යෙදුමෙන් කියවන්න

සමාධිපරික‍්ඛාර සුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

7. 1. 5. 2.

7. 1. 5. 2.

[සමාධිපරික‍්ඛාර සුත‍්තං]

[සමාධිපරික්ඛාර සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

45. සත‍්තිමෙ භික‍්ඛවෙ, සමාධිපරික‍්ඛාරා. කතමෙ සත‍්ත:

45. මහණෙනි, සමාධිපරිෂ්කාරයෝ (මාර්‍ගසමාධියට සම්භාරයෝ) සතෙකි. කවර සතෙක යත්:

සම‍්මාදිට‍්ඨි, සම‍්මාසඞ‍්කප‍්පො, සම‍්මාවාචා, සම‍්මාකම‍්මන‍්තො, සම‍්මා ආජීවො, සම‍්මාවායාමො, සම‍්මාසති.

සම්මාදිට්ඨි ය, සම්මාසංකප්ප ය, සම්මාවාචා ය, සම්මාකම්මන්ත ය, සම්මාආජීව ය, සම්මාවායාම ය, සම්මාසති යි.

යා ඛො භික‍්ඛවෙ, ඉමෙහි සත‍්තහඞ‍්ගෙහි චිත‍්තස‍්සෙකග‍්ගතා පරික‍්ඛතා, අයං වුච‍්චති භික‍්ඛවෙ අරියො සම‍්මාසමාධි “සඋපනිසො” ඉතිපි “සපරික‍්ඛාරො” ඉතිපී’ති.

මහණෙනි, මෙ සත් කරුණින් පරිෂ්කෘත (පෝෂිත වූ) චිත්තයාගේ යම් බඳු ඒකාග්‍රතායෙක් වේ නම්, මහණෙනි, මෙ ආර්‍ය්‍ය සම්‍යක්සමාධිය ‘සඋපනිස’ ය යි ද ‘සපරිෂ්කාර’ ය යි ද කියනු ලැබේ යි.

7. 1. 5. 3.

7. 1. 5. 3.

[පඨම අග‍්ගි සුත‍්තං]

[අග්ගි සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

46. සත‍්තිමෙ භික‍්ඛවෙ, අග‍්ගී. කතමෙ සත‍්ත:

46. මහණෙනි, මෙ අග්නි සතෙකි. කවර සතෙක යත්:

රාගග‍්ගි, දොසග‍්ගි, මොහග‍්ගි, ආහුනෙය්‍යග‍්ගි, ගහපතග‍්ගි, දක‍්ඛිණෙය්‍යග‍්ගි, කට‍්ඨග‍්ගි. ඉමෙ ඛො භික‍්ඛවෙ, සත‍්ත අග‍්ගී’ති.

රාගාග්නි ය, ද්වේෂාග්නි ය, මෝහාග්නි ය, ආහුනෙයාග්නි (මවුපියාදී සුදුස්සන්ට සත්කාර නොකිරීමෙන් නිරයාදියෙහි වන දුක්දාහ) ය, ගාහපත්‍යග්නි (ගෙහිමි නොතැකීමෙන් ගෙඅඹුවට වන දුක්දාහ) ය, දක්‍ෂිණාර්‍හ (දක්‍ෂිණාර්‍හ භික්‍ෂු සඞ්ඝයාට නින්‍දාපරිභව කිරීමෙන් වන දුක්දාහ) ය, කාෂ්ටාග්නිය (දරගිනි) යි. මහණෙනි, මෙ (දහනාර්‍ත්‍ථ ඇති) අග්නි සත යි.