යෙදුමෙන් කියවන්න

2. අනුසයවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

2. අනුසය වර්ගය

3. කුලූපගමන සුත‍්තවණ‍්ණනා

3. කුලූපගමන සූත්‍ර වර්ණනාව

දුතියස‍්ස තතියෙ නාලන‍්ති න යුත‍්තං නානුච‍්ඡවිකං. න මනාපෙනාති න මනම‍්හි අප‍්පනකෙන ආකාරෙන නිසින‍්නාසනතො පච‍්චුට‍්ඨෙන‍්ති, අනාදරමෙව දස‍්සෙන‍්ති. සන‍්තමස‍්ස පරිගුහන‍්තීති විජ‍්ජමානම‍්පි දෙය්‍යධම‍්මං එතස‍්ස නිගුහන‍්ති පටිච‍්ඡාදෙන‍්ති. අසක‍්කච‍්චං දෙන‍්ති නො සක‍්කච‍්චන‍්ති ලූඛං වා හොතු පණීතං වා, අසහත්‍ථා අචිත‍්තීකාරෙන දෙන‍්ති, නො චිත‍්තීකාරෙන.

දෙවැනි වර්‍ගයෙහි තෙවැනි සූත්‍රයෙහි නාලං යනු නොසුදුසුයි, නොගැලපෙයි, න මනාපෙන යනු මනසෙහි නැගෙන ආකාරයෙන් හුන් අසුනින් නොනැඟිටිත්, අනාදරයක්ම දක්වාත්, සන්තමස්ස නිගුහන්ති යනු පවත්නා වූ ද දෙය්‍යධර්‍මය (දානවස්තුව) මොහුට සඟවත්, වසත්, අසක්කච්චං දෙන්ති නො සක්කච්චං යනු රළුවූ හෝ ප්‍රණීත වූ හෝ දෙය නොම සියතින් අගෞරවයෙන් දෙත්, ගෞරවයෙන් නොදෙත්.

4. ආහුනෙය්‍යපුග‍්ගල සුත‍්තවණ‍්ණනා

4. ආහුනෙය්‍ය පුග්ගල සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ උභතොභාගවිමුත‍්තොති ද‍්වීහි භාගෙහි විමුත‍්තො, අරූපසමාපත‍්තියා රූපකායතො විමුත‍්තො, මග‍්ගෙන නාමකායතො. සො චතුන‍්නං අරූපසමාපත‍්තීනං එකෙකතො වුට‍්ඨාය සඞ‍්ඛාරෙ සම‍්මසිත්‍වා අරහත‍්තං පත‍්තානං චතුන‍්නං, නිරොධා වුට‍්ඨාය අරහත‍්තං පත‍්තඅනාගාමිනො ච වසෙන පඤ‍්චවිධො හොති. පාළි පනෙත්‍ථ “කතමො ච පුග‍්ගලො උභතොභාගවිමුත‍්තො? ඉධෙකච‍්චො පුග‍්ගලො අට‍්ඨ විමොක‍්ඛෙ කායෙන ඵුසිත්‍වා විහරති, පඤ‍්ඤාය චස‍්ස දිස‍්වා ආසවා පරික‍්ඛීණා හොන‍්තී”ති (පු· ප· 208) එවං අට‍්ඨවිමොක‍්ඛලාභිනො වසෙන ආගතා.

සිවුවැන්නෙහි උභතො භාගවිමුත්තො යනු දෙකොටසින් මිදුණේයි, අරූප සමාපත්තියෙන් රූපකායයෙන් මිඳුනේ මාර්‍ගයෙන් නාමකායයෙන් මිඳුනේයි, හෙතෙම සතර අරූප සමාපත්තීන්ගේ එකිනෙකින් නැඟිට සංස්කාරයන් සම්මර්‍ශනය කොට රහත්බවට පත් සිවුදෙනාගේ ද නිරොධයෙන් නැඟිට රහත්බවට පත් අනාගාමියාගේ ද වශයෙන් පස්වැදෑරුම් වූයේ වෙයි. මෙහි පෙළෙහි (පෙළට අනුව) කවරනම් පුද්ගලයෙක් උභතොභාග විමුත්ත නම් වූයේද? මෙහි ඇතැම් පුද්ගලයෙක් අෂ්ට විමොක්ෂයන් කයින් පැහැස වෙසෙයි, ප්‍රඥාවෙන් දැක ඔහුගේ ආශ්‍රවයෝ ක්‍ෂය වෙතියි මෙසේ අෂ්ට විමාෂලාභීන්ගේ වශයෙන් ආවාහුය,

පඤ‍්ඤාය විමුත‍්තොති පඤ‍්ඤාවිමුත‍්තො. සො සුක‍්ඛවිපස‍්සකො, චතූහි ඣානෙහි වුට‍්ඨාය අරහත‍්තං පත‍්තා චත‍්තාරො චාති ඉමෙසං වසෙන පඤ‍්චවිධො හොති. පාළි පනෙත්‍ථ අට‍්ඨවිමොක‍්ඛපටික‍්ඛෙපවසෙනෙව ආගතා. යථාහ – “න හෙව ඛො අට‍්ඨ විමොක‍්ඛෙ කායෙන ඵුසිත්‍වා විහරති, පඤ‍්ඤාය චස‍්ස දිස‍්වා ආසවා පරික‍්ඛීණා හොන‍්ති. අයං වුච‍්චති පුග‍්ගලො පඤ‍්ඤාවිමුත‍්තො”ති.

ප්‍රඥාවෙන් මිඳුනේයි පඤ්ඤාවිමුත්තො නමි, හෙතෙම ශුෂ්ක විදර්‍ශකවූයේ ද සතර ධ්‍යානයන්ගෙන් නැඟිට රහත් බවට පත් සතරදෙනාදැයි මොවුන්ගේ වශයෙන් පස්වැදෑරුම් වූයේ වෙයි, මෙහි පෙළවනාහි අෂ්ට විමොක්ෂ ප්‍රතික්‍ෂේප වශයෙන්ම ආවාහුය. “න හෙව ඛො අට්ඨවිමොඛෙ කායෙන ඵස්සිත්වා විහරති පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛිණා හොන්ති අයං වුච්චති පුග්ගලො පඤ්ඤවිමුත්තො - (අෂ්ට විමොක්ෂයන් කයින් ස්පර්‍ශ කොට වසන්නේ පමණක් නොවේ, ප්‍රඥාවෙන් ද දැක මොහුගේ ආශ්‍රවයෝ ක්ෂය වූවාහු වෙති, මේ පුද්ගලයා ප්‍රඤාවිමුත්ත යයි කියනු ලැබේ. යම්සේ කියන ලද්දේ ද එබැවිනි.

ඵුට‍්ඨන‍්තං සච‍්ඡිකතොති කායසක‍්ඛී. සො ඣානඵස‍්සං පඨමං ඵුසති, පච‍්ඡා නිරොධං නිබ‍්බානං සච‍්ඡිකරොති. සො සොතාපත‍්තිඵලට‍්ඨං ආදිං කත්‍වා යාව අරහත‍්තමග‍්ගට‍්ඨා ඡබ‍්බිධො හොති. තෙනාහ – “ඉධෙකච‍්චො පුග‍්ගලො අට‍්ඨ විමොක‍්ඛෙ කායෙන ඵුසිත්‍වා විහරති, පඤ‍්ඤාය චස‍්ස දිස‍්වා එකච‍්චෙ ආසවා පරික‍්ඛීණා හොන‍්ති. අයං වුච‍්චති පුග‍්ගලො කායසක‍්ඛී”ති (පු· ප· 208).

ස්පර්‍ශ කළ කෙළවර ක්‍ෂාත්කරන ලද්දේයි කායසක්ඛි නමි, හෙතෙම ධ්‍යාන ස්පර්‍ශය පළමුව ස්පර්‍ශ කරයි, පසුව නිරොධය වූ නිවන ප්‍රත්‍යක්‍ෂ කරයි, හෙතෙම සෝවාන් පෙලෙහි සිටියහු මුල්කොට ඇති රහත් මග සිටින්නා දක්වා සයවැදෑරුම් වෙයි, එහෙයින්, “ඉධෙකච්චො පුග්ගලො අට්ඨවිමුඛෙ කායෙන ඵස්සිත්වා විහරති පඤ්ඤාය චස්ස දිස්වා එකච්චෙ ආසවා පරික්ඛීණා හොන්ති අයං වුච්චති පුග්ගලො කායසක්ඛි” - (මෙහි ඇතැම් පුද්ගලයෙක් අට විමොක්ෂයන් කයින් ස්පර්‍ශ කොට වෙසෙයි, ප්‍රඥාවෙන් දැක ඔහුගේ ඇතැම් ආශ්‍රවයෝ ක්ෂයවූවාහු වෙති, මේ පුද්ගලයා කායසක්ඛියි කියනු ලැබේ) යයි කියන ලදි.

දිට‍්ඨන‍්තං පත‍්තොති දිට‍්ඨිප‍්පත‍්තො. තත්‍රිදං සඞ‍්ඛෙපලක‍්ඛණං – දුක‍්ඛා සඞ‍්ඛාරා, සුඛො නිරොධොති ඤාතං හොති දිට‍්ඨං විදිතං සච‍්ඡිකතං ඵුසිතං පඤ‍්ඤායාති දිට‍්ඨිප‍්පත‍්තො. විත්‍ථාරතො පන සොපි කායසක‍්ඛී විය ඡබ‍්බිධො හොති. තෙනෙවාහ – “ඉධෙකච‍්චො පුග‍්ගලො ‘ඉදං දුක‍්ඛ’න‍්ති යථාභූතං පජානාති…පෙ… ‘අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති, තථාගතප‍්පවෙදිතා චස‍්ස ධම‍්මා පඤ‍්ඤාය වොදිට‍්ඨා හොන‍්ති වොචරිතා පඤ‍්ඤාය…පෙ… අයං වුච‍්චති පුග‍්ගලො දිට‍්ඨිප‍්පත‍්තො”ති.

දුටු කෙළවරට පැමිණියේයි දිට්ඨප්පත්තො නමි, මේ එහි සංක්ෂෙප ලක්ෂණයි, සංස්කාරයෝ දුක්ය, නිරොධය සැපයයි දන්නා ලද්දේ වෙයි, ප්‍රඥාවෙන් දක්නා ලද්දේ හඳුනන ලද්දේ පසක් කරන ලද්දේ, දෘෂ්ටප්‍රාප්ත (දිට්ඨප්පත්ත) යයි, විස්තර වශයෙන් වනාහි හෙතෙමේ ද කායසක්ඛි පුද්ගලයා මෙන් සවැදෑරුම් වෙයි, “ඉධෙකච්චො පුග්ගලො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති - පෙ- අයං දුක්ඛ නිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති තථාගතප්පවෙදිතා චස්ස ධම්මා පඤ්ඤාය වොදිට්ඨා හොන්ති වොචරිතා පඤ්ඤාය -පෙ- අයං වුච්චති පුග්ගලො දිට්ඨප්පත්තො” එහෙයින් කියන ලදි.

සද‍්ධාය විමුත‍්තොති සද‍්ධාවිමුත‍්තො. සොපි වුත‍්තනයෙනෙව ඡබ‍්බිධො හොති. තෙනාහ – “ඉධෙකච‍්චො පුග‍්ගලො ‘ඉදං දුක‍්ඛ’න‍්ති යථාභූතං පජානාති…පෙ… ‘අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති, තථාගතප‍්පවෙදිතා චස‍්ස ධම‍්මා පඤ‍්ඤාය වොදිට‍්ඨා හොන‍්ති වොචරිතා පඤ‍්ඤාය…පෙ… නො ච ඛො යථාදිට‍්ඨිප‍්පත‍්තස‍්ස. අයං වුච‍්චති පුග‍්ගලො සද‍්ධාවිමුත‍්තො”ති. එතස‍්ස හි සද‍්ධාවිමුත‍්තස‍්ස පුබ‍්බභාගමග‍්ගක‍්ඛණෙ සද‍්දහන‍්තස‍්ස විය ඔකප‍්පෙන‍්තස‍්ස විය අධිමුච‍්චන‍්තස‍්ස විය ච කිලෙසක‍්ඛයො හොති, දිට‍්ඨිප‍්පත‍්තස‍්ස පුබ‍්බභාගමග‍්ගක‍්ඛණෙ කිලෙසච‍්ඡෙදකඤාණං අදන්‍ධං තිඛිණං සූරං හුත්‍වා වහති. තස‍්මා යථා නාම නාතිතිඛිණෙන අසිනා කදලිං ඡින්‍දන‍්තස‍්ස ඡින‍්නට‍්ඨානං මට‍්ඨං න හොති, අසි සීඝං න වහති, සද‍්දො සුය්‍යති, බලවතරො වායාමො කාතබ‍්බො හොති, එවරූපා සද‍්ධාවිමුත‍්තස‍්ස පුබ‍්බභාගමග‍්ගභාවනා. යථා පන සුනිසිතෙන අසිනා කදලිං ඡින්‍දන‍්තස‍්ස ඡින‍්නට‍්ඨානං මට‍්ඨං හොති, අසි සීඝං වහති, සද‍්දො න සුය්‍යති, බලවවායාමකිච‍්චං න හොති, එවරූපා පඤ‍්ඤාවිමුත‍්තස‍්ස පුබ‍්බභාගමග‍්ගභාවනා වෙදිතබ‍්බා.

ශ්‍රද්ධාවෙන් විමුක්තියට පත්වූයේයි සද්ධාවිමුත්තො නමි. හෙතෙමේත් කියන ලද ක්‍රමයෙන්ම සවැදෑරුම්වූයේ වෙයි. “ඉධෙකච්චො පුග්ගලො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති -පෙ- අයං දුක්ඛනිරොධ-ගාමිනී පටිපදාති යථාභූතං පජානාති තථාගතප්පවෙදිතා චස්ස ධම්මා පඤ්ඤාය වොදිට්ඨා හොන්ති සොචරිතා පඤ්ඤාය -පෙ- නො ච ඛො යථා දිට්ඨප්පත්තස්ස අයං වුච්චති පුග්ගලො සමාධිවිමුත්තො”යි එහෙයින් කියන ලදි. මේ ශ්‍රද්ධා විමුක්තයාගේ පූර්‍වභාග මාර්‍ගක්ෂණයෙහි අදහන්නාගේ මෙන් ද විශ්වාස කරන්නාගේ මෙන් ද එදෙසට නැඹුරු වන්නාගේ මෙන් ද ක්ලෙශ ක්ෂය වෙයි. දෘෂ්ටප්‍රාප්ත (දිට්ඨප්පත්ත) යාගේ පූර්‍වභාග මාර්‍ගක්‍ෂණයෙහි කෙලෙස් නසන ඥානය අඳනොවී සියුම්ව සූරවී ගලායයි, එහෙයින් යම්සේ නම් ඉතා නොතියුණු කඩුවකින් කෙසෙල් ගසක් සිඳින්නාගේ සිඳුණු තැන මට නොවේද කඩුව වහා ගලා නොයේද හඬක ඇසේද බලවත් වෑයමක් කළයුතු වේද ශ්‍රද්ධාවිමුක්තයාගේ පූර්‍වභාගමාර්‍ග භාවනාව ද එබඳුය. යම්සේ වනාහි ඉතා සියුම් කඩුවකින් කෙසෙල් ගසක් සිඳින්නහුගේ සිදුණු තැන මට වේද? කඩුව වහා ගලායයි ද හඬක් නොඇසේ ද බලවත් වෑයම් කිරීමක් නොවේ ද ප්‍රඥාවිමුක්තයාගේ පූර්‍වභාග මාර්‍ගභාවනාව එබඳුයයි දතයුතුය.

ධම‍්මං අනුස‍්සරතීති ධම‍්මානුසාරී. ධම‍්මොති පඤ‍්ඤා, පඤ‍්ඤාපුබ‍්බඞ‍්ගමං මග‍්ගං භාවෙතීති අත්‍ථො. සද‍්ධානුසාරිම‍්හිපි එසෙව නයො. උභොපෙතෙ සොතාපත‍්තිමග‍්ගට‍්ඨායෙව. වුත‍්තම‍්පි චෙතං – “යස‍්ස පුග‍්ගලස‍්ස සොතාපත‍්තිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නස‍්ස පඤ‍්ඤින්‍ද්‍රියං අධිමත‍්තං හොති, පඤ‍්ඤාවාහිං පඤ‍්ඤාපුබ‍්බඞ‍්ගමං අරියමග‍්ගං භාවෙති. අයං වුච‍්චති පුග‍්ගලො ධම‍්මානුසාරී. යස‍්ස පුග‍්ගලස‍්ස සොතාපත‍්තිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නස‍්ස සද‍්ධින්‍ද්‍රියං අධිමත‍්තං හොති, සද‍්ධාවාහිං සද‍්ධාපුබ‍්බඞ‍්ගමං අරියමග‍්ගං භාවෙති. අයං වුච‍්චති පුග‍්ගලො සද‍්ධානුසාරී”ති (පු· ප· 208). අයමෙත්‍ථ සඞ‍්ඛෙපො, විත්‍ථාරතො පනෙසා උභතොභාගවිමුත‍්තාදිකථා විසුද‍්ධිමග‍්ගෙ (විසුද‍්ධි· 2.771, 889) පඤ‍්ඤාභාවනාධිකාරෙ වුත‍්තා. තස‍්මා තත්‍ථ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බාති.

ධර්‍මය අනුව සිහිකරන්නේනුයි ධම්මානුසාරි නමි, ධර්‍මය යනු ප්‍රඥාවයි, ප්‍රඥාව පෙරටුකොට ඇති මාර්‍ගය වඩන්නේය යන අරුත්ය, සද්ධානුසාරී පුද්ගලයා කෙරෙහි ද මේ ක්‍රමයමැයි, මේ දෙදෙනාම සෝවාන් මගෙහි සිටියාහුමය, “යස්ස පුග්ගලස්ස සොතාපත්තිඵල සච්ඡිකිරියාය පටිපන්නස්ස පඤ්චින්ද්‍රියං අධිමත්තං හොති පඤ්ඤාවාහී පඤ්ඤාපුබ්බඞ්ගමං අරියමග්ගං භාවෙති අයං වුච්චති පුග්ගලො ධම්මානුසාරී” යස්ස පුග්ගලස්ස සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නස්ස සද්ධින්ද්‍රියං අධිමත්තං හොති සද්ධාවාහී සද්ධාපුබ්බඞ්ගමං අරියමග්ගං භාවෙති අයං වුච්චති පුග්ගලො සද්ධානුසාරී” යන මෙය කියන ලදි. මෙය මෙහි කෙටි විවරණයයි, විස්තර වශයෙන් මෙම උභතොභොග විමුක්ති කථාව විසුද්ධිමග්ගයෙහි පඤ්ඤා භාවනා පරිච්ඡේදයෙහි කියන ලදි. එහෙයින් එහි කියන ලද ආකාරයෙන් දතයුතුය.

5. උදකූපමපුග‍්ගල සුත‍්තවණ‍්ණනා

5. උදකූපම පුග්ගල සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ උදකූපමාති නිමුජ‍්ජනාදිආකාරං ගහෙත්‍වා උදකෙන උපමිතා. සකිං නිමුග‍්ගොති එකවාරමෙව නිමුග‍්ගො. එකන‍්තකාළකෙහීති නියතමිච‍්ඡාදිට‍්ඨිං සන්‍ධාය වුත‍්තං. උම‍්මුජ‍්ජතීති උට‍්ඨහති. සාධූති සොභනා භද‍්දකා. හායතියෙවාති චඞ‍්කවාරෙ ආසිත‍්තඋදකං විය පරිහායතෙව. උම‍්මුජ‍්ජිත්‍වා විපස‍්සති විලොකෙතීති උට‍්ඨහිත්‍වා ගන‍්තබ‍්බදිසං විපස‍්සති විලොකෙති. පතරතීති ගන‍්තබ‍්බදිසාභිමුඛො තරති නාම. පටිගාධප‍්පත‍්තො හොතීති උට‍්ඨාය විලොකෙත්‍වා පතරිත්‍වා එකස‍්මිං ඨානෙ පතිට‍්ඨාපත‍්තො නාම හොති, තිට‍්ඨති න පුනාගච‍්ඡති. තිණ‍්ණො පාරඞ‍්ගතො ථලෙ තිට‍්ඨතීති සබ‍්බකිලෙසොඝං තරිත්‍වා පරතීරං ගන‍්ත්‍වා නිබ‍්බානථලෙ පතිට‍්ඨිතො නාම හොති. ඉමස‍්මිං සුත‍්තෙ වට‍්ටවිවට‍්ටං කථිතං.

පස්වැන්නෙහි උදකූපමා යනු මතුවීම ආදී ආකාර ගෙන දිය සමඟ සමාන කරන ලද්දාවූයි, සකිං නිම්මුග්ගො යනු එක්වරක් දියයට ගිලුණේයි, එකන්තකාළකෙහි යනු නියත මිථ්‍යාදෘෂ්ටිය සඳහා කියන ලදි: උම්මුජ්ජති යනු නැඟී සිටියි, සාධු යනු යහපත්ව ලබන ලද්දාවූයි, හායතිමෙව යනු පෙරහනෙහි (හිල් සහිත බඳුනක) දමන ලද දිය මෙන් පිරිහේමය, උම්මුජ්ජිත්වා විපස්සති විලොකෙති යනු නැඟිට යායුතු දිසාව බලයි, විමසයි. පතරති යනු යායුතු දෙසට මුහුණලා පිහිනයි නමි, පතිගාධප්පත්තො හොති යනු නැඟිට බලා තරණය කරමින් ගොස් එක් තැනක ප්‍රතිෂ්ඨාවට පැමිණියේ නම් වෙයි, සිටියි, යළි නොඑයි, තිණ්ණො පාරගතො ථලෙ තිට්ඨති යනු සියලු කෙලෙසුන් මනාව තරණය කොට පරතෙරට ගොස් නිවන නමැති ගොඩබිමෙහි පිහිටියේ නම් වෙයි, මේ සූත්‍රයෙහි සසර හා නිවන කියන ලදි.

6. අනිච‍්චානුපස‍්සී සුත‍්තවණ‍්ණනා

6. අනිච්චානුපස්සී සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ අනිච‍්චාති එවං පඤ‍්ඤාය ඵරන‍්තො අනුපස‍්සතීති අනිච‍්චානුපස‍්සී. අනිච‍්චාති එවං සඤ‍්ඤා අස‍්සාති අනිච‍්චසඤ‍්ඤී. අනිච‍්චාති එවං ඤාණෙන පටිසංවෙදිතා අස‍්සාති අනිච‍්චපටිසංවෙදී. සතතන‍්ති සබ‍්බකාලං. සමිතන‍්ති යථා පුරිමචිත‍්තෙන පච‍්ඡිමචිත‍්තං සමිතං සමුපගතං ඝට‍්ටිතං හොති, එවං. අබ‍්බොකිණ‍්ණන‍්ති නිරන‍්තරං අඤ‍්ඤෙන චෙතසා අසංමිස‍්සං. චෙතසා අධිමුච‍්චමානොති චිත‍්තෙන සන‍්නිට‍්ඨාපයමානො. පඤ‍්ඤාය පරියොගාහමානොති විපස‍්සනාඤාණෙන අනුපවිසමානො.

සවැන්නෙහි අනිත්‍යයයි මෙසේ නුවණින් පතුරුවමින් බලන්නේනුයි අනිච්චානුපස්සී නමි, අනිත්‍යයයි මෙසේ හැඟීම මොහුටනුයි අනිච්චසඤ්ඤී නමි. අනිත්‍යයයි මෙසේ නුවණින් මනාව දන්නා ලද්දේ මොහුටනුයි අනිච්චපටිසංවෙදි නමි. සතතං යනු සියලු කාලයයි, සමිතං යනු යම්සේ මුල් සිතෙන් පසු සිත සමකරන ලද්දේ එකට පමුණුවන ලද්දේ එක්කරන ලද්දේ වේද එසේයි: අබ්බොකිණ්ණං යනු නිරතුරු වූ අන්‍ය මනසින් නොමුසුවූයි, චෙතසා අධිමුච්චමානො යනු සිතෙන් මනාව නිමවනු ලබන්නේයි, පඤ්ඤාය පරියොගාහමානො යනු විදසුන් නුවණින් අනුපිවිසුවමිනි,

අපුබ‍්බං අචරිමන‍්ති අපුරෙ අපච‍්ඡා එකක‍්ඛණෙයෙව. ඉධ සමසීසී කථිතො. සො චතුබ‍්බිධො හොති රොගසමසීසී, වෙදනාසමසීසී, ඉරියාපථසමසීසී, ජීවිතසමසීසීති. තත්‍ථ යස‍්ස අඤ‍්ඤතරෙන රොගෙන ඵුට‍්ඨස‍්ස සතො රොගවූපසමො ච ආසවක‍්ඛයො ච එකප‍්පහාරෙනෙව හොති, අයං රොගසමසීසී නාම. යස‍්ස පන අඤ‍්ඤතරං වෙදනං වෙදයතො වෙදනාවූපසමො ච ආසවක‍්ඛයො ච එකප‍්පහාරෙනෙව හොති, අයං වෙදනාසමසීසී නාම. යස‍්ස පන ඨානාදීසු ඉරියාපථෙසු අඤ‍්ඤතරසමඞ‍්ගිනො විපස‍්සන‍්තස‍්ස ඉරියාපථස‍්ස පරියොසානඤ‍්ච ආසවක‍්ඛයො ච එකප‍්පහාරෙනෙව හොති, අයං ඉරියාපථසමසීසී නාම. යස‍්ස පන උපක‍්කමතො වා සරසතො වා ජීවිතපරියාදානඤ‍්ච ආසවක‍්ඛයො ච එකප‍්පහාරෙනෙව හොති, අයං ජීවිතසමසීසී නාම. අයමිධ අධිප‍්පෙතො. තත්‍ථ කිඤ‍්චාපි ආසවපරියාදානං මග‍්ගචිත‍්තෙන, ජීවිතපරියාදානං චුතිචිත‍්තෙන හොතීති උභින‍්නං එකක‍්ඛණෙ සම‍්භවො නාම නත්‍ථි. යස‍්මා පනස‍්ස ආසවෙසු ඛීණමත‍්තෙසු පච‍්චවෙක‍්ඛණවාරානන‍්තරමෙව ජීවිතපරියාදානං ගච‍්ඡති, අන‍්තරං න පඤ‍්ඤායති, තස‍්මා එවං වුත‍්තං.

අපුබ්බං අචරිමං යනු පෙරපසු නොවී එක් කෙණෙහිම, මෙහි සමසීසී කියන ලද්දේය. හෙතෙම සිවුවැදෑරුම් වෙයි, රොගසමසීසී, වෙදනාසමසීසි, ඉරියාපථසමසීසී ජිවිතසමසීසී යනුවෙනි, කිසියම් රෝගයකින් පහරන ලද යමෙකුගේ රෝගය සංසිඳීමත් ආසවයන් ක්ෂයවීමත් එක්විටම සිදුවේද මෙතෙම රොගසමසීසී නමි, කිසියම් වේදනාවක් විදින්නා වූ යමෙකුගේ වේදනාව සංසිඳීමත් ආසවයන් ක්ෂය වීමත් එක්විටම සිදුවේද මෙතෙම වෙදනා සමසීසී නමි, සිටීමි ආදී ඉරියව් අතුරින් එකකින් යුක්තව විදසුන් වඩන යමෙකුගේ ඉරියව්වේ අවසානය ද ආසවයන්ගේ ක්ෂයවීමද එකවිටම සිදුවේද මෙතෙම ඉරියාපථසමසීසි නමි, උපක්‍රමයෙන් හෝ ස්වභාවයෙන් හෝ යමෙකුගේ දිවි කෙළවර වීමත් ආසවයන් ක්ෂය වීමත් එක්විටම සිදුවෙයිද මෙතෙම ජීවිත සමසීසී නමි. මෙහි මෙතෙම අදහස් කරන ලදි. එහි මාර්‍ග සිතෙන් ආශ්‍රවයන්ගේ අවසානයත් චුති සිතෙන් ජීවිතාවසානයත් වේයයි දෙකේම එකවිට සිදුවීමක් නම් නැත. යම් හෙයකින් වනාහි මොහුගේ ආශ්‍රවයන් ක්ෂය වූ කෙනෙහි ප්‍රත්‍යවෙක්ෂා වාරයෙන් අනතුරුවම ජීවිතාවශානයට යයිද අතරක් නොපැනෙයිද එහෙයින් මෙසේ කියන ලදි.

අන‍්තරාපරිනිබ‍්බායීති යො පඤ‍්චසු සුද‍්ධාවාසෙසු යත්‍ථ කත්‍ථචි උප‍්පන‍්නො නිබ‍්බත‍්තක‍්ඛණෙ වා ථොකං අතික‍්කමිත්‍වා වා වෙමජ‍්ඣෙ ඨත්‍වා වා අරහත‍්තං පාපුණාති, තස‍්සෙතං නාමං. උපහච‍්චපරිනිබ‍්බායීති යො තත්‍ථෙව ආයුවෙමජ‍්ඣං අතික‍්කමිත්‍වා අරහත‍්තං පාපුණාති. අසඞ‍්ඛාරපරිනිබ‍්බායීති යො තෙසංයෙව පුග‍්ගලානං අසඞ‍්ඛාරෙනෙව අප‍්පයොගෙන කිලෙසෙ ඛෙපෙති. සසඞ‍්ඛාරපරිනිබ‍්බායීති යො සසඞ‍්ඛාරෙන සප‍්පයොගෙන කිලෙසෙ ඛෙපෙති. උද‍්ධංසොතො අකනිට‍්ඨගාමීති යො හෙට‍්ඨා චතූසු සුද‍්ධාවාසෙසු යත්‍ථ කත්‍ථචි නිබ‍්බත‍්තිත්‍වා තතො චුතො අනුපුබ‍්බෙන අකනිට‍්ඨෙ උප‍්පජ‍්ජිත්‍වා අරහත‍්තං පාපුණාති.

අන්තරාපරිනිබ්බායී යනු පඤ්ච සුද්ධාවාසයන් අතුරෙහි යම්කිසි තැනක උපන් යමෙක් උපන් කෙණෙහි හෝ මඳ වේලාවක් ඉක්මවා හෝ අතරමැද හෝ සිට රහත්බවට පැමිණෙයිද ඔහුට මේ නමයි, උපහච්චපරිනිබ්බායී යනු යමෙක් එහිදීම ආයුෂ මැද ඉක්මවා රහත්බවට පැමිණෙයි ද හෙතෙමේයි, අසංඛාරපරිනිබ්බායි යන යමෙක් ඒ ඒ පුද්ගලයන්ගේ නොමෙහෙයවීමෙන් නොපෙළඹවීමෙන් කෙලෙසුන් ක්ෂය කරයිද හෙතෙමේයි. සසංඛාරපරිනිබ්බායී යනු යමෙක් මෙහෙයවීම් සහිතව පෙළඹවීම් සහිතව කෙලෙසුන් ගෙවා දමයිද හෙතෙමේයි. උද්ධංසොතො අකනිට්ඨගාමි යනු යමෙක් යට සිවු සුද්ධාවාසයන්හි යම්කිසිතැනක ඉපිද එයින් සැම පිළිවෙලින් අකනිටාවෙහි ඉපිද රහත්බවට පැමිණෙයිද හෙතෙමේයි.

7-9. දුක‍්ඛානුපස‍්සි සුත‍්තාදිවණ‍්ණනා

7-9. දුක්ඛානුපස්සී ආදි සූත්‍ර වර්ණනා

සත‍්තමෙ දුක‍්ඛානුපස‍්සීති පීළනාකාරං දුක‍්ඛතො අනුපස‍්සන‍්තො. අට‍්ඨමෙ අනත‍්තානුපස‍්සීති අවසවත‍්තනාකාරං අනත‍්තාති අනුපස‍්සන‍්තො. නවමෙ සුඛානුපස‍්සීති සුඛන‍්ති එවං ඤාණෙන අනුපස‍්සන‍්තො.

සත්වැන්නෙහි දුක්ඛානුපස්සී යනු පෙළෙන ආකාරය දුක්වශයෙන් දකින්නේයි, අටවැන්නෙහි අනත්තානුපස්සී යනු වශයෙහි නොපවතින ආකාරය දකින්නේයි, නවවැන්නෙහි සුඛානුපස්සී යනු සැපයයි මෙසේ නුවණින් දකින්නේයි.

10. නිද‍්දසවත්‍ථුසුත‍්තවණ‍්ණනා

10. නිද්දසවත්ථු සූත්‍ර වර්ණනාව

දසමෙ නිද‍්දසවත්‍ථූනීති නිද‍්දසාදිවත්‍ථූනි, “නිද‍්දසො භික‍්ඛු, නිබ‍්බීසො, නිත‍්තිංසො, නිච‍්චත‍්තාලීසො, නිප‍්පඤ‍්ඤාසො”ති එවං වචනකාරණානි. අයං කිර පඤ‍්හො තිත්‍ථියසමයෙ උප‍්පන‍්නො. තිත්‍ථියා හි දසවස‍්සකාලෙ මතං නිගණ‍්ඨං නිද‍්දසොති වදන‍්ති. සො කිර පුන දසවස‍්සො න හොති. න කෙවලඤ‍්ච දසවස‍්සො, නවවස‍්සොපි එකවස‍්සොපි න හොති. එතෙනෙව නයෙන වීසතිවස‍්සාදිකාලෙපි මතං නිගණ‍්ඨං “නිබ‍්බීසො නිත‍්තිංසො නිච‍්චත‍්තාලීසො නිප‍්පඤ‍්ඤාසො”ති වදන‍්ති. ආයස‍්මා ආනන්‍දො ගාමෙ විචරන‍්තො තං කථං සුත්‍වා විහාරං ගන‍්ත්‍වා භගවතො ආරොචෙසි. භගවා ආහ – “න ඉදං, ආනන්‍ද, තිත්‍ථියානං අධිවචනං, මම සාසනෙ ඛීණාසවස‍්සෙතං අධිවචනං. ඛීණාසවො හි දසවස‍්සකාලෙ පරිනිබ‍්බුතො පුන දසවස‍්සො න හොති. න කෙවලඤ‍්ච දසවස‍්සොව, නවවස‍්සොපි…පෙ… එකවස‍්සොපි. න කෙවලඤ‍්ච එකවස‍්සොව, එකාදසමාසිකොපි…පෙ… එකමාසිකොපි එකමුහුත‍්තිකොපි න හොතියෙව”. කස‍්මා? පුන පටිසන්‍ධියා අභාවා. නිබ‍්බීසාදීසුපි එසෙව නයො. ඉති භගවා “මම සාසනෙ ඛීණාසවස‍්සෙතං අධිවචන”න‍්ති වත්‍වා යෙහි කාරණෙහි නිද‍්දසො හොති, තානි දස‍්සෙතුං ඉමං දෙසනං ආරභි.

දසවැන්නෙහි නිද්දසවත්‍ථූනි යනු නිද්දසාදී වස්තූහුයි, නිද්දසවූ භික්ෂුව, නිබ්බීසවූ, නිත්තිංසවූ නිච්චත්තාලීසවූ නිප්පඤ්ඤාසවූ භික්ෂුවයි මෙසේ කීමට කරුණුවූයි, මේ ප්‍රශ්නය වනාහි අන්තොටු සමයෙහි උපන්නකි, තීර්ථකයෝ දසවස් කල්හි මියගිය නිගණ්ඨයකු නිද්දසයි කියත්, හෙතෙම වනාහි යළි දසවස් වූයේ නොවෙයි, හුදෙක් දසවස් වූයේ නොවනු පමණක් නොව නවවස් වූයේද එක්වස් වූයේ ද නොවෙයි, මේ ක්‍රමයෙන්ම විසිවස් ආදී කල්හි මියගිය නිගණ්ඨයා නිබ්බීසවූයේ නිත්කිංසවූයේ නිච්චත්තාලීසවූයේ නිප්පඤ්ඤාසවූයේයි කියත්. ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ගමෙහි හැසිරෙන්නාහු එම කථාව අසා විහාරයට ගොස් භාග්‍යවතුන් වහන්සේට සැළ කළහ. භාග්‍යවතුන් වහන්සේ “ආනන්දය, තීර්ථකයන්ගේ පර්‍ය්‍යාය වචනයක් නොවේ, මගේ සසුනෙහි ක්ෂීණාශ්‍රවයාට මෙය පර්‍ය්‍යාය වචනයකි. ක්ෂීණාශ්‍රවයා දසවස් කල්හි පිරිනිවුනේ යළි දසවස් ඇත්තේ නොවෙයි, හුදෙක් දසවස් නොවූයේ පමණක් නොව නවවස් වූයේද -පෙ එක්වස් වූයේද හුදෙක් එක්වස් නොවූයේ පමණක් නොව එකොළොස් මස් ඇත්තේද -පෙ- එක්මස් වූයේ ද එක් මොහොතක් ඇත්තේ වූයේ ද නොවේමය. කුමක් හෙයින්ද යළි පිළිසිඳ ගැනීමක් නොමැති බැවිනියි වදාළ සේක. නිබ්බිසාදියෙහි ද මේ ක්‍රමයයි, මෙසේ භාග්‍යවතුන් වහන්සේ මගේ සසුනෙහි ක්ෂීණාශ්‍රවයාට මෙය පර්‍ය්‍යාය නමකියි පවසා යම් යම් කරුණින් නිද්දස වූයේ වෙයිද එය දැක්වීමට මේ දෙසුම ඇරඹූ සේක.

තත්‍ථ ඉධාති ඉමස‍්මිං සාසනෙ. සික‍්ඛාසමාදානෙ තිබ‍්බච‍්ඡන්‍දො හොතීති සික‍්ඛාත‍්තයපූරණෙ බලවච‍්ඡන්‍දො හොති. ආයතිඤ‍්ච සික‍්ඛාසමාදානෙ අවිගතපෙමොති අනාගතෙ පුනදිවසාදීසුපි සික‍්ඛාපූරණෙ අවිගතපෙමෙනෙව සමන‍්නාගතො හොති. ධම‍්මනිසන‍්තියාති ධම‍්මනිසාමනාය. විපස‍්සනායෙතං අධිවචනං. ඉච‍්ඡාවිනයෙති තණ‍්හාවිනයෙ. පටිසල‍්ලානෙති එකීභාවෙ. වීරියාරම‍්භෙති කායිකචෙතසිකස‍්ස වීරියස‍්ස පූරණෙ. සතිනෙපක‍්කෙති සතියඤ‍්චෙව නිපකභාවෙ. දිට‍්ඨිපටිවෙධෙති මග‍්ගදස‍්සනෙ. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

එහි ඉධ යනු මේ ශාසනයෙහියි, සික්ඛාසමාදානෙ තිබ්බච්ඡන්දෙ හොති යනු ශික්ෂාත්‍රය පිරීමෙහි දැඩි කැමැත්තේ වෙයි, ආයතිඤ්ච සික්ඛාසමාදානෙ අවිගතපෙමො යනු අනාගතයෙහි නැවත දිනාදියෙහි ද ශික්ෂා පිරීමෙහි පහනොවූ ප්‍රේමයෙන්ම යුක්තවූයේ වෙයි. ධම්මනිසන්ති යනු ධර්‍මයෙහි සැලකිල්ලෙන් කියාදීමයි. විදර්‍ශනාවට මෙය නමකි, ඉච්ඡාවිනයෙ යනු තෘෂ්ණාව දුරුකිරීමෙහියි, පටිසල්ලාණො යනු හුදෙකළා බවෙහියි, විරියාරම්හෙ යනු කායික චෛතසික වීර්යය සපිරීමෙහියි, සතිනෙපක්කෙ යනු සිහියෙන් මෙන්ම සමත් බවෙහිය, දිට්ඨිපටිවෙධෙ යන මාර්‍ග දර්‍ශනයෙහිය, සෙස්ස සියලු තැන්හි පැහැදිලිමය.

අනුසයවග‍්ගො දුතියො.

දෙවැනි අනුසය වර්‍ගයයි.