දුතිය නිද්දසවත්ථු සුත්තං
7. 1. 4. 12.
7. 1. 4. 12.
[දුතිය නිද්දසවත්ථු සුත්තං]
[දෙවැනි නිද්දසවත්ථු සූත්‍රය]
43. එවං මෙ සුතං: එකං සමයං භගවා කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. අථ ඛො ආයස්මා ආනන්දො පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය කොසම්බියං පිණ්ඩාය පාවිසි. අථ ඛො ආයස්මතො ආනන්දස්ස එතදහොසි: අතිප්පගො ඛො තාව කොසම්බියං පිණ්ඩාය චරිතුං, යන්නූනා’හං යෙන අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමෙය්යන්ති.
43. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑනුවර ඝෝෂිතාරාම යෙහි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ කෝසම්බියෙහි පිඬු සඳහා පිවිසියහ. එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරුන්හට තෙලෙ සිත් විය: “තව ම කොසඹෑහි පිණ්ඩපාතය සඳහා වදනට අලුයම බොහෝ වෙයි. මම කෝසම්බියෙහි අන්යතීර්ත්ථක පරිව්‍රාජකයන්ගේ අසපුව කරා යෙම් නම් මැනැවැ”යි.
අථ ඛො ආයස්මා ආනන්දො යෙන අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තෙහි අඤ්ඤතිත්ථියෙහි පරිබ්බාජකෙහි සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි.
එක්බිති ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ අන්යතීර්ත්ථක පරිව්‍රාජකයන්ගේ අසපුව කරා වැඩියහ. වැඩ ඒ අන්තොටු පිරිවැජියන් සමඟ සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්හ.
තෙන ඛො පන සමයෙන තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරා කථා උදපාදි: යො හි කොචි ආවුසො, ද්වාදසවස්සානි පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං චරති, ‘නිද්දසො භික්ඛූ’ති අලං වචනායාති.
එ සමයෙහි රැස් ව හුන් ඒ අන්යතීර්ත්ථක පරිව්‍රාජකයන් අතුරෙහි මෙ අතුරු කථාව උපන: “ඇවැත්නි, යම් ම කිසිවෙක් දොළොස්වසක් පරිපූර්ණ කොට පිරිසිදු බ්‍රම්සර සෙරේ නම්, ‘හෙ නිද්දස මහණ’යි කීමට නිසි වේ ය”යි.
අථ ඛො ආයස්මා ආනන්දො තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං භාසිතං නෙව අභිනන්දි, න පටික්කොසි. අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා උට්ඨායාසනා පක්කාමි ‘භගවතො සන්තිකෙ එතස්ස භාසිතස්ස අත්ථං ආජානිස්සාමි’ති.
එක්බිති ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ඒ අන්තොටු පිරිවැජියන්ගේ භාෂිතය නො ම පිළිගත්හ, නො පිළිකෙව් කළහ. නො පිළිගෙන නො පිළිකෙව් කොට ‘භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි තෙල භාෂිතයාගේ අර්ත්ථය දනුම්හ’යි හුනස්නෙන් නැඟ නික්මගියහ.
අථ ඛො ආයස්මා ආනන්දො කොසම්බියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච:
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ කොසඹෑයෙහි පිඬු පිණිස හැසිර පස්වරුයෙහි පිණ්ඩපාතයෙන් පෙරළා වැඩියාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්හි හුන්හ. එකතත්පස්හි හුන් ආයුෂ්මත් ආනන්ද තෙරහු භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකළහ:
ඉධාහං භන්තෙ, පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය කොසම්බියං පිණ්ඩාය පාවිසිං. තස්ස මය්හං භන්තෙ, එතදහොසි: අතිප්පගො ඛො තාව කොසම්බියං පිණ්ඩාය චරිතුං, යන්නූනාහං යෙන අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමෙය්යන්ති.
වහන්ස, මම පෙරවරු වේලෙහි හැඳපෙරෙව පාසිවුරු ගෙණ මේ කොසඹෑහි පිඬු පිණිස පිවිසියෙමි. වහන්ස ඒ මට තෙල සිත් විය: කොසඹෑහි පිඬු සඳහා සරනට තව බොහෝ අලුයම වෙයි. මම අන්තොටු පිරිවැජියන්ගේ අසපුව කරා එළඹෙම් නම් මැනැවැ’යි.
අථ ඛ්වාහං භන්තෙ, යෙන අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමිං. උපසඞ්කමිත්වා තෙහි අඤ්ඤතිත්ථියෙහි පරිබ්බාජකෙහි සද්ධිං සම්මොදිං. සම්මොදනීයං කථංසාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිං.
වහන්ස, ඉක්බිති මම අන්යතීර්ත්ථක පරිව්‍රාජකයන්ගේ ආරාමය කරා එළැඹියෙමි. එළැඹ එ අන්තොටු පිරිවැජියන් හා සමඟ සතුටු වීමි. සතුටු වියයුතු සිහිකටයුතු කථා කොට නිමවා එකත්පස්හි හිනිමි.
තෙන ඛො පන භන්තෙ, සමයෙන තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරා කථා උදපාදි:
වහන්ස, එ සමයෙහි රැස් ව හුන් ඒ අන්යතීර්ත්ථක පරිව්‍රාජකයන් අතුරෙහි මෙ අතුරු කථාව පාළ විය:
යො හි කොචි ආවුසො, ද්වාදසවස්සානි පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං චරති, නිද්දසො භික්ඛූති අලං වචනායාති.
ඇවැත්නි, යම් ම කිසිවෙක් දොළොස්වසක් පිරිපුන් පිරිසුදු බඹසර වෙසේ නම්, ‘නිද්දස මහණෙකැ’යි කියනට නිස්සේ යයි.
අථ ඛ්වාහං භන්තෙ, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං භාසිතං නෙව අභිනන්දිං, න පටික්කොසිං. අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා උට්ඨායාසනා පක්කමිං ‘භගවතො සන්තිකෙ එතස්ස භාසිතස්ස අත්ථං ආජානිස්සාමී’ති.
වහන්ස, ඉක්බිති මම එ අන්තොටු පිරිවැජියන්ගේ භාෂිතය නො පිළිගත්මි, නො බැහැර කෙළෙමි. නො පිළිගෙණ නො බැහැර කොට “භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි තෙල භාෂිතයාගේ අරුත් දැනගණිමැ”යි හුනස්නෙන් නැඟ නික්ම ගියෙමියි.
සක්කා නු ඛො භන්තෙ, ඉමස්මිං ධම්මවිනයෙ කෙවලං වස්සගණනමත්තෙන නිද්දසො භික්ඛූති පඤ්ඤාපෙතුන්ති.
වහන්ස, මෙ ධර්මවිනයෙහි හුදෙක් වර්ෂගණනාමාත්රයෙන් ‘නිද්දස මහණෙකැ’යි පැණවිය හැකි දැ? යි.
න ඛො ආනන්ද සක්කා ඉමස්මිං ධම්මවිනයෙ කෙවලං වස්සගණනමත්තෙන නිද්දසො භික්ඛූති පඤ්ඤාපෙතුන්ති.
ආනන්දයෙනි, මෙ ධර්මවිනයෙහි හුදෙක් වස්ගිණුම් මතුයෙකින් ‘නිද්දස මහණෙකැ’යි පැණැවිය නො හැකැයි.
සත්ත ඛො ඉමානි ආනන්ද නිද්දසවත්ථූනි මයා සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදිතානි. කකමානි සත්ත:
ආනන්දයෙනි, මා විසින් ම විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට පවසන ලද මෙ නිද්දසවත්ථු සතෙක. කවර සතෙක යත්:
ඉධානන්ද, භික්ඛු සද්ධො හොති. හිරිමා හොති. ඔත්තප්පී හොති. බහුස්සුතො හොති. ආරද්ධවිරියො හොති. සතිමා හොති. පඤ්ඤවා හොති.
ආනන්දයෙනි, මෙ සස්නෙහි මහණ සැදැහැතියේ වෙයි. හිරි ඇතියේ වෙයි. ඔතප් ඇතියේ වෙයි. බොහෝ ඇසූපිරූ තැන් ඇතියේ වෙයි. රුකුළුවැර ඇතියේ වෙයි. ස්මෘති ඇතියේ වෙයි. විවසුන් පැණ ඇතියේ වෙයි.
ඉමානි ඛො ආනන්ද සත්ත නිද්දසවත්ථූනි මයා සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදිතානි.
ආනන්දයෙනි, මේ නිද්දසවත්ථූහු සත්දෙන මා විසින් ම විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට පවසන ලදහ.
ඉමෙහි ඛො ආනන්ද සත්තහි නිද්දසවත්ථූහි සමන්නාගතො භික්ඛු ද්වාදස චෙපි වස්සානි පරිපුණ්ණං පිරිසුද්ධං බ්රහ්මචරියං චරති, නිද්දසො භික්ඛූති අලං වචනායාති. චතුවීසතිඤ්චෙපි වස්සානි පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං චරති, නිද්දසො භික්ඛූති අලං වචනාය. ඡත්තිංසති චෙපි වස්සානි පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං චරති, නිද්දසො භික්ඛූති අලං වචනාය. අට්ඨචත්තාරීසඤ්චෙපි වස්සානි පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං චරති, නිද්දසො භික්ඛූති අලං වචනායාති.
ආනන්දයෙනි, මේ නිද්දසවත්‍ථුහු සතින් සමන්වාගත මහණ දොළොස්වසක් වේවයි පිරිපුන් පිරිසුදු මඟබඹසර වෙසේ නම්, ‘නිද්දස මහණ’යි කීමට නිසියේ වෙයි. සූවිසිවසක් වේවයි පරිපූර්ණ පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය රක්නේ නම්, ‘නිද්දස මහණ’යි කීමට සුදුසු වෙයි. සතිස්වසක් වේවයි පිරිපුන් පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යය රක්නේ නම්, ‘නිද්දස මහණ’යි කීමට සුදුසු වෙයි. අටසාළිස්වසක් වේවයි පිරිපුන් පිරිසිදු මඟබඹසර රක්නේ නම්, ‘නිද්දස මහණ’යි කීමට සුදුසු වේ යයි.
දෙවතාවග්ගො චතුත්ථො.
දේවතා වර්ගය සතරවැනි යි.
තස්සුද්දානං:
එහි උද්දානය:
අප්පමාදො හිරි චෙව ද්වෙ ද්වෙ සුවචා මිත්තා, ද්වෙ පටිසම්භිදා ද්වෙ වසා ද්වෙ නිද්දසවත්ථුනාති.
අප්පමාද සූත්‍රය, හිරි සූත්‍රය, සෝවචස්සතා සූත්‍ර දෙක ය, මිත්ත සූත්‍ර දෙක ය, පටිසම්භිදා සූත්‍ර දෙක ය, චිත්තවස සූත්‍ර දෙක ය, නිද්දස සූත්‍ර දෙක යයි සූත්‍ර දොළොසෙකි.