යෙදුමෙන් කියවන්න

අනිච‍්චානුපස‍්සී සුත‍්තං

7. 1. 2. 6.

7. 1. 2. 6.

[අනිච‍්චානුපස‍්සී සුත‍්තං]

[අනිච්චානුපස්සී සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

16. සත‍්තිමෙ භික‍්ඛවෙ, පුග‍්ගලා ආහුනෙය්‍යා පාහුනෙය්‍යා දක‍්ඛිණෙය්‍යා අඤ‍්ජලිකරණීයා අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්ස. කතමෙ සත‍්ත:

16. මහණෙනි, ආහුනනාර්‍හ වූ ප්‍රාඝුණාර්‍හ වූ දක්‍ෂිණාර්‍හ වූ අඤ්ජලිකරණයට නිසි වූ ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ මෙ පුඟුල්හු සත් දෙනෙකි. කවර සත් දෙනෙක යත්:

(1) ඉධ භික‍්ඛවෙ, එකච‍්චො පුග‍්ගලො සබ‍්බසඞ‍්ඛාරෙසු අනිච‍්චානුපස‍්සී විහරති අනිච‍්චසඤ‍්ඤී අනිච‍්චපටිසංවෙදී සතතං සමිතං අබ‍්බොකිණ‍්ණං චෙතසා අධිමුච‍්චමානො පඤ‍්ඤාය පරියොගාහමානො. සො ආසවානං ඛයා [අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං] -පෙ- සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති. අයං භික‍්ඛවෙ, පඨමො පුග‍්ගලො ආහුනෙය්‍යො පාහුනෙය්‍යො දක‍්ඛිණෙය්‍යො අඤ‍්ජලිකරණීයො අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්ස.

(1) සර්‍වසංස්කාරයන්හි අනිත්‍යානුදර්ශී වූයේ, අනිත්‍යසංඥා ඇතියේ, අනිත්‍යප්‍රතිසංවේද ඇතියේ, හැම කල්හි (පූර්‍වාපර සමූපගත සිත් ඇතියේ) නිරතුරු (අන් සිතකින්) නො මුසු සේ සිතින් සනිටුහන් කරනුයේ, විවසුන් නැණින් පර්‍ය්‍යවගාහ කරමින් (බැස ගණිමින්) වෙසෙයි. හේ ආස්‍රවක්‍ෂයෙන් ... (ආස්‍රව රහිත චේතෝවිමුත්ති - පඤ්ඤාවිමුත්ති) සාක්‍ෂාත් කොට එයට එළඹ වාසය කෙරෙයි. මහණෙනි, මෙ ආහුනනාර්‍හ වූ ප්‍රාඝුණාර්‍හ වූ දක්‍ෂිණාර්‍ශ වූ අඤ්ජලිකරණයට යෝග්‍ය වූ ලෝකයාට අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍ර වූ ප්‍රථම පුද්ගල යි.

(2) පුන චපරං භික‍්ඛවෙ, ඉධෙකච‍්චො පුග‍්ගලො සබ‍්බසඞ‍්ඛාරෙසු අනිච‍්චානුපස‍්සී විහරති අනිච‍්චසඤ‍්ඤී අනිච‍්චපටිසංවෙදී සතතං සමිතං අබ‍්බොකිණ‍්ණං චෙතසා අධිමුච‍්චමානො පඤ‍්ඤාය පරියොගාහමානො. තස‍්ස අපුබ‍්බං අචරිමං ආසවපරියාදානඤ‍්ච හොති ජීවිතපරියාදානඤ‍්ච. අයං භික‍්ඛවෙ, දුතියො පුග‍්ගලො ආහුනෙය්‍යො -පෙ- අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්ස.

(2) තවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් සර්‍වසංස්කාරයන්හි අනිත්‍යානුදර්ශී වූයේ, අනිත්‍යසංඥා ඇතියේ, අනිත්‍යප්‍රතිසංවිද් ඇතියේ, හැමකල් නිරතුරු අමිශ්‍ර සේ සිතින් සනිටුහන් කරණුයේ, ප්‍රඥායෙන් පර්‍ය්‍යාවගාහ කරණුයේ වාසය කෙරෙයි. ඔහට නො පෙර පසුව ආස්‍රවසිඳීයෑම ද ජීවිතය සිඳීයෑම ද වෙයි. මහණෙනි, මෙ ආහුනනාර්‍හ වූ ... ලෝකයට අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍ර වූ ද්විතීය (ජීවිත සමසීසී) පුද්ගල යි.

(3) පුන චපරං භික‍්ඛවෙ, ඉධෙකච‍්චො පුග‍්ගලො සබ‍්බසඞ‍්ඛාරෙසු අනිච‍්චානුපස‍්සී විහරති අනිච‍්චසඤ‍්ඤී අනිච‍්චපටිසංවෙදී සතතං සමිතං අබ‍්බොකිණ‍්ණං චෙතසා අධිමුච‍්චමානො පඤ‍්ඤාය පරියොගාහමානො. සො පඤ‍්චන‍්නං ඔරම‍්භාගියානං සඤ‍්ඤොජනානං පරික‍්ඛයා අන‍්තරාපරිනිබ‍්බායී හොති. [අයං තතියො පුග‍්ගලො] (4) -පෙ- උපහච‍්චපරිනිබ‍්බායී හොති. [අයං චතුත්‍ථො පුග‍්ගලො] (5) -පෙ- අසඞ‍්ඛාරපරිනිබ‍්බායී හොති. [අයං පඤ‍්චමො පුග‍්ගලො] (6) -පෙ- සසඞ‍්ඛාරපරිනිබ‍්බායී හොති. [අයං ඡට‍්ඨමො පුග‍්ගලො] (7) -පෙ- උද‍්ධංසොතො හොති අකනිට‍්ඨගාමී. අයං භික‍්ඛවෙ, සත‍්තමො පුග‍්ගලො ආහුනෙය්‍යො, පාහුනෙය්‍යො දක‍්ඛිණෙය්‍යො අඤ‍්ජලිකරණීයො අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්ස.

(3) තවද මහණෙනි, මෙලොව්හි ඇතැම් පුඟුලෙක් සර්‍වසංස්කාරයන්හි අනිත්‍යානුදර්ශී වූයේ, අනිත්‍යසංඥා ඇතියේ, අනිත්‍යප්‍රතිසංවිද් ඇතියේ හැමවිට නිරතුරු අසම්මිශ්‍ර කොට සිතින් අධිමෝක්‍ෂ කරමින්, ප්‍රඥායෙන් පර්‍ය්‍යවගාහ කරමින් වෙසේ. හෙ පඤ්චෝරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් අන්තරාපරිනිබ්බායී (ශුද්ධාවාසයෙහි උපන් කෙණෙහි හෝ මදක් පසුව පිරිනිවෙන්නේ) වෙයි. (4) ... උපහච්චපරිනිබ්බායී (ආයු මැද පිරිනිවෙන්නේ) වෙයි. (5) ... අසඞ්ඛාරපරිනිබ්බායී (උත්සාහ රහිතව පිරිනිවෙන්නේ) වෙයි. (6) … සසඞ්ඛාරපරිනිබ්බායී (උත්සාහ සහිතව පිරිනිවෙන්නේ) වෙයි. (7) … අකනිට්ඨාගාමී උද්ධංසෝත (අකනිටාබඹලෝතෙක් යන සුලුව පිරිනිවෙන්නේ) වෙයි. මහණෙනි, ආහුනනාර්‍හ වූ ප්‍රාඝුණාර්‍හ වූ දක්‍ෂිණාර්‍හ වූ අඤ්ජලිකරණීය වූ ලෝකයට අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍ර වූ මෙ සත්වන පුද්ගල යි.

ඉමෙ ඛො භික‍්ඛවෙ, සත‍්ත පුග‍්ගලා ආහුනෙය්‍යා පාහුනෙය්‍යා -පෙ- අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්සාති.

මහණෙනි, ආහුනනාර්‍හ වූ ප්‍රාඝුණාර්‍හ වූ ... ලෝකයට අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍ර වූ මෙ සත්පුඟුල්හු වෙති.