යෙදුමෙන් කියවන්න

පඨම චිත‍්තවසවත‍්තන සුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

7. 1. 4. 9.

7. 1. 4. 9.

[පඨම චිත‍්තවසවත‍්තන සුත‍්තං]

[ප්‍රථම චිත්තවසවත්තන සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

40. සත‍්තහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු චිත‍්තං වසෙවත‍්තෙති, නො ච භික‍්ඛු චිත‍්තස‍්ස වසෙන වත‍්තති. කතමෙහි සත‍්තහි:

40. මහණෙනි, කරුණු සතෙකින් සමන්‍වාගත මහණ සිත වසෙහි පවත්වයි. මහණ ද චිත්තයාගේ වශයෙන් නො වැටෙයි. කවර සතෙකින යත්:

ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සමාධිකුසලො හොති, සමාධිස‍්ස සමාපත‍්තිකුසලො හොති, සමාධිස‍්ස ඨිතිකුසලො හොති, සමාධිස‍්ස වුට‍්ඨානකුසලො හොති, සමාධිස‍්ස කල‍්ලිතකුසලො හොති, සමාධිස‍්ස ගොචරකුසලො හොති, සමාධිස‍්ස අභිනීහාරකුසලො හොති.

මහණෙනි. මෙ සස්නෙහි මහණ සමාධිකුශල වෙයි. සමාධි සමාපත්තියෙහි කුශල වෙයි. සමාධිස්ථිතියෙහි කුශල වෙයි. සමාධිව්‍යුත්‍ථානයෙහි කුශල වෙයි. සමාධිකල්‍යභාවයෙහි කුශල වෙයි. සමාධිගෝචරයෙහි කුශල වෙයි. සමාධිඅභිනීහාරයෙහි කුශල වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ, සත‍්තහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු චිත‍්තං වසෙ වත‍්තෙති, නො ච භික‍්ඛු චිත‍්තස‍්ස වසෙන වත‍්තති.

මහණෙනි, මෙ කරුණු සතින් සමන්‍වාගත මහණ චිත්තය වශයෙහි පවත්වයි. මහණ ද චිත්තයාගේ වශයෙන් නො වැටේ යයි.

7. 1. 4. 10.

7. 1. 4. 10.

[දුතිය චිත‍්තවසවත‍්තන සුත‍්තං]

[දෙවෙනි චිත්තවසවත්තන සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

41. සත‍්තහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො සාරිපුත‍්තො චිත‍්තං වසෙ වත‍්තෙති, නො ච සාරිපුත‍්තො චිත‍්තස‍්ස වසෙන වත‍්තති. කතමෙහි සත‍්තහි:

41. මහණෙනි, කරුණු සතෙකින් සමන්‍වාගත සාරිපුත්තයෝ චිත්තය ස්වවශයෙහි පවත්වන්නාහ. සාරිපුත්තයෝ ද චිත්තයාගේ වශයෙන් නො පවත්නාහ. කවර සතෙකින යත්:

ඉධ භික‍්ඛවෙ, සාරිපුත‍්තො සමාධිකුසලො හොති, සමාධිස‍්ස සමාපත‍්තිකුසලො, සමාධිස‍්ස ඨිතිකුසලො, සමාධිස‍්ස වුට‍්ඨානකුසලො, සමාධිස‍්ස කල‍්ලිතකුසලො, සමාධිස‍්ස ගොචරකුසලො, සමාධිස‍්ස අභිනීහාරකුසලො හොති.

මහණෙනි, මෙ සස්නෙහි සැරියුත්හු සමාධියෙහි කුශල වෙති. සමාධිසමාපත්ති කුශල වෙති. සමාධිස්ථිති කුශල වෙති. සමාධිව්‍යුත්‍ථාන කුශල වෙති. සමාධිකල්‍ය (දක්‍ෂභාවයෙහි) කුශල වෙත්. සමාධි ගෝචරයෙහි කුශල වෙත්. සමාධි අභිනීහාරයෙහි (එළවා ගැණීමෙහි) කුශල වෙති.

ඉමෙහි ඛො භික‍්ඛවෙ, සත‍්තහි ධම‍්මෙහි සමන‍්නාගතො සාරිපුත‍්තො චිත‍්තං වසෙ වත‍්තෙති, නො ච සාරිපුත‍්තො චිත‍්තස‍්ස වසෙන වත‍්තතී”ති.

මහණෙනි, මෙ සත් කරුණින් සමන්‍වාගත සාරිපුත්තයෝ චිත්තය වශයෙහි පවත්වත්, සැරියුත්හු චිත්තයාගේ වශයෙන් නො පවති ත්.