යෙදුමෙන් කියවන්න

දුතිය පටිසම‍්භිදා සුත‍්තං

7. 1. 4. 8.

7. 1. 4. 8.

[දුතිය පටිසම‍්භිදා සුත‍්තං]

[දෙවෙනි පටිසම්භිදා සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

39. සත‍්තහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො සාරිපුත‍්තො චතස‍්සො පටිසම‍්භිදා සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති. කතමෙහි සත‍්තහි:

39. මහණෙනි, කරුණු සතෙකින සමන්‍වාගත සාරිපුත්තයෝ සිවුපිළිසිඹියා නුවණ තුමූ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට එළඹ වෙසෙත්. කවර සතෙකින යත්:

ඉධ භික‍්ඛවෙ, සාරිපුත‍්තො ඉදං මෙ චෙතසො ලීනත‍්තන‍්ති යථාභූතං පජානාති. අජ‍්ඣත‍්තං සඞ‍්ඛිත‍්තං වා චිත‍්තං අජ‍්ඣත‍්තං මෙ සඞ‍්ඛිත‍්තං චිත‍්තන‍්ති යථාභූතං පජානාති. බහිද‍්ධා වික‍්ඛිත‍්තං වා චිත‍්තං බහිද‍්ධා මෙ වික‍්ඛිත‍්තං චිත‍්තන‍්ති යථාභූතං පජානාති. තස‍්ස විදිතා වෙදනා උප‍්පජ‍්ජන‍්ති, විදිතා උපට‍්ඨහන‍්ති, විදිතා අබ‍්භත්‍ථං ගච‍්ඡන‍්ති.

මහණෙනි, මෙ සස්නෙහි සැරියුත් තෙරණුවෝ ‘මාගේ මෙ චිත්තයාගේ ලීනභාවය ඇතැ’යි යාථාවයෙන් දන්නාහ. අධ්‍යාත්මයෙහි සංක්‍ෂිප්ත (හැකුළුනා) වූ හෝ සිත ‘අධ්‍යාත්මයෙහි මාගේ චිත්තය සංක්‍ෂිප්ත ය’යි යාථාවයෙන් දන්නාහ. බාහ්‍යයෙහි වික්‍ෂිප්ත (විසිරගියා) වූ හෝ චිත්තය ‘මාගේ චිත්තය බාහ්‍යයෙහි වික්‍ෂිප්ත ය’යි යාථාවයෙන් දන්නාහ. ඔහට වේදනාවෝ විදිත ව ම උපදනාහ, විදිත ව ම එළැඹ සිටුනාහ, විදිත ව ම අස්තයට යන්නාහ.

විදිතා සඤ‍්ඤා උප‍්පජ‍්ජන‍්ති, විදිතා උපට‍්ඨහන‍්ති, විදිතා අබ‍්භත්‍ථං ගච‍්ඡන‍්ති. විදිතා විතක‍්කා උප‍්පජ‍්ජන‍්ති, විදිතා උපට‍්ඨහන‍්ති, විදිතා අබ‍්භත්‍ථං ගච‍්ඡන‍්ති. සප‍්පායාසප‍්පායෙසු ඛො පනස‍්ස ධම‍්මෙසු හීනප‍්පණීතෙසු කණ‍්හසුක‍්කසප‍්පටිභාගෙසු නිමිත‍්තං සුග‍්ගහීතං හොති සුමනසිකතං සූපධාරිතං සුප‍්පටිවිද‍්ධං පඤ‍්ඤාය.

සංඥාවෝ විදිත් ව ම උපදනාහ, විදිත ව ම එළඹ සිටුනාහ, විදිත ව ම අස්තයට යන්නාහ. විතර්‍කයෝ විදිත ව ම උපදනාහ, විදිත ව ම එළැඹ සිටුනාහ, විදිත ව ම අස්තයට යන්නාහ. උපකාරී අනූපකාරී වූ ද හීනප්‍රණීත වූ ද කෘෂ්ණශුක්ල සප්‍රතිභාග වූ ද ධර්‍මයන්හි නිමිත්ත ඔහු විසින් මොනොවට ගන්නාලද වෙයි. මොනොවට මෙනෙහි කරණලද වෙයි. මොනොවට උපධාරණ කරණලද වෙයි. ප්‍රඥායෙන් මැනැවින් පිළිවිදුනාලද වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ සත‍්තහි ධම‍්මෙහි සමන‍්නාගතො සාරිපුත‍්තො චතස‍්සො පටිසම‍්භිදා සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරතී”ති.

මහණෙනි, මෙ කරුණු සතින් සමන්‍වාගත සැරියුත්හු තුමූ සිවුපිළිසිඹියා විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එළඹ වාසය කරන්නාහ යි.