දානමහප්ඵල සුත්තං
7. 1. 5. 9.
7. 1. 5. 9.
[දානමහප්ඵල සුත්තං]
[දානමහප්ඵල සූත්‍රය]
52. එකං සමයං භගවා චම්පායං විහරති ගග්ගාරාය පොක්ඛරණියා තීරෙ. අථ ඛො සම්බහුලා චම්පෙය්යකා උපාසකා යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ආයස්මන්තං සාරිපුත්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො චම්පෙය්යකා උපාසකා ආයස්මන්තං සාරිපුත්තං එතදවොචුං:
52. එක් සමයෙක්හි භාග්‍යයවතුන් වහන්සේ චම්පා නගරයෙහි ගග්ගරා නම් පොකුණු තෙර වාස කරන්නාහ. එකල්හි බොහෝ චම්පා නගර වැසි උපාසකයෝ ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන් කරා පැමිණියහ. පැමිණ ආයුෂ්මත් සැරියුත් තෙරුන් වැඳ එකත්පස්හි හුන්හ. එකත්පස්හි හුන් චම්පා නගරවාසී උපාසකයෝ ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට තෙල කීහ:
චිරස්සුතා නො භන්තෙ සාරිපුත්ත, භගවතො සම්මුඛා ධම්මීකථා. සාධු මයං භන්තෙ, ලභෙය්යාම භගවතො සන්තිකා ධම්මිං කථං සවණායාති.
“වහන්ස, ශාරීපුත්‍රයෙනි, අප විසින් භාග්‍යවතුන් වහන්සේ වෙතින් දැහැමි කථායෙක් ඇසූ බොහෝ කලි. වහන්ස, අපි භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි දැහැමි කථාවක් අසන්නට ලබමෝ නම් මැනැවැ”යි.
තෙන හාවුසො තදහුපොසථෙ ආගච්ඡෙය්යාථ අප්පෙවනාම ලභෙය්යාථ භගවතො සම්මුඛා ධම්මිං කථං සවණායාති. එවං භන්තෙති ඛො තෙ චම්පෙය්යකා උපාසකා ආයස්මතො සාරිපුත්තස්ස පටිස්සුත්වා උට්ඨායාසනා අයස්මන්තං සාරිපුත්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කමිංසු.
ඇවැත්නි, එකරුණෙන් පොහෝලත් එ දවස්හි එව, භාග්‍යවතුන් වහන්සේ හමුවෙන් දැහැමි කථාවක් අසන්නට ලබන්නාහු නම් මැනැවැයි. වහන්ස, එසේ යයි එ චම්පෙය්‍යක උපාසකයෝ ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරුන්ට පිළිවදන් අස්වා හුනස්නෙන් නැගි ආයුෂ්මත් සැරියුත් තෙරුන් වැඳ පැදකුණු කොට නික්ම ගියහ.
අථ ඛො තෙ චම්පෙය්යකා උපාසකා තදහුපොසථෙ යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ආයස්මන්තං සාරිපුත්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු.
එකල්හි එ චම්පා නගරවැසි උපාසකයෝ පොහෝලත් එදවස්හි ආයුෂ්මත් සැරියුත් තෙරුන් කරා පැමිණියහ. පැමිණ ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන් සකසා වැඳ එකත්පස් ව සිට ගත්හ.
අථ ඛො ආයස්මා සාරිපුත්තො තෙහි චම්පෙය්යකෙහි උපාසකෙහි සද්ධිං යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො භගවන්තං එතදවොච:
එක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ එ චම්පා නගරවැසි උවසුවන් හා සමග භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළ කළහ:
සියා නු ඛො භන්තෙ, ඉධෙකච්චස්ස තාදිසංයෙව දානං දින්නං න මහප්ඵලං න මහානිසංසං. සියා පන භන්තෙ, ඉධෙකච්චස්ස තාදිසංයෙව දානං දින්නං මහප්ඵලං මහානිසංසන්ති.
වහන්ස, මෙ ලොව්හි ඇතැමකු විසින් දෙනලද මහත්ඵල නො වන මහානිසංස නො වන එබඳු (එක් සමාන) දානයෙක් වන්නේ ද, වහන්ස, මෙ ලෙව්හි ඇතැමකු විසින් දෙනලද මහත්ඵල වන මහානිසංස වන එබඳු දානයෙක් ඇත් දැයි.
සියා සාරිපුත්ත, ඉධෙකච්චස්ස තාදිසං යෙව දානං දින්නං න මහප්ඵලං න මහානිසංසං. සියා පන සාරිපුත්ත, ඉධෙකච්චස්ස තාදිසංයෙව දානං දින්නං මහප්ඵලං මහානිසංසන්ති.
ශාරීපුත්‍රයෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලකු විසින් දෙනලද මහත්ඵල නොවන මහානිසංස නො වන එබඳු දානයෙක් ඇත. ශාරීපුත්‍රයෙනි, මෙ ලොව්හි, ඇතැම් පුඟුලකු විසින් දෙනලද මහත්ඵල වන මහානිසංස වන එබඳු දානයෙක් ද ඇතැයි.
කො නු ඛො භන්තෙ, හෙතු කො පච්චයො යෙන ඉධෙකච්චස්ස තාදිසංයෙව දානං දින්නං න මහප්ඵලං හොති, න මහානිසංසං. කො පන භන්තෙ හෙතු කො පච්චයො යෙන ඉධෙකච්චස්ස තාදිසංයෙව දානං දින්නං මහප්ඵලං හොති මහානිසංසන්ති?
වහන්ස, මෙ ලොව්හි ඇතැම් පුඟුලකු විසින් දෙනලද එබඳු දානයෙක් යම් හෙයකින් මහත්ඵල මහානිසංස නො වන්නේ නම්, ඒ හේතු කවරේ ද, ඒ ප්‍රත්‍යය කවරේ ද? වහන්ස, මෙ ලොව්හි ඇතැම් පුඟුලකු විසින් දෙන ලද එබඳු දානය යම් හෙයෙකින් මහත්ඵල මහානිසංස වේ නම්, ඒ හේතු කවරේ ද, ඒ ප්‍රත්‍යය කවරේ දැ? යි.
(1) ඉධ සාරිපුත්ත, එකච්චො සාපෙඛො දානං දෙති, පටිබද්ධචිත්තො දානං දෙති, සන්නිධිපෙඛො දානං දෙති, ඉමං පෙච්ච පරිභුඤ්ජිස්සාමීති දානං දෙති. සො තං දානං දෙති සමණස්ස වා බ්රාහ්මණස්ස වා, අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්යා සථපදීපෙය්යං.
(1) ශාරීපුත්‍රයෙනි, මෙ ලොව්හි ඇතැමෙක් සාපේක්ෂ (තෘෂ්ණා සහිත) වූයේ දන් දෙයි. විපාකයෙහි පිළිබැඳියේ දන් දෙයි සන්නිධිය පතනුයේ (නිධන් කරණ අදහස් ඇතියේ) දන් දෙයි. ‘මෙය පරලොව්හි දී පරිභෝග කරන්නෙමි’යි දන් දෙයි. හේ ශ්‍රමණයකුට හෝ බ්‍රාහ්මණයකුට හෝ අන්න, පාන, වස්ත්‍ර යාන, මාලාගන්‍ධවිලේපන, සයන, ආවාස හා ප්‍රදීපෝපකරණ යන එබඳු දනක් දෙයි.
තං කිං මඤ්ඤසි සාරිපුත්ත, දදෙය්ය ඉධෙකච්චො එවරූපං දානන්ති. එවං භන්තෙ.
සාරිපුත්තයෙනි, එ කිමැයි හඟිවු ද, මෙලොව ඇතැම් පුඟුලෙක් මෙ බඳු දන් දෙන්නේ දැ?යි වහන්ස, එසේ යි.
තත්ර සාරිපුත්ත, ය්වායං සාපෙඛො දානං දෙති, පටිබද්ධචිත්තො දානං දෙති, සන්නිධිපෙඛො දානං දෙති, ඉමං පෙච්ච පරිභුඤ්ජිස්සාමීති දානං දෙති. සො තං දානං දත්වා කායස්ස භෙදා පරම්මරණා චාතුම්මහාරාජිකානං දෙවානං සහව්යතං උපපජ්ජති. සො තං කම්මං ඛෙපෙත්වා තං ඉද්ධිං තං යසං තං ආධිපතෙය්යං ආගාමී හොති ආගන්තා ඉත්ථත්තං.
ශාරීපුත්‍රයෙනි, එහි යම් මෙ පුඟුලෙක් සාපේක්ෂ ව දන් දේ නම්, පිළිබඳ සිතැතියේ දන් දේ නම් සන්නිධිය පතනුයේ දන් දේ නම්, ‘මෙය පරලොව්හි පරිභෝග කරමි’යි දන් දේ නම්, හෙ එදන් දී කාබුන් මරණින් මතු සිවුමහරද වැසියන්ගේ සහභාවයට පැමිණෙයි. හෙ එ කර්ම (විපාකය) එ ඍද්ධිය එ යශස් ඒ අධිපති බව ගෙවා මේ මිනිසත් බවට එන සුලු වූයේ ආගාමී (හීන) වෙයි.
(2) ඉධ පන සාරිපුත්ත, එකච්චො න හෙව ඛො සාපෙඛො දානං දෙති, න පටිබද්ධචිත්තො දානං දෙති, න සන්නිධිපෙඛො දානං දෙති, න ඉමං පෙච්ච පරිභුඤ්ජිස්සාමීති දානං දෙති. අපි ච ඛො සාහු දානන්ති දානං දෙති. -පෙ-
(2) ශාරීපුත්‍රයෙනි, මෙ ලෙව්හි ඇතැම් පුඟුලෙක් සාපේක්ෂ වූයේ දන් නො ම දෙයි. පිළිබඳ සිතැත්තේ දන් නො ම දෙයි. සන්නිධි අපේක්ෂා ඇතියේ දන් නො ම දෙයි. ‘මෙය පරලොව්හි දී පරිභෝග කරමි’ දන් නො ම දෙයි. වැලිත් ‘දානය මනා ය’යි දන් දෙයි ...
(3) නපි සාහුදානන්ති දානං දෙති -පෙ- අපි ච ඛො දින්නපුබ්බං කතපුබ්බං පිතුපිතාමහෙහි, නාරහාමි පොරාණංකුලවංසං හාපෙතුන්ති දානං දෙති -පෙ-
(3) “දානය මැනැවයි නො ද දන් දෙයි ... වැලිත් මාතා පිතෲන් විසින් ද පිතාමහයන් විසින් ද දෙන ලද විරූ ය. කරණ ලද විරූ ය, පැරැණි කුලවංශයට අයත් සිරිත පිරිහෙළන්නට නො සුදුස්සෙමි”යි දන් දෙයි ...
(4) නපි දින්නපුබ්බං කතපුබ්බං පිතුපිතාමහෙහි, නාරහාමි පොරාණං කුලවංසං හාපෙතුන්ති දානං දෙති. අපි ච ඛො අහං පචාමි, න ඉමෙ පචන්ති, නාරහාමි පචන්තො අපචන්තානං අදාතුන්ති දානං දෙති -පෙ-
(4) “පිය මුතුන් විසින් දෙනලදවිරූ ය, කළවිරූ ය, කුලවස් බිඳුනට නො නිස්සෙමි” දන් නො ද දෙයි. වැලිත් “මම අහර පිසමි. මොහු අහර නො පිසත්. පිසනුයෙම් නො පිසනුවනට නො දෙන්නට නො නිසියෙමි”යි දන් දෙයි ...
(5) නපි අහං පචාමි ඉමෙ න පචන්ති, නාරහාමි පචන්තො අපචන්තානං දානං අදාතුන්ති දානං දෙති -පෙ- අපි ච ඛො යථා තෙසං පුබ්බකානං ඉසීනං තානි මහායඤ්ඤානි අහෙසුං, සෙය්යථීදං: අට්ටකස්ස වාමකස්ස වාමදෙවස්ස වෙස්සාමිත්තස්ස යමතග්ගිනො අඞ්ගීරසස්ස භාරද්වාජස්ස වාසෙට්ඨස්ස කස්සපස්ස භගුනො, එවං මෙ අයං දානසංවිභාගො භවිස්සතීති දානං දෙති -පෙ-
(5) “මම පිසමි, මොහු නො පිසන්නාහ. පිසුනුයෙම් නො පිසනුවනට නො දෙන්නට නො නිස්සෙමි”යි ද දන් නො දෙයි. වැලිත් අට්ටක ය, වාමක ය, වාමදෙව ය, වෙස්සාමිත්ත ය, යමතග්ගි ය, අඞ්ගීරස ය, භාරද්වාජ ය, වාසෙට්ඨ ය, කස්සප ය, භගු ය, යන එ ප්‍රසිද්ධ පූර්වකාලීන ඍෂීන්ගේ මහායඥයෝ යම් පරිදි වූහු නම් එ පරිද්දෙන් මාගේ මෙ දානය ද දානසංවිභාගයෙක් වන්නේ ය යි දන් දෙයි ...
(6) නපි යථා තෙසං පුබ්බකානං ඉසීනං තානි මහායඤ්ඤානි අහෙසුං, සෙය්යථීදං: අට්ටකස්ස වාමකස්ස වාමදෙවස්ස වෙස්සාමිත්තස්ස යමතග්ගිනො අඞ්ගීරසස්ස භාරද්වාජස්ස වාසෙට්ඨස්ස කස්සපස්ස භගුනො, එවං මෙ අයං දානසංවිභාගො භවිස්සතීති දානං දෙති. අපි ච ඛො ඉමං මෙ දානං දදතො චිත්තං පසීදති, අත්තමනතා සොමනස්සං උපජායතීති දානං දෙති -පෙ-
(6) “යම් පරිදි අට්ටක ය, වාමක ය, වාමදෙව ය, වෙස්සාමිත්ත ය, යමතග්ගි ය, අඞ්ගීරස ය, භාරද්වාජ ය, වාසෙට්ඨ ය, කස්සප ය, භගු ය, යන මෙ බඳු පූර්වක වූ එ ප්‍රසිද්ධ ඍෂීන්ගේ මහායඥයෝ වූහු නම්, මාගේ මෙ දානසංවිභාග ද එබඳු වන්නේ ය’යි දන් නො දෙයි. වැලිදු “මෙ දානය දෙන මාගේ චිත්තය ප්‍රසන්න වන්නේ ය, අතත්මනතායෙන් ප්‍රීතිසෞමනස්‍ය ලබන්නේ යයි දන් දෙයි ...
(7) නපි ඉමං මෙ දානං දදතො චිත්තං පසීදති, අත්තමනා සොමනස්සං උපජායතීති දානං දෙති, අපි ච ඛො චිත්තාලංකාරං චිත්තපරික්ඛාරන්ති දානං දෙති. සො තං දානං දෙති සමණස්ස වා බ්රාහ්මණස්ස වා, අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්යාවසථපදීපෙය්යං.
(7) “මෙ දන් දෙන මාගේ චිත්තය පහන් වන්නේ ය, අත්තමනතායෙන් සොම්නස් උපදනේ “යයි දන් නො දෙයි. ‘වැලිත් (සමථ-විපස්සනා චිත්තයට) චිත්තාලඞ්කාරයෙකැයි ද චිත්ත පරිෂ්කාරයෙකැ’යි ද දන් දෙයි. හෙ මහණකුට වේවයි බමුණකුට වේවයි අන්න ය, පාන ය, වස්ත්‍ර ය, යාන ය, මාලාගන්‍ධවිලේපන ය, ශය්‍යාවස්ථ ය ප්‍රදීපෝකරණ යන එ දන් දෙයි.
තං කිං මඤ්ඤසි සාරිපුත්ත, දදෙය්ය ඉධෙකච්චො එවරූපං දානන්ති, එවං භන්තෙ.
ශාරිපුත්‍රය, එ කිමැයි හඟිවු ද? මෙලොව්හි ඇතැමෙක් මෙබඳු දන් දෙන්නේ දැ?යි. වහන්ස, එසේ ය.
තත්ර සාරිපුත්ත, ය්වායං න හෙව ඛො සාපෙඛො දානං දෙති - න පටිබද්ධචිත්තො දානං දෙති - න සන්නිධිපෙඛො දානං දෙති - න ඉමං පෙච්ච පරිභුඤ්ජිස්සාමීති දානං දෙති - නපි සාහු දානන්ති දානං දෙති - නපි දින්නපුබ්බං කතපුබ්බං පිතුපිතාමහෙහි, නාරහාමි පොරාණං කුලවංසං හාපෙතුන්ති දානං දෙති - නපි අහා පචාමි ඉමෙ න පචන්ති නාරහාමි පචන්තො අපචන්තානං දානං අදාතුන්ති දානං දෙති - නපි යථා තෙසං පුබ්බකානං ඉසීනං තානි මහායත්තානි අහෙසුං, සෙය්යථීදං: අට්ටකස්ස වාමකස්ස වාමදෙවස්ස වෙස්සාමිත්තස්ස යමතග්ගිනො අඞ්ගීරසස්ස භාරද්වාජස්ස වාසෙට්ඨස්ස කස්සපස්ස භගුනො, එවං මෙ අයං දානසංවිභාගො භවිස්සතීති දානං දෙති - නපි ඉමං මෙ දානං දදතො චිත්තං පසීදති, අත්තමනතා සොමනස්සං උපජායතීති දානං දෙති -
ශාරීපුත්‍රයෙනි, ඔවුනතුරෙහි යම් මේ පුඟුලෙක් සාපේක්ෂ වූයේ දන් නො ම දේ ද - පිළිබඳ සිත් ඇතියේ දන් නො දේ ද - සන්නිධියෙහි අපේක්ෂා ඇතියේ දන් නො දේ ද - මෙය පරලොව්හි පිරිබෝ කරමි’යි දන් නො දේ ද - දානය සාධු යැයි දන් නො දේ ද - පියමුතුන් විසින් දෙනලද විරූ ය, කළවිරූ ය, පැරණි කුලවංශය නසන්නට නො නිස්සෙමියි දන් නො දේ ද, - මම පිසමි මොහු නො පිසත්, පිසනුයෙම් නො පිසනුවනට නො දෙන්නට නො නිස්සෙමියි ද දන් නො දේ ද - අට්ටක ය, වාමක ය, වාමදෙව ය, වෙස්සාමිත්ත ය, යමතග්ගි ය, අඞ්ගිරස ය, භාරද්වාජ ය, වාසෙට්ඨ ය, කස්සප ය, භගු ය, යන මේ පූර්වක ඍෂීන්ගේ යම්බඳු මහායඥයෝ වූහු නම්, මාගේ මෙ දානය ද එබඳු සංවිභාගයෙක් වන්නේ යයි ද දන් නො දේ ද - මෙ දන් දෙන මාගේ චිත්තය ප්‍රසන්න වන්නේ ය, තුටුසිත සොම්නස් උපදනේ යයි ද දන් නො දේ ද -
අපි ච ඛො චිත්තාලංකාරං චිත්තපරික්ඛාරන්ති දානං දෙති. සො තං දානං දත්වා කායස්ස භෙදා පරම්මරණා බ්රහ්මකායිකානං දෙවානං සහව්යතං උපපජ්ජති. සො තං කම්මං ඛෙපෙත්වා තං ඉද්ධිං තං යසං තං ආධිපතෙය්යං අනාගාමී හොති අනාගන්තා ඉත්ථත්තං.
එතෙකුදු වුව (සමථවිපස්සනා) චිත්තයට අලඞ්කාර යයි ද චිත්තපරිෂ්කාරයයි ද කියා දන් දේ ද, හෙ එසේ දන් දී කාබුන් මරණින් මතු බ්‍රහ්මකායික දෙවියන්ගේ සහභාවයට යෙයි. හෙ එ කර්ම, එ ඍද්ධි, එ යශස්, එ ආධිපත්‍ය ය ගෙවා මේ මිනිසත් බවට නො එනසුලු වූයේ අනාගාමී වෙයි.
අයං ඛො සාරිපුත්ත හෙතු අයං පච්චයො, යෙන මිධෙකච්චස්ස තාදිසංයෙව දානං දින්නං න මහප්ඵලං හොති, න මහානිසංසං.
ශාරීපුත්‍රයෙනි, යම් හෙයකින් මෙලොව්හි ඇතැමකු විසින් දෙනලද එබඳු දානයෙක් මහත්ඵල මහානිසංස නොවේ නම්, මෙ එයට හේතු ය මෙ ප්‍රත්‍යය යි.
අයං පන සාරිපුත්ත, හෙතු අයං පච්චයො යෙන මිධෙකච්චස්ස තාදිසං - යෙව දානං දින්නං මහප්ඵලං හොති මහානිසංසන්ති.
ශාරීපුත්‍රයෙනි, යම්හෙයකින් මෙලොව්හි ඇතැමකු විසින් දෙනලද එබඳු දානයෙක් මහත්ඵල වේ නම්, මහානිසංස වේ නම්, මෙ එයට හේතු ය, මෙ ප්‍රත්‍යය යි.