3. වජ්ජිසත්තක වග්ගො අට්ඨකථා
3. වජ්ජිසත්තක වර්ගය
1. සාරන්දද සුත්තවණ්ණනා
1. සාරන්දද සූත්‍ර වර්ණනාව
තතියස්ස පඨමෙ සාරන්දදෙ චෙතියෙති එවංනාමකෙ විහාරෙ. අනුප්පන්නෙ කිර තථාගතෙ තත්ථ සාරන්දදස්ස යක්ඛස්ස නිවාසනට්ඨානං චෙතියං අහොසි, අථෙත්ථ භගවතො විහාරං කාරෙසුං. සො සාරන්දදචෙතියංත්වෙව සඞ්ඛං ගතො. යාවකීවඤ්චාති යත්තකං කාලං. අභිණ්හං සන්නිපාතාති දිවසස්ස තික්ඛත්තුං සන්නිපතන්තාපි අන්තරන්තරා සන්නිපතන්තාපි අභිණ්හං සන්නිපාතාව. සන්නිපාතබහුලාති “හිය්යොපි පුරිමදිවසම්පි සන්නිපතම්හ, පුන අජ්ජ කිමත්ථං සන්නිපතාමා”ති වොසානමනාපජ්ජනෙන සන්නිපාතබහුලා. වුද්ධියෙව ලිච්ඡවී වජ්ජීනං පාටිකඞ්ඛා නො පරිහානීති අභිණ්හං අසන්නිපතන්තා හි දිසාසු ආගතං සාසනං න සුණන්ති, තතො “අසුකගාමසීමා වා නිගමසීමා වා ආකුලා, අසුකට්ඨානෙ චොරා පරියුට්ඨිතා”ති න ජානන්ති. චොරාපි “පමත්තා රාජානො”ති ඤත්වා ගාමනිගමාදීනි පහරන්තා ජනපදං නාසෙන්ති. එවං රාජූනං පරිහානි හොති. අභිණ්හං සන්නිපතන්තා පන තං පවත්තිං සුණන්ති, තතො බලං පෙසෙත්වා අමිත්තමද්දනං කරොන්ති. චොරාපි “අප්පමත්තා රාජානො, න සක්කා අම්හෙහි වග්ගබන්ධනෙන විචරිතු”න්ති භිජ්ජිත්වා පලායන්ති. එවං රාජූනං වුද්ධි හොති. තෙන වුත්තං – “වුද්ධියෙව ලිච්ඡවී වජ්ජීනං පාටිකඞ්ඛා නො පරිහානී”ති.
තෙවැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි සාරන්දදෙ චෙතියෙ යනු මෙසේ නම් ඇති විහාරයෙහියි, තථාගතයන් වහන්සේ එළැඹි කල්හි එහි සාරන්දද යක්ෂයාගේ නිවාසස්ථානය චෛත්‍යයක් වූයේය, ඉක්බිති මෙහි භාග්‍යවතුන් වහන්සේට වෙහෙරක් කරවූහ. එය සාරන්දද චෙතියයි ප්‍රසිද්ධියට ගියේය. යාවකීචඤ්ච යනු යම් පමණ වූ කාලයක් යනුයි, අභිණ්හං සන්තිපාතා යනු දිනකට තෙවරක් රැස්වන්නාහු ද අතරතුර රැස් වන්නාහු ද නිතර රැස්වන්නෝමය, සන්නිපාතබහුලා යනු ඊයේත් කලින් දිනයේත් රැස්වූවෝ වෙමු. (යළි) අද කුමක් සඳහා රැස්වන්නෙමුදැයි අවසානයකට නොපැමිණීමෙන් රැස්වීම් බහුලවූවෝයි, වුද්ධියෙව ලිච්ඡවි වජ්ජිනං පාටිකංඛා නො පරිහානි යනු නිතර රැස්නොවන්නාහු ඒ ඒ දිශාවන්ගෙන් පැමිණි හසුන් (පණිවුඩ) නොඅසත්, එයින් අසුවල් ගම් සීමාව හෝ අසුවල් නියම්ගම් සීමාව අවුල්ය, අසුවල් තැන්හි සොරු නැගී සිටියාහුය නොදනිත්, සොරුද රජවරු පමා වූවෝයයි දැන ගම්නියම්ගම් පහරමින් දනව් වනසති, මෙසේ රජුන්ගේ පිරිහීම වෙයි, නිතර රැස්වන්නාහු එම පුවත් අසති, එයින් බලසෙන් යවා සතුරු මැඬීම කරති, සොරු ද රජවරු උනන්දුය රොද බැඳ හැසිරීමට අපට නොහැකියයි වෙන් වී පළායති. මෙසේ රජවරුනට අභිවෘද්ධිය වෙයි. “වුද්ධියෙව ලිච්ඡවි වජ්ජිනං පාටිකංඛා නොපරිහානි”යි එහෙයින් කියන ලදි.
සමග්ගාතිආදීසු සන්නිපාතභෙරියා නිග්ගතාය “අජ්ජ මෙ කිච්චං අත්ථි මඞ්ගලං අත්ථී”ති වික්ඛෙපං කරොන්තා න සමග්ගා සන්නිපතන්ති නාම. භෙරිසද්දං පන සුත්වාව භුඤ්ජමානාපි අලඞ්කුරුමානාපි වත්ථානි නිවාසයමානාපි අද්ධභුත්තා අද්ධාලඞ්කතා වත්ථං නිවාසෙන්තාව සන්නිපතන්තා සමග්ගා සන්නිපතන්ති නාම. සන්නිපතිතා පන චින්තෙත්වා මන්තෙත්වා කත්තබ්බං කත්වා එකතොව අවුට්ඨහන්තා න සමග්ගා වුට්ඨහන්ති නාම. එවං වුට්ඨිතෙසු හි යෙ පඨමං ගච්ඡන්ති, තෙසං එවං හොති – “අම්හෙහි බාහිරකථාව සුතා, ඉදානි විනිච්ඡයකථා භවිස්සතී”ති. එකතො වුට්ඨහන්තා පන සමග්ගා වුට්ඨහන්ති නාම. අපිච “අසුකට්ඨානෙ ගාමසීමා වා නිගමසීමා වා ආකුලා, චොරා වා පරියුට්ඨිතා”ති සුත්වා “කො ගන්ත්වා අමිත්තමද්දනං කරිස්සතී”ති වුත්තෙ “අහං පඨමං අහං පඨම”න්ති වත්වා ගච්ඡන්තාපි සමග්ගා වුට්ඨහන්ති නාම. එකස්ස පන කම්මන්තෙ ඔසීදමානෙ සෙසා පුත්තභාතරො පෙසෙත්වා තස්ස කම්මන්තං උපත්ථම්භයමානාපි ආගන්තුකරාජානං “අසුකස්ස ගෙහං ගච්ඡතු, අසුකස්ස ගෙහං ගච්ඡතූ”ති අවත්වා සබ්බෙ එකතො සඞ්ගණ්හන්තාපි එකස්ස මඞ්ගලෙ වා රොගෙ වා අඤ්ඤස්මිං වා පන තාදිසෙ සුඛදුක්ඛෙ උප්පන්නෙ සබ්බෙ තත්ථ සහායභාවං ගච්ඡන්තාපි සමග්ගා වජ්ජිකරණීයානි කරොන්ති නාම.
සමග්ගා යනාදියෙහි රැස්වීම් දන්වන බෙර හඬ නික්මුණු විට අද අපට වැඩක් ඇත. මඞගල්යයක් ඇතැයි වියවුල් බවක් කරමින් සමඟියෙන් රැස් නොවෙත් නමි, බෙරහඬ අසාම බුදිනු ලබන්නෝ ද සැරසෙන්නාහු ද ඇඳුම් අඳින්නාහු ද අඩක් අනුභව කළෝ ද අඩක් සැරසුණාහු ද ඇඳුම් හඳිමින්ම රැස්වන්නාහු සමගියෙන් රැස්වෙති නමි, රැස් වූවාහු සිතා මතා කළයුත්ත කොට එක්ව නොනැඟිටින්නාහු සමඟියෙන් නොනැඟීසිටිත් නමි, මෙසේ නැගිටි කල්හිද, යමෙක් පළමුව යත්ද ඔවුන්ට මෙසේ අදහස් වෙයි. “අප විසින් බැහැර කථාම අසන ලදි. දැන් තීරණාත්මක කථාව වන්නේය”. එක්ව නැඟී සිටින්නාහු වනාහි සමඟියෙන් නැඟී සිටිත් නමි, තවද අසුවල් තැන ගම්සීමාව හෝ නියම්ගම් සීමාව වියවුල්ය, සොරු හෝ නැඟී සිටියාහුයි අසා කවරෙක් ගොස් සතුරන් මැඬීම කරන්නේදැයි කී කල්හි පළමුව මමයි පළමුව මමයි කියා යන්නාහු ද සමඟියෙන් නැඟී සිටිත් නමි. කෙනෙකුගේ කටයුත්තක් ඇතිවිට සෙස්සෝ පුතුන් සොහොයුරන් යවා ඔහුගේ කටයුත්තට උදවුවන්නාහු ද අසවලාගේ ගෙට යන්න අසවලාගේ ගෙට යන්නැයි නොකියා සියල්ලෝ එක්ව ආගන්තුක රජවරුනට සලකන්නාහුද එකෙකුට මඟුලක් හෝ අසනීපයක් හෝ එබඳු වෙන යම්කිසි සුවදුක් ඇතිවිට සියල්ලෝ එහි සහාය බවට යන්නාහු ද සමඟියෙන් වජ්ජීන්ගේ කටයුතු කරත් නමි.
අප්පඤ්ඤත්තන්තිආදීසු පුබ්බෙ අකතං සුඞ්කං වා බලිං වා දණ්ඩං වා ආහරාපෙන්තා අප්පඤ්ඤත්තං පඤ්ඤාපෙන්ති නාම. පොරාණපවෙණියා ආගතමෙව පන අනාහරාපෙන්තා පඤ්ඤත්තං සමුච්ඡින්දන්ති නාම. චොරොති ගහෙත්වා දස්සිතෙ අවිචිනිත්වා ඡෙජ්ජභෙජ්ජං අනුසාසන්තා පොරාණං වජ්ජිධම්මං සමාදාය න වත්තන්ති නාම. තෙසං අපඤ්ඤත්තං පඤ්ඤාපෙන්තානං අභිනවසුඞ්කාදිපීළිතා මනුස්සා “අතිඋපද්දුතම්හ, කෙ ඉමෙසං විජිතෙ වසිස්සන්තී”ති පච්චන්තං පවිසිත්වා චොරා වා චොරසහායා වා හුත්වා ජනපදං හනන්ති. පඤ්ඤත්තං සමුච්ඡින්දන්තානං පවෙණිආගතානි සුඞ්කාදීනි අගණ්හන්තානං කොසො පරිහායති, තතො හත්ථිඅස්සබලකායඔරොධාදයො යථානිබද්ධං වට්ටං අලභමානා ථාමබලෙන පරිහායන්ති. තෙ නෙව යුද්ධක්ඛමා හොන්ති න පාරිචරියක්ඛමා. පොරාණං වජ්ජිධම්මං සමාදාය අවත්තන්තානං විජිතෙ මනුස්සා “අම්හාකං පුත්තං පිතරං භාතරං අචොරංයෙව චොරොති කත්වා ඡින්දිංසු භින්දිංසූ”ති කුජ්ඣිත්වා පච්චන්තං පවිසිත්වා චොරා වා චොරසහායා වා හුත්වා ජනපදං හනන්ති. එවං රාජූනං පරිහානි හොති. අපඤ්ඤත්තං න පඤ්ඤාපෙන්තානං පන “පවෙණිආගතංයෙව රාජානො කරොන්තී”ති මනුස්සා හට්ඨතුට්ඨා කසිවාණිජ්ජාදිකෙ කම්මන්තෙ සම්පාදෙන්ති. පඤ්ඤත්තං අසමුච්ඡින්දන්තානං පවෙණිආගතානි සුඞ්කාදීනි ගණ්හන්තානං කොසො වඩ්ඪති, තතො හත්ථිඅස්සබලකායඔරොධාදයො යථානිබද්ධං වට්ටං ලභමානා ථාමබලසම්පන්නා යුද්ධක්ඛමා චෙව පාරිචරියක්ඛමා ච හොන්ති. පොරාණෙ වජ්ජිධම්මෙ සමාදාය වත්තන්තානං මනුස්සා න උජ්ඣායන්ති. “රාජානො පොරාණපවෙණියා කරොන්ති, අට්ටකුලිකසෙනාපතිඋපරාජූහි පරික්ඛිතං සයම්පි පරික්ඛිපිත්වා පවෙණිපොත්ථකං වාචාපෙත්වා අනුච්ඡවිකමෙව දණ්ඩං පවත්තයන්ති, එතෙසං දොසො නත්ථි, අම්හාකංයෙව දොසො”ති අප්පමත්තා කම්මන්තෙ කරොන්ති. එවං රාජූනං වුද්ධි හොති.
අපඤ්ඤත්තං යනාදියෙහි පෙර නොකරන ලද අය බද්දක් හෝ බලියක් හෝ දඬුවමක් හෝ ගෙන එන්නාහු නොපැනවූවක් පනවත් නමි, පැරණි ප්‍රවේණියෙන් ආ දෙයක්ම ගෙන එන්නාහු පැනවූවක් නොසිඳිත් නමි, සොරෙකැයි ගෙන දැක්වූ කල්හි නිශ්චය නොකොටම සිඳීම් බිඳීම් (දඬුවම්) නියම කරන්නාහු පැරණි වජ්ජි ධර්මය පිළිගෙන නොපවතිත් නමි, නොපනවන ලද්දක් පනවන්නා වූ ඔවුන්ගේ අලුත් අයබදු ආදියෙන් පෙළුණා වූ මිනිස්සු දැඩි උවදුරට පත්වූවම්භ කවරෙක් මොවුන්ගේ රටෙහි වසන්නාහුදැයි පසල් දනව්වට පිවිස සොරු හෝ සොරුනට සහායකයෝ වී දනව්ව වනසති. පනවන ලද්දක් කඩකරමින් ප්‍රවේණියෙන් ආ අයබදු ආදිය නොගන්නවුන්ගේ භාණ්ඩාගාරය පිරිහෙයි, එයින් ඇත් අස් බලසෙන් අතැවුරු ආදීහු නොකඩවා වියදම් නොලබමින් ශක්තියෙන් පිරිහෙත්, ඔවුහු යුදකරනු හැකිවූවෝ නොවෙත්, සේවා කරනු හැකිවූවෝ නොවෙත්. පැරණි වජ්ජි ධර්මය පිළිගෙන නොපවතින්නන්ගේ රටෙහි මිනිස්සු අපගේ පුතා පියා සොහොයුරා නොසොරෙකුව සිටියදීම සොරකු කොට නැසුවාහුය පෙළුවාහුයයි කිපී පසල් දනව්වට පිවිස සොරු හෝ සොරුන්ගේ සහායකයෝ හෝ වී දනව්ව වනසති, මෙසේ රජවරුන්ගේ පිරිහීම වෙයි. නොපැනවූවක් නොපැනවූවන්ගේ වනාහි ප්‍රවේණියෙන් ආ දෙයම රජවරු කරතියි මිනිස්සු තුටු පහටුව කෘෂිවණික් ආදී කර්මාන්තයන් සම්පාදනය කරති, පැනවූ දෙය නොසිඳ ප්‍රවේණියෙන් ආ අයබදු ආදිය ගන්නවුන්ගේ භාණ්ඩාගාරය වැඩෙයි, එයින් ඇත් අස් බලසෙන් අතැවුරු ආදීහු නොකඩවා වියදම් ලබන්නාහු ශක්තියෙන් යුක්තවූවාහු යුද්ධයට හැකිවූවෝත් සේවයෙහි හැකිවූවෝත් වෙති. පැරණි වජ්ජි ධර්මයන් පිළිගෙන පවත්වන්නවුන්ට මිනිස්සු නොකිපෙති, “රජවරු පැරණි ප්‍රවේණියට අනුව කටයුතු කරති. අට්ටකුලිකයන් (විනිසුරුවන්?) සෙනෙවියන් යුවරජුන් විසින් පරීක්ෂා කරනලද තෙමේද පරීක්ෂා කොට ප්රවේණිපොත කියවා සුදුසුවූම දඬුවමක් පනවත් මොවුන්ගේ දොසක් නැත. දෝෂය අපගේම යයි (සිතා) නොපමාවූවාහු කර්මාන්තවල නියැලෙති. මෙසේ රජවරුන්ගේ අභිවෘද්ධිය වෙයි.
සක්කරිස්සන්තීති යංකිඤ්චි තෙසං සක්කාරං කරොන්තා සුන්දරමෙව කරිස්සන්ති. ගරුං කරිස්සන්තීති ගරුභාවං පච්චුපට්ඨපෙත්වා කරිස්සන්ති. මානෙස්සන්තීති මනෙන පියායිස්සන්ති. පූජෙස්සන්තීති පච්චයපූජාය පූජෙස්සන්ති. සොතබ්බං මඤ්ඤිස්සන්තීති දිවසස්ස ද්වෙ තයො වාරෙ උපට්ඨානං ගන්ත්වා තෙසං කථං සොතබ්බං සද්ධාතබ්බං මඤ්ඤිස්සන්ති. තත්ථ යෙ එවං මහල්ලකානං රාජූනං සක්කාරාදීනි න කරොන්ති, ඔවාදත්ථාය වා නෙසං උපට්ඨානං න ගච්ඡන්ති, තෙ තෙහි විස්සට්ඨා අනොවදියමානා කීළාපසුතා රජ්ජතො පරිහායන්ති. යෙ පන තථා පටිපජ්ජන්ති, තෙසං මහල්ලකරාජානො “ඉදං කාතබ්බං ඉදං න කාතබ්බ”න්ති පොරාණපවෙණිං ආචික්ඛන්ති. සඞ්ගාමං පත්වාපි “එවං පවිසිතබ්බං, එවං නික්ඛමිතබ්බ”න්ති උපායං දස්සෙන්ති. තෙ තෙහි ඔවදියමානා යථාඔවාදං පටිපජ්ජමානා සක්කොන්ති රජ්ජපවෙණිං සන්ධාරෙතුං. තෙන වුත්තං – “වුද්ධියෙව ලිච්ඡවී වජ්ජීනං පාටිකඞ්ඛා”ති.
සක්කරිස්සන්ති යනු ඔවුනට යම්කිසි සත්කාරයක් කරන්නාහු සොඳුරුවූවක්ම කරත්. ගරුකරිස්සන්ති යනු ගරුභාවය පිහිටුවාම කරත්. මානෙස්සන්ති යනු සැලකිල්ලෙන් ප්රියකරත්. පූජෙස්සන්ති යනු ප්‍රත්‍යය පූජාවෙන් පුදති. සොතබ්බං මඤ්ඤිස්සන්ති යනු දවසට දෙතුන්වරක් උවටැනට ගොස් ඔවුන්ගේ කථාව ඇසියයුත්තක් හැදැහිය යුත්තක් කොට හඟිත්, එහි යමෙක් මෙසේ මහලු රජවරුනට සත්කාරාදිය නොකරත්ද අවවාද ලබනු සඳහා හෝ උවටැනට හෝ නොයෙත් ද ඔවුහු ඔවුන් විසින් අත්හරිනු ලද්දාහු අර්ත්ථයෙන් අවවාද නොලබන්නාහු කෙළිදෙලෙහි නියුතු වන්නාහු රාජ්‍යයෙන් පිරිහෙත්. යමෙක් එසේ පිළිපදිත්ද ඔවුනට මහලු රජවරු මෙය කළයුතුය මෙය නොකළ යුතු යයි පැරණි ප්‍රවෙණිය කියා දෙත්. යුද්ධයට එළඹවුවද මෙසේ පිවිසිය යුතුය, මෙසේ නික්මිය යුතුයයි උපාය දක්වත්, ඔවුන් ඔවුන් විසින් අවවාද දෙනු ලබන්නාහු ඔවදනට අනුව පිළිපදින්නාහු රාජ්‍ය ප්‍රවෙණිය පවත්වන්නට හැකිවෙත්. එහෙයින්, “වුද්ධියෙව ලිච්ඡවී වජ්ජිනං පාටිසංඛා”යි කියන ලදි.
කුලිත්ථියොති කුලඝරණියො. කුලකුමාරියොති අනිවිද්ධා තාසං ධීතරො. ඔකස්සාති වා පසය්හාති වා පසය්හාකාරස්සෙවෙතං නාමං. ඔකාසාතිපි පඨන්ති. තත්ථ ඔකස්සාති අවකසිත්වා ආකඩ්ඪිත්වා. පසය්හාති අභිභවිත්වා අජ්ඣොත්ථරිත්වාති අයං වචනත්ථො. එවඤ්හි කරොන්තානං විජිතෙ මනුස්සා “අම්හාකං ගෙහෙ පුත්තභාතරොපි, ඛෙළසිඞ්ඝානිකාදීනි මුඛෙන අපනෙත්වා සංවඩ්ඪිතා ධීතරොපි ඉමෙ බලක්කාරෙන ගහෙත්වා අත්තනො ඝරෙ වාසෙන්තී”ති කුපිතා පච්චන්තං පවිසිත්වා චොරා වා චොරසහායා වා හුත්වා ජනපදං හනන්ති. එවං අකරොන්තානං පන විජිතෙ මනුස්සා අප්පොස්සුක්කා සකානි කම්මානි කරොන්තා රාජකොසං වඩ්ඪෙන්ති. එවමෙත්ථ වුද්ධිහානියො වෙදිතබ්බා.
කුලිත්ථියො යනු කුලගෙවල කාන්තාවෝයි, කුලකුමාරියො යනු කුලකතුන්ගේ (විවාහයෙන්) ස්ථාවර නොවූ? දුවණියෝයි, ඔකස්සාති වා පසය්හාති වා යනු බලාත්කාරයටම මෙය නමෙකි. ඔකාසා යනු ද කියත්. එහි ඔකස්ස යනු ඇද, උදුරායි, පසය්හ යනු යටපත් කොට මැඬපවත්වා යනු මේ වචනාර්ත්ථයයි. මෙසේ කරන්නවුන්ගේ රටෙහි මිනිස්සු අපගේ ගෙවල පුත්තු හා සොහොයුරෝ කෙල-සොටු ආදිය මුවෙන් ඉවත් කොට වඩන ලද්දාහුය. දූවරු ද මොවුහු බලාත්කාරයෙන් ගෙන තමන්ගේ ගෙවල වාසය කරවතියි කිපුණාහු පසල් ගමට ගොස් සොරු හෝ සොරුන්ගේ සහායකයෝ හෝ වී දනව්ව වනසති. මෙසේ නොකරනවුන්ගේ රටෙහි මිනිස්සු උනන්දුවෙන් සිය කටයුතු කරමින් රාජ භාණ්ඩාගාරය වර්ධනය කරති. මෙසේ මෙහි අභිවෘද්ධිය හා පරිහානිය දතයුතුය.
වජ්ජීනං වජ්ජිචෙතියානීති වජ්ජිරාජූනං වජ්ජිරට්ඨෙ චිත්තීකතට්ඨෙන චෙතියානීති ලද්ධනාමානි යක්ඛට්ඨානානි. අබ්භන්තරානීති අන්තොනගරෙ ඨිතානි. බාහිරානීති බහිනගරෙ ඨිතානි. දින්නපුබ්බං කතපුබ්බන්ති පුබ්බෙ දින්නඤ්ච කතඤ්ච. නො පරිහාපෙස්සන්තීති අහාපෙත්වා යථාපවත්තමෙව කරිස්සන්ති. ධම්මිකං බලිං පරිහාපෙන්තානඤ්හි දෙවතා ආරක්ඛං සුසංවිහිතං න කරොන්ති, අනුප්පන්නං දුක්ඛං උප්පාදෙතුං අසක්කොන්තියොපි උප්පන්නං කාසසීසරොගාදිං වඩ්ඪෙන්ති, සඞ්ගාමෙ පත්තෙ සහායා න හොන්ති. අපරිහාපෙන්තානං පන ආරක්ඛං සුසංවිහිතං කරොන්ති, අනුප්පන්නං සුඛං උප්පාදෙතුං අසක්කොන්තියොපි උප්පන්නං කාසසීසරොගාදිං හරන්ති, සඞ්ගාමසීසෙ සහායා හොන්තීති. එවමෙත්ථ වුද්ධිහානියො වෙදිතබ්බා.
වජ්ජිනං වජ්ජිචෙතියානි යනු වජ්ජි රජුන්ගේ වජ්ජි රටෙහි ගරුකරන ලද්දාවූ චෙතිය නම්වූ යකුන් සඳහා වූ තැන්ය. අබ්හන්තරානි යනු ඇතුළු නගරයෙහි පිහිටියාවූයි, බහිද්ධානි යනු පිටනුවරෙහි පිහිටියාවූයි, දින්නපුබ්බං කතපුබ්බං යනු පෙර දන්නා වූ ද කළාවූ ද යනුයි. නොපරිහාපෙන්ති යනු අඩු නොකොට පැවැති ලෙසින්ම කරන්නාහුය, ධාර්මික බලි (පූජා) පිරිහෙලන්නවුන්ට දෙවිවරු ආරක්ෂාව මනාලෙස සකස් නොකරති. නූපන් සැපත් උපදවීමට නොහැකි වන්නාහු උපන් කාස සීස රෝග ආදිය වඩවත්. සටනක් එළැඹිවිට සහාය නොවෙත්. නොපිරිහෙලන්නවුන්ට වනාහි ආරක්ෂාව මනාව සකස් කරති. නුපන් සැපත් උපදවීමට අසමත් වුවද උපන් කාසසීස රෝගාදිය දුරුකරති. යුදබිමෙහි සහාය වෙතියි මෙසේ මෙහි අභිවෘද්ධිය පරිහානිය දත යුතුය.
ධම්මිකා රක්ඛාවරණගුත්තීති එත්ථ රක්ඛා එව යථා අනිච්ඡිතං නාගච්ඡති, එවං ආවරණතො ආවරණං. යථා ඉච්ඡිතං න නස්සති, එවං ගොපායනතො ගුත්ති. තත්ථ බලකායෙන පරිවාරෙත්වා රක්ඛනං පබ්බජිතානං ධම්මිකා රක්ඛාවරණගුත්ති නාම න හොති. යථා පන විහාරස්ස උපවනෙ රුක්ඛෙ න ඡින්දන්ති, වාජිකා වාජං න කරොන්ති, පොක්ඛරණීසු මච්ඡෙ න ගණ්හන්ති, එවං කරණං ධම්මිකා රක්ඛාවරණගුත්ති නාම. කින්තීති කෙන නු ඛො කාරණෙන.
ධම්මිකං රක්ඛාවරණගුත්තිං යන මෙහි යම්සේ නොකැමති දෙය නොපැමිණෙයිද එය ආරක්ෂාවමය, එසේ ඇවිදීම් වශයෙන් ආවරණය ද අකැමැති දෙයක් යම්සේ නොබලන්නේද එසේ පරෙස්සම්කාරී වීමෙන් පරිස්සම (ගුත්තිය) ද වෙයි. එහි බලසෙනඟ පිරිවරා රැකීම පැවිද්දන්ගේ රක්ෂාවරණගුප්තිය නම් නොවේ. යම්සේ වනාහි විහාරයට සමීප වනයෙහි ගස් නොකපත්ද වැවෙහි නොවපුරත්ද පොකුණුවල මසුන් නොගනිත්ද මෙසේ කිරීම ධාර්මික රක්ෂාවරණ ගුප්තිය නමි, කින්ති යනු කවර නම් කරුණකින්ද යනුයි,
තත්ථ යෙ අනාගතානං අරහන්තානං ආගමනං න ඉච්ඡන්ති, තෙ අස්සද්ධා හොන්ති අප්පසන්නා. පබ්බජිතෙ සම්පත්තෙ පච්චුග්ගමනං න කරොන්ති, ගන්ත්වා න පස්සන්ති, පටිසන්ථාරං න කරොන්ති, පඤ්හං න පුච්ඡන්ති, ධම්මං න සුණන්ති, දානං න දෙන්ති, අනුමොදනං න සුණන්ති, නිවාසනට්ඨානං න සංවිදහන්ති. අථ නෙසං අවණ්ණො උග්ගච්ඡති “අසුකො නාම රාජා අස්සද්ධො අප්පසන්නො, පබ්බජිතෙ සම්පත්තෙ පච්චුග්ගමනං න කරොති…පෙ… නිවාසනට්ඨානං න සංවිදහතී”ති. තං සුත්වා පබ්බජිතා තස්ස නගරද්වාරෙන ගච්ඡන්තාපි නගරං න පවිසන්ති. එවං අනාගතානං අරහන්තානං අනාගමනමෙව හොති. ආගතානං පන ඵාසුවිහාරෙ අසති යෙපි අජානිත්වා ආගතා, තෙ “වසිස්සාමාති තාව චින්තෙත්වා ආගතම්හා, ඉමෙසං පන රාජූනං ඉමිනා නීහාරෙන කෙ වසිස්සන්තී”ති නික්ඛමිත්වා ගච්ඡන්ති. එවං අනාගතෙසු අනාගච්ඡන්තෙසු ආගතෙසු දුක්ඛං විහරන්තෙසු සො දොසො පබ්බජිතානං අනාවාසො හොති. තතො දෙවතාරක්ඛා න හොති, දෙවතාරක්ඛාය අසති අමනුස්සා ඔකාසං ලභන්ති, අමනුස්සා උස්සන්නා අනුප්පන්නං බ්යාධිං උප්පාදෙන්ති. සීලවන්තානං දස්සනපඤ්හපුච්ඡනාදිවත්ථුකස්ස පුඤ්ඤස්ස අනාගමො හොති. විපරියායෙන යථාවුත්තකණ්හපක්ඛවිපරීතස්ස සුක්කපක්ඛස්ස සම්භවො හොතීති එවමෙත්ථ වුද්ධිහානියො වෙදිතබ්බා.
එහි යමෙක් නොආවාවූ රහතුන්ගේ පැමිණීම නොකැමති වෙත්ද? ඔවුහු සැදැහැ නැත්තෝ නොපැහැදුනෝ වෙත්ද පැවිද්දකු පැමිණිවිට පෙරගමන් නොකරත්ද ගොස් නොදකිත්ද පිළිසඳර නොකරත්ද පැන නොවිමසත්ද දහම් නොඅසත්ද දන් නොදෙත්ද අනුමෙවෙනි බණ නොඅසත්ද විසීමට තැන පිළියෙල නොකරත්ද ඉක්බිති ඔවුන්ගේ නුගුණ මතුව එයි. අසුවල් නම් රජ සැදැහැ නැත්තේය නොපහන්ය. පැවිද්දකු පැමිණි විට පෙරගමන් නොකරයි, -පෙ- විසීමට තැනක් පිළියෙල නොකරයි, යනුවෙනි. එය අසා පැවිද්දෝ ඔහුගේ නුවර දොරටුවෙන් යන්නාහුද නුවරට නොපිවිසෙති. මෙසේ නොආවාවූ රහතුන්ගේ නොපැමිණීමම වෙයි. පැමිණියවුන්ට පහසු විහරණයක් නොමැතිවිට යමෙක් නොදැන ආවාහුද වසන්නෙමුයි සිතා පැමිණියෙමු. මේ රජවරුන්ගේ මේ අයුරින් කවරෙක් නම් වෙසේදැයි නික්ම යත්. මෙසේ නොආවුන් නොඑන කල ආවුන් දුකසේ වෙසෙන කල ඒ දේශය පැවිද්දන්ට අනාවාසයක් වෙයි. ඉක්බිති දේවාරක්ෂාව නොවෙයි, දේවාරක්ෂාව නොවනවිට අමනුෂ්‍යයෝ ඉඩ ලබති. අමනුෂ්‍යයෝ බහුල වූවාහු නූපන් ලෙඩ උපදවති. සිල්වතුන් දැකීම පැන ඇසීම ආදී කරුණින් පිනේ නොපැමිණීම වෙයි. විපර්‍ය්‍යාසයෙන් කියනලද පරිද්දෙන් වූ කෘෂණ පක්ෂයට ප්‍රතිවිරුද්ධ වූ ශුක්ල පක්ෂය හටගනියි යනුවෙන් මෙසේ මෙහි වෘද්ධිහානිය දතයුතුය.
2. වස්සකාරසුත්තවණ්ණනා
2. වස්සකාර සූත්‍ර වර්ණනාව
දුතියෙ අභියාතුකාමොති අභිභවනත්ථාය යාතුකාමො. වජ්ජීති වජ්ජිරාජානො. එවංමහිද්ධිකෙති එවං මහතියා රාජිද්ධියා සමන්නාගතෙ. එතෙන නෙසං සමග්ගභාවං කථෙති. එවංමහානුභාවෙති එවං මහන්තෙන රාජානුභාවෙන සමන්නාගතෙ. එතෙන නෙසං හත්ථිසිප්පාදීසු කතසික්ඛතං කථෙති, යං සන්ධාය වුත්තං – “සික්ඛිතා වතිමෙ ලිච්ඡවිකුමාරකා, සුසික්ඛිතා වතිමෙ ලිච්ඡවිකුමාරකා, යත්ර හි නාම සුඛුමෙන තාළච්ඡිග්ගළෙන අසනං අතිපාතයිස්සන්ති පොඞ්ඛානුපොඞ්ඛං අවිරාධිත”න්ති (සං· නි· 5.1115). උච්ඡෙච්ඡාමීති උච්ඡින්දිස්සාමි. විනාසෙස්සාමීති අදස්සනං නයිස්සාමි. අනයබ්යසනන්ති අවඩ්ඪිඤ්චෙව, ඤාතිබ්යසනඤ්ච. ආපාදෙස්සාමීති පාපයිස්සාමි.
දෙවැන්නෙහි ආභියාතුකාමො යනු මැඬ පැවැත්වීම සඳහා යනු කැමැත්තේයි: වජ්ජි යනු වජ්ජි රජවරුයි. එවං මහිද්ධිකො යනු මෙබඳු වූ මහත් රාජ සෘද්ධියකින් යුක්තවූයේයි, එයින් මොවුන්ගේ සමඟිබව කියයි, එවං මහානුභාවො යනු මෙබඳු වූ මහත් රාජානුභාවයකින් යුක්ත වූයේයි. එයින් මොවුන්ගේ හස්ති ශිල්පාදියෙහි කළ පුහුණුව කියයි. “යම්සේ නම් සියුම් යතුරු සිදුරෙන් ඊතලයෙන් ඊතලය නොවළහා යවන්නහුද එසේ මේ ලිච්ඡවි කුමාරවරු ඒකාන්තයෙන්ම හික්මුණහ. මනාව හික්මුණහ”යි එහෙයින් කියන ලදි. උච්ඡෙච්ඡාමි යනු සිඳින්නෙමියි, විනාස්සෙසාමි යනු නොපෙනෙන බවට යවන්නෙමියි, අනයව්යසනං යනු අවැඩ ද ඥාති විනාශය ද යනුයි, ආපාදෙස්සාමි යනු පමුණුවන්නෙමියි,
ඉති කිර සො ඨානනිසජ්ජාදීසු ඉමං යුද්ධකථමෙව කථෙති, “ගමනසජ්ජා හොථා”ති ච බලකායං ආණාපෙති. කස්මා? ගඞ්ගාය කිර එකං පට්ටනගාමං නිස්සාය අද්ධයොජනං අජාතසත්තුනො විජිතං, අද්ධයොජනං ලිච්ඡවීනං. තත්ර පබ්බතපාදතො මහග්ඝභණ්ඩං ඔතරති. තං සුත්වා “අජ්ජ යාමි, ස්වෙ යාමී”ති අජාතසත්තුනො සංවිදහන්තස්සෙව ලිච්ඡවිනො සමග්ගා සම්මොදමානා පුරෙතරං ආගන්ත්වා සබ්බං ගණ්හන්ති. අජාතසත්තු පච්ඡා ආගන්ත්වා තං පවත්තිං ඤත්වා කුජ්ඣිත්වා ගච්ඡති. තෙ පුනසංවච්ඡරෙපි තථෙව කරොන්ති. අථ සො බලවාඝාතජාතො, තදා එවමකාසි.
මෙසේ වනාහි හෙතෙම සිටීම් හිදීම් ආදියෙහිදී මේ යුද්ධ කථාවම කරයි. ගමනට සූදානම් වෙයි ද බලසෙනඟට අණවයි, කුමක් හෙයින්ද? ගංගා නදියෙහි එක් පටුන් ගමක් ඇසුරුකොට අඩයොදුනක් අජාසත් රජුගේ යටත් පෙදෙසෙකි, අඩයොදුනක් ලිච්ඡවීන්ගේය. එහි පර්වත පාමුල මාහැඟි සුවඳ බඩු ගොඩබායි. එය අසා අද යමි හෙට යමියි අජාසත් රජු සූදානම් වනවිට ලිච්ඡවි රජවරු සමඟියෙන් සතුටුව කලින්ම අවුත් සියල්ල ගනිති. අජාසත් රජ පසුව අවුත් එපුවත දැන කිපී ආපසු යයි, ඔවුහු පසු වසරෙහි ද එසේම කරත්. ඉක්බිති හෙතෙම (අජාසත් රජ) බලවත් සේ බැඳි වෛර ඇත්තේ එකල්හි මෙසේ කළේය.
තතො චින්තෙසි – “ගණෙන සද්ධිං යුද්ධං නාම භාරියං, එකොපි මොඝප්පහාරො නාම නත්ථි. එකෙන ඛො පන පණ්ඩිතෙන සද්ධිං මන්තෙත්වා කරොන්තො නිරපරාධො හොති, පණ්ඩිතො ච සත්ථාරා සදිසො නත්ථි, සත්ථා ච අවිදූරෙ ධුරවිහාරෙ වසති, හන්දාහං පෙසෙත්වා පුච්ඡාමි. සචෙ මෙ ගතෙන කොචි අත්ථො භවිස්සති, සත්ථා තුණ්හී භවිස්සති. අනත්ථෙ පන සති ‘කිං රඤ්ඤො තත්ථ ගතෙනා’ති වක්ඛතී”ති. සො වස්සකාරං බ්රාහ්මණං පෙසෙසි. බ්රාහ්මණො ගන්ත්වා භගවතො තමත්ථං ආරොචෙසි. තෙන වුත්තං – අථ ඛො රාජා…පෙ… ආපාදෙස්සාමි වජ්ජීති.
සමුහයා සමඟ යුද්ධය නම් බැරෑරුම්ය, එකකුදු හිස් පහරදීමක් නම් නැත. එක් පඬිවරයකු සමඟ සාකච්ඡා කොට කරන්නේ අපරාධ නැත්තේ වෙයි. ශාස්තෲන් වහන්සේ සමාන වූ පඬිවරයෙක් ද නැත්තේය. ශාස්තෲන් වහන්සේ ද නුදුරෙහි අසළ විහාරයෙහි වෙසෙති. මම කෙනකු යවා උන්වහන්සේ විමසමි, ඉදින් මගේ යාමෙන් කිසි අර්‍ත්‍ථයක් වන්නේ නම් ශාස්තෲන් වහන්සේ නිහඬවන සේක. අනර්‍ත්‍ථයක් ඇති කල්හි රජු එහි යාමෙන් කවර වැඩෙක්දැයි කියන සේකැයි රජු තෙමේ වස්සකාර බමුණා යැවීය. බමුණා ගොස් එකරුණ තථාගතයන් වහන්සේට සැළ කළේය. එහෙයින් “අථ ඛො රාජා -පෙ- ආපාදෙස්සාමි වජ්ජි”යි කියන ලදි.
භගවන්තං බීජයමානොති ථෙරො වත්තසීසෙ ඨත්වා භගවන්තං බීජති, භගවතො පන සීතං වා උණ්හං වා නත්ථි. භගවා බ්රාහ්මණස්ස වචනං සුත්වා තෙන සද්ධිං අමන්තෙත්වා ථෙරෙන සද්ධිං මන්තෙතුකාමො කින්ති තෙ, ආනන්ද, සුතන්තිආදිමාහ. තං වුත්තත්ථමෙව.
භගවන්තං විජමානො යනු තෙරණුවෝ වත්හිස සිට භාග්‍යවතුන් වහන්සේට පවන් සලති. භාග්‍යවතුන් වහන්සේට ශීතලක් හෝ ඌෂ්ණයක් නැත. භාග්‍යවතුන් වහන්සේ බමුණාගේ වචනය අසා ඔහු සමඟ අමතා තෙරුන් සමඟ කථාකරනු කැමැති සේක් “කින්ති තෙ ආනන්ද සුතං”යි ආදිය කී සේක. එය කියන ලද අරුත් ඇත්තේමය.
එකමිදාහන්ති ඉදං භගවා පුබ්බෙ වජ්ජීනං ඉමස්ස වජ්ජිසත්තකස්ස දෙසිතභාවප්පකාසනත්ථං ආහ. අකරණීයාති අකත්තබ්බා, අග්ගහෙතබ්බාති අත්ථො. යදිදන්ති නිපාතමත්තං. යුද්ධස්සාති කරණත්ථෙ සාමිවචනං, අභිමුඛං යුද්ධෙන ගහෙතුං න සක්කාති අත්ථො. අඤ්ඤත්ර උපලාපනායාති ඨපෙත්වා උපලාපනං. උපලාපනා නාම “අලං විවාදෙන, ඉදානි සමග්ගා හොමා”ති හත්ථිඅස්සරථහිරඤ්ඤසුවණ්ණාදීනි පෙසෙත්වා සඞ්ගහකරණං, එවඤ්හි සඞ්ගහං කත්වා කෙවලං විස්සාසෙන සක්කා ගණ්හිතුන්ති අත්ථො. අඤ්ඤත්ර මිථුභෙදාති ඨපෙත්වා මිථුභෙදං. ඉමිනා “අඤ්ඤමඤ්ඤභෙදං කත්වාපි සක්කා එතෙ ගහෙතු”න්ති දස්සෙති. ඉදං බ්රාහ්මණො භගවතො කථාය නයං ලභිත්වා ආහ. කිං පන භගවා බ්රාහ්මණස්ස ඉමාය කථාය නයලාභං ජානාතීති? ආම ජානාති. ජානන්තො කස්මා කථෙසි? අනුකම්පාය. එවං කිරස්ස අහොසි – “මයා අකථිතෙපි කතිපාහෙන ගන්ත්වා සබ්බෙ ගණ්හිස්සති, කථිතෙ පන සමග්ගෙ භින්දන්තො තීහි සංවච්ඡරෙහි ගණ්හිස්සති. එත්තකම්පි ජීවිතමෙව වරං. එත්තකඤ්හි ජීවන්තා අත්තනො පතිට්ඨාභූතං පුඤ්ඤං කරිස්සන්තී”ති. අභිනන්දිත්වාති චිත්තෙන නන්දිත්වා. අනුමොදිත්වාති “යාව සුභාසිතමිදං භොතා ගොතමෙනා”ති වාචාය අනුමොදිත්වා. පක්කාමීති රඤ්ඤො සන්තිකං ගතො. රාජාපි තමෙව පෙසෙත්වා සබ්බෙ භින්දිත්වා ගන්ත්වා අනයබ්යසනං පාපෙසි.
එකමිදාහං යන මෙය භාග්‍යවතුන් වහන්සේ පෙර වජ්ජීන්ට මේ වජ්ජි සප්තකය දෙසන ලද බව පැවසීම සඳහා කියන ලදි. අකරණීයා යනු නොකළයුතු දේයි. නොගතයුතු දේ යයි අරුත්ය. යදිදං යනු නිපාත මාත්‍රයකි. යුද්ධස්ස යනු කරණාර්ථයෙහි සම්බන්ධ විභක්තිඩවචනයි. මුහුණලා කරන යුද්ධයෙන් ගැනීමට නොනැකැයි අරුත්ය. අඤ්ඤත්ර උපලාපනාය යනු රැවටීමෙන් හැරයි, උපලාපනය නම් විවාදයෙන් වැඩක් නැත. සමඟි වෙමුයි ඇත් අස් රථ රන් රුවන් ආදිය යවා සංග්‍රහ කිරීමයි. මෙසේ සංග්‍රහ කොට හුදෙක් විශ්වාසයෙන් ගැනීමට හැකිය යන අරුත්ය. අඤ්ඤත්ර මිථුභෙදා යනු ඔවුනොවුන් බිඳවීම හැරයි. මෙයින් අන්‍යොන්‍ය භේදය කොට ද මොවුන් ගැනීමට හැකියයි දක්වයි. මෙය බමුණා භාග්‍යවතුන් වහන්සේගේ කථාවෙන් නය (ක්‍රමය) ක් ලැබ කීවේය. භාග්‍යවතුන් වහන්සේ බමුණාගේ මේ කථාවෙන් නයලාභයක් දන්නා සේක්ද? එසේය දන්නා සේක. දන්නා සේක් කුමක්නිසා කී සේක්ද? අනුකම්පාවෙනි. මෙසේ උන්වහන්සේට අදහස් විය. මා නොකී කල්හි ද කිහිපදිනකින් ගොස් සියල්ලන් ගන්නේය. කීකල්හි සමඟි වූවන් බිඳිමින් තුන් වසරකින් ගන්නේය. මෙපමණක් ජීවිතයටම උතුම්ය. මෙපමණක් ජීවත් වන්නාහු තමන්ට ප්‍රතිෂ්ඨාව වූ පින් කරන්නහුය යනුවෙනි. අභිනන්දිත්වා යනු සිතින් සතුටුවීයි. අනුමොදිත්වා යනු භවත් ගෞතමයන් විසින් මෙය මනාව කියන ලද්දකැයි වචනයෙන් අනුමෝදන් විය. පක්කාමි යනු රජුගේ සමීපයට ගියේය. රජතෙමේත් ඔහුවම යවා සියල්ලන් බිඳුවා ගොස් විනාශයක් පැමිණවීය.
3. භික්ඛු අපරිහානීය සුත්තවණ්ණනා
3. භික්ඛුඅපරහානීය සූත්‍ර වර්ණනාව
තතියෙ අභිණ්හං සන්නිපාතාති ඉදං වජ්ජිසත්තකෙ වුත්තසදිසමෙව. ඉධාපි ච අභිණ්හං අසන්නිපතන්තා දිසාසු ආගතසාසනං න සුණන්ති, තතො “අසුකවිහාරසීමා ආකුලා, උපොසථප්පවාරණා ඨිතා, අසුකස්මිං ඨානෙ භික්ඛූ වෙජ්ජකම්මදූතකම්මාදීනි කරොන්ති, විඤ්ඤත්තිබහුලා ඵලපුප්ඵදානාදීහි ජීවිකං කප්පෙන්තී”තිආදීනි න ජානන්ති. පාපභික්ඛූපි “පමත්තො සඞ්ඝො”ති ඤත්වා රාසිභූතා සාසනං ඔසක්කාපෙන්ති. අභිණ්හං සන්නිපතන්තා පන තං පවත්තිං සුණන්ති, තතො භික්ඛුසඞ්ඝං පෙසෙත්වා සීමං උජුං කාරෙන්ති, උපොසථප්පවාරණායො පවත්තාපෙන්ති, මිච්ඡාජීවානං උස්සන්නට්ඨානෙ අරියවංසිකෙ පෙසෙත්වා අරියවංසං කථාපෙන්ති, පාපභික්ඛූනං විනයධරෙහි නිග්ගහං කාරාපෙන්ති. පාපභික්ඛූපි “අප්පමත්තො සඞ්ඝො, න සක්කා අම්හෙහි වග්ගබන්ධනෙන විචරිතු”න්ති භිජ්ජිත්වා පලායන්ති. එවමෙත්ථ වුද්ධිහානියො වෙදිතබ්බා.
තෙවැන්නෙහි අභිණ්හං යනු මෙය වජ්ජි සප්තකයෙහි කියන ලද්දට සමානමැයි, මෙහි ද නිතර රැස්නොවන්නාහු ඒ ඒ පෙදෙස්වලින් පැමිණි පණිවිඩ (තොරතුරු) නොඅසත්. එයින් අසුවල් විහාර සීමාව අවුල්ය, පෙහෙවස් පවුරුණු සිටියේය. අසුවල් තැන භික්ෂුහු වෙදකම් දූතකම් ආදිය කරති. විඤ්ඤත්ති බහුලව (සිවුරු පිරිකර ආදිය සඳහා හැඟවීම් කරමින්) මල්දීම් ආදියෙන් දිවිගෙවති යනාදිය නොදනිත්. ඒ පවිටු භික්ෂුහු ද සංඝයා ප්‍රමාදයෙහි යෙදුනෝයි දැන මුළුමුළුව සසුන පිරිහෙලත්. නිතර රැස්වන්නාහු ඒ ඒ පුවත් අසත්. එමගින් භික්ෂු සංඝයා යවා සීමාව සෘජු කරති. පොහෝ පවුරුණු පවත්වති. වැරදි දිවි පැවතුම් ඇත්තන් වැඩි තැන්වලට අරියවංසය දන්නවුන් යවා අරියවංසය කියවති. පවිටු භික්ෂූන්ට විනයධරයන් ලවා නිග්‍රහ කරවති. පවිටු භික්ෂුහු ද සංඝයා අප්‍රමාදයයි දැන අපට වග බැඳ ගෙන හැසිරෙන්නට නොහැකැයි වෙන්ව යති. මෙසේ මෙහි වැඩ අවැඩ දතයුතුය.
සමග්ගාතිආදීසු චෙතියපටිජග්ගනත්ථං වා බොධිඝරඋපොසථාගාරච්ඡාදනත්ථං වා කතිකවත්තං වා ඨපෙතුකාමතාය “සඞ්ඝො සන්නිපතතූ”ති භෙරියා වා ඝණ්ටියා වා ආකොටිතමත්තාය “මය්හං චීවරකම්මං අත්ථි, මය්හං පත්තො පචිතබ්බො, මය්හං නවකම්මං අත්ථී”ති වික්ඛෙපං කරොන්තා න සමග්ගා සන්නිපතන්ති නාම. සබ්බං පන තං කම්මං ඨපෙත්වා “අහං පුරිමතරං, අහං පුරිමතර”න්ති එකප්පහාරෙනෙව සන්නිපතන්තා සමග්ගා සන්නිපතන්ති නාම. සන්නිපතිතා පන චින්තෙත්වා මන්තෙත්වා කත්තබ්බං කත්වා එකතොව අවුට්ඨහන්තා න සමග්ගා වුට්ඨහන්ති නාම. එවං වුට්ඨිතෙසු හි යෙ පඨමං ගච්ඡන්ති, තෙසං එවං හොති “අම්හෙහි බාහිරකථාව සුතා, ඉදානි විනිච්ඡයකථා භවිස්සතී”ති. එකප්පහාරෙනෙව වුට්ඨහන්තා සමග්ගා වුට්ඨහන්ති නාම. අපිච “අසුකට්ඨානෙ විහාරසීමා ආකුලා, උපොසථප්පවාරණා ඨිතා, අසුකට්ඨානෙ වෙජ්ජකම්මාදිකාරකා පාපභික්ඛූ උස්සන්නා”ති සුත්වා “කො ගන්ත්වා තෙසං නිග්ගහං කරිස්සතී”ති වුත්තෙ “අහං පඨමං, අහං පඨම”න්ති වත්වා ගච්ඡන්තාපි සමග්ගා වුට්ඨහන්ති නාම.
සමග්ගා යනාදියෙහි චෛත්‍ය පිළිදැගුම් කිරීම සඳහා හෝ බෝධිඝර උපොසථාගාර වැසීම සඳහා හෝ කතිකාවතක් හෝ තබනු කැමැත්තෙන් සංඝයා රැස්වේවායි බෙරය හෝ තැටිය ගැසූ පමණින් මට සිවුරු වැඩක් ඇත. මගේ පාත්‍රය පිසිය යුතුය, මට නවකම් ඇතැයි වික්ෂෙප කරන්නේ සමඟියෙන් රැස් නොවෙති නමි. ඒ සියලු කටයුතු තබා මම පළමුව මම පළමුවයයි එක්විටම රැස්වන්නාහු සිතාමතා කටයුතු කොට නොනැගිටින්නාහු සමඟිව නැඟී නොසිටිත් නමි. මෙසේ නැඟී සිටියවුන් අතුරින් යමෙක් පළමුව යත්ද ඔවුනට අප විසින් බැහැරි කථාවම අසන ලදි. දැන් විනිශ්චය කථාව වන්නේයයි මෙසේ අදහස් වෙයි. එකවිටම නැගීසිටින්නාහු වනාහි සමඟියෙන් නැඟීසිටිත් නමි. තවද අසුවල් තැන විහාර සීමාව අවුල්ය, පොහෝ පවුරුණු නැවතිණ. අසුවල් තැන වෙදකම් ආදිය කරන පවිටු භික්ෂූහු වැඩියයි දැන කවරෙක් ගොස් ඔවුනට කරන්නේදැයි කීකල්හි මම පළමුව මම පළමුවයි කියා යන්නාහු ද සමඟියෙන් නැඟී සිටිත් නමි.
ආගන්තුකං පන දිස්වා “ඉමං පරිවෙණං යාහි, එතං පරිවෙණං යාහි, අයං කො”ති අවත්වා සබ්බෙ වත්තං කරොන්තාපි, ජිණ්ණපත්තචීවරකං දිස්වා තස්ස භික්ඛාචාරවත්තෙන පත්තචීවරං පරියෙසන්තාපි, ගිලානස්ස ගිලානභෙසජ්ජං පරියෙසමානාපි, ගිලානමෙව අනාථං “අසුකපරිවෙණං යාහී”ති අවත්වා අත්තනො අත්තනො පරිවෙණෙ පටිජග්ගන්තාපි, එකො ඔලීයමානකො ගන්ථො හොති, පඤ්ඤවන්තං භික්ඛුං සඞ්ගණ්හිත්වා තෙන තං ගන්ථං උක්ඛිපාපෙන්තාපි සමග්ගා සඞ්ඝකරණීයානි කරොන්ති නාම.
ආගන්තුකයකු දැක මේ පිරිවෙනට යව අර පිරිවෙණට යව අප කවුදැයි නොකියා සියල්ලෝ වත් කරන්නාහු ද සිඳුණු පාසිවුරු ඇත්තකු දැක ඔහුට පිඬු හැසිරීමේ වතින් පාසිවුරු සොයන්නාහු ද ගිලනකුට ගිලන් බෙහෙත් සොයන්නාහු ද ගිලනෙකි. අනාථයෙකි. අසුවල් පිරිවෙණට යවයි නොකියා තම තමන්ගේ පිරිවෙණෙහි පිළිදැගුම් කරන්නාහු ද කිසියම් ඇදෙමින් පවත්නා බාධකයක් ඇතිවිට නුවණැති භික්ෂුවකට සංග්‍රහ කොට එය ඔහු ලවා ඉවත් කරවන්නාහු ද සමඟියෙන් සංඝ කටයුතු කරත් නමි.
අප්පඤ්ඤත්තන්තිආදීසු නවං අධම්මිකං කතිකවත්තං වා සික්ඛාපදං වා ගණ්හන්තා අප්පඤ්ඤත්තං පඤ්ඤාපෙන්ති නාම පුරාණසන්ථතවත්ථුස්මිං සාවත්ථියං භික්ඛූ විය. උද්ධම්මං උබ්බිනයං සාසනං දීපෙන්තා පඤ්ඤත්තං සමුච්ඡින්දන්ති නාම, වස්සසතපරිනිබ්බුතෙ භගවති වෙසාලිකා වජ්ජිපුත්තකා විය. ඛුද්දානුඛුද්දකා පන ආපත්තියො සඤ්චිච්ච වීතික්කමන්තා යථාපඤ්ඤත්තෙසු සික්ඛාපදෙසු සමාදාය න වත්තන්ති නාම අස්සජිපුනබ්බසුකා විය. තථා අකරොන්තා පන අපඤ්ඤත්තං න පඤ්ඤාපෙන්ති, පඤ්ඤත්තං න සමුච්ඡින්දන්ති, යථාපඤ්ඤත්තෙසු සික්ඛාපදෙසු සමාදාය වත්තන්ති නාම ආයස්මා උපසෙනො විය, ආයස්මා යසො කාකණ්ඩකපුත්තො විය, ආයස්මා මහාකස්සපො විය ච. වුද්ධියෙවාති සීලාදිගුණෙහි වුද්ධියෙව, නො පරිහානි.
අපඤ්ඤත්තං යනාදියෙහි අලුත් අදැහැමි කතිකාවතක් හෝ ශික්ෂා පදයක් හෝ පිළිගන්නාහු නොපැනවූවක් පනවත් නමි. පුරාණ සත්ථත කථාවස්තුවෙහි සැවතෙහි භික්ෂුහු මෙනි. ධර්මවිරෝධී විනය විරෝධී සසුනක් මතුකොට දක්වන්නාහු පැනවුණු දේ සිඳිත් නමි. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී අවුරුදු සියයක් ගියකල විශාලාවෙහි වජ්ජිපුත්තක භික්ෂූන් මෙන් කුඩා අනුකුඩා ඇවැත් දැන දැන ඉක්මවන්නාහු පැනවුණු සිකපදයන්ට අනුව සමාදන්ව නොපවතිත් නමි. අස්සජී පුනබ්බසුකයන් මෙනි. එසේ නොකරන්නාහු නොපැනවූවක් නොපනවත්, පැනවූවක් නොසිඳිත්. පැනවුණු සිකපද අනුව සමාදන්ව පවතිත් නමි. ආයුෂ්මත් උපසේන මෙනි, ආයුෂ්මත් යස කාකණ්ඩපුත්ත මෙනි, ආයුෂ්මත් මහාකාශ්‍යප මෙනි. වුද්ධියෙව යනු ශීලාදිගුණයෙන් අභිවෘද්ධියක්මය, පරිහානියක් නොවේ.
ථෙරාති ථිරභාවප්පත්තා ථෙරකාරකෙහි ගුණෙහි සමන්නාගතා. බහූ රත්තියො ජානන්තීති රත්තඤ්ඤූ. චිරං පබ්බජිතානං එතෙසන්ති චිරපබ්බජිතා. සඞ්ඝස්ස පිතිට්ඨානෙ ඨිතාති සඞ්ඝපිතරො. පිතිට්ඨානෙ ඨිතත්තා සඞ්ඝං පරිණෙන්ති, පුබ්බඞ්ගමා හුත්වා තීසු සික්ඛාසු පවත්තෙන්තීති සඞ්ඝපරිණායකා.
ථෙරා යනු ස්ථිරභාවයට පත්වූවාහු ස්ථවිර බව ඇතිකරවන ගුණයන්ගෙන් යුක්තවූවාහුයි. බොහෝ රාත්‍රි දනිත්නුයි රත්තඤ්ඤු නමි. බොහෝ කලක් පැවිදිවූවන් මොවුන්ටනුයි චිරපබ්බජිතා නමි. සංඝයාගේ පිතෘත්වයෙහි සිටියාහුයි සංඝපිතරො නමි. පිතෘස්ථානයෙහි සිටි බැවින් සංඝයා මෙහෙයවත් පෙරදැරි වී ත්රිශික්ෂාවන්හි පවත්වත්නුයි සංඝපරිණායකා නමි,
යෙ තෙසං සක්කාරාදීනි න කරොන්ති, ඔවාදත්ථාය ද්වෙ තයො වාරෙ උපට්ඨානං න ගච්ඡන්ති, තෙපි තෙසං ඔවාදං න දෙන්ති, පවෙණිකථං න කථෙන්ති, සාරභූතං ධම්මපරියායං න සික්ඛාපෙන්ති. තෙ තෙහි විස්සට්ඨා සීලාදීහි ධම්මක්ඛන්ධෙහි සත්තහි ච අරියධනෙහීති එවමාදීහි ගුණෙහි පරිහායන්ති. යෙ පන තෙසං සක්කාරාදීනි කරොන්ති, උපට්ඨානං ගච්ඡන්ති, තෙසං තෙ “එවං තෙ අභික්කමිතබ්බ”න්තිආදිකං ඔවාදං දෙන්ති, පවෙණිකථං කථෙන්ති, සාරභූතං ධම්මපරියායං සික්ඛාපෙන්ති, තෙරසහි ධුතඞ්ගෙහි දසහි කථාවත්ථූහි අනුසාසන්ති. තෙ තෙසං ඔවාදෙ ඨත්වා සීලාදීහි ගුණෙහි වඩ්ඪමානා සාමඤ්ඤත්ථං අනුපාපුණන්ති. එවමෙත්ථ හානිවුද්ධියො දට්ඨබ්බා.
යමෙක් ඔවුනට සත්කාරාදිය නොකරත්ද ඔවදන් සඳහා දෙතුන්වරක් උවටැනට නොයත්ද, ඔවුහුද ඔවුනට ඔවදන් නොදෙත්ද, ප්රවෙණිකථා නොකියත්ද? හරවත් වූ ධර්ම පර්යායෙහි නොහික්මවත්ද ඔවුහු ශීලාදී ධර්මසමූහයෙන් ද සප්ත ආර්ය්යධනයන්ගෙන් ද යන මේවාගෙන් ඉවත්වූවාහු මේ ආදී ගුණයන්ගෙන් පිරිහෙත්. යමෙක් වනාහි ඔවුනට සත්කාරාදිය කරත්ද උවටැනට යත්ද ඔවුහු ඔවුනට මෙසේ ඔබලා විසින් ඉදිරියට යායුතුය යනාදීවූ ඔවදන් දෙත්, ප්රවෙණිකථා කියත්ද, හරවත්වූ ධර්මපර්යායෙහි හික්මවත්, තෙළෙස් ධුතංගයන්ගෙන් දශකථාවස්තූන්ගෙන් අනුශාසනා කරත්, ඔවුහු ඔවුන්ගේ අවවාදයෙහි සිට ශීලාදි ගුණයන්ගෙන් වැඩෙමින් ශ්රමණබවේ අර්ත්ථයට පැමිණෙත් මෙසේ මෙහි වැඩ අවැඩ දැක්විය යුතු ය.
පුනබ්භවො සීලමස්සාති පොනොබ්භවිකා, පුනබ්භවදායිකාති අත්ථො, තස්සා පොනොබ්භවිකාය. න වසං ගච්ඡිස්සන්තීති එත්ථ යෙ චතුන්නං පච්චයානං කාරණා උපට්ඨාකානං පදානුපදිකා හුත්වා ගාමතො ගාමං විචරන්ති, තෙ තස්සා වසං ගච්ඡන්ති නාම. ඉතරෙ න ගච්ඡන්ති. තත්ථ හානිවුද්ධියො පාකටායෙව.
පුනර්භවය ස්වභාවය කොට ඇත්තේනුයි පොනොභවිකා නමි, පුනර්භවය ගෙනදෙන්නාවූ යන අරුත්ය. ඒ පොනොභවිකාය න වසං ගච්ඡිස්සන්ති පුනර්භවය දෙන්නා වූ (තෘෂ්ණාවගේ) වශයට නොයත්. මෙහි යමෙක් සිවුපසය හේතු කොටගෙන උපස්ථායකයන්ගේ පියවර අනුව යන්නාහු වී ගමින් ගමට හැසිරෙත්ද ඔවුහු ඒ තෘෂ්ණාවගේ වශඟයට යත් නමි. සෙස්සෝ නොයත්.
ආරඤ්ඤකෙසූති පඤ්චධනුසතිකපච්ඡිමෙසු. සාපෙක්ඛාති සාලයා. ගාමන්තසෙනාසනෙසු හි ඣානං අප්පෙත්වාපි තතො වුට්ඨිතමත්තොව ඉත්ථිපුරිසදාරකදාරිකාදිසද්දං සුණාති, යෙනස්ස අධිගතවිසෙසොපි හායතියෙව. අරඤ්ඤසෙනාසනෙ නිද්දායිත්වාපි පබුද්ධමත්තො සීහබ්යග්ඝමොරාදීනං සද්දං සුණාති, යෙන අරඤ්ඤෙ පීතිං පටිලභිත්වා තමෙව සම්මසන්තො අග්ගඵලෙ පතිට්ඨාති. ඉති භගවා ගාමන්තසෙනාසනෙ ඣානං අප්පෙත්වා නිසින්නභික්ඛුතො අරඤ්ඤෙ නිද්දායමානමෙව පසංසති. තස්මා තමෙව අත්ථවසං පටිච්ච “ආරඤ්ඤකෙසු සෙනාසනෙසු සාපෙක්ඛා භවිස්සන්තී”ති ආහ.
ආරඤ්ඤකෙසු යනු දුනුපන්සියයකට පසුපසින්වූ තැන්හියි, සාපෙඛා යනු කැමැත්ත සහිත වූවාහුයි, ගම් සෙනසුන්හි ධ්‍යාන නංවාද නැඟී සිටියේම ගැහැණු පිරිමි දරු ආදීන්ගේ හඬ අසයි, එයින් ඔහුගේ ලබාගත් (ධ්‍යානාදී) විශේෂය ද පිරිහෙයිමය. වන සෙනසුනෙහි නිදාගෙන ද පිබිදියේම සිංහ ව්යාඝ්ර මොනර ආදීන්ගේ හඬ අසයි. යමකින් වනයෙහි ප්‍රීතිය ලැබ එයම මනාව විමසමින් අග්‍රඵලයෙහි පිහිටයි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ ගම් සෙනස්නෙහි ධ්‍යාන නංවා හුන් භික්ෂුවගෙන් වනයෙහි නිඳන්නාවූම භික්ෂුව පසසන සේක. එහෙයින් එම කරුණම හේතුකොට ගෙන අරණෙහි වූ සෙනසුන්හි අපේක්ෂා සහිතවූවෝ වන්නාහුයි කීසේක.
පච්චත්තඤ්ඤෙව සතිං උපට්ඨාපෙස්සන්තීති අත්තනාව අත්තනො අබ්භන්තරෙ සතිං උපට්ඨපෙස්සන්ති. පෙසලාති පියසීලා. ඉධාපි සබ්රහ්මචාරීනං ආගමනං අනිච්ඡන්තා නෙවාසිකා අස්සද්ධා හොන්ති අප්පසන්නා, විහාරං සම්පත්තභික්ඛූනං පච්චුග්ගමන-පත්තචීවරපටිග්ගහණ-ආසනපඤ්ඤාපනතාලවණ්ටග්ගහණාදීනි න කරොන්ති. අථ නෙසං අවණ්ණො උග්ගච්ඡති “අසුකවිහාරවාසිනො භික්ඛූ අස්සද්ධා අප්පසන්නා විහාරං පවිට්ඨානං වත්තප්පටිවත්තම්පි න කරොන්තී”ති. තං සුත්වා පබ්බජිතා විහාරද්වාරෙන ගච්ඡන්තාපි විහාරං න පවිසන්ති. එවං අනාගතානං අනාගමනමෙව හොති. ආගතානං පන ඵාසුවිහාරෙ අසති යෙපි අජානිත්වා ආගතා, තෙ “වසිස්සාමාති තාවචින්තෙත්වා ආගතම්හා, ඉමෙසං පන නෙවාසිකානං ඉමිනා නීහාරෙන කො වසිස්සතී”ති නික්ඛමිත්වා ගච්ඡන්ති. එවං සො විහාරො අඤ්ඤෙසං භික්ඛූනං අනාවාසොව හොති. තතො නෙවාසිකා සීලවන්තානං දස්සනං අලභන්තා කඞ්ඛාවිනොදකං වා ආචාරසික්ඛාපකං වා මධුරධම්මසවනං වා න ලභන්ති. තෙසං නෙව අග්ගහිතධම්මග්ගහණං න ගහිතසජ්ඣායකරණං හොති. ඉති නෙසං හානියෙව හොති, න වුද්ධි.
පච්චත්තංයෙව සතිං පට්ඨපෙස්සන්ති යනු තමා විසින්ම තමාගේ ඇතුළතෙහි සිහිය පිහිටුවත්. පෙසාලා යනු ප්‍රියශීලී වූයි, මෙහි ද සබ්‍රම්සරුන්ගේ පැමිණීම නොකැමැති වන නේවාසිකයෝ සැදැහැනැත්තෝ වෙත්. නොපැහැදුනෝ වෙත්. විහාරයට පැමිණි භික්ෂූන්ට පෙරගමන් යාම පාසිවුරු පිළිගැනීම අසුන් පැනවීම තල්පත ගැනීම ආදිය නොකරති. ඉක්බිති ඔවුන්ගේ නුගුණ මතුවෙයි. අසුවල් වෙහෙර වැසි භික්ෂූහු සැදැහැනැත්තෝය, නොපැහැදුනෝය, විහාරයට පිවිසෙන්නවුන්ට වත්පිළිවෙත් නොකරතියි යනුවෙනි. එය අසා පැවිද්දෝ වෙහෙර දොරටුවෙන් යන්නෝ වුවද වෙහෙරට නොපිවිසෙත්. මෙසේ නොආවුන්ගේ නොඒමම වෙයි. ආවුනට පහසුවිමක් නොවනවිට යමෙක් නොදැන පැමිණියාහු ද ඔවුහු වසන්නෙමුයි සිතා පැමිණියෙමු මේ නේවාසිකයන්ගේ මේ ආකාරයෙන් කවරෙක් වසයිද (සිතා) නික්ම යත්. මෙසේ ඒ වෙහෙර අනෙක් භික්ෂූන්ගේ නොවසනා තැනක්ම වෙයි. එයින් නේවාසිකයෝ සිල්වතුන්ගේ දැක්මක් නොලබන්නාහු සැකදුරු කරන්නකු හෝ සිරිත් පුහුණු කරන්නකු හෝ මිහිරි දහම් ඇසීමක් හෝ නොලබත්, ඔවුනට නොගත් දහම් ගැනීමක් (නූගත් දහම් උගෙනීමක්) නොවේ. ගත්දෙය සජ්ඣායනය කිරීමක් ද නොවේ. මෙසේ ඔවුන්ගේ පරිහානියම වෙයි. අභිවෘද්ධියක් නොවේ.
යෙ පන සබ්රහ්මචාරීනං ආගමනං ඉච්ඡන්ති, තෙ සද්ධා හොන්ති පසන්නා, ආගතානං සබ්රහ්මචාරීනං පච්චුග්ගමනාදීනි කත්වා සෙනාසනං පඤ්ඤපෙත්වා දෙන්ති, තෙ ගහෙත්වා භික්ඛාචාරං පවිසන්ති, කඞ්ඛං විනොදෙන්ති, මධුරධම්මස්සවනං ලභන්ති. අථ නෙසං කිත්තිසද්දො උග්ගච්ඡති “අසුකවිහාරෙ භික්ඛූ එවං සද්ධා පසන්නා වත්තසම්පන්නා සඞ්ගාහකා”ති. තං සුත්වා භික්ඛූ දූරතොපි ආගච්ඡන්ති. තෙසං නෙවාසිකා වත්තං කරොන්ති, සමීපං ගන්ත්වා වුඩ්ඪතරං ආගන්තුකං වන්දිත්වා නිසීදන්ති, නවකතරස්ස සන්තිකෙ ආසනං ගහෙත්වා නිසීදිත්වා “ඉමස්මිං විහාරෙ වසිස්සථ, ගමිස්සථා”ති පුච්ඡන්ති. “ගමිස්සාමා”ති වුත්තෙ “සප්පායං සෙනාසනං, සුලභා භික්ඛා”තිආදීනි වත්වා ගන්තුං න දෙන්ති. විනයධරො චෙ හොති, තස්ස සන්තිකෙ විනයං සජ්ඣායන්ති. සුත්තන්තාදිධරො චෙ, තස්ස සන්තිකෙ තං තං ධම්මං සජ්ඣායන්ති. තෙ ආගන්තුකථෙරානං ඔවාදෙ ඨත්වා සහ පටිසම්භිදාහි අරහත්තං පාපුණන්ති. ආගන්තුකා “එකං ද්වෙ දිවසානි වසිස්සාමාති ආගතම්හා, ඉමෙසං පන සුඛසංවාසතාය දස ද්වාදස වස්සානි වසිම්හා”ති වත්තාරො හොන්ති. එවමෙත්ථ හානිවුද්ධියො වෙදිතබ්බා.
යමෙක් වනාහි සබ්‍රම්සරුන්ගේ පැමිණීම කැමති වෙත්ද ඔවුහු සැදැහැත්තෝ වෙත්, පැහැදුනෝයි. පැමිණි සබ්‍රම්සරුනට පෙරගමන් ආදිය කොට සෙනසුන පනවා දෙත්, ඔවුන් ගෙන පිඬු හැසිරීමට පිවිසෙත්. සැකදුරු කරති. මිහිරි දහම් ඇසීම් ලබත්, ඉක්බිති, අසුවල් වෙහෙරෙහි භික්ෂූහු මෙසේ සැදැහැත්තෝය, පැහැදුනෝයි. වතින් යුක්ත වූවාහුය. සංග්‍රහ කරන්නෝ යයි ඔවුන්ගේ යශෝරාවය පැනනඟයි. එය අසා භික්ෂුහු දුරසිට ද එති. ඔවුනට නේවාසිකයෝ වත් සපයති. ලඟට ගොස් වැඩිමහළු ආගන්තුකයා වැඳ හිඳිත්. නවකතරයාගේ සමීපයෙහි අසුනක් ගෙන හිඳ මේ වෙහෙරෙහි වසන්නහුද යන්නහුදැයි අසත්. යන්නෙමුයි කීවිට සෙනසුන ගැලපෙයි, භික්ෂාව සුලහය ආදිය කියා යාමට (ඉඩ) නොදෙත්. ඉදින් හෙතෙම විනයධරයෙක් වේනම් ඔහු සමීපයෙහි විනය උගණිත්. සූත්රාන්තාදිය දරන්නෙක් නම් ඔහුගේ සමීපයෙහි ඒ ඒ ධර්මය උගනිත්. ඔවුහු ආගන්තුක තෙරවරුන්ගේ අවවාදයෙහි සිට පිළිසිඹියාවන් සමඟ රහත් බවට පැමිණෙත්. ආගන්තුකයෝ දින එකක් දෙකක් වසන්නෙමුයි පැමිණියෙමු. මොවුන්ගේ සුව සංවාසය නිසා දහදොළොස් වසරක් වසන්නෙමුයි කියන්නෝ වෙති. මෙසේ මෙහි පරිහානිය හා අභිවෘද්ධිය දතයුතුය.
4. දුතියභික්ඛු අපරිහානීය සුත්තවණ්ණනා
4. දෙවැනි භික්ඛු අපරහානීය සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ න කම්මාරාමාති යෙ දිවසං චීවරකම්ම-කායබන්ධනපරිස්සාවන-ධම්මකරණ-සම්මජ්ජනි-පාදකඨලිකාදීනෙව කරොන්ති, තෙ සන්ධායෙස පටික්ඛෙපො. යො පන තෙසං කරණවෙලාය එවං එතානි කරොති, උද්දෙසවෙලාය උද්දෙසං ගණ්හාති, සජ්ඣායවෙලාය සජ්ඣායති, චෙතියඞ්ගණවත්තවෙලාය චෙතියඞ්ගණවත්තං කරොති, මනසිකාරවෙලාය මනසිකාරං කරොති, න සො කම්මාරාමො නාම.
සිවුවැන්නෙහි න කම්මාරාමා යනු යමෙක් දිනයක සිවුරුකම් කාබහන දියපෙරන පෙරහන හැමදීම පාසෝදන පුවරුව ආදිය නොකරත්ද ඔවුන් සඳහා මේ ප්රතික්ෂෙපයයි. යම් භික්ෂුවක් ඒවා කරන වේලාවෙහිම ඒවා කරයිද උදෙසන වේලෙහි උදෙසයිද උගන්නා වේලාවෙහි උගනියිද සෑමිඳුල් වත්වේලාවෙහි සෑමිඳුලෙහි වත්කරයිද මෙනෙහි කරන වේලෙහි මෙනෙහි කරයිද හෙතෙම න කම්මාරාම නමි.
යො ඉත්ථිවණ්ණපුරිසවණ්ණාදිවසෙන ආලාපසල්ලාපං කරොන්තොයෙව රත්තින්දිවං වීතිනාමෙති, එවරූපෙ භස්සෙ පරියන්තකාරී න හොති, අයං භස්සාරාමො නාම. යො පන රත්තින්දිවං ධම්මං කථෙති, පඤ්හං විස්සජ්ජෙති, අයං අප්පභස්සොව භස්සෙ පරියන්තකාරීයෙව. කස්මා? “සන්නිපතිතානං වො, භික්ඛවෙ, ද්වයං කරණීයං ධම්මී වා කථා අරියො වා තුණ්හීභාවො”ති (ම· නි· 1.273) වුත්තත්තා.
යමෙක් ගැහැණුන් වැණීම පිරිමින් වැණීම ආදි වශයෙන් අල්ලාප සල්ලාපයෙහි යෙදෙමින්ම රෑ දහවල ගෙවයිද මෙබඳු වූ අරුත්සුන් කථාවෙහි සීමා නොදන්නේ වේද, මෙතෙම භස්සාරාමො නමි. යමෙක් වනාහි රෑදහවල්හිදු ධර්මය කියයිද පැන විසඳයි ද මෙතෙම අරුත්සුන් කතා නැත්තේම අරුත්සුන් කථාවෙහි සීමාදැන කරන්නේම වෙයි. කුමක්හෙයින්ද යත්? “මහණෙනි රැස්වූ ඔබ විසින් දෙකක් කළයුතුය. දැහැමි කතාව හෝ උතුම් වූ නිහඬ බව යනුවෙනි (සන්නිපතිතානං වො භික්ඛවෙ ද්වයං කරණීයං ධම්මී වා කථා අරියො වා තුණ්හීභාවො) යි කී බැවිනි.
යො ඨිතොපි ගච්ඡන්තොපි නිසින්නොපි ථිනමිද්ධාභිභූතො නිද්දායතියෙව, අයං නිද්දාරාමො නාම. යස්ස පන කරජකායගෙලඤ්ඤෙන චිත්තං භවඞ්ගං ඔතරති, නායං නිද්දාරාමො. තෙනෙවාහ – “අභිජානාමහං, අග්ගිවෙස්සන, ගිම්හානං පච්ඡිමෙ මාසෙ පච්ඡාභත්තං පිණ්ඩපාතප්පටික්කන්තො චතුග්ගුණං සඞ්ඝාටිං පඤ්ඤපෙත්වා දක්ඛිණෙන පස්සෙන සතො සම්පජානො නිද්දං ඔක්කමිතා”ති (ම· නි· 1.387).
යමෙක් සිටියේද යන්නේද හුන්නේද නිදියන්නේද ථීනමිද්ධයෙන් මඬනා ලද්දේ නිදන්නේමය. මෙතෙම නිද්දාරාමො නමි. යමෙකුගේ වනාහි භෞතික ශරීරයෙහි ගිලන්බවින් සිත භවංගයෙහි බැස ගනියිද මෙතෙම නිද්දාරාම නොවේ. එහෙයින් කියන ලදි. “අභිජානාමහං අග්ගිවෙස්සන ගිම්හානං පච්ඡිමෙ මාසෙ පච්ඡාභත්තං පිණ්ඩපාත පටික්කන්තො චතුග්ගුණං සඞ්ඝාටිං පඤ්ඤාපෙත්වා දක්ඛිණෙන පස්සෙන සතො සම්පජානො නිද්දං ඔක්කමිතා” යනුවෙනි.
යො “එකස්ස දුතියො, ද්වින්නං තතියො, තිණ්ණං චතුත්ථො”ති එවං සංසට්ඨොව විහරති, එකකො අස්සාදං න ලභති, අයං සඞ්ගණිකාරාමො. යො පන චතූසු ඉරියාපථෙසු එකකොව අස්සාදං ලභති, නායං සඞ්ගණිකාරාමො.
යමෙක් එකෙකුට දෙවැන්නෙක් ද දෙදෙනාට තෙවැන්නෙක් ද තිදෙනාට සිවුවැන්නෙක් දැයි මෙසේ එකට ඇසුරුකොට වසයිද හුදෙකාව ආස්වාදයක් නොලබයිද මෙතෙම සඞ්ගණිකාරාමො නමි. යමෙක් සිවුඉරියව්වල තනිවම ආස්වාදය ලබයිද මෙතෙම සඞ්ගණිකාරාමවූයේ නොවේ.
අසන්තසම්භාවනිච්ඡාය සමන්නාගතා දුස්සීලා පාපිච්ඡා නාම. යෙසං පාපකා මිත්තා චතූසු ඉරියාපථෙසු සහ අයනතො පාපසහායා, යෙ ච තන්නින්නතප්පොණතප්පබ්භාරතාය පාපෙසු සම්පවඞ්කා, තෙ පාපමිත්තා පාපසහායා පාපසම්පවඞ්කා නාම.
(තමන් වෙත) නොපවත්නා සම්භාවනය (ගරුකොට සැලකීම) කැමැත්තෙන් යුක්ත වූ දුසිල්වත්හු පාපිච්ඡා නම් වෙති. යමෙකුන්ගේ පවිටු මිතුරෝ සිවුඉරියව්හි එක්ව නතුවීමෙන් පාපයට උදව් කරන්නෝම වෙත්ද එයට නැඹුරුවීමෙන් යොමුවීමෙන් එදෙසට බරවීමෙන් පාපයන් දෙසට ඇලවූවාහු වෙත්ද ඔවුහු පාපමිත්තා පාපසහායා පාපසම්පවංකා නම් වෙති.
ඔරමත්තකෙනාති අවරමත්තකෙන අප්පමත්තකෙන. අන්තරාති අරහත්තං අප්පත්වාව එත්ථන්තරෙ. වොසානන්ති පරිනිට්ඨිතභාවං “අලමෙත්තාවතා”ති ඔසක්කනං. ඉදං වුත්තං හොති – යාව සීලපාරිසුද්ධිජ්ඣානවිපස්සනා සොතාපන්නභාවාදීනං අඤ්ඤතරමත්තකෙන වොසානං නාපජ්ජිස්සන්ති, තාව වුද්ධියෙව භික්ඛූනං පාටිකඞ්ඛා, නො පරිහානීති.
ඔරමත්තකෙන යනු ඉතා සුළු පමණකින් අඩු පමණකින් යනුයි, අන්තරා යනු රහත්බවට නොපැමිණම ඒ අතරතුරයි, වොසානං යනු සම්පූර්ණයෙන් නිමාවට ගියබවයි. මෙපමණක් ඇතැයි අවසන් කිරීමයි. ශීලපාරිසුද්ධි ධ්‍යාන විදර්ශනා දක්වා සෝවාන්බව ආදීන් අතුරෙන් එක්තරා එකක් පමණකින් අවසානයට නොපැමිණෙත්ද එතෙක් භික්ෂූන්ගේ අභිවෘද්ධියම අපේක්ෂා කළ යුතුය පරිහානිය නොවේය යන මෙය කියන ලදි.
7. පඤ්චම භික්ඛු අපරිහානීය සුත්තවණ්ණනා
7. පස්වැනි භික්ඛූ අපරහානීය සූත්‍ර වර්ණනාව
සත්තමෙ අනිච්චසඤ්ඤාදයො අනිච්චානුපස්සනාදීහි සහගතසඤ්ඤා.
සත්වැන්නෙහි අනිච්චසඤ්ඤාදයො යනු අනිච්චානු පස්සනාදීන්ගෙන් යුක්ත වූ සංඥාවයි.
8. සෙඛ අපරිහානීය සුත්තවණ්ණනා
8. සෙඛ අපරහානීය සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ උප්පන්නානං සඞ්ඝකිච්චානං නිත්ථරණෙන භාරං වහන්තීති භාරවාහිනො. තෙ තෙන පඤ්ඤායිස්සන්තීති තෙ ථෙරා තෙන අත්තනො ථෙරභාවානුරූපෙන කිච්චෙන පඤ්ඤායිස්සන්ති. තෙසු යොගං ආපජ්ජතීති පයොගං ආපජ්ජති, සයං තානි කිච්චානි කාතුං ආරභතීති.
අටවැන්නෙහි උපන්නා වූ සංඝ කටයුතු එතෙර කිරීමෙන් බර උසුලත්නුයි භාරවාහිනො නමි, තෙ තෙන පඤ්ඤායිස්සන්ති යනු ඒ තෙරවරු තමන්ගේ තෙරබවට අනුරූප වූ කටයුත්තෙන් ප්රකටවෙත්. වොයොජං ආපජ්ජති යනු ප්රයෝගයට පැමිණයි, තෙමේ ඒ කටයුතු කිරිමට සුදුසු වෙයි.
9. උපාසක අපරිහානීය සුත්තවණ්ණනා
9. උපාසකපරිහානීය සූත්‍ර වර්ණනාව
නවමෙ භික්ඛුදස්සනං හාපෙතීති භික්ඛුසඞ්ඝස්ස දස්සනත්ථාය ගමනං හාපෙති. අධිසීලෙති පඤ්චසීලදසසීලසඞ්ඛාතෙ උත්තමසීලෙ. ඉතො බහිද්ධාති ඉමම්හා සාසනා බහිද්ධා. දක්ඛිණෙය්යං ගවෙසතීති දෙය්යධම්මපටිග්ගාහකෙ පරියෙසති. තත්ථ ච පුබ්බකාරං කරොතීති තෙසං බාහිරානං තිත්ථියානං දත්වා පච්ඡා භික්ඛූනං දෙති. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
නවවැන්නෙහි, භික්ඛුදස්සනං හාපෙති යනු භික්ෂු සංඝයා දැකීම සඳහා යාම හීන කරයි, අධිසීලෙ යනු පන්සිල් දසසිල් සංඛ්‍යාත වූ උතුම් ශීලයෙහියි, ඉතො බහිද්ධා යනු මේ සසුනින් බැහැරිවූවෝයි, දක්ඛිණෙය්යං ගවෙසති යනු දෙය්යධර්මය පිළිගන්නවුන් සොයයි. තත්ථ ච පුබ්බකාරං කරොති යනු බැහැරි තොටුවන්ට දී පසුව භික්ෂූන්ට දෙයි, සෙස්ස සියලු තන්හි පැහැදිලිමය.
වජ්ජිසත්තකවග්ගො තතියො.
තෙවැනි වජ්ජිසත්තක වර්ගයයි.