යෙදුමෙන් කියවන්න

සාරන්‍දද සුත‍්තං

7. 1. 3. 1.

7. 1. 3. 1.

[සාරන්‍දද සුත‍්තං]

[සාරන්‍දද සූත්‍රය]

21. එවං මෙ සුතං එකං සමයං භගවා වෙසාලියං විහරති සාරන්‍දදෙ චෙතියෙ.

21. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ වේසාලී නගරයෙහි සාරන්‍දද චේතිය වෙහෙරෙහි වැඩ වසනසේක.

අථ ඛො සම‍්බහුලා ලිච‍්ඡවී යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නෙ ඛො තෙ ලිච‍්ඡවි භගවා එතදවොච:

එක්බිති බොහෝ ලිච්ඡවීහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ ලිච්ඡවීනට භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණු වදාළහ:

සත‍්ත වො ලිච‍්ඡවී, අපරිහානියෙ ධම‍්මෙ දෙසෙස‍්සාමි. තං සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස‍්සාමීති. එවම‍්භන‍්තෙති ඛො තෙ ලිච‍්ඡවී භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච:

“ලිච්ඡවියෙනි, තොපට සප්තඅපරිහානීය ධර්‍මයන් දෙසමි. එ අසවු. මනාකොට මෙනෙහි කරවු. කියමි”යි. ‘එසේ ය වහන්සැ’යි ඒ ලිච්ඡවීහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක.

කතමෙ ච ලිච‍්ඡවී සත‍්ත අපරිහානීයා ධම‍්මා:

ලිච්ඡවියෙනි, අපරිහානීයධර්‍ම සත කවර යත්:

(1) යාවකීවඤ‍්ච ලිච‍්ඡවී, වජ‍්ජී අභිණ‍්හං සන‍්නිපාතා භවිස‍්සන‍්ති සන‍්නිපාතබහුලා, වුද‍්ධියෙව ලිච‍්ඡවී, වජ‍්ජීනං පාටිකඞ‍්ඛා නො පරිහානි.

(1) ලිච්ඡවියෙනි, ව්‍රජීහු යම්තාක්කල් නිතර රැස්වන්නාහු රැස්වීම් බහුල කොට ඇත්තාහු නම්, ලිච්ඡවියෙනි, ව්‍රජීන්හට වෘද්ධිය ම මුත් පරිහානියෙක් නො කැමැති විය යුතු.

(2) යාවකීවඤ‍්ච ලිච‍්ඡවී, වජ‍්ජී සමග‍්ගා සන‍්නිපතිස‍්සන‍්තී, සමග‍්ගා වුට‍්ඨහිස‍්සන‍්ති, සමග‍්ගා වජ‍්ජිකරණීයානි කරිස‍්සන‍්ති වුද‍්ධියෙව ලිච‍්ඡවී වජ‍්ජීනං පාටික‍්ඛා නො පරිහානි.

(2) ලිච්ඡවියෙනි, යම් තාක් කල් ව්‍රජීහු සමඟ ව රැස් වෙත් නම්, සමඟ ව නැඟ සිටුනාහු නම්, සමඟ ව ව්‍රජීනට අයත් කරණී කෙරෙත් නම්, ලිච්ඡවියෙනි, ව්‍රජීනට වෘද්ධිය මුත් පරිහානියෙක් නො කැමැති විය යුතු.

(3) යාවකීවඤ‍්ච ලිච‍්ඡවී, වජ‍්ජී අපඤ‍්ඤත‍්තං න පඤ‍්ඤාපෙස‍්සන‍්ති, පඤ‍්ඤත‍්තං න සමුච‍්ඡින්‍දිස‍්සන‍්ති, යථා පඤ‍්ඤත‍්තෙ පොරාණෙ වජ‍්ජිධම‍්මෙ සමාදාය වත‍්තිස‍්සන‍්ති, වුද‍්ධියෙව ලිච‍්ඡවී වජ‍්ජීනං පාටිකඞ‍්ඛා නො පරිහානි.

(3) ලිච්ඡවියෙනි, යම් තාක් කල් ව්‍රජීහු අප්‍රඥප්තයන් (පෙර රජුන් විසින් නො පනවන ලද ව්‍යවස්ථා) නො පණවත් නම්, ප්‍රඥප්තය (පැණවූ ව්‍යවස්ථා) නො සිඳලත් නම්, යථාප්‍රඥප්ත වූ පැරණි ව්‍රජීධර්‍මයෙහි සමාදන් කොට ගෙන වැටෙත් නම්, ලිච්ඡවියෙනි, ව්‍රජිනට වෘද්ධිය ම මුත් පරිහානියෙක් නො කැමැති වියයුතු.

(4) යාවකීවඤ‍්ච ලිච‍්ඡවී, වජ‍්ජී යෙ තෙ වජ‍්ජීනං වජ‍්ජිමහල‍්ලකා, තෙ සක‍්කරිස‍්සන‍්ති, ගරුකරිස‍්සන‍්ති, මානෙස‍්සන‍්ති, පූජෙස‍්සන‍්ති, තෙසඤ‍්ච සොතබ‍්බං මඤ‍්ඤිස‍්සන‍්ති, වුද‍්ධියෙව ලිච‍්ඡවී, වජ‍්ජීනං පාටිකඞ‍්ඛා නො පරිහානි.

(4) ලිච්ඡවියෙනි, යම් තාක් කල් ව්‍රජීහු යම් බඳු මහලු ව්‍රජීහු වෙත් නම්, ඔවුනට සත්කාර කරන්නාහු, ගරුකරන්නාහු, බුහුමන් කරන්නාහු, පූජා කරන්නාහු නම්, ඔවුන්ගේ ද අවවාද කථා ඇසියයුතු කොට හඟනාහු නම්, ලිච්ඡවියෙනි, ව්‍රජීනට වෘද්ධිය මුත් පරිහානියෙක් නො කැමැති වියයුතු.

(5) යාවකීවඤ‍්ච ලිච‍්ඡවී, වජ‍්ජී යා තා කුලිත්‍ථියො කුලකුමාරියො, තා න ඔකස‍්ස පසය‍්හ වාසෙස‍්සන‍්ති, වුද‍්ධියෙව ලිච‍්ඡවී, වජ‍්ජීනං පාටිකඞ‍්ඛා නො පරිහානි.

(5) ලිච්ඡවියෙනි, යම් තාක් කල් ව්‍රජීහු යම් බඳු කුලස්ත්‍රීහු කුලකුමාරීහු වෙත් නම්, ඔවුන් හැදගෙණ බලාත්කාරයෙන් මැඩගෙණ නො වස්වන්නාහු නම් ලිච්ඡවියෙනි, ව්‍රජීන්හට වෘද්ධියම මුත් පරිහානියෙක් නො කැමති වියයුතු.

(6) යාවකීවඤ‍්ච ලිච‍්ඡවී, වජ‍්ජී යානි තානි වජ‍්ජීනං වජ‍්ජිචෙතියානි අබ‍්භන‍්තරානි චෙව බාහිරානි ච, තානි සක‍්කරිස‍්සන‍්ති, ගරුකරිස‍්සන‍්ති, මානෙස‍්සන‍්ති. පූජෙස‍්සන‍්ති, තෙසඤ‍්ච දින‍්නපුබ‍්බං කතපුබ‍්බං ධම‍්මිකං බලිං නො පරිහාපෙස‍්සන‍්ති, වුද‍්ධියෙව ලිච‍්ඡවී, වජ‍්ජීනං පාටිකඞ‍්ඛා නො පරිහානි.

(6) ලිච්ඡවියෙනි, යම් තාක් කල් වැදෑරට වැසියෝ ව්‍රජින්ගේ ඇතුළුනුවර පිහිටි හෝ බිහිනුවර පිහිටි හෝ යම් බඳු ව්‍රජිචෛත්‍යස්ථානයෝ වෙත් නම්, එ හැමට සත්කාරකරන්නාහු, ගරු කරන්නාහු, බුහුමන් කරන්නාහු නම්, පුදන්නාහු නම්, ඔවුනට (රජමහ ඇමති ආදීන් විසින්) දුන්විරූ, කළවිරූ දැහැමි බලි නො පිරිහෙළන්නාහු නම්, ලිච්ඡවියෙනි, ව්‍රජින්හට වෘද්ධිය ම මුත් පරිහානියෙක් නො කැමැති විය යුතු.

(7) යාවකීවඤ‍්ච ලිච‍්ඡවී, වජ‍්ජීනං අරහන‍්තෙසු ධම‍්මිකා රක‍්ඛාවරණගුත‍්තී සුසංවිහිතා භවිස‍්සති ‘කින‍්ති අනාගතා ච අරහන‍්තො විජිතං ආගච‍්ඡෙය්‍යුං, ආගතා ච අරහන‍්තො විජිතෙ ඵාසුං විහරෙය්‍යුන‍්ති’ වුද‍්ධියෙව ලිච‍්ඡවී, වජ‍්ජීනං පාටිකඞ‍්ඛා නො පරිහානි.

(7) ලිච්ඡවියෙනි, යම් තාක් කල් ව්‍රජීන් විසින් රහතුන් (පැවිද්දන්) කෙරෙහි “කෙසේ නො පැමිණි රහත්හු විජිතයට එන්නාහු ද, පැමිණියාහු ද පහසු සෙයින් වෙසෙත් ව”යි දැහැමි රැකවරණ හා ගෝපන මොනොවට කරණලද වේ නම්, ලිච්ඡවියෙනි, ව්‍රජීන්හට වෘද්ධිය ම මුත් පරිහානියෙක් නො කැමැති වියයුතු.

යාවකීවඤ‍්ච ලිච‍්ඡවී, ඉමෙ සත‍්ත අපරිහානීයා ධම‍්මා වජ‍්ජීසු ඨස‍්සන‍්ති, ඉමෙසු ච සත‍්තසු අපරිහානීයෙසු ධම‍්මෙසු වජ‍්ජී සන්‍දිස‍්සන‍්ති, වුද‍්ධියෙව ලිච‍්ඡවී, වජ‍්ජීනං පාටිකඞ‍්ඛා නො පරිහානීති.

ලිච්ඡවියෙනි, යම් තාක් කල් ව්‍රජීන් කෙරෙහි මෙ සප්ත අපරිහානීයධර්‍මයෝ පවත්නාහු නම්, මේ සප්ත අපරිහානීය ධර්‍මයන්හිදු ව්‍රජීහු පැණෙත් නම්, ලිච්ඡවියෙනි, ව්‍රජීනට වෘද්ධිය ම මුත් පරිහානියෙක් නො කැමැති වියයුතු යයි.