විඤ්ඤාණට්ඨිති සුත්තං
7. 1. 5. 1.
7. 1. 5. 1.
[විඤ්ඤාණට්ඨිති සුත්තං]
[විඤ්ඤාණට්ඨිති සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
44. සත්තිමා භික්ඛවෙ විඤ්ඤාණට්ඨිතියො. කතමා සත්ත:
44. මහණෙනි, මෙ (ප්රතිසන්ධි) විඥානස්ථිතිහු (විඥාන පවත්නා තැන්) සත් දෙනෙකි. කවර සත් දෙනෙක යත්:
1. සන්ති භික්ඛවෙ, සත්තා නානත්තකායා නානත්තසඤ්ඤිනො: සෙය්යථාපි මනුස්සා එකච්චෙ ච දෙවා එකච්චෙ ච විනිපාතිකා. අයං පඨමා විඤ්ඤාණට්ඨිති.
1. මහණෙනි, නානාත්වකාය නානාත්වසංඥා ඇති සත්ත්වයෝ ඇත. ඔහු නම් මනුෂ්‍යයෝ ද, ඇතැම් දෙවියෝ ද, ඇතැම් වෛමානික ප්‍රේතයෝ ද වෙත්. මෙ ප්‍රථම විඥානස්ථිති ය යි.
2. සන්ති භික්ඛවෙ, සත්තා නානත්තකායා එකත්තසඤ්ඤිනො: සෙය්යථාපි දෙවා බ්රහ්මකායිකා පඨමාභිනිබ්බත්තා. අයං දුතියා විඤ්ඤාණට්ඨිති.
2. මහණෙනි, නානාත්වකාය හා එකත්වසංඥා ඇති සත්ත්වයෝ ඇත. ඔහු නම් ප්‍රථමධ්‍යානයෙන් උපන් බ්‍රහ්මකායික දෙවියෝ ය. මෙ ද්විතීය විඥානස්ථිති යි.
3. සන්ති භික්ඛවෙ, සත්තා එකත්තකායා නානත්තසඤ්ඤිනො: සෙය්යථාපි දෙවා ආභස්සරා. අයං තතියා විඤ්ඤාණට්ඨිති.
3. මහණෙනි, ඒකත්වකාය හා නානාත්වසංඥා ඇති සත්ත්වයෝ ඇත. ඔහු නම් ආභාස්වර දෙවියන් බන්දහ. මෙ තෘතීය විඥානස්ථිති යි.
4. සන්ති භික්ඛවෙ, සත්තා එකත්තකායා එකත්තසඤ්ඤිනො: සෙය්යථාපි දෙවා සුභකිණ්හා. අයං චතුත්ථා විඤ්ඤාණට්ඨිති.
4. මහණෙනි, ඒකත්වකාය හා ඒකත්වසංඥා ඇති සත්ත්වයෝ ඇත. සුභකිණ්ණ බඳු දෙවියෝ ය. මෙ චතුර්ත්ථ විඥානස්ථිති යි.
5. සන්ති භික්ඛවෙ, සත්තා සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනූපගා. අයං පඤ්චමා විඤ්ඤාණට්ඨිති.
5. මහණෙනි, සර්වප්රකාරයෙන් රූපසංඥාවන්ගේ සමතික්‍රමයෙන් (රූපභය ඉක්මවූ) ප්‍රතිඝ (ගැටීම්) සංඥාවන්ගේ අස්තගමයෙන් (අස්තයට යෑමෙන්) නානාත්‍වසංඥාවන්ගේ (රූපද්ධ්යානාරම්මණ) අමනසිකාරයෙන් ‘කසිණුග්ඝාටිතාකාසය (කිසුණුඉගුලු අහස් ‘අනන්තය’යි) ආකාසනාඤ්චායතනූපග සත්ත්වයෝ ඇත. මෙ පඤ්චම විඥානස්ථිති යි.
6. සන්ති භික්ඛවෙ, සත්තා සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනූපගා. අයං ඡට්ඨා විඤ්ඤාණට්ඨිති.
6. මහණෙනි, සර්වප්රකාරයෙන් ආකාසානඤ්චායතනය සමතික්‍රම කොට ‘විඥානය අනන්තය’යි විඤ්ඤාණඤ්චායතනූපග (දෙවන අරූතෙලෙහි උපන්) සත්ත්වයෝ ඇත. මෙ ෂෂ්ඨ විඥානස්ථිති ය යි.
7. සන්ති භික්ඛවෙ, සත්තා සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනූපගා. අයං සත්තමා විඤ්ඤාණට්ඨිති.
7. මහණෙනි, හැම පරිද්දෙන් විඤ්ඤාණඤ්චායතනය සමතික්‍රම කොට ‘නත්ථි කිඤ්චි’යි අකිඤ්චඤ්ඤායතනූපග (තෙවන අරූතෙලෙහි උපන්) සත්ත්වයෝ ඇත. මෙ සත්තම විඥානස්ථිති ය යි.
ඉමා ඛො භික්ඛවෙ, සත්ත විඤ්ඤාණට්ඨිතියොති.
මහණෙනි, මොහු සප්තවිඥානස්ථිති යි.