යෙදුමෙන් කියවන්න

මෙථුන සුත‍්තං

7. 1. 5. 7.

7. 1. 5. 7.

[මෙථුන සුත‍්තං]

[සත්තමෙථුන සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

50. අථ ඛො ජාණුස‍්සොණී බ්‍රාහ‍්මණො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවතා සද‍්ධිං සම‍්මොදි -පෙ- [භගවන‍්තං] එතදවොච:

50. එකල්හි ජානුස්සෝණී බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය ... භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ කී ය:

භවමිපි නො සමණො ගොතමො බ්‍රහ‍්මචාරී පටිජානාතීති.

ශ්‍රමණ භවද් ගෞතමයන් වහන්සේත් ‘බ්‍රහ්මචාරියෙක්මි’යි ප්‍රතිඥා කරන්නාහු දැ?යි.

”යං හි තං බ්‍රාහ‍්මණ, සම‍්මා වදමානො වදෙය්‍ය: අඛණ‍්ඩං අච‍්ඡිද‍්දං අසබලං අකම‍්මාසං පරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං චරතීති, මමෙවෙතං බ්‍රාහ‍්මණ, සම‍්මා වදමානො වදෙය්‍ය” අහං හි බ්‍රාහ‍්මණ, අඛණ‍්ඩං අච‍්ඡිද‍්දං අසබලං අකම‍්මාසං පරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං චරාමීති.

බ්‍රාහ්මණය, යම් මැ පුඟුලකු ගෙණ මනාකොට කියනුයෙක් “අඛණ්ඩ වු අච්ඡිද්‍රවූ අශබල වූ අකල්මාෂ වූ පරිපූර්‍ණ වූ පරිශුද්ධ වූ බ්‍රහ්මචර්‍ය්‍ය පුරන්නේ ය”යි කියන්නේ නම් බ්‍රාහ්මණය, මනාකොට කියනුයේ තෙල කාරණය මා ගෙණ ම කියන්නේ ය. බ්‍රාහ්මණය මම මැ නොකඩ වූ නො සිදුරු වූ අශබල වූ අකල්මාෂ වූ පරිපූර්‍ණ වූ පරිශුද්ධ වූ බ්‍රහ්මචර්‍ය්‍ය පුරමි යි.

කිම‍්පන භො ගොතම, බ්‍රහ‍්මචරියස‍්ස ඛණ‍්ඩම‍්පි ඡිද‍්දම‍්පි සබලම‍්පි කම‍්මාසම‍්පීති.

භවද් ගෞතමයන් වහන්ස, බ්‍රහ්මචර්‍ය්‍යයාගේ ඛණ්ඩ ඡිද්‍ර ශබල (කබර) කල්මාෂ (පුල්ලි) කවරේ දැ යි?

(1) ඉධ බ්‍රාහ‍්මණ, එකච‍්චො සමණො වා බ්‍රාහ‍්මණො වා සම‍්මා බ්‍රහ‍්මචාරී පටිජානමානො න හෙව ඛො මාතුගාමෙන සද‍්ධිං ද‍්වයංද‍්වයසමාපත‍්තිං සමාපජ‍්ජති, අපි ච ඛො මාතුගාමස‍්ස උච‍්ඡාදනපරිමද‍්දනනහාපනසම‍්බාහනං සාදියති, සො තදස‍්සාදෙති, තං නිකාමෙති. තෙන ච විත‍්තිං ආපජ‍්ජති. ඉදම‍්පි ඛො බ්‍රාහ‍්මණ, බ්‍රහ‍්මචරියයස‍්ස ඛණ‍්ඩම‍්පි ඡිද‍්දම‍්පි සබලම‍්පි කම‍්මාසම‍්පි.

(1) බ්‍රාහ්මණය, මෙ ලොව්හි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ ‘මනාකොට බ්‍රහ්මචාරීයෙමි’යි පිළිණ කරන්නේ මාගමක් හා සමග ද්වයංද්වයසමාපත්තියට නො ම පැමිණෙන්නේ ය. වැලිදු මාගමක විසින් ඇඟඉළුම් පිරිමැඩුම් නැහැවීම් සම්බාහන ඉවසන්නේ ය. හේ එය ආස්වාද කරන්නේ ය. එය කැමැති වන්නේ ය. එයින් සතුටට පත් වන්නේ ය.

අයං වුච‍්චති බ්‍රාහ‍්මණ, අපරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං චරති සංයුත‍්තො මෙථුනෙන සංයොගෙන, න පරිමුච‍්චති ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක‍්ඛෙහි දොමනස‍්සෙහි උපායාසෙහි, න පරිමුච‍්චති දුක‍්ඛස‍්මාති වදාමි.

බ්‍රාහ්මණය, මෙ ද බ්‍රහ්මචර්‍ය්‍යයාගේ ඛණ්ඩ ඡින්‍ද්‍ර ශබල කල්මාෂ වෙයි. බ්‍රාහ්මණය, මෙ තෙම මෛථුනසංයෝගයෙන් සංයුක්ත වූයේ අපිරිසිදු බඹසර පුරන්නේ යයි ද ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් නො මිදේ ය යි ද සසරදුකින් නො මිදේ යයි ද කියනු ලැබේ.

(2) පුන චපරං බ්‍රාහ‍්මණ, ඉධෙකච‍්චො සමණො වා බ්‍රාහ‍්මණො වා සම‍්මා බ්‍රහ‍්මචාරී පටිජානමානො න හෙව ඛො මාතුගාමෙන සද‍්ධිං ද‍්වයං ද‍්වයසමාපත‍්තිං සමාපජ‍්ජති, නපි මාතුගාමස‍්ස උච‍්ඡාදනපරිමද‍්දනනහාපනසම‍්බාහනං සාදියති. අපි ච ඛො මාතුගාමෙන සද‍්ධිං සඤ‍්ජග‍්ඝති සඞ‍්කීළති සඞ‍්කෙලායති -පෙ-

(2) තව ද බ්‍රාහ්මණය, මෙ ලොව්හි ඇතැම් මහණෙක් වේවයි බමුණෙක් වේවයි ‘මනාකොට බ්‍රහ්මචාරීමි’යි ප්‍රතිඥා කරන්නේ මාගමක හා සමග ද්වයංද්වයසමාපත්තියට නො ම සමවදනේ ය. මාගමක විසින් සිරිරු ඉලීම් පිරිමැඩුම් නැහැවීම් සම්බාහන නො ද ඉවසන්නේ ය. වැලිදු මාගමක හා සමග සිනා කථායෙන් සෙයි, ක්‍රීඩා කෙරෙයි. මහසිනා කෙරෙයි ...

(3) නපි මාතුගාමෙන සද‍්ධිං සඤ‍්ජග‍්ඝති සඞ‍්කිළති සඞ‍්කෙලායති, අපි ච ඛො මාතුගාමස‍්ස චක‍්ඛුනා චක‍්ඛුං උපනිජ‍්ඣායති පෙක‍්ඛති. -පෙ-

(3) මාගමක හා සමග නො ද සිනාබසින් සෙයි, ක්‍රීඩා නො කෙරෙයි, මහ හසිතයෙන් නො සෙයි. වැලිදු සියැසින් මාගම්හුගේ ඇස පිළිවිද දක්නේ ය, බලන්නේ ය ...

(4) නපි මාතුගාමස‍්ස චක‍්ඛුනා චක‍්ඛුං උපනිජ‍්ඣායති පෙක‍්ඛති, අපි ච ඛො මාතුගාමස‍්ස සද‍්දං සුණාති, තිරොකුඩ‍්ඩං වා තිරොපාකාරං වා හසන‍්තියා වා භණන‍්තියා වා ගායන‍්තියා වා රොදන‍්තියා වා -පෙ-

(4) මාගම්හුගේ ඇස තම ඇසින් නො ද පිළිවිද දක්නේ ය. නො බලන්නේ ය. වැලිත් බිතින් පිටත්හි වේවයි පවුරින් පිටත්හි වේවයි සෙන්නා වූ හෝ බණන්නා වූ හෝ ගයන්නා වූ හෝ හඬන්නා වූ හෝ මාගමගේ ශබ්දය අසයි ...

(5) නපි මාතුගාමස‍්ස සද‍්දං සුණාති, තිරොකුඩ‍්ඩං වා තිරොපාකාරං වා හසන‍්තියා වා භණන‍්තියා වා ගායන‍්තියා වා රොදන‍්තියා වා, අපි ච ඛො යානිස‍්ස තානි පුබ‍්බෙ මාතුගාමෙන සද‍්ධිං හසිතලපිතකීළිතානි තානි අනුස‍්සරති -

(5) බිතින් මුවායෙහි වේවයි පවුරින් මුවායෙහි වේවයි සෙන්නා වු හෝ බණන්නා වූ හෝ ගයන්නා වූ හෝ හඬන්නා වූ හෝ මාගමගේ ශබ්දය නො ද අසයි. වැලිත් මාගමක හා සමඟ ඔහු විසින් පෙර කළ යම් හසිත ලපිත කීළිතයෝ වෙත් නම් එ හැම අනුස්මරණ කෙරෙයි ...

(6) නපි යානිස‍්ස තානි පුබ‍්බෙ මාතුගාමෙන සද‍්ධිං හසිතලපිතකීළිතානි තානි අනුස‍්සරති. අපි ච ඛො පස‍්සති ගහපතිං වා ගහපතිපුත‍්තං වා පඤ‍්චහි කාමගුණෙහි සමප‍්පිතං සමඞ‍්ගිභූතං පරිචාරියමානං. -පෙ-

(6) ඔහු විසින් පෙර මාගමක හා සමඟ කළ යම් හසිත - ලපිත - කීළිතයෝ වෙත් නම් ඔවුන් නො ද අනුස්මරණය කෙරෙයි. වැලිත් පස්කම් ගුණෙන් සමර්පිත වූ සමන්‍වාගත වූ පරිචරණය කරණු ලබන ගැහැවියකු හෝ ගැහැවිපුතකු හෝ දක්නේ ය ...

(7) නපි පස‍්සති ගහපතිං වා ගහපතිපුත‍්තං වා පඤ‍්චහි කාමගුණෙහි සමප‍්පිතං සමඞ‍්ගිභූතං පරිචාරියමානං. අපි ච ඛො අඤ‍්ඤතරං දෙවනිකායං පණිධාය බ්‍රහ‍්මචරියං චරති ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්‍රහ‍්මචරියෙන වා දෙවො වා භවිස‍්සාමි දෙවඤ‍්ඤතරො වාති. සො කදස‍්සාදෙති, තන‍්නිකාමෙති, තෙන ච විත‍්තිං ආපජ‍්ජති.

(7) පස්කම් ගුණෙන් සමර්පිත වූ සමන්‍වාගත වූ පරිචරණය කරණු ලබන ගැහැවියකු හෝ ගැහැවිපුතකු හෝ නො දක්නේ ය. නො ලබන්නේ ය. වැලිත් “මම් මෙ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තවුස්දමින් හෝ බඹසරින් ප්‍රකට දෙවියෙකිම් හෝ අප්‍රකට දෙවියෙකිම් හෝ වෙමි”යි අන්‍යතර දේවනිකායක් පතා බ්‍රහ්මචර්‍ය්‍ය පුරයි. හෙ එය ආස්වාද විසින් විඳියි. එය පතයි. එයින් ම සෑහීමට පැමිණෙයි.

ඉදම‍්පි ඛො බ්‍රාහ‍්මණ, බ්‍රහ‍්මචරියස‍්ස ඛණ‍්ඩම‍්පි ඡිද‍්දම‍්පි සබලම‍්පි කම‍්මාසම‍්පි.

බ්‍රාහ්මණය, මෙ ද බ්‍රහ්මචර්‍ය්‍යයාගේ ඛණ්ඩ ද, ඡිද්‍ර ද, ශබල ද, කල්මාෂ ද වෙයි.

අයං වුච‍්චති බ්‍රාහ‍්මණ, අපරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං චරති, සංයුත‍්තො මෙථුනෙන සංයොගෙන න පරිමුච‍්චති, ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක‍්ඛෙහි දොමනස‍්සෙහි උපායාසෙහි. න පරිමුච‍්චති දුක‍්ඛස‍්මාති වදාමි.

බ්‍රාහ්මණය, මෙතෙම අපරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය පුරන්නේ යයි ද මෛථුනසංයෝගයෙන් සංයුක්ත යයි ද ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් නො මිදේ යයි කියනු ලැබේ. වර්ත්තදුක්ඛයෙන් නො මිදේ යයි කියමි.

යාවකීවඤ‍්චාහං බ්‍රාහ‍්මණ ඉමෙසං සත‍්තන‍්නං මෙථුනසංයොගානං අඤ‍්ඤතරඤ‍්ඤතරං මෙථුනසංයොගං අත‍්තනි අප‍්පහීනං සමනුපස‍්සිං, නෙව තාවාහං බ්‍රාහ‍්මණ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ‍්මකෙ, සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සාය අනුත‍්තරං සම‍්මාසම‍්බොධිං අභිසම‍්බුද‍්ධො පච‍්චඤ‍්ඤාසිං.

බ්‍රාහ්මණය, මම යම් තාක් මෙ සප්ත මෛථුන සංයෝගයන් කෙරෙහි තමන් තුළ අප්‍රහීණ යම් ම මෛථුන සංයෝගයන් නුවණින් දිටිම් ද, බ්‍රාහ්මණය, ඒතාක් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොව්හි, මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව කෙරෙහි “අනුත්තර සම්‍යක්සම්බෝධිය අවබෝධ කෙළෙමි”යි ප්‍රතිඥා නො ම කෙළෙමි.

යතො ච ඛො අහං බ්‍රාහ‍්මණ, ඉමෙසං සත‍්තන‍්නං මෙථුනසංයොගානං න අඤ‍්ඤතරඤ‍්ඤතරං මෙථුනසංයොගං අත‍්තනි අප‍්පහීනං සමනුපස‍්සිං, අථාහං බ්‍රාහ‍්මණ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ‍්මකෙ, සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සාය අනුත‍්තරං සම‍්මාසම‍්බොධිං අභිසම‍්බුද‍්ධො, පච‍්චඤ‍්ඤාසිං.

බ්‍රාහ්මණය, යම් කලෙක මම මේ සප්තමෛථුනසංයෝගයන් කෙරෙහි තමන් තුළ අප්‍රහීණ යම් මැ මෛථුනසංයෝගයක් නො ම දිටිම් ද, බ්‍රාහ්මණය, එකල්හි මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි, මහණබඹුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව කෙරෙහි “අනුත්තර සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළෙමි”යි පිළිණ කෙළෙමි.

ඤාණඤ‍්ච පන මෙ දස‍්සනං උදපාදි: අකුප‍්පා මෙ චෙතොවිමුත‍්ති, අයමන‍්තිමා ජාති, නත්‍ථිදානි පුනබ‍්භවොති.

මාගේ චිත්තවිමුක්තිය අකෝප්‍ය ය, මෙ අන්තිම ජාතිය යි. දැන් පුනර්‍භවයෙක් නැතැ යි මට ඥානදර්‍ශනය ද උපනැ යි.

එවං වුත‍්තෙ ජාණුස‍්සොණී බ්‍රාහ‍්මණො භගවන‍්තං එතදවොච -පෙ- (උපාසකං මං භවං ගොතමො ධාරෙතු) අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගතන‍්ති.

මෙසේ වදාළ කල්හි ජාණුස්සෝණී බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල කී ය. මා අද පටන් කොට දිවිහිමියෙන් සරණ ගිය උවසු කොට ධරණසේක්වා යි.