කුලූපගමන සුත්තං
7. 1. 2. 3.
7. 1. 2. 3.
[කුලූපගමන සුත්තං]
[කුලූපගමන සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
13. සත්තහි භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතං කුලං අනුපගන්ත්වා වා නාලං උපගන්තුං, උපගන්ත්වා වා නාලං උපනිසීදිතුං. කතමෙහි සත්තහි:
13. මහණෙනි, අඞ්ග සතෙකින් සමන්වාගත කුලයට පළමු නො එළැඹ එළඹෙන්නට වේවයි එළැඹ හිඳිනට වේවයි නො නිසි වේ. කවර සතෙකින යත්:
න මනාපෙන පච්චුට්ඨෙන්ති. න මනාපෙන අභිවාදෙන්ති. න මනාපෙන ආසනං දෙන්ති. සන්තමස්ස පරිගූහන්ති. බහුකම්පි ථොකං දෙන්ති. පණීතම්පි ලූඛං දෙන්ති. අසක්කච්චං දෙන්ති නො සක්කච්චං.
මනාපාකාරයෙන් දැක හුනස්නෙන් නො නැඟ සිටුනාහ. මනාප අයුරින් අභිවාදන නො කරත්. මනාපයෙන් හිඳිනට ආසන නො දෙන්නාහ. විද්‍යාමාන දේයධර්‍මය ඔහට පිළිසන් කරන්නාහ. බොහෝ ඇත ද ස්වල්ප විසින් දෙත්. ප්‍රණීත දෑ ඇත ද රූක්ෂ දෑ දෙන්නාහ. සකසා නො ව නො සකසා ම දෙන්නාහ.
ඉමෙහි ඛො භික්ඛවෙ, සත්තහි අඞ්ගෙහි සමන්නාගතං කුලං අනුපගන්ත්වා වා නාලං උපගන්තුං, උපගන්ත්වා වා නාලං උපනිසීදිතුං.
මහණෙනි, මෙ සත් කරුණින් සමන්වාගත කුලය පළමු නො එළැඹ එළඹෙන්නට හෝ, එළැඹ හිඳිනට හෝ නො නිසි වේ.
සත්තහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතං කුලං අනුපගන්ත්වා වා අලං උපගන්තුං, උපගන්ත්වා වා අලං උපනිසීදිතුං. කතමෙහි සත්තහි:
මහණෙනි, කරුණු සතෙකින් සමන්වාගත කුලය පළමු නො එළැඹ එළඹෙන්නට හෝ එළැඹ හිඳිනට හෝ නිසි වේ. කවර සත් කරුණෙකින යත්:
මනාපෙන පච්චුට්ඨෙන්ති, මනාපෙන අභිවාදෙන්ති, මනාපෙන ආසනං දෙන්ති, සන්තමස්ස න පරිගූහන්ති, බහුකම්පි බහුකං දෙන්ති, පණීතම්පි පණීතං දෙන්ති, සක්කච්චං දෙන්ති නො අසක්කච්චං.
මනාපාකාරයෙන් දැක හුනස්නෙන් නැඟ සිටුනාහ. මනාප අයුරින් වන්දනා කරන්නාහ. මැනැවින් හිඳිනට අසුන් දෙන්නාහ. විද්‍යාමාන දේයධර්‍මය ඔහට පිළිසන් නො කරන්නාහ. බොහෝ ඇති වත් ම බොහෝ කොට දෙන්නාහ. ප්‍රණීත වස්තු ප්‍රණීත කොට ම දෙන්නාහ. නො සකස් කොට නො ව, සකස් කොට ම දෙන්නාහ.
ඉමෙහි ඛො භික්ඛවෙ සත්තහි අඞ්ගෙහි සමන්නාගතං කුලං අනුපගන්ත්වා වා අලං උපගන්තුං, උපගන්ත්වා වා අලං උපනිසීදිතුන්ති.
මහණෙනි, මෙ කරුණු සතින් සමන්වාගත කුලය පළමු නො එළැඹ එළඹෙන්නට හෝ එළැඹ හිඳිනට හෝ නිසි වේ යයි.