යෙදුමෙන් කියවන්න

පඨමපටිසම‍්භිදා සුත‍්තං

7. 1. 4. 7.

7. 1. 4. 7.

[පඨමපටිසම‍්භිදා සුත‍්තං]

[ප්‍රථමපටිසම්භිදා සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

38. සත‍්තහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු න චිරස‍්සෙව චතස‍්සො පටිසම‍්භිදා සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරෙය්‍ය. කතමෙහි සත‍්තහි:

38. මහණෙනි, කරුණු සතෙකින් සමන්‍වාගත මහණ නොබෝ කලෙකින් ම සිවුපිළිසිඹියා නැණ තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට එළඹ වාසය කරන්නේ ය. කවර සතෙකින යත්:

ඉධ භික‍්ඛවෙ, භික‍්ඛූ ඉදං මෙ චෙතසො ලීනත‍්තන‍්ති යථාභූතං පජානාති. අජ‍්ඣත‍්තං සඞ‍්ඛිත‍්තං වා චිත‍්තං අජ‍්ඣත‍්තං මෙ සඞ‍්ඛිත‍්තං චිත‍්තන‍්ති යථාභූතං පජානාති. බහිද‍්ධා වික‍්ඛිත‍්තං වා චිත‍්තං බහිද‍්ධා මෙ වික‍්ඛිත‍්තං චිත‍්තන‍්ති යථාභූතං පජානාති. තස‍්ස විදිතා වෙදනා උප‍්පජ‍්ජන‍්ති, විදිතා උපට‍්ඨහන‍්ති, විදිතා අබ‍්භත්‍ථං ගච‍්ඡන‍්ති. විදිතා සඤ‍්ඤා උප‍්පජ‍්ජන‍්ති, විදිතා උපට‍්ඨහන‍්ති, විදිතා අබ‍්භත්‍ථං ගච‍්ඡන‍්ති. විදිතා විතක‍්කා උප‍්පජ‍්ජන‍්ති, විදිතා උපට‍්ඨහන‍්ති, විදිතා අබ‍්භත්‍ථං ගච‍්ඡන‍්ති. සප‍්පායාසප‍්පායෙසු ඛො පනස‍්ස ධම‍්මෙසු හීනප‍්පණීතෙසු කණ‍්හසුක‍්කසප‍්පටිභාගෙසු නිමිත‍්තං සුග‍්ගහීතං හොති සුමනසිකතං සූපධාරිතං සුප‍්පටිවිදිතං පඤ‍්ඤාය.

මහණෙනි, මෙ සස්නෙහි මහණ ‘මාගේ චිත්තයාගේ මෙ ලීනභාවය’යි යාථාවයෙන් (ඇතිසැටියෙන්) දන්නේ ය. (ථීනමිද්ධානුගත වීමෙන්) සංක්‍ෂිප්ත වූ චිත්තය ‘මාගේ අධ්‍යාත්මයෙහි චිත්තය සංක්‍ෂිප්ත ය’යි යාථාවයෙන් දන්නේ ය. බාහ්‍යාලම්බනයෙහි වික්‍ෂිප්ත චිත්තය ‘මාගේ චිත්තය බාහ්‍යාලම්බනයෙහි වික්‍ෂිප්තය’ යි යාථාවයෙන් දන්නේ ය. ඔහට වේදනාවෝ විදිත වූවාහු ම උපදනාහ, විදිත ව ම එළඹෙත්, විදිත ව ම අස්තයට යෙත්. සංඥාවෝ විදිත වූවාහු ම උපදනාහ, විදිත ව ම එළඹෙත්, විදිත ව ම අස්තයට යෙත්. විතර්‍කයෝ විදිත ව ම උපදනාහ, විදිත ව ම එළඹ සිටුනාහ, විදිත ව ම අස්තයට යෙත්. ඔහු විසින් සත්ප්‍රාය අස්තප්‍රාය වූ ද හීනප්‍රණීත වූ ද කෘෂ්ණශුක්ල සප්‍රතිභාග වූ ද ධර්‍මයන්හි නිමිත්ත (කාරණ) ය මොනොවට ගන්නාලද වෙයි, මොනොවට මෙනෙහි කරණලද වෙයි, මොනොවට උපධාරණ කරණ ලද වෙයි, ප්‍රඥායෙන් මොනොවට පිළිවිදිනලද වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ, සත‍්තහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු න චිරස‍්සෙව චතස‍්සො පටිසම‍්භිදා සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරෙය්‍යා”ති.

මහණෙනි, මෙ කරුණු සතින් සමන්‍වාගත මහණ නො බෝකලෙකින් ම සිවුපිළිසිඹියා නුවණ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එයට එළඹ වසන්නේ ය යි.