍රමාණය වෙයි. බ්රහ්මපුරෝහිතයෝ මධ්‍යම ධ්යානයෙනි, ඔවුනට කල්පයෙන් භාගයක් ආයුෂ ප්‍රමාණය වෙයි. ඔවුන්ගේ ශරීරය ද බැබළීම වැඩිවූයේ වෙයි. මහා බ්‍රහ්මයෝ ප්‍රණීත ධ්යානයෙනි, ඔවුනට කල්පයක් ආයුෂ ප්‍රමාණය වෙයි. ඔවුන්ගේ ශරීරය ද අතිශයින් බබළන්නේ වෙයි. මෙසේ ඔවුහු කයෙන් වෙනස් වන බැවින් ප්‍රථම ධ්‍යාන වශයෙන් හා සංඥාවෙන් එකත්ව වන බැවින් නානත්තකායා එකත්තසඤ්ඤිනොයි දතයුතුය.
යථා ච තෙ, එවං චතූසු අපායෙසු සත්තා. නිරයෙසු හි කෙසඤ්චි ගාවුතං, කෙසඤ්චි අඩ්ඪයොජනං, කෙසඤ්චි යොජනං අත්තභාවො හොති, දෙවදත්තස්ස පන යොජනසතිකො ජාතො. තිරච්ඡානෙසුපි කෙචි ඛුද්දකා, කෙචි මහන්තා. පෙත්තිවිසයෙසුපි කෙචි සට්ඨිහත්ථා, කෙචි අසීතිහත්ථා හොන්ති, කෙචි සුවණ්ණා, කෙචි දුබ්බණ්ණා. තථා කාලකඤ්චිකා අසුරා. අපිචෙත්ථ දීඝපිට්ඨිකපෙතා නාම සට්ඨියොජනිකාපි හොන්ති. සඤ්ඤා පන සබ්බෙසම්පි අකුසලවිපාකාහෙතුකාව හොති. ඉති ආපායිකාපි නානත්තකායා එකත්තසඤ්ඤිනොත්වෙව සඞ්ඛ්‍යං ගච්ඡන්ති.
ඔවුහු යම්සේ ද සතර අපායයන්හි සත්ත්වයෝ ද එසේයි. නිරයෙහි කිසිවකුගේ සිරුර ගව්වකි. කිසිවකුගේ අඩ යොදුනකි. කිසිවකුගේ යොදුනක් ආත්මභාවය වෙයි, දෙවදත්තගේ ආත්මභාවය යොදුන් සියයක් වූයේය. තිරිසනුන් අතුරෙහි ද කිසිවෙක් කුඩා වෙත්. කිසිවෙක් මහත් වෙත්, ප්‍රෙත භවයෙහි කිසිවෙක් රියන් හැටකි. කිසිවෙක් රියන් අසූවකි. කිසිවෙක් රන්වන්ය. කිසිවෙක් දුර්වර්ණය. කාළකකුජක අසුරයෝ ද එසේමය. මෙහි ද දිගුපිට ඇති ප්‍රේතයෝ නම් සැටයොදුන් වූවෝ ද වෙත්. සියල්ලන්ගේම සංඥාව වනාහි අකුසල විපාක අහේතුක වූයේම වෙයි. මෙසේ අපාගත සත්ත්වයෝ ද නානත්තකායා එකත්තසඤ්ඤිනො යනුවෙන් සැලකීමට යති.
ආභස්සරාති දණ්ඩඋක්කාය අච්චි විය එතෙසං සරීරතො ආභා ඡිජ්ජිත්වා ඡිජ්ජිත්වා පතන්තී විය සරති විස්සරතීති ආභස්සරා. තෙසු පඤ්චකනයෙ දුතියතතියජ්ඣානද්වයං පරිත්තං භාවෙත්වා උපපන්නා පරිත්තාභා නාම හොන්ති, තෙසං ද්වෙ කප්පා ආයුප්පමාණං. මජ්ඣිමං භාවෙත්වා උපපන්නා අප්පමාණාභා නාම හොන්ති, තෙසං චත්තාරො කප්පා ආයුප්පමාණං. පණීතං භාවෙත්වා උපපන්නා ආභස්සරා නාම හොන්ති, තෙසං අට්ඨ කප්පා ආයුප්පමාණං. ඉධ පන උක්කට්ඨපරිච්ඡෙදවසෙන සබ්බෙව තෙ ගහිතා. සබ්බෙසඤ්හි තෙසං කායො එකවිප්ඵාරොව හොති, සඤ්ඤා පන අවිතක්කවිචාරමත්තා වා අවිතක්කඅවිචාරා වාති නානා.
ආභස්සරා යනු දඬුහුලක ගිනිදැල්ල මෙන් මොවුන්ගේ සිරුරෙන් ආලෝකය සිඳී සිඳී වැටෙන්නාක් මෙන් හැසිරෙයි පැතිරෙයිනුයි ආභස්සරා නමි. ඔවුනතුරෙහි පඤ්චක ක්රමයෙහි දෙවැනි තෙවැනි ධ්‍යාන දෙක පරිත්ත වශයෙන් වඩා උපන්නාහු පරිත්තාභානම් වෙත්, ඔවුන්ගේ ආයුෂ ප්‍රමාණය කල්ප දෙකකි. මධ්‍යම වශයෙන් වඩා උපන්නාහු අප්පමාණාහා නම් වෙති. ඔවුන්ගේ ආයුෂ ප්‍රමාණය කල්ප සතරකි. ප්‍රණීත වශයෙන් වඩා උපන්නාහු ආභස්සරා නම් වෙති. ඔවුන්ගේ ආයුෂ ප්‍රමාණය කල්ප අටකි. මෙහි වනාහි උත්කෘෂ්ට පරිච්ඡෙදයෙන් (උපරිමයෙන්) ඒ සියල්ලෝම ගන්නා ලදහ. ඒ සියල්ලන්ගේම ශරීරය එක් බැබළීමක්ම වෙයි. සංඥාව වනාහි අවිතක්ක විචාර පමණින් හෝ අවිතක්ක අවිචාර වශයෙන් හෝයි වෙනස්ය.
සුභකිණ්හාති සුභෙන වොකිණ්ණා විකිණ්ණා, සුභෙන සරීරප්පභාවණ්ණෙන එකග්ඝනාති අත්ථො. එතෙසඤ්හි න ආභස්සරානං විය ඡිජ්ජිත්වා ඡිජ්ජිත්වා පභා ගච්ඡති. පඤ්චකනයෙ පන පරිත්තමජ්ඣිමපණීතස්ස චතුත්ථජ්ඣානස්ස වසෙන සොළසබාත්තිංසචතුස්සට්ඨිකප්පායුකා පරිත්තඅප්පමාණසුභකිණ්හා නාම හුත්වා නිබ්බත්තන්ති. ඉති සබ්බෙපි තෙ එකත්තකායා චෙව චතුත්ථජ්ඣානසඤ්ඤාය එකත්තසඤ්ඤිනො චාති වෙදිතබ්බා. වෙහප්ඵලාපි චතුත්ථවිඤ්ඤාණට්ඨිතිමෙව භජන්ති. අසඤ්ඤසත්තා විඤ්ඤාණාභාවා එත්ථ සඞ්ගහං න ගච්ඡන්ති, සත්තාවාසෙසු ගච්ඡන්ති.
සුභකිණ්හා යනු යහපතින් ගැවසීගත්, විසුරුණුයි, යහපත් සිරුරු පැහැයෙන් එකතුව සිටි යන අරුත්ය. මොවුන්ගේ වනාහි ආභස්සර බ්‍රහ්මයන්ගේ මෙන් ප්‍රභාව සිඳිසිඳී නොයයි. පඤ්චක ක්රමයෙහි පරිත්ත මධ්‍යම ප්‍රණීත චතුර්ථ ධ්‍යානයාගේ වශයෙන් සොළොස් දෙතිස් සිවුසැට කල්ප ආයුෂ ඇත්තෝ පරිත්ත අප්පමාණ සුභකිණ්හ නම් වී උපදිති. මෙසේ ඒ සියල්ලෝම එකත්තකාය වූවාහුම චතුර්ථධ්යාන සංඥාවෙන් එකත්තසඤ්ඤී වූවාහු ද වෙතියි දතයුතුය. වෙහප්ඵල බ්‍රහ්මයෝ ද චතුර්ථධ්යාන විඥානස්ථිතියම ඇසුරු කරති. අසංඥ සත්ත්වයෝ විඥානය නොමැති බැවින් මෙහි ඇතුළත් නොවෙත්. සත්වාවාසයන්හි යති.
සුද්ධාවාසා විවට්ටපක්ඛෙ ඨිතා න සබ්බකාලිකා, කප්පසතසහස්සම්පි අසඞ්ඛෙය්යම්පි බුද්ධසුඤ්ඤෙ ලොකෙ න උප්පජ්ජන්ති. සොළසකප්පසහස්සඅබ්භන්තරෙ බුද්ධෙසු උප්පන්නෙසුයෙව උප්පජ්ජන්ති. ධම්මචක්කප්පවත්තිස්ස භගවතො ඛන්ධාවාරට්ඨානසදිසා හොන්ති. තස්මා නෙව විඤ්ඤාණට්ඨිතිං න සත්තාවාසං භජන්ති. මහාසීවත්ථෙරො පන “න ඛො පන සො, සාරිපුත්ත, ආවාසො සුලභරූපො, යො මයා අනාවුත්ථපුබ්බො ඉමිනා දීඝෙන අද්ධුනා අඤ්ඤත්ර සුද්ධාවාසෙහි දෙවෙහී”ති (ම· නි· 1.160) ඉමිනා සුත්තෙන සුද්ධාවාසාපි චතුත්ථවිඤ්ඤාණට්ඨිතිං චතුත්ථසත්තාවාසඤ්ච භජන්තීති වදති, තං අප්පතිබාහියත්තා සුත්තස්ස අනුඤ්ඤාතං.
සුද්ධාවාස බ්‍රහ්මයෝ ආරෝහන පක්ෂයෙහි සිටියාහු සර්වකාලීක වූවෝ නොවෙත් කල්ප ලක්ෂයකුදු අසංඛ්යයකුදු බුද්ධ ශුන්‍ය ලෝකයෙහි නොඋපදිත්. සොළොස් දහසක් කල්ප ඇතුළත බුදුවරුන් පහළ වූ කල්හිම උපදිත්. දම්සක් පැවතුම් ඇති භාග්‍යවතුන් වහන්සේට කඳවුරු සමානවූවෝ වෙත්. විඥානස්ථිතිය ද සත්‍වාවාසය ද ඇසුරු නොකරති. මහාසීව තෙරණුවෝ වනාහි “න ඛො පන සො සත්තාවාසො සුලභරූපො යො මයා අනාවුත්ථපුබ්බො ඉමිනා දීඝෙන අද්ධුනා අඤ්ඤත්ර සුද්ධාවසෙහි දෙවෙහි” යන මේ සූත්‍රයෙන් සුද්ධාවාසිකයෝ ද චතුර්ථ විඥානස්ථිතිය චතුර්ථ සත්‍වාවාසය ඇසුරු කරතැයි කියති. එය නොවැළකිය හැකි බැවින් සූත්‍රයට අනුගතය.
නෙවසඤ්ඤානාසඤ්ඤායතනං යථෙව සඤ්ඤාය, එවං විඤ්ඤාණස්සාපි සුඛුමත්තා නෙව විඤ්ඤාණං නාවිඤ්ඤාණං. තස්මා විඤ්ඤාණට්ඨිතීසු න වුත්තං. දුතියෙ සමාධිපරික්ඛාරාති මග්ගසමාධිස්ස සම්භාරා.
නෙවසඤ්ඤා නාසඤ්ඤායතනය සංඥාව යම්සේ ද විඥානය ද එසේ සියුම් බැවින් විඥානය ඇත්තේත් විඥානය නැත්තේත් නොවෙයි. එහෙයින් විඥාන ස්ථිතීන් අතුරෙහි නොකියන ලදි. දෙවැන්නෙහි සමාධිපරික්ඛාරා යනු මාර්ග සමාධියේ අඩු වැඩියයි, (අවශ්‍යදේයි),
3. පඨම අග්ගි සුත්තවණ්ණනා
3. අග්ගි සූත්‍ර වර්ණනාව
තතියෙ සබ්බෙපි රාගාදයො අනුඩහනට්ඨෙන අග්ගී. ආහුනෙය්යග්ගීතිආදීසු පනෙත්ථ ආහුනං වුච්චති සක්කාරො, ආහුනං අරහන්තීති ආහුනෙය්යා. මාතාපිතරො හි පුත්තානං බහුපකාරත්තා ආහුනං අරහන්ති, තෙසු විප්පටිපජ්ජමානා පුත්තා නිරයාදීසු නිබ්බත්තන්ති. තස්මා කිඤ්චාපි මාතාපිතරො න අනුඩහන්ති, අනුඩහනස්ස පන පච්චයා හොන්ති. ඉති අනුඩහනට්ඨෙනෙව ආහුනෙය්යග්ගීති වුච්චන්ති. ගහපතීති පන ගෙහසාමිකො වුච්චති, සො මාතුගාමස්ස සයනවත්ථාලඞ්කාරාදිඅනුප්පදානෙන බහුපකාරො. තං අතිචරන්තො මාතුගාමො නිරයාදීසු නිබ්බත්තති. තස්මා සොපි පුරිමනයෙනෙව අනුඩහනට්ඨෙන ගහපතග්ගීති වුත්තො. දක්ඛිණෙය්යග්ගීති එත්ථ පන දක්ඛිණාති චත්තාරො පච්චයා, භික්ඛුසඞ්ඝො දක්ඛිණෙය්යො. සො හි ගිහීනං තීසු සරණෙසු පඤ්චසු සීලෙසු දසසු සීලෙසු මාතාපිතුපට්ඨානෙ ධම්මිකසමණබ්රාහ්මණුපට්ඨානෙති එවමාදීසු කල්යාණධම්මෙසු නියොජනෙන බහුපකාරො. තස්මිං මිච්ඡාපටිපන්නා ගිහී භික්ඛුසඞ්ඝං අක්කොසිත්වා පරිභාසිත්වා නිරයාදීසු නිබ්බත්තන්ති. තස්මා සොපි පුරිමනයෙනෙව අනුඩහනට්ඨෙන දක්ඛිණෙය්යග්ගීති වුත්තො. කට්ඨතො නිබ්බත්තො පාකතිකොව අග්ගි කට්ඨග්ගි නාම.
තෙවැන්නෙහි සියලුම රාගාදීහු දැවීම් අරුතින් අග්ගි නමි, ආහුනෙය්යග්ගි යනාදියෙහි සත්කාරය ආහුනං යි කියනු ලැබේ. සත්කාරයට සුදුසුවේනුයි ආහුනෙය්යො නමි, මාපියෝ ද දරුවන්ට බොහෝ උපකාරවත් බැවින් සත්කාරයට සුදුසු වෙත්. ඔවුන් කෙරෙහි මනාව නොපිළිපදින දරුවෝ අපායාදියෙහි උපදිත්, එහෙයින් මවුපියෝ කිසිලෙසකින් නොදවති. දැවීමට හේතුකාරක වෙති. මෙසේ දැවීම් ඇතිකරවන අරුතින්ම ආහුනෙය්යග්ගියි කියනු ලැබේ. හෙතෙම මාගම (බිරිඳ) ට යහන් ඇඳුම් අබරණ ආදිය දීමෙන් බොහෝ උපකාර ඇත්තේය. ඔහු ඉක්මවන මාගම නිරායාදියෙහි උපදියි. එහෙයින් හෙතෙමේ ද මුල් ක්‍රමයෙන්ම දැවීම් ඇතිකරන අරුතින් ගහපතග්ගි යි කියන ලදි. දක්ඛිණෙය්යග්ගි යනු මෙහි වනාහි සිවුපසය දක්ඛිණා නමි. භික්ෂු සංඝයා දක්ෂිණාවට සුදුස්සෝ වෙති. එම භික්ෂු සංඝයා ගිහීන්ට තිසරණයෙහි පන්සිල්හි දසසිල්හි මාපිය උවටැනෙහි දැහැමි මහණබමුණන් උවටැනෙහි යන මේ ආදී යහපත් දහම්හි යෙදවීමෙන් බොහෝ උපකාරවත්ය. ඒ භික්ෂු සංඝයා කෙරෙහි වැරදි ලෙස පිළිපන් ගිහියෝ භික්ෂු සංඝයාට ආක්‍රෝෂ පරිභව කොට නිරයාදීන්හි උපදිත්. එහෙයින් ඒ භික්ෂු සංඝයා ද මුල් ක්‍රමයෙන්ම දැවීම් ඇතිකරවන අරුතින් දක්ඛිණෙය්යග්ගියි කියනු ලැබේ. දඬුවෙන් උපන් ස්වාභාවික ගින්න කට්ඨග්ගි නමි.
4. මහායඤ්ඤ සුත්තවණ්ණනා
4. මහායඤ්ඤ සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ උග්ගතසරීරස්සාති සො කිර බ්රාහ්මණමහාසාලො අත්තභාවෙනපි භොගෙහිපි උග්ගතො සාරප්පත්තො අහොසි, තස්මා උග්ගතසරීරොත්වෙව පඤ්ඤායිත්ථ. උපක්ඛටොති පච්චුපට්ඨිතො. ථූණූපනීතානීති යූපසඞ්ඛාතං ථූණං උපනීතානි. යඤ්ඤත්ථායාති වධිත්වා යජනත්ථාය. උපසඞ්කමීති සො කිර සබ්බං තං යඤ්ඤසම්භාරං සජ්ජෙත්වා චින්තෙසි – “සමණො කිර ගොතමො මහාපඤ්ඤො, කිං නු ඛො මෙ යඤ්ඤස්ස වණ්ණං කථෙස්සති උදාහු අවණ්ණං, පුච්ඡිත්වා ජානිස්සාමී”ති ඉමිනා කාරණෙන යෙන භගවා තෙනුපසඞ්කමි. අග්ගිස්ස ආදානන්ති යඤ්ඤයජනත්ථාය නවස්ස මඞ්ගලග්ගිනො ආදියනං. සබ්බෙන සබ්බන්ති සබ්බෙන සුතෙන සබ්බං සුතං සමෙති සංසන්දති, එකසදිසං හොතීති දස්සෙති. සත්ථානීති විහිංසනට්ඨෙන සත්ථානි වියාති සත්ථානි. සයං පඨමං සමාරම්භතීති අත්තනාව පඨමතරං ආරභති. හන්තුන්ති හනිතුං.
සිවුවැන්නෙහි උග්ගතසරීරස්ස යනු හෙතෙම බ්‍රාහ්මණ මහා සාලයෙකි. සිරුරෙන් ද භොගයන්ගෙන් ද උස්වූයේ සරුබවට පැමිණියේ විය. එබැවින් උග්ගතසරීරයයි ප්‍රකට විය. උපකට්ඨො යනු එළඹ සිටියේයි, ථූණුපනිතානි යනු යූප නමින් දන්නා ලද යාග කණුව වෙත පමුණුවන ලද්දාවූයි, යඤ්ඤත්ථාය යනු ඝාතනය කොට යදිනු සඳහායි, උපසඞ්කමි යනු හෙතෙම සියලු යාග භාණ්ඩ පිළියෙළ කොට “ශ්‍රමණ භවත් ගෞතමයෝ මහ පැනවතෙකි මගේ යාගයේ ගුණ කියත්ද නැතහොත් අගුණ කියත්දැයි අසා දැනගන්නෙම්” යන මෙකරුණින් භාග්‍යවතුන් වහන්සේ යම්තැනකද එතැනට එළඹියේය. අග්ගිස්සාදානං යනු යාගය යදිනු සඳහා නවවැදෑරුම් මංගල ගිනිගැනීමයි, සබ්බෙන සබ්බං යනු ඇසූ සියලු දෙයින් ඇසූ සියල්ලයි, සමෙති යනු ගැලපෙයි, එක්වැනි වේයයි දක්වයි, සත්ථානි යනු වෙහෙසන අරුතින් ශස්ත්‍රයන් මෙනැයි ශස්ත්රයෝයි, සයං පඨමං සමාරම්හති යනු තමා පළමුව උත්සාහ කරයි, හන්තුං යනු නැසීමටයි,
පහාතබ්බාති පරිහරිතබ්බා. අතොහයන්ති අතො හි මාතාපිතිතො අයං. ආහුතොති ආගතො. සම්භූතොති උප්පන්නො. අයං වුච්චති, බ්‍රාහ්මණ, ගහපතග්ගීති අයං පුත්තදාරාදිගණො යස්මා, ගහපති, විය ගෙහසාමිකො විය හුත්වා අග්ගති විචරති, තස්මා ගහපතග්ගීති වුච්චති. අත්තානන්ති චිත්තං. දමෙන්තීති ඉන්ද්රියදමනෙන දමෙන්ති. සමෙන්තීති රාගාදිසමනෙන සමෙන්ති. තෙසඤ්ඤෙව පරිනිබ්බාපනෙන පරිනිබ්බාපෙන්ති. නික්ඛිපිතබ්බොති යථා න විනස්සති, එවං ඨපෙතබ්බො. උපවායතන්ති උපවායතු. එවඤ්ච පන වත්වා බ්රාහ්මණො සබ්බෙසම්පි තෙසං පාණානං ජීවිතං දත්වා යඤ්ඤසාලං විද්ධංසෙත්වා සත්ථු සාසනෙ ඔපානභූතො අහොසීති.
පරිහාතබ්බා යනු ඉවත්කළ යුතුයි, අතො භයං යනු මාපියන්ගෙන් මෙය යනුයි, ආහුතො යනු ආයේයි, සම්භුතො යනු උපන්නේයි, අයං වුච්චති බ්රාහ්මණො ගහපතග්ගි යනු මේ අඹුදරු ආදී සමූහයා යම්හෙයකින් ගැහැවියකු මෙන් ගෙහිමියකු මෙන් වී හැසිරෙයි ද එහෙයින් ගහපතග්ගියි කියනු ලැබේ. අත්තානං යනු සිතයි, දමෙන්ති යනු ඉන්ද්රිය දමනයෙන් දමනය කරයි, රාගාදිය සමනය කිරීමෙන් සමෙන්ති නමි. ඒවායේම නිවීමෙන් පරිනිබ්බාපෙන්ති නමි, තික්ඛිපිතබ්බො යනු යම්සේ නොවැනසේද එසේ තැබිය යුතුයි. උපවායතං යනු හැමේවායි, මෙසේ ද කියා බමුණා සියලුම ඒ ප්‍රාණීන්ට ජීවිතය දී යාගහල වනසා ශාස්තෲ ශාසනයෙහි සැමට වැඩ ඇත්තෙක් (ලිඳක් වූයේ) විය.
5-6. සඞ්ඛිත්තසත්තසඤ්ඤා සුත්තාදිවණ්ණනා
5-6. සඞ්ඛිත්තසත්තසඤ්ඤා ආදි සූත්‍ර වර්ණනා
පඤ්චමෙ අමතොගධාති නිබ්බානපතිට්ඨා. අමතපරියොසානාති නිබ්බානාවසානා. ඡට්ඨෙ මෙථුනධම්මසමාපත්තියාති මෙථුනධම්මෙන සමඞ්ගිභාවතො. න්හාරුදද්දුලන්ති න්හාරුඛණ්ඩං න්හාරුවිලෙඛනං වා. අනුසන්දතීති පවත්තති. නත්ථි මෙ පුබ්බෙනාපරං විසෙසොති නත්ථි මය්හං පුබ්බෙන අභාවිතකාලෙන සද්ධිං අපරං භාවිතකාලෙ විසෙසො. ලොකචිත්රෙසූති තිධාතුකලොකසන්නිවාසසඞ්ඛාතෙසු ලොකචිත්‍රෙසු. ආලස්යෙති ආලසියභාවෙ. විස්සට්ඨියෙති විස්සට්ඨභාවෙ. අනනුයොගෙති යොගස්ස අනනුයුඤ්ජනෙ. අහඞ්කාරමමඞ්කාරමානාපගතන්ති අහඞ්කාරදිට්ඨිතො ච මමඞ්කාරතණ්හාතො ච නවවිධමානතො ච අපගතං. විධාසමතික්කන්තන්ති තිස්සො විධා අතික්කන්තං. සන්තන්ති තප්පච්චනීකකිලෙසෙහි සන්තං. සුවිමුත්තන්ති පඤ්චහි විමුත්තීහි සුට්ඨු විමුත්තං.
පස්වැන්නෙහි අමතොගධා යනු නිවන ප්‍රතිෂ්ඨාව කොට ඇත්තේයි. අමතපරියොසානා යනු නිවන අවසන්කොට ඇත්තේයි, සවැන්නෙහි මෙථුනධම්මසමාපත්තියා යනු මෙවුන්දමින් යුක්තවීමෙනි නහාරුද්දුලං යනු නහරකඩක් හෝ නහර කැබැල්ලක් යනුයි, අනුසන්දති යනු පවතියි, නත්ථි මෙ පුබ්බෙනාපරං විසෙසො යනු මගේ පෙර නොවැඩු කාලය සමඟ අන්‍ය වූ වැඩූකාලයෙහි වෙසෙසක් නැත. ලොකචිත්තෙසු යනු ත්‍රෛධාතුක ලෝකයෙහි වාසය කිරීම් සංඛ්‍යාත ලොව පිළිබඳ සිත්වලයි, ආලස්සෙ යනු අලස බහියි, විස්සට්ඨියෙ යනු විසිරුණු බවෙහියි, අනනුයොගෙ යනු යෝගයෙහි (බවුන් වැඩීමෙහි) නොයෙදීමෙහියි, අහිංකාරමමිංකාරමානාපගතං යනු අහංකාර දෘෂ්ටියෙන් ද මමංකාර තෘෂ්ණාවෙන් ද නවවැදෑරුම් මානයෙන් ද දුරුවූයේයි. විධාසමතික්කන්තං යනු ත්රිවිධගර්වය ඉක්මවූයි, සන්තං යනු ඊට විරුද්ධ වූ කෙලෙසුන්ගෙන් ශාන්තවූයි, සුවිමුත්තං යනු පඤ්ච විමුක්තීන්ගෙන් මනාව මිඳුනාවූයි,
7. මෙථුන සුත්තවණ්ණනා
7. සත්තමෙථුන සූත්‍ර වර්ණනාව
සත්තමෙ උපසඞ්කමීති භුත්තපාතරාසො දාසකම්මකරපරිවුතො උපසඞ්කමි. භවම්පිනොති භවම්පි නු. බ්‍රහ්මචාරී පටිජානාතීති “අහං බ්‍රහ්මචාරී”ති එවං බ්රහ්මචරියවාසං පටිජානාතීති පුච්ඡති. එවං කිරස්ස අහොසි – “බ්රාහ්මණසමයෙ වෙදං උග්ගණ්හන්තා අට්ඨචත්තාලීස වස්සානි බ්රහ්මචරියං චරන්ති. සමණො පන ගොතමො අගාරං අජ්ඣාවසන්තො තීසු පාසාදෙසු තිවිධනාටකරතියා අභිරමි, ඉදානි කිං නු ඛො වක්ඛතී”ති ඉමමත්ථං සන්ධායෙවං පුච්ඡති. තතො භගවා මන්තෙන කණ්හසප්පං ගණ්හන්තො විය අමිත්තං ගීවාය පාදෙන අක්කමන්තො විය අත්තනො සංකිලෙසකාලෙ ඡබ්බස්සානි පධානචරියාය රජ්ජසුඛං වා පාසාදෙසු නාටකසම්පත්තිං වා ආරබ්භ විතක්කමත්තස්සාපි අනුප්පන්නභාවං සන්ධාය සීහනාදං නදන්තො යඤ්හි තං බ්රාහ්මණාතිආදිමාහ. තත්ථ ද්වයංද්වයසමාපත්තින්ති ද්වීහි ද්වීහි සමාපජ්ජිතබ්බභාවං. දුක්ඛස්මාති සකලවට්ටදුක්ඛතො. සඤ්ජග්ඝතීති හසිතකථං කථෙති. සංකීළතීති කෙළිං කරොති. සංකෙළායතීති මහාහසිතං හසති. චක්ඛුනා චක්ඛුන්ති අත්තනො චක්ඛුනා තස්සා චක්ඛුං පටිවිජ්ඣිත්වා උපනිජ්ඣායති. තිරොකුට්ටං වා තිරොපාකාරං වාති පරකුට්ටෙ වා පරපාකාරෙ වා. දෙවොති එකො දෙවරාජා. දෙවඤ්ඤතරොති අඤ්ඤතරො දෙවපුත්තො. අනුත්තරං සම්මාසම්බොධින්ති අරහත්තඤ්චෙව සබ්බඤ්ඤුතඤ්ඤාණඤ්ච.
සත්වැන්නෙහි උපසඞ්කමි යනු වැළඳූ උදා ආහාර ඇත්තේ දස්කම්කරුවන් පිරිවරන ලද්දේ එළඹියේය. භවම්පි නො යනු පින්වතුන් වහන්සේ නොවේද? බ්‍රහ්මචාරි පටිජානාති යනු මම බ්රහ්මචාරියෙක්මැයි මෙසේ බඹසර වැසීම පිළිණ කරයිදැයි විමසයි. ඔහුට මෙසේ අදහසක් විය. “බමුණු දහමෙහි වේදය උගන්නෝ අටසාළිසක් හවුරුදු බඹසර හැසිරෙත්. ශ්‍රමණභවත් ගෞතමයෝ ගිහිගෙහි වසන්නෝ තුන් පහයන්හි තෙවැදෑරුම් නාට්‍ය රතියෙන් සතුටුවූහ. දැන් කුමක් කියන්නහුද?” යන මේ කරුණ සඳහාම අසයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මන්ත්‍රයකින් නයකු ගන්නා සේ සතුරකු ගෙලෙන් පයෙන් මඬින්නා සේ තමන්ගේ කෙලෙසුන් ඇති කල්හි ද සාවුරුද්දක් භාවනාවෙහි හැසිරීමේ දී රජසැපක් හෝ පහයන්හි නිළි සැපත හෝ අරභයා විතර්ක මාත්‍රයකුදු නූපන්බව සඳහා සිංහ නාදය පවත්වන සේක් “යං හි තං බ්‍රාහ්මණ” යනාදිය වදාළ සේක. එහි ද්වයං ද්වයසමාපත්තිං යනු දෙකින් දෙකින් සමවැදිය යුතු බවයි. දුක්ඛස්මා යනු සියලු සසර දුකෙනි, සඤ්ජග්ඝති යනු සිනහ කථා කියයි, සංකීළති යනු ක්‍රීඩා කරයි, සංකෙළායති යනු මහත් වූ සිනහසෙයි, චක්ඛුනා චක්ඛුං යනු තමාගේ ඇසින් ඇයගේ ඇස මනාව දැන මෙනෙහි කරයි, තිරොකුඩ්ඩං වා තිරොපාකාරං වා යනු බිත්තියෙන් එපිට හෝ පවුරෙන් එපිටයි. දෙවො යනු එක් දිව්යරාජයෙකි, දෙවඤ්ඤතරො යනු එක්තරා දිව්‍ය පුත්‍රයෙකි, අනුත්තරං සම්මාසම්බොධිං යනු අරහත්වය මෙන්ම සර්වඥතා ඥානය ද වේ.
8. සංයොගවිසංයොග ධම්මපරියාය සුත්තවණ්ණනා
8. සංයොගවිසංයොග ධම්මපරියාය සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ සංයොගවිසංයොගන්ති සංයොගවිසංයොගසාධකං. ධම්මපරියායන්ති ධම්මකාරණං. අජ්ඣත්තං ඉත්ථින්ද්රියන්ති නියකජ්ඣත්තෙ ඉත්ථිභාවං. ඉත්ථිකුත්තන්ති ඉත්ථිකිරියං. ඉත්ථාකප්පන්ති නිවාසනපාරුපනාදිඉත්ථිආකප්පං. ඉත්ථිවිධන්ති ඉත්ථියා මානවිධං. ඉත්ථිඡන්දන්ති ඉත්ථියා අජ්ඣාසයච්ඡන්දං. ඉත්ථිස්සරන්ති ඉත්ථිසද්දං. ඉත්ථාලඞ්කාරන්ති ඉත්ථියා පසාධනභණ්ඩං. පුරිසින්ද්රියාදීසුපි එසෙව නයො. බහිද්ධා සංයොගන්ති පුරිසෙන සද්ධිං සමාගමං. අතිවත්තතීති අනභිරතාති එවං වුත්තාය බලවවිපස්සනාය අරියමග්ගං පත්වා අතිවත්තති. ඉමස්මිං සුත්තෙ වට්ටවිවට්ටං කථිතං.
අටවැන්නෙහි සංයොගවිසංයොගං යනු එක්විම හා වෙන්වීම ඇති කරන්නාවූයි, ධම්මපරියායං යනු ධර්මකාරණයයි, අජ්ඣත්තං ඉත්ථින්ද්රියං යනු ස්වකීය ආධ්‍යාත්මික වූ ස්ත්රීභාවයයි, ඉත්ථිකුත්තං යනු ස්ත්‍රී ක්‍රියාවයි. ඉත්ථාකප්පං යනු හැඟීම් පෙරවීම් ආදී ස්ත්‍රී ආකල්පයයි, ඉත්ථිවිධං යනු ස්ත්‍රියගේ මානවිධියයි. ඉත්ථිඡන්දං යනු ස්ත්‍රියගේ අදහස් කැමැත්තයි, ඉත්ථිස්සරං යනු ස්ත්‍රියගේ හඬයි. ඉත්ථාලංකාරං යනු ස්ත්‍රියගේ පළඳනා බඩුයි, පුරිසින්ද්රියාදීන්හි ද මේ ක්‍රමයමැයි, බහිද්ධාසංයොගං යනු පිරිමියකු සමඟ එක්වීමයි, අතිවත්තති යනු ඇල්මක් නැතැයි මෙසේ කියන ලද බලවත් විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පැමිණ ඉක්මවා පවතියි. මේ සූත්‍රයෙහි සසර හා නිවන කියන ලදි.
9. දානමහප්ඵල සුත්තවණ්ණනා
9. දානමහප්ඵල සූත්‍ර වර්ණනාව
නවමෙ සාපෙඛොති සතණ්හො. පටිබද්ධචිත්තොති විපාකෙ බද්ධචිත්තො. සන්නිධිපෙඛොති නිධානපෙඛො හුත්වා. පෙච්චාති පරලොකං ගන්ත්වා. තං කම්මං ඛෙපෙත්වාති තං කම්මවිපාකං ඛෙපෙත්වා. ඉද්ධින්ති විපාකිද්ධිං. යසන්ති පරිවාරසම්පදං. ආධිපච්චන්ති ජෙට්ඨභාවකාරණං. ආගන්තා ඉත්ථත්තන්ති ඉත්ථභාවං ඉමෙ පඤ්චක්ඛන්ධෙ පුන ආගන්තා, න තත්රූපපත්තිකො න උපරූපපත්තිකො, හෙට්ඨාගාමීයෙව හොතීති අත්ථො. සාහු දානන්ති දානං නාමෙතං සාධු භද්දකං සුන්දරං. තානි මහායඤ්ඤානීති තානි සප්පිනවනීතදධිමධුඵාණිතාදීහි නිට්ඨානං ගතානි මහාදානානි. චිත්තාලඞ්කාරචිත්තපරික්ඛාරන්ති සමථවිපස්සනාචිත්තස්ස අලඞ්කාරභූතඤ්චෙව පරිවාරභූතඤ්ච. බ්රහ්මකායිකානං දෙවානං සහබ්යතන්ති න සක්කා තත්ථ දානෙන උපපජ්ජිතුං. යස්මා පන තං සමථවිපස්සනාචිත්තස්ස අලඞ්කාරභූතං, තස්මා තෙන දානාලඞ්කතෙන චිත්තෙන ඣානඤ්චෙව අරියමග්ගඤ්ච නිබ්බත්තෙත්වා ඣානෙන තත්ථ උපපජ්ජති. අනාගාමී හොතීති ඣානානාගාමී නාම හොති. අනාගන්තා ඉත්ථත්තන්ති පුන ඉත්ථභාවං න ආගන්තා, උපරූපපත්තිකො වා තත්රූපපත්තිකො වා හුත්වා තත්ථෙව පරිනිබ්බායති. ඉති ඉමෙසු දානෙසු පඨමං තණ්හුත්තරියදානං, දුතියං චිත්තීකාරදානං, තතියං හිරොත්තප්පදානං, චතුත්ථං නිරවසෙසදානං, පඤ්චමං දක්ඛිණෙය්යදානං, ඡට්ඨං සොමනස්සුපවිචාරදානං, සත්තමං අලඞ්කාරපරිවාරදානං නාමාති.
නවවැන්නෙහි සාපෙඛො යනු තෘෂ්ණා සහිත වූයේයි, පටිබද්ධවිත්තො යනු විපාකයෙහි බැඳුණු සිතැත්තේයි, සන්නිධිපෙඛො යනු නිධාන අපේක්ෂා ඇත්තේම වීයි, පෙච්ච යනු පරලොවට ගොස් ද යනුයි, තං කම්මං ඛෙපෙත්වා යනු එම කර්ම විපාකය ගෙවායි, ඉද්ධිං යනු විපාක ඍද්ධියයි, යසං යන පිරිවර සම්පත්තියයි, ආධිපච්චං යනු දෙටුබවට හේතුවූයි, ආගන්තා ඉත්ථතතං යනු මේ පංචස්කන්ධයෙහි ස්ත්‍රී බවට යළි පැමිණෙන්නේයි, එහිම උපත ඇත්තේ ද, මතු මත්තෙහි උපත ඇත්තේ ද නොවේ යටට යන්නේම වේයයි අරුත්ය. සාහු දානං යනු දීම නම්වූ මෙය මනාව ලබන ලද්දකි, සොඳුරුය. තානි මහායඤ්ඤාති යනු ගින්නෙන් වෙඬරු දීකිරි, මීපැනි ආදියෙන් නිමාවට ගිය ඒ මහාදානයෝයි, චිත්තාලඞ්කාරං චිත්තපරික්ඛාරං යනු සමථ විදර්ශනා සිතට අලංකාර වූයේ හා පිරිවර වූයේයි, බ්රහ්මකායිකානං දෙවානං සහව්යතං යනු එහි දානයෙන් ඉපදීමට නොහැකිය. යම් හෙයකින් එය සමථ විදර්ශනා සිතට අලංකාර වූයේද එහෙයින් ඒ දානයෙන් අලංකාර කරන ලද සිතෙන් ධ්‍යානය ද ආර්යයමාර්ගය ද උපදවා ධ්‍යානයෙන් එහි උපදියි. අනාගාමී හොති යන ධ්යානානාගාමී නම් වෙයි, අනාගන්තා ඉත්ථත්තං යනු යළි ස්ත්‍රීභාවයට නොඑන්නේ මත්තෙහි උපදින්නේ හෝ එහි උපදින්නෙක් හෝ වී එහිම පිරිනිවෙයි. මෙසේ මේ දානයන්හි පළමුවැන්න තණ්හුත්තරිය දානය ද දෙවැන්න චිත්තීකාරදානය ද තෙවැන්න හිරොත්තප්ප දානය ද සිවුවැන්න නිරවසෙස දානය ද පස්වැන්න දක්ඛිණෙය්‍ය දානය ද සවැන්න සොමනස්සූපවිචාර දානය ද සත්වැන්න අලංකාරපරිවාර දානය ද නම් වේ.
10. නන්දමාතු සුත්තවණ්ණනා
10. නන්දමාතා සූත්‍ර වර්ණනාව
දසමං අත්ථුප්පත්තිවසෙන දෙසිතං. සත්ථා කිර වුත්ථවස්සො පවාරෙත්වා ද්වෙ අග්ගසාවකෙ ඔහාය “දක්ඛිණාගිරිං චාරිකං ගමිස්සාමී”ති නික්ඛමි, රාජා පසෙනදි කොසලො, අනාථපිණ්ඩිකො ගහපති, විසාඛා මහාඋපාසිකා, අඤ්ඤෙ ච බහුජනා දසබලං නිවත්තෙතුං නාසක්ඛිංසු. අනාථපිණ්ඩිකො ගහපති “සත්ථාරං නිවත්තෙතුං නාසක්ඛි”න්ති රහො චින්තයමානො නිසීදි. අථ නං පුණ්ණා නාම දාසී දිස්වා “කිං නු ඛො තෙ, සාමි, න පුබ්බෙ විය ඉන්ද්රියානි විප්පසන්නානී”ති පුච්ඡි. ආම, පුණ්ණෙ, සත්ථා චාරිකං පක්කන්තො, තමහං නිවත්තෙතුං නාසක්ඛිං. න ඛො පන සක්කා ජානිතුං පුන සීඝං ආගච්ඡෙය්ය වා න වා, තෙනාහං චින්තයමානො නිසින්නොති. සචාහං දසබලං නිවත්තෙය්යං, කිං මෙ කරෙය්යාසීති? භුජිස්සං තං කරිස්සාමීති. සා ගන්ත්වා සත්ථාරං වන්දිත්වා “නිවත්තථ, භන්තෙ”ති ආහ. මම නිවත්තනපච්චයා ත්වං කිං කරිස්සසීති? තුම්හෙ, භන්තෙ, මම පරාධීනභාවං ජානාථ, අඤ්ඤං කිඤ්චි කාතුං න සක්කොමි, සරණෙසු පන පතිට්ඨාය පඤ්ච සීලානි රක්ඛිස්සාමීති. සාධු සාධු පුණ්ණෙති, සත්ථා ධම්මගාරවෙන එකපදස්මිඤ්ඤෙව නිවත්ති. වුත්තඤ්හෙතං – “ධම්මගරු, භික්ඛවෙ, තථාගතො ධම්මගාරවො”ති (අ· නි· 5.99).
දසවැන්න අර්‍ත්‍ථොත්පත්ති (කරුණක් එළඹීම්) වශයෙන් දේශනා කරන ලදි. ශාස්තෲන් වහන්සේ වනාහි විසූවස් ඇති සේක් පවරා දෙඅගසවුවන් අතහැර දක්ෂිණාගිරියට චාරිකා කරන්නෙමැයි පිටත්වූ සේක. පසේනදි කොසොල් රජ, අනේපිඬු ගෘහපති, විශාඛා උවැසිය හා අන් බොහෝ දෙනා ද භාග්‍යවතුන් වහන්සේ නැවැත්වීමට අපොහොසත් වූහ. අනේපිඬු ගෘහපතිතුමා ශාස්තෲන් වහන්සේ නැවැත්වීමට නොහැකිවීමියි රහසින් (තනිව) සිතමින් හුන්නේය. ඉක්බිති පුන්නා නම්වූ දැස්ස ඔහු දැක “කිමෙක්ද ස්වාමීනි, පෙර මෙන් ඔබතුමාගේ ඉඳුරෝ පැහැපත් නොවන්නාහු මන්දැ”යි ඇසුවාය, “එසේය, පුණ්ණාවනි, ශාස්තෲන් වහන්සේ චාරිකාවෙහි වඩිනසේක් මම උන්වහන්සේ නැවැත්වීමට අපොහොසත් වීමි, යළි ඉක්මණින් ආපසු වඩින සේක්ද, නැත්දැයි දැනගැනීමට නොහැකිය. එහෙයින් මම සිතමින් හුන්නෙමියි” කීවේය. “ඉදින් මම දශබලයන් වහන්සේ නවත්වන්නෙම් නම් මට කුමක් කරන්නෙහිදැ”යි ඕ ඇසුවාය. “ඔබ නිදහස් වූවක කරන්නෙමි”. ඕතොමෝ ගොස් ශාස්තෲන් වැඳ ස්වාමීනි, නවතිනු මැනවැයි කීවාය. “මගේ නැවතීම හේතුවෙන් නුඹ කුමක් කරන්නෙහිදැ”යි ඇසූ සේක. “ස්වාමීනි නුඹවහන්සේ මගේ වහල්බව දන්නා සේක. අන්කිසිවක් කළ නොහැක්කෙමි. සරණයෙහි පිහිටා පන්සිල් රකින්නෙමි”යි ඕ කීවාය. මැනව, මැනව පුණ්ණාවෙනියි ශාස්තෲන් වහන්සේ ධර්ම ගෞරවයෙන් කියන ලද එක් වචනයකින්ම නැවතුණු සේක. “මහණෙනි තථාගත තෙමේ ධර්මය ගරුකොට ඇත්තේය, ධර්මගෞරවය ඇත්තේය”යි යන මෙය (එහෙයින්) කියන ලදි.
සත්ථා නිවත්තිත්වා ජෙතවනමහාවිහාරං පාවිසි. මහාජනො පුණ්ණාය සාධුකාරසහස්සානි අදාසි. සත්ථා තස්මිං සමාගමෙ ධම්මං දෙසෙසි, චතුරාසීතිපාණසහස්සානි අමතපානං පිවිංසු. පුණ්ණාපි සෙට්ඨිනා අනුඤ්ඤාතා භික්ඛුනිඋපස්සයං ගන්ත්වා පබ්බජි. සම්මාසම්බුද්ධො සාරිපුත්තමොග්ගල්ලානෙ ආමන්තෙත්වා “අහං යං දිසං චාරිකාය නික්ඛන්තො, තත්ථ න ගච්ඡාමි. තුම්හෙ තුම්හාකං පරිසාය සද්ධිං තං දිසං චාරිකං ගච්ඡථා”ති වත්වා උය්යොජෙසි. ඉමිස්සං අත්ථුප්පත්තියං එකං සමයං ආයස්මා සාරිපුත්තොතිආදි වුත්තං.
ශාස්තෲන් වහන්සේ නැවතී දෙව්රම් මහ වෙහෙරට වැඩිසේක. මහජනයා පුණ්ණාට දහස් ගණන් සාධුකාර දුන්නේය. ශාස්තෲන් වහන්සේ ඒ මහජන රැස්වීමෙහි දම්දෙසූ සේක. අසූසාර දහසක් ප්‍රාණීහු අමාපැන් බීවාහුය. පුණ්ණා ද (අනේපිඬු) සිටු විසින් අනුදන්නා ලද්දී භික්ෂුණි අසපුවකට ගොස් පැවිදි වූවාය. සම්බුදුන් වහන්සේ සැරියුත් මුගලන් දෙනම අමතා “මම යම් දෙසකට චාරිකාවෙහි නික්මුණෙම් එහි නොයමි. නුඹලා නුඹලාගේ පිරිස සමග එදෙසට චාරිකාවෙහි යහුයි පවසා පිටත්කොට යැවූ සේක. මේ අර්ත්ථොත්පත්තියෙහි “එකං සමයං ආයස්මා සාරිපුත්තො” යනාදිය කියන ලදි.
තත්ථ වෙළුකණ්ඩකීති වෙළුකණ්ටකනගරවාසිනී. තස්ස කිර නගරස්ස පාකාරගුත්තත්ථාය පාකාරපරියන්තෙන වෙළූ රොපිතා, තෙනස්ස වෙළුකණ්ටකන්තෙව නාමං ජාතං. පාරායනන්ති නිබ්බානසඞ්ඛාතපාරං අයනතො පාරායනන්ති ලද්ධවොහාරං ධම්මං. සරෙන භාසතීති සත්තභූමිකස්ස පාසාදස්ස උපරිමතලෙ සුසංවිහිතාරක්ඛට්ඨානෙ නිසින්නා සමාපත්තිබලෙන රත්තිභාගං වීතිනාමෙත්වා සමාපත්තිතො වුට්ඨාය “ඉමං රත්තාවසෙසං කතරාය රතියා වීතිනාමෙස්සාමී”ති චින්තෙත්වා “ධම්මරතියා”ති කතසන්නිට්ඨානා තීණි ඵලානි පත්තා අරියසාවිකා අඩ්ඪතෙය්යගාථාසතපරිමාණං පාරායනසුත්තං මධුරෙන සරභඤ්ඤෙන භාසති. අස්සොසි ඛොති ආකාසට්ඨකවිමානානි පරිහරිත්වා තස්ස පාසාදස්ස උපරිභාගං ගතෙන මග්ගෙන නරවාහනයානං ආරුය්හ ගච්ඡමානො අස්සොසි. කථාපරියොසානං ආගමයමානො අට්ඨාසීති “කිං සද්දො එස භණෙ”ති පුච්ඡිත්වා “නන්දමාතාය උපාසිකාය සරභඤ්ඤසද්දො”ති වුත්තෙ ඔතරිත්වා “ඉදමවොචා”ති ඉදං දෙසනාපරියොසානං ඔලොකෙන්තො අවිදූරට්ඨානෙ ආකාසෙ අට්ඨාසි.
එහි වෙළුකණ්ටකී යනු වෙඑකණ්ටක නම් නුවර වැසියෝයි, එනුවර පවුර ආරක්ෂාවීම සඳහා පවුර කෙළවරින් හුණ වවන ලද්දේය. එබැවින් එනුවරට වෙඑකණ්ටක යැයි නමක් විය. පාරායනං යනු නිවන සංඛ්‍යාත පරතෙරට යොමු වී ඇති බැවින් ලද ව්‍යවහාරය ඇති ධර්මයයි. සරෙන භාසති යනු සත්බුමු පහයෙහි මතුමහල් තලයෙහි මනාව සංවිධානය කරන ලද ආරක්ෂිත ස්ථානයක හුන්නී සමවත් බෙලෙන් රෑකල ගෙවා සමවතින් නැඟිට මේ රාත්‍රියෙන් ඉතිරි කාලය කවර ඇල්මකින් වසන්නෙම්දැයි සිතා දහම් ඇල්මෙනැයි කළ සනිටුහන් ඇත්තී තුන් පලයට පත් ආර්ය ශ්රාවිකාතොමෝ ගාථා දෙසිය පණහක් ඇති පාරායන සූත්‍රය මිහිරි හඬින් කියයි. අස්සොසි ඛො යනු අහසෙහි වූ විමන් පරිහරණය කොට ඒ පහයෙහි මත්තෙහි යන මගින් නාරිවාහන (ගැහැනියක විසින් උසුලාගෙන යන) යානයක නැඟී යන්නා වූ තැනැත්තෙක් ඇසීය. කථාපරියොසානං ආගමයමානො අට්ඨාසි යනු යහළුව මේ කවර හඬක්දැයි අසා නන්දමාතා උවැසියගේ ස්වර බිඳින හඬයැයි කීකල්හි බැස මෙය කීවේය යන මේ දෙසුම් කෙළවර බලමින් නුදුරු තැනක අහසෙහි සිටියේය.
සාධු භගිනි, සාධු භගිනීති “සුග්ගහිතා තෙ භගිනි ධම්මදෙසනා සුකථිතා, පාසාණකචෙතියෙ නිසීදිත්වා සොළසන්නං පාරායනිකබ්රාහ්මණානං සම්මාසම්බුද්ධෙන කථිතදිවසෙ ච අජ්ජ ච න කිඤ්චි අන්තරං පස්සාමි, මජ්ඣෙ භින්නසුවණ්ණං විය තෙ සත්ථු කථිතෙන සද්ධිං සදිසමෙව කථිත”න්ති වත්වා සාධුකාරං දදන්තො එවමාහ. කො පනෙසො භද්රමුඛාති ඉමස්මිං සුසංවිහිතාරක්ඛට්ඨානෙ එවං මහන්තෙන සද්දෙන කො නාමෙස, භද්රමුඛ, ලද්ධමුඛ, කිං නාගො සුපණ්ණො දෙවො මාරො බ්‍රහ්මාති සුවණ්ණපට්ටවණ්ණං වාතපානං විවරිත්වා විගතසාරජ්ජා තීණි ඵලානි පත්තා අරියසාවිකා වෙස්සවණෙන සද්ධිං කථයමානා එවමාහ. අහං තෙ භගිනි භාතාති සයං සොතාපන්නත්තා අනාගාමිඅරියසාවිකං ජෙට්ඨිකං මඤ්ඤමානො “භගිනී”ති වත්වා පුන තං පඨමවයෙ ඨිතත්තා අත්තනො කනිට්ඨං, අත්තානං පන නවුතිවස්සසතසහස්සායුකත්තා මහල්ලකතරං මඤ්ඤමානො “භාතා”ති ආහ. සාධු භද්රමුඛාති, භද්රමුඛ, සාධු සුන්දරං, ස්වාගමනං තෙ ආගමනං, ආගන්තුං යුත්තට්ඨානමෙවසි ආගතොති අත්ථො. ඉදං තෙ හොතු ආතිථෙය්යන්ති ඉදමෙව ධම්මභණනං තව අතිථිපණ්ණාකාරො හොතු, න හි තෙ අඤ්ඤං ඉතො උත්තරිතරං දාතබ්බං පස්සාමීති අධිප්පායො. එවඤ්චෙව මෙ භවිස්සති ආතිථෙය්යන්ති එවං අත්තනො පත්තිදානං යාචිත්වා “අයං තෙ ධම්මකථිකසක්කාරො”ති අඩ්ඪතෙළසානි කොට්ඨසතානි රත්තසාලීනං පූරෙත්වා “යාවායං උපාසිකා චරති, තාව මා ඛයං ගමිංසූ”ති අධිට්ඨහිත්වා පක්කාමි. යාව උපාසිකා අට්ඨාසි, තාව කොට්ඨානං හෙට්ඨිමතලං නාම දට්ඨුං නාසක්ඛිංසු. තතො පට්ඨාය “නන්දමාතාය කොට්ඨාගාරං වියා”ති වොහාරො උදපාදි.
සාධු භගිනී සාධු භගිනී යනු නැගණිය ඔබ විසින් මනාව ගන්නා ලදි. දම් දෙසුම මනාව කියනලදි. පාසාණක චෛත්‍යයෙහි හිඳ සොළොස් පාරායනක බමුණන්ට සම්බුදුන් වහන්සේ විසින් දෙසන ලද දිනයේ ද අද ද කිසි අතරක් (වෙනසක්) නොදකිමි. මැදින් බිඳුණු ස්වර්ණියක් මෙන් ඔබ විසින් ශාස්තෲන් වහන්සේ විසින් කියන ලද්දට සමානවම කියන ලදැයි පවසා සාධුකාර දෙන්නේ මෙසේ කීවේය. කො පනෙසො භද්රමුඛා යනු මේ මනාව පිළියෙල කරන ලද ආරක්ෂිත ස්ථානයෙහි මෙසේ මහ හඬින් මේ කවර නම් භද්‍ර මුඛයෙක්ද ලද්ධ මුඛයෙක්ද කිම නාගයෙක්ද සුපර්ණියෙක් ද දෙවියෙක්ද, මාරයෙක් ද බ්රහ්මයෙක්දැයි රන්වන් කවුළුව හැර පහවූ ඇලීම් ඇත්තී තුන් පලයට පත් ආර්යශ්‍රාවිකාව වෙසවුණු සමඟ කථාකරමින් මෙසේ කීවාය. අහං තෙ භගනි භාතා යනු තෙමේ සෝවාන් බැවින් අනාගාමි ආර්ය්යශ්රාවිකාව ජ්‍යෙෂ්ඨ යයි සලකමින් නැගනියයි කියා යළි අය පළමු වියෙහි සිටි බැවින් තමාට කනිටු වූ තැනැත්තියට තමන්ට අවුරුදු අනූලක්ෂයක් ආයුෂ ඇති බැවින් මහළුබව හඟිමින් සොහොයුරායි කීවේය. සාධු භද්රමුඛ යනු මනා මුවැත්ත, මැනවි සොඳුරුය. ඔබගේ පැමිණීම මනා පැමිණීමකි. පැමිණීමට යුතු තැන්හිම පැමිණියේ වෙහියි අරුත්ය. ඉදං තෙ හොතු ආතිථෙය්යං යනු මේ ධර්මය කීමම ඔබට පඬුරු වේවා! මීට වඩා උසස් අන් දියයුත්තක් නොදකිමියි අදහසයි. එවං මෙ භවිස්සති ආතිථෙය්යං යනු මෙසේ තමන්ට පින්දීම අයැද මෙය ඔබට ධර්මකථික සත්කාර යයි එක්දහස්දෙසිය පණහක් කොටුගෙවල් රත්හැලින් පුරවා, මේ උවැසිය යම්තාක් හැසිරෙයිද ඒතාක් නිමාවට නොයේවායි අදිටන් කොට පිටත්ව ගියේය. එතැන් පටන් නන්දමාතවගේ කොටුගෙය මෙනැයි ව්‍යවහාරයක් හටගත්තේය.
අකතපාතරාසොති අභුත්තපාතරාසො. පුඤ්ඤන්ති පුබ්බචෙතනා ච මුඤ්චනචෙතනා ච. පුඤ්ඤමහීති අපරචෙතනා. සුඛාය හොතූති සුඛත්ථාය හිතත්ථාය හොතු. එවං අත්තනො දානෙ වෙස්සවණස්ස පත්තිං අදාසි.
අකතපාතරාසො යනු නොවැළඳු උදා අහර ඇත්තේයි, පුඤ්ඤානි යනු අපර චෙතනාවයි. සුඛාය හොතු යනු සුව පිණිස හිත පිණිස වේවා, මෙසේ තමන්ගේ දානයෙහි වෙසවුණුට පින් දුන්නේය.
පකරණෙති කාරණෙ. ඔක්කස්ස පසය්හාති ආකඩ්ඪිත්වා අභිභවිත්වා. යක්ඛයොනින්ති භුම්මදෙවතාභාවං. තෙනෙව පුරිමෙන අත්තභාවෙන උද්දස්සෙතීති පුරිමසරීරසදිසමෙව සරීරං මාපෙත්වා අලඞ්කතපටියත්තො සිරිගබ්භසයනතලෙ අත්තානං දස්සෙති. උපාසිකා පටිදෙසිතාති උපාසිකා අහන්ති එවං උපාසිකාභාවං දෙසෙසිං. යාවදෙති යාවදෙව. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
පකරණෙ යනු කාරණයෙහියි, ඔක්කස්ස පස්යහ යනු ඇඳ මැඩ පවත්වායි, යක්ඛයොනිං යනු බුමාටු දෙවි බවයි, තෙනෙව පුරිමෙන අත්තභාවෙන උද්දස්සෙති යනු මුල් සිරුර වැනිවූම සිරුරක් මවා අලංකාරයෙන් පිළියෙල වූයේ සිරියහන් ගැබෙහි යහන් තලයෙහි තමා දැක්විය. උපාසිකා පටිදෙසිතා යනු උවැසිය මමයි මෙසේ උවැසිබව දැක්විය. යාවදෙව යනු යාවදෙ එව යන වචනයෙන්ගේ එකතුවයි. සෙස්ස සියලු තන්හි පැහැදිලිමය.
මහායඤ්ඤවග්ගො පඤ්චමො.
පස්වැනි වූ මහායඤ්ඤ වර්ගයයි
පණ්ණාසකං නිට්ඨිතං.
පළමු පණ්ණාසකයයි