විත්ථතසත්තසඤ්ඤා සුත්තං
7. 1. 5. 6.
7. 1. 5. 6.
[විත්ථතසත්තසඤ්ඤා සුත්තං]
[විත්ථතසත්තසඤ්ඤා සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
49. සත්තිමා භික්ඛවෙ, සඤ්ඤා භාවිතා බහුලීකතා මහප්ඵලා හොන්ති මහානිසංසා අමතොගධා අමතපරියොසානා. කතමා සත්ත:
49. මහණෙනි, මෙ සත් සංඥාවෝ භාවිත බහුලීකෘත වූවාහු මහත්ඵල මහානිසංස ඇත්තාහු අමෘතවගාහ වූවාහු අමෘතය පර්‍ය්‍යවසාන කොට ඇතියාහු වෙත්. කවර සත් දෙනෙක යත්:
අසුභසඤ්ඤා, මරණසඤ්ඤා, ආහාරෙ පටික්කූලසඤ්ඤා, සබ්බලොකෙ අනභිරතසඤ්ඤා, අනිච්චසඤ්ඤා අනිච්චෙ දුක්ඛසඤ්ඤා, දුක්ඛෙ අනත්තසඤ්ඤා.
අසුභසඤ්ඤා ය, මරණසඤ්ඤා ය, ආහාරයෙහි පටික්කූලසඤ්ඤා ය, සබ්බලෝකයෙහි අනභිරතසඤ්ඤා ය, අනිච්චසඤ්ඤා ය, අනිච්චයෙහි දුක්ඛසඤ්ඤා ය, දුක්ඛයෙහි අනත්තසඤ්ඤා යි.
ඉමා ඛො භික්ඛවෙ, සත්ත සඤ්ඤා, භාවිතා බහුලීකතා මහප්ඵලා හොන්ති මහානිසංසා අමතොගධා අමතපරියොසානා’ති.
මහණෙනි, මෙ සප්ත සංඥාවෝ භාවිත බහුලීකෘත වූවාහු, මහත්ඵල මහානිශංස ඇතියාහු අමෘතවගාහ වූවාහු අමෘතපර්‍ය්‍යවසාන වූවාහු වෙතැයි.
(1) අසුභසඤ්ඤා භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානාති ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං:
(1) මහණෙනි, ‘අසුභසංඥා භාවිත වූවා, බහුලීකෘත වූවා මහත්ඵල වෙයි, මහානිශංස වෙයි, අමෘතාවගධ (අමෘතයට පිහිට) වෙයි, අමෘතපර්‍ය්‍යාවසාන වෙයි,’ යන යමක් කියනලද නම් තෙලෙ කරුණ කුමක් පිණිස කියනලද ය යත්:
අසුභසඤ්ඤා පරිචිතෙන භික්ඛවෙ, භික්ඛුනො චෙතසා බහුලං විහරතො මෙථුනධම්මසමාපත්තියා චිත්තං පතිලීයති පතිකුටති පතිවට්ටති න සම්පසාරීයති. උපෙක්ඛා වා පටික්කූල්යතා වා සණ්ඨාති.
මහණෙනි, අශුභසංඥායෙහි පරිචිත (පුරුදු) චිත්තයෙන් බහුල කොට වෙසෙන භික්ෂුහුගේ චිත්තය මෙවුන්දම් සමවතින් සැඟැවෙයි, හැකිළෙයි, පෙරළෙයි, ඉදු ව නො යෙයි. උපේක්ෂාව හෝ පිළිකුල් බව හෝ පිහිටයි.
සෙය්යථාපි භික්ඛවෙ, කුක්කුටපත්තං වා නහාරුදද්දුලං වා අග්ගිම්හි පක්ඛිත්තං පතිලීයති පතිකුටති පතිවට්ටති න සම්පසාරීයති, එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛුනො අසුභසඤ්ඤා පරිචිතෙන චෙතසා බහුලං විහරතො මෙථුනධම්මසමාපත්තියා චිත්තං පතිලීයති පතිකුටති පතිවට්ටති න සම්පසාරීයති. උපෙක්ඛා වා පටික්කූල්යතා වා සණ්ඨාති.
මහණෙනි, කුකුළුපියාපතක් හෝ නහරකඩක් හෝ ගින්නෙහි බහාලන ලදුයේ යම් සෙයින් සැඟැවේ ද, හැකිළේ ද, පෙරළේ ද, ඍජුව නො යේ ද, මහණෙනි, එසෙයින් ම අශුභයෙහි පරිචිත වූ චිත්තයෙන් බහුල කොට වාස කරණ මහණහුගේ චිත්තය මෛථුනධර්ම සමාපත්තියෙන් සැඟැවෙයි, හැකිළෙයි, පෙරළෙයි, ඉදු ව නො යෙයි. උපේක්ෂාව හෝ පිළිකුල්බව හෝ පිහිටනේ ය.
සචෙ භික්ඛවෙ, භික්ඛුනො අසුභසඤ්ඤාපරිචිතෙන චෙතසා බහුලං විහරතො මෙථුනධම්මසමාපත්තියා චිත්තං අනුසන්දති අප්පටිකූල්යතා වා සණ්ඨාති, වෙදිතබ්බමෙතං භික්ඛවෙ, භික්ඛුනා ‘අභාවිතා මෙ අසුභසඤ්ඤා’ නත්ථි මෙ පුබ්බෙනාපරං විසෙසො, අප්පත්තං මෙ භාවනාඵලන්ති ඉතිහ තත්ථ සම්පජානො හොති.
මහණෙනි, ඉදින් අශුභ සංඥායෙහි පරිචිත චිත්තයෙන් බහුල කොට වෙසෙන මහණහුගේ චිත්තය මෛථුනසමාපත්තියෙහි අනුගතව පවතී නම්, ප්‍රතිකූලතාව හෝ නො සිටුනේ නම්, මහණෙනි, “මා විසින් අශුභසංඥා නො වඩනාලදු, පෙර නොවැඩූ කල්හි සෙයින් අශුභසංඥා වැඩූ පසුකල්හිදු විශේෂ (ලාභ) යෙක් මට නැත. මා විසින් භාවනාඵලය නො ලබනලදැ”යි එ භික්ෂුහු විසින් තෙල කරුණ දත යුතුයි. මෙසෙයින් එ කරුණෙහි ලා (හේ) මනා පැණැතියේ වන්නේ ය.
සචෙ පන භික්ඛවෙ භික්ඛුනො අසුභසඤ්ඤා පරිචිතෙන චෙතසා බහුලං විහරතො මෙථුනධම්මසමාපත්තියා චිත්තං පතිලීයති පතිකුටති පතිවට්ටති න සම්පසාරීයති උපෙක්ඛා වා පටික්කූල්යතා වා සණ්ඨාති, වෙදිතබ්බමෙතං භික්ඛවෙ, භික්ඛුනා භාවිතා මෙ අසුභසඤ්ඤා, අත්ථි මෙ පුබ්බෙනාපරං විසෙසො, පත්තං මෙ භාවනාඵලන්ති ඉතිහ තත්ථ සම්පජානො හොති.
මහණෙනි, ඉදින් අශුභසංඥායෙහි පරිචිත චිත්තයෙන් බහුල කොට වෙසෙන මහණහුගේ චිත්තය මෛථුනධර්ම සමාපත්තියෙන් සැඟැවේ නම් හැකිළේ නම්, පෙරළේ නම්, ඉදු ව නො යේ නම්, උපේක්ෂාව හෝ පිළිකුල්බව හෝ සිටුනේ නම්, මහණෙනි, “මා විසින් අශුභසංඥා වඩනා ලදු, මට පෙරැට (භාවනා නො වැඩූ කලට) වැඩි විශේෂයෙක් වැඩූ පසුකල්හි ඇත, මට භාවනාවෙහි ඵල ඇතැ”යි එ භික්ෂුහු විසින් දත යුතු යි. මෙසේ එ කරුණෙහි ලා මනාකොට දන්නේ වෙයි.
අසුභසඤ්ඤා භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානාති ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්චවුත්තං.
මහණෙනි, “භාවිත වූ බහුලීකෘත වූ අශුභසංඥා මහත්ඵල වේ, මහානිශංස වේ, අමෘතොගධ අමෘතපර්‍ය්‍යාවසාන වේ” යයි යමක් කියන ලද නම්, තෙල මෙ සඳහා කියන ලදි.
(2) මරණසඤ්ඤා භික්ඛවෙ භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානාති ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං:
(2) මහණෙනි, “භාවිත වූ බහුලීකෘත වූ මරණසංඥා මහත්ඵල මහානිශංස වෙයි, අමෘතොගධ අමෘතපර්‍ය්‍යවසාන වේ”යයි මෙසේ යමක් කියනලද නම්, තෙල කරුණ කවර කරුණක් පිණිස කියනලද ය යත්:
මරණසඤ්ඤා පරිචිතෙන භික්ඛවෙ, භික්ඛුනො චෙතසා බහුලං විහරතො ජීවිතනිකන්තියා චිත්තං පතිලීයති පතිකුටති පතිවට්ටති න සම්පසාරීයති. උපෙක්ඛා වා පටික්කූල්යතා වා සණ්ඨාති.
මහණෙනි, මරණසංඥායෙහි පරචීත සිතින් බහුල කොට වෙසෙන මහණහුගේ චිත්තය ජීවිතනික්කාන්තියෙන් සැඟැවෙයි, හැකිළෙයි, පෙරළෙයි, ඉදු ව නො යෙයි. උපේක්ෂාව හෝ ප්‍රතිකූලභාවය හෝ සිටුනේ ය.
සෙය්යථාපි භික්ඛවෙ, කුක්කුටපත්තං වා නහාරුදද්දුලං වා අග්ගිම්හි පක්ඛිත්තං පතිලීයති පතිකුටති පතිවට්ටති න සම්පසාරීයති. එවමෙව ඛො භික්ඛවෙ භික්ඛුනො මරණසඤ්ඤා පරිචිතෙන චෙතසා බහුලං විහරතො ජීවිතනිකන්තියා චිත්තං පතිලීයති පතිකුටති පතිවට්ටති න සම්පසාරීයති. උපෙක්ඛා වා පටික්කූල්යතා වා සණ්ඨාති.
මහණෙනි, කුකුළු පියාපතක් හෝ නහරකැබැල්ලක් හෝ ගින්නෙහි බහනලදුයේ යම් පරිදි සැඟැවේ ද, හැකිළේ ද, පෙරළී යේ ද, ඉදු ව නො යේ ද, මහණෙනි, එ පරිදි ම මරණසංඥායෙහි පරිචිත චිත්තයෙන් බහුල කොට වෙසෙන මහණහුගේ සිත ජිවිතනිකාන්තියෙන් සැඟැවෙයි, හැකිළෙයි, පෙරළී යයි, ඉදුව නො යෙයි. උපේක්ෂාව හෝ පිළිකුල්බව හො පිහිටනේ ය.
සචෙ භික්ඛවෙ, භික්ඛුනො මරණසඤ්ඤා පරිචිතෙන චෙතසා බහුලං විහරතො ජීවිතනිකන්තියා චිත්තං අනුසන්දති, අප්පටිකූල්යතා වා සණ්ඨාති, වෙදිතබ්බමෙතං භික්ඛවෙ, භික්ඛුනා ‘අභාවිතා මෙ මරණසඤ්ඤා, නත්ථි මෙ පුබ්බෙනාපරං විසෙසො, අප්පත්තං මෙ භාවනාඵලන්ති’ ඉතිහ තත්ථ සම්පජානො හොති.
මහණෙනි, ඉදින් මරණසංඥායෙහි පරිචිත චිත්තයෙන් බහුල කොට වෙසෙන මහණහුගේ චිත්තය ජීවිතනික්කාන්තියෙහි (ජීවිතාශාවෙහි) අනුගතව පවත්නේ නම්, අප්රතිකූලතාව හො පිහිටනේ නම්, මහණෙනි, “මා විසින් මරණසංඥා නො වඩනලදු, මට පෙරට වැඩි අපරකාලයෙහි වූ විශේෂයෙක් නැත. මා විසින් භාවනාඵලය නො ලබනලදැ”යි යන තෙල කරුණ එ මහණහු විසින් දතයුතු මෙසෙයින් එහි ලා සම්‍යක්ප්‍රඥා ඇතියේ වෙයි.
සචෙ පන භික්ඛවෙ, භික්ඛුනො මරණසඤ්ඤා පරිචිතෙන චෙතසා බහුලං විහරතො ජීවිතනිකන්තියා චිත්තං පතිලීයති පතිකුටති පතිවට්ටති න සම්පසාරීයති, උපෙක්ඛා වා පටික්කූල්යතා වා සණ්ඨාති, වෙදිතබ්බමෙතං භික්ඛවෙ, භික්ඛුනා ‘භාවිතා මෙ මරණසඤ්ඤා, අත්ථි මෙ පුබ්බෙනාපරං විසෙසො, පත්තං මෙ භාවනාඵලන්ති’ ඉතිහ තත්ථ සම්පජානො හොති.
මහණෙනි, ඉදින් මරණසංඥායෙහි පරිචිත චිත්තයෙන් බහුල කොට වෙසෙන මහණහුගේ චිත්තය ජීවිතනික්කාන්තියෙන් සැඟවේ නම්, හැකිළේ නම්, පෙරළේ නම්, ඉදු ව නො යේ නම්, උපේක්ෂාව හෝ පිළිකුල්බව හෝ පිහිටා නම්, මහණෙනි, “මා විසින් මරණසංඥා වඩනලදු, පෙර අභාවිත කාලයට වැඩි වූ විශේෂයෙක් භාවිත වූ අපරකාලයෙහි මට ඇත. මට භාවනාඵලය ඇතැ”යි යන තෙල කරුණ භික්ෂුහු විසින් දත යුතුයි. මෙසෙයින් හෙ මෙ කරුණෙහි ලා මනාකොට දන්නේ වෙයි.
මරණසඤ්ඤා භික්ඛවෙ භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානාති, ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
මහණෙනි, භාවිත බහුලීකෘත මරණසංඥා මහත්ඵල මහානිශංස, අමතෝගධ අමතපරියොසාන වේ යයි යමක් මෙසේ කියනලද නම් තෙල කරුණ මෙ පිණිස කියන ලදි.
(3) ආහාරෙ පටික්කූලසඤ්ඤා භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානාති, ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං:
(3) මහණෙනි, “ආහාරයෙහි ප්‍රතිකූලසංඥා භාවිතා වූවා බහුලීකෘත වූවා මහත්ඵල වෙයි. මහානිශංස වෙයි. අමෘතාවගධ අමෘත පර්‍ය්‍යවසාන කොට ඇතැ”යි මෙසේ යම් කියන ලද නම් තෙල කරුණ කවර හෙයින් කියන ලද ය යත්:
ආහාරෙ පටික්කූලසඤ්ඤා පරිචිතෙන භික්ඛවෙ, භික්ඛුනො චෙතසා බහුලං විහරතො රසතණ්හාය චිත්තං පතිලීයති -පෙ- උපෙක්ඛා වා පටික්කූල්යතා වා සණ්ඨාති.
මහණෙනි, ආහාරයෙහි ප්රතිකූලසංඥායෙහි පරිචිත සිතින් බහුලකොට වෙසෙන මහණහුගේ රසතෘෂ්ණායෙන් චිත්තය සැඟැවෙයි ... උපේක්ෂාව හෝ ප්‍රතිකූලතාව හෝ සිටුනේ ය.
සෙය්යථාපි භික්ඛවෙ, කුක්කුටපත්තං වා නහාරුදද්දුලං වා අග්ගිම්හි පක්ඛිත්තං පතිලීයති පතිකුටති පතිවට්ටති න සම්පසාරීයති, එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛුනො ආහාරෙ පටික්කූලසඤ්ඤාපරිචිතෙන චෙතසා බහුලං විහරතො රසතණ්හාය චිත්තං පතිලීයති -පෙ- උපෙක්ඛා වා පටික්කූල්යතා වා සණ්ඨාති.
මහණෙනි, යම්සේ කුකුළුපියාපතෙක් වේවයි නහරකඩෙක් වේවයි, ගින්නෙහි බහන ලදුයේ ප්‍රතිලීන වේ ද, හැකිළේ ද, පෙරළේ ද, ඉදු ව නො යේ ද, එපරිදි ම මහණෙනි, ආහාරයෙහි ප්රතිකූලසංඥායෙන් පරිචිත වූ සිතින් බොහෝ සෙයින් වෙසෙන මහණහුගේ සිත රසතෘෂ්ණායෙන් ප්‍රතිලීන වෙයි ... උපේක්ෂාව හෝ පිළිකුල්බව පිහිටයි.
සචෙ භික්ඛවෙ, භික්ඛුනො ආහාරෙ පටික්කූලසඤ්ඤාපරිචිතෙන චෙතසා බහුලං විහරතො රසතණ්හාය චිත්තං අනුසන්දති, අප්පටික්කූල්යතා වා සණ්ඨාති, වෙදිතබ්බමෙතං භික්ඛවෙ, භික්ඛුනො ‘අභාවිතා මෙ ආහාරෙ පටික්කූලසඤ්ඤා, නත්ථි මෙ පුබ්බෙනාපරං විසෙසො, අප්පත්තං මෙ භාවනාඵලන්ති’ ඉතිහ තත්ථ සම්පජානො හොති.
මහණෙනි, ඉදින් ආහාරයෙහි ප්‍රතිකූල සංඥායෙන් පරිචිත වූ සිතින් බොහෝ සෙයින් වෙසෙන මහණහුගේ සිත රසතෘෂ්ණායෙහි වැටේ ද, නො පිළිකුල්බව හෝ පිහිටා ද, මහණෙනි, “මා විසින් වඩනා ලද ආහාරයෙහි ප්‍රතිකූලසංඥාව අභාවිත යයි ද, මට පෙරට වැඩි වෙසෙසෙක් පසුව නැතියි ද, මා විසින් භාවනාඵලය නො ලබනලදැයි ද” යන තෙල කරුණ ඒ භික්ෂු විසින් දතයුතු යි. මෙසේ එහි ලා හේ සම්‍යක්ප්‍රඥා ඇත්තේ වෙයි.
සචෙ පන භික්ඛවෙ, භික්ඛුනො ආහාරෙ පටික්කූලසඤ්ඤාපරිචිතෙන චෙතසා බහුලං විහරතො රසතණ්හාය චිත්තං පතිලීයති -පෙ- උපෙක්ඛා වා පටික්කූල්යතා වා සණ්ඨාති, වෙදිතබ්බමෙතං භික්ඛවෙ, භික්ඛුනා ‘භාවිතා මෙ ආහාරෙ පටික්කූලසඤ්ඤා, අත්ථි මෙ පුබ්බෙනාපරං විසෙසො, පත්තං මෙ භාවනාඵලන්ති’ ඉතිහ තත්ථ සම්පජානො හොති.
මහණෙනි, ඉදින් ආහාරයෙහි ප්රතිකූලසංඥායෙන් පරිචිත වූ සිතින් බහුල කොට වෙසෙන මහණුගේ සිත රසතෘෂ්ණායෙන් ප්‍රතිලීන වේ ද ... උපේක්ෂාව හෝ ප්රතිකූල්යතාව හෝ පිහිටා ද, මහණෙනි, ඒ භික්ෂුහු විසින් “ආහාරයෙහි ප්‍රතිකූලසංඥාව මා විසින් බවනලදැයි ද, මට පෙරට වැඩි වෙසෙසක් දැන් ඇතැයි ද, මා විසින් භාවනාඵලය ලබනලදැයි ද යන තෙල කරුණ දතයුතු යි. මෙසේ එහි ලා සම්‍යක්ප්‍රඥා ඇතියේ වෙයි.
ආහාරෙ පටික්කූලසඤ්ඤා භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානාති, ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
මහණෙනි, ආහාරයෙහි ප්‍රතිකූලසංඥා භාවිත වූවා බහුලීකෘත වූවා මහත්ඵල වෙයි. මහානිසංස ඇත්තී ය. අමෘතය පිහිට කොට ඇත්තීය, අමෘතය පර්‍ය්‍යාවසාන කොට ඇත්තී යයි මෙසේ යමක් කියන ලද නම් තෙල කරුණ මේ පිණිස කියන ලදි.
(4) සබ්බලොකෙ අනභිරතසඤ්ඤා භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානාති, ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං:
(4) මහණෙනි, සර්වලෝකයෙහි අනභිරතසංඥා ව වඩනාලද්දී බහුලවශයෙන් පුරුදු කරණලද්දී මහත්ඵල වෙයි, මහානිසංස වෙයි. නිවන පිහිට කොට ඇත්තී ය. නිවන් අවසන් කොට ඇත්තී යයි, මෙසේ යමක් කියනලද නම් තෙල කරුණ කුමක් පිණිස කියන ලද ද:
සබ්බලොකෙ අනභිරතසඤ්ඤා පරිචිතෙන භික්ඛවෙ, භික්ඛුනො චෙතසා බහුලං විහරතො ලොකචිත්තෙසු චිත්තං පතිලීයති පතිකුටති පතිවට්ටති න සම්පසාරීයති. උපෙක්ඛා වා පටික්කූල්යතා වා සණ්ඨාති.
මහණෙනි, සර්වලෝකයෙහි අනභිරතසංඥායෙන් පරිචිත වූ සිතින් බහුල වශයෙන් වෙසෙන මහණහුගේ සිත ලෝකචිත්තයන්හි ප්‍රතිලීන වෙයි, හැකිළෙයි, පෙරළෙයි, ඉදු ව නො යෙයි, උපේක්ෂාව හෝ ප්රතීකූල්යතාව හෝ පිහිටයි.
සෙය්යථාපි භික්ඛවෙ, කුක්කුටපත්තං වා නහාරු දද්දුලං වා අග්ගිම්හි පක්ඛිත්තං පතිලීයති පතිකුටති. පතිවට්ටති න සම්පසාරීයති, එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛුනො සබ්බලොකෙ අනභිරතසඤ්ඤා පරිචිතෙන චෙතසා බහුලං විහරතො ලොකචිත්තෙසු චිත්තං පතිලීයති පතිකුටති පතිවට්ටති න සම්පසාරීයති, උපෙක්ඛා වා පටික්කූල්යතා වා සණ්ඨාති.
මහණෙනි, යම් සේ කුකුළුපියාපතෙක් වේවයි නහරවැලෙක් වේවයි ගින්නෙහි බහන ලදුයේ ප්‍රතිලීන වේ ද, හැකිළේ ද, පෙරළේ ද, ඉදු ව නො යේ ද, එ පරිදි ම මහණෙනි, සර්වලෝකයෙහි අනභිරතසංඥායෙන් පරිචිත වූ සිතින් බොහෝ සෙයින් වෙසෙන මහණහුගේ සිත (තෙධාතුකලෝකසන්නිවාසසඞ්ඛ්යාත) ලෞකික චිත්තයන්හි ප්‍රතිලීන වෙයි, හැකිළෙයි, පෙරළෙයි, ඉදු ව නො යෙයි, උපේක්ෂාව හෝ පිළිකුල් බව හෝ පිහිටයි.
සචෙ පන භික්ඛවෙ, භික්ඛුනො සබ්බලොකෙ අනභිරතසඤ්ඤා පරිචිතෙන චෙතසා බහුලං විහරතො ලොකචිත්තෙසු චිත්තං අනුසන්දති, අප්පටික්කූල්යතා වා සණ්ඨාති. වෙදිතබ්බමෙතං භික්ඛවෙ, භික්ඛුනා “අභාවිතා මෙ සබ්බලොකෙ අනභිරතසඤ්ඤා, නත්ථි මෙ පුබ්බෙනාපරං විසෙසො, අප්පත්තං මෙ භාවනාඵලන්ති” ඉතිහ තත්ථ සම්පජානො හොති.
මහණෙනි, ඉදින් සර්වලෝකයෙහි අනභිරතසංඥායෙන් පරිචිත වූ සිතින් බොහෝ සෙයින් වෙසෙන මහණහුගේ සිත ලෞකික චිත්තයන්හි පවතී ද, නො පිළිකුල් බව හෝ පිහිටා ද, මහණෙනි, “මා විසින් වඩනාලද සර්වලෝකයෙහි අනභිරතසංඥාව අභාවිතය යි ද, මට පෙරට වැඩි අන් වෙසෙසෙක් නැතැයි ද, මා විසින් භාවනාඵලය නො ලබන ලදැයි ද” යන තෙල කරුණ ඒ භික්ෂු විසින් දත යුතු යි. මෙසේ එහි ලා සම්‍යක් ප්‍රඥා ඇත්තේ වෙයි.
සචෙ පන භික්ඛවෙ, භික්ඛුනො සබ්බලොකෙ අනභිරතසඤ්ඤා පරිචිතෙන චෙතසා බහුලං විහරතො ලොකචිත්තෙසු චිත්තං පතිලීයති පතිකුටති පතිවට්ටති න සම්පසාරීයති, උපෙක්ඛා වා පටික්කූල්යතා වා සණ්ඨාති, වෙදිතබ්බමෙතං භික්ඛවෙ භික්ඛුනා “භාවිතා මෙ සබ්බලොකෙ අනභිරතසඤ්ඤා, අත්ථි මෙ පුබ්බොනාපරං විසෙසො, පත්තං මෙ භාවනා ඵලන්ති” ඉතිහ තත්ථ සම්පජානො හොති.
මහණෙනි, ඉදින් සර්වලෝකයෙහි අනභිරතසංඥායෙන් පරිචිත වූ සිතින් බහුල වශයෙන් වෙසෙන මහණහුගේ සිත ලෞකිකචිත්තයන්හි ප්‍රතිලීන වේ ද, හැකිළේ ද, පෙරළේ ද, ඉදු ව නො යේ ද, උපේක්ෂාව හෝ පිළිකුල් බව හෝ පිහිටා ද, මහණෙනි, එ මහණ විසින් “සර්වලෝකයෙහි අනභිරතසංඥාව මා විසින් වඩන ලදැයි ද, මට පෙරට වැඩි වෙසෙසක් පසුව ඇතැයි ද, මා විසින් භාවනාඵලය ලබන ලදැයි ද” යන තෙල කරුණ දත යුතු යි. මෙසේ එහි ලා සම්‍යක් ප්‍රඥා ඇතියේ වෙයි.
සබ්බලොකෙ අනභිරතසඤ්ඤා භික්ඛවෙ භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානාති, ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
මහණෙනි, සර්වලෝකයෙහි අනභිරතසංඥා භාවිතා වූවා බහුලීකෘත වූවා මහත්ඵල වෙයි. මහානිසංස ඇත්තී ය. අමෘතය පිහිට කොට ඇත්තී ය. අමෘතය පර්‍ය්‍යවසාන කොට ඇත්තී ය යි මෙසේ යමක් කියන ලද නම් තෙල කරුණ මේ පිණිස කියන ලදී.
(5) අනිච්චසඤ්ඤා භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානාති, ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං:
(5) මහණෙනි, අනිත්‍යසංඥා වඩනලද්දී බහුල වශයෙන් පුරුදු කරණ ලද්දී මහත්ඵල වෙයි. මහානිසංස වෙයි. නිවන පිහිට කොට ඇත්තී ය, නිවන අවසන් කොට ඇත්තී යයි මෙසේ යමක් කියනලද නම් තෙල කරුණ කුමක් පිණිස කියනලද ද:
අනිච්චසඤ්ඤාපරිචිතෙන භික්ඛවෙ, භික්ඛුනො චෙතසා බහුලං විහරතො ලාභසක්කාරසිලොකෙ චිත්තං පතිලීයති පතිකුටති පතිවට්ටති න සම්පසාරීයති, උපෙක්ඛා වා පටික්කූල්යතා වා සණ්ඨාති.
මහණෙනි, අනිත්‍යසංඥායෙන් පරිචිත වූ සිතින් බහුල වශයෙන් වෙසෙන මහණහුගේ සිත ලාභසත්කාරකීර්තිප්රශංසාහි ප්‍රතිලීන වෙයි, හැකිළෙයි, පෙරළෙයි, ඉදු ව නො යෙයි. උපේක්ෂාව හෝ ප්රතිකූල්යතාව හෝ පිහිටයි.
සෙය්යථාපි භික්ඛවෙ, කුක්කුටපත්තං වා නහාරුදද්දුලං වා අග්ගිම්හි පක්ඛිත්තං පතිලීයති පතිකුටති පතිවට්ටති න සම්පසාරීයති, එවමෙව ඛො භික්ඛවෙ භික්ඛුනො අනිච්චසඤ්ඤා පරිචිතෙන චෙතසා බහුලං විහරතො ලාභසක්කාරසිලොකෙ චිත්තං පතිලීයති, පතිකුටති පතිවට්ටති න සම්පසාරීයති. උපෙක්ඛා වා පටික්කූල්යතා වා සණ්ඨාති.
මහණෙනි, යම්සේ කුකුළුපියාපතෙක් වේවයි නහරවැලෙක් වේවයි ගින්නෙහි බහන ලදුයේ ප්‍රතිලීන වේ ද, හැකිළේ ද, පෙරළේ ද, ඉදු ව නො යේ ද, එපරිදිම මහණෙනි, අනිත්‍යසංඥායෙන් පරිචිත වූ සිතින් බොහෝ සෙයින් වෙසෙන මහණහුගේ සිත ලාභසත්කාරකීර්තිප්රශංසාහි ප්‍රතිලීන වෙයි, හැකිළෙයි, පෙරළෙයි, ඉදු ව නො යෙයි, උපේක්ෂාව හෝ පිළිකුල් බව හෝ පිහිටයි.
සචෙ භික්ඛවෙ, භික්ඛුනො අනිච්චසඤ්ඤා පරිචිතෙන චෙතසා බහුලං විහරතො ලාභසක්කාරසිලොකෙ චිත්තං අනුසන්දති, අප්පටික්කූල්යතා වා සණ්ඨාති, වෙදිතබ්බමෙතං භික්ඛවෙ භික්ඛුනා අභාවිතා මෙ අනිච්චසඤ්ඤා, නත්ථි මෙ පුබ්බෙනාපරං විසෙසො, අප්පත්තං මෙ භාවනා ඵලන්ති ඉතිහ තත්ථ සම්පජානො හොති.
මහණෙනි, ඉදින් අනිත්‍යසංඥා පරිචිත සිතින් බහුල වශයෙන් වෙසෙන මහණහුගේ සිත ලාභසත්කාර කීර්තිප්රශංසාහි පවතී ද, නො පිළිකුල් බව හෝ පිහිටා ද, මහණෙනි, ඒ මහණ “මා විසින් අනිත්‍යසංඥාව නො වඩනා ලද, මට පෙරට වැඩි අන් වෙසෙසෙක් පසුව නැත, මා විසින් භාවනාඵලය නො ලබනලදැයි” යන තෙල කරුණ දත යුතු යි. මෙසේ එහි ලා සම්‍යක් ප්‍රඥා ඇත්තේ වෙයි.
සචෙ පන භික්ඛවෙ, භික්ඛුනො අනිච්චසඤ්ඤා පරිචිතෙන චෙතසා බහුලං විහරතො ලාභසක්කාරසිලොකෙ චිත්තං පතිලීයති පතිකුටති පතිවට්ටති න සම්පසාරීයති, උපෙක්ඛා වා පටික්කූල්යතා වා සණ්ඨාති, වෙදිතබ්බමෙතං භික්ඛවෙ භික්ඛුනා භාවිතා මෙ අනිච්චසඤ්ඤා, අත්ථි මෙ පුබ්බෙනාපරං විසෙසො, පත්තං මෙ භාවනා ඵලන්ති, ඉතිහ තත්ථ සම්පජානො හොති.
මහණෙනි, ඉදින් අනිත්‍යසංඥායෙන් පරිචිත සිතින් බහුල වශයෙන් වෙසෙන මහණහුගේ සිත ලාභසත්කාරකීර්තිප්රශංසායෙහි ප්‍රතිලීන වේ ද, හැකිළේ ද, පෙරළේ ද, ඉදු ව නො යේ ද, උපේක්ෂාව හෝ පිළිකුල් බව හෝ පිහිටා ද, මහණෙනි, ඒ මහණ “මා විසින් අනිත්‍යසංඥාව වඩනලද, මට පෙරට වැඩි අන් වෙසෙසක් දැන් ඇත. මා විසින් භාවනාඵල ලබනලදැයි” යන තෙල කරුණ දතයුතු යි. මෙසේ එහි ලා සම්‍යක් ප්‍රඥා ඇත්තේ වෙයි.
අනිච්චසඤ්ඤා භික්ඛවෙ භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානාති, ඉති යන්තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
මහණෙනි, අනිත්‍යසංඥා වඩනලද්දී බහුල වශයෙන් පුරුදු කරණලද්දී මහත්ඵල වෙයි. මහානිසංස වෙයි. නිවන පිහිට කොට ඇත්තී ය. නිවන් අවසන් කොට ඇත්තී යයි මෙසේ යමක් කියනලද නම් තෙල කරුණ මේ පිණිස කියන ලදි.
(6) අනිච්චෙ දුක්ඛසඤ්ඤා භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානාති, ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං:
(6) මහණෙනි, අනිත්‍යයෙහි දුක ය යන හැඟීම වඩනලද්දී බහුල වශයෙන් කරණලද්දී මහත්ඵල ඇත්තී මහත් අනුසස් ඇත්තී නිවනට බැසගත්තී නිවන අවසන් කොට ඇත්තී යයි මෙසේ යමක් වදාරනලද නම් තෙල කරුණ කුමක් සඳහා වදාරණ ලද ද:
අනිච්චෙ දුක්ඛසඤ්ඤාපරිචිතෙන භික්ඛවෙ, භික්ඛුනො චෙතසා බහුලං විහරතො ආලස්යෙ කොසජ්ජෙ විස්සට්ඨියෙ පමාදෙ අනනුයොගෙ අපච්චවෙක්ඛනාය තිබ්බා භයසඤ්ඤා පච්චුපට්ඨිතා හොති, සෙය්යථාපි උක්ඛිත්තාසිකෙ වධකෙ.
මහණෙනි, අනිත්‍යයෙහි දුක්ඛසංඥා පුරුදු කරණලද සිතින් බහුල වශයෙන් වසන මහණහට අලස බවෙහි කුසීත බවෙහි (නිවන්) වුහුටුබැව්හි ප්‍රමාදයෙහි කුශලධර්මයන්හි (භාවනාවෙහි) නො යෙදීමෙහි ප්රත්යවේක්ෂා නො කිරීමෙහි තීව්‍රවූ භයසංඥාව එළඹ සිටියා වෙයි. අමෝරාගත් කඩුඇති වධකයකු කෙරෙහි මෙනි.
සචෙ භික්ඛවෙ, භික්ඛුනො අනිච්චෙ දුක්ඛසඤ්ඤා පරිචිතෙන චෙතසා බහුලං විහරතො ආලස්යෙ කොසජ්ජෙ විස්සට්ඨියෙ පමාදෙ අනනුයොගෙ අපච්චවෙක්ඛනාය තිබ්බා භයසඤ්ඤා න පච්චුපට්ඨිතා හොති, සෙය්යථාපි උක්ඛිත්තාසිකෙ වධකෙ, වෙදිතබ්බමෙතං භික්ඛවෙ, භික්ඛුනා අභාවිතා මෙ අනිච්චෙ දුක්ඛසඤ්ඤා, නත්ථි මෙ පුබ්බෙනාපරං විසෙසො, අප්පත්තං මෙ භාවනා ඵලන්ති, ඉතිහ තත්ථ සම්පජානො හොති.
මහණෙනි, ඉදින් අනිත්‍යයෙහි දුක්ඛසංඥාවෙන් පරිචිත වූ සිතින් බහුල කොට වෙසෙන මහණහුගේ අලසබැව්හි කුසීතබවෙහි නිවන් වුහුටු බැව්හි ප්‍රමාදයෙහි කුශලධර්මයන්හි නො යෙදීමෙහි ප්රත්යවේක්ෂා නො කිරීමෙහි තීව්රභයසංඥාව අමෝරාගත් කඩු ඇති වධකයකු කෙරෙහි මෙන් එළඹ නො සිටියා වෙයි ද, මහණෙනි, එ මහණහු විසින් “මා විසින් අනිත්‍යයෙහි දුඃඛසංඥා නො වඩනලද, මට පෙරට වැඩි විශේෂයෙක් අපරභාගයෙහි (ඇති වී) නැත. මා විසින් භාවනාඵලය නො ලබනලදැයි” යන තෙල කරුණ දතයුතු යි. මෙසේ මෙ කරුණෙහි ලා සම්‍යක්ප්‍රඥා ඇතියේ වෙයි.
සචෙ පන භික්ඛවෙ, භික්ඛුනො අනිච්චෙ දුක්ඛසඤ්ඤා පරිචිතෙන චෙතසා බහුලං විහරතො ආලස්යෙ කොසජ්ජෙ විස්සට්ඨියෙ පමාදෙ අනනුයොගෙ අපච්චවෙක්ඛනාය තිබ්බා භයසඤ්ඤා පච්චුපට්ඨිතා හොති, සෙය්යථාපි උක්ඛිත්තාසිකෙ වධකෙ, වෙදිතබ්බමෙතං භික්ඛවෙ, භික්ඛුනා සුභාවිතා මෙ අනිච්චෙ දුක්ඛසඤ්ඤා, අත්ථි මෙ පුබ්බෙනාපරං විසෙසො, පත්තං මෙ භාවනාඵලන්ති ඉතිහ තත්ථ සම්පජානො හොති.
මහණෙනි, ඉදින් අනිත්‍යයෙහි දුඃඛසංඥායෙන් පරිචිත චිත්තයෙන් බහුල වශයෙන් වසන භික්ෂුහුගේ අලසබව්හි කුසීතභාවයෙහි වුහුටුබව්හි පමායෙහි කුශලධර්මයෙහි නො යෙදීමෙහි ප්රත්යවේක්ෂා නො කිරීමෙහි තීව්ර භයසංඥා අමෝරාගත් කඩු ඇති වධකයකු කෙරෙහි මෙන් එළඹ සිටියා වෙයි ද, මහණෙනි, භික්ෂුහු විසින් “අනිත්‍යයෙහි දුඃඛසංඥා මා විසින් වඩනාලදු, පෙරට වැඩි වෙසෙසෙක් පසුකාලයෙහි මට ඇත, මා විසින් භාවනාඵලය ලබන ලදැයි” යන තෙල කරුණ දතයුතු ය. මෙසේ මෙ කරුණෙහි ලා සම්‍යක්ප්‍රඥා ඇතියේ වෙයි.
අනිච්චෙ දුක්ඛසඤ්ඤා භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානාති ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
මහණෙනි, අනිත්‍යයෙහි දුඃඛසංඥා වඩනාලද්දී බහුල කරණලද්දී මහත්ඵල වෙයි. මහානෘශංස වෙයි. අමෘතය පිහිට කොට ඇත්තී අමෘතය පර්‍ය්‍යවසාන කොට ඇත්තී යයි මෙසේ යමක් කියනලද නම් තෙල කරුණ මෙ පිණිස කියනලදී.
(7) දුක්ඛෙ අනත්තසඤ්ඤා භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානාති, ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං:
(7) මහණෙනි, දුඃඛයෙහි අනාත්ම සංඥා වඩනාලද්දී බහුලකරණලද්දී මහත්ඵල වෙයි, මහානිශංසවෙයි. අමෘතය පිහිට කොට ඇත්තී අමෘතය පර්‍ය්‍යවසාන කොට ඇත්තී යයි මෙසේ යමක් කියනලද නම් තෙල කරුණ කුමක් පිණිස කියනලද ය යත්:
දුක්ඛෙ අනත්තසඤ්ඤා පරිචිතෙන භික්ඛවෙ, භික්ඛුනො චෙතසා බහුලං විහරතො ඉමස්මිඤ්ච සවිඤ්ඤාණකෙ කායෙ බහිද්ධා ච සබ්බනිමිත්තෙසු අහිංකාරමමිංකාරමානාපගතං මානසං හොති විධා සමතික්කන්තං සන්තං සුවිමුත්තං.
මහණෙනි, දුඃඛයෙහි අනාත්මසංඥායෙන් පරිචිත සිතින් බහුල වශයෙන් වසන මහණහුට මෙ සවිඥානක කරජකායයෙහි ද බාහිර සියලු නිමිති කෙරෙහි ද පහවගිය අහිංකාරමමිංකාරමාන (මම යන දෘෂ්ටි, මාගේ යන තෘෂ්ණාව) ඇති ඉක්ම වූ ත්‍රිවිධ විධා (මාන) ඇති, ශාන්ත වූ මොනොවට මිදුනු සිත වෙයි.
සචෙ භික්ඛවෙ, භික්ඛුනො දුක්ඛෙ අනත්තසඤ්ඤා පරිචිතෙන චෙතසා බහුලං විහරතො ඉමස්මිඤ්ච සවිඤ්ඤාණකෙ කායෙ බහිද්ධා ච සබ්බනිමිත්තෙසු අහිංකාරමමිංකාරමානාපගතං මානසං න හොති විධාසමතික්කන්තං සන්තං සුවිමුත්තං, වෙදිතබ්බමෙතං භික්ඛවෙ, භික්ඛුනා අභාවිතා මෙ දුක්ඛෙ අනත්තසඤ්ඤා, නත්ථි මෙ පුබ්බෙනාපරං විසෙසො, අප්පත්තං මෙ භාවනාඵලන්ති. ඉතිහ තත්ථ සම්පජානො හොති.
මහණෙනි, ඉදින් දුඃඛයෙහි අනාත්මසංඥායෙන් පරිචිත වූ සිතින් බහුල වශයෙන් වසන මහණහුට මෙ සවිඥානකකායයෙහි ද බාහිර හැම නිමිති කෙරෙහි ද අහිංකාරමමිංකාර මානානුසයෙන් පහවූ, ඉක්ම වූ ත්‍රිවිධ විධා ඇති, ශාන්ත වූ මොනොවට මිදුනු සිත නො වේ නම්, මහණෙනි, “මා විසින් දුකෙහි අනාත්මසංඥා නො වඩනාලදු, මට පෙරට වැඩි වෙසෙසෙක් නැත, මා විසින් භාවනාඵලය නො ලදැයි” මහණහු විසින් දතයුතු ය. මෙසේ එහි ලා සම්‍යක්ප්‍රඥා ඇතියේ වෙයි.
සචෙ පන භික්ඛවෙ, භික්ඛුනො දුක්ඛෙ අනත්තසඤ්ඤා පරිචිතෙන චෙතසා බහුලං විහරතො ඉමස්මිඤ්ච සවිඤ්ඤාණකෙ කායෙ බහිද්ධා ච සබ්බනිමිත්තෙසු අහිංකාරමමිංකාරමානාපගතං මානසං හොති විධාසමතික්කන්තං සන්තං සුවිමුත්තං, වෙදිතබ්බමෙතං භික්ඛවෙ, භික්ඛුනා සුභාවිතා මෙ දුක්ඛෙ අනත්තසඤ්ඤා, අත්ථි මෙ පුබ්බෙනාපරං විසෙසො, පත්තං මෙ භාවනාඵලන්ති. ඉතිහ තත්ථ සම්පජානො හොති.
මහණෙනි, ඉදින් දුඃඛයෙහි අනාත්ම සංඥායෙන් පරිචිත වූ සිතින් බහුල කොට වෙසෙන මහණහුට මෙ සවිඥානක කායයෙහි ද බාහිර සර්වනිමිත්තයන්හි ද අහිංකාරමමිංකාරමානයෙන් පහ වූ, විධාසමතික්රමණය කළ, ශාන්ත වූ සුවිමුක්ත වූ චිත්තය වේ නම්, මහණෙනි, “මා විසින් දුඃඛයෙහි අනාත්ම සංඥාව මොනොවට වඩනලදු, මට පෙරට වැඩි වෙසෙසෙක් ඇත. මා විසින් භාවනාඵලය ලබනලදැයි” යන තෙල කරුණ මහණහු විසින් දතයුතු ය. මෙසේ මෙ කරුණෙහි ලා සම්‍යක්ප්‍රඥා ඇති වෙයි.
දුක්ඛෙ අනත්තසඤ්ඤා භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානාති, ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං.
මහණෙනි, දුඃඛයෙහි අනාත්මසංඥා වඩන ලද්දී බහුල කරණලද්දී මහත්ඵල හා මහානෘශංස වූවා අමෘතය පිහිට කොට ඇත්තී අමෘතය පර්‍ය්‍යවසාන කොට ඇත්තී යයි මෙසේ යමක් කියනලද නම් තෙල කරුණ මෙ සඳහා කියනලදී.
ඉමා ඛො භික්ඛවෙ සත්ත සඤ්ඤා භාවිතා බහුලීකතා මහප්ඵලා හොන්ති මහානිසංසා අමතොගධා අමතපරියොසානාති.
මහණෙනි, මෙ සප්තසංඥා භාවිත බහුලීකෘත වූවාහු මහත්ඵල මහානෘශංස ඇත්තාහු අමෘතය පිහිට කොට ඇත්තාහු අමෘතය පර්‍ය්‍යවසාන කොට ඇත්තාහු වෙත් ය යි.