යෙදුමෙන් කියවන්න

මහායඤ‍්ඤ සුත‍්තං

7. 1. 5. 4.

7. 1. 5. 4.

[මහායඤ‍්ඤ සුත‍්තං]

[මහායඤ්ඤ සූත්‍රය]

47. එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන උග‍්ගතසරීරස‍්ස බ්‍රාහ‍්මණස‍්ස මහායඤ‍්ඤො උපක‍්ඛටො හොති. පඤ‍්ච උසභසතානි ථුණූපනීතානි හොන‍්ති යඤ‍්ඤත්‍ථාය. පඤ‍්ච වච‍්ඡතරසතානි ථුණූපනීතානි හොන‍්ති යඤ‍්ඤත්‍ථාය. පඤ‍්ච වච‍්ඡතරීසතානි ථුණූපනීතානි හොන‍්ති යඤ‍්ඤත්‍ථාය. පඤ‍්ච අජසතානි ථුණූපනීතානි හොන‍්ති යඤ‍්ඤත්‍ථාය. පඤ‍්ච උරබ‍්භසතානි ථුණූපනීතානි හොන‍්ති යඤ‍්ඤත්‍ථාය.

47. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනයෙහි අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වාසය කරණසේක. එ සමයෙහි උග්ගතසරීර බ්‍රාහ්මණයාගේ මහායඥය (යාගයක්) එළැඹියේ ය. යඥය සඳහා පන්සියයක් වෘෂභයෝ යඥයූපය (යාගස්තම්භය) වෙත එළවනලද වෙත්. යඥය සඳහා පන්සියක් වත්සතරයෝ (වස්සෝ) යඥයූපය වෙත එළවනලද වෙත්. යඥය සඳහා පන්සියක් වත්සතරීහු (වැස්සියෝ) යඥයූපය කරා එළවනලද වෙත්. යඥය සඳහා පන්සියක් එළුවෝ යඥයූපය කරා එළවනලද වෙත්. යඥය සඳහා පන්සියක් තිරෙළුවෝ යඥයූපය කරා එළවනලද වෙත්.

අථ ඛො උග‍්ගතසරීරො බ්‍රාහ‍්මණො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවතා සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො උග‍්ගතසරීරො බ්‍රාහ‍්මණො භගවන‍්තං එතදවොච:

එකල්හි උග්ගතසරීර බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස්හි හින. එකත්පසෙක හුන් උග්ගතසරීර බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකෙළේ ය:

සුතං මෙතං භො ගොතම, අග‍්ගිස‍්ස ආදානං යූපස‍්ස උස‍්සාපනං මහප‍්ඵලං හොති මහානිසංසන‍්ති.

“භවද් ගෞතමයන් වහන්ස, (යඥ සඳහා) මඞ්ගලාග්නිය ගැණුම (මගුල් ගිනි දැල්වීම) ද යාගස්තම්භය නැංවීම ද මහත්ඵල වෙයි, මහඅනුසස් ඇති වෙයි යන තෙල කරුණ මා විසින් අසනලදැ” යි.

මයාපි ඛො එතං බ්‍රාහ‍්මණ, සුතං අග‍්ගිස‍්ස ආදානං යූපස‍්ස උස‍්සාපනං මහප‍්ඵලං හොති මහානිසංසන‍්ති.

බ්‍රාහ්මණය, මා විසිනුදු “යාගාග්නිය ගැණුම ද යාගස්තම්භය නැංවීම ද මහත්ඵල ඇතියේ ය, මහඅනුසස් ඇතියේ ය” යන තෙල කරුණ අසන ලදැයි වදාළහ.

දුතියම‍්පි ඛො -පෙ- තතියම‍්පි ඛො උග‍්ගතසරීරො බ්‍රාහ‍්මණො භගවන‍්තං එතදවොච: “සුතං මෙතං භො ගොතම, අග‍්ගිස‍්ස ආදානං යූපස‍්ස උස‍්සාපනං මහප‍්ඵලං හොති මහානිසංසන‍්ති. මයාපි ඛො එතං බ්‍රාහ‍්මණ, සුතං අග‍්ගිස‍්ස ආදානං යූපස‍්ස උස‍්සාපනං මහප‍්ඵලං හොති මහානිසංසන‍්ති”, තයිදං භො ගොතම, සමෙති භොතො චෙව ගොතමස‍්ස අම‍්හාකඤ‍්ච යදිදං සබ‍්බෙන සබ‍්බන‍්ති.

දෙවන වට දු ... තෙවන වටදු උග්ගතසරීර බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකෙළේ ය: “භවද් ගෞතමයන් වහන්ස, යාගාග්නිය ගැණුම යඥස්තම්භය නැංවීම මහත්ඵල මහානිසංස වේ”යි තෙල කරුණ මා විසින් අසන ලදැ යි. “බ්‍රාහ්මණය, යාගාග්නිය ගැණුම යඥයූපය නැංවීම මහත්ඵල මහානිසංස වේ”යි තෙල කරුණ මා විසින් ද අසන ලදැ යි වදාළහ. භවත් ගෞතමයන් වහන්ස, භවත් ගෞතමයන් වහන්සේගේ යම් මේ ශ්‍රැතයෙක් වේ ද අපගේ යම් මේ ශ්‍රැතයෙක් වේ ද මෙ හැමලෙසින් සම වේ යයි.

එවං වුත‍්තෙ ආයස‍්මා ආනන්‍දො උග‍්ගතසරීරං බ්‍රාහ‍්මණං එතදවොච: න ඛො බ්‍රාහ‍්මණ, තථාගතා එවං පුච‍්ඡිතබ‍්බා: සුතම‍්මෙතං භො ගොතම, අග‍්ගිස‍්ස ආදානං යූපස‍්ස උස‍්සාපනං මහප‍්ඵලං හොති මහානිසංසන‍්ති.

මෙසේ කී කල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ උග්ගතසරීර බමුණුහට තෙල කීහ: බ්‍රාහ්මණය, “භවත් ගෞතමයන් වහන්ස, යඥග්නිය ගැණුම ද යඥයූප නැංවීම ද මහත්ඵල වේ, මහානිසංස වේ යන තෙල මා විසින් අසනලදැ”යි මෙසෙයින් තථාගතයන් වහන්සේ පිළිවිසිය යුතු නො වෙති.

එවඤ‍්ච ඛො බ්‍රාහ‍්මණ, තථාගතා පුච‍්ඡිතබ‍්බා: අහං හි භන‍්තෙ, අග‍්ගිං ආදාතුකාමො, යූපං උස‍්සාපෙතුකාමො. ඔවදතු මං භන‍්තෙ භගවා, අනුසාසතු මං භන‍්තෙ භගවා, යං මම අස‍්ස දීඝරත‍්තං හිතාය සුඛායාති,

බ්‍රාහ්මණය, තථාගතයන් වහන්සේ මෙසේ පිළිවිසිය යුතු වෙති: “වහන්ස, මම යඥ පිණිස ගිනි දල්වනු කැමැතියෙමි, යඥස්තම්භ නංවනු කැමැතියෙමි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට ඔවදන් කරන සේක්වා. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට අනුශාසනා කරණ සේක්වා. යම් හෙයෙකින් එ මට දීර්‍ඝරාත්‍රියෙහි හිත පිණිස සුව පිණිස වේ නම්, එසෙයිනැ”යි.

අථ ඛො උග‍්ගතසරීරො බ්‍රාහ‍්මණො භගවන‍්තං එතදවොච: අහං හි භො ගොතම, අග‍්ගිං ආදාතුකාමො, යූපං උස‍්සාපෙතුකාමො. ඔවදතු මං භවං ගොතමො, අනුසාසතු මං භවං ගොතමො, යං මම අස‍්ස දීඝරත‍්තං හිතාය සුඛායාති.

එකල්හි උග්ගතසරීර බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකෙළේ ය: “භවත් ගෞතමයන් වහන්ස, මම වනාහි යඥාග්නිය දල්වනු කැමැතියෙමි, යඥස්තම්භ ඔසවනු කැමතියෙමි. භවත් ගෞතමයන් වහන්සේ මට යමක් දීර්‍ඝරාත්‍රියෙහි හිත පිණිස සුව පිණිස වන්නේ නම් එපරිදි මට අවවාද කරණසේක්වා, භගවත් ගෞතමයන් වහන්සේ මට අනුශාසනා කරණ සේක්වා”යි.

අග‍්ගිං බ්‍රාහ‍්මණ, ආදෙන‍්තො යූපං උස‍්සාපෙන‍්තො පුබ‍්බෙව යඤ‍්ඤා තීණි සත්‍ථානි උස‍්සාපෙති අකුසලානි දුක‍්ඛුද්‍රයානී දුක‍්ඛවිපාකානි. කතමානි තීණි:

බ්‍රාහ්මණය, යඥ සඳහා අග්නිය දල්වනුයේ යඥ සඳහා ටැම් ඔසවනුයේ යඥයට පළමු ම අකුසල් වූ දුක් උපදවන්නා වූ දුක්විපාක ඇති ශස්ත්‍ර තුණක් ඔසවන්නේ ය. කවර තුණෙක යත්:

කායසත්‍ථං, වචීසත්‍ථං, මනොසත්‍ථං.

කායශස්ත්‍රය, වාක්ශස්ත්‍රය, මනඃශස්ත්‍රය යි.

අග‍්ගිං බ්‍රාහ‍්මණ, ආදෙන‍්තො යූපං උස‍්සාපෙන‍්තො පුබ‍්බෙව යඤ‍්ඤා එවං චිත‍්තං උප‍්පාදෙති: එත‍්තකා උසභා හඤ‍්ඤන‍්තු යඤ‍්ඤත්‍ථාය, එත‍්තකා වච‍්ඡතරා හඤ‍්ඤන‍්තු යඤ‍්ඤත්‍ථාය, එත‍්තකා වච‍්ඡතරියො හඤ‍්ඤන‍්තු යඤ‍්ඤත්‍ථාය, එත‍්තකා අජා හඤ‍්ඤන‍්තු යඤ‍්ඤත්‍ථාය, එත‍්තකා උරබ‍්භා හඤ‍්ඤන‍්තු යඤ‍්ඤත්‍ථායාති. සො පුඤ‍්ඤං කරොමීති අපුඤ‍්ඤං කරොති. කුසලං කරොමීති අකුසලං කරොති. සුගතිමග‍්ගං පරියෙසාමීති දුග‍්ගතිමග‍්ගං පරියෙසති. අග‍්ගිං බ්‍රාහ‍්මණ, ආදෙන‍්තො යූපං උස‍්සාපෙන‍්තො පුබ‍්බෙව යඤ‍්ඤා ඉදං පඨමං මනොසත්‍ථං උස‍්සාපෙති අකුසලං දුක‍්ඛුද්‍රයං දුක‍්ඛවිපාකං.

බ්‍රාහ්මණය, යඥයට අග්නිය දල්වනුයේ යඥයට යූප ඔසවනුයේ යඥයට පළමු ම “යඥ පිණිස මෙතෙක් වෘෂභයෝ නසනු ලබත්වා, යඥ පිණිස මෙතෙක් වත්සතරයෝ නසනු ලබත් වා, යඥ පිණිස මෙතෙක් වත්සතරීහු නසනු ලබත් වා, යඥ පිණිස මෙතෙක් එළුවෝ නසනු ලබත් වා, යඥ පිණිස මෙතෙක් තිරෙළුවෝ නසනු ලබත්වා”යි මෙසේ සිත උපදවන්නේ ය. හෙ ‘පුණ්‍ය කරමැ’යි අපුණ්‍ය කරයි. ‘කුශල් කරමි’යි අකුශල් කරයි. ‘සුගති මාර්‍ගය සොයමි’යි දුර්‍ගති මාර්‍ගය සොයයි. බ්‍රාහ්මණය, යඥයට අග්නි දල්වන්නේ යඥයට ටැම් ඔසවන්නේ යඥයෙන් පූර්‍වයෙහි ම මෙ අකුශල වූ දුක් උපදවන දුඃඛවිපාක ඇති ප්‍රථම මනඃශස්ත්‍රය ඔසවන්නේ ය.

පුන චපරං බ්‍රාහ‍්මණ, අග‍්ගිං ආදෙන‍්තො යූපං උස‍්සාපෙන‍්තො පුබ‍්බෙව යඤ‍්ඤා එවං වාචං භාසති: එත‍්තකා උසභා හඤ‍්ඤන‍්තු යඤ‍්ඤත්‍ථාය, එත‍්තකා වච‍්ඡතරා හඤ‍්ඤන‍්තු යඤ‍්ඤත්‍ථාය, එත‍්තකා වච‍්ඡතරියො හඤ‍්ඤන‍්තු යඤ‍්ඤත්‍ථාය, එත‍්තකා අජා හඤ‍්ඤන‍්තු යඤ‍්ඤත්‍ථාය, එත‍්තකා උරබ‍්භා හඤ‍්ඤන‍්තු යඤ‍්ඤත්‍ථායාති. සො පුඤ‍්ඤං කරොමීති අපුඤ‍්ඤං කරොති. කුසලං කරොමීති අකුසලං කරොති. සුගතිමග‍්ගං පරියෙසාමීති දුග‍්ගතිමග‍්ගං පරියෙසති. අග‍්ගිං බ්‍රාහ‍්මණ, ආදෙන‍්තො යූපං උස‍්සාපෙන‍්තො පුබ‍්බෙව යඤ‍්ඤා ඉදං දුතියං වචීසත්‍ථං උස‍්සාපෙති අකුසලං දුක‍්ඛුද්‍රයං දුක‍්ඛවිපාකං.

තවද බ්‍රාහ්මණය, යඥයට අග්නි දල්වනුයේ යඥයට ටැම් ඔසවනුයේ යඥයට පූර්‍වයෙහි ම මෙබඳු බස් කියන්නේ ය: “යඥයට මෙතෙක් වෘෂභයෝ නසනු ලබත්වා, යඥයට මෙතෙක් වත්සතරයෝ නසනු ලබත්වා, යඥයට මෙතෙක් වත්සතරීහු නසනු ලබත්වා. යඥයට මෙතෙක් එළුවෝ නසනු ලබත්වා, යඥයට මෙතෙක් තිරෙළුවෝ නසනු ලබත්වා”යි. හෙ ‘පුණ්‍ය කරමි’යි අපුණ්‍ය කරයි. ‘කුසල් කරමි’යි අකුසල් කරයි. ‘සුගතිමග සොයමි’යි දුගතිමග ම සොයයි. බ්‍රාහ්මණය, යාගය සඳහා අග්නි දල්වනුයේ යාගය සඳහා ටැම් ඔසවනුයේ යඥයෙන් පූර්‍වයෙහි ම අකුසල් වූ දුක් උපදවන දුක් උපදවන විපාක ඇති මෙ දෙවන වාක්ශස්ත්‍රය ඔසවන්නේ ය.

පුන චපරං බ්‍රාහ‍්මණ, අග‍්ගිං ආදෙන‍්තො යූපං උස‍්සාන‍්තො පුබ‍්බෙව යඤ‍්ඤා සයං පඨමං සමාරම‍්භති උසභෙ හන‍්තුං යඤ‍්ඤත්‍ථාය. සයං පඨමං සමාරම‍්භති වච‍්ඡතරෙ හන‍්තුං යඤ‍්ඤත්‍ථාය. සයං පඨමං සමාරම‍්භති වච‍්ඡතරී හන‍්තුං යඤ‍්ඤත්‍ථාය. සයං පඨමං සමාරම‍්භති වච‍්ඡතරී හන‍්තුං යඤ‍්ඤත්‍ථාය. සයං පඨමං සමාරම‍්භති අජෙ හන‍්තුං යඤ‍්ඤත්‍ථාය. සයං පඨමං සමාරම‍්භති උරබ‍්භෙ හන‍්තුං යඤ‍්ඤත්‍ථායාති.

තවද බමුණ, යාග පිණිස ගිනි එළවනුයේ යාගස්තම්භ නඟනුයේ යාගයට පෙර ම තෙමේ පළමු කොට යාග පිණිස වෘෂභයන් නසන්නට අරඹයි. තෙමේ පළමු කොට යාග පිණිස වස්සන් නසන්නට අරඹයි. තෙමේ පළමු කොට යාග පිණිස වැස්සන් නසන්නට අරඹයි. තෙමේ පළමු කොට යාග පිණිස එළුවන් නසන්නට අරඹයි. තෙමේ පළමු කොට යාග පිණිස තිරෙළුවන් නසන්නට අරඹා යයි.

සො පුඤ‍්ඤං කරොමීති අපුඤ‍්ඤං කරොති. කුසලං කරොමීති අකුසලං කරොති. සුගතිමග‍්ගං පරියෙසාමීති දුග‍්ගතිමග‍්ගං පරියෙසති. අග‍්ගිං බ්‍රාහ‍්මණ, ආදෙන‍්තො යූපං උස‍්සාපෙන‍්තො පුබ‍්බෙව යඤ‍්ඤා ඉදං තතියං කායසත්‍ථං උස‍්සාපෙති අකුසලං දුක‍්ඛුද්‍රයං දුක‍්ඛවිපාකං.

හේ ‘පුණ්‍ය කරමැ’යි අපුණ්‍ය කරයි. ‘කුසල් කරමි’යි අකුසල් කරයි. ‘සුගති මාර්‍ගය සොයමි’යි දුගති මාර්‍ගය සොයයි. බමුණ, යඥයට ගිනි එළවන්නේ ටැම් ඔසොවන්නේ යඥයට පූර්‍වයෙහි ම අකුශල වූ දුක් උපදවන දුඃඛ විපාක ඇති මෙ තෙවන කායශස්ත්‍රය ඔසොවයි.

අග‍්ගිං බ්‍රාහ‍්මණ, ආදෙන‍්තො යූපං උස‍්සාපෙන‍්තො පුබ‍්බෙව යඤ‍්ඤා ඉමානි තීණි සත්‍ථානි උස‍්සාපෙති අකුසලානි දුක‍්ඛුද්‍රයානි දුක‍්ඛවිපාකානි.

බ්‍රාහ්මණය, යඥයට අග්නිය එළවන්නේ, ස්තම්භ ඔසොවනුයේ යඥයට පූර්‍වයෙහි ම අකුසල වූ දුක් උපදවන්නා වූ දුඃඛ විපාක ඇති මෙ තුන් ශස්ත්‍ර ඔසොවයි.

තයො මෙ බ්‍රාහ‍්මණ, අග‍්ගි පහාතබ‍්බා පරිවජ‍්ජෙතබ‍්බා න සෙවිතබ‍්බා. කතමෙ තයො.

බ්‍රාහ්මණය, මෙ තුන්ගිනි හළ යුතු ය, දුරලියයුතුය, නො සෙවිය යුතු ය. කවර තුණෙක යත්:

රාගග‍්ගි, දොසග‍්ගි, මොහග‍්ගි.

රාගාග්නිය, ද්වේෂාග්නිය, මොහාග්නිය යි.

කස‍්මා චායං බ්‍රාහ‍්මණ, රාගග‍්ගි පහාතබ‍්බො පරිවජ‍්ජෙතබ‍්බො න සෙවිතබ‍්බො?

බ්‍රාහ්මණය, කවර හෙයින් රාගාග්නිය හළයුතු ය, දුරලියුතු ය, නො සෙවිය යුතු ය යත්:

රත‍්තො ඛො බ්‍රාහ‍්මණ, රාගෙන අභිභූතො පරියාදින‍්නචිත‍්තො කායෙන දුච‍්චරිතං චරති, වාචාය දුච‍්චරිතං චරති, මනසා දුච‍්චරිතං චරති. සො කායෙන දුච‍්චරිතං චරිත්‍වා වාචාය දුච‍්චරිතං චරිත්‍වා මනසා දුච‍්චරිතං චරිත්‍වා කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති. තස‍්මායං රාගග‍්ගි පහාතබ‍්බො පරිවජ‍්ජෙතබ‍්බො න සෙවිතබ‍්බො.

බ්‍රාහ්මණය, රාගයෙන් රක්ත වූයේ මැඩුනේ රාගයෙන් වටා ගන්නාලද සිත් ඇතියේ කයින් දුශ්චරිත කරයි. වචනයෙන් දුශ්චරිත කරයි. මනසින් දුශ්චරිත කරයි. හෙ කයින් දුශ්චරිත කොට වචනයෙන් දුශ්චරිත කොට මනසින් දුශ්චරිත කොට කාබුන් මරණින් මතු අපාය නම් වූ නපුරු ගති ඇති, විවශ ව පතිත වන නිරයට පැමිණෙයි. එ හෙයින් මෙ රාගාග්නිය හළ යුතු, දුරලිය යුතු, නො සෙවිය යුතු.

කස‍්මා චායං බ්‍රාහ‍්මණ, දොසග‍්ගි -පෙ- මොහග‍්ගි පහාතබ‍්බො පරිවජ‍්ජෙතබ‍්බො න සෙවිතබ‍්බො? මූළ‍්හො ඛො බ්‍රාහ‍්මණ, මොහෙන අභිභූතො පරියාදින‍්නචිත‍්තො කායෙන දුච‍්චරිතං චරති, වාචාය දුච‍්චරිතං චරති, මනසා දුච‍්චරිතං චරති. සො කායෙන දුච‍්චරිතං චරිත්‍වා වාචාය දුච‍්චරිතං චරිත්‍වා මනසා දුච‍්චරිතං චරිත්‍වා කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති. තස‍්මායං මොහග‍්ගි පහාතබ‍්බො පරිවජ‍්ජෙතබ‍්බො න සෙවිතබ‍්බො.

බ්‍රාහ්මණය, කවර හෙයින් ද්වේෂාග්නිය ... මෝහාග්නිය හළ යුතු ය. දුරලියයුතු ය, නො සෙවිය යුතු ය යත්: බ්‍රාහ්මණය, මෝහයෙන් මුළා වූයේ අභිභූත වූයේ වටා ගණු ලැබූ සිත් ඇතියේ කයින් දුශ්චරිත කරයි. වචනයෙන් දුශ්චරිත කරයි. මනසින් දුශ්චරිත කරයි. හෙ කයින් දුසිරිත් කොට වචනයෙන් දුසිරිත් කොට, මනසින් දුසිරිත් කොට කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත නම් වූ නිරයට පැමිණෙයි. එහෙයින් මෙ මොහාග්නිය හළ යුතු ය, දුරලිය යුතු ය, නොසෙවිය යුතු ය.

ඉමෙ ඛො බ්‍රාහ‍්මණ, තයො අග‍්ගී පහාතබ‍්බා, පරිවජ‍්ජෙතබ‍්බා න සෙවිතබ‍්බා.

බ්‍රාහ්මණය, මෙ තුන් ගිනි පැහිය යුතු, දුරලිය යුතු, නො සෙවිය යුතු යි.

තයො ඛො බ්‍රාහ‍්මණ, අග‍්ගි සක‍්කත්‍වා ගරුකත්‍වා මානෙත්‍වා පූජෙත්‍වා සම‍්මා සුඛං පරිහාතබ‍්බා. කතමෙ තයො:

බ්‍රාහ්මණය, මෙ තුන් ගිනි සත්කාර කොට ගුරු කොට, බුහුමන් කොට පූජා කොට මැනැවින් සුවසේ පරිහරණය කට යුතු ය. කවර තුණෙක යත්:

ආහුනෙය්‍යග‍්ගි, ගහපතග‍්ගි, දක‍්ඛිණෙය්‍යග‍්ගි.

ආහුනෙය්‍යග්ගි ය, ගහපතග්ගි ය, දක්ඛිණ්‍යෙග්ගි යි.

කතමො ච බ්‍රාහ‍්මණ ආහුනෙය්‍යග‍්ගි? ඉධ බ්‍රාහ‍්මණ, යස‍්ස තෙ හොන‍්ති මාතාති වා පිතාති වා, අයං වුච‍්චති බ්‍රාහ‍්මණ ආහුනෙය්‍යග‍්ගි. තං කිස‍්ස හෙතු: අතොහයං බ්‍රාහ‍්මණ, ආහුතො සම‍්භූතො. තස‍්මායං ආහුනෙය්‍යග‍්ගි සක‍්කත්‍වා ගරුකත්‍වා මානෙත්‍වා පූජෙත්‍වා සම‍්මා සුඛං පරිහාතබ‍්බො.

බ්‍රාහ්මණය, ආහුනෙය්‍යග්ගී කවරේ ය යත්: බ්‍රාහ්මණය, මෙ ලොව්හි යමකුට මව යි හෝ පියා යි හෝ යම් එ කෙනෙක් වෙත් නම්, බ්‍රාහ්මණය, මෙ ආහුනෙය්‍යග්ගි ය යි කියනු ලැබේ. ඒ කවර හෙයින් යත්: බ්‍රාහ්මණය, මෙ පුද්ගල මෙ දෙමාපියන් ගෙන් ආයේ ය, උපන්නේ ය. එහෙයින් මෙ ආහුනෙය්‍යග්ගිය සත්කාර කොට, ගුරු කොට, බුහුමන් කොට, පූජා කොට මැනැවින් සුවසේ පරිහරණය කට යුතු යි.

කතමො ච බ්‍රාහ‍්මණ, ගහපතග‍්ගි. ඉධ බ්‍රාහ‍්මණ, යස‍්ස තෙ හොන‍්ති පුත‍්තාති වා දාරාති වා දාසාති වා පෙස‍්සාති වා කම‍්මකරාති වා. අයං වුච‍්චති බ්‍රාහ‍්මණ, ගහපතග‍්ගි. තස‍්මායං ගහපතග‍්ගි සක‍්කත්‍වා ගරුකත්‍වා මානෙත්‍වා පූජෙත්‍වා සම‍්මා සුඛං පරිහාතබ‍්බො.

බ්‍රාහ්මණය, ගෘහපති අග්නිය කවරේ ය යත්: බ්‍රාහ්මණය, මෙ ලොව්හි යම් පුඟුලකුගේ ‘පුත්‍රයහ’යි හෝ ‘අඹුහ’යි හෝ ‘දාසයහ’යි හෝ ‘ප්‍රෙශ්‍යයහ’යි හෝ ‘කර්‍මකරයහ’යි හෝ එබඳු යම් කෙනෙක් වෙත් නම්, බ්‍රාහ්මණය, මෙ ගෘහපති අග්නි යි කියනු ලැබේ. එහෙයින් මෙ ගෘහපතිඅග්නිය සත්කාර කොට ගුරු කොට, බුහුමන් කොට පුදා මැනැවින් සුවයෙන් පරිහරණ කටයුත්තේ ය.

කතමො ච බ්‍රාහ‍්මණ, දක‍්ඛිණෙය්‍යග‍්ගි: ඉධ බ්‍රාහ‍්මණ, යෙ තෙ සමණබ්‍රාහ‍්මණා මදප‍්පමාදා පටිවිරතා ඛන‍්තිසොරච‍්චෙ නිවිට‍්ඨා එකමත‍්තානං දමෙන‍්ති, එකමත‍්තානං සමෙන‍්ති, එකමත‍්තානං පරිනිබ‍්බාපෙන‍්ති. අයං වුච‍්චති බ්‍රාහ‍්මණ දක‍්ඛිණෙය්‍යග‍්ගි. තස‍්මායං දක‍්ඛිණෙය්‍යග‍්ගි සක‍්කත්‍වා ගරුකත්‍වා මානෙත්‍වා පූජෙත්‍වා සම‍්මා සුඛං පරිහාතබ‍්බො.

බ්‍රාහ්මණය, දක්‍ෂිණාර්‍හ අග්නි කවරේ ය යත්: බ්‍රාහ්මණය, මෙ ලොව්හි මදපමා දෙකින් ප්‍රතිවිරත වූ ක්‍ෂාන්තියෙහි හා සුරතභාවයෙහි වැදගත් යම් කෙනෙක් ඒකමාත්‍රචිත්තය දමනය කෙරෙත් ද, ඒකමාත්‍රචිත්තය ශමනය කරත් ද, ඒකමාත්‍රචිත්තය පිරිනිවත් ද, බ්‍රාහ්මණය, මෙ දක්‍ෂිණාර්‍හ අග්නි යි කියනු ලැබේ. එහෙයින් මෙ දක්‍ෂිණාර්‍හ අග්නිය සත්කාර කොට ගුරුකාර කොට බුහුමන් කොට පුද කොට මනාසුඛයෙන් පරිහරණ කටයුත්තේ ය.

ඉමෙ ඛො බ්‍රාහ‍්මණ, තයො අග‍්ගි සක‍්කත්‍වා ගරුකත්‍වා මානෙත්‍වා පූජෙත්‍වා සම‍්මා සුඛං පරිහාතබ‍්බා.

බ්‍රාහ්මණය, මෙ අග්නි තුණ සත්කාර කොට, ගුරුකාර කොට, බුහුමන් කොට පුද කොට මනා ලෙස සුවසේ පරිහරණය කටයුතු ය.

අයං ඛො පන බ්‍රාහ‍්මණ, කට‍්ඨග‍්ගි කාලෙන කාලං උජ‍්ජලෙතබ‍්බො, කාලෙන කාලං අජ‍්ඣුපෙක‍්ඛිතබ‍්බො, කාලෙන කාලං නිබ‍්බාපෙතබ‍්බො, කාලෙන කාලං නික‍්ඛිපිතබ‍්බොති.

බ්‍රාහ්මණය, මෙ කාෂ්ටාග්නිය කලින් කල දැල්විය යුතු ය. කලින් කල අධ්‍යුපේක්‍ෂා කටයුතු ය. කලින් කල නිර්‍වාපණ කට යුතු ය. කලින් කල නික්‍ෂේප කටයුතු ය යි.

එවං වුත‍්තෙ උග‍්ගතසරීරො බ්‍රාහ‍්මණො භගවන‍්තං එතදවොච: අභික‍්කන‍්තං භො ගොතම, අභික‍්කන‍්තං භො ගොතම, උපාසකං මං භවං ගොතමො ධාරෙතු, අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගතං.

මෙසේ වදාළ කල්හි උග්ගතශරීර බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල කී ය: භවද් ගෞතමයන් වහන්ස, ඉතා කාන්ත වෙයි, භවද් ගෞතමයන් වහන්ස, ඉතා කාන්ත වෙයි, භවද් ගෞතමයන් වහන්සේ අද පටන් දිවි හිම් කොට සරණගිය උවසුවකු කොට මා ධරණ සේක්වා යි.

එසාහං භො ගොතම, පඤ‍්ච උසභසතානි මුඤ‍්චාමි ජීවිතං විතනොමි, පඤ‍්ච වච‍්ඡතරසතානි මුඤ‍්චාමි ජීවිතං විතනොමි, පඤ‍්ච වච‍්ඡතරීසතානි මුඤ‍්චාමි ජීවිතං විතනොමි, පඤ‍්ච අජසතානි මුඤ‍්චාමි ජීවිතං විතනොමි, පඤ‍්ච උරබ‍්භසතානි මුඤ‍්චාමි ජීවිතං විතනොමි, හරිතානි චෙව තිණානි ඛාදන‍්තු, සීතානි ච පානීයානි පිවන‍්තු, සීතො ච තෙසං වායො වායතූති.

භවත් ගෞතමයන් වහන්ස, මම ඒ තෙල පන්සියක් වෘෂභයන් මුදමි, ජීවිතය දෙමි. පන්සියක් වත්සතරයන් මුදමි, දිවි දෙමි. පන්සියක් එළුවන් මුදමි, දිවි දෙමි. පන්සියක් තිරෙළුවන් මුදමි, දිවිදෙමි. ඔහු නිල් තණ ද කත්‍වා, සිහිල් පැන් ද බොත්වා, ඔවුනට සිහිල් වාතය ද හමාවා යි.