විත්ථතධන සුත්තං
7. 1. 1. 6.
7. 1. 1. 6.
[විත්ථතධන සුත්තං]
[විත්ථතධන සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
6. සත්තිමානි භික්ඛවෙ, ධනානි, කතමානි සත්ත:
6. මහණෙනි, මෙ ධන සතෙකි. කවර සතෙක යත්:
සද්ධාධනං, සීලධනං, හිරිධනං, ඔත්තප්පධනං, සුතධනං, චාගධනං, පඤ්ඤාධනං.
සද්ධාධන ය, සීලධන ය, හිරිධන ය, ඔත්තප්පධන ය, සුතධන ය, චාගධන ය, පඤ්ඤාධන ය යි.
(1) කතමඤ්ච භික්ඛවෙ, සද්ධාධනං:
(1) මහණෙනි, සද්ධාධන කවරේය යත්:
ඉධ භික්ඛවෙ, අරියසාවකො සද්ධො හොති. සද්දහති තථාගතස්ස බොධිං: ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො -පෙ- බුද්ධො භගවාති ඉදං වුච්චති භික්ඛවෙ, සද්ධාධනං.
මහණෙනි, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක සැදැහැතියේ වෙයි. “මේ කරුණිනුදු එ භාග්‍යවතුන් වහන්සේ අර්හත් වන සේක, සම්‍යක් සම්බුද්ධ වන සේක ... බුද්ධවන සේක, භගවත් වන සේකැ”යි තථාගතයන් වහන්සේගේ බෝධිය හදහයි. මහණෙනි, මෙ සද්ධාධන යී කියනු ලැබේ.
(2) කතමඤ්ච භික්ඛවෙ, සීලධනං:
(2) මහණෙනි, සීලධන කවරේ ය යත්:
ඉධ භික්ඛවෙ, අරියසාවකො පාණාතිපාතා පටිවිරතො හොති -පෙ- සුරාමෙරය මජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති. ඉදං වුච්චති භික්ඛවෙ, සීලධනං.
මහණෙනි, මෙ සස්නෙහි අරීසවු පණිවායෙන් වැළැකියේ වෙයි ... මදපමා දෙකට කරුණු වූ රහමෙරින් වැළැකියේ වෙයි. මහණෙනි මෙ සීලධන යි කියනු ලැබේ.
(3) කතමඤ්ච භික්ඛවෙ, හිරිධනං:
(3) මහණෙනි, හිරිධන කවරේ ය යත්:
ඉධ භික්ඛවෙ, අරියසාවකො හිරිමා හොති. හිරීයති කායදුච්චරිතෙන වචීදුච්චරිතෙන, මනොදුච්චරිතෙන, හිරීයති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා. ඉදං වුච්චති භික්ඛවෙ, හිරිධනං.
මහණෙනි, මෙ සස්නෙහි අරීසවු හිරි ඇතියේ වෙයි. කායදුශ්චරිතයෙන් වාග්දුශ්චරිතයෙන් මනෝදුශ්චරිතයෙන් ලජ්ජිත වෙයි. ලාමක අකුශලධර්මසමාපත්තියෙන් ලජ්ජිත වෙයි. මහණෙනි, මෙ හිරිධන යි කියනු ලැබේ.
(4) කතමඤ්ච භික්ඛවෙ, ඔත්තප්පධනං:
(4) මහණෙනි, ඔත්තප්පධන කවරේ ය යත්:
ඉධ භික්ඛවෙ, අරියසාවකො ඔත්තප්පී හොති. ඔත්තපති කායදුච්චරිතෙන, වචීදුච්චරිතෙන, මනොදුච්චරිතෙන, ඔත්තපති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා. ඉදං වුච්චති භික්ඛවෙ, ඔත්තප්පධනං.
මහණෙනි, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක ඔත්තප්ප ඇතියේ වෙයි. කායදුශ්චරිතයෙන් වාග්දුශ්චරිතයෙන් මනෝදුශ්චරිතයෙන් ඔතප් ඇති වෙයි. ලමු අකුසල්දහම් කිරීමෙහි ඔතප් ඇතියේ වෙයි. මහණෙනි, මෙ ඔත්තප්පධන ය යි කියනු ලැබේ.
(5) කතමඤ්ච භික්ඛවෙ, සුතධනං:
(5) මහණෙනි, සුතධන කවරේ ය යත්:
ඉධ භික්ඛවෙ, අරියසාවකො බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො. යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙකල්යාණා පරියොසානකල්යාණා සාත්ථං සව්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං, බ්රහ්මචරියං අභිවදන්ති, තථාරූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති, ධතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා, ඉදං වුච්චති භික්ඛවෙ, සුතධනං.
මහණෙනි, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක ශ්‍රැතධර වූයේ ශ්‍රැතසන්නිචය ඇතියේ බහුශ්‍රුත වෙයි. ආදිකල්‍යාණ වූ මධ්‍යකල්‍යාණ වූ පර්‍ය්‍යාවසාන කල්‍යාණ වූ සාර්ත්ථ වූ සව්‍යඤ්ජන වූ කේවල පරිපූර්ණ වූ පරිශුද්ධ වූ යම් ඒ ධර්මකෙනෙක් මාර්ගබ්රහ්මචර්ය්යය පාළ කරත් නම්, එබඳු ධර්මයෝ ඔහු විසින් බොහෝ කොට අසන ලද වෙත්, ධරණ ලද වෙත්, වචනයෙන් පරිචිත වෙත්, සිතින් විමසන ලද වෙත්, ප්රඥාදෘෂ්ටියෛන් මොනොවට පිළිවිදියාහු වෙත්. මහණෙනි, මෙ සුතධන යයි කියනු ලැබේ.
(6) කතමඤ්ච භික්ඛවෙ, චාගධනං:
(6) මහණෙනි, චාගධනය කවරේ ය යත්:
ඉධ භික්ඛවෙ, අරියසාවකො විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසති, මුත්තචාගො පයතපාණී වොස්සග්ගරතො යාචයොගො දානසංවිභාගරතො. ඉදං වුච්චති භික්ඛවෙ, චාගධනං.
මහණෙනි, මෙ සස්නෙහි අරීසවු දුරු වූ මසුරුමල ඇති සිතින් මිදු ත්‍යාග ඇත්තේ, දෙනුවට දෙවි අත් ඇතියේ, පිදීමෙහි ඇලුනේ, යදනට නිසි වූයේ, දානයෙහිත් සංවිභාගයෙහිත් ඇලුනේ ගිහිගෙහි වෙසෙයි. මහණෙනි, මෙ චාගධන යි කියනු ලැබේ.
(7) කතමඤ්ච භික්ඛවෙ, පඤ්ඤාධනං:
(7) මහණෙනි, පඤ්ඤාධන කවරේ ය යත්:
ඉධ භික්ඛවෙ, අරියසාවකො පඤ්ඤවා හොති -පෙ- සම්මා දුක්ඛක්ඛයගාමිනියා. ඉදං වුච්චති භික්ඛවෙ, පඤ්ඤාධනං.
මහණෙනි, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක ... මැනැවින් දුක් ගෙවීමට යන ප්‍රඥායෙන් සමන්වාගත වූයේ ප්‍රඥාවත් වෙයි. මහණෙනි, මෙ පඤ්ඤාධන යි කියනු ලැබේ.
ඉමානි ඛො භික්ඛවෙ, සත්ත ධනානී’ති.
මහණෙනි, මෙ ධන සතයි.
8. සද්ධාධනං සීලධනං හිරි ඔත්තප්පියං ධනං සුතධනං ච චාගො ච පඤ්ඤා වෙ සත්තමං ධනං.
8. සද්ධාධන ය, සීලධන ය, හිරිධන ය, ඔත්තප්පධන ය, සුතධන ය, චාගධන ය, සත්වැනි වූ ම පඤ්ඤාධන යයි.
9. යස්ස එතෙ ධනා අත්ථි ඉත්ථියා පුරිසස්ස වා අදළිද්දොති තං ආහු අමොඝං තස්ස ජීවිතං.
9. යම් ස්ත්‍රියකට වේවයි පුරුෂයකුට වේවයි තෙල ධන ඇත් නම් හෙ නොදිළිඳුය යි ද ඔහුගේ දිවි නො සිස් යයි ද කීහු.
10. තස්මා සද්ධඤ්ච සීලඤ්ච පසාදං ධම්මදස්සනං අනුයුඤ්ජෙථ මෙධාවී සරං බුද්ධාන සාසනන්ති.
10. එහෙයින් නුවණැතියේ බුදුසස්න සමරමින් ශ්‍රද්ධා හා ශීල හා ප්‍රසාද හා ධර්‍මදර්‍ශනය යන මෙහි පුනපුනා යෙදෙන්නේ යයි.