පඨම පියභික්ඛු සුත්තං
7. 1. 1. 1.
7. 1. 1. 1.
[පඨම පියභික්ඛු සුත්තං]
[පළමුවන පියභික්ඛු සූත්‍රය]
1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
1. මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු සිටුහුගේ දෙව්රම්හි වාසය කරණ සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’ යි එ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක:
සත්තහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු සබ්රහ්මචාරීනං අප්පියො ච හොති අමනාපො ච අගරු ච අභාවනීයො ච. කතමෙහි සත්තහි:
මහණෙනි, කරුණු සතෙකින් සමන්වාගත මහණ සබ්‍රම්සරුනට අප්‍රිය අමනාප අගරු අභාවනීය වෙයි. කවර සතෙකින යත්:
ඉධ භික්ඛවෙ, භික්ඛු ලාභකාමො ච හොති, සක්කාරකාමො ච, අනවඤ්ඤත්තිකාමො ච, අහිරිකො ච, අනොත්තප්පී ච, පාපිච්ඡො ච, මිච්ඡාදිට්ඨි ච.
මහණෙනි, මෙ සස්නෙහි මහණ ලාභ කැමතියේ ද, සත්කාර කැමතියේ ද, යශස් කැමතියේ ද, හිරි නැතියේ ද, ඔතප් නැතියේ ද, ලමු ඉච්ඡා ඇතියේ ද, මිසදිටු ඇතියේ ද වෙයි.
ඉමෙහි ඛො භික්ඛවෙ, සත්තහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු සබ්රහ්මචාරීනං අප්පියො ච හොති අමනාපො ච අගරු ච අභාවනීයො ච.
මහණෙනි, මෙ සත් කරුණින් සමන්වාගත මහණ සබ්‍රම්සරුනට අප්‍රිය අමනාප අගරු අභාවනීය වෙයි.
සත්තහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු සබ්රහ්මචාරීනං පියො ච හොති මනාපො ච ගරු ච භාවනීයො ච. කතමෙහි සත්තහි:
මහණෙනි, කරුණු සතෙකින් සමන්වාගත මහණ සබ්‍රම්සරුනට ප්‍රිය මනාප ගරු භාවනීය වෙයි. කවර සතෙකින යත්:
ඉධ භික්ඛවෙ, භික්ඛු න ලාභකාමො ච හොති, න සක්කාරකාමො ච, න අනවඤ්ඤත්තිකාමො ච, හිරිමා ච, ඔත්තප්පී ච, අප්පිච්ඡො ච, සම්මාදිට්ඨි ච.
මහණෙනි, මෙ සස්නෙහි මහණ ලාභ කැමතියේත් නො වෙයි, සත්කාර කැමතියේත් නො වෙයි, යශස් කැමතියේත් නො වෙයි, හිරි ඇතියේත් වෙයි, ඔතප් ඇතියේත් වෙයි, අල්පෙච්ඡ ද වෙයි, සම්දිටු ඇතියේත් වෙයි.
ඉමෙහි ඛො භික්ඛවෙ, සත්තහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු සබ්රහ්මචාරීනං පියො ච හොති මනාපො ච ගරු ච භාවනීයො චාති.
මහණෙනි, මෙ සත් කරුණින් සමන්වාගත මහණ සබ්‍රම්සරුනට ප්‍රිය ද වෙයි, මනාප ද වෙයි, ගරු ද වෙයි, භාවනීය ද වේ.