උග්ගමහාමත්තසුත්තං
7. 1. 1. 7.
7. 1. 1. 7.
[උග්ගමහාමත්තසුත්තං]
[උග්ග මහාමත්ත සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
7. අථ ඛො උග්ගො රාජමහාමත්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො උග්ගො රාජමහාමත්තො භගවන්තං එතදවොච:
7. එකල්හි උග්ග නම් රාජමහාමාත්‍ර භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් උග්ග රාජමහාමාත්‍ර භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකෙළේ ය:
අච්ඡරියං භන්තෙ, අබ්භුතං භන්තෙ, යාව අඩ්ඪො චායං භන්තෙ, මිගාරො රොහණෙය්යො යාව මහද්ධනො යාව මහාභොගොති.
වහන්ස, ආශ්චර්‍ය්‍ය ය, වහන්ස, අද්භූත ය. වහන්ස, මෙ රෝහණ සිටුහුගේ මුනුපුරු මිගාර සිටු ආඪ්‍ය වූයේ ම, මහාධන ඇතියේ ම, මහාභෝග ඇතියේ ම වේ යයි.
කීව අඩ්ඪො පනුග්ග, මිගාරො රොහණෙය්යො කීව මහද්ධනො කීව මහාභොගොති.
උග්ගයෙනි, රෝහණෙය්‍ය මිගාර සිටු කෙතෙක් ආඪ්‍ය වේ ද? කෙතෙක් මහද්ධන වේ ද, කෙතෙක් මහාභෝග වේ දැ යි.
සතං භන්තෙ, සහස්සානං හිරඤ්ඤස්ස, කො පන වාදො රූපියස්සාති?
වහන්ස, හිරණ්‍ය පිළිබඳ ශතසහස්රයෙකි. රජත පිළිබඳ කවර කථායෙක් දැ යි.
අත්ථි ඛො එතං උග්ග ධනං, නෙතං නත්ථීති වදාමි. තඤ්ච ඛො එතං උග්ග, ධනං සාධාරණං අග්ගිනා උදකෙන රාජූහි චොරෙහි අප්පියෙහි දායාදෙහි.
උග්ගයෙනි, තෙල ධනය ඇත් මැයි, තෙල ධන නැතැයි නො කියමි. උග්ගයෙනි, තෙල ධනය ගිනි හා දිය හා රජුන් හා සොරුන් හා අප්‍රිය දායාදයන් හා සාධාරණ මැයි.
සත්ත ඛො ඉමානි උග්ග, ධනානි අසාධාරණානි අග්ගිනා උදකෙන රාජූහි චොරෙහි අප්පියෙහි දායාදෙහි. කතමානි සත්ත:
උග්ගයෙනි, ගින්න හා දිය හා රජුන් හා සොරුන් හා අප්‍රිය දායාදයන් හා අසාධාරණ වූ මෙ ධන සතෙකි. කවර සතෙක යත්:
සද්ධාධනං, සීලධනං, හිරිධනං, ඔත්තප්පධනං, සුතධනං, චාගධනං, පඤ්ඤාධනං. ඉමානි ඛො උග්ග, සත්ත ධනානි අසාධාරණානි අග්ගිනා උදකෙන රාජූහි චොරෙහි අප්පියෙහි දායාදෙහි’ති.
සද්ධාධන, සීලධන, හිරිධන, ඔත්තප්පධන, සුතධන, චාගධන, පඤ්ඤාධන යි. උග්ගයෙනි, ගින්න හා දිය හා රජුන් හා සොරුන් හා අප්‍රිය දායාදයන් හා අසාධාරණ වූ මෙ ධන සත යි.
11. සද්ධාධනං සීලධනං හිරි ඔත්තප්පියං ධනං සුතධනං ච චාගො ච පඤ්ඤා වෙ සත්තමං ධනං.
11. සද්ධාධන ය, සීලධන ය, හිරිධන ය, ඔත්තප්පධන ය, සුතධන ය, චාගධන ය, සත්වැනි වූ ම පඤ්ඤාධන ය යි ධන සතෙකි.
12. යස්ස එතෙ ධනා අත්ථී ඉත්ථියා පුරිසස්ස වා සවෙ මහද්ධනො ලොකෙ අජෙය්‍යො දෙවමානුසෙ.
12. යම් ස්ත්‍රියකට වේවයි පුරුෂයකුට වේවයි මෙ ධන ඇත් නම් හෙ එකැතින් දෙවිමිනිසුන්ගෙන් යුත් ලෙව්හි මහද්ධන වෙයි.
13. තස්මා සද්ධඤ්ච සීලඤ්ච පසාදං ධම්මදස්සනං අනුයුඤ්ජෙථ මෙධාවී සරං බුද්ධාන සාසනන්ති.
13. එහෙයින් මේධාවී තෙම බුද්ධශාසනය සිහිකරමින් ශ්‍රද්ධා ශීල ප්‍රසාද ධර්මදර්ශන යන මෙහි යෙදෙන්නේ යි.