සංයොගවිසංයොග ධම‍්මපරියාය සුත‍්තං
7. 1. 5. 8.
7. 1. 5. 8.
[සංයොගවිසංයොග ධම‍්මපරියාය සුත‍්තං]
[සංයෝගවිසංයෝග ධම්මපරියාය සූත්‍රය]
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
51. සංයොගවිසංයොගං වො භික‍්ඛවෙ, ධම‍්මපරියායං දෙසිස‍්සාමි. තං සුණාථ -පෙ-
51. මහණෙනි, තොපට සංයෝගවිසංයෝග සාධක වූ ධම්මපර්‍ය්‍යාය දෙසන්නෙමි. එය අසවු ...
කතමො ච සො භික‍්ඛවෙ සංයොගවිසංයොගො ධම‍්මපරියායො:
මහණෙනි, එ සංයෝගවිසංයෝගධර්‍මපර්‍ය්‍යාය කවරේ ය යත්:
ඉත්‍ථි භික‍්ඛවෙ අජ‍්ඣත‍්තං ඉත්‍ථින්‍ද්‍රියං මනසිකරොති ඉත්‍ථිකුත‍්තං ඉත්‍ථාකප‍්පං ඉත්‍ථිවිධං ඉත්‍ථිච‍්ඡන්‍දං ඉත්‍ථිස‍්සරං ඉත්‍ථාලඞ‍්කාරං සා තත්‍ථ රජ‍්ජති, තත්‍රාභිරමති. සා තත්‍ථ රත‍්තා තත්‍රාභිරතා බහිද‍්ධා පුරිසින්‍ද්‍රියං මනසිකරොති පුරිසකුත‍්තං පුරිසාකප‍්පං පුරිසවිධං පුරිසච‍්ඡන්‍දං පුරිසස‍්සරං පුරිසාලඞ‍්කාරං. සා තත්‍ථ රජ‍්ජති, තත්‍රාභිරමති. සා තත්‍ථ රත‍්තා තත්‍රාභිරතා බහිද‍්ධා සංයොගං ආකඞ‍්ඛති. යඤ‍්චස‍්සා සංයොගපච‍්චයා උප‍්පජ‍්ජති සුඛං සොමනස‍්සං, තඤ‍්ච ආකඞ‍්ඛති. ඉත්‍ථත‍්තෙ භික‍්ඛවෙ, අභිරතා සත‍්තා පුරිසෙසු සංයොගං ගතා. එවං ඛො භික‍්ඛවෙ, ඉත්‍ථි ඉත්‍ථත‍්තං නාතිවත‍්තති.
මහණෙනි, ස්ත්‍රිය ආධ්‍යාත්මික ස්ත්‍රීන්‍ද්‍රිය ස්ත්‍රීක්‍රියාව ස්ත්‍රිය පිළිබඳ ආකල්පය ස්ත්‍රියගේ මානවිධාව ස්ත්‍රියගේ ඡන්‍දය ස්ත්‍රීස්වරය ස්ත්‍රී අලඞ්කාරය මෙනෙහි කරයි. ඕ එහි රැඳෙයි. එහි අභිරමණය කරයි. එහි රැඳුනු එහි අභිරත වූ ඕ බැහැරි පුරුෂේන්‍ද්‍රිය පුරුෂක්‍රියා පුරුෂාකල්ප පුරුෂවිධා පුරුෂ ඡන්‍ද පුරුෂස්වර පුරුෂාලඞ්කාර මෙනෙහි කරයි. ඕ එහි රැඳෙයි. එහි අභිරමණය කරයි. එහි රැඳුනු එහි අභිරත වූ ඕ බැහැරි පිරිමි සංයොග කැමැති වෙයි. සංයෝගප්‍රත්‍යයයෙන් ඇයට යම්බඳු සුවසොම්නසෙකුත් වේ නම්, එය ද කැමැති වෙයි. මහණෙනි, ස්ත්‍රීභාවයෙහි අභිරත වූ සත්ත්‍වයෝ පුරුෂයන් කෙරෙහි සංයෝගයට ගියාහු නම් වෙති. මහණෙනි, මෙසේ ස්ත්‍රිය ස්ත්‍රී භාවය නො ඉක්මවයි.
පුරිසො භික‍්ඛවෙ, අජ‍්ඣත‍්තං පුරිසින්‍ද්‍රියං මනසිකරොති පුරිසකුත‍්තං පුරිසාකප‍්පං පුරිසවිධං පුරිසච‍්ඡන්‍දං පුරිසස‍්සරං පුරිසාලඞ‍්කාරං. සො තත්‍ථ රජ‍්ජති තත්‍රාභිරමති. සො තත්‍ථ රත‍්තො තත්‍රාභිරතො බහිද‍්ධා ඉත්‍ථින්‍ද්‍රියං මනසිකරොති ඉත්‍ථිකුත‍්තං ඉත්‍ථාකප‍්පං ඉත්‍ථිවිධං ඉත්‍ථිච‍්ඡන්‍දං ඉත්‍ථිස‍්සරං ඉත්‍ථාලඞ‍්කාරං. සො තත්‍ථ රජ‍්ජති, තත්‍රාභිරමති. සො තත්‍ථ රත‍්තො තත්‍රාභිරතො බහිද‍්ධා සංයොගං ආකඞ‍්ඛති. යඤ‍්චස‍්ස සංයොගපච‍්චයා උප‍්පජ‍්ජති සුඛං සොමනස‍්සං, තඤ‍්ච ආකඞ‍්ඛති. පුරිසත‍්තෙ භික‍්ඛවෙ, අභිරතා සත‍්තා ඉත්‍ථිසු සංයොගං ගතා. එවං ඛො භික‍්ඛවෙ, පුරිසෙ පුරිසත‍්තං නාතිවත‍්තති.
මහණෙනි, පුරුෂයා ආධ්‍යාත්මික පුරුෂේන්‍ද්‍රිය, පුරුෂක්‍රියාව, පුරුෂාකල්පය, පුරුෂමානවිධාව, පූරුෂාධ්‍යාශයච්ඡන්‍දය, පුරුෂස්වරය (ශබ්දය), පුරුෂාලඞ්කාරය මෙනෙහි කරයි. හේ එහි රැඳෙයි. එහි අභිරමණය කරයි. හේ එහි රැඳුනේ එහි අභිරත වූයේ බාහිර ස්ත්‍රීඉන්‍ද්‍රිය, ස්ත්‍රීක්‍රියා, ස්ත්‍රී ආකල්පය, ස්ත්‍රීවිධාව, ස්ත්‍රීච්ඡන්‍දය, ස්ත්‍රී ස්වරය, ස්ත්‍රී අලඞ්කාරය මෙනෙහි කරයි. හේ එහි රැඳෙයි. එහි අභිරමණය කරයි. හේ එහි රක්ත වූයේ එහි අභිරත වූයේ බාහිර (ස්ත්‍රී සංයෝගය කැමැති වෙයි. සංයෝගප්‍රත්‍යයෙන් ඔහට යම්බඳු සුවසොම්නසෙක් වේ නම්, එ ද කැමැති වෙයි. මහණෙනි, පුරුෂත්‍වයෙහි අභිරත වු, සත්ත්‍වයෝ ස්ත්‍රීන් කෙරෙහි සංයෝගයට ගියාහු නම් වෙත්. මහණෙනි, මෙසේ පුරුෂ පුරුෂභාවයට නො ඉක්මවයි.
එවං ඛො භික‍්ඛවෙ, සංයොගො හොති.
මහණෙනි, මෙසෙයින් සංයෝගය වෙයි.
කථඤ‍්ච භික‍්ඛවෙ, විසංයොගො හොති:
මහණෙනි, කෙසේ නම් විසංයෝගය වේ ය යත්:
ඉත්‍ථි භික‍්ඛවෙ, අජ‍්ඣත‍්තං ඉත්‍ථින්‍ද්‍රියං න මනසිකරොති ඉත්‍ථිකුත‍්තං ඉත්‍ථාකප‍්පං ඉත්‍ථිවිධං ඉත්‍ථිච‍්ඡන්‍දං ඉත්‍ථිස‍්සරං ඉත්‍ථාලඞ‍්කාරං. සා තත්‍ථ න රජ‍්ජති. තත්‍ථ නාභිරමති. සා තත්‍ථ අරත‍්තා තත්‍ර අනභිරතා බහිද‍්ධා පුරිසින්‍ද්‍රියං න මනසිකරොති පුරිසකුත‍්තං පුරිසාකප‍්පං පුරිසවිධං පුරිසච‍්ඡන්‍දං පුරිසස‍්සරං පුරිසාලඞ‍්කාරං. සා තත්‍ථ න රජ‍්ජති, තත්‍ථ නාභිරමති. සා තත්‍ථ අරත‍්තා තත්‍ර අනභිරතා බහිද‍්ධා සංයොගං නාකඞ‍්ඛති. යං චස‍්සා සංයොගපච‍්චයා උප‍්පජ‍්ජති සුඛං සොමනස‍්සං, තඤ‍්ච නාකඞ‍්ඛති. ඉත්‍ථත‍්තෙ ඛො භික‍්ඛවෙ, අනභිරතා සත‍්තා පුරිසෙසු විසංයොගං ගතා. එවං ඛො භික‍්ඛවෙ, ඉත්‍ථි ඉත්‍ථත‍්තං අතිවත‍්තති.
මහණෙනි, ස්ත්‍රිය ආධ්‍යාත්මික ස්ත්‍රීන්‍ද්‍රිය ස්ත්‍රීක්‍රියා, ස්ත්‍රී ආකල්පය, ස්ත්‍රී විධාව, ස්ත්‍රීච්ඡන්‍දය, ස්ත්‍රී ස්වරය, ස්ත්‍රී අලඞ්කාර මෙනෙහි නො කරයි. ඕ එහි නො රැඳෙයි. එහි අභිරමණ නො කරයි. ඕ එහි රක්ත නො වූවා එහි අභිරත නො වූවා බැහැරි පුරුෂේන්‍ද්‍රිය පුරුෂක්‍රියා පුරුෂාකල්පය පුරුෂවිධාව, පුරුෂච්ඡන්‍දය, පුරුෂශබ්දය, පුරුෂාලඞ්කාරය මෙනෙහි නො කරයි. ඕ එහි නො රැඳෙයි. එහි අභිරමණය නො කරයි. ඕ එහි නො රැඳුනී. එහි අනභිරත වූවා බාහිර සංයෝගය නො කැමැති වෙයි. සංයෝගප්‍රත්‍යයෙන් ඇයට යම්බඳු සුවසොම්නසෙක් වේ නම් එය ද නො පතයි. මහණෙනි, ස්ත්‍රීභාවයෙහි අනභිරත වු සත්ත්‍වයෝ පුරුෂයන් කෙරෙහි විසංයෝගයට ගියහ. මහණෙනි, මෙ සෙයින් ස්ත්‍රී ස්ත්‍රී භාවයට ඉක්මවයි.
පුරිසො භික‍්ඛවෙ, අජ‍්ඣත‍්තං පුරිසින්‍ද්‍රියං න මනසිකරොති පුරිස කුත‍්තං පුරිසාකප‍්පං පුරිසවිධං පුරිසච‍්ඡන්‍දං පුරිසස‍්සරං පුරිසාලඞ‍්කාරං. සො තත්‍ථ න රජ‍්ජති, තත්‍ර නාභිරමති. සො තත්‍ථ අරත‍්තො තත්‍ර අනභිරතො බහිද‍්ධා ඉත්‍ථින්‍ද්‍රියං න මනසිකරොති ඉත්‍ථිකුත‍්තං ඉත්‍ථාකප‍්පං ඉත්‍ථිවිධං ඉත්‍ථිච‍්ඡන්‍දං ඉත්‍ථිස‍්සරං ඉත්‍ථාලඞ‍්කාරං. සො තත්‍ථ න රජ‍්ජති, තත්‍ර නාභිරමති. සො තත්‍ථ අරත‍්තො තත්‍ර අනභිරතො බහිද‍්ධා සංයොගං නාකඞ‍්ඛති. යඤ‍්චස‍්ස සංයොගපච‍්චයා උප‍්පජ‍්ජති සුඛං සොමනස‍්සං, තඤ‍්ච නාකඞ‍්ඛති. පුරිසත‍්තෙ භික‍්ඛවෙ, අනභිරතා සත‍්තා ඉත්‍ථිසු විසංයොගං ගතා. එවං ඛො භික‍්ඛවෙ, පුරිසො පුරිසත‍්තං අතිවත‍්තති.
මහණෙනි, පුරුෂයා ආධ්‍යාත්මික පුරුෂේන්‍ද්‍රිය පුරුෂක්‍රියා පුරුෂාකල්පය පුරුෂවිධාව පුරුෂච්ඡන්‍දය පුරුෂස්වරය පුරුෂාලඞ්කාරය මෙනෙහි නො කරයි. හෙ එහි නො රැඳෙයි. එහි අභිරමණය නො කරයි. හෙ එහි නො රැඳියේ එහි අභිරත නො වූයේ ස්ත්‍රීන්‍ද්‍රිය ස්ත්‍රීක්‍රියා ස්ත්‍රී ආකල්පය ස්ත්‍රී විධාව ස්ත්‍රීච්ඡන්‍දය ස්ත්‍රීස්වරය ස්ත්‍රී අලඞ්කාරය මෙනෙහි නො කරයි. හෙ එහි නො රැඳෙයි. එහි අභිරමණ නො කෙරෙයි. හෙ එහි නො රැඳියේ එහි අනභිරත වූයේ බාහිර සංයෝගය නො පතයි. මහණෙනි, පුරුෂභාවයෙහි අනභිරත වූ සත්ත්‍වයෝ ස්ත්‍රීන් කෙරෙහි විසංයෝගයට ගියහ. මහණෙනි, මෙසෙයින් පුරුෂයා පුරුෂත්‍වය ඉක්මයෙයි.
එවං ඛො භික‍්ඛවෙ, විසංයොගො හොති.
මහණෙනි, මෙසෙයින් විසංයෝගය වෙයි.
අයං ඛො භික‍්ඛවෙ, සංයොග විසංයොගො ධම‍්මපරියායොති.
මහණෙනි, මෙ සංයෝගවිසංයෝග නම් ධර්‍මපර්‍ය්‍යාය යි.