උදකූපමපුග‍්ගල සුත‍්තං
7. 2. 9. 5.
7. 1. 2. 5.
[උදකූපමපුග‍්ගල සුත‍්තං]
[උදකූපම පුග්ගල සූත්‍රය]
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
15. සත‍්තිමෙ භික‍්ඛවෙ උදකූපමා පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මිං. කතමෙ සත‍්ත:
15. මහණෙනි, ලෝකයෙහි විද්‍යාමාන වන්නා වූ ම මෙ උදකෝපම පුද්ගලයෝ සත් දෙනෙකි. කවර සත් දෙනෙක යත්:
ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො සකිං නිමුග‍්ගො නිමුග‍්ගොව හොති. ඉධ පන භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො උම‍්මුජ‍්ජිත්‍වා නිමුජ‍්ජති. ඉධ පන භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො උම‍්මුජ‍්ජිත්‍වා ඨිතො හොති. ඉධ පන භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො උම‍්මුජ‍්ජිත්‍වා විපස‍්සති, විලොකෙති. ඉධ පන භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො උම‍්මුජ‍්ජිත්‍වා පතරති. ඉධ පන භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො උම‍්මුජ‍්ජිත්‍වා පතිගාධප‍්පත‍්තො හොති. ඉධ පන භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො උම‍්මුජ‍්ජිත්‍වා තිණ‍්ණො හොති පාරගතො ථලෙ තිට‍්ඨති බ්‍රාහ‍්මණො.
මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් වරක් නිමග්න වූයේ (කිඳුනේ) නිමග්න (කිඳුනේ) ම වෙයි. මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් ඉපිල සිටියේ (මතුවූයේ) වෙයි. මහණෙනි, මෙලොව්හි ඇතැම් පුද්ගලයෙක් ඉපිල වටා බලයි, අනුවිලෝකන කරයි. මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් ඉපිල යායුතු මංබලා තරණය කෙරෙයි. මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් ඉපිල ප්‍රතිගාධයට (ප්‍රතිෂ්ඨාවට) පැමිණියේ වෙයි. මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් ඉපිල තරණය කෙළේ පරතෙර පැමිණ බ්‍රාහ්මණ වූයේ තලයෙහි (නිවනෙහි) සිටුනේ වෙයි.
(1) කථඤ‍්ච භික‍්ඛවෙ පුග‍්ගලො සකිං නිමුග‍්ගො නිමුග‍්ගොව හොති: ඉධ පන භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො සමන‍්නාගතො හොති එකන‍්ත කාළකෙහි අකුසලෙහි ධම‍්මෙහි. එවං ඛො භික‍්ඛවෙ පුග‍්ගලො සකිං නිමුග‍්ගො නිමුග‍්ගොව හොති.
(1) මහණෙනි, පුද්ගල එක් වරක් නිමග්න වූයේ කෙසේ නිමග්න ම වේ ය යත්: මහණෙනි, මෙ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ඒකාන්තයෙන් කෘෂ්ණ වූ අකුශලධර්‍මයෙන් (නියත මිථ්‍යාදෘෂ්ටියෙන්) සමන්‍වාගත වෙයි. මහණෙනි, මෙසෙයින් පුද්ගල වරක් නිමග්න වූයේ නිමග්න ම වෙයි.
(2) කථඤ‍්ච භික‍්ඛවෙ පුග‍්ගලො උම‍්මුජ‍්ජිත්‍වා නිමුජ‍්ජති: ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො උම‍්මුජ‍්ජති “සාධු සද‍්ධා කුසලෙසු ධම‍්මෙසු, සාධු හිරි -පෙ- සාධු ඔත‍්තප‍්පං -පෙ- සාධු විරියං -පෙ- සාධු පඤ‍්ඤා කුසලෙසු ධම‍්මෙසූ”ති තස‍්ස සා සද‍්ධා නෙව තිට‍්ඨති, නො වඩ‍්ඪති, හායතෙව. තස‍්ස සා හිරි -පෙ- තස‍්ස තං ඔත‍්තප‍්පං -පෙ- තස‍්ස තං විරියං -පෙ- තස‍්ස සා පඤ‍්ඤා නෙව තිට‍්ඨති, නො වඩ‍්ඪති, හායතෙව. එවං ඛො භික‍්ඛවෙ පුග‍්ගලො උම‍්මුජ‍්ජිත්‍වා නිමුජ‍්ජති.
(2) මහණෙනි, කෙසේ නම් පුද්ගල ඉපිල කිඳුනේ වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් “කුසල්දහම්හි ශ්‍රද්ධාව මැනැව, හිරි මැනැව, ඔතප් මැනැව, වැර මැනැව, කුශලධර්‍මයන්හි ප්‍රඥාව මැනැවැ”යි ඉල්පෙයි. ඔහුගේ එ ශ්‍රද්ධාව නො සිටුනේ ය, නො වැඩෙයි, පිරිහේ ම ය. ඔහුගේ ඒ හිරිය ... ඔහුගේ එ ඔත්තපප්ය … ඔහුගේ එ වීර්‍ය්‍යය ... ඔහුගේ එ ප්‍රඥාව නො මැ සිටුනේ ය. නො මැ වැඩෙයි, පිරිහේ මැ යි. මහණෙනි, මෙ සෙයින් පුද්ගල ඉල්ප කිඳුනේ වේ.
(3) කථඤ‍්ච භික‍්ඛවෙ පුග‍්ගලො උම‍්මුජ‍්ජිත්‍වා ඨිතො හොති: ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො උම‍්මුජ‍්ජති “සාධු සද‍්ධා කුසලෙසු ධම‍්මෙසු, සාධු හිරි -පෙ- සාධු ඔත‍්තප‍්පං -පෙ- සාධු විරියං -පෙ- සාධු පඤ‍්ඤා කුසලෙසු ධම‍්මෙසූ”ති. තස‍්ස සා සද‍්ධා නෙව හායති, නො වඩ‍්ඪති, ඨිතා හොති. තස‍්ස සා හිරි -පෙ- තස‍්ස තං ඔත‍්තප‍්පං -පෙ- තස‍්ස තං විරියං -පෙ- තස‍්ස සා පඤ‍්ඤා නෙව හායති, නො වඩ‍්ඪති, ඨිතා හොති. එවං ඛො භික‍්ඛවෙ පුග‍්ගලො උම‍්මුජ‍්ජිත්‍වා ඨිතො හොති.
(3) මහණෙනි, කිසෙයින් පුද්ගල ඉල්පී සිටියේ වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් “කුශලධර්‍මයන්හි පිහිටි ශ්‍රද්ධාව මනා ය, හිරිය මනා ය, ඔත්තපප්ය මනා ය, වීර්‍ය්‍යය මනා ය, කුශලධර්‍මයන්හි පිහිටි ප්‍රඥාව මනා ය” යි ඉල්ප සිටිනේ ය. ඔහුගේ එ සැදැහැ නො ම පිරිහෙයි, නො ද වැඩෙ යි, සිටියා ම වෙයි, ඔහුගේ එ හිරිය ... ඔහුගේ එ ඔත්තපප්ය … ඔහුගේ එ වීර්‍ය්‍යය ... ඔහුගේ එ ප්‍රඥාව නො ම පිරිහෙයි, නො ද වැඩෙයි, සිටියා ම වෙ යි. මහණෙනි, මෙසෙයින් පුද්ගල ඉල්ප සිටියේ වෙයි.
(4) කථඤ‍්ච භික‍්ඛවෙ පුග‍්ගලො උම‍්මුජ‍්ජිත්‍වා විපස‍්සති, විලොකෙති: ඉධ පන භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො උම‍්මුජ‍්ජති “සාධු සද‍්ධා කුසලෙසු ධම‍්මෙසු, සාධු හිරි -පෙ- සාධු ඔත‍්තප‍්පං -පෙ- සාධු විරියං -පෙ- සාධු පඤ‍්ඤා කුසලෙසු ධම‍්මෙසූ”ති. සො තිණ‍්ණං සංයොජනානං පරික‍්ඛයා සොතාපන‍්නො හොති අවිනිපාතධම‍්මො නියතො සම‍්බොධිපරායනො. එවං ඛො භික‍්ඛවෙ පුග‍්ගලො උම‍්මුජ‍්ජිත්‍වා විපස‍්සති. විලොකෙති.
(4) මහණෙනි, කිසෙයින් පුද්ගල ඉපිල වටා බලන්නේ ය, අනුවිලෝකන කරන්නේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් “කුශලධර්‍මයන්හි ශ්‍රද්ධා මනා ය, හිරිය මනා ය, ඔතප් මනා ය, වැර මනාය, කුශලධර්‍මයන්හි පිහිටි ප්‍රඥා මනා ය” යි ඉල්පෙයි. හේ තුන් සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් අවිනිපාතස්වභාව ඇතියේ නියත වූ සම්බෝධිපරායණ වූයේ සෝවන් වෙයි. මහණෙනි, මෙසේ පුඟුල් ඉල්ප යායුතු දිග් බලයි, නහමයි.
(5) කථඤ‍්ච භික‍්ඛවෙ පුග‍්ගලො උම‍්මුජ‍්ජිත්‍වා පතරති: ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො උම‍්මුජ‍්ජති “සාධු සද‍්ධා කුසලෙසු ධම‍්මෙසු, සාධු හිරි -පෙ- සාධු ඔත‍්තප‍්පං -පෙ- සාධු විරියං -පෙ- සාධු පඤ‍්ඤා කුසලෙසු ධම‍්මෙසූ”ති. සො තිණ‍්ණං සංයොජනානං පරික‍්ඛයා රාගදොසමොහානං තනුත‍්තා සකදාගාමී හොති. සකිදෙව ඉමං ලොකං ආගන‍්ත්‍වා දුක‍්ඛස‍්සන‍්තං කරොති. එවං ඛො භික‍්ඛවෙ පුග‍්ගලො උම‍්මුජ‍්ජිත්‍වා පතරති.
(5) මහණෙනි, කිසේ නම් පුඟුල් ඉල්ප තරණය කෙරේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් “කුශලධර්‍මයන්හි ශ්‍රද්ධා මනා ම ය, හිරි මනා ම ය, ඔතප් මනා ම ය, වීර්‍ය්‍යය මනා ම ය, ප්‍රඥා මනා ම ය” යි ඉල්පෙයි. හෙ තුන් සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් රාගද්වේෂමෝහයන්ගේ තනුත්‍වයෙන් සකෘදාගාමී වෙයි. එක් වරක් ම මෙ ලොවට අවුත් දුක් කෙළවර කෙරෙයි. මහණෙනි, මෙසේ පුඟුල් ඉල්ප තරණය කෙරෙයි.
(6) කථඤ‍්ච භික‍්ඛවෙ පුග‍්ගලො උම‍්මුජ‍්ජිත්‍වා පතිගාධප‍්පත‍්තො හොති: ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො උම‍්මුජ‍්ජති “සාධු සද‍්ධා කුසලෙසු ධම‍්මෙසු, සාධු හිරි -පෙ- සාධු ඔත‍්තප‍්පං -පෙ- සාධු විරියං -පෙ- සාධු පඤ‍්ඤා කුසලෙසු ධම‍්මෙසූ”ති. සො පඤ‍්චන‍්නං ඔරම‍්භාගියානං සංයොජනානං පරික‍්ඛයා ඔපපාතිකො හොති තත්‍ථ පරිනිබ‍්බායී අනාවත‍්තිධම‍්මො තස‍්මා ලොකා. එවං ඛො භික‍්ඛවෙ පුග‍්ගලො උම‍්මුජ‍්ජිත්‍වා පතිගාධප‍්පත‍්තො හොති.
(6) මහණෙනි, කිසේ නම් පුඟුල් ඉල්ප ප්‍රතිෂ්ඨා ප්‍රාප්ත වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් “කුසල් දහම්හි ශ්‍රද්ධා මනා ම ය, හිරි මනා ම ය, ඔතප් මනා ම ය, වීර්‍ය්‍යය මනා ම ය, ප්‍රඥා මනා ම ය” යි ඉල්පෙයි. හෙ පඤ්චඕරම්භාගිය සංයෝජන පරික්‍ෂයෙන් එහි ම පිරිනිවෙන සුලු ඒ සුදවැසි බඹ ලොවින් පෙරළා නො එන සැහැවි ඇතියේ ඕපපාතික වෙයි. මහණෙනි, මෙසේ පුඟුල් ඉල්ප ප්‍රතිෂ්ඨාප්‍රාප්ත වෙයි.
(7) කථඤ‍්ච භික‍්ඛවෙ පුග‍්ගලො උම‍්මුජ‍්ජිත්‍වා තිණ‍්ණො හොති පාරගතො ථලෙ තිට‍්ඨති බ්‍රාහ‍්මණො: ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො උම‍්මුජ‍්ජති “සාධු සද‍්ධා කුසලෙසු ධම‍්මෙසු, සාධු හිරි -පෙ- සාධු ඔත‍්තප‍්පං -පෙ- සාධු විරියං -පෙ- සාධු පඤ‍්ඤා කුසලෙසු ධම‍්මෙසූ”ති. සො ආසවානං ඛයා අනාසවං චෙතො විමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති. එවං ඛො භික‍්ඛවෙ පුග‍්ගලො උම‍්මුජ‍්ජිත්‍වා තිණ‍්ණො හොති පාරගතො ථලෙ තිට‍්ඨති බ්‍රාහ‍්මණො.
(7) මහණෙනි, කිසේ නම් පුඟුල් ඉල්ප තරණය කළේ වෙයි, පරතෙර ගියේ වෙයි, බාහිත පාපි බ්‍රාහ්මණ (නිවන්) තෙලෙහි සිටියේ වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් “කුශලධර්‍මයන්හි ශ්‍රද්ධා මනා ය, හිරි මනා ය, ඔතප් මනා ය, වැර මනා ය, ප්‍රඥා මනා ය” යි ඉල්පෙයි. හෙ ආස්‍රවක්‍ෂයයෙන් ආස්‍රව රහිත වූ චේතෝවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මභාවයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට එළඹ වෙසෙයි. මහණෙනි, මෙසේ පුඟුල් ඉල්ප තරණය කළේ පරතෙර ගියේ බාහිතපාපී බ්‍රාහ්මණ (නිවන්) තෙලෙහි සිටුනේ ය.
ඉමෙ ඛො භික‍්ඛවෙ සත‍්ත උදකූපමා පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මින‍්ති.
මහණෙනි, ලොව්හි විද්‍යාමාන වන මෙ උදකෝපම පුද්ගලයෝ සත් දෙන යි.