1. ධන වග්ගො අට්ඨකථා
1. ධන වර්ගය
1-5. පඨම පියභික්ඛු සුත්තාදිවණ්ණනා
1-5. පළමුවන පියභික්ඛු ආදි සූත්‍ර වර්ණනා
සත්තකනිපාතස්ස පඨමෙ අනවඤ්ඤත්තිකාමොති අභිඤ්ඤාතභාවකාමො. තතියෙ යොනිසො විචිනෙ ධම්මන්ති උපායෙන චතුසච්චධම්මං විචිනාති. පඤ්ඤායත්ථං විපස්සතීති සහවිපස්සනාය මග්ගපඤ්ඤාය සච්චධම්මං විපස්සති. පජ්ජොතස්සෙවාති දීපස්සෙව. විමොක්ඛො හොති චෙතසොති තස්ස ඉමෙහි බලෙහි සමන්නාගතස්ස ඛීණාසවස්ස දීපනිබ්බානං විය චරිමකචිත්තස්ස වත්ථාරම්මණෙහි විමොක්ඛො හොති, ගතට්ඨානං න පඤ්ඤායති. චතුත්ථෙ සද්ධො හොතීතිආදීනි පඤ්චකනිපාතෙ වණ්ණිතානෙව. පඤ්චමෙ ධනානීති අදාලිද්දියකරණට්ඨෙන ධනානි.
සත්තක නිපාතයේ පළමු සූත්‍රයෙහි අනවඤ්ඤත්තිකාමො යනු පසිඳු බව කැමැත්තේයි, යොනිසො විචිනෙ ධම්මං යනු උපායයෙන් සිවුසස් දහම් විමසයි, පඤ්ඤායත්ථං විපස්සති යනු විදර්ශනා සහගත වූ මාර්ග ප්‍රඥාවෙන් සත්‍ය ධර්මය බලයි, පජ්ජොතස්සෙව යනු පහනේ මෙනි, විමොඛො හොති චෙතසො යනු මේ බලයන්ගෙන් යුක්ත වූ ඒ ක්ෂීණාශ්රවයාගේ පහන නිවීමක් මෙන් අවසාන සිත වස්තු ආරම්මණයන්ගෙන් මිදීම වෙයි, ගිය තැන නොපැනෙයි, සිවුවැන්නෙහි සද්ධො හොති යනාදිය පඤ්චක නිපාතයෙහි වර්ණනා කරන ලද්දේය. පස්වැන්නෙහි ධනානි යනු දිළිඳු බවට පත් නොකරන අරුතින් ධනයෝයි.
7. උග්ගමහාමත්තසුත්තවණ්ණනා
7. උග්ග මහාමත්ත සූත්‍ර වර්ණනාව
සත්තමෙ උග්ගො රාජමහාමත්තොති පසෙනදිකොසලස්ස මහාඅමච්චො. උපසඞ්කමීති භුත්තපාතරාසො උපසඞ්කමි. අඩ්ඪොති නිධානගතෙන ධනෙන අඩ්ඪො. මිගාරො රොහණෙය්යොති රොහණසෙට්ඨිනො නත්තාරං මිගාරසෙට්ඨිං සන්ධායෙවමාහ. මහද්ධනොති වළඤ්ජනධනෙන මහද්ධනො. මහාභොගොති උපභොගපරිභොගභණ්ඩස්ස මහන්තතාය මහාභොගො. හිරඤ්ඤස්සාති සුවණ්ණස්සෙව. සුවණ්ණාමෙව හිස්ස කොටිසඞ්ඛ්යං අහොසි. රූපියස්සාති සෙසස්ස තට්ටකසරකඅත්ථරණපාවුරණාදිනො පරිභොගපරික්ඛාරස්ස පමාණසඞ්ඛානෙ වාදොයෙව නත්ථි.
සත්වැන්නෙහි උග්ගො රාජමහාමත්තො යනු පසේනදි කොසොල් රජුගේ මහාමාත්යයායි, උපසංකමි යනු අනුභව කළ උදා ආහාරය ඇත්තේ එළඹියේය, අඩ්ඪො යනු නිදන්ගත වූ ධනයෙන් ආඪ්යවූයේයි, මිගාරො රොහණෙය්යො යනු රෝහණ සිටුගේ මුණුබුරුවූ මිගාර සිටු සඳහා මෙය කීවේය. මහද්ධනො යනු පරිභොග කරන ධනයෙන් මහාධනය ඇත්තේයි, මහාභොගො යනු උපභොග පරිභොග භාණ්ඩ මහත් බැවින් මහාභොග වූයේයි, හිරඤ්ඤස්ස යනු ස්වර්ගයේයි, ඔහුට ස්වර්ණයන්ගෙන්ම කොටි සංඛ්‍යාත ධනයක් වූයේය, රූපියස්ස යනු භාජන සරාව ඇතිරිලි ඇඳුම් ආදීවූ පරිභොග පරිෂ්කාරයන්ගේ පමණ ගිණීමෙහි වාදයක් නැත්තේමය.
8. සත්තසඤ්ඤොජන සුත්තවණ්ණනා
8. සත්තසඤ්ඤොජන සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ අනුනයසංයොජනන්ති කාමරාගසංයොජනං. සබ්බානෙව චෙතානි බන්ධනට්ඨෙන සංයොජනානීති වෙදිතබ්බානි. ඉමස්මිං සුත්තෙ වට්ටමෙව කථිතං. සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙවාති.
අටවැන්නෙහි අනුනයසංයොජනං යනු කාමරාගසංයෝජනයයි, මේ සියල්ල ඛන්ධනාර්ථයෙන් සංයෝජනයයි දතයුතුය, මේ සූත්‍රයෙහි සසරම කියනලදි. සෙස්ස සියලු තැන්හි පැහැදිලි අරුත් ඇත්තේය.
ධනවග්ගො පඨමො.
පළමුවැනි වූ ධන වර්ගයයි