යෙදුමෙන් කියවන්න

පඨම නිද‍්දසවත්‍ථු සුත‍්තං

7. 1. 4. 11.

7. 1. 4. 11.

[පඨම නිද‍්දසවත්‍ථු සුත‍්තං]

[ප්‍රථම නිද්දස වත්‍ථු සූත්‍රය]

42. එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. අථ ඛො ආයස‍්මා සාරිපුත‍්තො පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරං ආදාය සාවත්‍ථියං පිණ‍්ඩාය පාවිසි.

42. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු මහසිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩ වෙසෙත්. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ පෙරවරුයෙහි හැඳ පෙරව පා සිවුරු ගෙණ සැවැත්හි පිඬු පිණිස පිවිසියහ.

අථ ඛො ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස එතදහොසි: අතිප‍්පගො ඛො තාව සාවත්‍ථියං පිණ‍්ඩාය චරිතුං, යන‍්නූනාහං යෙන අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං ආරාමො තෙනුපසඞ‍්කමෙය්‍යන‍්ති. අථ ඛො ආයස‍්මා සාරිපුත‍්තො යෙන අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං ආරාමො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා තෙහි අඤ‍්ඤාතිත්‍ථියෙහි පරිබ‍්බාජකෙහි සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි.

එක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරුන්ට තෙලෙ සිත විය: “තව ම සැවැත්හි පිඬු පිණිස සැරිසරණට බොහෝ අලුයම් වෙයි. මම අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයන්ගේ අසපුවට එළැඹෙම් නම් මැනවැ”යි. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරහු අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයන්ගේ අසපුව කරා වැඩියහ. වැඩ එ අන්තොටු පිරිවැජියන් හා සමඟ සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස්හි වැඩ හුන්හ.

තෙන ඛො පන සමයෙන තෙසං අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං සන‍්නිසින‍්නානං සන‍්නිපතිතානං අයමන‍්තරා කථා උදපාදි: යො හි කොචි ආවුසො, ද‍්වාදසවස‍්සානි පරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං චරති, ‘නිද‍්දසො භික‍්ඛූ’ති අලං වචනායාති.

එ සමයෙහි රැස් ව හුන් එ අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයන් අතුරෙහි මෙ අතුරු කථායෙක් පාළ විය: “ඇවැත්නි, යම් පුද්ගලයෙක් දොළොස් වසක් පිරිපුන් පිරිසිදු බඹසර වෙසේ නම් හෙ ‘නිද්දස (දසවස්කථා ඉක්ම වූ) මහණ’ යි කීමට නිසි වෙ යි.

අථ ඛො ආයස‍්මා සාරිපුත‍්තො තෙසං අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං භාසිතං නෙව අභිනන්‍දි, න පටික‍්කොසි. අනභිනන්‍දිත්‍වා අප‍්පටික‍්කොසිත්‍වා උට‍්ඨායාසනා පක‍්කාමි. ‘භගවතො සන‍්තිකෙ එතස‍්ස භාසිතස‍්ස අත්‍ථං ආජානිස‍්සාමී’ති.

එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරහු එ අන්තොටු පිරිවැජියන්ගේ භාෂිතය නො ම පිළිගත්හ, නො ද පිළිකෙව් කළහ. නො පිළිගෙණ ප්‍රතික්‍ෂේප නො කොට “භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි තෙල භාෂිතයාගේ අරුත් දනුම්හ”යි හුනස්නෙන් නැඟ වැඩියහ.

අථ ඛො ආයස‍්මා සාරිපුත‍්තො සාවත්‍ථියං පිණ‍්ඩාය චරිත්‍වා පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා සාරිපුත‍්තො භගවන‍්තං එතදවොච:

එක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ සැවැත්හි පිඬු පිණිස සැරැ පසුබත් වේලෙහි පිඬුවායෙන් පෙරළා පැමිණියාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්හි හුන්හ. එකත්පස්හි හුන් ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකළහ:

ඉධාහං භන‍්තෙ, පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරං ආදාය සාවත්‍ථියං පිණ‍්ඩාය පාවිසිං. තස‍්ස මය‍්හං භන‍්තෙ, එතදහොසි: අතිප‍්පගො ඛො තාව සාවත්‍ථියං පිණ‍්ඩාය චරිතුං, යන‍්නූනාහං යෙනඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං ආරාමො තෙනුපසඞ‍්කමෙය්‍යන‍්ති. අථ ඛ‍්වාහං භන‍්තෙ, යෙන අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං ආරාමො තෙනුපසඞ‍්කමිං. උපසඞ‍්කමිත්‍වා තෙහි අඤ‍්ඤතිත්‍ථියෙහි පරිබ‍්බාජකෙහි සද‍්ධිං සම‍්මොදිං. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදිං. තෙන ඛො පන භන‍්තෙ, සමයෙන තෙසං අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං සන‍්නිසින‍්නානං සන‍්නිපතිතානං අයමන‍්තරා කථා උදපාදි: යො හි කොචි ආවුසො, ද‍්වාදසවස‍්සානි පරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං චරති, ‘නිද‍්දසො භික‍්ඛූ’ති අලං වචනායා’ති. අථ ඛ‍්වාහං භන‍්තෙ, තෙසං අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං භාසිතං නෙව අභිනන්‍දිං, න පටික‍්කොසිං. අනභිනන්‍දිත්‍වා අප‍්පටික‍්කොසිත්‍වා උට‍්ඨායාසනා පක‍්කාමිං ‘භගවතො සන‍්තිකෙ එතස‍්ස භාසිතස‍්ස අත්‍ථං ආජානිස‍්සාමී’ති.

වහන්ස, මෙහි මම පෙරවරුයෙහි හැඳ පෙරව පාසිවුරු රැගෙණ සැවැත්හි පිඬු සඳහා පිවිසියෙමි. වහන්ස, එ මට තෙලෙ සිත් විය: සැවැත්හි පිඬු සඳහා වදනට තව බොහෝ අලුයම් වෙයි. මම අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයන්ගේ අසපුවට කරා යෙම් නම් මැනවැයි. වහන්ස, ඉක්බිති මම අන්තොටු පිරිවැජියන්ගේ අසපුව කරා එළැඹියෙමි. එළැඹ එ අන්තොටු පිරිවැජියන් සමඟ සතුටු වීමි. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස්හි හිනිමි. වහන්ස, එ සමයෙහි එ රැස් ව හුන් අන්තොටු පිරිවැජියන් අතුරෙහි මෙ අතුරුකථාව උපන: “ඇවැත්නි, යම් පුද්ගලයෙක් දොළොස්වසක් පිරිපුන් පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යය සෙරේ නම්, ‘නිද්දස මහණ’යි කියනට නිසි වේ”ය යි. වහන්ස, එක්බිති මම එ අන්තොටු පිරිවැජ්ජන්ගේ භාෂිතය නො පිළිගතිමි, නො ම ප්‍රතික්‍ෂේප කෙළෙමි. නො පිළිගෙණ නො පිළිකෙව් කොට “භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි මෙ භාෂිතයාගේ අර්‍ත්‍ථය දැනගන්මි”යි හුනස්නෙන් නැඟී නික්මගියෙමි.

සක‍්කා නු ඛො භන‍්තෙ, ඉමස‍්මිං ධම‍්මවිනයෙ කෙවලං වස‍්සගණනමත‍්තෙන නිද‍්දසො භික‍්ඛූති පඤ‍්ඤාපෙතුන‍්ති.

වහන්ස, මෙ ධර්‍මවිනයෙහි හුදු වස් ගණන් පමණෙකින් ‘නිද්දස මහණෙකැ’යි පැනැවිය හැකි දැ යි.

න ඛො සාරිපුත‍්ත, සක‍්කා ඉමස‍්මිං ධම‍්මවිනයෙ කෙවලං වස‍්සගණනමත‍්තෙන නිද‍්දසො භික‍්ඛූති පඤ‍්ඤාපෙතුං.

ශාරීපුත්‍රයෙනි, හුදු වස්ගණන් පමණෙකින් මෙ ධර්‍මවිනයෙහි (පුඟුලකු) ‘නිද්දස මහණෙකැ’යි පැනැවිය නො හැක්ක.

සත‍්ත ඛො ඉමානි සාරිපුත‍්ත, නිද‍්දසවත්‍ථූනි මයා සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා පවෙදිතානි. කතමානි සත‍්ත:

ශාරීපුත්‍රයෙනි, මෙ නිද්දසවතථු සත්දෙනෙක් මා විසින් තමා ම විශිෂ්ට ඥානයෙන් දැන සාක්‍ෂාත් කොට දන්නා ලදහ. කවර සතෙක යත්:

ඉධ සාරිපුත‍්ත, භික‍්ඛු සික‍්ඛාසමාදානෙ තිබ‍්බච‍්ඡන්‍දො හොති ආයතිඤ‍්ච සික‍්ඛාසමාදානෙ අවිගතපෙමො. ධම‍්මනිසන‍්තියා තිබ‍්බච‍්ඡන්‍දො හොති ආයතිඤ‍්ච ධම‍්මනිසන‍්තියා අවිගතපෙමො. ඉච‍්ඡාවිනයෙ තිබ‍්බච‍්ඡන්‍දො හොති, ආයතිඤ‍්ච ඉච‍්ඡාවිනයෙ අවිගතපෙමො. පටිසල‍්ලානෙ තිබ‍්බච‍්ඡන්‍දො හොති, ආයතිඤ‍්ච පටිසල‍්ලානෙ අවිගතපෙමො. විරියාරම‍්භෙ තිබ‍්බච‍්ඡන්‍දො හොති, ආයතිඤ‍්ච විරියාරම‍්භෙ අවිගතපෙමො. සතිනෙපක‍්කෙ තිබ‍්බච‍්ඡන්‍දො හොති, ආයතිඤ‍්ච සතිනෙපක‍්කෙ අවිගතපෙමො. දිට‍්ඨිපටිවෙධෙ තිබ‍්බච‍්ඡන්‍දො හොති, ආයතිඤ‍්ච දිට‍්ඨිපටිවෙධෙ අවිගතපෙමො.

ශාරීපුත්‍රයෙනි, මේ සස්නෙහි මහණ ශික්‍ෂාසමාදානයෙහි තීව්‍රඡන්‍ද ඇතියේ වෙයි, මත්තෙහි දු ශික්‍ෂාසමාදානයෙහි පහ නො වූ ප්‍රේම ඇතියේ වෙයි. ධර්‍මොපධාරණයෙහි (විදර්‍ශනාවෙහි) දෘඪඡන්‍දය ඇතියේ වෙයි, මතුයෙහි දු ධර්‍මොපධාරණයෙහි පහ නො වූ ප්‍රේම ඇතියේ වෙයි. ඉච්ඡා විනයෙහි තීව්‍රඡන්‍දය ඇතියේ මත්තෙහි දු ඉච්ඡා විනයෙහි පහ නො වූ ප්‍රේම ඇතියේ වෙයි. පිළිසලනෙහි දළසඳ ඇතියේ මතුයෙහි දු පිළිසලනෙහි පහ නො වූ ප්‍රේම ඇතියේ වෙයි. වීර්‍ය්‍යාරම්භයෙහි තීව්‍රඡන්‍දය ඇතියේ මතුයෙහි දු වීර්‍ය්‍යාරම්භයෙහි පහ නො වූ ප්‍රේම ඇතියේ වෙයි. ස්මෘති-නිපකභාවයෙහි (ප්‍රඥායෙහි) තීව්‍රඡන්‍දය ඇතියේ මතුයෙහි දු ස්මෘති-නිපකභාවයෙහි පහ නො වූ ප්‍රේම ඇතියේ වෙයි. දෘෂ්ටි (මාර්‍ග) ප්‍රතිවේධයෙහි තීව්‍රඡන්‍දය ඇතියේ මතුයෙහි දු දෘෂ්ටිප්‍රතිවේධයෙහි පහ නො වූ ප්‍රේම ඇතියේ වෙයි.

ඉමානි ඛො සාරිපුත‍්ත, සත‍්ත නිද‍්දසවත්‍ථූනි මයා සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා පවෙදිතානි.

ශාරීපුත්‍රයෙනි, මෙ සත් නිද්දසවත්‍ථුහු මා විසින් තමා ම විශිෂ්ට ඥානයෙන් දැන සාක්‍ෂාත් කොට ප්‍රවිදිතයහ.

ඉමෙහි ඛො සාරිපුත‍්ත, සත‍්තහි නිද‍්දසවත්‍ථූහි, සමන‍්නාගතො භික‍්ඛූ ද‍්වාදස චෙපි වස‍්සානි පරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං චරති, නිද‍්දසො භික‍්ඛූති අලං වචනාය. චතුවීසතිං චෙපි වස‍්සානි පරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං චරති, නිද‍්දසො භික‍්ඛූති අලං වචනාය. ඡත‍්තිංසති චෙපි වස‍්සානි පරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං චරති, නිද‍්දසො භික‍්ඛූති අලං වචනාය. අට‍්ඨචත‍්තාරීසඤ‍්චෙපි වස‍්සානි පරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං චරති, නිද‍්දසො භික‍්ඛූති අලං වචනායාති.

ශාරීපුත්‍රයෙනි, මෙ නිද්දසවත්‍ථුහු සතින් සමන්‍වාගත මහණ දොළොස් වසකුදු පරිපූර්‍ණ පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍ය රක්නේ නම් ‘නිද්දස මහණ’යි කීමට නිසි වෙයි. සූවිසිවසක් නමුදු පිරිපුන් පිරිසිදු බඹසර වෙසේ නම් ‘නිද්දස මහණ’යි කීමට නිසි වේ. සතිස්වසකුදු පිරිපුන් පිරිසිදු බඹසර වෙසේ නම් ‘නිද්දස මහණ’යි කීමට නිසි වෙයි. අට සාළිස්වසකුදු පරිපූර්‍ණ පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍ය වෙසේ නම් ‘නිද්දස මහණ’යි කීමට සුදුසු වේ යයි.