යෙදුමෙන් කියවන්න

4 දෙවතා වග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

4. දේවතා වර්ගය

1. අප‍්පමාදගාරව සුත‍්තවණ‍්ණනා

1. අප්පමාදගාරව සූත්‍ර වර්ණනාව

චතුත්‍ථස‍්ස පඤ‍්චමෙ දුද‍්දදන‍්ති දුප‍්පරිච‍්චජං මහාරහං භණ‍්ඩකං. දුක‍්කරං කරොතීති කාතුං අසුකරං කම‍්මං කරොති. දුක‍්ඛමං ඛමතීති සහායස‍්ස අත්‍ථාය දුරධිවාසං අධිවාසෙති. ගුය‍්හමස‍්ස ආවිකරොතීති අත‍්තනො ගුය‍්හං තස‍්ස ආවිකරොති. ගුය‍්හමස‍්ස පරිගුහතීති තස‍්ස ගුය‍්හං අඤ‍්ඤෙසං නාචික‍්ඛති. ඛීණෙන නාතිමඤ‍්ඤතීති තස‍්ස භොගෙ ඛීණෙ තෙන ඛයෙන තං නාතිමඤ‍්ඤති, තස‍්මිං ඔමානං අත‍්තනි ච අතිමානං න කරොති.

සිවුවැනි වර්‍ගයේ පළමු සූත්‍රයෙහි දුද්දදං යනු අතහැරීමට අමාරු මාහැඟි භාණ්ඩයයි, දුක්කරං කරොති යනු කිරීමට පහසුනොවන දෙයක් කරයි. දුක්ඛමං ඛමති යනු උදව්ව සඳහා ඉවසිය නොහැක්කක් උසුලයි, ගුය්හමස්ස ආවිකරොති යනු තමන්ගේ රහස ඔහුට ප්‍රකට කරයි, ගුය්හං අස්සපරිගුහති යනු ඔහුගේ රහස අනුනට සැලනොකරයි, ඛිණෙන නාතිමඤ්ඤති යනු ඔහුගේ භොගයන් ක්ෂය වූ විට ඒ ක්ෂය වීමෙන් ඔහු පහත් නොකරයි, ඔහු කෙරෙහි අවමානය ද තමා කෙරෙහි අතිමානය ද නොකරයි.

6. භික‍්ඛුමිත‍්ත සුත‍්තවණ‍්ණනා

6. භික්ඛුමිත්ත සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ වත‍්තාති වචනකුසලො. වචනක‍්ඛමොති වචනං ඛමති, දින‍්නං ඔවාදං කරොති. ගම‍්භීරන‍්ති ගුය‍්හං රහස‍්සං ඣානනිස‍්සිතං විපස‍්සනාමග‍්ගඵලනිබ‍්බානනිස‍්සිතං.

සවැන්නෙහි වත්තා යනු වචනයෙහි දක්‍ෂ වූයේයි, වචනක්ඛමො යනු වචනය ඉවසයි, දුන් ඔවදන කරයි, ගම්භීරං යනු සැඟවුණු රහසිගත වූ ධ්‍යාන ඇසුරුකොට ඇති විදර්‍ශනා මාර්‍ග ඵල නිවන් ඇසුරු කොට ඇතියි,

7. පඨමපටිසම‍්භිදා සුත‍්තවණ‍්ණනා

7. ප්‍රථමපටිසම්භිදා සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ ඉදං මෙ චෙතසො ලීනත‍්තන‍්ති උප‍්පන‍්නෙ චෙතසො ලීනත‍්තෙ “ඉදං මෙ චෙතසො ලීනත‍්ත”න‍්ති යථාසභාවතො ජානාති. අජ‍්ඣත‍්තං සංඛිත‍්තං නාම ථිනමිද‍්ධානුගතං. බහිද‍්ධා වික‍්ඛිත‍්තං නාම පඤ‍්චසු කාමගුණෙසු වික‍්ඛිත‍්තං. වෙදනාතිආදීනි පපඤ‍්චමූලවසෙන ගහිතානි. වෙදනා හි තණ‍්හාය මූලං සුඛවසෙන තණ‍්හුප‍්පත‍්තිතො, සඤ‍්ඤා දිට‍්ඨියා මූලං අවිභූතාරම‍්මණෙ දිට‍්ඨිඋප‍්පත‍්තිතො, විතක‍්කො මානස‍්ස මූලං විතක‍්කවසෙන අස‍්මීති මානුප‍්පත‍්තිතො. සප‍්පායාසප‍්පායෙසූති උපකාරානුපකාරෙසු. නිමිත‍්තන‍්ති කාරණං. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

ඉදං මෙ චෙතසො ලීනත්‍ථං යනු උපන් සිත මැලි වූ කල මේ මගේ සිතේ මැලිබවයි පවත්නා සැටියෙන් දනියි, අජ්ඣත්තං සංඛිත්තං යනු ථිනමිද්ධයට අනුගතවූයි, බහිද්ධා වික්ඛිත්තං යනු පඤ්චකාම ගුණයන්හි විසුරුණාවුයි, වෙදනා යනාදිය ප්‍රපංචමූල වශයෙන් ගන්නා ලද්දාවූයි, වෙදනාව වනාහි තෘෂ්ණාවෙහි මූලයි. සුඛ වශයෙන් තෘෂ්ණාව උපදින බැවිනි, සඤ්ඤාව දෘෂ්ටියේ මුලයි. අප්‍රකට අරමුණෙහි දෘෂ්ටිය උපදින බැවිනි, විතර්‍කය මානයේ මූලයයි, විතර්‍ක වශයෙන් වෙමැයි මානය උපදින බැවිනි, සප්පායාසප්පායෙසු යනු උපකාර අනුපකාරයන්හියි, නිමිත්තං යනු කාරණයයි, සෙස්ස සියලුතන්හි පැහැදිලි අරුත් ඇත්තේමය.

දෙවතාවග‍්ගො චතුත්‍ථො.

සිවුවැනි වූ දෙවතා වර්‍ගයයි.