යෙදුමෙන් කියවන්න

විත්‍ථතසත‍්තබල සුත‍්තං

7. 1. 1. 4.

7. 1. 1. 4.

[විත්‍ථතසත‍්තබල සුත‍්තං]

[විත්‍ථතසත්තබල සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

4. සත‍්තිමානි භික‍්ඛවෙ, බලානි. කතමානි සත‍්ත:

4. මහණෙනි, මෙ බල සතෙකි. කවර සතෙක යත්:

සද‍්ධාබලං, විරියබලං, හිරිබලං, ඔත‍්තප‍්පබලං, සතිබලං, සමාධිබලං, පඤ‍්ඤාබලං.

සද්ධාබලය, විරියබලය, හිරිබලය, ඔත්තප්පබලය, සතිබලය, සමාධිබල, පඤ්ඤාබල යි.

(1) කතමඤ‍්ච භික‍්ඛවෙ, සද‍්ධාබලං:

(1) මහණෙනි, සද්ධාබල කවරේය යත්:

ඉධ භික‍්ඛවෙ අරියසාවකො සද‍්ධො හොති සද‍්දහති තථාගතස‍්ස බොධිං: “ඉතිපි සො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො විජ‍්ජාචරණසම‍්පන‍්නො සුගතො ලොකවිදූ අනුත‍්තරො පුරිසදම‍්මසාරථි සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා”ති. ඉදං වුච‍්චති භික‍්ඛවෙ සද‍්ධාබලං.

මහණෙනි, මෙ සස්නෙහි අරීසවු සැදැහැතියේ වෙයි: “මෙ කරුණෙන් එ භගවත්හු අර්‍හත්හ, සම්‍යක්සම්බුද්ධයහ, විද්‍යායෙන් හා චරණයෙන් සම්පන්නහ, සුගත්හ, ලෝකවිද්හ, අනුත්තර වූ පුරුෂදම්‍යසාරථිහ, දෙව්මිනිස්නට ශාස්තෘහ, බුද්ධයහ, භගවත්හ”යි තථාගතයන් වහන්සේගේ බෝධිය (බුදුගුණ) හදහයි. මහණෙනි, මෙ සද්ධාබල යී කියනු ලැබේ.

(2) කතමඤ‍්ච භික‍්ඛවෙ, විරියබලං:

(2) මහණෙනි, විරියබල කවරේය යත්:

ඉධ භික‍්ඛවෙ, අරියසාවකො ආරද‍්ධවිරියො විහරති: අකුසලානං ධම‍්මානං පහානාය, කුසලානං ධම‍්මානං උපසම‍්පදාය, ථාමවා දළ‍්හපරක‍්කමො අනික‍්ඛිත‍්තධුරො කුසලෙසු ධම‍්මෙසු. ඉදං වුච‍්චති භික‍්ඛවෙ, විරියබලං.

මහණෙනි, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය සඳහා කුශලධර්‍මයන්ගේ ප්‍රතිලාභය සඳහා වීර්‍ය්‍ය ඇතියේ දළ පැරැකුම් ඇතියේ කුශලධර්‍මයන්හි නො හළ වීර්‍ය්‍යධුර ඇතියේ රුකුළු වැර ඇතියේ වෙසෙයි. මහණෙනි, මෙ විරිය බල යි කියනු ලැබේ.

(3) කතමඤ‍්ච භික‍්ඛවෙ, හිරිබලං:

(3) මහණෙනි, හිරිබල කවරේය යත්:

ඉධ භික‍්ඛවෙ, අරියසාවකො හිරිමා හොති, හිරීයති කායදුච‍්චරිතෙන, වචීදුච‍්චරිතෙන, මනොදුච‍්චරිතෙන, හිරීයති පාපකානං අකුසලානං ධම‍්මානං සමාපත‍්තියා. ඉදං වුච‍්චති භික‍්ඛවෙ, හිරිබලං.

මහණෙනි, මෙ සස්නෙහි අරීසවු හිරි ඇතියේ වෙයි. කායදුශ්චරිතයෙන් වාග්දුශ්චරිතයෙන් මනෝදුශ්චරිතයෙන් ලජ්ජිත වෙයි. ලාමක අකුශලධර්‍මසමාපත්තියෙන් ලජ්ජිත වෙයි. මහණෙනි, මෙ හිරිබල යි කියනු ලැබේ.

(4) කතමඤ‍්ච භික‍්ඛවෙ, ඔත‍්තප‍්පබලං:

(4) මහණෙනි, ඔත්තප්පබල කවරේය යත්:

ඉධ භික‍්ඛවෙ, අරියසාවකො ඔත‍්තප‍්පී හොති, ඔත‍්තපති කායදුච‍්චරිතෙන, වචීදුච‍්චරිතෙන, මනොදුච‍්චරිතෙන, ඔත‍්තපති පාපකානං අකුසලානං ධම‍්මානං සමාපත‍්තියා. ඉදං වුච‍්චති භික‍්ඛවෙ, ඔත‍්තප‍්පබලං.

මහණෙනි, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක ඔතප් ඇතියේ වෙයි. කායදුශ්චරිතයෙන් වාග්දුශ්චරිතයෙන් මනෝදුශ්චරිතයෙන් බානේ වෙයි. ලාමක අකුශල ධර්‍මසමාපත්තියෙන් බියපත් වෙයි. මහණෙනි, මෙ ඔත්තප්පබල යි කියනු ලැබේ.

(5) කතමඤ‍්ච භික‍්ඛවෙ, සතිබලං:

(5) මහණෙනි, සතිබල කවරේය යත්:

ඉධ භික‍්ඛවෙ, අරියසාවකො සතිමා හොති පරමෙන සතිනෙපක‍්කෙන සමන‍්නාගතො චිරකතම‍්පි චිරභාසිතම‍්පි සරිතා අනුස‍්සරිතා. ඉදං වුච‍්චති භික‍්ඛවෙ, සතිබලං.

මහණෙනි, මෙ සස්නෙහි අරී සවූ සිහි ඇතියේ වෙයි, පරම සතියෙන් හා නිපක භාවයෙන් (නුවණින්) සමන්‍වාගත වූයේ කළ විරූ දෑ හා බිණු විරූ දෑ සිහිපත් කරණුයේ පුනපුනා සිහිපත් කරණුයේ වෙයි. මහණෙනි, මෙ සතිබල යි කියනු ලැබේ.

(6) කතමඤ‍්ච භික‍්ඛවෙ, සමාධිබලං:

(6) මහණෙනි, සමාධිබල කවරේය යත්:

ඉධ භික‍්ඛවෙ, අරියසාවකො විවිච‍්චෙව කාමෙහි -පෙ- චතුත්‍ථංඣානං උපසම‍්පජ‍්ජ විහරති. ඉදං වුච‍්චති භික‍්ඛවෙ, සමාධිබලං.

මහණෙනි, මෙ සස්නෙහි අරීසවු කාමයන් කෙරෙන් වෙන් ව ම ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසෙයි. මහණෙනි, මෙ සමාධිබල යි කියනු ලැබේ.

(7) කතමඤ‍්ච භික‍්ඛවෙ, පඤ‍්ඤාබලං:

(7) මහණෙනි, පඤ්ඤාබල කවරේය යත්:

ඉධ භික‍්ඛවෙ අරියසාවකො පඤ‍්ඤවා හොති උදයත්‍ථගාමිනියා පඤ‍්ඤාය සමන‍්නාගතො අරියාය නිබ‍්බෙධිකාය සම‍්මා දුක‍්ඛක‍්ඛයගාමිනියා. ඉදං වුච‍්චති භික‍්ඛවෙ, පඤ‍්ඤාබලං.

මහණෙනි, මෙ සස්නෙහි අරීසවු මොනොවට දුක් ක්‍ෂයවීමට යන, නිර්වේදය (කෙලෙස් විදලීම) ඇසුරු කොට පවත්නා ස්කන්‍ධයන්ගේ උදාවිය පිළිවිදීමට සමත් ආර්‍ය්‍යප්‍රඥායෙන් සමන්‍වාගත වූයේ ප්‍රඥාවත් වෙයි. මහණෙනි, මෙ පඤ්ඤාබල යි කියනු ලැබේ.

ඉමානි ඛො භික‍්ඛවෙ, සත‍්තබලානි.

මහණෙනි, මෙ බල සත යි.

3. සද‍්ධාබලං විරියබලං හිරිඔත‍්තප‍්පියං බලං සතිබලං සමාධී ච පඤ‍්ඤා වෙ සත‍්තමං බලං. එතෙහි බලවා භික‍්ඛු සුඛං ජීවති පණ‍්ඩිතො.

3. සද්ධාබල විරියබල හිරිබල ඔත්තප්පියබල සතිබල සමාධිබල සත්වැනි පඤ්ඤාබල යි. මෙ බල සතින් යුත් නැණැති මහණ සුවසේ වෙසේ.

4. යොනිසො විචිනෙ ධම‍්මං පඤ‍්ඤායත්‍ථං විපස‍්සති පජ‍්ජොතස‍්සෙව නිබ‍්බානං විමොඛො හොති චෙතසො’ති.

4. හේ යෝනිසෝමනසිකාරයෙන් චතුස්සත්‍යධර්‍මය විමසනේ ය. විදර්‍ශනාමාර්‍ගප්‍රඥායෙන් අර්‍ත්‍ථය වෙසෙසා දන්නේ ය. පහනක් නිවෙනු සෙයින් ඔහුගේ චිත්තයාගේ විමෝක්‍ෂය වේ ය යි.