අනුසයප්පහාන සුත්තං
7. 1. 2. 2.
7. 1. 2. 2.
[අනුසයප්පහාන සුත්තං]
[අනුසයප්පහාන සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
12. සත්තන්නං භික්ඛවෙ අනුසයානං පහානාය සමුච්ඡෙදාය බ්රහ්මචරියං වුස්සති. කතමෙසං සත්තන්නං:
12. මහණෙනි, සප්තානුශයන්ගේ ප්රහාණය සඳහා සමුච්ඡේදය සඳහා බඹසර වසනු ලැබේ. කවර සතක්හුගේය යත්:
කාමරාගානුසයස්ස පහානාය සමුච්ඡෙදාය බ්රහ්මචරියං වුස්සති. පටිඝානුසයස්ස -පෙ- දිට්ඨානුසයස්ස -පෙ- විචිකිච්ඡානුසයස්ස -පෙ- මානානුසයස්ස -පෙ- භවරාගානුසයස්ස -පෙ- අවිජ්ජානුසයස්ස පහානාය සමුච්ඡෙදාය බ්රහ්මචරියං වුස්සති.
කාමරාගනුසයාගේ ප්රහාණය සඳහා සමුච්ඡේදය සඳහා බ්‍රම්සර වසනු ලැබේ. පටිඝානුසයයාගේ ... දිට්ඨානුසයයාගේ ... විචිකිච්ඡානුසයයාගේ ... මානානුසයයාගේ ... භවරාගානුසයයාගේ ... අවිජ්ජානුසයයාගේ ප්රහාණය සඳහා සමුච්ඡේදය සඳහා බ්‍රහ්මචර්‍ය්‍යය වසනු ලැබේ.
ඉමෙසං ඛො භික්ඛවෙ, සත්තන්නං අනුසයානං පහානාය සමුච්ඡොදාය බ්රහ්මචරියං වුස්සති.
මහණෙනි, මෙ සප්තානුශයයන්ගේ ප්රහාණය සඳහා සමුච්ඡේදය සඳහා බ්‍රහ්මචර්‍ය්‍යය වසනු ලැබේ.
යතො ච ඛො භික්ඛවෙ, භික්ඛුනො කාමරාගානුසයො පහීනො හොති උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවකතො ආයතිං අනුප්පාදධම්මො, පටිඝානුසයො -පෙ- දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො -පෙ- මානානුසයො -පෙ- භවරාගානුසයො -පෙ- අවිජ්ජානුසයො පහීනො හොති උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවකතො ආයතිං අනුප්පාදධම්මො, අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු නිරනුසයො අච්ඡෙච්ඡි තණ්හං වාවත්තයි සඤ්ඤොජනං සම්මා මානාභිසමයා අන්තමකාසි දුක්ඛස්සාති.
මහණෙනි, යම් හෙයෙකින් භික්ෂුහුගේ කාමරාගානුසය ප්‍රහීණ වේ නම් උසුන්මුල් ඇති වේ නම්, තාලාවස්තුකෘත වේ නම්, අන්‍වභාවකෘත වේ නම් මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ නම්, ප්‍රතිඝානුශය ... දෘෂ්ටානුශය ... විචිකිත්සානුශය .. මානානුශය ... භවරාගානුශය ... අවිද්‍යානුශය ප්‍රහීණ වේ නම් උසුන්මුල් ඇතියේ වේ නම් තාලාවස්තුකෘත වේ නම් අන්‍වභාවකෘත වේ නම් මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ වේ නම්, මහණෙනි, අනුශය රහිත මහණ තෘෂ්ණාව සිඳලීය සංයෝජන පෙරළාලී ය මැනැවින් අර්‍හත්ත්‍වාවබෝධයෙන් වර්තදුඃඛය අවසන් කෙළේ යයි කියනු ලැබේ.