යෙදුමෙන් කියවන්න

සුඛානුපස‍්සී සුත‍්තං

7. 1. 2. 9.

7. 1. 2. 9.

[සුඛානුපස‍්සී සුත‍්තං]

[සුඛානුපස්සී සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

19. සත‍්තිමෙ භික‍්ඛවෙ, පුග‍්ගලා ආහුනෙය්‍යා -පෙ- අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්ස. කතමෙ සත‍්ත:

19. මහණෙනි, ආහුනනාර්‍හ වූ ... ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ මේ පුඟුල්හු සත් දෙනෙකි. කවර සත් දෙනෙක යත්:

ඉධ භික‍්ඛවෙ, එකච‍්චො පුග‍්ගලො නිබ‍්බානෙ සුඛානුපස‍්සී විහරති සුඛසඤ‍්ඤී සුඛපටිසංවෙදී සතතං සමිතං අබ‍්බොකිණ‍්ණං චෙතසා අධිමුච‍්චමානො පඤ‍්ඤාය පරියොගාහමානො. සො ආසවානං ඛයා [අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං] -පෙ- සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති. අයං භික‍්ඛවෙ, පඨමො පුග‍්ගලො ආහුනෙය්‍යො -පෙ- [අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං] ලොකස‍්ස.

මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් නිවනෙහි සුඛානුදර්ශී වූයේ සුඛසංඥා ඇතියේ සුඛප්‍රතිසංවිද් ඇතියේ හැම කල්හි නිරතුරු ව්‍යතිමිශ්‍ර නො කොට සිතින් සනිටුහන් කරමින් ප්‍රඥායෙන් වැදගන්මින් වෙසෙයි. හේ ආස්‍රවක්‍ෂයෙන් අනාස්‍රව වූ අර්‍හත්ඵල සමාධිය හා අර්‍හත්ඵල ප්‍රඥාව ... සාක්‍ෂාත් කොට එළඹ වෙසෙයි. මහණෙනි, ආහුනනාර්‍හ වූ ... ලොවට (පුණ්‍යක්‍ෂේත්‍ර වූ) මේ ප්‍රථම පුද්ගල යි.

පුන චපරං භික‍්ඛවෙ, ඉධෙකච‍්චො පුග‍්ගලො නිබ‍්බානෙ සුඛානුපස‍්සී විහරති සුඛසඤ‍්ඤී සුඛපටිසංවෙදී සතතං සමිතං අබ‍්බොකිණ‍්ණං චෙතසා අධිමුච‍්චමානො පඤ‍්ඤාය පරියොගාහමානො. තස‍්ස අපුබ‍්බං අචරිමං ආසවපරියාදානඤ‍්ච හොති ජීවිතපරියාදානඤ‍්ච. අයං භික‍්ඛවෙ, දුතියො පුග‍්ගලො ආහුනෙය්‍යො -පෙ- [අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං] ලොකස‍්ස.

තවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් නිර්‍වාණයෙහි සුඛානුදර්ශී වූයේ සුඛසංඥා ඇතියේ සුඛප්‍රතිසංවිද් ඇතියේ හැමවිට නරතුරු අසම්මිශ්‍ර කොට සිතින් අධිමෝක්‍ෂ කරණුයේ ප්‍රඥායෙන් පර්‍ය්‍යවගාහ කරනුයේ වෙසෙයි. ඔහට නො පෙරපසු ව ආස්‍රවපරික්‍ෂය ද ජීවිතපරික්‍ෂය ද වෙයි. මහණෙනි, ආහුනනාර්‍හ වූ ... ලොවට (පුණ්‍යක්‍ෂේත්‍ර වූ) මේ ද්විතීය පුද්ගල යි.

පුන චපරං භික‍්ඛවෙ, ඉධෙකච‍්චො පුග‍්ගලො නිබ‍්බානෙ සුඛානුපස‍්සී විහරති සුඛසඤ‍්ඤී සුඛපටිසංවෙදී සතතං සමිතං අබ‍්බොකිණ‍්ණං චෙතසා අධිමුච‍්චමානො පඤ‍්ඤාය පරියොගාහමානො. සො පඤ‍්චන‍්නං ඔරම‍්භාගියානං සඤ‍්ඤොජනානං පරික‍්ඛයා අන‍්තරාපරිනිබ‍්බායී හොති -පෙ- උපහච‍්චපරිනිබ‍්බායී හොති. -පෙ- අසඞ‍්ඛාරපරිනිබ‍්බායී හොති. -පෙ- සසඞ‍්ඛාරපරිනිබ‍්බායී හොති. -පෙ- උද‍්ධංසොතො හොති අකනිට‍්ඨගාමී. අයං භික‍්ඛවෙ, සත‍්තමො පුග‍්ගලො ආහුනෙය්‍යො -පෙ- ලොකස‍්ස.

තවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් නිවන්හි සුව අනුව දක්මින් සුඛසංඥා ඇතියේ සුව පිළිවිදිනාසුලු වූයේ හැමකල් නරතුරු ව්‍යතිමිශ්‍ර නො කොට සිතින් සනිටුහන් කරමින් ප්‍රඥායෙන් වැදගන්මින් වෙසෙයි. හෙ පඤ්චෝරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් අන්තරා පරිනිබ්බායී වෙයි ... උපහච්චපරිනිබ්බායී වෙයි ... අසඞ්ඛාරපරිනිබ්බායී වෙයි ... සසඞ්ඛාරපරිනිබ්බායී වෙයි ... අකනිට්ඨාගාමීඋද්ධංසෝත වෙයි. මහණෙනි, මේ ආහුනෙය්‍ය වූ .... ලොවට (පුණ්‍යක්‍ෂේත්‍ර වූ) සප්තම පුද්ගල යි.

ඉමෙ ඛො භික‍්ඛවෙ, සත‍්ත පුග‍්ගලා ආහුනෙය්‍යා පාහුනෙය්‍යා දක‍්ඛිණෙය්‍යා අඤ‍්ජලිකරණීයා අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්සාති.

මහණෙනි, ආහුනෙය්‍ය වූ පාහුනෙය්‍ය වූ දක්‍ෂිණෙය්‍ය වූ අඤ්ජලිකරණීය වූ ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ මෙ සත් පුඟුල් හු යි.