දුතිය පියභික්ඛු සුත්තං
7. 1. 1. 2.
7. 1. 1. 2.
[දුතිය පියභික්ඛු සුත්තං]
[දෙවැනි පියභික්ඛු සූත්රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
2. සත්තහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු සබ්රහ්මචාරීනං අප්පියො ච හොති අමනාපො ච අගරු ච අභාවනීයො ච. කතමෙහි සත්තහි:
2. මහණෙනි, සත් කරුණෙකින් සමන්වාගත මහණ සබ්රම්සරුනට අප්රිය හා අමනාප හා අගරු හා අභාවනීය හා වෙයි. කවර සතෙකින යත්:
ඉධ භික්ඛවෙ, භික්ඛු ලාභකාමො ච හොති, සක්කාරකාමො ච, අනවඤ්ඤත්තිකාමො ච, අහිරිකො ච, අනොත්තප්පී ච, ඉස්සුකී ච, මච්ඡරී ච.
මහණෙනි, මෙ සස්නෙහි මහණ ලාභ කැමතියේ ද, සත්කාර කැමතියේ ද, ප්රසිද්ධිය කැමතියේ ද, හිරි නැතියේ ද, ඔතප් නැතියේ ද, ඊර්ෂ්යා ඇතියේ ද, මසුරු වූයේ ද වෙයි.
ඉමෙහි ඛො භික්ඛවෙ, සත්තහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු සබ්රහ්මචාරීනං අප්පියො ච හොති අමනාපො ච අගරු ච අභාවනීයො ච.
මහණෙනි, මෙ සත් කරුණින් සමන්වාගත මහණ සබ්රම්සරුනට අප්රිය හා අමනාප හා අගරු හා අභාවනීය හා වෙයි.
සත්තහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු සබ්රහ්මචාරීනං පියො ච හොති මනාපො ච ගරු ච භාවනීයො ච. කතමෙහි සත්තහි?
මහණෙනි, දහම් සතෙකින් සමන්වාගත මහණ සබ්රම්සරුනට ප්රිය ද මනාප ද ගරු ද භාවනීය ද වෙයි. කවර සතෙකින යත්:
ඉධ භික්ඛවෙ භික්ඛු න ලාභකාමො ච හොති, න සක්කාරකාමො ච, න අනවඤ්ඤත්තිකාමො ච, හිරිමා ච, ඔත්තප්පී ච, අනුස්සුකී ච, අමච්ඡරී ච.
මහණෙනි, මෙ සස්නෙහි මහණ ලාභ කැමැත්තේ නො වෙයි, සත්කාර කැමැත්තේ ද නො වෙයි, යශස් කැමැත්තේ ද නො වෙයි, හිරි ඇත්තේ ද, ඔතප් ඇත්තේ ද, ඊර්ෂ්යා නැත්තේ ද, මසුරු නො වූයේ ද වෙයි.
ඉමෙහි ඛො භික්ඛවෙ, සත්තහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු සබ්රහ්මචාරීනං පියො ච හොති මනාපො ච ගරු ච භාවනීයො චාති.
මහණෙනි, මෙ දහම් සතින් සමන්වාගත මහණ සබ්රම්සරුනට ප්රිය ද මනාප ද ගරු ද භාවනීය ද වෙයි.
7. 1. 1. 3.
7. 1. 1. 3.
[සඞ්ඛිත්ත සත්තබල සුත්තං]
[සඞ්ඛිත්තසත්තබල සූත්රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
3. සත්තිමානි භික්ඛවෙ, බලානි. කතමානි සත්ත:
3. මහණෙනි, මෙ බලසතෙකි. කවර සතෙක යත්:
සද්ධාබලං, විරියබලං, හිරිබලං, ඔත්තප්පබලං, සතිබලං, සමාධිබලං, පඤ්ඤාබලං. ඉමානි ඛො භික්ඛවෙ සත්තබලානි.
සද්ධාබලය, විරියබලය, හිරිබලය, ඔත්තප්පබලය, සතිබලය, සමාධිබලය, පඤ්ඤාබල යි. මහණෙනි, මෙ සත් බල යි.
1. සද්ධාබලං විරියබලං හිරිඔත්තප්පියං බලං සතිබලං සමාධී ච පඤ්ඤා වෙ සත්තමං බලං. එතෙහි බලවා භික්ඛු සුඛං ජීවති පණ්ඩිතො.
1. සද්ධාබල විරියබල හිරිබල ඔතප්බල සතිබල සමාධිබල හා සත් වැනි වූ ම පඤ්ඤාබලය යි බල සතෙකි. මෙ බල සතින් යුත් පණ්ඩිත මහණ සුවසේ වෙසේ.
2. යොනිසො විචිනෙ ධම්මං පඤ්ඤායත්ථං විපස්සති. පජ්ජොතස්සෙව නිබ්බානං විමොක්ඛො හොති චෙතසො’ති.
2. හේ උපායමනස්කාරයෙන් සිවුසස් දහම් විමසන්නේ ය. විවසුන් සහගිය මග නැණින් එහි අරුත් දක්නේ ය. පහන නිවුනු සෙයින් (චරිමක) චිත්තයාගේ විමෝක්ෂය (වස්තු ආලම්බනයන්ගෙන් මිදීම) වන්නේ යි.