යෙදුමෙන් කියවන්න

වස‍්සකාරසුත‍්තං

7. 1. 3. 2.

7. 1. 3. 2.

[වස‍්සකාරසුත‍්තං]

[වස්සකාර සූත්‍රය]

22. එවම‍්මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති, ගිජ‍්ඣකූටෙ පබ‍්බතෙ. තෙන ඛො පන සමයෙන රාජා මාගධො අජාතසත‍්තු වෙදෙහි පුත‍්තො වජ‍්ජී අභියාතුකාමො හොති.

22. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ඣකූට පර්‍වතයෙහි වැඩ වසන සේක. එ සමයෙහි මාගධරාජ වූ වේදේහී පුත්‍ර වූ අජාතසත්තු තෙම වැදෑරජුන් මඩනට යනු කැමැතියේ වෙයි.

සො එවමාහ: අහං ඉමෙ වජ‍්ජී එවං මහිද‍්ධිකෙ එවං මහානුභාවෙ උච‍්ඡෙච‍්ඡාමි වජ‍්ජී විනාසෙස‍්සාමි වජ‍්ජී අනයබ්‍යසනං ආපාදෙස‍්සාමීති.

හේ මෙසේ කියයි: මම මෙසෙයින්, මහර්ධි ඇති මෙසෙයින් මහානුභාව ඇති මෙ ව්‍රජිරජුන් සිඳ ලන්නෙමි, ව්‍රජිරජුන් වනසන්නෙමි, ව්‍රජරාජයන් අනයව්‍යසනයට පමුණුවන්නෙමියි.

අථ ඛො රාජා මාගධො අජාතසත‍්තු වෙදෙහි පුත‍්තො වස‍්සකාරං බ්‍රාහ‍්මණං මගධමහාමත‍්තං ආමන‍්තෙසි: එහි ත්‍වං බ්‍රාහ‍්මණ, යෙන භගවා තෙනුපසඞ‍්කම, උපසඞ‍්කමිත්‍වා මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්‍ද, අප‍්පාබාධං අප‍්පාතඞ‍්කං ලහුට‍්ඨානං බලං ඵාසුවිහාරං පුච‍්ඡ:

ඉක්බිති මාගධරාජ වූ වේදේහී පුත්‍ර අජාතසත්තු රජ මගධ මහාමාත්‍ර වූ වත්සකාර බ්‍රාහ්මණයා ඇමැතී ය: බ්‍රාහ්මණය, එව තෝ භාග්‍යවතුන් වහන්සේ කරා යව. ගොස් මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පා හිසින් වඳුව. අල්පාබාධ අල්පාතඞ්ක සැහැල්ලු පැවැතුම් සිරිරුබල පහසුවිහරණ පුළුවුස්ව.

”රාජා භන‍්තෙ මාගධො අජාතසත‍්තු වෙදෙහි පුත‍්තො භගවතො පාදෙ සිරසා වන්‍දති, අප‍්පාබාධං අප‍්පාතඞ‍්කං ලහුට‍්ඨානං බලං ඵාසුවිහාරං පුච‍්ඡතී’ති. එවඤ‍්ච වදෙහි: රාජා භන‍්තෙ මාගධො අජාතසත‍්තු වෙදෙහිපුත‍්තො වජ‍්ජී අභියාතුකාමො, සො එවමාහ: අහං ඉමෙ වජ‍්ජී එවං මහිද‍්ධිකෙ එවං මහානුභාවෙ උච‍්ඡෙච‍්ඡාමි වජ‍්ජී විනාසෙස‍්සාමි වජ‍්ජී අනයබ්‍යසනං ආපාදෙස‍්සාමි’ති. යථා භගවා ව්‍යාකරොති තං සාධුකං උග‍්ගහෙත්‍වා මම ආරොචෙය්‍යාසී, න හි තථාගතා විතථං භණන‍්තී”ති.

“වහන්ස, වේදේහී පුත්‍ර අජාතසත්තු මාගධරාජ භාග්‍යවතුන් වහන්සේගේ පා වඳනේ ය. අල්පාබාධ අල්පාතඞ්ක සැහැල්ලු පැවැතුම් කායබල පහසුවිහරණ විචාරන්නේ ය. වහන්ස, වේදේහී පුත්‍ර අජාතසත්තු මගධරජ වැදෑමහරජුන් මඩනට යනු කැමැත්තේ ය. හේ මෙසේ කියයි: “මම මෙබඳු මහර්ධි ඇති මෙ බඳු මහානුභාව ඇති මෙ වැදෑ රජුන් උසුන් කරන්නෙමි. මෙ වැදෑරජුන් වනසාලන්නෙමි. මෙ ව්‍රජීන් මම අනය ව්‍යසනයට පමුණුවන්නෙමි”යි. ඒ භාග්‍යවතුන් වහන්සේ යම් පරිදි පාළ කරණසේක් නම් එය මනාකොට උගෙණ මට සැළ කරව. තථාගතයෝ අසත්‍යයක් නො වදාරන්නාහ”යි.

එවං භොති ඛො වස‍්සකාරො බ්‍රාහ‍්මණො මගධමහාමත‍්තො රඤ‍්ඤො මාගධස‍්ස අජාතසත‍්තුස‍්ස වෙදෙහිපුත‍්තස‍්ස පටිස‍්සුත්‍වා උට‍්ඨායාසනා යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවතා සද‍්ධිං සම‍්මොදි, සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො වස‍්සකාරො බ්‍රාහ‍්මණො මගධමහාමත‍්තො භගවන‍්තං එතදවොච:

එසේ ය භවත්නි’ය මගධමහාමාත්‍ර වූ වස්සකාර බ්‍රාහ්මණ වේදේහි පුත්‍ර වූ අජාතසත්තු මගධමහරජහට පිළිවදන් අස්වා හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ කරා ගියේ ය. ගොස් භාග්‍යවතුන් වහන්සේ හා සමඟ සතුටු විය. සතුටු විය යුතු සිහිපත් කටයුතු කථාව කොට නිම වා එකත්පසෙක හින. එකත්පසෙක හුන් වස්සකාර මගධමහාමාත්‍ර බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකෙළේ ය:

රාජා භො ගොතම, මාගධො අජාතසත‍්තු වෙදෙහිපුත‍්තො භොතො ගොතමස‍්ස පාදෙ සිරසා වන්‍දති, අප‍්පාබාධං අප‍්පාතඞ‍්කං ලහුට‍්ඨානං බලං ඵාසුවිහාරං පුච‍්ඡති.

භවත් ගෞතමයන් වහන්ස, වේදේහිපුත්‍ර මගධරාජ අජාතසත්තු තෙම භවත් ගෞතමයන්ගේ පා සිරසින් වඳනේ අල්පාබාධා, අල්පාතඞ්ක, සැහැල්ලු පැවැතුම, බලය, ඵාසුවිහාර ද පුළුවුස්නේ ය.

රාජා භො ගොතම, මාගධො අජාතසත‍්තු වෙදෙහිපුත‍්තො වජ‍්ජී අභියාතුකාමො. සො එවමාහ: අහං ඉමෙ වජ‍්ජී එවං මහිද‍්ධිකෙ එවං මහානුභාවෙ උච‍්ඡෙච‍්ඡාමි, වජ‍්ජී විනාසෙස‍්සාමි, වජ‍්ජි අනයබ්‍යසනං ආපාදෙස‍්සාමිති.

භවත් ගෞතමයන් වහන්ස, වේදේහිපුත්‍ර වූ අජාතසත්තු මගධාධිපතිරජ වැදෑරජුන් මඩනට යනු කැමැතියේ ය. “හේ මෙසේ ද කියයි: මෙබඳු මහර්ධි ඇති, මෙබඳු මහානුභාව ඇති මෙ ව්‍රජීන් මම සිඳ පියන්නෙමි, ව්‍රජීන් වනසාලන්නෙමි, ව්‍රජීන් අනයව්‍යසනයට පමුණුවන්නෙමි”යි.

තෙන ඛො පන සමයෙන ආයස‍්මා ආනන්‍දො භගවතො පිට‍්ඨිතො හොති භගවන‍්තං වීජයමානො. අථ ඛො භගවා ආයස‍්මන‍්තං ආනන්‍දං ආමන‍්තෙසි:

එසමයෙහි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ පිටුපස්හි භාග්‍යවතුන් වහන්සේට පවන් සලන්නාහු වෙත්. එක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් ඇමතූ සේක:

(1) කින‍්ති තෙ ආනන්‍ද සුතං වජ‍්ජී අභිණ‍්හං සන‍්නිපාතා සන‍්නිපාත බහුලාති?

(1) ආනන්‍දයෙනි, වජ්ජීහු නිතර රැස්වන්නාහු සන්නිපාත බහුල වූවාහු ය යන තෙල පුවත කිම තොප විසින් අසනලද දැයි.

සුතං මෙ තං භන‍්තෙ, වජ‍්ජී අභිණ‍්හං සන‍්නිපාතා සන‍්නිපාතබහුලාති.

වහන්ස, වජ්ජීහු නිතර රැස්වන්නාහු සන්නිපාතබහුලයහයි මා විසින් අසනලදැයි.

යාවකීවඤ‍්ච ආනන්‍ද, වජ‍්ජී අභිණ‍්හං සන‍්නිපාතා භවිස‍්සන‍්ති, සන‍්නිපාතබහුලා, වුද‍්ධියෙව ආනන්‍ද, වජ‍්ජීනං පාටිකඞ‍්ඛා නො පරිහානි.

ආනන්‍දයෙනි, වජ්ජීහු යම් තාක් කල් නිතර රැස්වන්නාහු සන්නිපාතබහුල වූවාහු වෙත් ද, ආනන්‍දයෙනි, වජ්ජීන්හට වෘද්ධිය ම මුත් පරිහානියෙක් නො කැමැති විය යුතු.

(2) කින‍්ති තෙ ආනන්‍ද, සුතං, වජ‍්ජී සමග‍්ගා සන‍්නිපතන‍්ති සමග‍්ගා වුට‍්ඨහන‍්ති සමග‍්ගා වජ‍්ජිකරණීයානි කරොන‍්තීති?

(2) ආනන්‍දයෙනි, කිම, වජ්ජීහු සමඟ ව රැස්වන්නාහු සමඟ ව නැඟසිටුනාහ, සමඟ ව වජ්ජිකරණී කෙරෙති යි තොප විසින් අසන ලද දැ යි.

සුතං මෙ තං භන‍්තෙ, වජ‍්ජී සමග‍්ගා සන‍්නිපතන‍්ති, සමග‍්ගා වුට‍්ඨහන‍්ති සමග‍්ගා වජ‍්ජිකරණීයානි කරොන‍්තීති.

වහන්ස, වජ්ජීහු සමඟ ව රැස්වන්නාහ, සමඟ ව නැඟ සිටුනාහ, සමඟ ව වජ්ජීකරණි කරණාහයි මා විසින් අසනලදැයි.

යාවකීවඤ‍්ච ආනන්‍ද, වජ‍්ජී සමග‍්ගා සන‍්නිපතිස‍්සන‍්ති, සමග‍්ගා වුට‍්ඨහිස‍්සන‍්ති සමග‍්ගා වජ‍්ජිකරණීයානි කරිස‍්සන‍්ති, වුද‍්ධියෙව ආනන්‍ද, වජ‍්ජීනං පාටිකඞ‍්ඛා නො පරිහානි.

ආනන්‍දයෙනි, යම් තාක් කල් වජ්ජීහු සමඟ ව රැස් වන්නාහු සමඟ ව නැඟීසිටුනාහ, සමඟ ව වජ්ජිකරණී (රජයේ කටයුතු) කරන්නාහු ද, ආනන්‍දයෙනි, වජ්ජීන්හට වෘද්ධිය ම මුත් පරිහානියෙක් කැමැති නො විය යුතු.

(3) කින‍්ති තෙ ආනන්‍ද, සුතං වජ‍්ජී අපඤ‍්ඤත‍්තං න පඤ‍්ඤාපෙන‍්ති, පඤ‍්ඤත‍්තං න සමුච‍්ඡින්‍දන‍්ති. යථාපඤ‍්ඤත‍්තෙ පොරාණෙ වජ‍්ජිධම‍්මෙ සමාදාය වත‍්තන‍්තීති?

(3) ආනන්‍දයෙනි, කිම, වජ්ජීහු අප්‍රඥප්තය නො පණවන්නාහ, ප්‍රඥප්තය නො සිඳපියන්නාහ, යථාප්‍රඥප්ත වූ පැරණි වජ්ජීධර්‍මයෙහි සමාදන් කොට ගෙණ වැටෙතියි තොප විසින් අසන ලද දැයි.

සුතං මෙතං භන‍්තෙ, වජ‍්ජී අපඤ‍්ඤත‍්තං න පඤ‍්ඤාපෙන‍්ති, පඤ‍්ඤත‍්තං න සමුච‍්ඡින්‍දන‍්ති, යථාපඤ‍්ඤත‍්තෙ පොරාණෙ වජ‍්ජිධම‍්මෙ සමාදාය වත‍්තන‍්තීති.

වහන්ස, වජ්ජීහු නො පණවන ලද්දක් නො පණවත්, පණවනලද්ද නො සිඳ පියත්, යථාප්‍රඥප්ත පෞරාණික වජ්ජිධර්‍මයෙහි සමාදන් කොටගෙන වැටෙන්නාහ යන තෙල කරුණ මා විසින් අසනලදැයි.

යාවකීවඤ‍්ච ආනන්‍ද, වජ‍්ජී පඤ‍්ඤත‍්තං න පඤ‍්ඤාපෙස‍්සන‍්ති, පඤ‍්ඤත‍්තං න සමුච‍්ඡින්‍දිස‍්සන‍්ති, යථාපඤ‍්ඤත‍්තෙ පොරාණෙ වජ‍්ජිධම‍්මෙ සමාදාය වත‍්තිස‍්සන‍්ති, වුද‍්ධියෙව ආනන්‍ද, වජ‍්ජීනං පාටිකඞ‍්ඛා නො පරිහානි.

ආනන්‍දයෙනි, යම් තාක් කල් වජ්ජීහු අප්‍රඥප්තය නො පණවත් ද, ප්‍රඥප්තය නො සිඳපියත් ද, යථාප්‍රඥප්ත පෞරාණික ව්‍රජිධර්‍මයෙහි සමාදන් කොටගෙන වැටෙත් ද, ආනන්‍දයෙනි, වජ්ජින්හට වෘද්ධිය ම මුත් පරිහානියෙක් නො කැමැති විය යුතු.

(4) කින‍්ති තෙ ආනන්‍ද, සුතං වජ‍්ජී යෙ තෙ වජ‍්ජීනං වජ‍්ජී මහල‍්ලකා, තෙ සක‍්කරොන‍්ති ගරුකරොන‍්ති මානෙන‍්ති පූජෙන‍්ති, තෙසඤ‍්ච සොතබ‍්බං මඤ‍්ඤන‍්ති?

(4) ආනන්‍දයෙනි, කිම, වජ්ජීහු වජ්ජින්ගේ යම් බඳු මහලු වජ්ජිහු වෙත් ද, ඔවුනට සත්කාර කරත්, ගරු කරත්, බුහුමන් කරත්, පුදත්, ඔවුන්ගේ කථා ද ඇසියයුතු කොට සිතත් යන තෙල කරුණ තොප විසින් අසන ලද දැයි.

සුතං මෙතං භන‍්තෙ, වජ‍්ජී යෙ තෙ වජ‍්ජීනං වජ‍්ජිමහල‍්ලකා, තෙ සක‍්කරොන‍්ති ගරුකරොන‍්ති මානෙන‍්ති පූජෙන‍්ති, තෙසඤ‍්ච සොතබ‍්බං මඤ‍්ඤන‍්තීති.

වහන්ස, වජ්ජින්ගේ මහලු යම් බඳු වජ්ජිහු වෙත් නම් වජ්ජිහු ඔවුන්ට සත්කාර කරත්, ගරුකරත්, බුහුමන් කරත්, පුදත්, ඔවුන්ගේ බස් ඇසියයුතු කොට හඟිත් යන තෙල කරුණ ම විසින් අසනලදැයි.

යාවකීවඤ‍්ච ආනන්‍ද, වජ‍්ජී යෙ තෙ වජ‍්ජීනං වජ‍්ජී මහල‍්ලකා තෙ සක‍්කරිස‍්සන‍්ති ගරුකරිස‍්සන‍්ති මානෙස‍්සන‍්ති පූජෙස‍්සන‍්ති තෙසඤ‍්ච සොතබ‍්බං මඤ‍්ඤිස‍්සන‍්තී, වුද‍්ධියෙව ආනන්‍ද, වජ‍්ජීනං පාටිකඞ‍්ඛා නො පරිහානි.

ආනන්‍දයෙනි, යම් තාක් කල් වජ්ජින්ගේ යම් බඳු මහලු වජ්ජීහු වෙත් ද, වජ්ජිහු ඔවුන්ට සත්කාර කරත්, ගරු කරත්, බුහුමන් කරත්, පුදත්, ඔවුන්ගේ කථාත් ඇසියයුතු සෙ හඟිත් නම්, ආනන්‍දයෙනි, වජ්ජිනට වෘද්ධිය මුත් පරිහානිය නො කැමති වියයුතු.

(5) කින‍්ති තෙ ආනන්‍ද, සුතං වජ‍්ජී යා තා කුලිත්‍ථියො කුලකුමාරියො තා න ඔකස‍්ස පසය‍්හ වාසෙන‍්තීති?

(5) ආනන්‍දයෙනි, කිම, යම් බඳු කුලස්ත්‍රීහු කුලකුමාරීහු වෙත් නම්, වජ්ජීහු ඔවුන් බලාත්කාරයෙන් හැද මැඩගෙණ නො වස්වති යන තෙල කරුණ තොප විසින් අසන ලද දැයි.

සුතං මෙතං භන‍්තෙ, වජ‍්ජී යා තා කුලිත්‍ථියො කුලකුමාරියො තා න ඔකස‍්ස පසය‍්හ වාසෙන‍්තීති.

වහන්ස, යම් බඳු කුලස්ත්‍රීහු කුලකුමාරීහු වෙත් නම්, වජ්ජීහු ඔවුන් බලාත්කාරයෙන් හැද මැඩගෙණ නො වස්වති යන තෙල කරුණ මා විසින් අසන ලදැයි.

යාවකීවඤ‍්ච ආනන්‍ද, වජ‍්ජී යා තා කුලිත්‍ථියො කුලකුමාරියො තා න ඔකස‍්ස පසය‍්හ වාසෙස‍්සන‍්තී, වුද‍්ධියෙව ආනන්‍ද, වජ‍්ජීනං පාටිකඞ‍්ඛා නො පරිහානි.

ආනන්‍දයෙනි, යම් තාක් වජ්ජීහු යම් බඳු කුලස්ත්‍රීහු කුල කුමාරීහු වෙත් නම්, ඔවුන් බලාත්කාරයෙන් හැද මැඩගෙණ නො වස්වත් ද, ආනන්‍දයෙනි, වජ්ජීනට අභිවෘද්ධිය ම මුත් පරිහානිය නො කැමැති වියයුතු.

(6) කින‍්ති තෙ ආනන්‍ද, සුතං වජ‍්ජී යානි තානි වජ‍්ජීනං වජ‍්ජිචෙතියානි අබ‍්භන‍්තරානි චෙව බාහිරානි ච තානි සක‍්කරොන‍්ති ගරුකරොන‍්ති මානෙන‍්ති පූජෙන‍්තී, තෙසඤ‍්ච දින‍්නපුබ‍්බං කතපුබ‍්බං ධම‍්මිකං බලිං නො පරිහාපෙන‍්තීති?

(6) ආනන්‍දයෙනි, කිම, වජ්ජීන්ගේ යම් බඳු අභ්‍යන්තර වූත් බාහිර වූත් චෛත්‍යස්ථානයෝ වෙත් නම්, එ හැමට වජ්ජිහු සත්කාර කරත්, ගරු කරත්, බුහුමන් කරත්, පුදත්, ඔවුන්ට දුන්විරූ කළවිරූ දැහැමි බලිපුද නො පිරිහෙලත් යන තෙල කරුණ තොප විසින් අසනලද දැයි.

සුතං මෙතං භන‍්තෙ, වජ‍්ජී යානි තානි වජ‍්ජීනං වජ‍්ජිචෙතියානි අබ‍්භන‍්තරානි චෙව බාහිරානි ච තානි සක‍්කරොන‍්ති ගරුකරොන‍්ති මානෙන‍්ති පූජෙන‍්ති, තෙසඤ‍්ච දින‍්නපුබ‍්බං කතපුබ‍්බං ධම‍්මිකං බලිං නො පරිහාපෙන‍්තීති.

වහන්ස, වජ්ජිහු අභ්‍යන්තර වූත් බාහිර වූත් යම් ඒ වජ්ජින්ගේ චෛත්‍යස්ථානයෝ වෙත් නම්, එ හැමට සත්කාර කරත්, ගරු කරත්, බුහුමන් කරත්, පුදත්, ඔවුන්ට දුන්විරූ කළවිරූ දැහැමි බලිපුද නො පිරිහෙලත් යන තෙල කරුණ මා විසින් අසනලද දැයි.

යාවකීවඤ‍්ච ආනන්‍ද, වජ‍්ජී යානි තානි වජ‍්ජීනං වජ‍්ජිචෙතියානි අබ‍්භන‍්තරානි චෙව බාහිරානි ච තානි සක‍්කරිස‍්සන‍්ති, ගරුකරිස‍්සන‍්ති මානෙස‍්සන‍්ති, පූජෙස‍්සන‍්ති, තෙසඤ‍්ච දින‍්නපුබ‍්බං කතපුබ‍්බං ධම‍්මිකං බලිං නො පරිහාපෙස‍්සන‍්ති, වුද‍්ධියෙව ආනන්‍ද, වජ‍්ජීනං පාටිකඞ‍්ඛා නො පරිහානි.

ආනන්‍දයෙනි, යම් තාක් වජ්ජීහු වජ්ජින්ගේ යම් බඳු අභ්‍යන්තර වූ ද බාහිර වූ ද චෛත්‍යස්ථානයෝ වෙත් නම්, ඔවුන්ට සත්කාර කරත්, ගරු කරත්, බුහුමන් කරත්, පුදත්, ඔවුන්ට දුන්විරූ කළවිරූ දැහැමි බලිපුද නො පිරිහෙළත් නම්; ආනන්‍දයෙනි, වජ්ජීනට අභිවෘද්ධිය ම පරිහානියෙක් නො කැමැති වියයුතු.

(7) කින‍්ති තෙ ආනන්‍ද, සුතං වජ‍්ජීනං අරහන‍්තෙසු ධම‍්මිකා රක‍්ඛාවරණගුත‍්ති සුසංවිහිතා, ‘කින‍්ති අනාගතා ච අරහන‍්තො විජිතං ආගච‍්ඡෙය්‍යුං, ආගතා ච අරහන‍්තො විජිතෙ ඵාසුං විහරෙය්‍යු’න‍්ති.

(7) ආනන්‍දයෙනි, කිම, වජ්ජීන් විසින් ‘කිසෙයින් නො පැමිණි රහත්හු විජිතයට එන්නාහු ද, පැමිණියාවූත් රහත්හු විජිතයෙහි පහසුයෙන් වෙසෙත්වා’යි රහතුන් කෙරෙහි දැහැමි රැකවරණ ගෝපනය මොනොවට සංවිහිත කරණලදැයි යන තෙල කරුණ තොප විසින් අසන ලද දැයි.

සුතං මෙතං භන‍්තෙ වජ‍්ජීනං අරහන‍්තෙසු ධම‍්මිකා රක‍්ඛාවරණගුත‍්තී සුසංවිහිතා භවිස‍්සති ‘කින‍්ති අනාගතා ච අරහන‍්තො විජිතං ආගච‍්ඡෙය්‍යුං, ආගතා ච අරහන‍්තො විජිතෙ ඵාසුං විහරෙය්‍යු’න‍්ති.

වහන්ස, වජ්ජීන් විසින් ‘කිසෙයින් නො පැමිණි රහත්හු විජිතයට එන්නාහු ද, පැමිණියා වූත් රහත්හු විජිතයෙහි පහසුයෙන් වෙසෙත්වා’යි රහතුන් කෙරෙහි ධාර්මික රක්‍ෂාවරණ ගෝපනය මැනැවින් කරණ ලද ය යන තෙල කරුණ මා විසින් අසන ලදැයි.

යාවකීවඤ‍්ච ආනන්‍ද, වජ‍්ජීනං අරහන‍්තෙසු ධම‍්මිකා රක‍්ඛාවරණගුත‍්ති සුසංවිහිතා භවිස‍්සති ‘කින‍්ති අනාගතා ච අරහන‍්තො විජිතං ආගච‍්ඡෙය්‍යුං, ආගතා ච අරහන‍්තො විජිතෙ ඵාසුං විහරෙය්‍යුන‍්ති’ වුද‍්ධියෙව ආනන්‍ද වජ‍්ජීනං පාටිකඞ‍්ඛා නො පරිහානීති.

ආනන්‍දයෙනි, යම්තාක් වජ්ජීන් විසින් ‘කිසෙයින් නො පැමිණි රහත්හු විජිතයට යම් කවර සෙයකින් පැමිණෙන්නාහු ද, පැමිණියා වූත් රහත්හු විජිතයෙහි පහසුයෙන් වෙසෙත්වා’යි රහතුන් කෙරෙහි ධාර්මික රක්‍ෂාවරණ ගුප්තිය මොනොවට කරණලද නම්, ආනන්‍දයෙනි, වජ්ජිනට වාද්ධිය මුත් පරිහානියෙක් නො කැමැති විය යුතු යයි.

අථ ඛො භගවා වස‍්සකාරං බ්‍රාහ‍්මණං මගධමහාමත‍්තං ආමන‍්තෙසි. එකමිදාහං බ්‍රාහ‍්මණ, සමයං වෙසාලියං විහරාමි සාරන්‍දදෙ චෙතියෙ. තත්‍රාහං බ්‍රාහ‍්මණ වජ‍්ජීනං ඉමෙ සත‍්ත අපරිහානීයෙ ධම‍්මෙ දෙසෙසිං. යාවකීවඤ‍්ච බ්‍රාහ‍්මණ, ඉමෙ සත‍්ත අපරිහානීයා ධම‍්මා වජ‍්ජීසු ඨස‍්සන‍්ති, ඉමෙසු ච සත‍්තසු අපරිහානියෙසු ධම‍්මෙසු වජ‍්ජී සන්‍දිස‍්සන‍්ති, වුද‍්ධියෙව බ්‍රාහ‍්මණ, වජ‍්ජීනං පාටිකඞ‍්ඛා නො පරිහානීති.

එක්බිති, භාග්‍යවතුන් වහන්සේ වස්සකාර මගධමහමාත්‍රයා ඇමැතූසේක: බමුණ, මම එක් සමයෙක්හි මෙ විසල්පුරයෙහි සාරන්‍දද චෙතියෙහි වසමි. බමුණ එහි දී මම වජ්ජීනට මෙ සප්ත අපරිහානිය ධර්‍මය දෙසීමි. බමුණ යම් තාක් මෙ සප්ත අපරිහානීධර්‍මයෝ වජ්ජීන් කෙරෙහි සිටුත් නම්, මෙ සප්ත අපරිහානීයධර්‍මයන්හි වජ්ජීහු ද පැණෙත් නම්, බ්‍රාහ්මණය, වජ්ජිනට වෘද්ධිය ම මුත් පරිහානියෙක් නො කැමැති වියයුතු ය යි.

එවං වුත‍්තෙ වස‍්සකාරො බ්‍රාහ‍්මණො මගධමහාමත‍්තො භගවන‍්තං එතදවොච: එකමෙකෙනපි භො ගොතම, අපරිහානීයෙන ධම‍්මෙන සමන‍්නාගතානං වජ‍්ජීනං වුද‍්ධියෙව පාටිකඞ‍්ඛා නො පරිහානි, කො පන වාදො සත‍්තහි අපරිහානීයෙහි ධම‍්මෙහි? අකරණීයා ච භො ගොතම, වජ‍්ජී රඤ‍්ඤා මාගධෙන අජාතසත‍්තුනා වෙදෙහි පුත‍්තෙන යදිදං යුද‍්ධස‍්ස අඤ‍්ඤත්‍ර උපලාපනා අඤ‍්ඤත්‍ර මිථුභෙදා.

මෙසේ වදාළ කල්හි වස්සකාර මගධමහාමාත්‍ර භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකෙළේ ය: භවත් ගෞතමයන් වහන්ස, එක් අපරිහානීය ධර්‍මයෙකිනුදු සමන්‍වාගත වජ්ජීනට වෘද්ධිය මුත් පරිහානියෙක් නො කැමැති වියයුතු. සප්තාපරිහානීයධර්‍මයෙන් සමන්‍වාගත නම් කවර කථායෙක් ද, භවත් ගෞතමයන් වහන්ස, නැළැවීම් වචනයෙන් විනා, පරස්පරභේදයෙන් විනා වේදේහිපුත්‍ර වූ මගධපති අජාතසත්තු රජහු විසින් වජ්ජීහු යුද්ධයෙන් දිනා නො ගත හැකියාහු ම වෙති යි.

හන්‍දචදානි මයං භො ගොතම, ගච‍්ඡාම, බහුකිච‍්චා මයං බහුකරණීයාති. යස‍්සදානි ත්‍වං බ්‍රාහ‍්මණ, කාලං මඤ‍්ඤසීති.

භවත් ගෞතමයන් වහන්ස, දැන් වනාහි අපි යම්හ. අපි බොහෝ කිස ඇතියම්හ. බොහෝ කරණී ඇතියම්හයි. බ්‍රාහ්මණය, එයට දැන් කල් දනුවයි.

අථ ඛො වස‍්සකාරො බ්‍රාහ‍්මණො මගධමහාමත‍්තො භගවතො භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා උට‍්ඨායාසනා පක‍්කාමීති.

එක්බිති වස්සකාර මගධමහාමාත්‍ර භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙණ අනුමෝදන් ව හුනස්නෙන් නැඟී නික්මගියේ ය.