යෙදුමෙන් කියවන්න

නිද‍්දසවත්‍ථුසුත‍්තං

7. 1. 2. 10.

7. 1. 2. 10.

[නිද‍්දසවත්‍ථුසුත‍්තං]

[නිද්දසවත්‍ථු සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

20. සත‍්තිමානි භික‍්ඛවෙ, නිද‍්දසවත්‍ථූනි, කතමානි සත‍්ත.

20. මහණෙනි, මෙ නිර්දශවස්තු සතෙකි. කවර සතෙක යත්:

ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සික‍්ඛාසමාදානෙ තිබ‍්බච‍්ඡන්‍දො හොති ආයතිඤ‍්ච සික‍්ඛාසමාදානෙ අවිගතපෙමො. ධම‍්මනිසන‍්තියා තිබ‍්බච‍්ඡන්‍දො හොති ආයතිඤ‍්ච ධම‍්මනිසන‍්තියා අවිගතපෙමො. ඉච‍්ඡාවිනයෙ තිබ‍්බච‍්ඡන්‍දො හොති ආයතිඤ‍්ච ඉච‍්ඡාවිනයෙ අවිගතපෙමො. පටිසල‍්ලානෙ තිබ‍්බච‍්ඡන්‍දො හොති ආයතිඤ‍්ච පටිසල‍්ලානෙ අවිගතපෙමො. විරියාරම‍්භෙ තිබ‍්බච‍්ඡන්‍දො හොති ආයතිඤ‍්ච විරියාරම‍්භෙ අවිගත පෙමො. සතිනෙපක‍්කෙ තිබ‍්බච‍්ඡන්‍දො හොති ආයතිඤ‍්ච සතිනෙපක‍්කෙ අවිගතපෙමො. දිට‍්ඨිපටිවෙධෙ තිබ‍්බච‍්ඡන්‍දො හොති ආයතිඤ‍්ච දිට‍්ඨිපටිවෙධෙ අවිගතපෙමො.

මහණෙනි, මෙ සස්නෙහි මහණ ශික්‍ෂාසමාදානයෙහි තීව්‍ර ඡන්‍ද ඇතියේ මත්තෙහි දු ශික්‍ෂාසමාදානයෙහි අවිගත ප්‍රේම ඇතියේ වෙයි. ධම්මනිසන්තියෙහි (විදර්‍ශනායෙහි) තීව්‍ර ඡන්‍ද ඇතියේ මත්තෙහි දු ධම්මනිසන්තියෙහි අවිගත ප්‍රේම ඇතියේ වෙයි. ඉච්ඡාවිනයෙහි (තෘෂ්ණාවිනයෙහි) තීව්‍ර ඡන්‍ද ඇතියේ මත්තෙහි දු ඉච්ඡාවිනයෙහි අවිගත ප්‍රේම ඇතියේ වෙයි. පිළිසලනෙහි (ඒකීභාවයෙහි) තීව්‍ර ඡන්‍ද ඇතියේ මත්තෙහි දු පිළිසලනෙහි අවිගත ප්‍රේම ඇතියේ වෙයි. වීර්‍ය්‍යාරම්භයෙහි තීව්‍ර ඡන්‍ද ඇතියේ මත්තෙහි දු වීර්‍ය්‍යාරම්භයෙහි අවිගතප්‍රේම ඇතියේ වෙයි. ස්මෘති නිපකභාවයෙහි (සිහි හා ස්ථානෝචිත ප්‍රඥාහි) තීව්‍ර ඡන්‍ද ඇතියේ මතුයෙහි දු ස්මෘති නිපකභාවයෙහි අවිගත ප්‍රේම ඇතියේ වෙයි. (මාර්‍ගදර්‍ශනසඞ්ඛ්‍යාත) දෘෂ්ටිප්‍රතිවේධයෙහි තීව්‍ර ඡන්‍ද ඇතියේ මතුයෙහි දු දෘෂ්ටිප්‍රතිවේධයෙහි අවිගත ප්‍රේම ඇතියේ වෙයි.

ඉමානි ඛො භික‍්ඛවෙ, සත‍්ත නිද‍්දසවත්‍ථුනිති.

මහණෙනි, මෙ නිර්දශවස්තු (රහතුන් පිළිබඳ “දසවස්හි පිරිනිවියහු නැවත දසවස් නොවෙති” ආදි කථා කරුණු) සත යි.

(සූත්‍රයෙහි අදහස අර්‍ත්‍ථකථාවෙන් දතයුතු.)

අනුසයවග‍්ගො දුතියො.

අනුශයවර්‍ගය දෙවෙනි යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

ද‍්වෙ අනුසයා කුලං පුග‍්ගලං උදකූපමඤ‍්ච පඤ‍්චමං, අනිච‍්චං දුක‍්ඛං අනත‍්තා ච සුඛ නිද‍්දස වත්‍ථූහි තෙ දසාති,

අනුසය සූත්‍ර දෙක ය, කුලසූත්‍රය, පුග්ගලසූත්‍රය, උදකකූපමසූත්‍ර ය, අනිච්චසූත්‍ර ය, දුක්ඛසූත්‍ර ය, අනත්තසූත්‍ර ය, සුඛසූත්‍ර ය, නිද්දසවත්‍ථුසූත්‍ර ය දැයි දසයෙකි.